Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 9 💚

A+ A-

“ජිනී….”

ජින් හිටියේ ඇද උඩට වෙලා ලැප්ටොප් එකෙ වැඩක නිරතවෙලා…ඇදේ එහා පැත්තට වෙලා ඇදුම් නමමින් හිටියේ කුකී ඒක නොනවත්වාම ජින්ට කතා කලා..

“හ්ම්…?”

“කවද්ද ඔයා යන්නෙ..?”

“මේ පාර නන් බබා මාසයක් විතර ඉන්න පුළුවන්..😁කොහොමත් යන්න කලින් අර හොප්ගෙ ප්‍රශ්නෙත් විසදන්න ඕන..”

“මට නන් වෙලාවකට අපේ හියුන්ගෙ මොංගල් වැඩ තේරුම් ගන්න බැ…😑”

“මටත් තේරුම් ගන්න බැ ඇයි එයා එහෙම හැසිරුනේ කියලා…”

“අනේ මන්දා….මටත් තේරෙන්නේ නැ…ඒත් එහෙමයි කියලා නිකන් අතාරින්න බැනේ අපිට…”

කුකී ඇදුම් ටික අල්මාරිය ඇතුලට දාල ආයෙත් ජින්ගෙ පැත්තට හැරුනා…

“මට වෙලාවකට හිතෙනවා අපිට නොකිව්වට හියුන්ට කා එක්ක හරි එෆෙයා එකක් තියෙනවා ද කියලාත්..”

ජින් ලැප්ටොප් එකෙ කරපු වැඩෙත් නවත්තලා කුකී දිහා බැලුවා…

“එයා ලගදි ඉදන් වෙනස් කියලා තේරෙන්නේ නැද්ද ඔයාට…හැමදාම උදේට කෝල් එකක් ආවට පස්සේ තමා දැන් එයා යන්නෙ…වෙනදට ඩියුටි ඉද්දි ඕෆ්ලයින්…දැන් ඩියුටි වෙලාවටත් ඔන්ලයින්…ගොඩක් වෙලාවට ඉන්නෙ ෆෝන් එකේ නේ…”

“අනේ මන්දා මේ මිනිහා මොන නාඩගමක් නටන්න යනවාද කියලා මට තේරෙන්නේ නැ…අහ් මේ ඔයාට ටවුන් යන්න ඕන කිව්ව නේ…ලෑස්ති වෙන්නකෝ…”

ට්‍රිං ට්‍රිං

ජින් කූකිට ලෑස්ති වෙන්න කියලා එයාත් ලැප්ටොප් එක වහලා දාලා ඇදෙන් බැස්සෙ ඉක්මනට ලෑස්ති වෙන්න…

“ඔන්න බලපන්කෝ ඉතින්…මතක් කරලා කටගන්න හම්බුනේ නැ…”

ජින් ෆොන් එක අතට අරන් ඇදෙන් වාඩිවෙද්දි කුකිත් එයාගෙ එහා පැත්තෙන් වාඩිඋනා…

“හලෝ හෝප්…”

“හලෝ ජිනා…කොහෙද ඉන්නෙ උබ…?”

“ගෙදර ඇද උඩ වාඩිවෙලා ඉන්නෙ…😅 වෙන කොහෙද ඉන්නද..”

“😅 හරි හරි…මේ කුකී එක්ක ඉක්මනට පහලට එන්නකෝ…අහ් මේ ටේවත් එක්කන්ම එන්න…”

“ඒ ඇයි……..හලෝ…..හලෝ….”

ජින් ප්‍රශ්නයක් අහන්න කලින්ම හෝප් කෝල් එක කට් කලේ ජින්ගෙ කුතුහලය තවත් වැඩි කරමින්…

“ඇයි ජිනී…?”

“🙂🙂🙂🙂 අනේ මන්දා…පහලට එන්නලූ….”

“ඒ කියන්නේ හියුන් ඇවිත්ද….”

“නැතුව ඉතින් පහලට එන්න කියනවයැ…ඉක්මනට යන්…ඔයා ටේට ගිහින් කතා කරන්නකෝ..”

ජින් කුකීටත් කියලා ඉක්මනට ඇදෙන් බැස්සා…

“ජිනී….යුන්ගි හියුන් ඇවිත් ඉන්නෙ ටේගෙ රූම් එකේ…”

“බයවෙන්න දෙයක් නැ…එයා උඩට එන එකක් නැ…යුන්ගිට රූම් එකටම වෙලා ඉන්න කියලා ටේව එක්කන් එන්න පහලට…”

කුකී ඉක්මනට ඇදෙන් පැනලා ටේගෙ රූම් එකට ගියා…
.
.
“ටේටේ….ටේටේ….දොර අරින්නකෝ…”

“ඇයි කුකී…..”

කුකී මුකුත් නොකියා ටේවත් ඇදන් රූම් එක ඇතුලට ගියා….යුන්ගිට නන් හොදටම නින්ද ගිහින්…

“ටේ…..ඉක්මනට පහලට යන්…හියුන් ඇවිත් අපිට එන්න කිවා…”

“ඒ ඇයි…යුන්ගි හියුන්…?”

“එයා නිදිනේ…ඔහොම හිටියාවේ…අපි යන්…”

කුකී ටේගෙ අතින් ඇදන් එලියට ආවා…ඒ වෙද්දී ජිනුත් රූම් එකෙන් එලියට ඇවිත් හිටියේ…පහලින් ඇහුන කසුකුසුව නිසා තුන්දෙනාම ඉක්මනට පහලට ආවා…

දුවගෙන පහලට ආවත් එකපාරටම තුන්දෙනාම ඉද්ද ගැහුව වගෙ පඩිපෙළ පාමුල ඉබේම නැවතුනා…මොකක්ද වෙන්නෙ කියලා හිතාගන්න බැරි හින්දා තුන්දෙනා එකිනෙකා දෙස බැලුවේ ප්‍රශ්නාර්ථ බැල්මකින්..

“කුකී තුන්දෙනාත් එක්ක ඇවිත් වාඩිවෙන්නකෝ…”

ජේහෝප් කතා කරාට පස්සෙ තුන්දෙනම ගිහින් කට්ටිය හිටිය තැනින් වාඩිඋනා…

ජිමින්ගෙයි නම්ජුන්ගෙයි මුනවල් දැක්කාම තේරුනා එයාලටත් මේ වෙන දේවල් තේරුම් ගන්න බැරුව ඉන්නෙ කියලා…

“ඉතින් ලොකූ බබා කියන්නකො…?”

සාලය පුරා තිබ්බ නිහැඩියාව බිදිමින් ජිමින්ම කතාව පටන්ගත්තා…

“අම්මා මේ ඉන්නෙ මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්…”

ජේහෝප් සන්ශයින් හිනාව දාලා එයාගෙ එහා පැත්තේ හිටිය හුරුබුහුටි ගැනූ ළමයව ජිමින්ට පෙන්නුවා…

“ඔහ්…කොහොමද දරුවෝ…”

“මං හොදින් අම්මා…😁”

————————————-
Same Time @Tae room

“à·„à·„à·Š…..😪කොහෙද අප්පා ඉන්නෙ මං….”

තද නින්දකට වැටිල හිටිය යුන්ගි කනට ලගින් වයිබ්‍රේට් උන ෆෝන් එකේ සද්දෙට එකපාරටම ඇහුනා…

ආයේ නින්දාගන්න උත්සාහ කරත් යුන්ගිට නින්ද අහලකටවත් ආවේ නැ…යුන්ගි ඇදෙන් නැගිටලා වොශ් රූම් එකට ගිහින් මුන හෝදන් ඇවිත් ආයෙත් ඇදේ පැත්තකින් වාඩිඋනා…

“දවල් 2ත් පහුවෙලා කව්ද දන්නැ කෝල් කලේ…”

යුන්ගි ෆෝන් එක චෙක් කලා…

“ඔහ් ශිට් මට 2.30ට මීටින්ග් එක නේද..? 😒 කොහොමද මං ඒක අමතක කලේ…මං ටේට කිව්වත් එක්ක මාව කලින් ඇහැරවන්න කියලත්…”

ටේ ගැන කියවුනාමයි යුන්ගිට මතක් උනේ ටේ ඇදේ නැ කියලා…

“ටේ…? අහ් සමහර විට පහලට යන්න ඇති…”

පහලට ගිහින් ටේටත් කතා කරලා ඉක්මනට ඒජන්සි එකට යනවා කියලා හිතන් යුන්ගි දුවගෙන පහලට ආවා…තිබ්බ හදිස්සියට කඩාගෙන බිදගෙන සාලෙටම ආවට පස්සෙයි යුන්ගි දැක්කෙ කට්ටියම වාඩිවෙලා කතාවක කියලා…

“ඔහ්…හෝප් මේ ඉන්නෙ අර සින්ගර් suga නේද…?😮”

“අහ් මේ ඔව් බේබි එයා තමා…සුගා ඔයත් ඇවිත් වාඩිවෙන්නකෝ…”

යුන්ගිට කිසිදෙයක් හිතාගන්න බැ…ජේහෝප් කෙල්ලෙක් එක්ක…අනික එයා කතා කරෙත් බේබි කියලා නිසා යුන්ගිගෙ සැකය තවත් වැඩි උනා…යන්න හදිස්සි උනත් හිතේ තියෙන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ඕන නිසා යුන්ගි ජේහෝප්ගෙ ආරාධනාව පිලිඅරන් ගිහින් ජින්ගෙ එහා පැත්තෙන් වාඩිඋනා….

“ඉතින් දුව ඔයාගෙ විස්තරවත් කිව්වෙ නෑනෙ…”

“තාත්තා මං චොයි ජි යැනා…තාම මං ඉගෙන ගන්නවා…සෝල් යුනිවර්සිටි එකේ ෆයිනල් ඉයර් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්…පවුලේ නන් ඉන්නෙ අම්මයි තාත්තායි මායි අයියායි…😁”

“හ්ම් එහෙම ද…😁 ලොකු පුතා දුවට ඔයාගෙ පවුලේ අයව අදුන්වාලා දෙන්නෙ නැද්ද…”

හොරෙන් ටේයි සුගායි දිහා බලන් හිටිය හෝප් තාත්තාගෙ හඩට පොඩ්ඩක් ගැස්සුනා..

“අහ් මේ…ඇනා මේ ඉන්නෙ මගෙ අම්මයි පාක් ජිමින්…මේ ඉන්නෙ තාත්තා ජන්ග් නම්ජුන්…මෙයාලා ජන්ග් ගෲප් එකේ අයිතිකාරයො…😁
එතකොට මේ හාවෙක් වගෙ ඉන්නෙ මගෙ මල්ලී…”

“අනේ මේ අස්පයෝ…😒 මං කොච්චර ලස්සනද…නේද නූනා..?😁”

“ඒක තමා…😁”

“හරි හරි…මගෙ මල්ලි ජන්ග් ජේකුක්…යුනි එකේ 3rd ඉයර්…එතකොට මේ හද මාමා වගෙ ඉන්නෙ මගෙ මල්ලිගෙ හස්බන්ඩ් ඒ වගේම මගෙ යාලුවා කිම් සොක්ජින්…😅”

“I’m වර්ල්ඩ් වයිඩ් හැන්ඩ්සම් යූ නෝව්..?😌😁”

“අයි නෝව් ජින් හියුන්…😁 මං ඔයාගෙ ලගදි රිලීස් උන ඩ්‍රාමා එකත් බැලුවා…”

“ඒක ලස්සනයි නේ…කොහොමද මගෙ ඇක්ටින්..😌”

“අම්මේ ඔය පම්පෝරිය පටන්ගන්න එපා දැන්…😅”

ජේහෝප්ගෙ කතාවට දෙන්නෙක්ට ඇරෙන්න අනිත් ඔක්කෝටම හිනා…
ජින් හෝප් රවල අහක බලාගත්තා..😅

“😅 ඇනා මේ ඉන්නෙ ටේ…කිම් ටේහියුන්…ජින්ගෙ කසින් කෙනෙක්…කුකීගෙ හොදම යාලුවා…එයාගෙ වයසෙමයි…එයාත් ඉතින් අපේ පව්ලෙම කෙනෙක් තමා…😁”

ජේහෝප් ඇනාට ටේව පෙන්නුවා…ඇනා හිනාවුනාම හිනානොවි බැරිකමට ටේත් ආපිට හිනාවුනා..

ඊටපස්සෙ ජේහෝප් හැරුනේ සුගාගෙ පැත්තට…

“ඔයා ඉතින් මෙයාව දන්නවා නේ…මින් යුන්ගි…අපේ ටේගෙ බෝයිෆ්‍රෙන්ඩ්…අපෙ අල්ලපු ගෙදර ඉන්නෙ…😁”

සුගාව හදුන්වලා දුන්නට පස්සෙ සුගත් ලාවට හිනාවුනා..

“වාව් ශෝක් අනේ…😁 මටත් ඕන ඉක්මනට ඔයාලගෙ පවුලට එකතු වෙන්න…”

ඇනා හුරතල් විදියට හෝප් දිහා බලන් එහෙම කිව්වා…හෝප් හිමිට ඉනවටේ අත යවලා ඇනාව එයාට තවත් ලං කරගත්තා…

“කොච්චර කල් ද පුතා දැන් එෆෙයා එකට..?”

“දෑන් මාස 8ක් විතර අම්මා..😁”

“හ්ම්…කුකී ගිහින් නූනට බොන්න මොනවා හරි ලෑස්ති කරන්න…”

එතන කතා කරන ටික අහන් ඉන්න ඕන උනත් ජිමින්ගෙ වචනෙට පිටින් යන්න බැරි නිසා කුකී ටේත් එක්ක කිචන් එකට ගියා…

කුකී ටේයි කොෆියි බිස්කට්සුයි අරන් ඇවිත් ඇනාට පිලිගන්වලා ආයෙත් හිටිය තැන්වලම වාඩිඋනා…

“මං උනත් ඒකයි කැමති තාත්තා…තව මාස 5කට පස්සෙ ජේහෝප් ට්‍රේනින් එකට රෂියා යනවානේ…එතකොට අපි මැරිකරල හින්දා ට්‍රාන්සර් එක හදන් මටත් එයා එක්කම යන්න පුළුවන්නේ…”

“ඇනා කිව්ව එක ඇත්ත අම්මා…මං ඩිපාර්මන්ට් එකෙන් ට්‍රේනින් එකට යන්න මාස 5ක් කල් ඉල්ලුවෙත් මේ හින්දා…”

“කොහොමත් මං හිතන් හිටියේ කුකීගෙ වෙඩින් එකට කලින් ලොකු බබාව ඉක්මනට බන්දන්න…😁”(JM)

“ඔව්..අනික ඔයාලා ඔච්චර කියනව නන් අපිට අකැමැති වෙන්න හේතුවක් නෑනේ…ඉක්මනට ඇනාගෙ පේරන්ට්ස්ලව මීට් වෙලා අපි මේක කතා කරමු නේද මිනී…”

“තැන්ක්‍යු තාත්තා…”(jh)

ට්‍රිං…ට්‍රීං…

ජේහෝප් ෆෝන් එකත් අරන් එලියට ගිහින් කතා කරලා කලබලෙන් ආයෙත් ගේ ඇතුලට ආවා…

“තාත්තා අපි යන්නම් එහෙනම්…හොස්පිට්ල් එකේ පොඩි වෑඩක්…මං තව පැය බාගෙකින් එතන ඉන්න ඕන…”

“ඔයාට වෙලා ඇතිද මේ දරුවව ගිහින් දාන්න…? නැත්තං ජින්ට කියන්න…”

“නැ අම්මා වෙලා ඇති…අපි යනවා අම්මා…”

“ගිහින් එන්නම් අම්මා,තාත්තා…”

කට්ටියටම සමුදීලා හෝප් ඇනාවත් අරන් එන්න පිටත් උනා…ඒත් එක්කම ආවා කෝල් එකක් නිසා ජිමිනුයි නම්ජුනුයිත් හදිස්සියෙම ඔෆිස් එකට ගියා…

ඇනා යනකොටම වගෙ ටේ දුවගෙන රූම් එකට ගිහින් දොර වහගත්තා…
ටේ යනව දැක්ක නිසා ඒ පස්සෙන් යුන්ගියි කුකියිත් උඩට ගියා…

“ටේටේ…මේ දොර අරින්න…🙌”

“ලිට්ල් බෙයා මාව බය කරන්න එපා…පීලීස් මේ දොර අරින්න…🙌”

“ලිට්ල් බෙයා….🙌”

“ටේටේ….🙌”

“ටේටේ…🙌”

යුන්ගියි කුකියි දෙන්නම දොරට ගැහුවත් ටේ සද්දයක්වත් නැතුව හිටියා..සැරෙන් සැරේ රූම් එක ඇතුලෙන් ඇහුන ඉකි බිදින හඩ කුකිගෙයි යුන්ගිගෙයි බය තවත් වැඩි කලා…

“හියුන් ඉන්නකෝ…අම්මලාගෙ රූම් එකේ එක්ස්ට්‍රා කී එකක් තිබ්බා…මං අරන් එන්නම්…”

කුකී ඉක්මනට ජිමින්ලගෙ රූම් එකට ගිහින් යතුර හොයන් ආවා..

“මෙන්න හියුන්…”

යුන්ගි කුකි දුන්න යතුරෙන් දොර ඇරුනා…

ටේ ඉන්න විදිය දැක්කම කුකීගෙයි යුන්ගිගෙයි ඇස් වලට කදුලු ඉනුවා..
ටේ රූම් එකේ මුල්ලට වෙලා කකුල් අස්සෙ මූන ඔබන් හොදටම අඩනවා…

යුන්ගි ඉක්මනට දුවලා ගිහින් ටේව බදාගත්තා…

“යන්න හියුන් යන්න..ඔයත් යන්න…😭”

“අනේ ලිට්ල් බෙයා මං කොහොමද ඔයා නැතුව ඉන්නෙ…”

“අනේ ඇයි හියුන්…එයා එහෙම කරන්නේ…ඇයි අපිට එහෙම කරන්නෙ…”

“අනේ ලිට්ල් බෙයා අඩන්නෙ නැතුව ඉන්නකෝ හ්ම්…මං මේ ගැන හොයලා බලන්නම්..හ්ම්…”

“මොනවා හොයන්න ද හියුන් මොනවා හොයන්න ද…එයාම එයාගෙ කටින් කිව්වම…”

“😔”

“මට බැ හියුන් හෝප් හියුන් නැතුව ජිවත් වෙන්න…මට බැහ්…😭”

“හ්ම්ම්..ඉන්නකෝ මං මොනවාම හරි කරනවා..මං පොරොන්දු වෙනවා ඔයාට එයාව නැති වෙන්න දෙන්නේ නැ මං ඉන්නකම්…”

යුන්ගි ඉකිබිදිමින් ඉන්න ටේව තවත් තුරුල් කරගත්තා…

මෙච්චර වෙලා යුන්ගියි ටේයි දිහා බලන් හිටිය කුකී එයාලට තනියෙන් ඉන්න දිලා එතනින් ආවේ එයාලගෙ ප්‍රශ්න කාටත් වඩා හොදට විසදගන්න පුළුවන් ඒ දෙන්නට බව දන්න නිසා…

“ජිනී…🔊”

කුකී පහලට ඇවිත් හැමතැනම බැලුවේ ජින්ව…ඉස්සෙල්ලා හදිස්සියට උඩ දිව්වට ජින් ගැන බලන්න බැරි උනානේ කියලා පොඩි දුකක් කුකීගෙ හිතේ තිබ්බා…
ගෙදර පුරාම බලලත් ජින් හිටියේ නැති නිසා කුකී ගාඩ්න් එකට ආවා…

“ජී………”

කුකී කියන්න ගියපු වචනය ගිලගෙන ඉන්න තැනම හිටන් බලන් හිටියේ ගාඩ්න් එකේ මුල්ලකට වෙලා ෆෝන් එකත් කනේ ගහන් ජින් දිහා…

“මං එයා ගැන දුක් උනාට එයාට මං ගැන ගානක් නැ…උදේ ඉදන් මගුල කනේ ගහන්…😒”

කුකීගෙ ආපහු එන්න හැරෙද්දිම ජිනුත් කෝල් එක ඉවරවෙලා අනිත් පැත්ත හැරුනා…

“බබා…🔊”

ජින් කුකීට කතාහිතේ තිබ්බ තරහා හින්දා කුකී ඇහුනේ නැ වගෙ ජින්ට ගස්සගෙන ගේ ඇතුලට ආවා…

– YO –

💎💎💎💎💎💎💎💎💎💎💎💎

Hi Diamonds 💎 ,
ලස්සනට පත්තු වෙනවානේ…😌
මං මේ කල්පනා කලේ ඕකට පැට්‍රල් දානවද නැත්තං පිදුරු දානවද කියලා…😌

පරිස්සමෙන් ඉන්න…
Bye…❤️

Tags: read novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 9 💚, novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 9 💚, read Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 9 💚 online, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 9 💚 chapter, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 9 💚 high quality, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 9 💚 light novel, ,

Comment

Leave a Reply

Chapter 11