À·Ƒà·”À¶¯À·” À¶…À¶»À¶½À·’À¶º… සුදු අරලිය මල් කිනිත්තේ තිස්අටවැනි කුසුම…

A+ A-

මට තේව් අයියව මගේම කරලා දෙන්න..!!

මේ වගේ අසම්මත දෙයක් , මෙහෙම පූජනීය තැනකට ඇවිත් ඉල්ලන එක පවක්ද නැද්ද කියන්න මං දන්නෙ නැ.. ඒත් මම දලදා මාලිගාවට ඇවිත් වැඳලා ඉල්ලපු එකම දේ ඒක..

බබා.. තව මල් අරන් දෙන්නද..??”

” ම්හ්.. මේ ඇතිනෙ..”

මගේ අතේ තිබ්බ ලොකු මල් පොකුර පෙන්නලා මං අයියට කිව්වම එයා මගෙ ජර්සි කැප් එක හරියට හදලා ඔලුව වැනුවා..

දැන්නම් මගේ උණ අඩු වෙලා..

අපි දෙන්නා එදා වගේම අදත් මාලිගාවට ආවා.. ඒ ඇවිත් එදා වගේම පැය ගානක් එතනට වෙලා හිටියා..

එදා අර අපි නිදහසේ ඉන්න කියලා ගිය තැනට යමු කියලා අයියා කිව්වත් මං මුලින් ඒකට කැමති උනේ නෑ.. ඒත් පස්සෙ මංම අයියව ඇදගෙන එතනට ගියා.. ඒ ගිහින් පැයක් විතර ඔහේ වාඩිවෙලා හිටියා..

ඒ වෙලේ මගෙ ඇස් වලින් කඳුලු බේරුනේ අසනීප නිසා කියලයි අයියා හිතුවෙ.. ඒත් එයා ඇත්තම හේතුව දන්නවනම් සමහරවිට මෙතනදිම අපේ යාලුකම පවා නැතිවෙන්න තිබ්බා..

” ඔලුව රිදෙනවද තාම..??”

” දැන් අඩුයි..”

අප්පච්චි තුන්වෙනි පාරටත් මට කතා කරලා ඔයා ගැන ඇහුවා..”
සිරාවටම අහන්නෙ බබා.. ඔයා එයාට වශියක්වත් කලාද ඒ ටික දවසට..??”

මං හිනාවෙලා නිකම් හිටියා..

වශියක් කරන්න පුලුවන්නම් මං කාටත් කලින් ඒ වශිය කරන්නෙ ඔයාටනෙ අයියෙ..

” අද කොළඹට යනකොට රෑ වෙයි..”
” කෙලින්ම මගෙ බෝඩිමට යමුද..??”

” ම්ම්ම්..”

තවත් ටික වෙලාවක් ඉඳලා ඊලඟට අපි ගියෙ බෝගම්බර වැව ගාවට.. ගස් හෙවනෙ පඩියක් උඩට වෙලා මං වැව දිහා හුඟ වෙලාවක් බලන් හිටියා..

හරි නිස්කලංකයි..

අයියා මට පොඩ්ඩක් ඉන්න කියලා ගියා.. තාම – – – අහ් ඔය කියනකොටම එන්නෙ..

” බබා.. මෙහ්..”

” අහ්.. අච්චාරු..!!”

තේව් අයියා කැන්ද කොල වලට දාපු අඹ අච්චාරුයි , ලොවි අච්චාරුයි ගෙනල්ලා..

ම්ම්ම්.. ඇඟත් එක්ක හිරි වැටුනා ඒ රසට..

” මොකක් හරි අවුලක් තියනවා..”
” මං හිතුවෙ මෙතනට ආවම ඔයා වැවට පනින්නත් අහයි කියලා..”

අයියා කිව්වෙ මගෙ එහාපැත්තෙන් වාඩිවෙලා.. ම්හුක්.. එයාට මගෙ වෙනස තේරිලානෙ..

” ඒ මට උණ නිසා..”

” හරි මං ඒක පිලිගත්තා වගේ ඉන්නම්කො..”
” ඒත් බබා මතක තියාගන්න , කලින් පාරකත් හොඳටම අසනීප වෙලා ඉන්නකොට අයිස්ක්‍රීම් කාලා බැනුම් අහපු කොල්ලව මට අමතක නෑ කියන එකත්..”

මට කියන්න දෙයක් නැතිකමට මම බිම බලාගත්තා..

මේ මිනිහට හුස්මකින්වත් බොරු කරන්න බෑ මට..!!

” මොකක් හරි හිත රිදෙන දෙයක් උනාද..??”

පුලුවන් හොඳම එකෙන් රිදිලා තිබ්බත් මං හිනාවෙලා එයා දිහා බැලුවා..

” නෑ අයියෙ.. මට අවුලක් නෑ..”
මගෙ ඇඟට චුට්ටක් අමාරුයි..”

එහෙනම් අපි බෙහෙත් ටිකක් අරගෙනම යමුද..??”

ම්හ්.. ගිහිල්ලා ටිකක් නිදාගත්තම අඩුවෙයි..”
” ඒ නැති උනොත් ලොක්කයියා මාව විහඟි අක්කා ලඟට එක්ක යයි..”

අයියා හිමීට ඔලුව වනලා මගෙ ඔලුව අතගෑවා.. මේ දේවල් වලින් වෙන්නෙ මට එයාගෙන් ඈත් වෙන්න අමාරු වෙන එක විතරයි..

ඒත් කොච්චර අමාරු වුනත් අදින් පස්සෙ මම අයියා ගැන හිතන්නෙ යාලුවෙක් ගැන හිතන විදිහටම විතරයි..!!

අනික තිසක්‍යා ගැන හිතන්න ගත්තම එයාට මාව කොහොමත් මග ඇරෙයි.. එතකොට මට හිමීට එයාගෙන් ඈත් වෙන්න පුලුවන් වෙයි..

___________________________________________________

” අයියෙ.. බයික් එක චුට්ටක් නවත්තන්නකො..”

” ඇයි වස්තුවේ..?? අමාරුද ඔයාට..??”

” ම්හ්.. මට ටිකක් මේ හරියෙ නැවතිලා ඉන්න ආස හිතුනා..”

අයියා බයික් එක අයිනකින් නැවැත්තුවම මං ඒකෙන් බැහැලා ලොකූ හුස්මක් ගත්තා..

පොඩි සීතලක් දැනුනත් ඇඳලා හිටපු ඇඳුම් ගොඩ නිසා ඒක ලොකු ගානක් උනේ නෑ..

” ඔයා මොකක් හරි අවුලකින්ද ඉන්නෙ පැටියෝ..??”
” හරි අමුතුයිනෙ ඊයෙ රෑ ඉඳන්..”

” එ-එහෙම නෑ..”

මං අයියා දිහා නොබලා එහෙම කිව්වම මට දැනුනා අයියගෙ ලොකු අතක් අස්සෙ මගෙ අත ගුලි වුනා..

අපි හිටපු මේ පාරෙ කවුරුත් හිටියෙ නෑ.. සමහරවිට රෑ නිසා වෙන්න ඇති.. අනික මේ අතුරු පාරක්නෙ.. එතකොට කොහොමත් සෙනඟ නෑ..

” බබා..”

තේව් අයියා මගෙ ලඟට ඇවිත් හුඟක් ගැඹුරු කටහඬකින් කතා කරනකොට මාව ගැස්සුනත් මං එයාගෙ ඇස් දිහා බැලුවා..

ම්-මං කොහොමද දෙයියනේ මේ මනුස්සයව වෙන කෙනෙක්ට අයිති වෙන දිහා බලාගෙන ඉන්නෙ..

අනේ මට පුලුවන් උනානම් තේව් අයියව පැහැරගෙන ගිහින් කොහෙහරි හංගගන්න , මං දෙපාරක් නොහිතම ඒක කරනවා..

” අයියෙ..”

” ම්ම්ම්..??”

අයියගෙ කටහඬ..!! අයියගෙ රූපෙ..!! ඔක්කොටම වඩා අයියා යාලුවෙක් විදිහට හරි මට දෙන ආදරේ..!!

මේ ඔක්කොම අයිති වෙන්නෙ අර තිසක්‍යට කියලා හිතෙනකොට මට ඒකිව මරලා හිරේ යන්න හිතෙනවා..

” අයියෙ.. මේ අහන්නකො..”

අයියගෙ හරි ලස්සන ජාති දෙකේ ඇස් දෙක දිහා බලාගෙන මම කතා කරනකොට එයා ඔලුව චුට්ටක් වනලා මගෙ දිහාම බලන් හිටියා..

කවදාහරි මේ බැල්මත් අයිති වෙන්නෙ වෙන කෙනෙක්ට කියලා මතක් වෙනකොට මගෙ පපුව පිච්චිලා යනවා..

ඇයි කොල්ලෙක්ව කෙල්ලෙක්ටම අයිති වෙන්න ඕන..?

” මම මේ දැන් කරන දේ නිසා , ඔයා කවදාවත් මාත් එක්ක තරහා වෙන්න එපා..”

තේව් අයියා උත්තරයක් දෙන්නත් කලින් මම චුට්ටක් ඉස්සිලා එයාගෙ ලිප්ස් පෙක් කලාම , මං එකපාරටම කරපු දේ නිසා අයියගෙ ඇස් දෙක දිලිසෙන්න ගත්තා..

එයාගෙ අකමැත්තක් නෑ කියලා දැනුන තැන මං මගෙ අත් දෙකෙන්ම එයාගෙ කම්මුල් දෙක අල්ලගෙන අයියගෙ තොල් වලට ලං උනාම විනාඩියක් විතර ගල් වෙලා හිටපු අයියා අන්තිමේ මගෙ කිස් එකට රියැක්ට් කලා..

මගෙ ඉනෙන් ටිකක් තදට අල්ලගෙන එයා ආපිට මගෙ තොල් උරන්න ගත්තම මට දැනුනෙ මහා සැනසීමක්.. ඒ වගේම අමුතු හැඟීමක්.. ඒක නිකන් මගෙ ඇඟ ඇතුලෙන් හෙන සැහැල්ලුවක් දැනෙනවා වගේ ගතියක්..

ඒත් මේ අන්තිම පාර..!! මම ආයෙ කවදාවත් අයියගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ..

ඒක අපි දෙන්නට් – – – නෑ.. අපි තුන්දෙනාටම හොඳයි..

ආයෙ අයියා එක්ක මට මෙහෙම ඉන්න වෙන්නෙ නෑ කියලා දැනෙනකොට මගෙ ඇස් වලින් කඳුලු බේරෙන්න ගත්තා.. ඒ කඳුලු වල තෙත ගතිය දැනිලද කොහෙද අයියා ඈත් මගෙන් වෙන්න හැදුවත් එයාට ඈත් වෙන්න නොදී මං එයාගෙ බෙල්ල වටේ අත් යවලා එයාව තව ටිකක් ලං කරගත්තා..

විනාඩි කීයක් එහෙම හිටියද දන්නෙ නෑ.. මගෙ කඳුලු ඉවරවෙනකම් මං අයියට මගෙන් ඈත් වෙන්න දුන්නෙ නෑ.. අයියා ඈත් වෙන්න හැදුවෙත් නෑ..

විනාඩි ගානකට පස්සෙ හුස්මක් ගන්න ඈත් වුන තප්පරයක් ඇරෙන්න අපේ තොල් එකට ගෑවිලා නොතිබ්බ වෙලාවක් නැතිවෙන්න ඇති..

අන්තිම පාර කියලා දැනෙන හැම වෙලාවකම මට ඕන වුනේ මේ මොහොතෙම රැඳිලා ඉන්න.. මගෙ මුලු ජීවිත කාලෙම හරි කමක් නෑ..

” ත්-තේව් අයියෙහ්..!!”

මට හුස්මක් ගන්න පුලුවන් උන තප්පරේ මං අයියට කතා කලත් එයා මං දිහා බැලුවා ඇරෙන්න කිසි දෙයක් කිව්වෙ නෑ..

ඒත් එයාගෙ බැල්මෙ වෙනසක් තියනවා..

අයියගෙ ඇස් වෙනදා වගේම තමා.. ඒත් වෙනදා නොතිබ්බ මහා අමුතු දේකුත් ඒ ඇස් වල ඇඳිලා තිබුනා.. සමහරවිට ඒක රාගයක් වෙන්න ඇති..

ලාවට රතු ගැහිලා අඩවන් වෙලා තිබ්බ ඒ ඇස් වලින් තප්පර ගානක් බලාගෙන හිටපු අයියා ඊලඟට මගෙ නිකට , කම්මුල කිස් කරලා ජෝ ලයින් එක දිගේ බෙල්ලට තොල් ලං කරනකොට මමත් එයාට බාදාවක් නොකර මගෙ බෙල්ල චුට්ටක් ඇල කරලා එයාට ඕන මගුලක් කරගන්න ඉඩ හදලා දුන්නා..

මමත් නොදැනීම මගෙ ඇඟිලි අයියගෙ කොණ්ඩෙ අස්සෙන් ගිහින් එයාගෙ ඔලුව අතගාන්න අරන් තිබුනා කියන එක මට තේරුනේ විනාඩි ගානකට පස්සෙ..

” ම්හ්ම් තේව් අ-අයියෙහ්හ්..”

මට හිතෙන්නෙ තේව් කියන නම ඇහෙනකොට එයාව ඇවිස්සෙනවා..

ඒ හැඟීම හරි අමුතුයි.. තේව් අයියා වගේ කෙනෙක් මගෙන් පිටවෙන එක වචනෙකට ඔහොම ඇවිස්සෙන එක..!!

අයියා මගෙ බෙල්ලෙ තැනින් තැන තොල් තියන ගමන් හපන්න ගන්නකොට මට තේරුනා අද , එයා හැමදාම කියන එයාගෙ සීමාව පැනලා කියලා..

ඒත් මට තේව් අයියව නවත්තන්න ඕන උනේ නෑ..!!

මොකද මේ මං අයියට මගෙ කැමැත්තෙන් ඉඩ දෙන අන්තිම පාර..!!

ආයෙ එයාගෙ ජීවිතේට ඇවිත් මං එයාගෙ සතුට නැතිකරන්නෙ නෑ.. එයාගෙ පවුලෙ අයගෙ සතුට නැති කරන්නෙත් නෑ.. අයියට පුලුවන් තිසක්‍යා එක්ක සතුටින් ඉන්න..!!

මගෙ ටීශර්ට් එකේ කර අතකින් ඇදගෙන උරහිස හරිය තොල් වලින් වගේම දත් වලින් හපන අයියවයි , එයාට ඕන දෙයක් කරගන්න දීලා හිටපු මාවයි ගැස්සිලා ගියෙ එකපාරටම වාහනයක් හෝන් කරගෙන අපිව පාස් කරන් ගියපු නිසා..

ගැස්සුන පාරම මගෙන් එහාට වුන අයියගෙ ඇස් ලොකු වෙනවත් එක්කම , එයාගෙ තොල් වෙව්ලන්න ගත්තෙ අද එයා ගිහින් තියන දුර ඕනාවට වැඩියි කියලා තේරුන නිසා වෙන්න ඇති..

විනාඩියක් විතර යනකම් කතා කරගන්න බැරුව අයියා ගොත ගහනකොට මං එයාගෙ ඇවිස්සිලා තිබ්බ කොණ්ඩෙ අතින් හැදුවා..

අයියෙ ඇයි මේ බයවෙලා..?? ම්ම්ම්..??”

” බ්-බබා.. සොරි.. ම්-මං – – – “

ඒකට කමක් නෑ..”

මං හිනාවෙලා එයාගෙ කම්මුල් දෙකෙන් අත් තිබ්බම , ඒ තප්පරේ අයියා මාව චොප්ප වෙන තරමටම තදකරලා බදාගත්තා..

දෙයියනේ එයාගෙ පපුව ගැහෙන සද්දෙ මටම ඇහෙනවා..

අනේ එයා බයවෙලාද..?!!

” සොරි.. ම්-මට මොනාවුනාද මන්දා..”
” අනේ පැටියො ඔ – – – “

” කමක් නෑ කියලා කිව්වනෙ අයියෙ..”

මං හිනාවෙලා එහෙම කියලා ඇස් පියාගත්තම අයියා මාව තව ටිකක් පපුවට තද කරගත්තා..

එයා මගෙන් සමාවගත්තට මංමනෙ ඉතින් නිදාගෙන ඉන්න කොටියෙක්ව අවුස්සගත්තෙ..

” හොඳ වෙලාවට අර වාහනේ ගියෙ මෙතනින්..”

අයියා එහෙම කිව්වට මට ඒ වාහනේ ගියපු උන් ගැන දැනුනෙ තරහක්..

සමහරවිට එයාලා අපිව හරියට දකින්නෙ නැතුව ඇති.. මහ රෑ අසහනේට කැලේ අස්සෙ රිංගපු කොල්ලෙකුයි කෙල්ලෙකුයි කියලා හිතලා වෙන්න ඇති හෝන් කරලා යන්න ගියෙ..

” තව වෙලා ගියානම් – – – ශිට්..!! මට මං ගැනම කේන්තී.. අය්ම් රියලි සොරි බබා..”

මෙයා මෙච්චර සමාවගන්නකොට මට හොඳටම තේරුන දෙයක් තමා , අයියට මාව යාලුවෙක්ම විතරයි කියන දේ..

නැත්තන් ඔහොම කලබල වෙන්න දෙයක් උනේ නෑනෙ මෙතන..

සමහරවිට එයාගෙ ෆීලින්ග්ස් එක්ක එයා අව්ට් ඔෆ් කන්ට්‍රෝල් වෙනවා ඇති.. අයියා මේ කරන ඒවා ගැන ලොකුවට හිතන්නෙත් නැතුව ඇති.. ඒකනෙ කිස් කලාට පස්සෙ ආයෙ ඒ ගැන වචනයක්වත් නොකියන්නෙ..

ඒවා වැඩක් නෑ..

මොන දේ උනත් අයියා මගෙ යාලුවනෙ.. මට ඊටවඩා දෙයක් ඕන තමා.. ඒත් කමක් නෑ.. එහෙම යාලුකමක් හරි එයාගෙ හිතේ තියනවනෙ..

අපි යමු නේ දැන්..”

මං අද කොච්චර ආවේගෙකින් ඉඳලද කියල මට තේරුනේ අයියා තොල් දැක්කම.. පව්.. තුවාලත් වෙලා..

එයා තොලට අල්ල තියලා තද කරලා බැලුවා.. ලේත් එනවද මන්දා.. මං මහා යකෙක්නෙ..

ඒ උනාට ඒකට හරියන්න ඉතින් එයා මගෙ බෙල්ල කාලා කියලා මං දැක්කෙ බයික් එකේ සයිඩ් කණ්නාඩියෙන්..

අයියා එදා ඇත්ත කියලා තියෙන්නෙ.. මං තාම හරියට එයාගෙ අසහනේ දැකලා නෑ..!!

අපි බෝඩිමට එනකොට රෑ එකොලහයි ගානක්.. ආපු ගමන් මං වොශ් දාලා නිදාගන්න ආවා..

ටිකකින් වොශ් දාගෙන ආපු අයියත් ඇඳට ආවා.. හැබැයි නිදාගන්නනම් නෙවෙයි..

මං නිදි කියලා හිතලා එයා මගෙ ටීශර්ට් එකේ කර ඈත් කරලා බෙල්ලෙ තිබ්බ පැල්ලම් වල මොනා හරි දෙයක් ගෑවා..

ස්ස්ස්ස්.. දැවිල්ලයි අප්පා..!!

මං චූට්ටක් දඟලනකොට එයා කටින් හුලං පිඹින ගමන් ඒ ක්‍රීම් එක ගානකොටනම් දැවිල්ල අඩු වුනා..

කෝමහරි ඒක ගාලා ඉවරවෙලා අයියා මගෙ ඔලුව අතගාන්න ගත්ත නිසා මට ඇත්තටම නින්ද යාගෙන ආවා.. කොයිවෙලේ මට නින්ද ගියාද කියලා හරි මතකයක් නැතිවුනාට මට ලාවට වගේ දැනුනා අයියගෙ තොල් මගෙ නලලෙන් තද වෙනවා..

ම්හ්ම්.. මං ආදරෙයිනෙ..!!

___________________________________________________

” බබා..!! නැගිටලා එන්න..!! අපි ඔයාලගෙ ගෙදර යන්නත් ඕන..!!”
” විතේශ් අයියා කෝල් කලා දැන් දෙවෙනි පාරටත්..!!”

අයියා කුස්සියෙ ඉඳන්ද කොහෙද කෑගහනකොට මං ඇඳෙන් ඉඳගෙන හොඳට හිරි ඇරියා..

ටිකකින් මං ඔලුවත් කස කස කුස්සිය පැත්තෙ යනකොට එයා මොනාද උයනවා..

” ආ…. නැගිට්ටද..??”
” වොශ් දාගෙන එන්න එහෙනම්..”

” හ්ම්ම්..”

මං සේප් එකේ බාතෲම් එකට ගිහින් දොර වහගත්තා..

යකෝ මගෙ බෙල්ල , බල්ලො කාලා වගේ..!!

කොච්චරක්ද මන්දා වෙලාවකට පස්සෙ මං නාගෙන එනකොට අයියා කෑම මේසෙ ලෑස්ති කරලා ෆෝන් එක ඔබෝබ ඉන්නවා..

තිසක්‍යා එක්කද දන්නෑ මැසේජ් කරන්නෙ..

” අහ්.. එන්න කමු..”

එයා ෆෝන් එක පැත්තකට දාලා කතා කරනකොට මං ගිහින් එයා ලඟින් වාඩිවුනා..

” මට කවනවද..??”

ම්ම්ම්..”

එයා කිරිබත් හදලා..

ම්ම්හ්හ්.. රසයි හැබැයි..

අනේ.. එයා කවදහරි තිසක්‍යටත් ඔහොම උයලා කවයිනෙ..

” කාලා ලෑස්ති වෙලා යමු..”
” අම්මලා බලන් ඉන්නවලු ඔයා එනකම්..”

” ම්ම්ම්..”

” දැන් අසනීප ගතිය අඩුයි නේ..??”

ඔව්.. දැන් හොඳයි..”

එහෙනම් කමක් නෑ..”

අයියා එහෙම කියන ගමන් මගෙ නිකටෙන් අල්ලලා ඔලුව ටිකක් උස්සලා බෙල්ල දිහා බැලුවා..

ඔයාට හයිනෙක් ටීශර්ට් එකක් තියනවද..??”

ම්ම්ම් ඔව්.. බෑග් එකේ ඇති..”

එහෙනම් ඒක අඳිමු නේ..??”
අම්මලා දැක්කොත් ඔයා ගැන වැරදියට හිතයි..”

ම්ම්ම්..”

මං කටේ කිරිබත් පුරෝගෙන ඔව් කියන්න ඔලුව වනනකොට අයියා හිනාවෙලා එයාගෙ අනිත් අතින් මගෙ කම්මුල පොඩි කලා..

බලන්ටකො..

නුවර සීතල නිසා මං හයිනෙක් , හූඩි ගෙනාවනෙ.. ඒකත් හොඳට ගියා.. නැත්තම් අපෙ අම්මලා හිතයි මං නුවර ගිහිම් කැලෑ සතෙක්ට අහුවෙලා කියලා..

පෞ අනේ අපෙ අම්මගෙ චූටි පුතා..!!

___________________________________________________

” සෙතිනුට කතා කරලා පරිස්සමෙන් ගෙදර යන්න..”

මං ඔලුව වැනුවම අයියා මගෙ ඔලුව අතගාලා බයික්කෙක ස්ටාට් කරගත්තා..

ඔයත් පරිස්සමෙන් යන්න අයියේ..”

එයා හෝන් එකත් ගහගෙන යන්න ගියාම මං ග්‍රවුන්ඩ් එකේ ගේට් එකෙන් ඇතුලට රිංගගත්තා..

අන්න.. සෙතිනුවා අයිසින් කරපු කේක් කෑල්ලක් වගේ ඉඳගෙන මං එනකම් බලන් ඉන්නවා..

අන්තෝනියෝ…!!”

සති එකාමාරකට විතර පස්සෙ දැකපු සතුටත් එක්ක මං මහා හයියෙන් කෑගැහුවම ඌ ඉද්ද ගැහුවා වගේ නැගිට්ටා..

බුද්දදාස මහත්තයා..!!”

අනිත් පැත්තට කෑගහපු සෙතිනුවා මගෙ දිහාවට දුවන් ඇවිත් මගෙ ඇඟට පැන්නම අපි දෙන්නම බිම වැටුනා..

හුත්..!! මගෙ පස්සත් බිම ඇනුනා යකෝ..!!

අනේ මගෙ කොලු පැටියා තව චුට්ටක් සුදු වෙලාද මන්දා..”

සෙතිනුවා කිව්වෙ බිම එරමිනියා ගොතාගෙන ඉඳගන්න ගමන්..

බෝඩිමේ ඉඳන් ගෙදර එනකොට එකොලහත් පහු වෙලා..

ඊටපස්සෙ මං අම්මලට කතා කරලා , පැය බාගයක් විතර රෙස්ට් කරලා , හොඳට කාලා , නාගෙන කෙලිම්ම ආවේ සෙතිනුව බලන්න..

තේව් අයියා ඉතින් මාව මෙතනට ගෙනල්ලා දාලා බෝඩිමට ගියා..

ඉතින් උඹ ගිය ගමන කොහොමද..??”

ආයෙත් අහලා..”
කියන්න දෙයක් නෑ බං.. නුවර මරු..!!”
” ආ…….. උඹට කියන්නත් බැරූනානෙ.. අයියගෙ ගේ පට්ට ලොකුයි බං..”
මං හිතුවෙ නෑ පොර එච්චර ලොකු සල්ලිකාරයෙක් කියලා..”

සිරාවට..??”
එයාට විද්වාන් අයියට තියෙනවටත් වඩා සල්ලි තියනවද..??”

සෙතිනු ඇහුවෙ ඇස් ලොකු කරන්..

ම්ම්ම්.. අනේ මන්දා..”
විද්වාන් අයියා තරම්නම් පෝසත් නැතුව.. ඒත් එයාට හුඟාක් සල්ලි තියනවා..”
අයියලට එහෙ ලොකු තේ වත්තක් තියනවා.. තව ටී ෆැක්ට්‍රි දෙකකුත් තියනවා..”

දෙකක් නෙවේ හතරක් තියනවා..”

එහෙම කියාගෙන අපි ලඟට ඇවිත් වාඩිවුනේ විද්වාන් අයියා..

මූ මොකද මෙහෙ ඇවිත්..?

ඒත් ඒකට වඩා මට ප්‍රශ්නෙ උනේ අයියා කියපු දේ..

හතරක්..??”

ම්ම්ම්.. කොලඹ එකයි , නුවර එකයි , ගාල්ලෙ එකයි , රත්නපුරේ එකයි..”

සිරාවට..!!”

මට එහෙම ඇස්සවුනා යකෝ..!! හතරක් තියනවද..??

ම්ම්ම්..”

විද්වාන් අයියා මුමුනනකොට සෙතිනු එයා දිහා බැලුවා..

විද්වාන් අයියලට එහෙ මොනාද තියෙන්නෙ..??”

අපිට නුවර බංග්ලෝ එකක් තියනවනෙ..”
තව හොටෙල් එකකුත් තියනවා..”

හ්ම් හ්ම්.. බලන් යනකොට සෙතිනුවෝ අපි දෙන්නට විතරයි සිල්ලර කඩයක්වත් නැත්තෙ..”

ඒකනෙ බං..”

ඔයාලා ඉතින් තාම පොඩියිනෙ..”
ලොකු වෙනකොට පුලුවන්නෙ ලොකු සල්ලිකාරයො වෙන්න..”

විද්වාන් අයියා එහෙම කිව්වෙ සෙතිනුගෙ කම්මුලකට ඇඟිල්ලකින් ඇනලා..

ආ….. ආ….. අනවස්ස තොරතුරක්..

සෙතිනු රෝස පාට වෙලා ගියා..

මෙහ්.. මං කඩේට ගිහින් එන්නම්..”
ඔයාලට මොනාහරි ගේන්න ඕනද..??”

නෑ එපා අය් – – – “

සෙතිනුවා එපා කියන්න හදනකොට මං ටග්ගාලා ඒකගෙ කට වැහුවා..

ඔව් ඔව් ගේන්න අයියෙ.. කන්න පුලුවන් මොනාහරි ඈ..”

විද්වාන් අයියා හිනාවෙලා ඔලුව වනලා එතනින් යනකොට සෙතිනු මට රැව්වා..

පව් බං අයියා..”

අනේ පල යන්න.. මනුස්සයෙක් කන්න අරන් දෙන්න හදනකොට එපා කියන්න හොඳ නෑ.. පව් පිරෙනවා.. “
නුවර , මාලිගාවෙ එහෙම කරන්න එපා කියලා බෝඩ් එකකුත් ගහලා තිබුනා..”

මං කියනකොට සෙතිනු ඔලුව දෙපැත්තට වැනුවෙ කලකිරිලා වගේ..

සයාසයෝ.. අන්න අරයා කතා කරනවා ඔයාට..”

මට..?? කෝ කෞද..??”

මං වටේටම ඔලුව හරෝනකොට සෙතිනු මගෙ ඔලුවට ගහලා ගේට් එක පැත්ත පෙන්නුවා..

අර අතන ඉන්න අක්කා..”

ඔලුවත් අතගගා ඌ ඇඟිල්ල දික් කරපු පැත්ත බලපු මට හික් ගෑවූනා..

යකෝ තිසඟි අක්කා..”

එයා උඩ පැන පැන මට අත වනනකොට මාත් හිනාවෙලා එයාට අත වැනුවා..

එයා යාලුවො දෙන්නටත් මොනාදෝ මන්දා කියලා මං පැත්තට එනකොට සෙතිනු නැගිටලා යන්න හැදුවත් මං එයාව නැවැත්තුවා..

ඔහොම ඉඳගෙන හිටපම්..!!”

ම්හ්ම්..”

තිසඟි අක්කා හෙන ලොකු හිනාවක් මූනෙ පුරවන් අපි ලඟට ආවත් එයාගෙ මූන සනිකව දුක හිතුන විදිහට වෙනස් උනා..

අම්මෝ මේ කෙල්ලො නම්..!!

අනේ සයාෂ්….!!”
ඇයි අනේ ඔයා මගෙ මැසේජ් වලට රිප්ලයි කලේ නැත්තෙ..??”

අහ්.. මේ මං යාලුවෙක්ගෙ ගෙදර ගියානෙ අක්කෙ..”
මට කා එක්කවත් චැට් කරන්න බැරිවුනා..”

හරි හරි.. බොරුවක් තමා.. මං සෙතිනු එක්ක , විද්වාන් අයියා එක්ක චැට් කලා තමයි..

ඕවා මෙයා දන්නෑනෙ අනේ..

ම්ම්ම්.. මං දැක්කා ඔයා නුවර ගිහින් ස්ටේටස් දානවා..”

ඒකනෙ..”

තිසඟි අක්කා ඇඳලා හිටියෙ හරි ලස්සන ඇඳුමක්.. ස්කර්ට් එකක් එක්ක ක්‍රොප්ටොප් එකක්..

බොරු කියන්නෝන්නෑනෙ.. ඇත්තටම කිව්ට් එයා..!!

අහ්ම්.. සයාෂ්.. මට ඔයාට දෙයක් කියන්න තියනවා..”

කියන්න අක්කෙ..”

ම්ම්ම්.. දැන් නෙවෙයි.. රෑට මං කෝල් එකක් ගන්නම්..”

අහ් හා..”

එයා ඇයි දන්නෑ කෝල් කරන්න හදන්නෙ..? මොකක්ද දන්නෙ නෑ එයාට කියන්න තියෙන්නෙ..?

ඕවා හිත හිත ඉන්නකොට එකපාරටම මං ගැස්සිලා ගිහින් උඩ බැලුවෙ ඔඩොක්කුවට වැටුන මල්ලක් නිසා..

අහ් විද්වාන් අයියා ඇවිත්..

අනේ.. එයානම් හරි සිරියාවන්ත කොලු පැටියෙක්.. බලන්නකො.. එයා අපිට ටිපිටිපුයි , අයිස්ක්‍රීමුයි ගෙනල්ලා..

තෑම්ස් අයියෙ..”

මං තෑන්ක්ස් කියාගෙනම සෙතිනුවා දිහාවට හැරුනත් එයා කලේ විද්වාන් අයියා දිහාම බලන් හිටපු එක නිසා මාත් සනිකව අයියගෙ පැත්තට හැරුනා..

යකෝ..!! විද්වාන් අයියා තිසඟි දිහා බලාගෙන ඉන්නෙ මරන් කන්න වගේ.. එයා රවනවා රැවිල්ලක්..!! ඇයි මේ..?

ස්-සයාෂ්.. මං එහෙනම් යන්නම්..”

හරි අක්කේ..”

අයියගෙ රැවිල්ල දරාගන්න බැරුව අක්කා එතනින් ගියා.. අඩුම එයා පිට්ටනියෙ හිටියෙත් නෑ.. යාලුවො දෙන්නවත් ඇදගෙන යන්නම ගියා..

විද්වාන් අයියා එයාලා පිට්ටනියෙන් යනකම්ම රවාගෙන බලන් ඉඳලා අන්තිමේ අපි ලඟින් වාඩිවුනා..

මොකද අප්පා මේ යකෙක් වගේ..?

එයා ඔයාලගෙ යාලුවෙක්ද..??”

විද්වාන් අයියා ඇහුවෙ සෙතිනුට රවන ගමන්..

අහ් එයා මගේ යාලුවෙක්..”

සෙතිනු පව් නිසා මං එහෙම කිව්වම විද්වාන් අයියා ලාවට වගේ ඔලුව වැනුවා..

ඒත් රවාගෙන..

එයාගෙ නම නිසලි හරි , මොකක් හරි නේ..??”

තිසඟි..”

අහ් ඔව්.. ඒක තමා..”

අයියා එයාව දන්නවද..??”

ම්ම්ම්.. ටික කාලෙකට කලින් දැනගෙන හිටියා..”

විද්වාන් අයියා සෙතිනු දිහාත් බලලා එහෙම කියනකොට මං ඔලුව වනන ගමන් ගේට් එක පැත්ත බැලුවා..

මං නොදන්න කුමක් හරි වෙලා තියෙනවා වගේයි..!!

ඉන්නකො මං හොයාගන්න..

ඇයි අනේ.. වුබලට ඔච්චර පුලුවන්නම් මට කොච්චරක්ද..? මෙතන..!!

___________________________________________________

හායේ….. 😊

පරක්කු උනාට සොරි….

අනේ යකුනේ ඩේටා ඉවරවෙන්න කලින් අප්ඩේට් කරන්නෝන.. 😩

පරිස්සමෙන් ඉන්න..

ආදරෙයි.. ❤️

වෙනදා වගේම කමෙන්ට් ගොඩාරියක් ඕනේහ්හ්හ්.. 💗

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

✍️ – Sayuu.. 💕

2024.10.30

Tags: read novel À·Ƒà·”À¶¯À·” À¶…À¶»À¶½À·’À¶º… සුදු අරලිය මල් කිනිත්තේ තිස්අටවැනි කුසුම…, novel À·Ƒà·”À¶¯À·” À¶…À¶»À¶½À·’À¶º… සුදු අරලිය මල් කිනිත්තේ තිස්අටවැනි කුසුම…, read À·Ƒà·”À¶¯À·” À¶…À¶»À¶½À·’À¶º… සුදු අරලිය මල් කිනිත්තේ තිස්අටවැනි කුසුම… online, À·Ƒà·”À¶¯À·” À¶…À¶»À¶½À·’À¶º… සුදු අරලිය මල් කිනිත්තේ තිස්අටවැනි කුසුම… chapter, À·Ƒà·”À¶¯À·” À¶…À¶»À¶½À·’À¶º… සුදු අරලිය මල් කිනිත්තේ තිස්අටවැනි කුසුම… high quality, À·Ƒà·”À¶¯À·” À¶…À¶»À¶½À·’À¶º… සුදු අරලිය මල් කිනිත්තේ තිස්අටවැනි කුසුම… light novel, ,

Comment

Leave a Reply

Chapter 39