Г‹¹ Н–¯Ð– Ð–­Ð–³Ð–§Ð–¤Ð–±Ð–²Ï¸ Г‹¹ ГƑ®Ï¸Taekook Ff ГƑ® °˖🐾°⋆☬ 35 ☬⋆˚🐾˖°

A+ A-

♟️🎭 ——————————>>>>>>>>>>

උඹ මොනවද මේ කියන්නෙ? තේරෙන්න කියපන්.. “ ජන්ග්කුක්ගෙ අත් දෙක සටසට ගාල ගැහුනෙ මොකද්ද ඒ කිව්වෙ කියල හිතා ගන්න බැරුව..

මුලින්ම ඔය ආයුධ පැත්තකට දැම්මොත් අපි දෙන්නටම ඒක හොඳයි සුකී පැටියෝ…. ඒක දැනගන්න ඔන්නම් මෙතනින් ඉද ගන්නව.. මම එන්න කිව්වෙ කතා කරල ඔයා නොදන්න දේවල් ගොඩාක් ඔයාට කියල දීල ඊට පස්සෙ ඔයාගෙ හැසිරීම බලල ටිකක් විනෝද වෙන්න විතරයි.. නැතුව යුද්ධයක් කරන්න නෙවේ..”

එකපාරටම ඩෝහීගෙ ඇස් සාමාන්‍ය තත්වෙට ඇවිත් ජන්ග්කුක්ගෙන් අත් දෙක ගලව ගන්න දගලන ගමන් කිව්ව..

” කියන්න තියන දෙයක් ඉක්මනට කියපන්.. මොකද්ද ඒ කිව්ව කතාව ?? ” ජන්ග්කුක් කෑ ගැහුවෙ පිස්තෝලෙ අයින් කරල අඹරන් හිටපු අත් අතෑරල ඩෝහීව තල්ලු කරල ඈත් කරන ගමන්.. පස්සේ ඒ කෙල්ල frock එක උඩින් දාන් හිටපු කලු දිග ඕවර් කොට් එක ගලවල ඇදුම හදා ගත්ත..

ඔයා දන්නවනෙ සුකී..මම අනාතයෙක්.. මාව අපායක වගේ හිටපු ඒ වංශවතාගෙ නිවසෙන් බේර ගත්තෙ මාව එතෙන්ට වැටෙන මාව අතෑරිය මගෙ පියා කියන මනුස්සයම තමයි.. ඉතින් පස්සෙ කිම් පවුලෙන් මාව හදා ගන්න ගත්ත.. එයාල මට ගොඩාක් ගොඩා..ක් හොඳින් සැලකුව සුකී.. එයාලගෙම දරුවවත් නොසලකා හැරල මාව බලා ගත්ත.. අනේ ඒත් ඒ කරුණාවන්ත දෙමාපියො මාව තනියම දාල දෙවියන් ළගට ගියානේ.. ඇත්තටම ඇයි හොඳ මිනිස්සු එහෙම මැරෙන්නේ.

ඩෝහී ඇස් දෙකේ කදුළු පුරවන් ජන්ග්කුක් ඉස්සරහම එකපාරටම බිම දණ ගහන් අඩන්න පටන් ගත්තම ජන්ග්කුක් පිටිපස්සට අඩි දෙක තුනක් ගියේ මේ හැසිරීම තේරුම් ගන්න බැරුව.. ඒත් විනාඩියක් විතර ඇත්තටම මූණ වහන් අඩනව වගේ පෙනුන ඩෝහී අඩන ගමන් හිනා වෙනව ඇහුන ජන්ග්කුක් තවත් ව්‍යාකූල වෙලා ගියා… 😶

ආ..ය්.. ශ්.. මේ රගපාන වැඩේ මහ එපා කරපු වැඩක් බබා.. නෑ ..නෑ.. අපි ඇත්තම කතාවට බැස්සොත් කිම් ජෝඩුව සුර ලෝකෙ නිවාඩුවකට යැව්වෙත් මම.. මොකද නැත්නම් එයාලගෙ අර නෝංජල් පොඩි එකාටත් මට හම්බ වෙන්න තියන දේපළ , ව්‍යාපාර වගේ දේවල්.. බෙදිල යන්න පුළුවන් හින්ද.. අහ්.. ඒක නෙවේ.. සුකී.. මම හොඳ ප්ලේයර් කෙනෙක් නේද.. ? අර මොකද්ද.. චෙස් නේද ? අපේ කාලෙ ජෙන්ගි ” janggi ” ක්‍රීඩාව වගේ දැන් තියන සෙල්ලම චෙස්… ඒකෙ player කෙනෙක් වගේ නේද ? මගේ පැත්තෙ නම් රජුත් මම.. රැජිනත් මම.. මගෙ දුර්වලතා මුකුත්ම නෑ.. එතකොට මගේ knight මං වෙනුවෙන් පණ උනත් දෙන මෝඩයෙක්.. හැබැයි ඔයාගෙ පැත්තෙ Knight නම් ආගිය අතක් නෑනෙ නේද…? පොඩ්ඩක් මිනිහ ගැනත් හොයල බලන්න.. එතකොට ඔයාගෙ Queen තාම සෙල්ලමට ආවෙත් නෑ.. එයා Queen කියල එයා දන්නෙත් නැහැ.. අසරණය.. එතකොට මේ වැදගත්ම දේ.. සෙල්ලමේ මගෙ විරුද්ධ පිලේ රජතුමා.. තව ටිකකින් බිම වැටිල වැලපෙන හැටි රසවිදින්න මම ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නව..

ඩෝහී බොරුවට මාවා ගත්තු කදුළු ඇගිල්ලෙන් පිහ දාල හෙමින් නැගිටල ඇගේ හිරි අරින ගමන් සෙල්ලක්කාර හඩින් කිව්වම ජන්ග්කුක් තනිකරම පිස්සෙක් දිහා බලනව වගේ බැල්මෙන් ඒ කෙල්ල දිහා බලන් හිටිය..

මේ අමනුස්ස ගෑණි.. ඇත්තටම.. මානසික ලෙඩෙක්ද ? කොහොමද ඒ තරම් දරුණු වෙන්නේ ? අනික මේ ගෑණු කෙනෙක්.. හිතේ පොඩි හරි අනුකම්පාවක් නැති වෙන්නෙ කොහොමද ? ”

ජන්ග්කුක් ඒ කිව්ව එක තරහටම හරියට ඔලුවට නොගියත් කල්පනා කළේ මුකුත්ම හිතා ගන්න බැරුව..

අහ්.. එතකොට.. මම පොඩි කාලෙ ඉදන්ම අසනීප කෙනෙක්.. ඒ කිව්වේ.. වර්තමාන කාලේනම් ඒ ලෙඩේට කියන්නෙ ලියුකේමියාව කියල.. ඒක ලොකු වේදනාවක් දැනෙන ලෙඩක්.. කටින් නහයෙන් ලේ එනවා.. ඒත් බලන්න කියන්න කවුරුත් හිටියෙත් නෑ… අහ් තව මම අවුරුදු හයේදි වයසක වංශවතෙක් අතින් විනාස වෙලා ගිය කෙනෙක්… අර මෙහෙකාර සේවයේ හිටපු ගෙදරදි… ඒත් තරුණ කාලෙ ඌගෙන් මම පලි ගත්ත ඇත්තටම.. පලි ගැනීම නම් හරිම සුන්දර දෙයක්.. බ්ලා.. බ්ලා.. බ්ලා… වැඩකට නැති කතා….. ඒත් කෝම හරි මට මැරෙන්න ඕනෙ උනේ නෑ.. මට ඕනෙ උනා ජීවත් වෙන්න.. මම අවුරුදු සිය ගානක් ජීවත් උනා.. ඒ වේදනාව එක්ක.. ඒත් ප්‍රශ්නයක් නෑනෙ.. ඒත් මට ලොකූ සනීපයක් දැනුන මට පොඩි කාලෙ වද දීපු ලෝකෙ අවුල් කරල ඒ මෝඩ මිනිස්සු විදවනව බලද්දි… වාහ්.. ඒක වෙනමම සතුටක්.. ඒ කාලකණ්ණි මිනිස්සු මැරෙද්දි කෑ ගහන දගලන විදිහ.. ජීවිතේ යදින විදිහ.. පවුලෙ අයව බේරල දෙන්න කියල කෑ ගහන විදිහ.. හ්ම්ම්ම්..à·„à·Š.. ඒක මිහිරි සංගීතයක් වගේ.. “

ඒ කෙල්ල ආයෙම ඇස් පියාගෙන ඔලුව උඩට හරවන් වැහි බින්දු අතින් අල්ලන ගමන් තාලෙට ඔලුව වැනුවෙ තෘප්තිමත් හිනාවක් මූණෙ අලවගෙන.. 💔

එතකොට මට පුළුවන්.. මිනිස්සුන්ව පාලනය කරන්න.. ඒ ලැබුණු බලය හින්ද නෙවේ.. මිනිස්සුන්ගෙම හිත් ඇතුළෙ තියන ජීවත් වෙන්න තියන ආශාව.. සල්ලි වලට තියන ආශාව.. අන්න ඒවයින්.. සමහර මිනිස්සුන්ට ගොඩාක් සල්ලි දේශපාලන බලය තිබුනත් නිරෝගීකමක් නෑ… ඒ වගේ ජීවිතේ ගැට ගහ ගන්න දගලන සල්ලි වැක්කෙරෙන මිනිස්සුන්ව තාවකාලිකව සනීප කරන්න මම ක්‍රමයක් දන්නව.. ඒත් උන් දන්නෙ නෑ උන්ට ඊට පස්සෙ මගේ උදව් නැතුව දිගටම ජීවත් වෙන්න බෑ කියල.. පස්සෙ උන්ව මගේ ළග දන ගස්සන්න මට පුළුවන් උනා.. මේ දැන් වගේ මම සතුටින් ඉන්නෙ අන්න ඒ හින්ද… “

තමන් ගැනම ලොකු ආඩම්බරයකින් වගේ ඒ කෙල්ල කියවන් යන දිහා ජන්ග්කුක් අහන් හිටියෙ මේ තරම් දේවල් කරන්න හදවතක් යන්තන් හරි ගැහෙන මනුස්සයෙක් දරුණු උනේ කොහොමද කියල හිතා ගන්න බැරුව..

අනික හැගීම් …තමයි මිනිස්සුන්ව පාලනයට ගන්න පුළුවන් හොඳම ආයුධය.. මම තමුන්ට කළෙත් ඒක.. එතකොට අර මගේ ඇත්තම සහෝදරයා.. යූසෝ කියන මෝඩය.. එයාව පාලනය කරන්න මම පාවිච්චි කළේ තමුන් එක්ක තිබ්බ තරහව… තව අර මගෙ අර්ධ සහෝදරයා කියන උන්මත්තකයට තිබ්බ ආදරේ.. එතකොට මගේ පියාණන් කියන අර මනුස්සය.. පොඩි කාලෙ මාව අතෑරල දාල ගිය ඒ මිනිහ.. දැන් මගේ ලගින් තියන් ඉද්දි ” දුවව අතහැරිය කියන පසුතැවීම ” කියන හැහීම හින්දම දැන් මිනිහ මම වෙනුවෙන් මැරෙන්න උනත් එයි.. මෝඩයා.. එතකොට අර මගෙ අර්ධ අර සහෝදරයා කියන නෝංජලයව පාලනය කරන්න පාවිච්චි කළේ ලෙඩක් වගේ දරුණුවට තමුන්ට තිබ්බ අන්ධ ආදරේ.. ඇත්තටම ඒක මානසික ලෙඩක් වගේ.. දන්නෙවත් නැති මිනිහෙක්ට පණ දෙන්න තරම් ආදරේ කරන එක.. මේ පරන කතා සේරම විකාරයක් නේද සුකී… ?? à·„à·„à·Š? “

ඩෝ හී හිනා උනේ කිසිම හිතක් පපුවක් නැති විදිහට.. 💔

උඹට පොඩි අනුකම්පාවක්වත් නැද්ද ? මිනිස්සුන්ගෙ හැගීම් එක්ක සෙල්ලම් කරන එක උඹට විනෝදයක්ද? ඇයි උඹ අර කතා කරගන්නවත් බැරි අසරණයට වද දුන්නේ ? අන්තිමට මරා ගත්තෙ? ”

ජන්ග්කුක් කේන්තියෙන් කතා කරන්න බැරි ගානට වෙව්ලද්දි ඇහුව.. 🥺🥺

à·„à·„à·Š.. අනුකම්පාවක් ?? මොකටද ? මට අනුකම්පාවක් දක්වපු නැති ලෝකයට මම ඇයි එහෙම කරන්නේ.. අනික පිස්සො වගේ හදවතින් තීරණය ගන්න උන් එක්ක සෙල්ලම් කරන එක හරිම විනෝදයි.. ඔයාත් පැන්තර් ද මොකද්ද කියල නමක් දාන් සාමාජ සේවයක් කරනව නේද ?අපරාධකාරයො මර මර… තමුන්ගෙ බලය ඒ පනුවො වගේ සාමාන්‍ය මිනිස්සු බේරගන්න පාවිච්චි කරන්නෙ ඇයි..? à·„à·„à·Š.. මහා…. වීර.. පැන්තර් උතුමාණන්… “

ඩෝ හී දිගටම වැස්ස දිහා බලන් සමච්චලේට හිනා උනා..

කොහොමහරි මම හිතන්නේ… බබා.. ඔයා… දන්නෙ නෑ නේද තමුන්ගෙ ඔය මහා ලොකු ආදරවන්තයව ගිය ආත්මෙ මරල දැම්මෙ කවුද කියල.. ඒක තමයි ඔයා නොදන්න කතාවෙ විනෝදම හරිය..” ඩෝහී සෙල්ලකාර විදිහට හිනා උනා.. 😶

උඹ තනිකරම සතෙක්.. නෑ.. සතෙක්ටත් අන්තයි.. උඹ මොනවද ඒ අහිංසකයට කළේ ? ” 😖

ජන්ග්කුක් කෑ ගැහුවෙ මේ වගේ මනුස්සයෙක් තාමත් ජීවත් වෙන්නෙ කොහොමද කියල හිතා ගන්න බැරි තරම් වමනෙ යන්න තරම් පිළිකුලකින් මේ කතාව අහන් ඉන්න බැරුව.. ඇත්තටම ජන්ග්කුක්ට දැනුනෙ ලොකු අප්පිරියාවක්..

මම ? මොකක් කළා.. ? මැරුව.. ? à·„à·„à·Š.. ඒක අභූත චෝදනාවක් බබා.. ඒ නෝංජලය මැරිල ගියේ ඊතලයක් වැදිල.. එතකොට.. ඒක විද්දෙ කවුරු කියලද හිතන්නේ.. අය්ය්..ශ්.. මට හිනා යනව සුකී…. ඒක කිව්වම මට ඔයාගෙ මූණ බලන්න ඕනෙ.. “

ඩෝහී යක්ශයෙක්ගෙ වගේ කුරිරු සතුටකින් හිනා වෙන ගමන් කිව්වෙ ජන්ග්කුක්ගෙ මූණ දිහා හොඳට බලාගෙන….

තමුන් අර ගුහාවෙදි අපිට හානි කරන්න ආව කියල මගෙ කකුලට විද්ද කෙනෙක්ට විද්ද මතකද.. ? ඒ කවුරු කියලද හිතන්නෙ… ? ඇත්තටම මම එදා ආවෙ සේරම ඉවර උනාට පස්සෙ මට බලය ලැබුනම තමුන්වත් වස දීල ඉවරයක් කරන්නයි.. මොකද තමුන්ව මැරුවොත් මමත් මැරෙනව කියල ඒ වෙද්දි මම දැනන් හිටියෙ නෑනෙ… ඒත් මගෙ සැලැස්ම අර පිස්ස ඩෝහ්‍යුන්ග් දැන ගත්ත.. ඒ මෝඩය විද්දෙ මගෙ කකුලෙ සගවන් හිටපු වස බෝතලේට… ඒත් ඒකෙන් මම පහළට වැටුනනේ.. ඉතින් ඔයා ආදරේ නාමෙන් ඔයාගෙ ආදරවන්තයටම ගොඩාක් දක්ශ විදිහට එල්ලෙටම විදල ඒ වසංගතේ ඉවරයක් කරල දාලම තිබ්බ.. ඇත්තටම ස්තූතියි සුකී.. ඔයා කළේ මම කාලෙකට කලින් කරන්න හිතපු දෙයක්.. පොඩි කාලෙ වතුරෙ ගිල්වල ඉවරයක් කරල දාන්න හදපු ඒ කරදරකාරය බේරගත්තෙත් තමුන්… අන්තිමට මැරුවෙත් තමුන්. ඉරණම කරන්නෙත් පුදුම විහිලු නේද සුකී.. ඇත්තටම ඒ කරදරකාරය නම් ශාපයක්.. “ 😖💔

ඩෝ හී කිව්වෙ ජන්ග්කුක්ගෙ ඇස් දෙක එකපාරටම සම්පූර්ණයෙන් සාමාන්‍ය තත්වෙට ඇව්ත් පුදුමෙන් ලොකු උන විදිහ බලාගෙන..

උඹ කටවහපන්… බොරු කියන්න එපා……..!!! “

ජන්ග්කුක් දත් හපන් කෑ ගැහුවත් කෙල්ල හයියෙන් හිනා උනා..

විශ්වාස නැද්ද? හ්ම්ම්හ්.. එහෙනම් මතක් කරල බලන්න බබා.. ඒ විද්ද එකා ආපස්සට විදින්න පුළුවන්කම තියෙද්දිත් දුනු ඊතල පාත දැම්ම මතකද..? ඔයාව මරන්න ආපු එකෙක් එහෙම කරයිද..? “

ඩෝහී ඇහුවෙ සමච්චලේට හිනා වෙන ගමන්..

” නෑ.. නෑ.. මේ සේරම බොරු.. ම්.. මම නෙවේ.. ඒ එයා නෙවේ.. උඹ කියන සේරම ගොතපු දේවල්..” 😖😖

ජන්ග්කුක්ට අවුරුදු සිය ගානකට කලින් උනත් ඒ එච්ච සිද්ද්ධිය අද ඊයේ වගේ මතක තිබුන.. එකපාරටම මේ ඇත්ත වෙන්න ඕනෙ කියල තෙරුන ජන්ග්කුක් කෑ ගහගෙන එතනම දනිස් පණ නැතුව වගේ බිමට කඩන් වැටිල දන ගැස්සුනේ මුළු ඇගම දරාගන්න බැරි පීඩනය හින්දම වෙවුලද්දි.. 😖😞

ඇත්ත… සේරම ඇත්ත.. විශ්වාස නැත්නම් ඔයාගෙ බබාගෙන් අහන්න.. එයාට දැනුත් ඒ දේවල් හීනෙනුත් පේනව මම හිතන්නෙ.. හෝව්… දැන්ම අඩන්න එපා.. සේරම අහන්නකෝ බබා.. එදා ඔයාගෙ ප්‍රේමවන්තය මට සිහිය එද්දිත් හිටියෙ මැරිල.. හරිම ලස්සනට ගුහාවෙ කෙලවරක ලේ විලක් මැද වැටිල හිටිය.. ගොඩක් වෙලා විදවල විදවල ඇගේ ලේ ගිහින්.. අන්තිමට මැරිල යන්න ඇති.. ඒක ලස්සන සර්වසම්පූර්ණ මිනීමැරුමක් සුකී.. මම තමුන්වත් ඉවරයක් කරල දාන්න හෙව්වත් මට හම්බුනේ නෑ.. ඒක කොහොම උනාද කියල මට හිතා ගන්නත් බෑ..ඒත් එතකොටම.. ඇත්තටම මම දන්නෙ නෑ කොහොම කොහෙන් ආවද කියල.. මගෙ ඇත්ත සහෝදරයා යුන්සෝ එතෙන්ට ආව.. එතකොටයි මම දන්නෙ ඒ මෝඩයත් මගෙ අර නෝංජලයට ආදරෙයි කියල… මට නම් පෙනුනෙ සේරම ලොකු විහිලුවක් වගේ.. ඒත් මම ඒ යුන්සෝ මෝඩයට කිව්ව ඒ කොල්ල මැරුවෙ ජන්ග්සුක් කියන කෙනා කියල.. පස්සෙ මිනිහ එතන අඩල අඩල අර කොල්ලව අත් දෙකට අරන් එළියට ගියා.. මං හිතන්නෙ කොහෙ හරි වළලල දාන්න ඇති.. අනික.. තමුන්ටත් ළගදිම තමුන්ට වටින සේරම නැති කරගෙන මගෙ ඉස්සරහ දණ ගහන් යදින්නම වෙනව.. උන්ගෙ ජීවිතේ වෙනුවෙන්.. මම ඒ ගැන නම් සහතික වෙනව..

ඩෝහී කුරිරු සතුටකින් ඇස් දිලිසෙද්දි බාගෙට මැරිල වගේ වෙවුල වෙවුල බිම දන ගහන් හිටපු ජන්ග්කුක් දිහා බලාගෙන.. ඇත්තටම ජන්ග්කුක් හිටියෙ ඒ වෙද්දි කියන දෙයක් ඔලුවට යන මානසිකත්වෙක නෙවේ.. එයාට දැනුනෙ කළු කරන් වහින අහස , අකුණු , සේරමත් එක්ක ඔලුව ඇතුලට ඇවිත් මොළේ වටේ කැරකෙනව වගේ.. ජන්ග්කුක් එහෙම්මම දන ගාගෙන ගිහින් වැස්සෙම බිම දන ගහ ගත්තෙ දුකටම ඇග ගිනි අරන් පිච්චෙනව වගේ දැනුන නිසා.. කදුළු ඉබේම ඇස් පිටාර ගලන් යද්දි ජන්ග්කුක්ට කෑ ගහල අඩන්න ඕනෙ උනත් අඩන්නවත් කටහඬක් නොඑන ගානට වතුරෙනුත් පෙගුන තොලකට වේලිලා තිබ්බ.. ජන්ග්කුක්ගෙ ඔලුවෙ වැඩ කලේ එක දෙයයි..

” …..ඒ අහිංසකයව මැරුවෙ මම ? මාව බේරගන්න ආව.. හිතින් ආදරේ කර කර දුක් වින්ද ඒ අසරණයව මරල දැම්මෙ මගෙ අතින්….. ”

ඒත් ඩෝහී ජන්ග්කුක්ගෙ සුදුමැලි මූනෙ දුක නොසෑහෙන්න රසවිදින ගමන් දිගටම කතා කළා.. ”

“‘ අහ්.. ඔහොම තෙමුනම දුක නැති වෙයිද සුකී… ?කොහොම හරි ඒ මගෙ අයියණ්ඩි කියන යූසෝ මෝඩයත් හැමතැනම තමුන්ව හෙව්ව පලි ගන්න.. මරල දාන්න.. අර කොල්ලව මැරුවට.. ඒත් අන්තිමට තමුන්ව හොයන්න ගෙදරට ගියාම අර නාකි ගෑනි පින්සෙන්ඩු වෙලා අනේ ජන්ග්සුක් දරුව අතුරුදන් වෙලා.. හම්බුනොත් කරදරයක් නම් කරන්න එපා.. කියල ” යුන්සෝට කරදරේ ඉවසන්න බැරි තැන ඒ ගැනිව තල්ලු කරල.. ඉතින් ඒ කරදරෙත්බිම වැටිල ඔලුව වැදිල එතනින්ම ඉවර වෙලා.. පස්සෙ නගරෙට ආවට පස්සෙ ටික කාලෙකින්ම යූසෝ අයියණ්ඩි සේරම අග මුල හොයාගෙනත් මගේ ගැනත් හොයන්න පටන් ගත්තු හින්ද ඒ කරදරෙත් මම ම ඉවර කළා… අය්..ශ්.. මේ පරණ දේවල් ඇත්තටම විකාරයක් නේද ? ඔයා හොඳින් නේද බබා..? ” 😞

ඩෝහී ජන්ග්කුක් ලගින් බිම දණ ගහන් එක අතකින් මූන හෙමින් අල්ලන ගමන් ඇහුවත් ජන්ග්කුක් හෙලඋනේවත් නෑ.. හයියෙන් හති දාන ගමන් පපුව අල්ලන් කදුළු වැක්කෙරෙන ඇස් බිමට හරවන් කතා කරගන්න බැරුව බලන් හිටිය විතරයි… ජන්ග්කුක්ට මේ අවුරුදු සිය ගානටම මේ තරම් අසරණ හැගීමක් , කාලකණ්ණි පසුතැවීමක් දැනිල නැති හින්දත් මේ කනට ඇහෙන දේවල් විශ්වාස කරන්නත් බැරුව දැනෙන හැගීම් විස්තර කරන්න බැරුව බලන් හිටිය..

ඇත්තටම පුදුම සතුටක් දැනෙන්නේ.. ඔය විදිහට මිනිස්සු හැගීම් නිසා කඩා වැටෙන එක බලන් ඉද්දි.. ඒක මිනිස්සුන්ව මරනවට වඩා විනෝදයි.. තමුන් ලොකු බලයක් තිබුනට මොලයක් නැති දුර්වලයෙක්.. ජන්ග්කුක්.. හැගීම් මිනිස්සුන්ව දුර්වල කරනවා.. එහෙනම් මම දැන් යන්න ඕනෙ බබා.. කුණාටුව සැරයි වගේ… ඉස්සරහට තව සැර වේවි….හ්ම්ම්ම්… ඔයාගෙ අර… රැජිනව හොඳට බලාගන්න.. මොකද මම බළලුන්ගෙ ක්‍රමේ , අර මරන්න කලින් ටිකක් සෙල්ලම් කරන එක.. අන්න ඒකට ගොඩාක් ආසයි…… ”

යක්ෂනියක් වගේ ඩොහී එහෙම කියල හිනා වෙවී වැස්සෙ තෙමි තෙමීම ගිහින් පහළට යන්න ලිෆ්ට් එකට නැග්ගෙ බිම වැටිල දන ගහන් පපුව අල්ලන් වෙවුල වෙවුල හිටපු ජන්ග්කුක් දිහා ආයෙත් නොබල…ගොඩක් වෙලා යනකන් කෑ ගගල අඩන්න try කළත් ජන්ග්කුක්ට කෑගහල අඩන්න තරම්වත් හිතට ශක්තියක් තිබුනෙ නෑ.. ඔහේ කදුළු ගලාගෙන ගියා විතරයි… ඔලුව පුරාම වහින අකුණු ගහන සද්දෙත් එක්ක tae එදා කියපු දේවලුත් හොල්මන් කරනව වගේ එයාට දැනුන..

” ………ඔයාට ආයෙත් ගොඩාක් ස්තූතියි හැම ආත්මෙකම මාවම විතරක්ම ආදරේ කරන්න තෝරගත්තට……..”

” …..ඒ වගේම හොඳට මතක තියා ගන්න ජන්ග්කුක්.. ඉදිරියේදී අපේ අතීතය ගැන.. කවුරු මොනව කිව්වත්.. මගේ ජීවිතේ ගැන.. මම මැරෙනව නම් මැරෙන්න ඕනෙ විදිහ ගැන තීරණයක් ගත්තෙ මම.. ඒකට කිසිම විදිහකින් ඔයා වගකියන්න ඕනෙ නැහැ.. හොඳට මතක තියා ගන්න ජන්ග්කුක්.. ඒ කිසිම දෙයක් ඔයාගෙ වැරැද්දක් නෙවේ……”

එකදිගටම ජන්ග්කුක්ට ඒ වචන ඔලුව ඇතුලෙන් පිහියෙන් අනිනව වගේ ඇහුන.. ( chapter 31 )

එහෙම්මම නැගිටපු ජන්ග්කුක් හිතේ හෝදිසියට වගේ rooftop එකේ තිබ්බ ලිෆ්ට් එකට තෙමි තෙමිම ගිහින් හිට ගත්තෙ මුළු ඇගම කඩදාසියක් වගේ සුදුමැලි වෙලා ඇස් හොඳටම රතු වෙලා කලන්තෙ හැදුන ලෙඩෙක් වගේ.. ලිෆ්ට් එක නැවතුන ගමන් ඔහේ එලියට ඇවිදන් ආව ජන්ග්කුක් වැස්සෙම වාහන වේගෙන් ඇදෙන පාර ළගට ඇවිදන් ඇවිත් පාරෙ යකඩ වැටට අත් දෙක ගහන් අඩන්න පටන් ගත්තෙ වටේ මිනිස්සු කුඩ ඉහළන් ලහි ලහියෙ යන ගමන් ජන්ග්කුක් දිහා අමුතු විදිහට බලද්දි..

——————————>>>>>>>>>>

අය්ශ්.. බඩගිනී ජේ.. හවස 5 ටත් කිට්ටුයි.. හොඳටම වහිනවත් එක්ක.. මේ මගුල පස්සෙ බලමුකෝ.. ඌ වෙන කොහේ හරි ගියාද කියල කවුද දන්නෙ… මොනා හරි කාල ඉමුකෝ.. බඩගිනී බන්…. ”

යුන්ගි නෝක්කාඩු කිව්වෙ hospital එක ළග බස් හෝල්ට් එකේ ඉදගෙන බාගෙට තෙමිල වැස්සට රවන ගමන්..

නෑ.. අපිට නූලෙන්නෙ මග හැරුනේ.. ළහම ඇති.. තව පොඩ්ඩක් බලමුකෝ.. ”

ජේ කිව්වෙ ජන්ග්කුක්ව follow කරන් ඇවිත් අන්තිම මොහොතෙ මගෑරුන එකට තමන් එක්කම තරහින්..

යාහ්.. ජේ.. අන්න.. ඉන්නව.. “

යොන්ගි එකපාරටම ඉද්ද ගහල වගේ නැගිට්ටෙ ඉස්සරහ hospital එක ළගින් වැස්සෙම කුඩයක්වත් නැතිව ඔහේ ඉස්සරහ බලාගෙන පාර දිගේ වැනි වැනී යන ජන්ග්කුක්ව පෙන්නුව..

“…ඔච්චර සල්ලි වැක්කෙරෙන එකෙක්ට කුඩයක්වත් නැද්ද ? එක්ක්කො පොර ඉන්නෙ ඩ්‍රග්ස් මොනා හරි අරන්වත්ද ? පාරෙ වැටෙන්නත් යනව යකෝ..”

යොන්ගි මීට‍ර් හත අටක් ගැප් එක තියන් පය ඉක්මන් කරේ නුහුරට අඩිය තියන් සොම්බියෙක් වගේ පාරෙ යන ජන්ග්කුක් වැටුනොත් අල්ලගන්න අත් දික් කරන්.

නෑ.. ඉන්න.. වැටුනොත් වැටිච්චදෙන්.. අපි follow කළා කියල මෙයාට දැන ගන්න දෙන්න බෑ.. ළගට යන්න එපා.. මට හිතෙන්නෙ මිනිහ ඩ්‍රග්ස් අරන් නැත්තම් මේ ඉන්නෙ depressed වෙලා.. බලමුකෝ… ”

ජන්ග්කුක් ඇවිදන් යද්දිත් අත් කකුල් වෙව්ලනව පේද්දි ජේ රේන් කෝට් එක තද කරන් තද වැස්සෙම යොන්ගිවත් එක්කන්ම පස්සෙන් ගියා..

🌫️————————————>>>>>>>>>>

මේ අතරෙ tae ට දැන් නම් කකුල කොර ගගහ යන්න පුළුවන් මට්ටමට ඇවිත් තිබුනත් මිස් ජෙනීට කියල කෑමත් ගෙන්නවන් එයා එක්ක කයිවාරුවක් දාන් හවස phone එකට ආව දේවල් අමතක කරන්න හද හද සාමාන්‍ය විදිහට ඉන්න හැදුව..

මිනිස්සුන්ට බොරු කරන්න පුළුවන් උනත් ඒ මිනිස්සු ළග ඉද්දි අපිට දැනෙන හැගීම බලෙන් දෙන්න බෑ.. බොරුකාරයෙක් ළගදි මට මේ තරම් ආදරයක් ආරක්ශාවක් විශ්වාසයක් දැනෙන්න විදිහක් නෑ.. ජන්ග්කුක් ගැන මුකුත්ම නොදන්න කාලෙත් මම පිස්සෙක් වගේ එයාට ආදරේකළා.. බලෙන්ම වැඩ වලට උදව් වෙන්න ගිහින් කොච්චර වැඩ වන කළාද ? මේ photos මට එව්ව මොකාට හරි ඕනෙ මාව එයාගෙන් වෙන් කරන්න..”

tae කල්පනා කර කර ජනේලෙන් එළියෙ තාමත් වහින වැස්ස දිහා බලාගෙන හිටියෙ.. රෑ 9 ට විතර වෙලත් ජන්ග්කුක් ආවෙ නැති එකට හිත කරදරෙන් ජන්ග්කුක්ටයි ජිමින්ටයි දෙන්නම එකට ඇති කියල හිතන් දෙන්නටම තරගෙට කෝල් mg කළත් දෙන්නගෙන්ම මුකුත් reply එකක් ආවෙත් නෑ.. ඒත් එකපාරටම ස්‍යොක් ජේගෙ එයා save කරන් ඉන්න number එකෙන්ම කෝල් එකක් ආවම tae නළළල රැලි කරන් answer කළා..

අහ්.. හෙලෝ tae.. ? taehyung නේද මේ? ”

ජේ music බේස් එකයි බීට් එකයි ගොඩාක් වැඩි තැනක ඉදන් කෑ ගහල අහන කටහඬ එහා පැත්තෙන් ඇහුන..

ඕ.. ඔව්.. මේ.. මං… කියන්න..?

tae confused වෙලා උත්තර දුන්නෙ phone screen එක දිහා ආයෙ බලන ගමන්….

මේහ්.. මිස්ටර් ජන්ග්කුක්.. එයා සෝල් ක්ලබ් එකේ ඉන්නව.. පොඩ්ඩක්.. නෑ.. පොඩ්ඩක් නෙවේ.. සිහි නැති වෙන්නම Over ගිහින්.. එයා එයාගෙ vehicle එක කොහේ park කළාද දන්නෙත් නෑ.. මේ.. මගෙ ළග එයා ඉන්නව.. ඉන්න මම phone එක දෙන්නම්.. ඒහ්.. ජන්ග්කුක්.. මේ.. මෙන්න tae කතා කරනව.. “ ජේ බෙරිහන් දෙනව ඇහුන..

T……..a..ee..h.. ”

කන පැලෙන්න music sound අස්සෙන් ජන්ග්කුක් ඇහෙන නෑගෙන ගානට ගොඩාක් හෙමින් කෙදිරි ගානව ලාවට ඇහුනම tae කෙලින් වෙලා නැගිටල ඇදෙන් බිමට පැන්නුනා..

මෙහ්.. පො..පොඩ්ඩක් vomit වෙනවත් වගේ.. අහ්..ය්ශ්… නෑ.. නෑ.. මගෙ ඇගට නෙවේ.. බිමට… !!! බිමට.. !!!!! ශිට්.. ! පොඩ්ඩක් නෙවේ tae.. ගොඩක්.. යා.. à·„à·Š.. මගෙ ඇඳුම… මේ tae ? ඔයා ඉන්නෙ ඔයාගෙ ගෙදර ද ? ජන්ග්කුක්ගෙ ගෙදරද ? මම එයාව ගෙදරට drop කරන්නද? පොඩ්ඩක්වත් හොඳ සිහියෙන් නෙවේ මෙයා ඉන්නේ..

ආයෙත් ජේ music එකේ සද්දෙට වඩා හයියෙන් කෑ ගහල කිව්ව..

ඉන්.. ඉන්න.. සර්… ඉන්න.. මම එනව… මේ දැන්ම එනව.. ජන්ග්කුක් ඔයා ඔහොම්මම ඉන්න.. මං එනව.. ”

tae දඩස් ගාල phone එක cut කරල ඇද උඩටම විසි කරල ගෙදරට ඇදන් හිටපු කොටම කොට ශෝටයි සාමාන්‍ය හූඩි එකයි එකයි පිටින්ම කොර ගගහ දඩාරියන් වැස්සෙම ජන්ග්කුක්ගෙ ගරාජ් එකට දිව්වෙ කාර් එකේ යතුරවත් ගන්නැතුව…

ආහ්ය්..ශ්.. ‍යතුර..”

tae ආයෙම පුදුමෙන් බලන් හිටපු ජෙනීවත් පහු කරන් තෙමි තෙමි ගෙදර ඇතුළට දුවල ගිහින් යතුර අරන් ආව.

” ජෙනී අම්මා.. ඔහොම්මම ඉන්න මම සර්ව එක්කන් එන්නම්.. ”

කොර ගගගම බූල් බූල් තියන ගෙදරට දාන ස්ලිපර්ස් දෙකකුත් දාන් එහාට මෙහාට දුවන tae දිහා කට ඇරන් බලාගෙන..

ආහ්ශ්.. අනේ මගෙ phone එක.. ජෙනී අම්මා.. අනේ මගෙ කාමරේ.. ගෙනත් දෙන්න පුළුවන් ද ? ඒකත් අමතක උනා කලබලේට… ”

tae කාර් එකට නැග්ග ගමන් ආයෙත් වීදුරුව ඇරල ඔලුව එළියට දාල කෑ ගැහුව..

” ආහ්.. ඉන්න ඉන්න.. ” ජෙනී වෙන්නෙ මොකද්ද කියල තේරුමක් නැතත් ඊ ගහ වගේ උඩ තට්ටුවට දුවන් ගිහින් phone එක අරන් ආව..

“හරි ස්තූතියි පරිස්සමින් ගිහින් එන්න.. “

ජෙනී හොඳටම ව්‍යාකූල වෙලා උනත් මිමිනුවෙ මොකක් උනත් දෙන්නම ඉක්මනින් ඒවි කියල හිතන ගමන්..

කාර් එක වේගෙන් drive කරන් වැස්සෙම කදුකර පාරෙන් රේස් කරන් ආව tae ප්‍රධාන පාරට වාහනේ දාපු ගමන් ආයෙම ඉද්ද ගහල වගේ බ්‍රේක් පාරක් ගැහුව..

අහ්..ය්ශ්.. එතකොට මොන මගුලකද ඒ සෝල් කියන ක්ලබ් එක තියෙන්නෙ? ගන්ග්නම් වලද ? මම මේ යන්න ගියාට පාර දන්නෙත් නෑනෙ.. ”

tae ස්ටියරින් වීල් එකට හයියෙන් ගහල ඔලුව කස කස කල්පනා කළේ පාර පේන්නැති ගානට වහින වැස්ස දිහා බලාගෙන.. ඒත් එකපාරටම tae ට විසදුම මතක් උනා.. tae කලබලේට අතත් වෙවුලද්දි කාර් එකේ GPS on කරන ගමන් තනියෙන් මිමිණුව.. 🥺🥺

” අහ්.. GPS තියනවනේ.. මගෙ මොලේට හෙන ගහලද මන්ද ඒක අමතක වෙන්න තරම්… ඔහොම්මම ඉන්න ජන්ග්කුක් මම පුළුවන් ඉක්මනට එනවා.. ” 🥺🥺

මතුසම්බන්ධයි 🌫️🌫️🌫️🌫️🌫️🌫️🌫️🌫️🌫️🌫️

ඔයාලට කතාවෙ ඉස්සරහ ගැන මොකෝ හිතෙන්නෙ? ” Knight ” ,
” Queen “කිව්වෙ කාට කියලද හිතෙන්නේ..? නිකමට ගෙස් කරන් යන්න බලන්න 🙂💜️ Vote comment කරල support කරන සේරටම ගොඩාක් ගොඩාක් ස්තූතියි හොඳේ 🥺🫂💚💜️🤗

Tags: read novel Г‹¹ Н–¯Ð– Ð–­Ð–³Ð–§Ð–¤Ð–±Ð–²Ï¸ Г‹¹ ГƑ®Ï¸Taekook Ff ГƑ® °˖🐾°⋆☬ 35 ☬⋆˚🐾˖°, novel Г‹¹ Н–¯Ð– Ð–­Ð–³Ð–§Ð–¤Ð–±Ð–²Ï¸ Г‹¹ ГƑ®Ï¸Taekook Ff ГƑ® °˖🐾°⋆☬ 35 ☬⋆˚🐾˖°, read Г‹¹ Н–¯Ð– Ð–­Ð–³Ð–§Ð–¤Ð–±Ð–²Ï¸ Г‹¹ ГƑ®Ï¸Taekook Ff ГƑ® °˖🐾°⋆☬ 35 ☬⋆˚🐾˖° online, Г‹¹ Н–¯Ð– Ð–­Ð–³Ð–§Ð–¤Ð–±Ð–²Ï¸ Г‹¹ ГƑ®Ï¸Taekook Ff ГƑ® °˖🐾°⋆☬ 35 ☬⋆˚🐾˖° chapter, Г‹¹ Н–¯Ð– Ð–­Ð–³Ð–§Ð–¤Ð–±Ð–²Ï¸ Г‹¹ ГƑ®Ï¸Taekook Ff ГƑ® °˖🐾°⋆☬ 35 ☬⋆˚🐾˖° high quality, Г‹¹ Н–¯Ð– Ð–­Ð–³Ð–§Ð–¤Ð–±Ð–²Ï¸ Г‹¹ ГƑ®Ï¸Taekook Ff ГƑ® °˖🐾°⋆☬ 35 ☬⋆˚🐾˖° light novel, ,

Comment

Leave a Reply

Chapter 37