Spring Of Life 🍀37🌪️

All chapters are in Spring Of Life
A+ A-

එයා එක්ක ගෙදර ඇවිත් හුරතල් වෙවි නිදා ගත්තේ මගෙ මහත්තයා කේන්තියෙන් ඉන්න නිසාම වෙනකොට අපි නොදන්න කරදරයක් අපේ පිට පැරවෙයි කියලා හිනෙන්වත් හිතුවේ නෑ….

” ලොකු සර්….ලොකු සර්….”

” මහත්තයා රුපි ආන්ටි කතා කරනවා….”

“හ්ම්….කියන්න ආන්ටි “

” සර් කවුද මහත්තයෙකුයි නෝනා කෙනෙකුයි ඇවිත් ඉන්නවා… තව පොඩි නෝනා කෙනෙක් එක්ක….”

” හරි මම එන්නම්….”

” කවුද මහත්තයා “

” ගිහින් තමා බලන්න වෙන්නේ… කෝ ඔලුව ගන්නකෝ මැණික මම ගිහින් බලලා එන්න…”

“මාත් එන්නම්….අනේ…”

” මේක උබෙත් ගෙදර ..ඉතින් මගෙන් අහන්නේ ඇයි… කෝ යමු… “

මම එයාගෙම අතින් අල්ලගෙන පහළට ආවේ වැටෙයි කියලා බයේම…ඒත් ආවේ අපරාදේ කියලා හිතුනේ පහළ ඇවිත් ඉන්න අය දැක්කට පස්සේ …..

“හෙලෝ අංකල්…කොහොමද ….ඇයි මේ පැත්තේ “

” මිස්ටර් දිසානායක හම්බෙන්න ආවේ…. ඔෆිෂියල්…..”

” එහෙමනම් එන්න ඕන ඔෆිස් එකටනේ මිස්ටර් විරසිංහ “

” එතන මිසිස් දිසානායක නෑනේ… හ්ම්….”

” ඕකේ… අනේ වේ ටිකක් ඉන්න….රූපා ආන්ටි අපිට බෝන මොනවා හරි රෙඩි කරන්න….”

මේයාල මොකො මේ…ආ ඇවිත් ඉන්නේද…. ඇවිත් ඉන්නේ ඇන්ද්‍රියා … මම හිතන්නේ මේ එයාගෙ අම්මා, අප්පච්චි ….ඇයි දන්නේ නෑ මාව ඕන…

” හරි අංකල් කතාව බහිමු….”

‘ මම ආවේ සෙතික එක්ක කතා කරන්න ඇන්ද්‍රියාගේ ඩැඩි වශයෙන් “

” අංකල්ට මොනවද මගෙ හස්බන්ඩ් එක්ක කතා කරන්න තියෙන්නේ… “

” සෙතික… මම එයාට කෙලින්ම කියන්නම්… මේ දේ ඔයාගේ බිස්නස් වලට බලපාන්න පුලුවන් දිසානායක “

” කියන්න අංකල් “

ඒ මම….

” ඕකේ සන්… මෙහෙමයි ඩිරෙට් කියන්නම්… ඔයාගේ හස්බන්ඩ් ඉන්න තැන..මම ඔයාගේ නමට මෙහෙ ගෙදරකුයි… මුදලින් ඩෝලර් කෝටි 50ක් දෙන්නම්…. යුගාෂ්ට ඩිවොස් එක දෙන්න….ඩෝලර් කෝටි 50ක් කියන්නේ ඔයාට හිතා ගන්නවත් බැරි ගාණක්…”

” අංකල්….!!”

මහත්තයා ඇන්ද්‍රියාගේ ඩැඩිට කෑ ගැහුවේ එයාගේ අතේ තිබ්බ බෝතලෙත් පොලේ ගහන ගමන්…

” කොහෙන් ආපු හයියක්ද….මගෙ ගෙදර ඇවිත් මගෙ හස්බන්ඩ්ට ඔය වගෙ දෙයක් කියන්න….”

” පවර් ඔෆ් මනී සන්… මොකෝ කියන්නේ…පුතා… ඔයාට ලක්ෂරි ජිවිතයක් ගෙවන්න පුලුවන් …”

” අංකල් එකේන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද “ඒ මම…

” ලේසි පුතා…මගෙ දුව ඔයාගේ හස්බන්ඩ්ට දෙන්න…ඔයානේ මෙතන ප්‍රශ්නේ….”

” ගන්න කියන්න… අරන් බදින්න කියන්න…”

මහත්තයා මන් දිහා බැලුවේ මාව මරන්න වගෙ බැල්මකින් වෙනකොට කට කොණින් හිනා වෙන ගමන් මම මම පුටුවේ  පස්සට වෙන්න හොදට හරි බැරි ගැහිලා ඉදගත්තා… මම එක අතකින් බඩ පිරිමදින ගමන් අනිත් අතෙන් හිරි ගැට කැඩුවා..

” යුග් …..”

” මෙහෙමනේ….යුගාෂ් ඩෝලර් කෝටි 50ක් කියන්නේ …ලොකු ගාණක් … ඔයාට හිතා ගන්න පුලුවන් ද… කෝයි තරම් ලොකුද කියලා…හ්ම්..හරි ලොකුයිලු… ඉතින් මෙච්චර ඔයාව ඉල්ල එකේ දෙන්න කියලා බැලුවේ… හැබැයි කොන්දේසියක් උඩ මම කැමති මගෙ මහත්තයා ඔයාගේ දුවට දෙන්න…”

“දැක්කනේ යුගා…මම තරම් ඔයාට වූ ආදරේ නෑ… ඒකාට ඕනේ සල්ලි … පේනවා නේද…. “

මගෙ මහත්තයා කුලු මිමෙක් වගේ හයියෙන් හුස්ම ගන්නවා..අම දන්නවා කන්න වෙනවා කෑමක් ගමකට හරි යන්න… එයාට පේන්නම් මම බඩට ටිකක් අමාරුයි වගෙ පොඩ්ඩක් රගපෑවා..කුස අත ගගා… මොකද එයාට මට අතක් තියන්න බෑ දරුවෝ ඉන්න නිසා…

” හරි පුතා කොන්දේසිය කියන්න බලන්න…”

” ඊට කලින් අංකල් ආන්ටි ඇන්ද්‍රියා අක්කා බොන්න ජූස් එක… මගෙ මහත්තයා ඇයි අනේ හිටගෙන වාඩි වෙන්න… ඔයාගේ හස්බන්ඩ් කෝටි පතියෙක් වෙන්න යන්නේ…”

” යුග්… උබ මගෙ ඉවසිමේ සීමාව පන්නවා…”

”  මම තාම පැන්නේ නෑ… වාඩිවෙනවා…”

ඕව්ව් ඒ මම… ජිවිතේ පළවෙනි වතාවට මම එයාට ඇස් බලගෙන සැර කරේ… ඕව්.මගෙ වචන කෙලින්…එයාත් පුදුම වුනා…

” හරි අංකල් කේලින්ම කතාවට බහිමු…. මම යුගාෂ්ට ඩිවොස් එක දෙනවා එක කොන්දේසියක් මත..එකම එකයි… චුටිම චුටි දෙයයි කරන්න තියෙන්නේ…”

” මොකක්ද , ඔයාටත් පේනවාද යුගා ඔයාගේ හස්බන්ඩ් කියන දෙවල්… එයා ඩීල් එකක් කරනවා ඔයාගේ අයිතිය…”

” හා..හා…ඒවා අනවශ්‍ය කතා… මෙතන කතා කරන්නේ අපි …මගෙ මහත්තයා නෙවෙයි … සෝ ඉතින් ඔයා එයා එක්ක කතා කරන්න ට්‍රයි කරන්න එපා ඒයා තාම මගෙ..හ්ම්….”

මගෙ අහිංසක මුණ අතුරුදන් වෙලා ඇති දැන් ඇත්තේ එයාලා හිනෙකින්වත් හිතන්නේ නැති ජාතියේ මුණක්….

” ඕකේ..පුතා..කියන්නකෝ කන්ඩිශන් එක…”

” ඔයාගේ කෝටි 50 මට එපා….”

” වට්….”

” හෝව්..හෝව්..මම තාම ඉවර නෑ…”

” මේ කියන එකක් කියනවද…. “

“හරි කියන්නම්…මගෙ හස්බන්ඩ් නමට තියෙන…ඒ කියන්නේ යුගාෂ් පැහැසර දිසානායක නමට තියෙන හැම ප්‍රොපටි එකක්ම මට ඕනේ… ඒ කියන්නේ ඒයාගේ බිස්නස් , මේ ගෙදර …මේක විතරක් නේවේ ඒයාගේ නමට තියෙන හැමදේම… AY එකත් එක්කම…. ඔක්කෝම ඔක්කෝම වාහනේ ඉදන්….. ඊට පස්සේ

අංකල් අර මට දෙන්නම් කිව්වා ඩෝලර් කෝටි 50ක් ..අන්න ඒක යුගාෂ්ට දෙන්න..ඔයාගේ දුවට ඒයා එක්ක ජිවත් වෙන්න ඒ ගාණ ඇතිවෙයිනේ… හ්ම්…මොකද මගෙ බඩෙ ඉන්නේ මේයාගේ දරුවා… තාත්තාගේ දෙවල් අයිති එයාගේ දරුවටනේ…හ්ම්…ඒවා ඔයාලට දිලා බෑනේ…”

මම කට කොණකින් හිනාවෙන ගමන් බැලුවේ මහත්තයා දිහා… එයා හිතා ගන්න බැරි බැල්මක් දානවා මට.. හිතේ ඇති මම තමුසේව දෙයි කියලා …ඒවා හදේ….

” පේනාවද යුගා…මූ…මූට ඕන ඔයාගේ සල්ලී…දේපළ… මේන්න මේකාව ඩිවොස් කරලා මා ගාවට එන්න…”

” එහෙම ඩිවොස් කරන්න ගියත් මම වන්දි විදිහට ඉල්ලනවා මේවා…ඇයි ඔයා… ඉතින් අංකල් මොකො කියන්නේ…ඕකේ…වා….”

උත්තර නෑ…

” විනාඩි පහක් දෙන්නම්..උත්තරයක් දෙන්න… ඊට කලින් දෙන්න බැරිවුනොත් මගෙ තිරණේ තමා වසන් තිරණේ…”

” එහෙමද… ඔයා මේයාට ඩිවොස් එක දුන්නේ නැත්තම් මම මගෙ ශේයා කඩලා ගන්නවා… එතකොට…ඔයාගේ මහත්තයාට පාඩු වෙනවා… එයා බංකෝලොත් වෙනවා…”

ඕ…එහෙමද…අනේ මම බය වුනා….

” ඒක ඉතින් මට කියන්න බෑ… ඒක යුගාගේ තිරණයක්… මේකමගෙ තිරණේ… අනික මගෙ මිනිහා බංකොලොත් වුනත් මම යුගාෂ් පැහැසර දිසානායක මගෙ මහත්තයා කීයටවත් අතාරින් නැ …

ඔයා ඇයි මගෙ කොන්දේසියට එකග වෙන්නේ නැත්තේ..ඔයාගේ දුවට ඕනේත් මගෙ මහත්තයාගේ සල්ලී… කියන්න කණගාටුයි මට මගෙ මහත්තයා දෙන්න විදිහක් නෑ…සොරි… “

” එහෙමද… “

” ඔව්… යුගාෂ් මගෙ…මගෙ මහත්තයා …මගෙම විතරයි … වෙන එකෙක්ට දෙන්න බෑ… මගෙ නාකි මිනිහා මගෙ ඉල්ලන්න එපා…

මොනවද හිතුවේ මම ඔයාගේ කෝටි 50 අරන් මගෙ මිනිහා ඔයාගේ  දුවට දෙවි කියලද සොරි… මට එයාගේ සල්ලි වැඩක් නෑ.. ඔයාගේ සල්ලි වැඩකුත් නෑ…ඔයා නොදන්නවා වුනාට මම මගෙ මිනිහා එක්ක පවුල් කන්නේ මට අවුරුදු 9 ඉදන්… හ්ම්… අවුරුදු 10කට පස්සේ ආයෙම මටම එයාව ලැබුනට පස්සේ එයාව දෙයි කියලා හිතුවද…

මෙයා ලෝකෙ ඉන්න ලොකුම හිගන්නා වුනත් මම එයාට ආදරෙයි…ඒයාව කා එක්කවත් බෙදා ගන්න මම කැමති නෑ..අඩුම මගෙ දරුවා එක්කවත්… පාරේ හිගා කෑවත් මගෙ මිනිහා මගේ….

ඒත් එයා කැමති නම් ඇන්ද්‍රියා එක්ක ඉන්න මම රෙස්පෙට් කරනවා එයාගේ තිරණේට… මම කතා කරලා ඉවරයි … “

මහත්තයා මන් ඉදා ඇහි බැමකුත් උස්සන් දැන් බලන් ඉන්නවා..තව ටිකකින් මොනවා උස්සන් බලන් ඉදිද දන්නේ නෑ…

” ඉතින් මිස්ටර් විරසිංහ , මම හිතන්නේ ඔයාලට උත්තරයක් ලැබුනා..ඒයාට මාව දෙන්න බෑලු… ආ ඔයා ශේයා අරන් යනවා නම් ඕකේ… යූ කැන් ගෝ… බට් පාඩු ඔයාට මයි..මට නෙවෙයි … “

” අපි බලා ගමු මිස්ටර් දිසානායක , තමුන් මගෙ දුවට කරපු දේට වන්දි ගෙවන්න වෙයි….”

” මේ අංකල් පොඩ්ඩක් ඉන්න..මගෙ මහත්තයා කලින්ම එයාට වන්දි ගෙවිලා ඉවරයි..එයා කෝටි 50ක් ඉල්ලුවා මගෙ මහත්තයා දුන්නා… ආයේ කෙරෙන්නේ නැති මගුල් කියාගෙන මෙහෙ එන්න එපා… මේකා දැන් දරු පවුල් කාරයෙක් ලැජ්ජා නැද්ද , ඔයාලාත් මගෙ මහත්තයා පස්සෙන් එන්නේ මෙයාගේ සල්ලිවලට මිසක් ආදරේට නෙවෙයි නේ… ප්ලීස් දැන් ඔයාලා යන්න…

රූපි ආන්ටි අර ටික ලැස්ති කරාද….”

” ඔව් පොඩි සර්….”

” හරි… එහෙනම් මමයනවා..ඔයාලට කතා කර ගන්නදෙයක් තියෙනවා නම් කර ගන්න..මගෙ මහත්තයාට බඩගිනි ඇති ..මම උයන්න යනවා… මම එයාගේ හස්බන්ඩ් නිසා මගෙ මහත්තයා ගැන මම හිතන්න එපැයි… සල්ලි වලට හැමදෙම කරන්න බෑනේ…

මහත්තයා මෙයාලා ගියාට පස්සේ ඔයාට පුලුවන් නම් කුස්සියට ඇවිත් පොල් ටිකක් ගාලා දෙන්න… “

මම මෝඩ හිනාවක් දලා එයාට රවලා කුස්සියට ආවේ මගෙ මිනිහාටම හිතින් බැන බැන….

” සොරි මිස්ටර් විරසිංහ , ඔයාලා දැන් ගියානම් හරි..බිස්නස් ගැන දෙවල් අපි ඔෆිස් එකෙදි  කතා කරමු… දැන් ඔයාලා යන්න…”

” මේවාට පසුතැවෙන්න වෙයි යුගා..මම ලේසියෙන් මේක අතාරින් නෑ… මාව රැවැට්ටුවා.”

 තෝට අතාරින්න බැරිනම් නටපන් මම මගෙ මිනිහානම් දෙන්නෙ නෑ ගැණියේ….

මම හිතන්නේ එයාලා ගියා යන්න..ආවා මෙතන මිනිහා ඉල්ලන්න …

” කෝටි 50ක් දෙන්නම්… ඒක ලොකු ගාණක්… ඉතින් මට පාන්ද මම අහන්නේ… යකෝ මට සල්ලි වැඩක් නෑ..මට සල්ලිනම් ඕනේ මම යනවානේ එක ඒකා එක්ක හැමි##. මම මගෙ මිනිහගෙ දෙවල් ඔක්කොම මගෙ නමට ඕනේ කියද්දි මුණේ ලස්සන , හිතාගෙන ඇති මගෙ මිනිහාට දොණි ඇන්දා දෙන්න.. මම මගෙ මිනිහා දෙනවා අහවල් එක කපලා…මගෙත් එක්ක ඉදලා තව ගැනු ළගට යන්න දෙන්න බෑනේ…

මගෙ දරුවට කෝ අප්පෙක්… අනේ මට ඕකාගේ තට්ටේ පලන්න විදිහක් නෑනේ… එක්කෝ අර ගැනිවගෙ කටවාහගෙන පාඩුවේ හිටපන්කෝ… යැයි..යැයි කියන්න ආවා…මේ මගුල් නිසා මගෙ මිනිහට කලින් මගෙ ප්‍රෙශර් නගිනවා… බඩ තඩි උලමා… මෝඩ කපයා….ආ..ව්……අනේ…රිදෙනවා….”

අර මනුස්සයට බැන බැන හිටියාට මගෙ පස්සෙන් ඇවිත් මගෙ අතෙන් මිරිකලා අල්ල ගන්නකන් ළගට මහත්තයා ආවා කියන්න මම දැනම් හිටියේ නෑ..එය අතින් අල්ලපු පාර මට තරු පෙනුනා…

” රිදෙනවා…රිදෙන්න තමා යකෝ ඇල්ලුවේ… මොනවද උබ අර කිව්වේ… ආ..මගෙ දේපළ උබට දුන්නොත් මාව අතාරිනවද…ආ…කියපන්…”

” අනේ සර්..පොඩි සර්ට….”

” රූපි ආන්ටි මෙතනින් යන්න… උබ වරෙන් කාමරේට මේ දැන්… ආන්ටි උයන්න…”

මහත්තයා මාව එක්කගෙන ආවේ පහළ තට්ටුවේ කාමරේකට…

” කියපන් දැන්….”

ඔන්න දැන් ඇඩෙන්න ඇවිත් ඉන්නේ….

” මම කවදා හාරි ඔයාගෙන් මට අරවා ඕන මේවා ඕන කියලා ඉල්ලලා තියෙනවද මහත්තයා “

“මහ්…..”

එයාගේ කටට අත තියලා මම ඒයා කියන්න ගිය දේ නැවැත්තුවා …

” මම ඇහුවේ මම එහෙම ඉල්ලලා තියෙනවද… ඔයා දෙන දේකට ඇරෙන්න මට මොනවා හාරි ඕන වෙනවා ඔයා දැකලා තියෙනවාද….අඩුම මට ඕනේනම් මම ඔයාට කියනවා ඇරෙන්න ඒකත් මම ඉල්ලන්නේ ඔයාගේ පැටියා නිසා මට ලන්නන්හිතෙන දෙවල් විතරයි ….

ම් මට ඕන වුනත් ඔයාගෙන් ඊට වඩා දෙවල් ඉලලා නෑ… මම කවදා හාරි ඔයාට කියලා තියෙනවද…ඔයාගේ ඔෆිස් එක බලන්න..ඔයාගේ ප්‍රොපටි බලන්න මාව එක්කන් යන්න කියලා… නෑ නේද…ඒ මට ඒ දෙවල් වැඩල් නැති නිසා… ඔයාට මාව එපා කියලා මාව අතාරින්න ..

මම පාරේ හිගා කෑවත් ඔයාගෙන් සතපහක් ඉල්ලන්න එන්නේ නෑ… මට ඕන ඔයාගේ ආදරෙයි රැකවරණයයි විතරයි ..මම මැරෙනකන්… ඔයා එක්ක පාරේ හිගා කන්න එන්න හාරි මම ලැස්ති .මම හම්බු කරලා ඔයාට දෙන්නම්… ඒත් මට ඔයාව තව කෙනෙක්ට දෙන්න බෑ….”

‘ එහෙනම් එහෙම කිව්වේ ඇයි….”

” මට ඕන වුනේ..එයාලටත් ඕනේ ඔයාගේ සල්ලි නේද කියලා ඔයාට පෙන්නන්න… ඔයාට තාම එයා ගැන පොඩි හාරි අනුකම්පාවක් තියෙනව කියන්න මම දන්නේ නෑනේ… “

“  හ්ම්.. සොරි.. මට කේන්ති ගියා..ඒත් කියන්න ඕන..මට උබ ගැන ආඩම්බරයි … මගෙ පැටියා චණ්ඩි වගේ… හ්ම්… ඒත් මාව වචනෙකින්වත් ඩීල් කරන්න හදන්න එපා… මගෙ ප්‍රොපටි ඔක්කොම අයිති උබට තමා… මාවත් එක්කම…

අනික මම AY  එක උබේ නමට ලිව්වේ උබව මම මැරි කරපු දවසට පහුවදා… lake hotel  එකෞබේ නමට ලිව්වේ දරුවා ලැබෙන්න ඉන්නවා කියලා දැන ගත්ත දවසේ..”

” මහ….මහත්තයා …මට….මට..ඒ දෙවල් එපා… වදින්නම් ඒවා දිලා මාව දලා යන්න හදන්න එපා…ඇත්ත මයි මම….”

” ඒවා තෑගි… උබව දලා මම කොහේ යන්නද… මගෙ රත්තරන් මගෙ පණ ටිකනේ උබ…”

එයා එහෙම කියනගමන් මගෙ තොල් එයාගේ කර ගත්තේ මාව ආදරෙන් එයාට තුරුල් කර ගන්න ගමන්මයි…

 …………………………..

හායී…කොහොමද …….

ඔයාලගේ අදහස් කියගෙන යමු හාද ……..

අයෙත් හමුවෙමු

හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න

😊❤ming ji

Tags: read novel Spring Of Life 🍀37🌪️, novel Spring Of Life 🍀37🌪️, read Spring Of Life 🍀37🌪️ online, Spring Of Life 🍀37🌪️ chapter, Spring Of Life 🍀37🌪️ high quality, Spring Of Life 🍀37🌪️ light novel, ,

Comment

Leave a Reply

Chapter 38