Friend With Benefits Ðÿ–¤ Âœ… Part 4 ❀

A+ A-

” යෙතීශ් මොනාද බං උබ ඔච්චර කල්පනා කරන්නේ..”
අරෝශ් ඇහුවෙ යුහාන්ව ඊයෙ ගෙදර ගිහින් දාල ආවත් හරි කල්පනා කර කර ඉන්න යෙතීශ්ගෙන්..යුහාන්ව හම්බුනත් හරි යෙතීශ්ගෙ හැසිරීම වෙනස් කියල කාට උනත් තේරෙනවා..ටිකක් තද කෙනෙක් උනාට ගොඩක් වෙලාවට අරෝශ් එක්ක ආතල් එකේ ඉන්න යෙතීශ් මේ දවස් දෙකේ ලොකු කල්පනාවක හිටියේ..

” මුකුත් නෑ බං..”
කියන්න ගොඩක් දේවල් එයාගෙ හිතේ තිබ්බත් ඒව කොහොම කියන්නද කියල යෙතීශ්ටවත් තේරෙන් නෑ..එහෙම වෙලාවක දෙන්න පුලුවන් හොදම උත්තරේ ඕක..

” මට ඇත්ත කියපන් බං..උබ යුහාන් ගැන මොනාද හිතන්නේ..”
යෙතීශ්ගෙ කරට අතක් දාන ගමන් කිව්වෙ මේ කල්පනාවට මුල යුහාන් කියල එයත් හොදටම දන්න නිසා..

” හිතෙන දේ කරන්න බෑ බං ඌ පොඩි එකා..”

” අහ්..උබ කියන්නේ..උබට ඌ ගැන කැමැත්තක් ඇති උනා කියලද..”

” හ්ම්ම්..”
යෙතීශ් උත්තර දුන්නෙ ස්ටූල් එකේ තිබ්බ drink glass එක එක හුස්මට බීල දාන ගමන්..

” මචං plzz ඌටනම් කරදරයක් කරන්න එපා බං..”
අරෝශ් ගෙ කතාවත් එක්ක අතේ තිබ්බ glass එක කුඩු වෙලා ගියෙ යෙතීශ්ගෙ අතේම..ඔව් එයා එක අතේම තද කරල බිදල දැම්මා..

” අරෝශ් උබ දන්නවා මං කවදාවත් කාටවත් කරදර කරල නෑ..මාත් එක්ක ආව උන් ඔක්කොම ආවෙ උන්ගෙ කැමැත්තෙන්..එකෙක්ටවත් මං බලෙන් අත තියල නෑ මේ වෙනකන්..ඔව් මං sex කරද්දි soft නෑ..ඉතින් ඒක මගෙ type එක ඒකෙන් කියන්නෙ මං කරදර කරනවා කියලද අහ්..කියපන් බල්ලො මට..උබත් මං ගැන එහෙමද හිතන්නේ..”
වීදුරු කටු වලට තුවාල වෙලා ලේ ගලන අත් දෙකෙන්ම අරෝශ්ගෙ කොලර් එකෙන් අල්ලන් යෙතීශ් කෑ ගැහුවෙ ගොඩක් ආවේගෙන්..යෙතීශ් කියන්නෙ කවදාවත් කාටවත් බලෙක් අනවශ්‍ය විදිහට අතවත් තියන කෙනෙක් නෙවෙයි..ඒ ගැන අරොශ් දැන දැනම ඒ වගේ කතාවක් කිව්වම යෙතීශ්ට දරා ගන්න බැරි උනා..

” මචං මං ඒක එහෙම දෙයක් හිතල කිව්වෙ නෑ බං..මං දන්නව නේ උබ ගැන..ලේ එනව බං අතේ කෝ වරෙන්කො බෙහෙත් දන්න..”

” මට ඕන් නැති බෙහෙතක් නෑ..plzz මට තනියම ඉන්න දීපන් නිදා ගනින් ගිහින් නැත්තන් ගෙදර පලයන්..”
මේ වෙලාවෙ දෙන්නත් එක්ක ඉන්නෙ යෙතීශ්ගෙ condo එකේ pool එක ලග මේ දෙන්න ගොඩාක් වෙලාවට ඉන්නෙ මෙතන..යෙතීශ්නම් මේ වෙලාවෙ ඉන්නෙ කතා කරන්න පුලුවන් තත්වෙක නෙවේ කියල තේරුන් ගත්ත අරොශ් එතනින් ගියේ යෙතීශ්ට තනියම ටිකක් ඉන්න දීලා..

” ශිට්..යුහාන් උබ උබ මොකක්ද යයෝ මට මේ කරේ..”
ලග තිබ්බ ස්ටූල් එකට පනින් පාරක් දුන්න යෙතීශ් pool එකට කකුල් දෙක දාල එතන ඉද ගත්තා..

” යුහාන් මට උබව බලන්න ඕනි..”
කියා ගන්න බැරි අමුතු හැගීමක් එක්ක යෙතීශ්ගෙ ඇස්වලින් කදුලු පැන්නේ..එක පාර මුණ ගැහුන පොඩි දගකාරයට හිතින් ශාප කරන ගමන්..

⏳⏳⏳⏳⏳

” ඕයි යෙතීශ් නැගිටපන්..මොකද යකෝ මේ උබ මෙතනද නිදා ගත්තේ..”
උදේ උනාම අරෝශ් ආයෙ ආවෙ යෙතීශ් හොයාන් ඒ එද්දිත් යෙතීශ් pool එක ලග බිම දිගා වෙලා නිදි..

” චක්..පලකො බං වද දෙන්න එපා..”

” වද නෙවේ à·„à·”#තො නැගිටපන් නැගිටල බලපන් ඉන්න තැන..”
යෙතීශ්ට කල්පනාවක් නෑ එයා ඉන්නෙ එලියෙ කියලා..

” ඔලුව රිදෙනව බං..”

” ඔලුව රිදෙන් නැද්ද යකෝ මෙච්චර drinks ගත්තම..බලපන් උබෙ හැටි ශික්..”
යෙතීශ් ඔලුවත් අල්ලන් නැගිට්ටේ අරෝශ්ගෙ බැනුම් හමුවේ..යෙතීශ් drinks ගත්තට එයා එයාගෙ limit එක හොදට දන්නවා..ඒත් ඊයෙ limit එක පන්නලා drinks අරන් තිබ්බා..

” කෝ නැගිටල wash එකක් දා ගන්නවා..”
අරෝශ් කිව්වෙ එයාගෙ 4n එක අතට ගන්න ගමන්..

ටිං…

Yuhan bbh..🐯

aiyeee aneh maawa balala yanna ennakoo..heta enawadaaa haa nee enawa neee..enna aaa mn balan innawaa..yetheesh aiyath ekkan ennooo.. 😜😸🫰🩷

msg එක යුහාන්ගෙන්..එදා එයාව ඇරලවන්න ගිය දවසෙ යුහාන් අරෝශ්ට එයාගෙ number එක දීල තිබ්බා..ඒත් ඒ ගැන යෙතීශ් දන්නෙ නෑ.

” මචං..යුහාන්..”

” ඇයි යුහාන්ට මොකද මොනාද උනේ..අහ්..”

යුහාන්ගෙ නම කියනව එක්කම යන්න ගිය යෙතීශ් කලබල වෙලා ආයෙ දුවන් ආවෙ අරෝශ් ලගට..

” කලබලේනෙ ඉතින්..අපෝ මොකක්ද බං..”

” හරි දැන් කියපන්කො යුහාන් මොකක්ද..”

” msg එකක් එයාව බලන්න හෙට එන්නලු උබත් එක්කන් එන්නලු..”
අරෝශ් කිව්වෙ එයාගෙ 4n එක යෙතීශ් අතට දෙන ගමන්..යෙතීශ් 4n එක දිහා බලන් ඉන්නෙ කුතුහලෙන්..

” අහ් යුහාන් බබා..උබට කොහෙන්ද උගෙ number එක..”

” එදා දුන්නෙ එයා..”

” ඉතින් උබ මට කිව්වෙ නෑ නේ..”
ඔන්න ආයෙ යෙතීශ්ට ඩෝං ගිහින් වගේ..

” අහ් මේ අමතක උනා..හෙට යන්න ඔනිද..උබ එනවද..”

” යන්..”
යන් කියාන යෙතීශ් එතනින් ගියේ අරෝශ් උඩ බිම බලද්දි..යන් කිව්වෙ දැන් එයාගෙ පස්සෙන් එන්න කියලද..යුහාන් බලන්න යන්නද කියල එයාට හිතා ගන්න බෑ..

__________________________________________

මේ හැම දේම අතරෙ යුහාන්නම් වෙනම ලෝකෙක..

” run bulletproof run yeah you gotta run..”

” අනේ චූටි පැටියෝ ඕකෙ සද්දෙ අඩු කරන්නකෝ..කනක් ඇහිල ඉන්න නෑ නේ..”

” ආච්චි අම්මේ මොකක්ද අප්පා ඔයාට නෑ නෙ කිසිම රසවින්දනයක්..”
උදේ පාන්දරම bts songs දාන මහ හයියෙන් කියන ගමන් ගේ දෙදරන්න නට නට ඉන්න යුහාන්ට ආච්චි අම්ම සද්දෙ අඩු කරන්න කිව්වත් කොල්ල නෙවේ අහන පාටක් තිබ්බේ..ආච්චි අම්මටත් රසවින්දනේ නෑ කියල බෙරිහන් දීල තවත් සද්දෙ වැඩි කරේ ආයෙත් එයාගෙ රාජකාරිය කරන ගමන්..

” okey okey run lets gooooo නන නන නා නා නා…”

” යුහාන්…”

” නා නා…නන නා නේ නා.. run bulletproof”

” යුහාන්..මල්ලී..”
අදනම් මල්ලි ඉවරයි වගේ..අයාන් ඇවිල්ල කොච්චර කතා කරත් යුහාන්ට නෙවෙයි ඇහුනෙ..

” run run lets goo..”
තාම run run ග ගා ඉන්න කොල්ලට run කරන්න දෙකක් දෙන්න හිතාන අයාන් ගියෙ ලගට..

“  ru__ආ..ව්ව්…වා..රිදු න නේ…අයියේ..”
පස්ස කරක කරක නට නට හිටිය යුහාන්ට හම්බුනේ පස්ස රත් වෙන ගුටියක්..ඒ එක්කම අයාන් යුහාන්ගෙ JBL එක වහල දැම්මා..

” මං කී පරක් කියල තියනවද යුහාන් ගම දෙදරන්න ඔය මගුල් දන්න එපා කියලා..අහ්.. උබට මං දැන් කී පාරක් කතා කරාද ඇවිල්ලා..අනික ඒ පාර මොකක්ද ඔය ඇදන් ඉන්න විකාරෙ..”
අයාන් කිව්වෙ යුහාන්ගෙ නිල්පාට කැන්ගරු ඇදුම දිහා උඩ ඉදන් පල්ලෙහට ස්කෑන් කරන ගමන්..

” අහ් මේකද ආච්චි අම්ම ගෙනල්ල දුන්නෙ ඇයි අව්ල්ද..මේ මට දැන් බබෙකුත් ඉන්නවා..”
ඇදුම මැද සාකුවේ දාල තිබ්බ නිල් පාට කැන්ගරු පැටිය පෙන්නලා කිව්වත් අයාන්නම් හිටියෙ හැටට හැටේ රවන ගමන්..

” අහ් ඇත්තද බබෙකුත් ඉන්නවද..ගලවපන් ඕක හිටපන්කෝ ආච්චි අම්මට කියන්න මං..එයා තමා මේකව හුරතල් කරන්නෙ මෙච්චර..”

” බයින්නෙ ඉතින්..හ්ම්ම් දුශ්ටයි නේ..අනේ රවන්න එපා ගලවන්නම්..”

ඒ පාරනම් යුහාන්ගෙ හිනාව යන්නම් ගිහින්..අයිය බනිද්දි එයාට හරී….යට දුක හිතෙනවා..ඔය ඉන්නෙ දැන් මූනත් එල්ලන්..

” අයියෙ මේ..ඔයා හෙට අරෙහෙ යනවදූ…”

” ඔව්..”

” ආයෙ එන්නෙ අනිද්ද රෑදූ…”

” ඔව්..”

” අහ් හා හා..යන්න යන්න..”
අයිය හෙට කොහෙදෝ ගිහින් එන්නෙ අනිද්ද රෑ කිව්වම කොල්ලගෙ මූණෙ ආයෙ ඇදුනෙ ලොකු හිනාවක් හැබැයි ඒ හිනාව ආයන්ටනම් ඇල්ලුවෙ නෑ..

” යුහාන්..මොකාටද ඒ පාර එන්නේ..අහ්..”
මල්ලිගෙ හැටි හොදට දන්න අයියටනම් සැක හිතිලා..

” මුකුත් නෑ අනී..ඔයා ගිහින් එද්දි මට චොකෝ ගේනව නේද..ඈ..ගෙන්න ඈ ගේනව නේ ඔව් නේ..අහ් ඔව් ඔව්..”
එයාම ප්‍රශ්නෙ අහල ඒකට උත්තරේ එයාම කියන එක යුහාන්ගෙ පුරුද්දක්..

” දග නොකර ඉන්න ඕනි හරිද එදා වගේ කොහෙවත් යන්න බෑ..අනිත් එක එදා ආව කොල්ලො දෙන්නව ආයෙ හම්බෙන්න බෑ තේරුනාද..”
අයිය කියන ඒව වැඩිය ගනන් නොගෙන යුහාන් ඔලුව වැනුවෙ අයාන් ඉස්සරහ ඇදුන් ඔක්කොම ගලවලා දාල වෙන ඇදුමක් ඇද ගන්න ගමන්..කොහොමත් යුහාන් ගෙදරදි ඔහොම තමා..ඇදුන් නැතුව ගේ හැම තැනම හරි දුවයි හොඩේ වන වන…ඕක ඉතින් ආච්චි අම්මටයි අයාන්ටයි දැකලම ගානක් නෑ..කොච්චර ලොකු උනත් යුහාන් ඉතින් මේ දෙන්න ලග හෙනම හුරතලයක්..

අයාන්ගෙ අවවාද ඔක්කොටම බොරුවට ඔලුව හොලව හොලව ඉදල අයාන් ගියාම යුහාන් හෙමීට 4n එක අතට ගත්තා..

arosh aiyaa 🙈

aiyee enawa nee heta idala yanna enna aaa ape ayiua nh heta baya wenna epa e nisaa..😁

පේනව නෙ හිතුවක්කාරකම අයිය එයාල ආයෙ හම්බෙන්න එපා කිව්වත් අහනවද මේ කොල්ලා..ගෙදරම ගෙන්න ගන්න යන්නෙ..ඒකත් ඉදල යන්න එන්නලූ..

ටිං..

api ennam malli baboo..

*****

Tags: read novel Friend With Benefits Ðÿ–¤ Âœ… Part 4 ❀, novel Friend With Benefits Ðÿ–¤ Âœ… Part 4 ❀, read Friend With Benefits Ðÿ–¤ Âœ… Part 4 ❀ online, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 4 ❀ chapter, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 4 ❀ high quality, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 4 ❀ light novel, ,

Comment

Leave a Reply

Chapter 4