Friend With Benefits Ðÿ–¤ Âœ… Part 24 ❀

A+ A-

” ස්ටෙෆාන් මොකද මේ..”

පිස්සෙක් වගෙ අසිහියෙන් ස්ටෙෆාන් අයාන්ව හොයාන එයාලා ගෙදර ගියා..

ස්ටෙෆාන් කාමරේට යද්දි පොතක් කියව කියව හිටිය අයාන් එයා ලගට ආවා..

” මොකද උනේ මචන්..”

” නැති උනා මට හැම දේම නැති වෙලා ගියා..”

” මොනාද නැති උනේ..කො මගෙ පොඩි උන් දෙන්නා..”

ස්ටෙෆාන් අයාන්ගෙ ඇදෙන් ඉද ගද්දි අයානුත් ස්ටෙෆාන් ලගින් ඉද ගත්තා..

” එයාලා මට අයිති නෑ අයාන්..එයාලා මගේ නෙවෙයි..”

” හරියට කියපන් මොකක්ද උනේ කියලා..”

” යෙතීශ් ආවා..”

” ඒ තිරිසනා මොකද අවේ කියපන් ස්ටෙෆාන්..කෝ කොල්ලො දෙන්නා..”

” එයාලා අයිති යෙතීශ්ට අයාන්..”

” උන් දෙන්නා යෙතීශ් ලග කියලද කිය්න්නෙ උබ ආ..ඒ තිරිසනාට එයාලව දීලා ආවද තෝ..”

” නවත්ත ගන්නව අයාන්..මං උන් දෙන්නට ආදරෙයි තමා මගෙ පනටත් වඩා ආදරෙයි ඒත්..ඒත් මෙච්චර කාලෙකට යුහාන් සතුටින් නෙවෙයි හිටියේ..එයා අපිව සතුටු කරන්නයි මාත් එක්ක ආවේ..”

” යෙතීශ්ට කොල්ලො දෙන්නව දෙන් නෑ ස්ටෙෆාන්..එක්කන් වරෙන් උන් දෙන්නව..අහ් උබට බෑ නම් හිටපන් මං එක්කන් එන්නම්..මරලා දානව යෙතීශ්ව මං..ඌ අපෙ ජීවිත විනාස කරා..”

අයාන් නැගිටලා යන්න හැදුවත් ස්ටෙෆාන්ගෙ අතක් එයාගෙ අතක පැටලෙද්දි අයාන් ආයෙත් ඇදේ ඉන්ද උනා..

” යන්න එපා..අහනවා මං කියන දේ..”

” ම්__මොනාද තවත් අහන්න තියෙන්නෙ ස්ටෙෆාන්..යෙතීශ්ට මං ඒ දෙන්නව දෙන්නෙ නෑ ස්ටෙෆාන් උගෙ හෙවනැල්ලවත් එයාලට වැටෙන්න ඕන් නෑ..”

” යෙ___”

ස්ටෙෆාන් අයාන්ගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාන අයාන්ව බදා ගත්තා..

” මොකද මේ..”

” ඉන්න දීපන් ටිකක්..”

විනාඩි කීපයන් දෙන්නා අතර නිහඩතාවක් හුවමාරු වෙද්දි..ස්ටෙෆාන්ගෙ කොණ්ඩෙ අතරින් අයාන්ගෙ ඇගිලි එහෙ මෙහෙ ගියේ ස්ටෙෆාන්ව ටිකක් සන්සුන් කරවන ගමන්..

” මං යුහාන්ට ආදරෙයි අයාන්..පොඩි එකාට ඊටත් වඩා ආදරෙයි..මෙච්චර කල් මට පුලුවන් උපරිමෙන් මං එයාලව බලා ගත්තා පුලුවන් හැම විදිහකටම සතුටින් තියන්න උත්සහා කරා..ඒත් යුහාන්ව සතුටු කරන්න බැරි උනා මට..එයාගෙ හිතේ හැමදාම ඉන්නේ යෙතීශ් විතරයි අයාන්..”

” උබ දන්නවද අයාන් මෙච්චර කල් ගියත් යුහාන්ව මට මගෙ කර ගන්න බැරි උනා..ඊයේ රණ්ඩුත් උනා..මට සමාවෙයන් බං ඊයෙ යුහාන්ට මං හිතේ වේදනාවට කෑ ගැහුවා..මාත් කොල්ලෙ අයාන් මටත් හැගීම් දැනීම් තියනවා..ඊයෙ බීලා හිටියේ හොද සිහියෙන් නෙවෙයි හිටියේ ඒකයි මට කෑ ගැස්සුනේ..ඒත් යුහාන්ට තේරුනා මාව එයා මාව තේරුන් ගත්තා..පලවෙනි පාරට මං යුහාන්ව විදින්න හැදුවත් යුහාන්ට මාව දැනුනත් එයාගෙ කෙදිරිලිවල පවා තිබ්බේ යෙතීශ්ගෙ නම අයාන්..උබ හිතපන් මට කොහොම දැනෙන්න ඇද්ද ගියලා..මගෙ පපුව පිච්චිලා ගියා බං..මට හැම දේම එපා උනා..”

ස්ටෙෆාන්ගෙ ඇස්වලින් හෝ ගාලා කදුලු කැට කඩන් වැටෙනවා..අයාන්ගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාන ස්ටෙෆාන් අමාරුවෙන් වචන අහුලද්දි අයාන් ඒ හැම දේටම ඇහුන්කන් දුන්නා..

” ඊයෙ රෑ යෙතීශ් ආවෙ බං..ඌ දැනගෙන පොඩි එකා උගෙ කියලා මගෙන් අඩ අඩ ඉල්ලුවා බං කොල්ලො දෙන්නව..ඌව එළියට දාලා මං දොරත් වැහුවා..මං පොඩි එකා ලගට ගියා යුහානුත් ආවා මගෙ ඔඩොක්කුවෙන් හරියට මේ වගේ එයා නිදා ගත්තා හීනෙනුත් යෙතීශ්ගෙ නම මුමුණනවා..මචං කොහොමද මං මේවා දරා ගන්නේ..යෙතීශ් වෙනස් වෙලා අයාන් ඌ යුහාන්ට ආදරෙයි සමහරවිට මටත් වඩා ආදරේ ඇති ඌට දරු කැක්කුම තියනවා බං ඌ ඒ කාලේ ඉදන් යුහාන්ටයි යෙහාන්ටයි එක එක ජාති අරුන් අතේ එව්වා ඒ කාලේ ඉදන්ම ඈතට වෙලා කොල්ලො දෙන්න දිහා බලන් හිටියෙ අයාන්..”

” පොඩි එකා ඉක්මනට යෙතීශ්ට එකතු උනා..යෙහාන්ට දැනෙන්න ඇති බං යෙතීශ්ව මොනා උනත් ඒ උගෙ ලේ බං..උන් දෙන්නා අතර තියෙන්නෙ ලේ බැදීමක්..මං කොහොමද බං තවත් මැද්දට වෙලා ඉන්නේ..මේ හැම දේම යෙහාන්ට බලපාලවා අයාන්..”

” උබ ඒ දෙන්නව යෙතීශ්ට දෙනවද..”

” දෙන්න ලෝබයි බං..ඒත් ඒ එයාලගෙ සතුට එයාලා පවුලක්..”

” යෙතීශ් මහ තිරිසනෙක් ස්ටෙෆාන්..කොහොමද ඌව ආයෙත් විශ්වාස කරන්නේ..මගෙයි මල්ලිගෙයි ජීවිත විනාස කරපු එකාව කොහොමද ආයෙ විශ්වාස කරන්නේ..”

” ඌ වෙනස් වෙලා..යුහාන්ගෙ සතුට තියෙන්නෙ ඌ ලග..”

” ම්ම්ම්..අපි පස්සෙ කතා කරමූ ඔයා ටිකක් නිදා ගන්න දැන්..ඊයෙ ඉදන් නිදි නෑ නේද..”

” ම්ම්ම්..”

කෙස් අතරින් යන ඇගිලිවල සනීපෙනට අයාන්ගෙ ඔඩොක්කුවෙ ඔලුව තියන් ඉන්න ස්ටෙෆාන්ගෙ ඇස් හෙමින් සීරුවේ පිය වෙලා ගියා..

.

.

.

.

.

.

” අයියා එයා කොහෙ ගියාද දන් නෑ..”

යෙතීශ් තාම ඉන්නෙ යුහාන්ලා එක්ක..යෙහාන් සාලෙට වෙලා සෙල්ලන් කරන අතරෙ යෙතීශ් යුහාන් දෙන්නා කලබල වෙලා ඉන්නෙ ස්ටෙෆාන් හිටි හැටියෙ ගියෙ කොහෙද කියලා නොදන්න නිසා..

” එයා පව් අයියා..”

” යුහාන් කලබල නැතුව ඉන්නකෝ එයා හොදින් ඇති බය වෙන්න එපා..”

” මගෙ ජීවිත කාලෙම මං එයාට ණයයි අයියා..”

” ම්ම්ම්..”

යෙතීශ් යුහාන්ව එයාගෙ පපුවට ගොඩක් තද කර ගත්තා..

” මට ඔයාලව දෙයිද යුහාන්..මේ තිරිසනාව ආයෙ එයාලා විශ්වාස කරයිද..”

” නොදුන්නත් මං කොහොම හරි ඔයා ලගට එනවා..”

” යෙතීශ් අයියා..”

” ම්ම්ම්..”

” ස්ටෙෆාන් අයියා අපෙ ගෙදර ඇත්තේ..”

” යන්න ඕනිද මැණික..”

යුහාන් ඔව් කියන්න ඔලුව වැනුවා..

” ලෑස්ති වෙන්න..”

යෙතීශ් යුහාන්ගෙ නලලින් තොල් තද කරා..

” එන්න ඔයත් වොශ් එකක් දාමූ..”

” ඇදුමක් නෑ ආයෙ ඇද ගන්න..”

” පණ්ඩිත නැතුව එන්නකො අයියා මං ඇදුමක් දෙන්නම්..”

” යෙහාන් බබා…එන්න වොශ් දාන්න..ලොකු තාත්ති බලන්න යන් අපී..”

” හා….යමූ..ඩැඩිත් එනවද පපා..”

” ඔව් නේ මගෙ සෝස මලගෙ ඩැඩිත් එනවා..”

” යුහාන්..”

” ම්ම්ම්..”

” මං යෙහාන්ව හෝදන්නද..”

යෙතීශ් අහිංසක ඉල්ලීමක් කරද්දි යුහාන්ගෙ මූණෙ ලස්සන හිනාවක් ඇදුනා..යුහාන්ගෙ අතේ හිටිය යෙහාන්ව එයා යෙතීශ්ට දීලා බාත්රූම් එක පැත්තට ආවා..

” දගලන්න එපා යෙහාන් ඔය ඩැඩීගෙ ඇගෙත් එක්ක වතුර..”

” ඩැඩිත් නානවනේ පපත් නාමූ..”

” අදින්න එපා යෙහාන් ඔය ඉතින් මගෙ කලිසමත් ගලවන්නද ලෑස්ති ම්ම්ම්..”

යෙහාන් යුහාන්ගෙ කලිසමෙන් අදිද්දි යුහාන් එහාට උනා..

” ඔන්න හරි අපෙ සෝස මල නාලා ඉවරායී..”

” ඩැඩා..”

” ඇයි මැණික..”

” යෙහාන්ගෙ කොණ්ඩෙ පිහින්නකෝ..”

” කෝ එන්න..”

යෙතීශ් යෙහාන්ව ලගට අරන් එයාගෙ කොණ්ඩෙ පිහින්න ගත්තා..

යුහාන්ටත් නොදැනීම එයාගෙ කම්මුල් දිගේ කදුලු පල්ලම් බහිනවා..මොකද එයා ඉන්නෙ සතුටින්..යෙහාන් යෙතීශ් එක්ක ආදරෙන් ඉද්දි යුහාන්ට ගෙනාවෙ පුරුමාකාර සතුටක්..

” ඔන්න හලී..කෝ එන්නකෝ චන්ඩියා..”

යෙතීශ් යෙහාන්ව වඩා ගත්තා..

” ඩැඩා..”

” ම්ම්ම්ම්..”

” අපි දෙන්නා එක වගේ නේද..”

” ඔව් නේද..”

” පපා හැමදාම කියනවා..මං ඩැඩී වගේ කියලා..එතකොට පපාගෙ ඇස්වල කදුලු පිරෙනවා..යෙහාන් කැමති නෑ නේ පපා අඩනවට..”

” ඩැඩී ආයෙ පපාට අඩන්න දෙන් නෑ හරිද..කෝ මේක ඇද ගන්නකෝ..”

” ඔහොම ඉන්න හරිද ඩැඩා වොශ් දාන් එන්නම්..”

” ඉක්මනට එන්න ඩැඩා..ලොකු තාත්ති බලන්න යමූ..”

යෙතීශ් යෙහාන්ව ලෑස්ති කරලා ඇද උඩින් තියලා බාත්රූම් එකය ආවා..

” යු__ සොරි..”

උඩුකය නිරුවත්ව හිටිය යුහාන්ව දැක්ක යෙතීශ් අනිත් පැත්ත හැරිලා යන්න ගියත්..

” ඉන්න..”

” ඔයා නාගෙන එන්න යුහාන්..”

” අනේ මේ අයියේ මෙන්න මෙහෙ එන්න විකාර නැතුව..ඇයි මං ඉස්සර වගේ ලස්සන නැද්ද..”

යෙතීශ් යුහාන්ගෙ පැත්ත හැරුනා..එයා යුහාන්ගෙ ඇග පුරා ඇස් අරන් ගියා..

” ඉස්සරටත් වඩා ලස්සනයි යුහාන්..ඔයා ගොඩක් ලස්සනයි..”

යෙතීශ් ට හිනා උන යුහාන් එයාව ලගට ඇදලා අරන් පපුවෙන් කම්මුල් තද කරන් බදා ගත්තා..

” ඇයි මැණික..”

” මට ඔයාව දැනුනා අයියා ගොඩාක්..මං පාලුවෙන් හිටියේ..අයි මිස් යූ..”

” මිස් යූ ටූ බබා..”

යෙතීශ් යුහාන්ගෙ උරහිසෙන් තොල් තද කරද්දි යුහාන් ගැස්සිලා ගියා..

” එන්න නා ගමු ඉක්මනට කොල්ලා තනියමනේ..”

” ම්ම්ම්ම්..”

යෙතීශ් එයාගෙ ශර්ට් එක ගලවලා දැම්මේ යුහාන්ගෙ ඇස් ඉස්සරහා..එයා යුහාන්ව ලගට ඇදලා අරන් පපුවෙන් යුහාන් ගෙ පිට හේත්තු කර ගෙන ශවර් එක ඇරියෙ දෙන්නම වතුරින් නෑවිලා යන්න..

යුහාන්ගෙ බඩ වටේ එතුන යෙතීශ්ගෙ අත් හෙමින් සීරුවේ උඩට ගියා..

” තාම කොල්ලට කිරි දෙනවද..”

” හ්ම්ම්..රෑට බේරිල්ලක් නෑ කිරි දෙනකන් නිදා ගන් නෑ..”

” මටත් දෙන්න බෑද ටිකක්..”

යෙතීශ්ගෙ අත්වලට යුහාන්ගෙ පපුව මිරිකිලා ගියා..

” අනේ අයියේ මේ..යන්න අනේ..”

යෙතීශ් එයාගෙ කලිසම ගලවලා දාලා..යුහාන්ගෙ කලිසමත් ගලවලා දැම්මා..

” අයියේ..”

” මුකුත් කරන් නෑ මැණික බය වෙන්න එපා..”

” මං බය නෑ..”

යුහාන් යෙතීශ්ගෙ පැත්ත හැරිලා උරහිස්වලින් අත් තියා ගත්තා..

” එහෙනම්..”

” මට ඔයාව ඕනී..”

යෙතීශ් යුහාන්ගෙ ඉනෙන් අල්ලලා එයාගෙ ඇගට තද කර ගත්තා..

කාලෙකින් දැනුන පහස නිසා යුහාන්ගෙ ඇග දිගේ කරන්ට් එකක් ගියා වගේ..එයාටත් නොදැනීම එයාගෙ ඇස් පිය උනා..

” ඉක්මනට නා ගන්න යුහාන් ඔයාගෙ මහත්තයා බලන්න යන් නැද්ද..”

” අයියේ..”

යුහාන්ට හිනා උන යෙතීශ් එයාගෙ තොල් උඩි චූටි හාදුවක් තියලා නාන්න ගත්තා..

දෙන්නත් එක්කම නාලා එළියට එද්දි යෙහාන් යුහාන්ගෙ පව්ඩර් එක ඇග පුරා හලාන..

” දෙයියනේ මේ කොල්ලා..යෙහාන් මොකද ඔය මං කියලා තියනවා මගෙ බඩු අදින්න එපා කියලා මෙහෙ දෙනව ඕක..”

යෙහාන් අතේ තිබ්බ පව්ඩර් එක ගද්දි කොල්ලා මූණ එල්ල ගත්තා..

” යෙහාන්ට කෑ ගන්න එපා යුහාන්..”

” ඔයාම එහෙනම් එයාව පිහදාන්න මටනම් බෑ දැන් ඇන්දුව ඇදුම නේද ඔය පව්ඩර් හලා ගත්තේ..ලොකු තාත්තා බලන්න හඩ්ඩෙක් වගේ යනවා මං දන් නෑ..”

යෙහාන්ට බැන බැන යුහාන් එයාලට අදින්න ඇදුන් හෙව්වා..

” යෙතීශ් අයියා ආ..”

අල්මාරියෙ අස්සෙ හන්ගලා වගෙ තිබ්බ ඇදුමක් අරන් යුහාන් යෙතීශ්ට දුන්නා..

” මේක මගෙ එකක් නේ යුහාන්..මෙහෙ කොහෙන්ද..”

” අපෙ ගෙදර ඔයා දාලා ගිය එකක් එදා ඉදන් ඕක මං ලග තිබ්බා..දැන් ඇද ගන්නකො ඕක..”

*****

😪👍

දැන්වත් එයාලා සතුටින් ඉදී නේද..

තුන්කොන් දාන්න පටන් ගත්තා මං ..ඒකත් කියවන්න..හෙට දෙවනි චැප්ටර් එක දෙනවා..

vote 👇

Tags: read novel Friend With Benefits Ðÿ–¤ Âœ… Part 24 ❀, novel Friend With Benefits Ðÿ–¤ Âœ… Part 24 ❀, read Friend With Benefits Ðÿ–¤ Âœ… Part 24 ❀ online, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 24 ❀ chapter, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 24 ❀ high quality, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 24 ❀ light novel, ,

Comment

Leave a Reply

Chapter 24