Friend With Benefits Ðÿ–¤ Âœ… Part 27 ❀

A+ A-

” ම්හුක් අයියා..අනේ කව්ද ඇවිල්ලා බලන්න්කො ගිහින්..”

යුහාන් යෙතීශ් නිදාන ඉන්න අතරෙ ගෙදර බෙල් එක නොනැවතී වැදෙන්න ගත්ත නිසා දෙන්නගෙම නින්දට බාදා උනා..

” මට බෑ ඔයා යන්න මට නිදි මතයි තව..”

” මටත් නිදි මතයි..”

” අනේ මට යන්න බෑ යුහාන් බලනවකි ගිහින්..”

යෙතීශ් ඇදේ කොනට පෙරලිලා බෙඩ් ශීට් එක ඔලුවෙ ඉදන් පොරව ගද්දි..යුහාන්ට සිද්ද උනා නැගිටලා ගිහින් ආවෙ කව්ද බලන්න..

” මෙයාගෙ ගෙදෙට්ට එන්නෙ කව්ද බලන්නත් ඕනි මංද දැන්..කොණ්දත් රිදෙනවා ඊයෙ රෑ වට දෙක තුනක්ම රේස් පැදලා..”

යුහාන් යෙතීශ්ටත් දොස් තියන ගමන් කාමරෙන් එළියට ආවෙ බෙල් කරන්නෙ කව්ද බලන්න..යෙහානුත් තාම ඇහැරින පාටක් නැති වෙද්දි යුහාන් හෙමින් පහලට ගියා..

දොර අරිනවත් එක්ක යුහාන් දැක්ක රූපෙ නිසා එයාගෙ හදවත වේදනා දෙන්න ගත්තා..ඒ එයාගෙ සතුටට හේතුව..

” ස්ටෙෆාන් අයියා..”

ඇවිල්ලා හිටියෙ ස්ටෙෆාන් වෙද්දි..යුහාන් පුදුම උනා..

” එන්න අයියා..”

” කෝ මගෙ දගයා..”

ස්ටෙෆාන් ඇහුවෙ ගේ ඇතුලට යන ගමන්..

” එයා තාම නිදි..”

” යෙතීශුත් නිදිද..”

” හ්ම්ම්ම්..”

ස්ටෙෆාන් සෝෆා එකෙන් වාඩි වෙද්දි යුහානුත් එයා ලගින්ම ඉදගෙන ස්ටෙෆාන්ගෙ අත් දෙකෙන් අල්ලා ගත්තා..

” ඔයාලගෙ බඩු දීලා යන්න ආවෙ යුහාන් මං..”

” ඒත් අයියා..”

” ඔයාගෙයි යෙහාන්ගෙයි හැම දේම ගෙනාවා දගයගේ සෙල්ලන් බඩු ටික පවා..ඔයාලාගෙ කියලා කිසිම දෙයක් තවත් ඒ ගෙදර නෑ..කොයිම වෙලාවක හරි කොහොමත් බඩු ටික අරන් යන්න ඕනි නේ..ඔයාලා ආයෙ ආවොත් මට ඔයාලට යන්න දෙන්න හිත නොදේවි යුහාන් ඒකයි මංම ඔක්කොම අරන් ආවේ..”

” ඒත් මං මේක විතරක් තියා ගන්නද..”

ස්ටෙෆාන් පෙන්නුවේ එයාගෙ වොලට් එකේ තියන එයාගෙයි යුහාන්ගෙයි දගයගෙයි පොඩි ෆොටෝ එකක්..

” අනේ අයියේ..”

” මං ඒ ෆොටෝ එකට මාර ආසයි යුහාන් ඒකයි තියා ගත්තේ..ඒ ඇර අනිත් හැම දේම මං දීලා යන්න ආවේ..”

ස්ටෙෆාන් වේදනාව හංගන් කතා කරාට යුහාන්ටනම් වේදනාව හංගන් ඉන්න එක අමාරු වෙද්දි එයගෙ ඇස්වලට කදුලු ඉනුවා..යුහාන්ගෙ නාස්ති උන ජීවිතේ හැදුවෙ ස්ටෙෆාන් වෙද්දි යුහාන්ට ස්ටෙෆාන් වේදනාවෙන් ඉන්න එක දරා ගන්න අමාරු උනා..ස්ටෙෆාන් යුහාන්ගෙ අදුරු ලෝකෙ එළිය කරන්න පෑව්ව ඉරක් උනා.

” කව්ද ආවෙ බබා..”

නින්දෙන් ඇහැරුන යෙතීශ් නිදි මතේම පල්ලෙහට එද්දි එයාගෙ ඇසවලට අහු උනේ යුහාන් ලගින්ම ඉදන් ඉන්න ස්ටෙෆාන්ව..

” ස්ටෙෆාන්..”

” මං උබට අයිති හැම දේම දීලා යන්න ආවෙ මචං..මෙයාලගෙ හැම දේම ඔන්න මංම අරන් ආවා..කිසිම දෙයක් එහෙ ඉතුරු නොවෙන්න..නැත්තන් ඒවා ගන්න ආයෙ ආවොත් අමාරුවෙන් හදා ගත්ත හිත ආයෙ පෑරෙයි..”

” අහ් වැදගත්ම දේ අමතක උනා..”

ස්ටෙෆාන් ෆයික් එකක් යෙතීශ් අතට දෙද්දි එයා ඒක ඇරන් බැලුවෙ යුහානුත් ඒ මොකක්ද බලන්න ෆයිල් එකට එබෙද්දි..

” ස්ටෙෆාන් මේක..”

” ඩිවෝස් පේපර්ස්..මං සයින් කරලා තියෙන්නෙ ඉතුරු වැඩ ටික උබලා බලා ගන්න..”

” ඒත් මචං..”

” ආශ්..පට්ට අමාරුවෙන් බං මං හිත හදා ගත්තේ..ඒ නිසා ප්‍රශ්න කරන්න එපා යෙතීශ් මගෙ හිත ආයෙ වෙනස් උනොත් උබටමයි පාඩුව..”
ස්ටෙෆාන් කිව්වෙ යෙතීශ්ගෙ උරහිස මිරිකන ගමන්..

” මං උබට ආයෙ ආයෙ කියන්නෙ යුහාන්වයි පොඩි එකාවයි හොදින් බලා ගනින් බං..මං දන්නවා උබ එයාලට මටත් වඩා ආදරෙයි කියලා..යුහාන්ගෙ ඇස්වලට කදුලු දෙන්න එපා බං ඒ මූණට කදුලු කැතයි..මාත් පුලුවන් තරම් උත්සාහ කරා
ඒත් මට බැරි උනා..එයා කාටත් හොරාවට තනි වෙලා ඕනි තරම් අඩලා ඇතී..”

” හ්ම්ම් හ්ම්ම් මං යන්නම් එහෙනම්..”

ස්ටෙෆාන් නැගිටලා යන්න ගියත් යුහාන් එයාව නවත්තලා තදින් බදා ගත්තා..

” අයියේ මට සමාවෙන්න..ඔයාට අංශුමාත්‍රයකවත් ආදරයක් දෙන්න බැරි උන එකට මට සමාවෙන්න අයියේ..”

” මට කවදාවත් අමතක වෙන් නෑ ඔයා මං වෙනුවෙන් කරපු දේවල්..ජීවිතේ වෙන්න තියන හැම නරක දේම උනාම ඔයා අයියා මාව ජීවත් කරේ මං ණයයි ඔයාට..අයියෙ මට සමාවෙන්න..”

” යුහාන් මොකද මෙ ම්ම්ම්..මං තරහා නෑ නෙ ඔයා එක්ක ඔයාගෙ සතුට මගෙත් සතුට යුහාන්..අඩන් නැතුව ඉන්නකෝ..මං නිසා කොහොමත් ඔය ඇස්වලට කදුලු උනන්න බෑ තේරුනාද..”

ස්ටෙෆාන් යුහාන්ගෙ කම්මුල් දෙකෙන් අත් තිබ්බෙ එයාගෙ මූණ කැත කරන් පල්ලම් බහින කදුලු පිහින ගමන්..

” යෙතීශ් මූ තාම කලින් හිටිය පොඩි එකාම තමා බං..යෙහාන්ටත් ඉරිසියා කරනවා..යුහාන් ආසයි එයා ඇහැරෙද්දි එයා ලගට කිරි එක ගෙනත් දෙනවනම් ආච්චි අම්මා කරා වගේ..දගයක් එහෙමයි ෆ්‍රෙශ් මිල්ක් බොන්න හරි ආසයි..යුහාන් දැන් යෙහාන්ට කිරි දෙන එක නවත්තන්න ඕනි හොදද..එයා දැන් ලොකු ළමයෙක් නේ..මෙයා හදන කෑමනම් ටිකක් කන්න අමාරුයි යෙතීශ් ඒ නිසා උබම කන්න හදා ගන්න එක තමා හොද..යෙහාන්නම් හරිම දගයි යෙතීශ්..කොල්ලා ආසම කා ලගට හරි වෙලා හුරතල් වෙන්න සෙල්ලන් කරන්න..එයා බිස්කට් පුඩින් කන්න හරි ආසයි..පුලුවන් වෙලාවට හදලා දෙන්න..අහ් යුහාන් ඒවනම් රසට හදනවා නේද යුහාන්..යෙහාන් නි___”

” ඇති මචං ඇති…නවත්තපන් ස්ටෙෆාන් ඕක..”

යෙතීශ් ස්ටෙෆාන්ව තදින් බදා ගත්තා..වෙදනාත්මක හිනාවක් එක්ක ස්ටෙෆාන් ඔහේ එක එක ජාති කියවද්දි යෙතීශ්ටත් දරා ගන්න අමාරු උනා..කොච්චර කරත් ස්ටෙෆාන් කියන්නෙ යෙතීශ් පොඩි කාලෙ ඉදන් එයාව හොදින් බලා ගත්ත සහෝදරයෙක්..යෙතීශ්ගෙ වැරද්දට දඩුවම් දුන්නට එයාට ස්ටෙෆාන් ගැන තරහක් නෑ මොකද එයා දන්නවා ඒක එයාගෙ වැරදිවලට දඩුවමක් කියලා..ඉතින් යෙතීශ් හිතේ ස්ටෙෆාන් ගැන තරහක් වෙනුවට තියෙන්නෙ අනුකම්පාවක්..මොකද එයා එයාගෙ මුලු ජීවිතේම යෙතීශ්ට දීලා ඉවරයි..අනුන්ගෙ සතුට ගැන හිතලා එයාගෙ සතුට නැති කර ගත්තා..

” මං යුහාන්ව බලා ගන්නම් ස්ටෙෆාන්..තෑන්ක්ස් යුහාන්ව බලා ගත්තට වගේම සොරි මචං මං කරපු දේවල්වලට..”

ස්ටෙෆාන්ට තවත් එයාගෙ වේදනාව හංගන් ඉන්න අමාරු වෙද්දි ඒ ඇස්වලින් කදුලු බිංදු හෝ ගාලා වැටුනා..

” ඇති ඇති..එහාට පලන් උබලා දෙන්න මේ මං මැරෙන්න යනවා වගේ බදාන අඩන්නේ..යනවා තමා මැරෙන්න නෙවෙයි හැබැයි තව දවස් දෙක තුනකින් මං ඕසි යනවා..”

” ස්ටෙෆාන් අයියා බොරු නේද කියන්නේ..”

” නෑ යුහාන් මං ටික කාලයක් එහෙ ඉදලා එනවා..ආයෙ එන්න හේතුවක් නැති උනොත් සමහරවිට ආයෙ එන එකක් නැති වෙයි..”

” ඉතින් මේ අපි ඉන්නේ..”

” බලමූ ඔය මූණ දිහා බල බල මතක අමතක කරලා ඉන්න පුලුවන් උනොත් මං එන්නම්..”

” යෙතීශ් උබ තරහා වෙන් නැත්තන් මං ටිකක් යුහාන්ව ලං කර ගන්නද..”

යෙතීශ් දෙපාරක් නොහිතා ඔලුව වැනුවේ ඒ අහිංසක ඉල්ලීමට බෑ කියන්න බැරිකමට..

යෙතීශ්ගෙ අවසර ලැබෙන පරක්කුවට ස්ටෙෆාන් යුහාන්ව එයාගෙ පපුවට තදින් තුරුල් කරන් නලලෙ ගොඩාක් වෙලා තොල් තද කරන් හිටියේ කියා ගන්න බැරි ආදරේකින් වගේම වේදනාවකින්..

” පරිස්සමින් ඉන්න..”

” මට පොඩි එකා බලලා යන්න හිත හදා ගන්න අමාරුයි බං..ඒ නිසා නොබලම යන්නම්..”

යුහාන්ව එයාගෙන් ඈත් කර ස්ටෙෆාන් යෙතීශ්ගෙ උරහිසට තට්ටුවක් දාලා ආපහු යන්න යන්න ගියත්..

” තාත්තියෝ…”

ස්ටෙෆාන්ට තවත් අඩියන් ඉස්සරහට තියන්න බැරුව මග නතර උනේ යෙහාන් එයාට කතා කරනවා ඇහුන නිසා..ඒත් ගොඩක් අමාරුවෙන් හිත හදා ගත්ත ස්ටෙෆාන්ට ආයෙත් හැරිලා හිත පාර ගන්න ඕනි කමක් නැති වෙද්දි යෙහාන් කොච්චර කතා කරත් මුකුත් නොකියා යන්න ගියා..

” තාත්තියෝ..”

” ඉන්නකෝ යෙහාන් කතා කරනවා නේ ඇයි යන්නේ..”

” ඩැඩා තාත්ති ගියානෙ යෙහාන් එක්ක තරහා වෙලාද..”

යෙතීශ් යෙහාන්ව වඩා ගත්තා..

” තරහා වෙලා නෑ පැටියෝ තාත්තිට ලොකු වැඩකට යන්න වෙලා ගිය නිසා ඉක්මනට දුවන් දුවන් ගියෙ ඔය..”

” ඒ උනාට මං දිහා බැලුවෙත් නෑ නේ..”

” අපි තාත්තිට පස්සෙ කතා කරමු හරිද..”

යෙහාන් දුකෙන් යෙතීශ්ගෙ බෙල්ල අස්සෙ මූණ හංගා ගද්දි යුහාන් ඉකි ගගහා අඩන්න ගත්තා..

*****

😪🫰

Vote 👇

Tags: read novel Friend With Benefits Ðÿ–¤ Âœ… Part 27 ❀, novel Friend With Benefits Ðÿ–¤ Âœ… Part 27 ❀, read Friend With Benefits Ðÿ–¤ Âœ… Part 27 ❀ online, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 27 ❀ chapter, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 27 ❀ high quality, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 27 ❀ light novel, ,

Comment

Leave a Reply

Chapter 27