À¶±À·Œà¶¸À·’À¶ºà·™À¶± À·„À¶¯À·€À¶­À·Š – Ongoing Chapter 27

A+ A-

“ගිනි ගන්නෝ ගිනි ගන්නෝ.. රෙද්ද කඩාගෙන ගෑනූ දුවන්නෝ..”

පාරේ හිටපු ඇන්ටිලා වගයක් නවත්තපු බස් එකක් දිහාට දුවනවා දැකලා කොල්ලෙක් කෑගැහුවේ අනික් උනුත් ඌත් එක්ක එකතු වෙලා හූ කියද්දි.. එතන වටේ පිටේ කට්ටිය සත්තු ටිකක් දිහා බලනවා වගේ කොල්ලො ටික දිහා බැලුවේ.

ෆිසික්ස් ක්ලාස් එකෙන් ට්‍රිප් එකක් යනවා කියලා කාලෙක ඉදන් කටින් ගියාට සර් අද තමා කොල්ලො ටිකව ඇත්තටම එක්කන් යන්නේ. විස්සක් තිහක් ඉදපු ක්ලාස් එකේ ඔක්කොම වගේ ට්‍රිප් එකත් ආවා. මේ සාගරේ වගේ සිලබස් අස්සේ ආතල් කොතැනද කොල්ලො නම් එකෙන්ම එතන. ස්ටිකර් අලවලා හෙන හැඩ වැඩ දාපු බස් එක්කුත් අරන් කොල්ලො ටික ගාලු තමා යනවා. සර් පර්මිශන් දුන්නත් හරි ක්ලාස් එකේ හිටපු කොල්ලො ටිකක් සේරම වැඩේ ප්ලෑන් කරලා තිබ්බා. දවසක් එහෙ නතර වෙලා ආතල් එකේ රැල්ල පාගලා එන්න තමා මේ කට්ටිය යන්නේ. රැල්ල විතරක් නෙවේ කැලෑ අස්සෙත් රින්ගන්නයි මේ සූදානම. නවතින්න තැන්  වගේම යන්න තැන් කීපයක්ම කොල්ලො එකතු වෙලා සිලෙක්ට් කලේ කාලෙක ඉදන්. සර්ගෙත් විරුද්ධත්වයක් නැති නිසා සර්වත් එක්කන් ට්‍රිප් එක පටන් ගත්තා. 

බස් එකට නැග්ග වෙලේ ඉඳන් කොල්ලො ටිකනම් ගැම්මට සින්දු කියන්න ගත්තා. කෙල්ලොත් ටිකකින් සීට් වලින් නැගිටලා ආවේ සින්දු කියන්න. ඒත් කෙල්ලොන්ට කොහෙන්ද මන්දා ආපු ලැජ්ජාවක් නිසා උන් වෙනම කල්ලි ගැහුනා බස් එකේ මැද. මුලදි මුලදි ගේමට සින්දුවෙන් සින්දුව කිව්වත් පස්සෙ පස්සෙ  වෙද්දි කෙල්ලො කොල්ලො ඔක්කොම සමගියෙන් ගීත ගයන්න පටන් ගත්තා. 

“පෙම් සිහිනේ…

සිත සැනසූ à·„à·š..සා…නී…

ඔබ මාගේ..

සිත රැවටූ සුදු දෝනීහ්…….”

කොල්ලෙක් එක පාරටම  ලයින් කරන කෑල්ලව මතක් වෙලා හිටිවන කවි කියන්න ගත්තේ ඒ තාලෙටම බැක්ග්‍රවුන්ඩ්  මියුසික් කොල්ලොන්ගෙන් එද්දි.. කෙල්ලොන්ගෙ පැත්තෙන් ඒක ඇහුනු ගමන් එකියක් දෙන්නක් හූ කීයන්න ගත්තා. මක් නිසාද යත් හේසානි කියන සුදු දෝනී මේ අවස්තාවේදී බස් එකේ සිටින නිසා.

“හේසානීහ්.”

අර කොල්ලා අර සින්දුව කියල ඉවර වෙද්දිම වගේ එක කොල්ලෙක් ඒම කෑගැහුවේ තව එකෙක් අරකට ගැලපෙන්න සින්දුවක් කියන්න ගද්දි.. සීන් කෝන් එක දන්න කොල්ලොත් නෝන්ඩියට හේශානි කියන කෙල්ල ඉන්න පැත්ත බැලුවා. බස් එක ඇතුලේ නානාප්‍රකාර බලුබ් තිබ්බත් හේශානි දැන් හෙනටම රතු වෙලා ලැජ්ජාවෙන් ඇබරෙනවා කියලා හැමෝටම පේනවා

“දඹ වන් ඇගේ මාල කරේ රන්

හිත ගන්නට තාම පොරේ මං

උඹේ අත හිමි වෙන්නේම මට නම්න

ටන්නම්කෝ වන්නම් දහඅට මං

හිත අස්සේ මේ පාළු මකන්නේ

රෑ තව හීනෙන් ඇවිත් මගේ හිත ගත්තේ

සුරඟනන් පෙනා සුරලොවින් ගේනා….”

“හෝ හෝ කට් කට්..”

කොල්ලෙක් ගානට සින්දුව කියන් යද්දි අන්තිම පදේ කියන්න කලින් එතන පැත්තක හිටපු තව කොල්ලෙක් ඇඩ් දැම්මා. කෙල්ලොන්ගේ පැත්තෙන් නම් සූස් බූස් සද්ද ගොඩයි.. එක අතකින් අන්තිම පදේ නොකියපු එක හොදට ගියා. ලයින් වී ගෙන ආපු හේසානි නන්ගි තව ඩින්ගෙන් ලයින් එකෙන් පිට පනින්නත් තිබ්බා.

උදේ නවය විතර වෙද්දි බස් එක දෙනියායට කිට්ටු කරලා තිබ්බා. ට්‍රිප ප්ලෑන් කරලා තිබ්බ බුවාලා පලවෙනි දවසේ කැලෑ වදින්න තමයි සෙට් කරලා තිබ්බේ. සින්හරාජේ බලලා දෙවෙනි දවසේ හික්කඩු වෙරල තීරේ ගත කරන්න හැමදේම ගානට ලෑස්ති කරලා තිබ්බා. 

“බැහැපියාව්.. පැය හතරක් පහක් ඉන්න වෙන්නෙ කැලෑව අස්සෙ.. ඒ හින්ද බොන්න වතුර ඒම අරන් බැහැපල්ලා..”

ට්‍රිප් එකේ ප්‍රධාන සංවිධායක බුවා කියාගෙන ගියේ බස් එකෙන් එලියට පනින ගමන්. සර් වගේම අනික් වැඩිහිටියනුත් එලියට බැහැලයි තිබ්බෙ ඒ වෙනකොට. උදේම නිසා ඒ හැටි සෙනගක් පේන්න හිටියෙත් නෑ. සර් අදුරන කෙනෙක් ගයිඩ් කෙනෙක් විදියට ලමයින්ව ගයිඩ් කරන්න කැමැත්තෙන් තමයි ඉදියේ.. ටිකට් අරන් ඔක්කොම කරලා සෙට් එකම සින්හරාජේ ඇතුලට යද්දි නවය හමාර වගේ වෙන්නැති.

බලන්න කියලා වටේටම තිබ්බෙ ගස් උනත් එතන මාරම ලස්සනයි. හිත නිවනවා. වාහනවල සද්ද බද්දෙන් මෑත් වෙච්චි කොන්ක්‍රීට් ලෝකයකින් මිදිච්ච කොලපාට ලෝකයක පැය කීපයක් ගත කරනවා කියන්නේ අනිවාර්‍යෙන් ඕනි කෙනෙක් ඒකට ආස වෙනවා. ගාලු යනවයි කිව්වට සින්හරාජෙ එන්න හේතුවක් උනේ ක්ලාස් එකේ ගොඩක් උන් මෙහෙ බලන්න නෑවිල්ල තිබ්බ එකයි. ඒ වගේම කැලයක් බලන්න යනවා කිව්වම කවදාවත් නැතුව කෙල්ලො ටිකත් කැමති උනා.

” නන්කිලා පරිස්සමින් යන්ඩෝනී ඈ.. මෙහෙ කුඩැල්ලො හැම…තැනම…”

සතීශ් එන්ට්‍රන්ස් එකෙන් ඇතුලට යද්දිම කිව්වෙ ලගින් ගිය කෙල්ලො ටික්කට.. 

“හාකෝ ලොකු අයියේ.. අපි බය උනා ඈ..”

එතන හිටපු එක කෙල්ලෙක් කිව්වෙ සතීශ්ට දිවත් දික්කරන ගමන්. 

“බය වෙන්ට කීවේ නෑ ඉතින්.. අවදානමට පෙර සූදානමනේ..”

සතීශ් ගොන් හිනාවක් දීලා සේප් උනේ  ආදිව් දෙව්සස් වගේම සින්නත් සතීව බයිට් කරද්දි. ඇයි ඉතින් කට තියන් ඉන්න බැරි කමට ගියානේ කෙල්ලොන්ට වදන් දෙන්න. 

“රනූවත් කෝමහරි එක්කම් එන්න තිබ්බෙ බන් ..”

සිනේත්‍ර ඒම කියද්දි අනික් දෙන්නත් ඒකට එකග උනා. රනුත්ම මේ ෆිසික්ස් ක්ලාස් එකට ආවේ නැති නිසා එයාට මෙයාලත් එක්ක එන්න චාන්ස් එක අතෑරුනා. ගමන ආරම්බයේදීම නිවසට වෙලා පුප උඩ දාන් දවල් වෙනකන් නිදියන රනුත්මට පින් අනුමෝදන් කරලා සෙට් එකම නමෝවිත්තියෙන් කැලේට ඇතුල් උනා. හැමෝම ඉස්සරහින් යද්දි මේ සෙට් එක තමා අන්තිමට ගියේ. මොකට කියලා හදිසි වෙනවද.. පොඩ්ඩක් අතරමන් උනොත් මිසක්..

“සිරා බන්.. ඌත් හිටියනම් තමා ආතල්. තාම නම් ඕකා බුදි ඇති.. පස්සෙ ගමු කෝල් එකක්..”

සතීශ් කීවේ රනුත්ම ගැන දන්න නිසාමයෛ.රනුතමට ට්‍රිප් එක යන් කීවත් ගෙදරින් කේස් කියලා ඒකා ගෙදර නැවතුනා. ඕකගෙ ඉහේ ඉදන් බොරුව.. ගෑනි එක්ක කොහෙ හරි යන්නවත් කතා වෙන්න ඇති. 

“ඒ මෙහෙ ලස්සනයි නෙහ්.. අපි දැන් කොහෙටද යනවයි කීවේ. මටනම් මතකත් නෑ.”

“අඩි නවසීයක්ද කොහෙ උස කන්දක් නගිනව කිව්වා නෙහ්.”

“අම්ම්මෙහ්.. පණ යයි ඕවා නගින්න ගිහින්”

ආදිව්ගේ උත්තරෙත් එක්ක දෙව්සස් දැන්ම හති අරින්න පටන් ගත්තා. කැලේ ඇතුලින් ටික දුරක් යනකොට එක එක ආකාරයේ සත්තු දකින්න මෙයාලට පුලුවන් උනා. ඒක දේශික සත්තු වගේම දුර්ලබ ශාක වර්ගත්. ඒ කොල පාට ලෝකෙ එපා වෙන්නෙ නෑ.. හරිම නිස්කලංක පරිසරයක්..

ඉස්සරහින් ගිය ගයිඩ් කටුස්සෙක්ද කොහෙද අතට අරන් පෙන්නන්න නැවතිලා. පිටිපස්සෙන්ම ගිය ආදිව්ලගෙ සෙට් එකටනම් ගයිඩ් කියපු මෙලෝ දෙයක් ඇහුනෙත් පෙනුනෙවත් නෑ. ඒමයි කියලා සැලෙනවද ඉතින්.. නෑනේ නෑනෙ. 

“ඒ බන්.. මන් මෙහෙම  ඉන්නම් ගහපන් ෆොටෝ එකක්.”

සතීශ් ලග තිබ්බ ගලකට හේත්තුවක් දාලා සින්නට ෆෝන් එක දික් කරා. සින්නත් ෆෝන් එක අරන් සතීශ්ගේ ෆොටෝ ගන්නවා නැත්තන් කනක් ඇහිලා ඉන්න නෑනෙ..

“ආදිව්…”

“ම්ම්ම්..?”

ආදිව් වටේ බල බල ඉද්දි දෙව්සස් ඇවිත් කතා කලා. ආදිව් දෙව්සස් දිහා බලන ගමන් උත්තර දුන්නා. දෙව්සස් අද බස් එකට නැග්ග වෙලාවේ ඉදන් හරි වෙනස්. වෙනදා වගේ ආදිව් එක්ක කතා කලේ නැතිම තරම්. පැත්තකට වෙලා ඔහේ කල්පනා කර කර හිටියා මිසක්. ආදිව් දෙව්සස් අතර මේ වෙද්දිත් එහෙමට ලොකු යාලුකමක් තියෙනවද කියන්නවත් ඒ දෙන්නා දන්නේ නෑ. හැබැයි හිටියට වඩා නම් ෆිට් එකේ ඉන්නවා. ෆිසික්ස් ක්ලාස් එන්න ගත්තත් හරි දෙව්සස් ආදිව්ගෙ සෙට් එකත් එක්ක ෆිට් උනා. පරන තරහ මරහ අමතක කරලා එයාලා දැන් සාමධානයි.

“ම්ම්..මිශුල්‍යා ඒම හොදින් ඉන්නවද දැන්..?”

සිනේත්‍ර වගේම සතීශ් ටිකක් එහායින් හිටපු නිසා දෙව්සස් ආදිව්ගේ ඇස් දිහා නොබලා ආදිව්ගෙන් ඇහුවා. දෙව්සස්ගෙන් එකපාරටම ඒ වගේ ප්‍රශ්නයක් බලාපොරොත්තු නොවුනු නිසා ආදිව් උත්තර දෙන්නත් ටිකක් කල් ගත්තා.

“ඔව්..ඇයි එහෙම ඇහුවේ. ?”

“ම්ම්ම්.. නිකන් ..හෙහ්..”

“අහ්..? උබ තාම එයාට කැමතිද..?”

“මො.. පිස්ස්සුද..? ඒහ්..ඒම එකක් නෙවේ ඉතිම්..”

“අහ්. එයා හොදින් ඉන්නවා. මගෙන් අහනවට වඩා ලේසි නැද්ද එයාගෙන්ම අහන එක.. අද ට්‍රිප් එකත් ආවානේ.”

ආදිව් අන්තිම ටික හෙන කින්ඩි හිනාවක් දාගෙන කීවේ දෙව්සස් දිහාම බලාගෙන.

“ටහුක්.. පිස්සුද යකෝ.. මන් නිකන්නෙ ඇහුවේ..”

“හ්ම් හ්ම්.. ඒක නෙවේ මොකෝ උදේ ඉදන් මනෝ පාරක් ගහගෙන පැත්තකට වෙලා හිටියේ.?”

“ඇහ්?.. මේ මන්?..”

“හ්ම්ම්. උබ තමා. “

“මෙ..ම්ම්.. නිකන් ඉතින්..”

දෙව්සස් කීවේ ආදිව්ව මගඇරලා ඉස්සරහට ඇවිදන් යන ගමන්. නඩේ මුලින් ගිය කොටස ටිකක් ඈතට ගිහින්. සිනේත්‍රයි සතීශ්වයිත් හොයන්න නෑ. උනුත් යන්න ඇති එක්කො. මේ දෙන්නා විතරක් පහු වෙලා.

“උබට උබේ යාලුවො තරම් අපිව සෙට් නැතුව ඇති ..”

“අහ්.. නෑ.. ඒම කියන්නෙ ඇයි..? උබලා මට මගේ කියලා හිතපු උන්ටත් වඩා හොදයි බන්.. කාලෙක ඉදන් අපි වලි තමයි.. ඒත්.. සිරාවට උබලා හොදයි..”

දෙව්සස් ඒක කිව්වෙ බොක්කෙන්මයි. ඉස්සරහින් යන දෙව්සස්ගේ පස්සෙන් ආදිව්ත් හෙමින් යන ගමන් දෙව්සස්ව අහන් ඉදියා. දෙව්සස් ගෙන් ඔය වගෙ අගය කිරීමක් ලැබෙයි කියලා ආදිව් බලපොරොත්තු නොවුනු තරම්. අනික දෙව්සස් ඒක කිව්වෙත සිරාවටම වගේ. දෙව්සස් මොකක් හරි පොඩි අවුලක ඉන්න බව ආදිව්ට යන්තම් වගේ ඉව වැටීගෙන ආවා. ඒත් ඉතින් අනුන්ගේ ඒවා මොකටද..

“ම්ම්.ඒනම් කමක් නෑ.. මන් හිතුවේ අපි එක්ක ඉද්දි උබ මූඩ් ගහලා ඉන්නේ අපේ අවුලක් නිසා කියලා.”

“නැහ් නැහ්. උබලා වගේ හිතේ එකයි කටේ එකයි නැති උන් ආස්‍රේ කරන්න මන් පින් කරලා තියේ.. මන් මූඩ් ගහලා හිටියේ වෙන හේතුවකට උබලා නිසා නෙවේ.”

දෙව්සස් ලාවට හිනාවෙන ගමන් පස්සෙන් එන ආදිව් දිහා බැලුවා.

“ම්ම්.. මන් ඇයි කියලා අහන්නෙ නැතුව ඉන්නම්.. ඒත් ප්‍රශ්නයක්නම් කාට හරි කියලා හිත නිදහස් කරගනිම්..”

ආදිව් අත්දෙක සාක්කුවට ඔබා ගන්න ගමන් දෙව්සස් දිහා බලන් කිව්වා. දෙව්සස්ගේ ඇස් එක්ක ආදිව්ගේ ඇස් ටික වෙලාවක් පැටලවිලා තිබ්බත් දෙව්සස් ඉක්මනට අහක බලාගත්තා.

“ආදිව්.. සොරි මෙහෙම අහනවට.. තරහ වෙන්න එපා ප්ලීස්…”

තමන්ට සමාන්තරව වගේ ඇවිදන් යන ආදිව් දිහා බලන් දෙව්සස් කිව්වට වඩා මිමිනුවා. දෙව්සස් හිත එක්ක ලොකු අරගලේක. දවස් කීපෙක ඉදම් ලොකුවටම අරගලේක. 

“මොකද්ද?”

දෙව්සස් බිම බලන් තොලත් හපාගෙන මොනවද හිතන දිහා ආදිව් බලන් හිටියා. දෙව්සස්ගෙන් වෙනදට නොපෙනුනු හැගීමක් ඒ මූනේ අද තියේ. ඒඑක නිකන් අතරමං වෙලා වගේ..

“උබ … සිරාවටමද මිශුල්‍යාට ලව්?”

දෙව්සස් ආයෙමත් මිශුල්‍යා ගැන ඇදලා ගත්තා. දෙව්සස් මෙහෙම සැරෙන් සැරේ ඒ කෙල්ලව කතාවට ඇදලා ගන්නේ ඇයි කියන එකටන්ම කොල්ලට හේතුවක් හිතාගන්න බැරි උනා. දෙව්සස් එකපාරටම මිශුල්‍යට තමන් ආදරේ කරනවද කියලා අහපු එකට දෙන්න උත්තරයක් ආදිව්ගේ ඔලුවට ආවේ නෑ. ඔව් කිව්වොත් දෙව්සස්ගේ හිත රිදෙන්න පුලුවන්. මිශුල්‍යා ගැන මතක් කරපු දෙපාරම දෙව්සස්ගේ මූන මැලවෙනවා ආදිව් හොදටම දැක්කා. ඒ කියන්නේ දෙවසස් තාම මිශුල්‍යට කැමතී කියන එක. නෑ කිව්වොත් එහෙම මේකා හෝප්ස් තියාගන්න පුලුවන්. ඒක බොරු වැඩක්. 

“ඇයි එහෙම අහන්නේ?”

ආදිව් ප්‍රශ්නෙට උත්තරයක් නොදී තව ප්‍රශ්නයක් ඇහුවේ දෙව්සස්ව උත්තර නැතුව අතරමං කරලා. ආදිව්ගෙන් ඔව් හරි නෑ හරි කියලා උත්තරයක් වෙනුවට තව ප්‍රශ්නයක් ආපු නිසා දෙව්සස් ලොකු අමාරුවක  වැටුනා. තමන් කියන්න හදන දේ ආදිව්ට කෙලින් කියලා චුත වෙන්න තමයි දෙව්සස්ට ඕනි.. ඒත් කියන එක කිව්වැකි චුත වෙන එකනේ ප්‍රශ්නේ.

“නි..නිකම්… අනික් අය අපිට මගෑරෙයි යන් ඉක්මනට..”

එකොලහ විතර වෙද්දි කට්ටියම හති දාගෙන ලොකු කන්දක් නගින්න ගත්තා.නමක් ගමක් නොදන්නවා උනාට ලොකු කන්දක්. රෙස්ටින් පොයින්ට් එකක්. සෙට් එකම සිරීපාදේ නගින්නැහේ සින්දු කිය කිය කන්ද නගින්න ගත්තා. උඩටම ඇවිල්ලා බලද්දි පලාතක්ම පේනවා. මාරම ලස්සනයි. 

ආදිව් නැවතිලා වටේම පේන විදියට ෆොටෝ එකක් අරගත්තා. ආදිව් නැවතිලා ඉන්නව දැකලා මිශුල්‍යත් ඒ ලගටම ආවා. ආපු ගමන් ආදිව්ගේ බෙල්ලේ එල්ලුනේ තව ඩින්ගෙන් දෙන්නම එක්ක හෙලට වැටෙද්දි. මිශුල්‍යා එක වෙලාවකට හෙන විකාරයක්. හැබැයි හුරතල්.

“මෙතනට හැමතැනම ලස්සනට පේනවා නෙහ් .. වුහූ.. හුලගේ සැර.. මාව ගහන් ගියොත් අල්ලගන්නවා හරිද..”

බෙල්ල අතෑරලා අතෙන් අදින ගමන් මිශුල්‍යා කීවේ හිනා වෙලා. මිශුල්‍යා ටිකක් කෙට්ටුයි. කෙට්ටුයි කියන්නෙ බර අඩුයි. 

“ගහගෙන නම් යයි තමා. හහාඅහ්.. මිශූ.. තල්ලු කරන්නම් පල්ලෙහාට..”

“ආහ්.. ආස ඇති නෙහ් මාව මරන්න.. ඒවා කොහෙද.. මෝඩයා.à·„à·Š”

“ආවූ.. කොනිත්තන් එපා යකූහ්. රිදෙනවා. බලනවා නියපොතුවල දිග.. මේ පතුරු ගිහින්..”

මිශුල්‍යා කොනිත්තපු පාර ආදිව්ගේ මැනික් කටුව ලග පාරත් හිටලා. මිශුල්‍යානම් ලොකූ….. වැඩක් කලා වගේ හිනා වෙනවා.

“අනේ සමාවෙන්න බොයිෆීහ්.. ආදරේටනේ..”

මිශුල්‍යා හෙන දුක මූනක් මවන් කොනිත්තපු තැන අතගාන්න ගත්තා. එතන වෙනම කෝලමයි.

“එනවා ෆොටෝ එකක් ගහන්න. සුදූ ඇහුවත් එක්ක මේ ලගදි ඔයා ගැන..”

“ගහමු.. අනේහ්.. ඒමද?. මන් එන්නම්කෝ ඒ පැත්තෙ වෙලාවක.”

ආදිව් ෆෝන් එකේ කැම් එක ඔන් කරලා ඈතට කලේ ම්ශුල්‍යාවත් ලගට ඇදලා ගන්න ගමන්. ෆොටෝ කීපයක් ගහලා ඒවා බලන අතරේ සතීශ් එක්ක අනික් සෙට් එකත් එතනට ආවා..

“ආඅහ්.. ලව් බර්ඩ්ස්.. “

සතීශ්ගේ පිටිපස්සෙන් දෙව්සස් එනවා දැකපු නිසා මිශුල්‍යා ආදිව්ට ඇහෙන්න කුටු කුටු ගාන්න ගත්තා.

“මේ අරයා දැන් ඔයාල එක්කමයි නෙහ්. කෝම හිටපු උන්ද..?”

“කවුද දෙව්සස්ද?ම්ම්..”

“හිකිස්.. ඕම යන්කෝ සුදූමාත්තයෝ.. අපිත් ඉන්නවනේ..”

හෙන කැත හිනාවක් දෙන ගමන් මිශුල්‍යා නෝන්ඩියට වගේ කිව්වේ ආදිව් දිහා බලාන. ආදිව් මොකුත් නොකියා සතීශ්ලා දිහා බැලුවේ මිශුල්‍යාගේ විහිලුවලට කට ගහලා දිනනන්න බැරි නිසා.

“වරෙව්.. මන් ගානේ ෆොටෝ එකක් ගහලා දෙන්නම් මේ ලවර්ස්ලාට.”

සතීශ් ලගට ඇවිල්ලා ආදිව්ගේ ෆෝන් එක ඇදලා ගන්න ගමන් කීවා. එහෙමම ෆෝන් එකත් අරන ඈතට ගිහින් ආදිව්වයි මිශුල්‍යාවයි කැප්චර් වෙන විදියට රැන්ඩම් ෆොටෝස් ටිකක් ගැහුවා. ආදිව් කෙසේ වෙතත් මිශුල්‍යානම් ආදිව්ගේ අතෙත් එල්ලිලා එක එක විදියට හිනා වෙවී ෆොටෝ වලට ඉදියා.

—————————

අපි සතීශ්ට කියපු ට්‍රිප් එක ගීන් එද්දි කන්න යමක් අපිටත් ඇරන් එන්න කියලා. 

දෙව් බබා තාම මිශුල්‍යාට කැමති වගේ නෙහ්..?

ආදිව්ට දෙව්සසාගේ පොඩි වෙනස උනත් ඕන්  තේරෙනවලු…. 

ඊලඟ අප්ඩේට් එකෙන් ඉක්මනට හම්බෙමු පැන්චනේ..

Tags: read novel À¶±À·Œà¶¸À·’À¶ºà·™À¶± À·„À¶¯À·€À¶­À·Š – Ongoing Chapter 27, novel À¶±À·Œà¶¸À·’À¶ºà·™À¶± À·„À¶¯À·€À¶­À·Š – Ongoing Chapter 27, read À¶±À·Œà¶¸À·’À¶ºà·™À¶± À·„À¶¯À·€À¶­À·Š – Ongoing Chapter 27 online, À¶±À·Œà¶¸À·’À¶ºà·™À¶± À·„À¶¯À·€À¶­À·Š – Ongoing Chapter 27 chapter, À¶±À·Œà¶¸À·’À¶ºà·™À¶± À·„À¶¯À·€À¶­À·Š – Ongoing Chapter 27 high quality, À¶±À·Œà¶¸À·’À¶ºà·™À¶± À·„À¶¯À·€À¶­À·Š – Ongoing Chapter 27 light novel, ,

Comment

Leave a Reply

Chapter 27