À¶­À·“À¶»À·Šà¶® දහඅටවන තීර්ථය

A+ A-

” මල්ලී….!!!!!!!!!!”

මාව උඩ ගිහින් ඇහැරුනේ කන ළඟ ඇහුන ඒ සද්දෙට……. මං ඇස් ඇරලා බලද්දි යසස් අයියා ඉන්නවා හොල්මන් දැක්කා වගේ භය වෙලා බිත්තියටත් හේත්තු වෙලා…….

” මොකද අයියෙ….. උදේ පාන්දර කෑ ගහන්නේ……”

සහස් කාමරේට එද්දිත් මං ඇඳ උඩට වෙලා කල්පනා කරේ මොකක්ද මේ යකාට උදේම වැහුන භූතයා කියලා …..

” මල්ලී……. මට කියපන් ………. අර ඉන්නේ සෙනූද??? මං දකින දේ උඹටත් පේනවද???”

” කෝ මට මුකුත් පේන්නේ නෑනේ …….”

සහස් මට ඇහැකුත් ගහලා කියද්දි තමා මට තේරුනෙ….. යසස් අයියා හිතාගෙන ඉන්නේ මං එයාට මැවිච්ච රූපයක් කියලා …….

” ඒක …… ඒක…….. වෙන්න බෑනේ ….. මං දැන් අල්ලලත් බැලුවනේ……. මට දැන් සිහිය විකල් වේගෙන එනවද…?? මාව පොඩ්ඩක් කොනිත්තපන් බලන්න …..”

” ආව්……….. යකෝ රිදුනා…….”

යසස් අයියා කියද්දී සහස් හයියෙන්ම එයාගේ අත මිරිකුවා…. ඒක දැක්කාම නම් මටත් හිනාව තද කරන් ඉන්න බැරි උනා……..

” නෑ….නෑ……. මේ ඉන්නේ සෙනුල්ය තමා ……. ඊයේ තමුසෙ මූ නැත්නම් ගෙදර යන්න බෑ කිව්වනේ…… ඉතිම් මං ඌව ගෙනත් දුන්නා……. සෙනූත් දැන් නැගිට්ට එක ලෑස්ති වෙලා යමු ස්කෝලේ අදනේ පොල…. මගේ uniform එකක් ඇති වෙයි උඹට ……. “

මං ඔලුව වනද්දි සහස් කාමරේ දොරත් වහන් ගියා…. ටිකකට කලින් පිස්සෙක් වගේ හැසිරුන යසස් අයියා මෙන්න දැන් සීරියස් මූඩ් ගහලා…… එහෙමත් මූඩ් වෙනස් කරන්න පුලුවන් ද මිනිස්සුන්ට …… කටුස්සෙක්ද කොහෙද ගිය ආත්මේ…… මෝඩ කටුස්සා…….

” මෙහෙ මොකද කරන්නේ…..??”

” මං ආවා……….”

” ඒ මොකද??”

” මට ඕනි නිසා………..”

” එහෙම ඕනි ඕනි වෙලාවට එන්න බෑනේ ……. එහෙම එන්නයි යන්නයි ගියාම මං කොහොමද ඉන්නේ…”

යසස් අයියා මුල් ටික සැරෙන් කියලා අන්තිම ටික හිමින් කියපු විදියට මට හිනාත් ගියා ……..

” කවුද ඉතිම් යනවා කිව්වේ…”

ඒක ඇහුනා විතරයි යසස් අයියා ඇදේ ඉඳගෙන මගේ මූණට එබුනා……

” මොකක්ද කිව්වේ?”

” යන්නෑ කියලා ……”

” එතකොට මාව අප්පිරියයි කිව්වේ??”

” බොරුවට ……..”

” මට වෛර කරනවා කිව්වේ….”

” ඒකත් බොරුවට …..”

” ආයෙ එන්න එපා කිව්වේ…..”

” බොරුවට අනේ බොරුවට …..”

” එතකොට මට ආදරෙයි ද???”

” දන්නෑ……….”

” මට ආදරේ කරනවද??”

” කරයි……”

” කවදටද……??”

” මිහිදුන් අයියව සම්පුර්ණයෙන් අමතක උන දවසක…….”

මං ලොකු හුස්මක් අරන් ඒක කිව්වේ….. ඇත්ත වෙන කෙනෙක්ව හිතේ තියන් තව කෙනෙක්ට ආදරේ කරන්න බෑ මට …… මිහිදුන් අයියව එක පාර අමතක කරන්නත් බෑ……..

” මං ඉන්නම්…… ඕනි තරම් කාලයක්…”

” හම්ම්ම්…”

” මං ඉන්නද??? “

” මොනාද ??”

” ඔයා එනකම්?? බලන් ඉන්නද මං ??”

” කැමැත්තක් ……”

යසස් අයියා මේවා අහන්නේ මගේ මූණටම බර වෙලා….. එයාගේ හුස්මත් මගේ මූණේ වදිනවා අප්පා…… මට ඒ ඇස් දිහා කෙලින් බලන්නත් බෑ ලැජ්ජයි…. ඉස්සර දීපූ ලොකු ලයින් මතක් වෙද්දි කොහොමත් මට ලැජ්ජයි……

” එක පාරක් මං දිහා ආදරෙන් බලන්න බැරිද සෙනූ???”

” ආආ??”

මං එහෙම්මම ඒ ඇස් වලට එබුනා….. සත්තයි මාව ගල් වෙනවා…. ඒ මායාකාර ඇස් වලට…. දැන් නම් මට ඒ හැඟීම් කියවන්න පුලුවන් …… ඒ ඇස් වල කිසිම බොරුවක් පේන්න නෑ……

” දන්නවද …. උඹේ ඔය එක බැල්මක් මට… නියඟයකින් පස්සේ වැටෙන පලවෙනි වැහි බින්ඳුව වගේ සනීපයි සෙනූ…….”

ඒ ඇස් වලට වශී වෙලා හිටපු මම පියවි සිහියට ආවේ සහස් දොරට ගහන සද්දෙන්……..

” දැන් පෙම් කෙරුවා ඇති ලෑස්ති වෙන්න දෙන්නම….. මං සෙනූට uniform එක මෙතන පුටුව උඩින් තිබ්බා……”

අපි ලෑස්ති වෙලා ස්කෝලෙට එනකොට 8.30 විතර උනා…. ඇයි ඉතිම් එකෙක් ඊයේ බීලා…. උගෙ වෙරි හිදෙනකම්ත් ඉන්න උනානේ……

සහස් බස් එකේ යන්නම් කිව්ව නිසා මායි යසස් අයියයි ස්කෝලෙ ගියේ බයික් එකේ….. බයික් එකට නගින්න කලින් මට හෙල්මට් එක දාපු යසස් අයියා…. බයික් එකට නැගලත්… මගේ අතක් අරන් ඉස්සරහින් තියාගත්තා…..

” තද කරලා අල්ල ගන්න වැටෙයි…..”

මේවට ඉතිම් මගේ පුංචි හිත ගැස්සෙනවා…… එයා ගාවින් ආවේ මාර සුවදක්…. lavender සුවඳක්….. මං ආසම සුවඳක්……..

අපි ස්කෝලෙන් ගිහින් බහිද්දි තේව් හිටියේ කටත් ඇරගෙන……

” මං ඉන්නේ හීනෙකද බං??”

” නැහ්…..”

” අම්මෝ අම්මෝ මෙන්න මූ රතු වෙනවා…… ඉතිම් ඉතිම් වැඩේ හරිද??”

” මට තාම හිතාගන්න බෑ මං එයාට ආදරෙයි ද නැද්ද කියලා …… ඒත් එයා දුකින් ඉන්නවට මං කැමති නෑ තේව්….”

” උඹට නොතේරුනාට ඒකට තමා ආදරේ කියන්නේ …..”

” එතකොට මිහිදුන් අයියා?? එයාව සම්පූර්ණයෙන් අමතක නොකර මට යසස් අයියට ළං වෙන්න බෑ …..”

” මේකයි මගේ මතේ…. උඹට මිහිදුන් අයියට හිත ගියේ….උඹ පොඩි කාලේ ඉඳල දැක්ක perfectම චරිතේ එයා නිසා ….. අනිත් උන් තාත්තා වගේ වෙන්න හදද්දි උඹ හැදුවේ මිහිදුන් අයියා වගේ වෙන්න ……. ඒක ආදරේකට වඩා ආකර්ශනයක් කියලයි මට හිතන්නේ …… ඒත්….. මිහිදුන් අයියව අමතක කරන්න ඕනි නම් උඹ මුලින් ගිහින් අයියා එක්ක කතා කරලා නැති උන සහෝදරකම හදාගනින්…. “

” ඔව් ඒක ඇත්ත තේව් මං අද ගිහින් එයාගෙන් සමාව ගන්න ඕනි……

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ඇයි බැරිද බලන්න එක පාරක් ආදරෙන්?
දන්නවද උඹේ ඔය එක බැල්මත් මට… නියඟයකින් පස්සේ වැටෙන පලවෙනි වැහි බිඳුව වගේ සනීපයි සෙනූ…..

_ යසස් තීෂ්මක _

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

වැරදි අඩු පාඩු හදලා දෙනවට thankyou දරුවනේ……….

ආදරේයි මං පූජා…..

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® දහඅටවන තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® දහඅටවන තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® දහඅටවන තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® දහඅටවන තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® දහඅටවන තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® දහඅටවන තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 19