À¶­À·“À¶»À·Šà¶® හැටහතරවෙනි තීර්ථය

A+ A-

පහුවදා මං අමාරු උනත් වැඩට ගියේ යසස් අයියව හම්බෙන්නමයි……. පළවෙනි වතාවට මට එයාගේ කතාව අහන්න ඕනි උනා…… මං ටිකක් අත් දිග ඇදුමක් ඇද ගත්තේ අත බැන්ඩේජ් කරපු එක අනිත් අය දැක්කොත් උත්තර බඳින්න වෙන හින්දා…….

වැඩට ආපු එකට නම් තේව් දවසම හිටියේ මට බැන බැන………. හවස මං යසස් අයියා ඉන්න වාහනේ ගාවට යන්න ගියත් අදත් අර ගැණු ළමයයි බබයි එක්ක ඉන්න නිසා මගේ හිත කිව්වේ ආපහු හැරිලා යන්න කියලා …… ඒත් තවත් ප්‍රශ්න දිග් ගස්සන්නේ නැතුව මේක අද කතා කරලා විසඳගනින් කියලා මොලේ කෑ ගහද්දී ඕනි දෙයක් වෙච්ච දෙන් කියලා මං ගියේ යසස් අයිය ගාවට යන්න …………

ඒක යසස් අයියට අඩි කීපයක් දුර තියලා මාව හරස් කරේ ඔවීෂ…. ඔවීෂ කියන්නේ අපේ office එකේ මායි තේව් එක්කම වැඩට ආපු අනිත් කෙනා…. ඔවීෂ හරි අමුතුයි ……… ඒ උනාට හොඳ යාලුවෙක් ………. මං ඔවීෂ අමුතුයි කියන්න හේතුව එයා අනිත් අය වගේ නෙමේ පොඩ්ඩක් ටචී ගතිය වැඩියි….. ඒ වගේම හිතට එන ඕනි දෙයක් කියලා දානවා…….  ඒත් එයා මටයි තේව්ටයි හොඳ යාලුවෙක් උනා……..

” කොහෙද පණ කඩාගෙන දුවන්නේ??”

ඔවීෂ ඇහුවේ මගේ කරට අතක් දා ගන්න ගමන්…….. මං ඇස් කොනෙන් දැක්කා යසස් අයියත් මේ පැත්ත බලනවා…….. සික් මට යසස් අයියා ගාවට යන්න නැති හැටියක්……

” මුකුත් නෑ ගෙදර යන්න කියලා ……”

” අනේ එහෙමනම් යමුකෝ අපි දෙන්නා කොත්තුවක් කන්න……… මට අද කොත්තුවක් කන්න ඕනිමයි කියලා හිතුනා………”

” මට අද එන්න වෙන්නෑ ඔවීෂ ඔයා යන්න ……..”

” අපෝ තනියම කද්දී කිසි ආතල් එකක් නෑ…… අපි තේව්ටත් එන්න කියමු……. යමුකෝ……….. යමු ? යමු?………… ආ…..?”

ඔවීෂ මගේ කම්මුල් දෙක මිරික මිරික කියද්දී……… බෑ කියන්න බැරි කමට මං හා කියන්න ගියත්….. ඒ උත්තරේ දෙන්න කලින් ……. මාව පැත්තකට ඇදිලා ගියේ මට වෙන්නේ මොනාද කියලා හිතාගන්න බැරුව……

යසස් අයියා මගේ අතින් ඇදගෙන ආයේ office එකට යද්දී මගේ පස්සෙන් එන්න ගිය ඔවීෂව තේව් නවත්ත ගන්නවා මං ඇස් කොනෙන් දැක්කා…..

Roof top එකට ආපු යසස් අයියා මාව බිත්තියකට තද කරලා ……. අත් දෙක දෙපැත්තෙන් බිත්තියට තියලා මගේ මූණට පාත් උනාම මට කෙල ගිලුනේ ඒ මූණේ තිබ්බ නපුරු පාට දැකලා…….

” කවුද ඒ????? ඔවීෂ නේද???”

” ඔව් …….. එහාට වෙන්න ……….”

” ඇයි මං එහාට වෙන්නේ ආ??? ඔවීෂව ඇඟේ එල්ල ගන්න පුලුවන් මං ලං උනාමද ඉන්න බැරි ??”

යසස් අයියගේ හුස්ම මගේ මූණේ වදිද්දී මට කුචි………

” එහෙම එකක් නෙමේ මට ගෙදර යන්න ඕනි………”

” කාත් එක්කද අර ඔවීෂයා එක්කද….??”

” ඔව්…. එහාට වෙන්න ………”

මං  දන්නේ නෑ මං මෙච්චර මුරණ්ඩු ඇයි කියලා …….

” මං දැන් දවස් කීපෙක ඉඳල බලාගෙන හිටියේ සෙනූ……. ඌ උඹේ ඇඟේ එල්ලෙනවා වැඩී………”

” එහෙම නෑ ඒ එයාගේ හැටි….”

” හැටි?? යකෝ කෙල්ලෝ වගේ ඔහොම වෙලාගෙන ඉන්නවද කොල්ලෝ??”

” ඔයාට වැඩක් නෑනේ මගේ දේවල් …..එහාට වෙන්න………”

” සෙනූ උඹ මගේ ඉවසීම පරික්ෂා කරනවා…….”

” යන්න දෙන්න…………”

මං යසස් අයියව මගේ අත් දෙකෙන්ම තල්ලු කරද්දී එයා එක පාරටම මගේ අත් දෙක තද කරලා උඩට කරලා මගේ තොල් වලට පාත් උනා…… ඔව් අවුරුදු පහකින් මට ආයේ මාව මත් කරන ඒ feeling එක දැනෙනවා….. එයාගේ උණුහුම දැනෙනවා……… මං එයාගේ කිස් එකෙන් මත් වෙලා ඉද්දී මං පියවි ලෝකෙට ආවේ එයාගේ අතින් මගේ බැන්ඩේජ් කරපු අත තද වෙද්දී ආපු වේදනාවට…….

” ආහ්………….”

රිදුන නිසා කෑ ගැහුවත් මගේ ඇස් ඉස්සරහ ඇඳිලා මැකිලා ගියේ අර දරුවගේ මූණ ……… දෙවියනෙ….. මං මොකක්ද මේ කරේ…….. මං කරේ කරන්න ඕනි දෙයක් නෙමේ ….. යසස් අයියා කියන්නේ දැන් මට අයිති කෙනෙක් නෙමේ ………..

” සෙනූ මේ අතට මොනා වෙලාද??? සෙනූ…… කතා කරන්න ……….”

මං කෑගහපු පාර යසස් අයියා කලබල වෙලා අත දිහා බලද්දියි මගේ බැන්ඩේජ් කරපු අත දැක්කේ……… ඒත් මං කරේ කරන්න ඕනි දෙයක් නෙමේ කියලා මගේ හිත ඇතුලෙන් කෑ ගහලා කියද්දී මං යසස් අයියව මට පුලුවන් උපරිමයෙන් තල්ලු කරලා දිව්වේ එලියට ………..

මං ඉක්මනින් office එකෙන් යන්න හැදුවත් මං ආපු වේගෙත් එක්ක මං හිතන්නත් කලින් මාව විසික් වෙලා ගිහින් වැටුනේ බිමට……..

” දෙවියනේ දරුවෝ ඔයා හොඳින්ද??”

මං ඔලුව උස්සලා බලද්දී දැක්කේ….. මං ගාව ඉන්න යසස් අයියගේ wife à·€…. එයා ඇත්තටම හරි ලස්සනයි …. ඒත් ඊට එහා පැත්තෙන් හිටියේ බබාව වඩාගෙන කොල්ලෙක් වගේ ඇඳගත්තූ කෙල්ලෙක්……

මං දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බැලුවේ මොකක්ද වෙන්නේ කියලා ….

( සවිඳි )

( අයේෂ්මා )

” කෝ නැගිටින්නකෝ…. එදා හොස්පිටල් එකේදි දැක්කට මට ඔයාව අඳුර ගන්න බැරි උනානේ…..”

” මාව දන්නවද??”

” නැතුව ……. යසස්ගේ චූටිව නොදැන ඉන්නේ කොහොමද ….. ඔයා එයාගේ පණනේ…….”

මං ඇස් දෙක ලොකු කර ගත්තේ යසස් අයියගේ wife ඇයි මට එහෙම කියන්නේ කියලා …………

” ආ මාව අඳුන්වලා දෙන්නත් බැරි උනා…. මං සවිදි …….. එතකොට මේ ඉන්නේ…. මගේ girlfriend අයෙෂ්මා…. එතකොට මේ මගේ ජීවිතේ කවිත්මා…”

” Girlfriend ??”

” ඔව්………….”

” එතකොට ඔයා යසස් අයියගේ wife නෙමේද??”

” මොකක්…….  ඔයා මෙයා මගේ wife කියලා හිතලද මෙච්චර දවස් මාව මග ඇරියේ…… ඒ උනාට සෙනූ ඔයා කොහොමද එච්චර හයියෙන් දුවන්නේ ආ………”

එවෙලේ එතෙන්ට ආපු යසස් අයියා හති ඇර ඇර කිව්වා…..

” එහෙම වෙන්න බෑනේ එතකොට DNA test??”

” ඔයා DNA test එකකුත් කරාද??”

එවෙලේ නම් මං ඔලුව පාත් කරේ මොකද මාත් දන්නවා මං කරෙ කරන්න ඕනි දෙයක් නෙමේ කියලා ……….

” මගෙන් ඇහුවා නම් ඉවරනේ ඔච්චර දෙයක් කරේ……… ඔයා හිතුවේ මේ දෙන්නට බබා අහසින් දෙවියෝ දුන්නා කියලද?? මං තමා ඒ බබාට sperm donation කරේ………… සවිඳියි අයේෂ්මයි කියන්නේ මගේ හොද යාලුවෝ දෙන්නෙක්…… ඉතිම් මට ඒ උදව්ව නොකර ඉන්න බැරි උනා ………….”

මේ ඔක්කොම ඇහෙද්දී මං බිම ඉඳ ගත්තේ මෙච්චරකල් මං විදෙව්වේ බොරු හේතු වලට නේද කියලා හිතෙද්දී………

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ඔන්න ප්‍රශ්න ගොඩකට උත්තර හම්බුනා නේද?? මං දන්නවා තව අපහැදිලි තැන් ටිකක් තියෙනවා නේද…. ඒවා ඉස්සරහ චැප් වලින් clear කරන්නම්……

ඔයාලා දන්නවා නේද නල දරු උපත් ගැන………. පරික්ෂණාගාර මට්ටමේදී… sperm එකකුයි ඩිම්බෙකුයි සංසේචනය කරලා යම්කිසි මට්ටමට වැඩෙන්න දීලා කාන්තාවකගේ ගර්භාෂයේ තැම්පත් කරනවා….. ගර්භාෂය දුර්වල අය, ළමයි හදන්න බැරි අය, එතකොට සමලිංගික අය මේ ක්‍රමේ පාවිච්චි කරනවා ළමයෙක් හදාගන්න …….. ඒක lesbian couple එකක් නම් එයාලට sperm donation එකක් ඕනි…… ඒක Gay couple එකක් නම් එයාලට ඩිම්බ වගෙම කාගෙහරි ගර්භාෂයක් ඕනි…….

ආදරේ මං පූජා …. 😘

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® හැටහතරවෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® හැටහතරවෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® හැටහතරවෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® හැටහතරවෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® හැටහතරවෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® හැටහතරවෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 66