Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 16🍃

A+ A-

හැට පැයක් බාත්රූම් එක අස්සට රින්ගල ඉදපු මම බාත්රූම් එකෙන් එළියට ආවා.

“හුප්තෝහ්! ………… අයියෝඕඕඕඕ කොහොමද මේව බලන්නෙ, යකෝ තෝ හැදුනෙ මගේ මේ අත් වල, ළමයි හදල උන්ගෙ මේ විගඩන් මගේ ඇස් වලින් බලන්න උනානෙ දෙයියනෙහ්..”

“අපෝ උදේ පාන්දර කෑ ගහන්න එපා බන් කපල් එකක් ඉන්න රූම් එකකට එද්දි නොක් කරල වරෙන්කො හරකා.”

“දැන් තෝ කියන්නේ…… මම බාත්රූම් එකේ ඉදන් රූම් එකට එද්දි තට්ටු කරල එන්න ඕනෙ අනෙ පල යන්න.”

මම බාත්රූම් එකේ ඉදල රූම් එකට එද්දි සියොත් අයියයි ඊශ්වරයයි ඇද උඩ ඉදන් නැගිට්ට පැදුරෙන්ම කටවල් කා ගන්නව. අනේ හත්තික්කේ කටකෙල පිටින්ම නේද. ඈක්කා හුප්තෝ අප්ප්‍රියයි. අපේ සද්දෙටද කොහෙද රාදෙව් අයියයි අනූරථ අයියයි සිත්රුවයි රූම් එකට දුවගෙන ආවා.

“අපෝ මොකද බල්ලනේ කෑ ගහන්නෙ..”

“මෙන්න මුන් දෙන්න තමා හුහ්!, අසැභි දසුන් පෙන්නනව බන් උදේ පාන්දර “

“වාසු එනව යන්න. සිතුවම් උදේට කෑම හදනව, එනව යන්න පහලට.”

“නෑ නෑ රාදෙව් අයියේ පොඩ්ඩක් ඉදපන් මුන් දෙන්නට කියන්න මම.”

“අනෙ මෙ තිදස් උබට කිස් එකක් වත් දෙන්න එකෙක් නැති නිසානෙ මේ ඔක්කොම.”

“ආආආආ දැන් තෝ කියන්නෙ මට මොකෙක් වත් නෑ කියලද….?”

“අමො අමො, අනේ ඕක නවත්තපන් තිදසා, මගෙ පුප හිනා වෙනවා à·„à·Š හා හා..”

“ඇයි ඇයි උබ මේ ඉන්නෙ එකට තුනක්ම, රාදෙව් අයියා ඉන්නවා, අනූර්ථ අයියා ඉන්නවා, තව මේ සිත්රුවත් ඉන්නෙ. ඕනෙ නම් පහල ඉන්න සූර්යායි සිතුවමා උනත් මට කිස් කරන්න පුළුවන්.
හුහ්! තොට ඔච්චර පුලුවන් නම් මට කොච්චරක් පුළුවන්ද…… මෙතන… හුහ්!”

“මෙන්න මෙහෙ එනවා යන්න.”

“à·„à·–…..à·„à·–…….”

“ආ…………. මාව බිමින් තියපම් කැම්රි අසුරයා………………………………”

ඊශ්වර එක්ක කුකුල් පොරයක ඉදපු මාව රාදෙව් කාරය තනි අතින් උස්සල කරට දා ගත්තම මට මූව අමුවෙන් කන්න හිතුනා. මම දැගලුව ඒව සතේකට ගනන් ගත්තෙ නැති අසුරයා මාව අරන් ගිහිම් සාලෙ සෝෆ එකට අත ඇරියම මම ඩොහ් ගාල වැටිච්ච විදියටම හිටියා. අපි දෙන්නව සාලෙ දාල සිත්රුවා අනූර්ථ අයියා ඇදගෙන කිචන් එකට ගියා. ආ…… ඒ මොකද ඒ….

” වාසු!…… හරි දැන් එහෙනම් කරමුද ම්ම්ම්ම්..”

“එහ්– අ- අ- අයියේ මොකද්ද , ඒයි එහාට වෙනවා”

“ඇයි උඩදි කිව්වෙ මාව කිස් කරන්න ඕන කියල.”

සෝෆා එකට ඇලිල ඉදපු මගෙ මූණට එබිල ඉන්න රාදෙව් අයියව තල්ලු කරල දාල මම කිචන් එකට දිව්වා. ආආඅශ් අද නම් දවස පටන් ගත්ත වෙලේ ඉදන් අපලයි. උදේටත් කාල අපි ටික ක්ලාස් යන්න හදද්දි රාදෙව් අයියලත් ක්ලාස් යන්න ගියා.

ක්ලාස් ඉවර වෙලා ගෙදර යද්දි නම් හයත් පහු වෙලා. ගෙදර යන ගමන් මම කල්පනා කරේ ගෙදරින් පිට ඉද්දි මගෙ හිතට දැනෙන සැනසීම ගෙදර ගේට් එක ලගින් ඇතුලට ගියපු ගමන් නැති වෙන්නෙ ඇයි කියල. දවසෙම හිනා වෙලා කෑ ගහල ඉන්න මම ඒ ගේ ඇතුලෙ කොච්චර නිහඩ මනුස්සයෙක් වෙනවද කියන එක. මම ඕව හිත හිත ගෙදර යනකොට ගාඩ්න් එකේ බෙන්ච් එක ලගට වෙලා ඉදපු අයියා මම එනව දැකල නොදැක්කා වගේ ගේ ඇතුලට යද්දි ඌ දිහා බලන් ඉදල ඔලුව දෙපැත්තට වනපු මම ගේ ඇතුලට වත් නොයා මගෙ කපුරු මල් පාත්තිය ලගට ගියා.

ගිය මාසෙ ගෙනාපු සුදු පාට කපුරු පැලේ මල් කිනිත්තක්ම ඇවිත් සමහරවිට හෙට පිපෙයි. එතන ගොඩක්ම තිබ්බෙ සුදු කපුරු. ක්‍රිම්සන් රතු පාට ඒවයි. හැම පැලේකම වගේ මල් පිපිල තිබුණා. ඒවගෙන් එන්නෙ හරි නොස්ටැල්ජික් සුවදක්.මගේ හිස් බිත්ති හතරකට වට වුණ සීතල කාමරේට වඩා මෙතන කොච්චර සනීපද. මම බෑග් එක ගලවල බෙන්ච් එක උඩට දාලා ස්ලිපර්ස් දෙකත් ගලවල පැත්තකින් තිව්වා. අද ශුවර් එකටම අනිල් පැල වලට වතුර දාන්න ඇති. එයා ගෙදර ඩ්‍රයිවර් වුණාට එයාට ටයිම් තියෙන වෙලාවට ගෙදර වැඩත් කරන නිසා අපිට තව කව්රුවත් වැඩට ගන්න ඕන වුණේ නෑ. කකුල් වලට දැනෙන උදු පියලිය වල සීතල ගතිය යටි පතුලෙ ඉදල මගෙ ඇග පුරාම යද්දි මම ලොකු හුස්මක් අරන් මුළු පපුවම පුරව ගත්තා.

එතකොටම ආපු හෝන් සද්දයක් නිසා මම ගේට් එක පැත්ත බැලුවම දැක්කෙ තාත්ත ඇවිත් ඉන්නවා. මම දුවල ගිහිම් ගේට් එක ඇරියම. තාත්ත කාර් එක දාල ඇවිත් මම ලගින් හිට ගත්තම මම තාත්තගෙ අතේ එල්ලුනා.

“මොකද තාම මෙතන.”

“නිකම් ටිකක් ඉදල යන්න හිටියෙ. යන් දැන් ඔයත් ආවනෙ.”

“ම්ම්ම් යන්.”

මම තාත්තගෙ අතින් අල්ලන් බෑග් එකත් අරන් ඇතුලට යන්න යද්දි දොර ලග හිටගෙන ඉදපු අමේලි අම්මා මටත් රවල ගෙට ගියාම මම ඒක නොදැක්කා වගේ හිටියෙ මගෙ මූඩ් එක වෙනස් වෙනව දැක්කොත් තාත්තත් අව්ල් යන නිසා. නැතත් අද තාත්තගෙ මූණ එච්චර හොද නෑ.

“තාත්තෙ කම්පැනි එකේ ප්‍රශ්නයක්ද.”

“එහෙම නෑ අද මහන්සි ටිකක්.US වල අලුතින් ඕපන් කරපු අවුට්ලට් එක නිසා මේ ටිකේ බිසී.”

තාත්ත කියපු දේ එච්චර ශුවර් එකක් නැති වුණත් මම ඒකට ඔලුව වනල මගෙ රූම් එකට ආවා. තාත්ත කියන්නෙ බිස්නස් ප්‍රශ්න ගේ ඇතුලට ගේන මනුස්සයෙක් නෙවෙයි. ඒවා කම්පැනි එකේ ගේට් එකේම එල්ලලා ගෙදර එන මනුස්සයෙක්. මම කොච්චර ඇහුවත් ඕක කියන් නෑ කියල දන්න නිසාම මම වැඩිය අහන්න ගියෙත් නෑ. මම නාලා ෆෝන් එකත් චාර්ජ් වෙන්න දාලා පහලට ගියේ කෑම කන්න. මම යද්දිත් ගෙදර හැමෝම කෑම මේසෙ. තාත්තගෙ මූඩ් එක තාම හොද වෙලා නෑ. ඒක දැක්කම මගෙ නලල රැලි ගැහුන හැටි දැකලද මන්දා තාත්ත මට මවාගත්ත හිනාවක් දුන්නා. අමේලි අම්මා නම් හැමදාම වගේ මට හින්ට් එකක් ගහන්න බලාගෙනම හිටියා.

“අහ් ඔය ආවෙ. ලොකු හාමු එනකම් හිටියෙ අපි කෑම කන්න.”

“මේලී!”

අමේලි අම්මාගෙ හින්ට් එකට තාත්ත දැම්ම සද්දෙ නිසාම අපි පාඩුවෙ කෑම කන්න ගත්තා. ඒකත් ටික වෙලාවකට විතරයි.ඊලගට අමේලි අම්මාගෙ වචන නිසා මම අන අන ඉදපු බත් කට එහෙමම නැවතුනා.

“ඔන්න තිදස් ඔයාගෙ අම්මා ලංකාවට ඇවිත්ලු. තාත්තා කිව්වෙ නැද්ද ඔයාට, “

මගෙ අත් එක සැරේටම වෙව්ලන්න ගත්තා මම ඇසුත් ලොකු කරන් අමේලි අම්මා දිහා බැලුවම එයා මට කට කොනෙන් හිනාවක් දුන්නෙ හරි පාච්චල් විදියට. මම එහෙමම තාත්ත දිහා බැලුවම තාත්ත මම දිහා බැලුවෙ නෑ. එයා පිගාන දිහාම බලාගෙන හිටියෙ හරියට ඒක එයාගෙ වැරැද්දක් ගානට.

“ඔයාට දැන් ඕනෙ නම් පුළුවන් ඉතින් අම්මා ලගට යන්න. කොහොමත් මෙහෙට වඩා එහෙ හොද වෙයි.”

“මේලී! තමුසෙ මොනවද මේ දරුවට කියන්නෙ.”

“මම වැරදි දෙයක් කිව්වෙ නෑ අගස්ති!”

මම මුකුත්ම කිව්වෙ නෑ. ඇත්තටම මම මොනව කියල කියන්නද, අමේලි අම්මට ඕන එයාටම කියල පව්ලක් හදාගන්න වෙන්න ඇති. මේ ගෙදර පිට එකෙක්ට ඉන්නෙ මම විතරයිනෙ. තාත්තා සද්දෙට පුටුව පස්සට කරන් නැගිටල යන්න ගියා. තාත්ත ගියා විතරයි අමේලි අම්මත් යන්න ගියේ අයියයි මායි විතරක් කෑම මේසෙ ඉතුරු කරල. මේක එච්චරම සංකීර්ණද, මට තේරෙන්නෙ නෑ. අම්මා කියන වචනෙට මම එච්චරටම බය මොකටද. මට මතක ඇති කාලෙ ඉදන්ම ආදරේ නොලැබෙන බව දැන දැනත් අම්මගෙ පස්සෙන් වැටිල හිටියා. අම්මා බැනල එලවන වෙලාවට පවා මම ඇඩුවෙම අම්මව ඉල්ලලා වෙද්දි ඒ හැමදේකින්ම පස්සෙදි උනත් අම්මා මාවයි තාත්තවයි දාල ගියපු දවසෙ පවා මම අම්මගෙ ගව්මෙ එල්ලිලා යන්න එපා කියල ඇඩුවෙ ඇයි කියල අවුරුදු ගානක් ආපස්සට ගිහිම් මට මගෙන්ම අහන්න හිතුනා.අයියා මම දිහා බලන්න ඇති, මගේ මූණෙ පැත්තකට එයාගෙ බැල්ම දැනුනා. ලොකු හුස්මක් ගත්තු එයත් නැගිටල යන්න ගියාම මම විතරක් කෑම මේසෙ ඉතුරු වුණා. මටත් සාමාන්‍ය පව්ලක් තිබුනා නම් මේ වෙලාවෙ අපි කොච්චර සතුටෙන් ඉන්න තිබුණද. මම ලොකු හුස්මක් අරන් කෑම මේසෙ අස් කරන්න ගත්තා. නැත්තම් හෙට උදේ සීතා අම්මා එනකම්ම මේවා මෙහෙම තියේවි.

මම කාමරේට ඇවිත් ෆෝන් එක අතට අරන් බලද්දි රාදෙව් අයියගෙන් මිස් කෝල් එකක් තිබ්බත් මට කෝල් බැක් කරන්න තරම් මයින්ඩ් එකක් තිබුණෙ නෑ. මම ෆෝන් එක එහෙමම ටේබල් එක උඩට අත ඇරල ගිටාර් එක ලගට ගියා. ගිටාර් එක ඇතුලෙ තිබුණ Marlboro බොක්ස් එකයි ලයිටර් එකයි අතට ගත්ත මම බැල්කනි එකට ගියා. එතකොටම ෆෝන් එක රින් වුණ සද්දෙට මම කරන්න ගිය වැඩේ පැත්තකට දාල කෝල් එක ආන්සර් කරා . හෙලෝ , හායි මුකුත් නෑ ෆෝන් එක ආන්සර් කරපු ගමන්.

“වාසු!”.

“ඇ– ඇයි රාදෙව් අයියේ.”

“කොහෙද හිටියෙ, ෆෝන් එක ආන්සර් කරේ නැත්තෙ මොකද.”

“……………….”

“වාසු?”

“අහ් කියන්න අයියේ.”

“කියන්න නෙමේ උබ මොන ලෝකෙද ඉන්නෙ කියපන්.”

“එහෙම නෑ ඇයි ගත්තෙ.”

“වැඩකට ගත්තෙ.දැම් ඒක හරි.”

“ම්ම්”

“උබ ප්‍රශ්නෙකද ඉන්නෙ?”

“නැ.”

“වාසූ?”

මම ලොකු හුස්මක් පාත දැම්මා, එයා මගෙන් ප්‍රශ්නයක්ද අහනව මේ තරම්ම මගෙ හුස්මකින් වුණත් මාව අදුරගන්නෙ කොහොමද කියල අහන්න හිතුනත් මම කතා නොකරම හිටියා. මගෙ සද්දයක් නැති නිසාම වෙන්න ඇති රාදෙව් අයියත් කතා නොකරම ලයින් එකේ හිටියා. මම බැල්කනි එකේ සීතල පොලවෙම නිදාගෙන ඉමක් කොනක් නොපෙනෙන අහස දිහා බැලුවා.වහින්නද මන්දා මුළු අහසම බර වෙලා තියෙද්දි සැරින් සැරේට එන හුළගෙ තෙත ගතිය නිසා හිරිගඩු පිපුණා. දැන් මගේ ඇස් ….. ඒවා හිස් ඇති. රාදෙව් අයියට වගේ හැම වෙලාවෙම හැගීම් වලින් පිරිච්ච ඇස් නෙවෙයි මට තිබුණෙ His eyes are always full of life. . ඒත් මගේ..ඒවා නිතරම හිස් බව පිරිල අජීවී විදියට තිබුණා. තප්පරයක් දෙකක් යන්න ඇති. එහා පැත්තෙන් මුලු හිතම නිවන්න පුළුවන් හැගීම් පිරිච්ච ගැඹුරු පිරිමි කටහඩක් ඇහෙන්න ගනිද්දිම මගෙ අතින් ෆෝන් එක කනට තද වුණා. අතේ තිබුණ සිගරට් එක අතටම ගුලි වෙලා පොඩි වෙලා ගියා..

නිල් දිය ගං දොළ ගාව වගේ
කල්හාර මල් පාට නැතේ
හමු වුවන් මතකයේ ඇදේ

ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා
ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා
කල්හාර මල් පාට නැතේ
මං මොනවත් දන්නෙ නැතේ

සුළගින් වගේ හමුවෙලා
සුසුමක් වගේම ගලපලා
පොරොන්දූ පිණි වුනා
නටු අගිසි හිද මියැදුනා

ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා
අහම්බෙන් වගේ හමුවෙලා
ගැලපිලා වගේම ගලපලා
පොරොන්දූ පොරොන්දම්

ඈ සුළගක් කියා ඇතේ
ඈ සුළගක් පෙම් කියා ඇතේ
නිල්දිය ගංදොල ගාව වගේ
කල්හාර මල් පාට නැතේ
හමුවූවන් මතකයේ ඇදේ…….

රාදෙව් අයියගෙ කටහඩ ඇහෙන් නැතුව ගියාට පස්සෙ මම හිමීට ඇස් ඇරියම මගෙ හිතේ තිබ්බ දුකෙන් භාගයක්ම ඈත ඉදලම එන තෙත හුළගෙ ගහගෙන ගියා වගෙ දැනෙන්න ගත්තම මම බිමින් නැගිට්ටා.

“සිගරට් එක විසි කරල දාල ගිහිම් නිදා ගන්න වාසු. හෙට ක්ලාස්නෙ..”

බීප්…..බීප්….බීප්……..

කෝල් එක කට් වුණා. මට මුකුත් කියන්න නොදීම. එයා කොහොමද දන්නෙ? මට ආපු ලොකුම ප්‍රශ්නෙ ඒක. මම වම් අතට පොඩි වෙලා ගියපු සිගරට් එක දිහා බැලුවා. මට මම ගැන තරහක් විතරයි හිතුවෙ. මම රාදෙව් අයියටත් ප්‍රොමිස් වුණානෙ. ශිට් ඇයි රාදෙව්ම. මේ මිනිහා මෙහෙම ඉදල ඉදල ක්‍රශ් එක සෙට් කරන් ටටා බායි කියල ගිය දවසට, චහ්!
මම සිගරට් බොක්ස් එකම පොඩි කරල ටොයිලට් එකට දාල ෆ්ලශ් කරල ඇවිත් ඇදට වැටුනා.

ඈ සුළගක් කියා ඇතේ
ඈ සුළගක් පෙම් කියා ඇතේ
නිල්දිය ගංදොල ගාව වගේ
කල්හාර මල් පාට නැතේ
හමුවූවන් මතකයේ ඇදේ…….

ගිහිම් එන්නාම් ළමායී………. මම ඔයාලගෙ දාස්…🐳

Tags: read novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 16🍃, novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 16🍃, read Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 16🍃 online, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 16🍃 chapter, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 16🍃 high quality, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 16🍃 light novel, ,

Comment

Leave a Reply

Chapter 17