À¶†À¶ºà·” (Completed) Âœ” 01

A+ A-

චටාස්….

“උබ ඔය කොල්ලා එක්ක තියන සම්බන්දේ නැවැත්තුවෙ නැත්තම් මම නරක මිනිහා කියන්න එපා ආයූ”

“බෑ තාත්තේ මට බෑ මම තේව්ට ඇත්තටම ආදරෙයි. ඇයි තාත්තෙ මාව තේරුම් ගන්න බැරි ඔයාට.”
ආයුගෙ දෑසින් කදුලු කඩා හැලෙන්නට විය.

“උඹ කාලකණ්ණියා. උබ හදන්නෙ මෙච්චර කාලයක් මම හදාගත්ත නම නැති කරලා දාන්නද මිනිහෝ ආ…”

ගුණවර්ධන මහතා කෑ ගසන්නට විය. ඔහුගෙ දෑස් කෝපයෙන් රත් පැහැයට හැරී ඇත.

“නෑ තාත්තෙ නැ මම තේව්ව අත අරින්නෙ නැ.පුලුවන් දෙයක් කරන්න. එයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න මම ලෑස්ති.”
ආයු අඩමින් කියන්නට විය.

“හරි පුතේ.. අපි බලාගමු.”

ආයු අඩමින් ගුණවර්ධන මහතාගෙ දෙපා මුල වැද වැටුනද, ඔහු ආයු දෙස හැගීම් විරහිත දෑසින් බලා විශාල මන්දිරය මැද තරුණයාව තනිකර දමා ඔහුගෙ සුඛෝපභෝගී රථයට නැගි පිටත්ව යන්නට විය…

මේ උදෑසනම ගුණවර්ධන මැදුරෙන් ඇසෙන්නට වූ ඝෝෂාවයි. නිවසේ සියලුම සේවක සේවිකාවන් අසරණව බලා සිටින්නෙ මන්දිරයෙ මැද හිදගෙන හඬනා ඔවුන්ගෙ ‘පුංච් බේබි’ දෙසයි. අවුරුදු විසි අටක් වන තරුණයෙකු වුවත් ගෙදර සැමගෙ හුරතලය ඔහුය. කාටත් එක සේ සලකන ඔහුගෙන් කිසි විටක සේවක සේවිකාවන් කියා ඔවුන්ව පහත් කිරීමක් නැත. සැම විටම සිනහවෙන් මුව පුරවාගෙන සිටීම ඔහුගෙ පුරුද්දය.

නමුත්; අද දින වෙනදාට තරු කැට මෙන් බබලන ඔහුගෙ දෙනෙත්  මලානික වී ඇත. ඒවා රත් පැහැයට හැරී ඉදිමී ඇති ආකාරයෙන් බලනා ඕනෙම කෙනෙකුට පෙනී යන්නෙ ඔහු එක දිගට පැය ගණනාවක් හඩා ඇති බවය. අනෙක් අතට ඔවුන්ගෙ හුරතල් පුංචි බේබි දෙස අසරණව බලා සිටීම විනා කල හැක්කක් ද ඔවුන්ට නැත. ඊට ප්‍රධානම හේතුව නම් ගුණවර්ධන මහතා පිළිබදව ඔවුන්ගෙ සිත් තුළ ඇති බිය යි.

ආයු සෙමෙන් සෙමෙන් හිදගෙන සිටි තැනින් නැගිට ගත්තෙ තවත් එතන හිදගෙන සිටීමෙන් ඵලක් නොමැති බව තේරුන නිසා විය හැක. උදෑසන අවදි වූ මොහොතේ සිට ඔහු හඩා ඇත.  ඔහුගෙ ශරීරයට පණක් ඇත්තේම නැති බව ඔහුට හැගෙන්නට විය. නමුත් ඔහු සෙමෙන් සෙමෙන් ඔහුගෙ කාමරය දෙසට ඇදෙන්න්ට විය.

ආයු POV
.

.
‘හ්ම්ම්ම්…’ මට බර හුස්මක් පිට උනා…

. මම හිමීට කාමරේට ඇවිත් ඇදෙන් වාඩි වෙලා ජනේලෙන් එළිය බලාගෙන කල්පනා කරන්න පටන් ගත්තා.
මට තේරෙන්නෙ නෑ ඇයි මම මේ තරම් අවසනාවන්ත කියලා. මගෙ අම්මා මාව දාලා යනකොට මට අවුරුදු දහයක් විතර ඇති. එදා ඉදලා කොච්චර සල්ලිකාර ජීවිතයක් ගත කරත් මට ආදරේ නම් ලැබිලා නැ. “තාත්තා” මගෙ ජීවිතේ තාත්තා කෙනෙක් ඉන්නවා නම් ඒ නමට විතරයි කිව්වොත් ඔයාලා පිළිගන්නවද. එයා කවදාවත් මට ආදරේ කරලා නැ. එයාට වැදගත් උනේ සල්ලි බලය නම්බුව විතරයි. මාවත් නිකන්ම නිකන් ගණුදෙනුවක් විතරයි එයාට.
සමහර අය නම් කියන්නෙ සල්ලි බලය තියනවා නම් සතුටින් ඉන්න පුලුවන් කියලා. ඒත් සල්ලි විතරක් තිබිලා මදි කියලා තේරෙන්න නම් මම වගෙ තනි වෙන්නම ඕනෙ…

මගෙ නම අයුක්ෂ හේෂව් ගුණවර්ධන. අවුරුදු 28යි.GW ව්‍යාපාර ජාලයේ ඊළග උරුමක්කාරයා.
හ්ම්ම් ඔව්; මුළු ලෝකෙම ප්‍රසිද්ධ GW ව්‍යාපාර ජාලය අයිති මගෙ තාත්තට.

     අයුක්ෂ හේෂව් ගුණවර්ධන

     අවුරුදු 28

  

   
මගෙ තාත්තා අද උදේම මට කෑගහලා බැනලා ගියෙ මගෙ එකම ආදරේ අත අරින්න කියලා. මම දන්නැ එයා කොහොම අපෙ සම්බන්දේ ගැන දැනගත්තද කියලා. ඒත් කොහොම හරි දැනගෙන උදේම මට ගහලා කිව්වෙ සම්බන්දේ නවත්තන්න කියල.ඒත් මම කොහොමද එහෙම කරන්නෙ මට ඉන්න එකම සැනසීම මගෙ මුළු ලෝකෙම එයානෙ. අම්මා නැති උන දවසෙ ඉදලා කාගෙන්වත් ආදරයක් නැතුව තනියම හැදුන මට අහම්බෙන් හම්බ උන එයා මගෙ මුළු ලෝකෙම උනා. එයාව මතක් උනත් ඇති මගෙ මූණට හිනාවක් එන්න.

මගෙ ආදරේ නිකේත් තෙව්හස් වීරවර්ධන. හී හී ඔව් ඔව් මම ආදරේ කරන්නෙ පිරිමි ළමයෙක්ට තමා. එයා සාමාන්‍යය පවුලක පළවෙනි ළමයා උනා. හරිම අහිංසක රටක් වටින ළමයෙක් කියලද හිතුවෙ පුහ්:; නෑ මොන පිස්සුද තනිකරම රන්ඩු කෙක්කක්. රන්ඩු කොතනද මෙයා එතන. එයාගෙ වැඩ ගැන මතක් කරද්දිත් මට තියන ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා වගෙ මට දැනෙන්නෙ..

එයාව මට ඉස්සෙල්ලාම හම්බ උනේ…..

ටොක් ටොක් ටොක්..

එක පාරටම මගෙ කල්පනා ලොකේ කඩාගෙන වැටුනෙ මගෙ කාමරේ දොරට කවුරු හරි තට්ටු කරනවා ඇහිලා. ඒත් එක්කම දොරත් ඇරගෙන කාමරේ ඇතුලට ආවෙ…….. 
මාව චූටි කාලෙ ඉදලා බලාගත්ත ලලිතා අම්මා. මගෙ අම්මා නැති උන දවසෙ ඉදලා මේ වෙනකන්ම මට අම්මා උනේ මේ මනුස්සයා. තාතතට මම ගැන හොයන්න වෙලාවක් නැති උනාම චූටි කාලෙ ඉදලා මගෙ හැමදෙයක්ම උනේ ලලිතා අම්මා අතින්.

“පුංචි බේබි”

ලලිතා අම්මා මට කතා කරගෙනම කාමරේ ඇතුලට ආවා. එයාගෙ අතේ කිරි වීදුරුවක්.

“උදේ ඉදලා මුකුත් කාලා නෑ මගෙ දරුවෝ ඔයා. මේ කිරි එකවත් බොන්න රත්තරන්.”  
ලලිතා අම්මා මගෙ ඔලුව අත ගානගමන් කියනවා. ඒත් මට මුකුත් කන්න බොන්න පිරියක් නෑ.

“අනෙ එපා ලලිතා අම්මා. මට බොන්න බෑ.”

ලලිතා අම්මා මගෙ ලගින් ඉදගෙන මාව එයාට තුරුල් කරගත්තා.

“එහෙම කියලා බෑ දරුවෝ. ඔහොම තමා ප්‍රශ්න එනවා අපෙ ජීවිත වලට.ඒත් අපි වැටිලා හරියන්නෙ නෑනෙ. ශක්තිමත්ව ඒ ප්‍රශ්න වලට මූණ දෙන්න පුලුවන් වෙන්න ඕනෙ. ඔයා ශක්තිමත් වෙන්න ඕනෙ දරුවෝ. ඔයා නොකා නොබී අසනීප උනොත් කොහොමද ප්‍රශ්න වලට මූණ දෙන්නෙ. අර දරුවා උනත් ඔයා ඔහොම නොකා නොබී ඉන්නවා කියලා දැනගත්තොත් මොනවා වෙයිද. ඒක නිසා  මගෙ හොද දරුවා වගෙ මේ කිරි එකවත් බොන්න.”

ලලිතා අම්මා මගෙ ඔලුව අත ගාන ගමන් කියව කියව කිරි එක ඔක්කොම මට පොවලා ඉවර කරලා නැගිටලා යන්න ගියෙ ශක්තිමත්ව ඉන්න ඕනෙ දේකට මාත් එක්ක එයා ඉන්නවා කියන එක කියාගෙනමයි.

ලලිතා අම්මා තමා මගෙ හැමදේම දන්නවා මගෙ ආදරේ උනත් එයාට රහසක් උනේ නැ. මම ආදරේ කරන්න පටන් ගත්ත ගමන් එයාට තමා ඒ ගැන මම ඉස්සෙල්ලාම කිව්වෙ. මොකද ඒ තරමට එයාව මට සමීපයි. හරියට මගෙ දෙවනි අම්මා වගෙ. එයාටත් මාව එයාගෙම පුතා උනා. පුංචි කාලෙ ඉදලම මට අම්මා නැති අඩුව පිරෙව්වෙ ලලිතා අම්මා තමා.

මට තේරෙන්නෙ නෑ මම කොහොම මගෙ ආදරේ ගැන මගෙ තාත්තට තේරුම් කරලා දෙන්නද කියලා. තාත්තට තියෙන ප්‍රශ්නෙ මම ආදරේ කරන්නෙ පිරිමි ළමයෙක් උන එක නෙවෙයි එයා දුප්පත් උන එකයි. මම දන්නැ ආදරේට කොහොම දුප්පත් පෝසත් භේදය බලපානවද කියලා. අපි ආදරේ කරන්න ඕනෙ අපෙ හිතට දැනෙන කෙනාට නෙවෙයි ද. අපිට ආදරේ කරන කෙනෙකුට නෙවෙයි ද. ඇයි තාත්තලට මේවා තේරෙන්නෙ නැත්තේ.

එයාව මට ඉස්සෙල්ලම හම්බ උනේ මීට අවුරුද්දකට විතර කලින්. ඒ එයාගෙ බයික් එකට මාව accident වෙන්න ගිහිල්ලා….à·„à·“ à·„à·“..

අතීතයට….

අනේ මේ කාර් එකටත් දැන්ම කැඩෙන්න ඕනෙ උනානෙ. අයියෝ මම meeting එකට හොදටම පරක්කුයි දෙයියනේ.. අද නම් මම තාත්තගෙන් හොදටම බැනුම් අහනවා ඒක ෂුවර් ම්හුක්…

මම හිටියෙ company එකට යනගමන්. අද මට නැගිටින්න ටිකක් පරක්කු උන නිසා අද තියන important meeting එකට පරක්කු වෙයි කියන බය නිසාමයි ඉක්මනට company එකට යන්න හැදුවෙ. ඒත් කොහෙද මගෙම වෙලාවට මේ වාහනේටත් කැඩෙන්න ඕනෙ උනා නෙ.අද නම් මම ඉවරටම ඉවරයි. වෙන කරන්න දෙයක් නැති නිසා මම taxi එකක් දාගෙන company එකට යන්නයි හැදුවෙ. Pick me එකෙන් taxi එකක් දාපු මට කෝල් එකක් ආවෙ තාත්තගෙන්. ඒකට answer කරන ගමන් මම පාරෙන් එහා පැත්තට යන්න හැදුවෙ taxi එක ආපුගමන් යන්න ලේසි නිසා. ඒත් එක්කම දූවිලි කපාගෙන මගෙ පැත්තට බයික් එකක් එනවා විතරයි මට මතක මම ඇස් දෙක තද කරලා වහගත්තා. මට දැනුනෙ මගෙ කකුල් දෙක ලොක් වෙලා වගෙ..

ඒත් එක්කම……

———————————————————–

හායි ළමයි මේක මගෙ පලවෙනි කතාව. අඩුපාඩු ඇති ටිකක් නෙවෙයි ගොඩක්. මම ඉල්ලනවා ඔයාලගෙන් මගෙ කතාවට කැමති නම් දිගටම මාත් එක්ක ඉන්න කියලා.

තව දෙයක් කියන්න ඕනෙ මේක mpreg කතාවක්. මුලින්ම මේක කිව්වෙ අකමැති කෙනෙක් ඉන්නවා නම්  එයාට අපහසුතාවයක් වෙයි කියලා හිතුන නිසයි.

දිගටම මාත් එක්ක ඉන්න

ස්තූතියි..!
මම නෙතූ…..❤️💚

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 01, novel À¶†À¶ºà·” (Completed) Âœ” 01, read À¶†À¶ºà·” (Completed) Âœ” 01 online, À¶†À¶ºà·” (Completed) Âœ” 01 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 01 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 01 light novel, ,

Comment

Leave a Reply

Chapter 1