À¶†À¶ºà·” (Completed) Âœ” 04

A+ A-

“හෙලො සුදු අයියේ. ඔයා කොහෙද ඉන්නෙ ? මට දැන් lectures ඉවර උනේ.”

ඔව් ඔව් මගෙ තේව් තමා කතා කරන්නෙ. එයාගෙ කටහඬ ඇහුනත් ඇති මට ප්‍රශ්න අමතක වෙලා යන්න. ඒ තරම් සැනසීමයි එයාගෙ කටහඩත්.

“හෙලෝ රන්. මම ගෙදර ඉන්නෙ. ඔයා කෑවද ?.”

“සුදු අයියෙ ඔයා ඇඩුවද. ඔයාගෙ කටහඩ අමුතුයි වගෙ…”

පුලුවන් තරම් වෙනසක් නොපෙනෙන්න එයා අහපු ප්‍රශ්නෙට උත්තර දෙනගමන් එයාගෙන් කෑවද ඇහුවට පැය ගානක් ඇඩුව නිසාද කොහෙද එයාට මගෙ කටහඩේ වෙනසක් තේරිලා තිබුනා. 

“  න්..නැ නැ තේව්.. ම්..මේ  ප්..පොඩ්ඩක් මට හෙම්බිරිස්සාව  ඔව්  මේ  හෙම්බිරිස්සාව වගෙ ඒකයි.”

“බොරු කියන්න එපා ආයු. ඇත්ත කියපන් මට.  තමුසෙ ඔය ගොත ගගහා කියන්නෙ බොරු නේද. උබ අඩලා නේද ඉන්නෙ. අනික උදේ කතා කරද්දිත් හොදට හිටපු ඔයාට එක පාරටම හැදුන හෙම්බිරිස්සාව මොකක්ද ? “

” නැ මේ මම දවල් නාලා අයිස්ක්‍රීම් කෑවා නේ ඒකයි මහත්තයෝ. මම බොරු නෙවෙයි කියන්නෙ අලෙව්ව්… අනික මම ඔයාට කවදාවත් බොරු කියලා තියනවද ම්හුක්..”

මම බොරුවට හුරතල් වෙන ගමන් එහෙම කිව්වෙ එයාට මම ඇඩුවා කියලා කියන්න බැරි නිසා. මට බෑ අද උන දේ තේව්ට කියන්න. මොකද මම දන්නවා තේව් ඒක  ගැන ඕනවට වැඩිය හිතන්න ගන්නවා. අනික තව සතියකින් එයාට exam පටන් ගන්නවා. ඒ අස්සට මේ ප්‍රශ්න කියලා එයාව strees කරන්න කොහෙත්ම උවමනාවක් නැ මට.අඩුම තරමෙ එයාට exam ඉවර වෙනකම්වත් මේක හංගන්න ඕනෙ. ඒකයි මම එයාට බොරු කිව්වෙ.

“හ්ම්ම්. හරි අයියෙ එහෙනම් ඔයා කියපු බොරුව මම පිලිගත්තා කියලා හිතාගන්නකො එහෙනම්.”

මම මොනා කිව්වත් දැන් වැඩක් නැ මොකද මම ගොත ගගහා කතා කරපු වෙලාවෙම එයාට තේරෙන්න ඇති මම කිව්වෙ බොරු කියලා.

” හරි හරි අනේහ්හ්. කියන්නකො ඔයා කෑවද ?”

” ඔව් ඔව් මම කෑවා. අයියා බබා කෑවද?”

” ඔව් ඔව් මාත් කෑවා”

උදේටත් කිරි එකක් විතරක් බීලා හිටය මම බොරුවට කෑවා කිව්වෙ නැත්තම් ඒකටත් බැනුම් අහන්න වෙන නිසා.

“හුම්ම්ම්. හරි අයියෙ. මම බස් එකට නගින්න හදන්නෙ. ඔයාට මම ගෙදර ගිහිල්ලා මැසේජ් එකක් දාන්නද”

“හරි පණ. බුදු සරණයි. පරිස්සමෙන් ගෙදර ගිහිල්ලා මැසෙජ් එකක් දාන්න. උම්ම්මා. ආදරෙයි.”

“හරි අයියෙ. බුදු සරණයි පරිස්සමෙන් ඔයත්. මාත් ආදරෙයි.”

එයත් එක්ක කතා කරලා ඉවර වෙලා මම පහලට ගියෙ මොනා හරි පොඩ්ඩක් බඩට දාගන්න කියලා හිතාගෙන. ලලිතා අම්මට කියලා නූඩ්ල්ස් එකක් හදාගෙන ඒක කාලා ආයෙ කාමරේට ඇවිත් මම කරේ පොඩ්ඩක් නිදාගත්ත එක. පැය දෙකක් විතර නිදාගෙන ඇහැරිලා ෆෝන් එක බලද්දි තේව් මැසෙජ් එකක් දාලා තිබුනෙ ගෙදර ආවා කියලා. එයාටත් රිප්ලයි කරලා මම ගියෙ wash up වෙන්න bathroom එකට. පැය බාගයක් විතර අරගෙන wash up වෙලා ඇවිත් මගෙ ආසම පිජාමා එකකුත් දාගෙන ඇදට ආවෙ දැන් වෙලාව 6.30 විතර ඇති නිසා. ඒ එක්කම ෆෝන් එකට කෝල් එකක් ආවෙ තේව්ගෙන්.

එයත් එක්කත් පැය ගානක් කතා කරලා අන්තිමට එයා ෆෝන් එක තිබ්බෙ එයාලගෙ අම්මිට මාව බලන්න ඕනෙ කියන නිසා හෙට ගෙදර එන්න ලෑස්තී වෙන්න කියනගමන්මයි. කෝල් එක ඉවර වෙලා කාලා එහෙමම ඇදට ඇවිත් නිදාගත්තෙ හෙට එයාලගෙ ගෙදර යන්න ඕනෙ නිසා.

Next day morning….

පහුවදා මම උදේම නැගටලා office එකේ වැඩකුත් කරලා තේව්ට කෝල් කරේ එයා කොහෙද ඉන්නෙ අහන්න. අද office යන්න ඕනෙ උනෙත් නැත්තෙ මොකක්ද නිවාඩුවක් තිබුන නිසා. තේව්ටත් නිවාඩු උනත් එයා යාලුවෙක් එක්ක ටවුන් එකට ආවෙ එයාට මොකක්ද වැඩක් කරගන්න තියනවා කියලා. ඒත් එක්කම අපි කතා උනේ දෙන්නත් එක්කම එකට තේව්ගෙ ගෙදර යන්න. ඒක නිසා මම එයාට කිව්වෙ මාලිගාව ලග ඉන්න මම එයාව pick කරන්නම් කියලා.

“හරි තේව්… මම ඉක්මනට ලෑස්ති වෙලා එන්නම්. ඔයා මාලිගාව ලග ඉන්න එහෙනම්.”

“හරි සුදූ බුදු සරණයි… පරිස්සමෙන් එන්න.”

“හරි මගෙ මැටි අලේ. බුදු සරණයි. ඔයත් පරිස්සමෙන්”

මම එහෙමම ඉක්මනට කෝල් එක කට් කරලා ටවල් එක අරන් බාත් රූම් එකට ආවෙ ලෑස්ති වෙලා මාළිගාවට ලගට යන්න. තාත්තා උදේ කොළඹ ගිය නිසා අවුලක් නැ. ආයෙ එයා එන්නෙ හෙට හවස. ඒවා ගැන හිත හිතම මම සෝදගෙන ඉක්මනට එළියට ආවා. ගැලපෙන ඇදුමක් අරගෙන ඇදගත්ත මම Car එකේ key එකයි wallet එකයි අරගෙන ඉක්මනට car එකට නැග්ගෙ ලලිතා අම්මටත් කියාගෙනමයි.

පැය බාගයක් විතර ඇතුලත මට පේරාදෙණියේ ඉදලා මාලිගාව ලගට එන්න පුලුවන් උනා. වාහනේ slow කරලා මම වටපිට බලද්දි දැක්කේ කලු පාට ටී ශර්ට් එකට නිල් පාට ඩෙනිමක් ඇදලා කනුවකට හේත්තු වෙලා ෆෝන් එක කන මගෙ මැටි අලේව. එයා කොහොමත් මට වැඩිය උස මහතයි. ජිම් ගිහිල්ලා හදාගත්ත ඇගත් එක්ක එයා වයසට වැඩිය පෙනුමට හිටියා.හරිම handsome අප්පාව්.ගිහිල්ලා උම්මියක් දෙන්න හිතෙනවා හුම්ම්.මම එයා ලගට ලන් වෙලා හෝන් එකක් ගහලා පැසෙන්ජර් සීට් එකට බර වෙලා ශටර් එකෙන් බලලා කතා කරාම ඉක්මනට එයා ඇවිත් කාර් එකට නැග්ගා.
 
මම ඉක්මනට නැමිලා එයාගෙ කම්මුලකට උම්මියක් දුන්නෙ එයත් ආපිට හිනා වෙලා මගෙ තොල් වලට පෙක් එකක් දෙනකොට. මම හිනා වෙලා වාහනේ පාරට දැම්මෙ කටුගස්තොට පැත්තට යන්න හිතාගෙන.

” වැඩේ කරගත්තද තේව්. යාලුවා ගියාද.?.”

මම drive කරනගමන්ම ඉද්දි කතා කරන්න පටන් ගත්තා.

“  ඔව් ඔව් මැණික වැඩේ කරගත්තා.”

ඊට පස්සෙ සාමාන්‍යය දේවල් ගැන කතා කර කර ටිකක් දුර ඇවිත් පාර අයිනට කරලා මම වාහනෙ නැවැත්තුවෙ හිතට ආපු ක්ෂනික අදහසක් නිසා.එයත් මගෙ දිහා ඇයි කියලා අහන්න වගෙ බලාගෙන ඉද්දි මම වාහනෙන් බැහැලා එයාට driving seat එකට යන්න කිව්වෙ මට එයාට තුරුල් වෙලා යන්න ඕනෙ උන නිසා. එයත් හිනා වෙලා මට නොරිදෙන්න ටොක්කක් ඇනලා driving seat එකට ගියෙ මුගෙත් පුදුම කෝලම් තියෙන්නෙ කියාගෙන.

අපි දෙන්නම ඉදගත්තට පස්සෙ එයා වාහනෙ හිමීට පාරට දාලා යන්න පටන් ගත්තෙ මම එයාගෙ අත තුරුල් කරගෙන ඒ අත් ගොබෙන් ඔලුව තියාගද්දි.

එයාගෙ පවුලෙ අය නම් අපි ගැන දන්නවා. ඒත් කලින් මම එයාලව හම්බ වෙලා නෑ. අම්මි නම් මට කෝල් වලින් කතා කරලා තියනවා. අපෙ සම්බන්දේට මුලින් මුලින් අම්මා අකමැති උනත් දැන් නම් එහෙම අකමැත්තක් පේන්න නෑ. අද පලවෙනි වතාවට එයාලව හම්බ වෙන්න යන නිසාද මංදා මම පොඩ්ඩක් කලබල වෙලා ඉන්නෙ. ඒක එයාටත් තේරිලද කොහෙද මගෙ හිස් මුදුනට හාදුවක් දුන්නෙ මාව සන්සුන් කරන්න හිතාගෙන වගෙ.

” තේව් පොඩ්ඩක් ඉස්සරහා keels එක ලග නතර කරන්නකො. මොනා හරි අරගන්න එපැයි”

මම එයාට කිව්වෙ ගෙදරකට යනකොට හිස් අතින් යන්න බැරි නිසා. අනික නැන්දම්මාගෙ හිත දිනාගන්නත් ඕනිනෙ. එයා නම් කිව්වෙම මුකුත් ගන්න ඕනෙ නැ කියන එක වෙද්දි මගෙ කියවිල්ල නිසාම එයා keels එක ලගින් වාහනෙ නැවැත්තුවා.

අපි දෙන්නා ගිහිල්ලා ගෙදරකට යනකොට අරගෙන යන බඩු වගේකුයි. නංගිට චොකලට්,චිප්ස්,බිස්කට් වගෙ දේවල් ගත්තෙ එයා ආස නිසා. ඒ අතරේ තේව්ගෙ රැවුම් ගෙරවුම් වලින් නම් අඩුවක් උනේ නෑ ඉතින්. ඒත් මේ ආයු ඒවට සැලෙනවද නෑනෙ නෑනෙ නෑනෙ…..ම්හුක්.

බඩු ටිකත් වාහනේට දාගත්තු අපි දෙන්නා ආයෙත් යන්න පටන් ගත්තෙ නැන්දම්මව බලන්න à·„à·“ à·„à·“ à·„à·“…. 

.

.

.

__________________________________________

එහෙනම් අපි ඊලග කොටසින් යමු ආයුගෙ නැන්දම්මව බලන්න…😌

නැන්දම්මා කැමති වෙයිද ඉතින් අපෙ සුදු අයියට…..

ඉක්මනටම ඊලගට කොටසින් හම්බ වෙමු……

ආදරෙයි….💚❤️

මම නෙතූ….

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 04, novel À¶†À¶ºà·” (Completed) Âœ” 04, read À¶†À¶ºà·” (Completed) Âœ” 04 online, À¶†À¶ºà·” (Completed) Âœ” 04 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 04 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 04 light novel, ,

Comment

Leave a Reply

Chapter 4