À¶†À¶ºà·” (Completed) Âœ” 05

A+ A-

හ්ම්ම්ම්ම්… මට බර හුස්මක් පිට උනා.  මායි එයයි දැන් මේ ඉන්නෙ එයාගෙ ගෙදර ඉස්සරහා. එයා වාහනේ හිමීට පාක් කරලා වාහනෙන් බහින්න ලෑස්ති උනේ මටත් එන්න කියාගෙන. ඒත් මම ඉක්මනටම එයාගෙ අතෙන් අල්ල ගත්තෙ තද කරලා. මම හොදටම කලබල වෙලා ඉන්නෙ අනේව්….

” අනේ මට බයයි මිනියො… එක්කො අපි ආපහු යමුද අලේ..වෙන දවසක එමු දැන් ගිහිල්ලා. ඈ සුදු මහත්තයෝ ආ..ආ.. එහෙම කරමු නේහ්. අනේහ් අනේහ්…..”

මම එයාගෙ අතේ එල්ලිලා නහයෙන් අඩන්න ගත්තෙ යන්න බැ කියලා. එයාගෙ අම්මා මට කලින් අකමැත්තක් පෙන්නුවෙ නෑ තමා ඒත් බයයි නෙ  අනේහ්. අනික ගෙදර ඇතුලට ගිය ගමන් කිව්වොත් උබර්ට දෙන්න පුතාලා මෙහෙ නෑ කියලා ම්හුක්.

“ආව්හ්..”

ඇන්නා කෙල්ලනෙ ඇන්නා. නැ නැ වෙන කොහෙටවත් නෙවෙයි මේ මිනිහා මගෙ ඔලුවට ටොක්කක් ඇන්නෙ හුම්.

” ඇයි අප්පා අනින්නෙ. සිදුනා පුංචි එකාට”

මම කිව්වෙ එයාට ගස්සලා අහක බලාගන්න ගමන්. බෑනෙ කරන්න මේ මනුස්සයා එක්ක. අහිම්සක කොව්වට ගහනවා.

” අනින්නෙ.. අනින්නෙ නෙවෙයි දැන් මම  දෙන්නෙ පිට පුපුරන්න එකක් පුංචි එකාට. ඇයි දැන් කී පාරක් උබට කිව්වද බය වෙන්න එපා කියලා ආ. ඇයි උබ හිතුවද අපෙ අම්මා උබට එන්න කිව්වෙ මරලා හංගන්න කියලා.”

එයා කිව්වෙ ආයෙත් මට ටොක්කක් අනින ගමන්. නපුරා.

” හරි හරි අනේව්. මම දන්නවා ඉතින්. ඒත් පොඩ්ඩක් කලබල වෙලා ඉන්නෙ අනේ මම. මොකද කලින් නැන්දම්මා කෙනෙක් බලන්න ගිහිල්ලා තියනවා කියලද හුම්.”

” අනේ ඉතින් මෝඩ කෝලම මගෙ. බය වෙන්න එපා බං. අම්මා හරි හොදයි. බලපන්කො අපෙ අම්මා උබට මටත් වැඩිය ආදරේ වෙනවා. අනික කවුද අකමැති වෙන්නෙ මේ වගෙ හුරතල් කොල්ලෙක් බෑනා කරගන්න.”

මගෙ අත එයාගෙ අතෙ පටලගෙන කතා කරපු එයා මගෙ නලලට හාදුවක් දීලා කිව්වෙ යමු කියලා. මාත් එයාගෙ කම්මුලට හාදුවක් දීලා එයත් එක්කම වාහනෙන් බැස්සා. අපි වාහනෙන් බහිනකොටම දැක්කෙ ගෙදර දොර ලගට වෙලා හිනාවක් මූණෙ තියාගෙන හිටගෙන ඉන්න අවුරුදු හතලිහක විතර ගෑනු කෙනෙක්ව. එයා තේව්ගෙ අම්මා කියන්න ආය වෙනම නිර්වචන ඕනෙ නැ ඒ හිනාවම ඇති එයා තේව්ගෙ අම්මා කියන්න. දැන් මට තේරුම් ගන්න පුලුවන් තේව්ට මෙච්චර ලස්සන හිනාවක් ලැබුනෙ කොහොමද කියලා. මගෙ හීන ලෝකෙ කඩාගෙන වැටුනෙ තේව් ඇවිල්ලා මගෙ අතින් අල්ලගන්නකොට. මම එයා දිහා බලලා හිනාවක් දීලා වටපිට බලන්න පටන් ගත්තා. දැන් තමා මම හරියටම ඒ ගෙදර දැක්කෙ. සාමාන්‍යය ප්‍රමානයේ මිදුලක් එක්ක. ලස්සන තට්ටු දෙකේ ගෙයක්. ඒ මිදුල දිහා බලපුහාම මට හිතුනෙම හරි ලස්සනට පිලිවෙලට ආදරෙන් බලාගන්න එකක් කියලා. ඒ තරමට ලස්සනයි ඒක. මහා ලොකු නැතත් හරිම ලස්සනට maintain කරලා. ගෙදරත් ඒ වගෙ. මාරම ලස්සනයි. හරිම නිදහස්.

” යමු මැනික..”

තේව් මගෙ අතත් අල්ලගෙනම ඉස්සර උනා මාත් එයාගෙ පස්සෙන් අඩි දෙක තුනක්  ගිහිල්ලා එක පාරටම නතර උනෙ දෙයක් මතක් වෙලා. මම ඉක්මනට තේව්ගෙ අත අත ඇරලා දුවගෙන ආපහු කාර් එක ලගට ගියෙ ගත්ත බඩු ටික ගන්න. වටපිට බලන්න ගිහිල්ලා තව පොඩ්ඩෙන් ඒ ටිකත් අමතක වෙනවා. මම ඒ ටිකත් අරගෙන ආයෙත් තේව් ලගට ඇවිත් අතින් අල්ලගෙන එයාගෙ මූන දිහා බලද්දි එයාගෙ මූණෙ තිබුනෙ ‘තමුසෙ නම් පිස්සු කෝලමක් බං’ වගෙ බැල්මක්. මම එයාටත් විරිත්තලා එයත් එක්කම ගෙදරට ගියා.

” එන්න එන්න පුතේ ඇතුලට. ඇවිත් වාඩි වෙන්න.”

එයාගෙ අම්මා හිනා වෙලා අපිව පිළිගන්නකොට  මගෙ හිතේ මෙච්චර වෙලා තිබුන කලබල ගතිය නැති වෙලා ගියා. මාත් අම්මත් එක්ක් හිනා වෙලා මගෙ අතේ තිබුන බෑග් එක තිබ්බෙ එයාගෙ අතින්. එයා ඒක අතට ගත්තෙ මොනවට මේවා උස්සගෙන අවද කියලා අහනගමන්.

හරිම ලස්සන ගෙදරක්. ඒ ගේ ඇතුල දැක්කම මට හිතුනෙම එහෙම. එළිය විතරක් නෙවෙයි ගෙදර ඇතුලෙත් හරිම ලස්සනයි. හරිම චාම්. හිතම පිරිලා යනවා වගෙ දැනෙන්නෙ ඒ ගෙදර ඉන්නකොට. තේව් ගිහිල්ලා සෝෆා එකේ ඉදගත්තම මමත් එයා ලගින්ම ඉදගත්තා.ඒත් එක්කම වගෙ ඇහුනෙ බයික් එකක් ඇවිත් මිදුලෙ නවත්තන සද්දයක්.  විනාඩි දෙක තුනකට පස්සෙ ලස්සන දිග ගවුමක් ඇදගත්ත අවුරුදු දහ අටක දහ නමයක විතර ගෑණු ලමයෙක් එක්ක තේව් වගේම අවුරුදු හතලිස් පහක විතර පිරිමි කෙනෙක් ඉස්සරහා දොරෙන් මතු උනා. මම හිතන්නෙ තේව්ගෙ තාත්තායි නංගියි වෙන්න ඕනෙ. තේව්ගෙ හිනාව අම්මගෙන් ආවාට රූපෙ නම් තනිකරම ඇවිත් තිබුනෙ තාත්තාගෙන් වගෙ.

ඒ දෙන්නත් මාත් එක්ක හිනා වෙලා අපිට ඉස්සරහින් ඉදගත්තෙ දැන්ද ආවෙ කියලා අහන ගමන්.

” ඔව් තාත්ති දැන් ආවා විතරයි.”

තේව් තාත්තට උත්තර දුන්නෙ මම බිම බලාගෙන ඉද්දි. තේව්ගෙ තාත්තා නංගිව clz එකෙන් ගන්න ගිහිල්ලා ඒකයි අපි එනකොට ඉදලා නැත්තෙ. ටිකකින් තේව්ගෙ අම්මා ආවෙ බීම වීදුරු තුනකුත් අරගෙන. නංගිත් ඒත් එක්කම ආවෙ බිස්කට් කෙසෙල් එහෙම තිබුන ට්‍රේ එකක් අරගෙන. අම්මත් සොෆා එකෙන් ඉදගත්තෙ බීම එකක් මගෙ අතට දීලා.

මම බීම එක අරගෙන බිම බලාගෙන ඉද්දි තේව්ගෙ අම්මා කතා කරන්න පටන් ගත්තා.

” කොහොමද පුතේ ඉතින්.”

.” හොදයි ආන්ටි ඉතින්. ආන්ටිට කොහොමද ?”

එක පාරටම තේව්ගෙ අම්මා එහෙම අහපුහම මට හිතාගන්න බැරි උනා එයාට මොනා කියලා ද කතා කරන්නෙ කියලා. මම ටිකක් වෙලා ඉදලා හිමීට හොදයි කියලා උත්තර දුන්නෙ එක පාරටම අම්මා කියලා කතා කරන්න බැරි නිසා. තේව්ගෙ අම්මා අකමැති උනොත් එහෙම. ඒත් ඊළගට කියපු දේත් එක්ක මගෙ ඇස් වලට කදුලු පිරුනෙ ඉබේටම වගෙ.

” ආන්ටි කියන්න එපා දරුවෝ. අම්මා කියලා කතා කරන්න. මම තේව්ගෙ වගේම ඔයාගෙත් අම්මා කියලා හිතාගන්න. තේරුනාද ? “

මම කදුලු පුරවගෙන බලාගෙන ඉන්න නිසාද කොහෙද අම්මා මම ලගට ඇවිල්ලා මගෙ ඔලුව අත ගාන ගමන් ආයෙත් කතා කරන්න පටන් ගත්තා. 

” මට කේත් ඔය දරුවා ගැන හැමදේම කියලා තියනවා. මුලදි පොඩ්ඩක් අකමැති උනේ  අපෙ කොල්ලා තාම ඉගෙන ගන්න නිසා මිසක් ඔය දරුවට අකමැත්තෙන් නෙවෙයි. මම පුතා ගැන හැමදේම දන්නවා. මම දන්නවා ඔයා හොද ලමයෙක් කියලා. ඔයත් එක්ක ෆෝන් එකෙන් කතා කරද්දි, කේත් ඔයා ගැන කියන දේවල් වලින් ඒක හොදටම පේනවා.  අනික මම හොදටම දන්නවා කේත් වැරදි තීරනයක් ගන්නෙ නැ කියලා. විශේෂයෙන් ආදරේ වගෙ දේවල් වලදි. ඒක නිසා මේ සම්බන්දෙට මගෙ කිසිම අකමැත්තක් නැ තේරුනද. මට වටින්නෙ මගෙ දරුවන්ගෙ සතුට මිසක් වෙන මුකුත් නෙවෙයි.”

තේව්ගෙ අම්මා මගෙ ඔලුව අත ගාන ගමන් එහෙම කියද්දි මට දැනුනෙ ලොකු සතුටක්. එයාගෙ අම්මා මට අකමැති නැ කියලා දැනගෙන හිටියත් මෙච්චර ඉක්මනට අපිට කැමැත්ත දෙයි කියලා මම හිතුවෙ නැ. මම ඇත්තටම හිතාගෙන හිටියෙ අපිට අවවාද කරන්න අද එන්න කිව්වා කියලා. ඒකයි මම ගොඩක්ම බය වෙලා හිටියෙ. මට දැනෙන්නෙ හරිම සැහැල්ලුවක්.

” අද ඉදලා මම ඔයාගෙ අම්මා කියලා හිතාගන්න හරිද. කවදාවත් ඔයා තනි වෙලා කියලා හිතන්න එපා. ඔයාට ඔයාගෙ තේව්, මම, තේව්ගෙ තාත්තා, නංගි ඉන්නවා. අද ඉදලා ඔයාත් අපෙ පවුලෙ කෙනෙක් තේරුනද මගෙ දරුවට.”

තේව්ගෙ අම්මා කියන ඒවා දරාගන්න පුලුවන් කමක් තිබුනෙ නැ මට. මට හයියෙන් ඇඩුනෙ ඒක නිසා වෙන්න ඇති. තේව්ගෙ අම්මා මාව බදාගෙන පිට අත ගාන්න පටන් ගත්තා.මෙච්චර කල් තනියම හිටපු මට දැන් පවුලක් ඉන්නවා. හරියට ආදරයක් ලැබිලා නැති මට දැන් ආදරේ කරන්න පවුලක් ඉන්නවා. මේ හැමදේම මගෙ තේව් නිසා. මම අම්මගෙ තුරුලෙන් ඈත් වෙලා තේව් දිහා බලද්දි එයා අපෙ දිහා බලාගෙන හිටියෙ සැනසිම පිරුන ඇස් වලින්. ඒ ඇස් වලත් සතුට පිරිලා. තේව්ගෙ තාත්තයි නංගියිත් අපි දිහා බලාගෙන හිටියෙ සතුටින්. මට දැන් දැනෙන්නෙ මම සම්පූර්ණයි කියලා.

” අම්මා කියපු හැමදේම ඇත්ත. අපි පුතාලට කිසිම බලපෑමක් කරන්නෙ නැ. ඔයාලා දැන් පොඩි ලමයි නෙවෙයි නෙ. ඔයාලා දන්නවා. ඔයාලා ගැන තීරණ ගන්න. ප්‍රශ්න එයි ඒත් අත අරින්නෙ නැතුව ශක්තිමත්ව ඒවට මූණ දෙන්න. පුතා කවදාවත් හිතන්න එපා තනි වෙලා කියලා පුතාට අපි ඉන්නවා. දෙන්නා හැමදාම සතුටින් ඉන්න.”

අම්මා මගෙ ලගට වෙලා ඉන්නකොට තේව්ගෙ තාත්තත් මගෙ ඔලුව අත ගාන ගමන් එහෙම කිව්වෙ ආයෙත් මගෙ ඇස්වලට කදුලු පිරෙද්දි. අද දවස මගෙ ජීවිතේ සතුටුම දවස කියලයි මට හිතුනෙ.
තේව්ගෙ මූණෙත් තිබුනෙ හරිම ආදරණීය සැනසිලිදායක හිනාවක්.

___________________________________________

හායි ගායිස්

ඔන්න ආයුට නැන්දම්මගෙ නම් කැමැත්ත ලැබුනා බලමු ඉස්සරහට මොනා වෙයිද කියලා ඉතින්

Vote කරන comment කරන හැමෝටම ගොඩක් ස්තූතියි….. ❤️❤️

ඊළග කොටසින් හම්බ වෙමූ එහෙනම්…..

ආදරෙයි හැමෝටම…..❤️💚

මම නෙතූ

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 05, novel À¶†À¶ºà·” (Completed) Âœ” 05, read À¶†À¶ºà·” (Completed) Âœ” 05 online, À¶†À¶ºà·” (Completed) Âœ” 05 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 05 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 05 light novel, ,

Comment

Leave a Reply

Chapter 5