À¶†À¶ºà·” (Completed) Âœ” 11

A+ A-

මම මගෙ කදුලු වලට ඔහේ ගලාගෙන යන්න ඉඩදීලා බලාගෙන හිටියෙ hospital එකේ ඇදක් උඩට වෙලා නිදාගෙන ඉන්න මගෙ මැණික දිහා. වෙනදට තරු කැට වගෙ දිලිසෙන ඇස් අද සාමකාමීව පියවෙලා. වෙනදට රෝස පාටට හපලා කන්න හිතෙන තොල් දෙක අද සුදුමැලි වෙලා. වෙනදට මම ලගට ආපුගමන් මගෙ ඇගේම එල්ලිලා ඉන්න මගෙ වදුරු පැටියා අද මම ආවා කියලවත් දන්නෙ නැතුව සනීපෙට නිදි. මම හිමීට මගෙ තොල් තද කරේ බැන්ඩේජ් එකකින් ඔතලා තියන නලලටයි, අතටයි. අනේ දෙවියනේ මට දරාගන්න බෑ මගෙ කොල්ලා මෙහෙම ඉන්න එක. මගෙ පණ අද මෙහෙම ඉන්නෙ මම නිසා කියන එක මගෙ හදවත කී වෙනි පාරටද මංදා කෑ ගහලා කිව්වෙ මගෙ කදුලු අලුත් වෙනකොට. මට දැනුනෙ මගෙ ගැනම වරදකාරි හැගීමක්. මට තිබුනා මගෙ කොල්ලා ගැන මීට වැඩිය හිතන්න. ආරංචි උන විදිහට ආයු පාර මාරු වෙන්න යනකොට වේගෙන් ආපු බයික් කාරයෙක් තමා හප්පගෙන ගිහිල්ලා තියෙන්නෙ. හරියටම විස්තරයක් දන්නැ තාම. හිතා ගන්න බෑ මොනා උනාද කියලා.

ටක්ස්…

මගෙ අවදානය බිදිලා ගියෙ room එකේ දොර ඇරගෙන doctor කෙනෙක් එක්ක nurse කෙනෙක් ආපු නිසා. මම ආයුගෙ ඇද ලගින් එහාට උනෙ doctor එයාව චෙක් කරන්න  පටන් ගද්දි. මම ඒ දිහා බලාගෙන හිටියෙ පපුව පිහි තුඩකින් හාරනවා වගෙ දැනෙනකොට. විනාඩි පහලවක් විතර මගෙ මැණිකව චෙක් කරපු doctor මගෙ දිහා බැලුවෙ හීනි හිනාවක් මූණෙ තියාගෙන.

” මේ patientගෙ…?”

” ම්ම්..මම නිකේත්.එයාගෙ යාලුවෙක් doctor”

Doctor ආයු දිහත් බලලා මගෙ දිහා බලන් ගමන් මගෙන් patient ගෙ කවුද කියලා ඇහුවෙ මම යාලුවෙක් කියලා උත්තර දෙද්දි. මට ඇත්ත කියන්න බෑ. ඒකෙන් ආයුටමයි ප්‍රශ්නයක් වෙන්නෙ. ඒකයි ඇත්ත නොකියා යාලුවෙක් කියලා කිව්වෙ. මට ඕනෙ නැ ආයුට ප්‍රශ්නයක් වෙනවා දකින්න.

” දැන් බය වෙන්න දෙයක් නැ Mr. නිකේත්. තව පැයක් විතර යනකොට සිහිය එයි. Accident එක උන වෙලාවෙම admit කරපු නිසා අවදානමකට යන්න කලින් බේරගන්න පුලුවන් උනේ.  ඒ වෙලාවෙ උන ශොක් එකට තමා සිහිය නැත්තෙ ඒක නිසා බය වෙන්න එපා. තුවාල බරපතල නැහැ. එයාට සිහිය ආවම මට කතා කරන්න.

Nurse patientට අර injection එක දෙන්න දැන්.”

Doctor එහෙම කියලා මගෙ පිටටත් තට්ටුවක් දාගෙන ගියෙ මගෙ හිතෙ තිබුන ලොකු බරකින් නිදහස් කරලා. මගෙ මැණික හොදින්. එච්චරයි මට ඕනෙ.
මම ආපහු ඇද ලගට ගිහිල්ලා මගෙ මැණිකගෙ අතින් අල්ල ගත්තෙ nurse ඇවිල්ලා එයාට injection එකක් දෙද්දි.

” මචං කේත්. මේ උබගෙ ඇදුම්. මේ බෑග් එකේ කෑම එකක් තියනවා. කාලා ඇදුම් මාරු කරගනිම්. මම උදේට එන්නම්.”

Doctor ඇවිත් ගිහිල්ලා පැය බාගෙකට විතර පස්සෙ  රනිශ්කයා ආවෙ මගෙ ඇදමුයි කෑමයි අරගෙන.

” හරි බං. මට තේරෙන්නෙ නැ බං උබ මේ කරන උදව් වලට කොහොම සලකන්න ද කියලා. උබ නැත්තම් මට මොනවා වෙයිද කියලා හිතාගන්න බැ බං. උබට පිං මට අමාරු වෙලාවෙ ලග ඉන්නවට.”

මේ වෙලාවෙ මගෙ හිතට දැනුන ඇත්තම හැගීම කිව්වෙ මගෙ ඇස් වලට කදුලු පිරෙනකොට. ඇත්තටම මේ වෙලාවෙ රනිශ්කයා මගෙ ලග නැති උනා නම් මට මොනා වෙයිද කියලා හිතාගන්න බෑ. මට ලැබිලා තියෙන්නෙ මනුස්සයෙක්ගෙ ජීවිතේට වටිනම යාලුවෙක්.

” මොනාද යකො තෝ කියන්නෙ මම උබට පිට එකෙක් ද ආ. අනේ උබෙ ටැංකිය තියාගෙන ඉදගනිම්.”

විනාඩි පහක් විතර කතා කර කර හිටපු රනියා යන්න ගියෙ අයියව හොදට බලාගනිම් ඌ උදේට එන්නම් කියාගෙන. කොහොමත් උදේ වෙන්න තව පැය දෙක තුනක් ඇත්තෙ.

මම ආයුගෙ ඇද ලග තිබුන පුටුවෙන් වාඩි වෙල එයාගෙ අතින් අල්ලගෙනම ඇදෙන් ඔලුව තියාගත්තෙ ටිකක් ඇහැ පියා ගන්න.

_____________________________________

ආයු POV

මට දැනුනෙ මගෙ ඔලුව උඩ කළු ගලක් තියලා වගෙ. මගෙ ඇස් පිහාට ඇර ගන්න බැරි තරමට එකට ඇලිලා වගෙ මට දැනුනෙ. මම හෙමින් හෙමින් ඇස් අරිනකොට මම දැක්කෙ සුදු පාට සිවිලිමක්. නහයට දැනුන බෙහෙත් ගදත් එක්ක මම අමාරුවෙන් වටපිට බැලුවෙ මම කොහෙද ඉන්නෙ කියලා දැනගන්න. මම ඉන්නෙ හොස්පිට්ල් එකක කියලා තේරුන මට සිද්ද උන දේවල් මතක් වෙන්න ගත්තෙ ෆිල්ම් එකක් වගෙ. ජනෙල් රෙදි අස්සෙන් ආපු ලා ඉර එළියත් එක්ක මට හිතුනෙ දැන් උදේ වෙන්න ඇති කියලා. ඒත් එක්කම මම දැක්කෙ මගෙ ඉන්න ඇදට ඔලුව තියාගෙන නිදාගෙන ඉන්න මගෙ පණව. හා පැටියෙක් වගෙ නිදි. ඒ මූණ හරිම මහන්සි පාටයි.මම මගෙ පුලුවන් අත අරගෙන එයාගෙ ඔලුව අත ගාන්න පටන් ගත්තෙ කල්පනාවට වැටෙන ගමන්.

මට මතක් උනේ රෑ මම අඩලා වැඩි වෙලා වීස් එකට වගෙ ආපු හැටි.  මම චූටි කාලෙ ඉදලම ඒක තිබුනා. ඒක වැඩි උනොත් මට හොදටම අමාරු වෙනවා. හුස්ම ගන්න බැරි වෙලා එකම විකාරයක් වෙන්නෙ. ඒකට ගන්න බෙහෙත් එක ඉවර නිසයි ගෙදර එනගමන් ඉක්මනට ෆාමසි එකකට ගිහිල්ලා ඒ බෙහෙත් එක ගන්න හැදුවෙ. රෑට අමාරු උනොත් බෙහෙත් එක නැතුව බෑනෙ. ඒත් තිබුන කලබලෙයි. දුකයි නිසා මට වටපිටාව ගැන අවබෝධයක් තිබුනෙ නැ. අන්තිමට මට මතක කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පාර පැන්න මගෙ දිහාට වේගෙන් බයික් එකක් එනවා විතරයි.

” දෙයියනේ. මගෙ මැණික ඔයා නැගිට්ටද. ඔහොම ඉන්න පණ ඉක්මනට මම Doctor එක්කගෙන එන්නම්.”

මට කොච්චර ලොකු කල්පනාවකද හිටියෙ කියනවා නම් මම දැක්කෙත් නැ තේව් ඇහැරලා මට කතා කරනකම්. ඒ කළු පාට බෝල ඇස් සතුටින් දිලිසෙනවා. ඒ මූණෙ තිබුනෙ සැනසීමක්. මගෙ මූණ පුරාම හාදු හාදු තිබ්බ එයා ඉක්මනට doctor එක්කගෙන එන්නම් කියලා දුවලා ගියෙ  ඒ ඇස් වලින් කදුලු වැටෙද්දී. ඒ එක්කම මට මතක් උනේ ඊයෙ කැම්පස් එකේ උන සිද්දිය. එයාට එහෙම කරන්න හේතුවක් තියෙන්න ඇති සමහර විට. මම දන්නවා එයා මට ආදරෙයි එයාගෙ පණටත් වැඩිය ආදරෙයි. දැන් උනත් ඒ මහන්සි පාට මූණ. ඒ ඇස්වල තිබුනෙම ආදරේ විතරයි. මම දන්නවා එයා දැන් විදවනවා ඇති ඒ වෙලාවෙ හැසිරුන විදිහට. ඒත් එයාට දැන්ම සමාවක් නම් දෙන්න ලෑස්ති නැ මම. සමාව දෙනවා ඒත් දැන්ම නෙවෙයි.

” දැන් කොහොමද Mr. අයුක්ෂ. කොහෙද රිදෙන්නෙ.?”

එයත් එක්ක ආපු ඩොක්ටර් මාව චෙක් කරන ගමන් මගෙන් ඇහුවෙ හරිම ප්‍රියමනාප විදිහට හිනා වෙලා.

” ඔලුව පොඩ්ඩක් රිදෙනවා ඩොක්ටර්. අත ඇදුම් කනවා වගෙ.”

” තුවාල නිසා තමා එහෙම දැනෙන්නෙ. බෙහෙත් දීලා තියෙන්නෙ වේදනාව අඩු වෙන්න සහ තුවාල වේලෙන්න. වෙන අමාරු මොකුත් නැ නේද අයුක්ෂ.”

” නැ ඩොක්ටර්”

“හ්ම්ම් good. තුවාල තෙමන්න යන්න එපා. මොනා හරි අවශ්‍ය උනොත් කතා කරන්න. බෙහෙත් ටික වෙලාවට බොන්න තේරුනා ද”

” හරි ඩොක්ටර් thank you”

ටික වෙලාවක් තේව් එක්කත් මොනාද කතා කරපු ඩොක්ටර් යන්න ගියෙ nurse ඇවිල්ලා මගෙ සේලයින් එක මාරු කරනකොට. ඒත් එක්කම රනිශ්ක මල්ලි කාමරේට ආවෙ අතේ බෑග් ගොඩකුත් එල්ලගෙන. මාව දැකලා හිනා උන එයා මම ලගට ආවෙ හිනාවක් මූණෙ පුරවගෙන.

” අම්මෝ බං අයියේ උබ අපිව හොදටම බය කරා ආ. කොහොමද දැන් “

මම ලගට ආපු මල්ලි මගෙන් එහෙම ඇහුවෙ මගෙ ඔලුව අත ගාන ගමන්. ඇත්තටම රනිශ්ක මල්ලි මට සලකන්නෙ එයාගෙම අයියට වගෙ. මටත් දැනෙන්නෙ එයාව මගෙම මල්ලි විදිහට. තේව් උනත් ඒක දන්නවා.

” දැන් හොදයි මල්ලි. තුවාල තමා රිදෙන්නෙ”

” රිදෙන්නෙ නැතුව තියෙයි ඇ වාහන වලට අඩ තියන්න යනකොට.”

” යනවා යන්න ම්හුක්. මම අඩ තියන්න ගියෙ නැ. “

මම රනිශ්ක මල්ලි එක්ක හිනා වෙවී කතා කර කර ඉන්නකොට මම ඇස් කොනින් දැක්කා තේව් අපි දිහා බලාගෙන ඉන්නවා. මම තාම සිහිය ආවත් හරි එයත් එක්ක කතා කරේ නැ හරියට. එයාට දුක ඇති. ඒත් මට ඊට වැඩිය දුකයිනෙ ඉතින්. ටිකක් වෙලා කතා කර කර හිටපු රනිශ්ක යන්න ගියෙ තේව්ගෙ අම්මා එව්වා කියලා කෑම ගොඩකුත් දීලමයි. පව් අම්මා උදේම ඇහැරගෙන උයන්න ඇති. මම නිසා ඒ මිනිස්සුන්ටත් කරදර.

” මැණික…”

රනිශ්ක මල්ලි ගියාට පස්සෙ තේව් මට කතා කරගෙනම මගෙ ලගට ආවෙ මම ගස්සලා අහක බලාගන්නකොට. මගෙ ඇස් වලට කදුලු ආවෙ කොච්චර අමතක කරන්න හැදුවත් ඒ සිද්දිය ආපහු මතක් උන නිසා.

” සුදු මැණික… මේ අහන්නකො පණ…..

_____________________________________________

හායි ලමයිනේ….. කාලෙකින් ආවා ඉතින්. ඇත්තටම  දවසක් ඇර දවසක් කතාව දෙනවා කියලා හිතාගෙන හිටියට මේ දවස් ටිකේ හොදටම busy වෙලා හිටියෙ. අද තමා නිදහස් උනේ. පුරුදු විදිහටම කතාව දෙන්න බලන්නම් දිගටම….

ඊලග කොටසින් ඉක්මනට මුණ ගැහෙමු….

ආදරෙයි හැමෝටම….❤️💚

මම නෙතූ….❤️

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 11, novel À¶†À¶ºà·” (Completed) Âœ” 11, read À¶†À¶ºà·” (Completed) Âœ” 11 online, À¶†À¶ºà·” (Completed) Âœ” 11 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 11 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 11 light novel, ,

Comment

Leave a Reply

Chapter 11