À¶†À¶ºà·” (Completed) Âœ” 20

A+ A-

හුළග කපාගෙන යන බයික් එකේ පිටි පස්සට වෙලා තේව්ගෙ පිටට මගෙ මූණ ගහගෙන මම කල්පනා කරේ මේ ගෙවුන දවස් ටික ගැන. ඒ දවස් ගැන මතක් කරද්දිත් මට දැනෙන්නෙ හරි ලෝබ හැගීමක්. අම්මා තාත්තා නංගි තේව් එක්ක ගෙවුන මේ දවස් ටික මට මගෙ ජීවිතේ ගොඩක් විශේෂ දවස් ටිකක්. පොඩි කාලෙ ඉදලා පවුලක ආදරේ විදලා නැති මම තේව්ගෙ පවුලෙ අය නිසා ආදරේ වින්දා. ඉක්මනට ආයෙ එනවා මම හුම්. තේව්ගෙම වෙල නවතින්නම හී හී.

මම තව ටිකක් තේව්ව තද කරලා බදා ගත්තා. මම දැක්කා තේව් සයිඩ් කන්නාඩියෙන් මගෙ දිහා බලාගෙන ඉන්නවා. මම එයාටත් හිනාවක් දීලා පහුවෙන ගෙවල් දිහා බලාගෙන හිටියා. මට මතක් උනේ ගෙදරින් පිටත් වෙන්න කලින් අම්මා මම එන දිහා කදුලු පුරවගෙන බලාගෙන හිටපු විදිහ. එයා නම් දිගටම කිව්වෙ ආයෙත් එන්න ලොකූ කියලමයි. පව් එයා මට හරි ආදරෙයි අප්පා. මම හිටපු කල්පනාවෙන් එළියට ආවෙ එක පාරට තේව් බයික් එක break කරපු නිසා. මම වටපිට බලද්දි තමා දැක්කෙ අපෙ ගේ ලගටම ඇවිත් කියලා. හයියෝ ඒ තරම් කල්පනාවක මම ඉදලා තියෙන්නෙ. මම හිමීට බයික් එකෙන් බැස්සෙ තේව්ත් මාත් එක්කම බයික් එකෙන් බහිනකොට. මම තේව්ට කියලමයි ආවෙ ගේ ලගටම යන්න එපා     චුට්ටක් මෙහෙන් නවත්තන්න කියලා. තේව් ගෙදරට එනවට අකමැති නිසා නෙවෙයි. දැන් ඉන්න   security ෂුවර් නැ. අනිවාර්යයෙන් ඕකා තාත්තට කියනවා මම කොල්ලෙක් එක්ක ගෙදර ආවා කියලා. ඒකයි මම තේව්ට එහෙම කිව්වෙ. මම බයික් එකෙන් බැහැලා බලාගෙන හිටියෙ තේව් දිහා. මට යන්න බෑ වගෙ අප්පා. අනෙ මට තේව් එක්ක ඉන්න ඕනෙ. මම එක පාරටම තේව්ට තුරුල් උනේ තවත් ඉවසගෙන ඉන්න බෑ කියලා දැනුන නිසා. මටත් නොදැනීම මගෙ කටින් ඉකියක් පිට උනේ තේව් මගෙ පිට අත ගානකොට. මේක අතුරු පාරක් නිසා අවුලක් නැ. කවුරුත් මේ පාරෙ යන්නෙ නැ මේ ලේන් එකේම තියෙන්නෙ ලොකූ ලොකු සල්ලි කාරයන්ගෙ ගෙවල් නෙ. මම ඒක නිසා තේව්ව බදාගෙන හිතේ හැටියට ඇඩුවා.

” මොකද සුදු මැණික අඩන්නෙ ම්ම්ම්. උඹ ඔහොම අඩනකොට මම කොහොමද බං හිත හදාගෙන ගෙදර යන්නෙ.”

මගෙ පිට අත ගාන ගමන් තේව් කියනකොට මම තේව්ගෙ තුරුලෙන් ඈත් වෙලා තේව් දිහා බැලුවා. එයාගෙ මූණෙත් දුකකින් පිරිලා. එයාටත් දුක ඇති. මට ඕනෙ නෑ තවත් එයාට දුකක් දෙන්න ඒක නිසාම මම කදුලු පිහදගෙන එයා දිහා බලලා හිනා උනා. අනික දාලා යනවා නෙවෙයි නෙ. හෙට අපිට හම්බ වෙන්න පුලුවන් නෙ.

” අන්න ඔහොම හිනා වෙලා ඉදපන්කො උඹ අඩනකොට හරි කැතයි බං ඊයා. “

මගෙ නහයත් මිරිකලා තේව් කියනකොට මම එයාට ගස්සලා අහක බලා ගත්තා. මහ ඕන්නෑ මෝඩයා.

” යනවා යන්න මෝඩයා.”

“ඉව්ව් මෝඩ අලේ මගෙ. දැන් යන්න මැණික උඹ මෙතන මෙහෙම ඉන්නවා කවුරු හරි දැක්කොත් ප්‍රශ්නයක් වෙයි. “

” හරි තෙව් එහෙනම් ඔයා පරිස්සමෙන් ගෙදර යන්න හරි ද. වේගෙන් යන්න එපා. ගිහිල්ලා මැසෙජ් එකක් දාන්න මම බලාගෙන ඉන්නවා. “

” හරි සුදු. හෙට මම දහය වෙනකොට එන්නම් ලෑස්ති වෙලා ඉන්න. Hospital එකට ගිහිල්ලා garden එකට යමූ ම්ම්ම්. දැන් දුක් නොවී යන්න. “

“  හරි මහත්තයෝ.. ආදරේයි ගොඩාලියක්.. උම්ම්ම්ම්මා… “

මම තේව්ගෙ කම්මුලකට හාදුවක් දෙන ගමන් කියද්දි එයත් මගෙ නළලට එයාගෙ තොල් තද කරා. මම ආසම හාදුව…

” මාත් ආදරෙයි මැණික.. පරිස්සමෙන් ඉන්න. මම ගිහිල්ලා මැසෙජ් එකක් දාන්නම්. දැන් යන්නකො ඔයා ගේට් එකෙන් ඇතුලට ගියාට පස්සෙ මම යන්නම්. “

” බුදු සරණයි තේව්.. බායි….”

” බායි සුදු…. බුදු සරණයි….”

මම බෑග් එකත් දාගෙන ගේ ලගට ඇවිල්ලා ආයෙ හැරිලා බලද්දි තේව් ඉන්නවා බයික් එකට හේත්තු වෙලා මගෙ දිහා බලාගෙන. මම එහා දිහා බලලා හිනාවක් දීලා බායි කියලා security uncle ට කතා කරලා පොඩි ගේට් එකෙන් ඉක්මනට ඇතුලට ආවා. නැත්තම් තේව් යන්නෙ නෑ. මම ගේට් එකෙන් ඇතුලට ආවට පස්සෙ මට ඇහුනා බයික් එකක් start කරගෙන යන සද්දෙ.

” අනේ පුංචි බේබි. දෙන්ඩ දෙන්ඩ ඔය බෑග් එක. ආන් ලලිතත් උදේ ඉදලම කුස්සියෙ පුංචි බේබි එනවා කියලා . යමු යමු ඇතුලට.”

මම මගෙ ඇදුම් දාපු බෑග් එකත් එල්ලගෙන garden එක මැදින් යනකොට මාව දැකලද කොහෙද මගෙ ලගට දුවගෙන ආවෙ අපෙ ගෙදර වැඩට ඉන්න සිරිදාස. හරිම හොද මනුස්සයෙක්. මට හරි ආදරෙයි. එයා මගෙ අතේ තිබුන බෑග් එකත් මගෙ අතින් බලෙන්ම ඇදලා ගද්දි මම එයාටත් හිනාවක් දාගෙනම ගේ දිහාට ඇවිදගෙන ගියා. මම දොරෙන් ඇතුලට යනකොටම මට දැනුනෙ කෑම සුවදක්. සිරිදාස මාමා කිව්වා වගේම ලලිතා අම්මා කෑම හදනවද කොහෙද. මම උදේ කෝල් එකක් දාලා කිව්වනෙ එනවා කියලා. ඒක නිසා බොරුවට මහන්සි වෙනවා ඇති. අපරාදෙ මම නොකියම එන්න තිබුනෙ. මොනා උනත් තේව්ගෙ අම්මා ලොකු රසම රස බත් පිගානක් බලෙන්ම කැව්වත් මේ සුවදත් එක්ක මට දැනුනෙ මගෙ බඩගින්න ආයෙ වැඩි උන වගේ හේ හේ.

” ලලිතා අම්මේ…. ලලිතා අම්මේ….”

මම ආවා කියලා තාම ලලිතා අම්මා දන්නෙ නැති නිසා මම එයාට ඇහෙන්න living room එකේ ඉදලම කෑගැහුවා. තාත්තා නැති නිසාම හොදයි නැත්තම් මෙහෙම කෑ ගහලා ගුටි කන්න තමා වෙන්නෙ. ඒත් එක්කම කුස්සියෙ ඉදලා à·ƒ’වියට් එකකින් අත පිහදන ගමන් එළියට ආවෙ ලලිතා අම්මා.

” අනේ මගෙ දරුවෝ… කොහොමද රත්තරනේ. “

” දැන් හොදයි ලලිතා අම්මා. මේ ඉන්නෙ ඔයාගෙ කොල්ලා ෆිට් එකට.”

එයාට මාව දැකලා සතුටුයි. මම එයාට තුරුල් උනේ මගෙම අම්මා නොවුනත් පොඩි කාලෙ ඉදලා මට අම්මා උනේ ලලිතා අම්මා නිසා. එයාගෙ තුරුල හරිම සනීපයි.. හරියට අම්මා ලග වගෙ. තේව්ගෙ අම්ම ලගත් දැනෙන්නෙ මේ වගේ.

” දැන් යන්නකො දරුවෝ. ගිහිල්ලා wash එකක් දාගෙන එන්න. දෙකත් පහු වෙලානෙ මම කෑම මේසෙට යවන්නම්. ඔයා ආසම කෑම හැදුවෙ මම අද.”

” වාව්. මරු නෙ. මොනාද ලලිතා අම්මා හැදුවෙ..”

” මම නම් දන්නැ ඔයාම ඇවිත් බලන්නකො… “

“ම්හුක් එහෙනම් චුට්ටක් ඉන්නකො මම ඉක්මනට එන්නම්….”

මම කාලා හිටියත් මට ඕනෙ උනේ නෑ මට මෙච්චර ආදරේ කරන මනුස්සයාගෙ හිත රිද්දන්න ඒකයි මම හරි කියලා කාමරේට ආවෙ. මොනා උනත් ඒ සුවදත් එක්ක මටත් පොඩි බඩගින්නක් ඇවිල්ලා තිබුනෙ හී හී.

මම කාමරේට එනකොට මගෙ බෑග් එකත් සිරිදාස මාමා දොර ලගින් තියලා ගිහිල්ලා. මම නැති නිසා කාමරේ ඇතුලට යන්න නැතුව ඇති.  මම ඉක්මනට ඇදුම් ටිකත් ගලවලා bin එකට දාලා ටවල් එකත් පටලගෙන bathroom එකට ගියෙ පොඩි wash එකක් දාගන්න. මම විනාඩි පහලවක් විතර අරගෙන wash එකක් දාගෙන bathroom එකෙන් එලියට ඇවිල්ලා ආර්මි කට් එකට පොඩි ශෝටක් දාගත්තා. මම ෆෝන් එක අරගෙන බලද්දි  තේව් ගෙදර ගියා කියලා මැසෙජ් එකක් දාලා තිබුන නිසා ඒකටත් reply කරලා ගියෙ කන්න. තුනට meeting එකකුත් තියනවා. හෙට office එකට යනවා කියලා හිතුවත් දවස් හරි නිසා hospital යමු කියලා තේව් කිව්වා. එයා උදේට එන්නම් කිව්ව මාව ගන්න. ඒක නිසා හෙට හවසටම office යනවා. ඒක නිසා තමා හෙට තියන්න ඕනි urgent meeting එකක් අද දාගත්තේ. මම ඒවා මේවා හිතන ගමන් පහළට එනකොට ලලිතා අම්මා කෑම මේසෙන් තියලා. අම්මෝ කෑම ටික දැකලා මගෙ කටට කෙළත් ඉනුවා. බටු මෝජුවක්, මාළු ඇඹුල් තියල්, කොච්චි සම්බෝලයක්, කංකුං ඩෙවල් එකක්. අනේහ් මගෙ ආසම මෙනූ එක.

” ලලිතා අම්මා කෑවද… “

” ඔයා කාලා ඉන්නකො දරුවො. මම ඊට පස්සෙ කන්නම්. සිරිපාලට එහෙමත් කෑම දෙන්න එපැයි. “

ලලිතා අම්මා එහෙම කිව්ව නිසා මම ආයෙ මුකුත් නොකියම කෑම බෙදා ගත්තෙ කොච්චර කිව්වත් එයා කියන දෙයක් අහන්නෙ නැති නිසා. මහ මුරන්ඩුයි අප්පාව්. මම වගෙ කියන දේ අහලා ඉන්න ඕනෙ හොද ලමයෙක් වගෙ. කොච්චර කිව්වත් වැඩක් නෑ.

” තේව් පුතාට කොහොමද පුතේ.”

” එයා හොදින් අනේ. ආන් ඔයාව මතක් කරන්න කිව්වා. “

මම කන ගමන්ම උත්තර දුන්නෙ තේව්ව මතක් වෙලා මගෙ මූණ හිනාවකින් පිරෙනකොට. මගෙ සුදු මහත්තයානෙ ඉතින්….

______________________________________________________

අම්මෝ කොන්ද…..

පැය දෙකක් පුරාවට තිබුන meeting  එක ඉවර වෙලා මම ඇග මැලි කඩ කඩ table එකෙන් නැගිට්ටෙ lap එක shut down කරන ගමන්. කොන්දත් රිදෙනවා අනේහ් එක තැන ඉදගෙන ඉදලා. දැන් වෙලාව හයට විතර ඇති. මම කොන්දත් අතගා ගන්න ගමන් ඇද උඩ තිබුන ෆෝන් එක අරගෙන බැලුවෙ තේව්ගෙන් මැසෙජ් එකක් ඇවිත් ද කියලා. මට හිනාවක් ගියෙ හිතුවා වගේම තේව්ගෙන් මැසෙජ් එකක් ඇවිත් තිබුන නිසා. මම අනිත් පැත්තට කෝල් එකක් ගත්තෙ එයා ඒ ගමන්ම call එක answer කරද්දි.

” හෙලො බබා meeting එක ඉවර ද. “

” ඔව් තේව් දැන් ඉවර උනේ. කොන්ද සිදෙනෝ අනේහ්…”

මම කොන්ද රිදෙනවා කියලා නහයෙන් අඩන්න් ගත්තෙ තේව් එහා පැත්තෙ ඉදලා හිනා වෙද්දි.

” මොකද ආ හිනා වෙන්නෙ නරකයා.. “

” නෑ නැ බං නිකන් නිකන්.  උඹත් මහ ගිණි බෝම්බයක්.”

” මට පාලුයි තේව්… ඔයා නැතුව “

” මටත් සුදු මැණික මේ දවස් ටිකේම උබ මගෙ තුරුලෙ නිදාගෙන මම මේ කල්පනා කරේ උබෙ උණුසුම නැතුව නිදාගන්නෙ කොහොමද කියලා…”

මම පපුව පුරවලා හුස්මක් ගත්තෙ තේව් කිව්වෙ ඇත්ත නිසා. අනෙ මට එයාගෙ තුරුලට යන්න ඕනෙ..

.

.

.

පැය දෙකක් විතර හිනා වෙවී රන්ඩු වෙවී කියව කියව ඉදපු අපි දෙන්නා අන්තිමට කෝල් එක කට් කරේ දෙන්නටම බඩගින්නක් ආපු නිසා. මමත් ඉක්මනට කාලා කරන්න තිබුන වැඩ වගේකුත් කරලා ඇදට ආවෙ උදේ අට වෙනකොට තේව් hospital යන්න ලෑස්ති වෙලා ඉන්න කියපු නිසා උනත් පැයක් විතර යනකන්ම ඇදේ එහෙට මෙහෙට පෙරලි පෙරලි හිටියට නින්ද නම් මගෙ ලගටවත් ආවෙ නැ. මේ දවස් ටිකේම තිබුන උණුසුම නැතුව නින්ද යන්නෙ නෑ අප්පා.  බැරිම තැන මම cupboard එක ඇරලා උදේ තේව්ගෙන් උස්සපු එයාගෙ ටී ශර්ට් එක ඇරගෙන ඇවිත් තුරුල් කර ගත්තෙ ඒකෙන් ආපු එයාගෙ සුවදත් එක්ක හිමීට මට නින්ද යනකොට.

_____________________________________________

* හායි කෙල්ලනෙ මම ආවා……

* ඔන්න ආයු ගෙදර ආවා…. හෙට hospital යමු නෙ….

* මගෙ කතාව කියවන, vote කරන, comment  කරන හැමෝටම ගොඩක් ස්තූතියි…. ඒ වගේම ආදරෙයි…. ❤️💚

* ඉක්මනට ඊළග කොටසින් මුණ ගැහෙමු….

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 20, novel À¶†À¶ºà·” (Completed) Âœ” 20, read À¶†À¶ºà·” (Completed) Âœ” 20 online, À¶†À¶ºà·” (Completed) Âœ” 20 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 20 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 20 light novel, ,

Comment

Leave a Reply

Chapter 20