À¶†À¶ºà·” (Completed) Âœ” 21

A+ A-

“චූටි මහත්තයා… චූටි මහත්තයා…”

“…………..”

” අනේ දරුවෝ… නැගිටින්නකො..”

” ම්හුක්… අනේහ්…තා තුත්තක් දොයිය ගන්න ඕනි”

හීනෙන් වගෙ ඇහැන ලලිතා අම්මගෙ කටහඬ නිසා මෙච්චර වෙලා සැපට නිදාගෙන හිටපු මට මගෙ නින්දට ටටා බායි කියන්න උනා… හයියෝ සස්සන හීනෙකුත් දැක්කා අප්පා. මම ඇස් දෙකත් පොඩි කර කර හොදට දොයිය ගන්නෙ දුන්නෙ නැති එකට නාහෙන් අඩ අඩම වට පිට බලද්දි දැක්කෙ මගෙ කුක්කු තේ එකත් අතේ තියාගෙන ඇද ලග හිටගෙන ඉන්න ලලිතා අම්මව.

” තව චුට්ටක් නෙවෙයි. බලන්න වෙලාවක කීයද කියලා.. අට වෙනකොට තේව් මහත්තයා එනවා කිව්වා නේද…? නැගිටලා මේ කිරි එක බීලා ලෑස්ති වෙන්න..”

මම අඩන මූණකුත් දාගෙන ලලිතා අම්මා දිහා බලාගෙන ඉද්දි මට රවාගෙනම එහෙම කිව්ව එයා මගෙ අතට කිරි එක දුන්නෙ මම ඇදේ ඉදගද්දි.. පොඩි එකාට දෝ ගන්න දුන්නෙත් නෑ මහ දුශ්ටයි අප්පා මෙයා. ඒත් එක්කම මම බැලුවෙ wall එකේ තියන ඔරලෝසුව දිහා අපොයි හතට දහයයි වෙලාව.

” ඕක බීලා ලෑස්ති වෙන්නකො. මම පහලට යනවා හරි ද චූටි මහත්තයෝ..”

මගෙ කිලිටි රෙදි දාපු බාස්කට් එකත් අරගෙන මගෙ ලගට ආපු ලලිතා අම්මා මගෙ ඔලුවත් අත ගාගෙනම එහෙම කියාගෙන පහලට ගියෙ මම හා කියලා ඔලුව වනද්දි. මම ඒ ගමන්ම කුක්කු එක බොන්න පටන් ගත්තෙ ෆෝන් එක අරගෙන තේව්ට මැසෙජ් එකක් දාන ගමන්. දැන් අහන්න එපා කුක්කු එක බොන්නෙ කට හෝදලද කියලා හරී… අපි කුක්කු බීලා තමා කට හෝදන්නෙ… හුම්.. අනික ඌරන්ට මොන සෞඛ්‍ය ද à·„à·“ à·„à·“…

මම තේව්ට good morning කියලා මැසෙජ් එකක් දාලා ෆෝන් එක පැත්තකින් තිබ්බෙ තේව් online නැති නිසා. අනිවාර්යයෙන් කම්මැලියා නිදි ඇති. Campus එකෙත් නිවාඩු නෙ. නැත්තම් මම අද එන්න දෙන්නෙත් නෑ hospital යන්න. නිවාඩු නිසා අවුලක් නෑ ඉතින්. මම හිතන්නෙ ලබන සතියේ තමා පටන් ගන්නෙ. ඒවා මේවා හිත හිතම කුක්කු එක බීලා ඉවර කරපු මම bathroom එකට රිංග ගත්තෙ ඉක්මනට wash එකක් දාගෙන එන්න. අපි සූද ලමයිනෙ ඉතින්. තියන ඔක්කොම ජාති ඇගෙ උලාගෙන wash දාපු මම විනාඩි පහලවකට විතර පස්සෙ එළියට ආවෙ තව හිටියොත් උදේ පාන්දර ගල් වෙලා යයි කියලා හිතුන නිසා. දන්නවා නෙ ඉතින් නුවර උදේට සීතල ගැන. ටවල් එකත් පටලවගෙන වෙව්ල වෙව්ල එළියට ආපු මට ඇහුනෙ මගෙ බබා අඩන සද්දෙ. දැන් අහන්න එපා බැදලවත් නැති මට කොහෙන්ද මෙච්චර දවස් හිටියෙ නැති බබෙක් හම්බ උනෙ කියලා. මම කිව්වෙ මගෙ සදාදරණිය මගෙ ෆෝන් බබා ගැන හුම්.

මම ඉක්මනට අත් දෙකේ තෙත මාත්තු කරගෙන ලගට ගියෙ මේ වෙලාවෙ මගෙ බබා අඩන්න හේතුව තේව් කියලා දන්න නිසා. ඔව් ඔව් හිතුවා හරි තේව් තමා. මම ඉක්මනට කෝල් එක කට් වෙන්න කලින් answer කරලා කනේ තියාගත්තෙ හිනාවකින් මූණ පුරවගෙන.

” හෙලො good morning මහත්තයෝ..”

” good morning සුදු මැණික. මොකද කරන්නෙ ලෑස්ති වෙනවද ම්ම්ම්”

” ඔව් තේව් දැන් wash දාගෙන ආවා විතරයි.ඔයා මොකද කරන්නෙ… “

” මම මේ කොෆි එක බොන ගමන් තාම.”

මම කිව්වෙ මේකා නැගිටලා තියෙන්නෙ දැන්. කම්මැලියා. කිව්වෙ නම් අට වෙනකොට ලෑස්ති වෙලා ඉන්න සුදු මැණික ගමනක් යන්නත් තියනවා කියලා.

” දැන් ද මිනියෝ ඇහැරුනේ. Hospital යන්න කලින් කොහෙද යන්න තියනවා කිව්වා නේද ආ. “

” හරි හරි බං මට උබට වගෙ හැට පැය ගානක් යන්නෙ නෑ ලෑස්ති වෙන්න විනාඩි දහයයි යන්නෙ. බලනවකො පැය බාගෙන් මම ඔතන. “

මවාගත්ත ආඩම්බරේකින් තේව් කියනකොට මම ෆෝන් එකට රවලා අහක බලාගත්තා. රැව්වට ඉතින් එයාට පේන්නෙ නෑ තමා ඒක වෙනම කතාවක්.

” හරි හරි ඒනම් මම තියනවා. මට ඇදුම් මාරු කරගන්න ඕනෙ..”

වෙලා යන නිසා එහෙම කිව්වත් තේව් ඊලගට කිව්ව දේත් එක්ක මට හිතුනේ ඒක නොකියා හිටියා නම් හොදයි කියලා.

” ඇ සුදු මැණික උබ දැන් ඇදුම් නැතුවද ඉන්නෙ එතකොට. සා වාව්.. “

” තේව්ව්හ්හ්හ්හ්…..”

” අපෝ මගෙ කන ඉවරයි.. හරි හරි මම තියනවා බායි ලෑස්ති වෙලා ඉන්න… “

” හරියෝ… බායි “

එයා කියපු දේත් එක්ක මේ පැත්තෙ ඉදලා මම කෑගහද්දි ඉක්මනට බායි කියලා එයා කෝල් එක කට් කරේ එයාගෙ පිස්සු වැඩ වලට මට හිනා යනකොට.

ලා කොළ පාට ටි ශර්ට් එකට සුදු ඩෙනිම් එකක් ඇන්ද මම ලලිතා අම්මා උදේට හදලා තිබුන sandwich පෙති දෙක තුනකුත් කාලා ඕනෙ කරන report ටිකත් අරගෙන අටයි පහ වෙනකොට ගේට් එකෙන් එළියට ආවෙ තේව් ඇවිත් ඉන්නෙ කියලා මැසෙජ් එකක් දාලා තිබුන නිසා. මම වට පිට බලන ගමන් ඉස්සරහට යනකොට දැක්කෙ ෆුල් ෆේස් හෙල්මට් එකකුත් දාගෙන බයික් එක ලගට වෙලා ඉන්න මගෙ සුදු මහත්තයාව. එයා අළු පාට ටී එකට කළු ඩෙනිමක් ඇදලා. හරිම handsome අප්පා.

” මගෙ මහත්තයෝ…”

මම ඉක්මනට එයා ලගට දුවලා ගිහින් එයාට තුරුල් උනේ එයත් හෙල්මට් එක ගලවලා මාව තුරුල් කර ගද්දි.

” ඇති නේද දැන්. යමු ද . කවුරු හරි දැක්කොත් ඉවරයි.. “

” යමු… යමූ…”

විනාඩි පහක් විතර මාව තුරුල් කරගෙන හිටපු එයා මාව තුරුලෙන් ඈත් කරන ගමන් එහෙම කියද්දි මම ඉක්මනට එයාගෙ පපුවට උම්මා එකක් දීලා තුරුලෙන් ඈත් උනා.

__________________________________________________

” කොහෙද ඒයි අපි යන්නේ….”

දැන් විනාඩි විස්සක් විතර ඇති අපි පිටත් වෙලා. තාම යනව විතරයි. අනික මම දන්නෙත් නෑ කොහෙද යන්නෙ කියලා. කුතුහලේ උපරිම තැන මම තේව්ගෙන් කෑ ගහලා ඇහුවෙ යන්නෙ කොහෙද කියලා. බයික් එක යන වේගෙට හිමීට ඇහුවා නම් ඇහෙන්නෙ නෑ නැත්තම්. ඒත් මේ මිනියා කෑ ගහලා කිව්වෙ චුට්ටක් ඉදපන් කියලා විතරයි. ම්හුක් නරකයා. මම තේව්ගෙ පිටටත් පාරක් ගහලා වට පිට බල බල ගියෙ ඇහුවට කියන්නෙ නැති නිසා.

තවත් විනාඩි ගානකට පස්සෙ තේව් බයික් එක නතර කරපු තැන දැකලා මගෙ ඇස් දෙක ලොකු උනේ මම කීයටවත් තේව් මෙතනට එයි කියලා බලාපොරොත්තු උනෙ නැති නිසා.

” බහින්නකො සුදු මැණික….”

තේව් මට බයික් එකෙන් බහින්න කියද්දි මම ඉක්මනට බයික් එකෙන් බැස්සේ මුකුත් හිතා ගන්න බැරුව.

” ත්..තේව්…”

“ඔහොම පොඩ්ඩක් ඉන්නකො හරි ද.”

මම තේව්ට කතා කරන්න ගියත් මට පොඩ්ඩක් ඉන්න කියපු එයා දුවලා ගියෙ මම එයා යන දිහා බලාගෙන ඉද්දි. ඊට විනාඩි ගානකට පස්සෙ තේව් මගෙ ලගට ආවෙ ලස්සන සුදු රෝස මල් පොකුරක් අරගෙන.

” උබ එදා කිව්වනෙ එයාව බලන්න එන්න ඕනෙ කියලා. ඔයාගෙ තේව්ට අමතක උනේ නෑ සුදු ම්ම්ම්…”

එයාගෙ අතේ තිබුන මල් පොකුර මගෙ අතට දෙන ගමන් තේව් කියද්දි මම ඇස් වල කදුලු පුරවගෙන එයාට තුරුල් උනේ එයාගෙ මේ ආදරේ දරාගන්න බැරුව..

” දැන් ඇඩුවා ඇති. අපි යමුකො ඇතුලට.”

__________________________________________________

මම බලාගෙන හිටියෙ සිමෙන්ති වලින් හදපු සොහොන් කොතක් මැද ලස්සනට හිනා වෙලා ඉන්න මගෙ අම්මගෙ පිංතූරෙ දිහා. හ්ම්ම්ම් ඔව් තේව් මාව එක්කගෙන ඇවිත් තිබුනෙ මගෙ අම්මව බලන්න. මම වෙනදට එන්නෙ ලලිතා අම්මා එක්ක. මම කවදාවත් මෙතනට තනියම ඇවිත් නෑ මොකද මම දන්නවා මම මෙතනට තනියම ආවොත් ආයෙ මෙතනින් එළියට යන්න ශක්තියක් නෑ කියලා. ඒකයි මම හැමදාම ලලිතා අම්මා එක්ක ආවෙ. ඒත් මට ඕනෙ උනා තේව්ව අම්මට පෙන්නන්න. අපි දෙන්නා ගැන අම්මට කියන්න. ඒකයි මම මීට මාස ගානකට කලින් තේව්ට කිව්වෙ මාව අම්මා ලගට එක්කන් යන්න කියලා. මම හිතුවෙ නෑ තේව්ට ඒක මතක තියෙන්න ඇති කියලා.

මම බිම දණගහගෙනම ආයෙත් බැලුවෙ අම්මගෙ ෆොටො එක දිහා. කාලයත් එක්ක ඒ ෆොටො එක පරණ වෙලා ගිහිල්ලා තිබුනත් අම්මගෙ ලස්සන නම් අඩු වෙලා තිබුනෙ නෑ. මට හිතුනෙම ඒ ලගින් තියන සුදු රෝස මල් පොකුර වගෙම අම්මා ලස්සයි කියලා.

” අඩන්න එපා සුදු මැණික අම්මටත් දුක හිතෙයි උබ ඔහොම අඩනව දැකලා..”

මගෙ ලගට ආපු තේව් මාව තුරුට ගත්තෙ මගෙ කම්මුල් පුරා ගලපු කදුලු එයාගෙ අතින්ම පිහදලා..

පැයක් විතරම අම්මත් එක්ක කතා කරපු අපි දෙන්නා එළියට එන්න ආවෙ hospital එකටත් යන්න තියන නිසා.

” උබ සතුටින් ද මැණික ම්ම්ම්..”

බයික් එක ලගට ආපු තේව් මගෙන් ඇහුවෙ මගෙ ඔලුව අත ගාන ගමන්.

” ඔව් තේව් මට අද හරි සැහැල්ලුවක් දැනෙනවා. අපි දෙන්නා ගැන අම්මට කිව්වනෙ. මම දන්නවා අනිවාරෙන් අම්මාගෙ ආශිර්වාදෙ අපි දෙන්නට තියනවා කියලා.”

” උබ සතුටින් නම් එච්චරයි මගෙ මැණික.”

” ආදරේයි තේව්..”

____________________________________________

අන්තිමට cemetery එකෙන් එළියට ආපු hospital එකටත් ගිහිල්ලා මගෙ report ඔක්කොම පෙන්නලා ප්ලාස්ටර් එකත් අයින් කර ගත්තා. Doctor නම් කිව්වෙ දැන් කිසිම අවුලක් නෑ කියලා. පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ අරක අයින් කරාට පස්සෙ.

Hospital එකේ වැඩ ටිකත් ඉවර කරගෙන දවල්ට restaurant එකකින් බඩ පිරෙන්න අපි දෙන්නා කෑවා. ඊට පස්සෙ මාව office එකෙන් දාලා තේව් ගියෙ හවසට car එක ගෙන්න ගන්න එයාට එන්න වෙන්නෙ නෑ කියලා. මොකක්ද වැඩක් ලු එයාට. මම මගෙ cabin එකට ඇවිල්ලා ෆෝන් එක අතට ගත්තෙ තේව්ට මැසෙජ් එකක් දාන්න. ඒත් මගෙ ඇස් ගියෙ notification bar එකේ පෙන්නපු notifi එකකට. Miss call දෙකක්.

ඒක දැකපු මට දැනුනෙ බයක් එක්ක මිශ්‍ර උන කුතුහලයක්…..

__________________________________________

* හායි ලමයිනේ…..

* කවුද ආයුට කතා කරන්න ඇත්තේ….?

* කතාව ගැන මොකද හිතෙන්නෙ ලමයි ඔයාලට.. එපා වෙලා වගේ ද කතාව…?

* මගෙ කතාව කියවන…comment කරන. Vote කරන හැමෝටම ස්තූතියි.. ඒ වගේම ආදරේයි….❤️💚

* ආයෙත් ඉක්මනටම මුණ ගැහෙමු….

Nethu

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 21, novel À¶†À¶ºà·” (Completed) Âœ” 21, read À¶†À¶ºà·” (Completed) Âœ” 21 online, À¶†À¶ºà·” (Completed) Âœ” 21 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 21 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 21 light novel, ,

Comment

Leave a Reply

Chapter 21