À¶†À¶ºà·” (Completed) Âœ” 23

A+ A-

” හෙලො බබා ඔයා කොහෙද ඉන්නෙ”

” මම තාම office එකේ තේව්.. තව විනාඩි දහයකින් පිටත් වෙනවා.”

” හරි මැණික පරිස්සමින් එන්න. බායි “

” ආදරෙයි මහත්තයෝ බායි…”

තේව්ගේ කෝල් එක කට් කරපු මම ෆෝන් එක පැත්තකින් තියලා බඩු ටික අස් කරන්න ගත්තෙ තව ටිකකින් පිටත් වෙන්න් ඕනි නිසා.  වෙලාව පහයි. දැන් නම් බඩගින්නකුත් එනවා අප්පාව්. උදේ ඉදලා තිබුන වැඩත් එක්ක උදේ කෑවට පස්සෙ මේ වෙනකම් මුකුත් කන්න බැරි උනා. තේව් දන්නවා නම් ගුටි කන්න වෙනවා. ඉතුරු වැඩ ටිකත් ඉවර කරපු  මම මේසෙ උඩ තිබුන ෆයිල් ටිකත් පිලිවලට හදලා තියලා  බෑග් එකත් අරගෙන කැබින් එකෙන් එළියට ආවෙ තේව්ට මැසෙජ් එකකුත් දාන ගමන්.

මම මේ යන්නෙ සතියකට පස්සෙ මගෙ මහත්තයව meet වෙන්න. ම්ම්ම් ඔව් අනේහ් සතියකට පස්සෙ. එදා අන්තිමට hospital ගියපු දවසෙ meet උනාට පස්සෙ අපිට meet වෙන්න චාන්ස් එකක් ලැබුනෙම නැති තරම්. මේ දවස් ටිකෙ තිබුන වැඩත් එක්ක තේව්ව meet වෙන්න වෙලාවක් මට තිබුනෙම නැ. තේව් දැන් අපෙ restaurant  එකේ job එක කරන්නෙත් නැති නිසා එහෙමවත් meet වෙන්න හම්බ ලැබෙන්නේ නෑ. එයාට දැන් වැඩ ටිකක් වැඩි නිසා restaurant  එකට එන එක නවත්තලා online  job එකක් කරනවා. මමමයි ඒක හොයලා දුන්නෙ  තේව්ට පහසු නිසා. මම එහෙමම building එකෙන් එළියට ඇවිත් කෙලින්ම car එකට නැගලා star කරලා පාරට දැම්මෙ තේව්ලගෙ ගෙදර යන්න හිතාගෙන.  හී හී ඔව් ඔව් ගෙදර තමා. හෙට පෝය නිසා නිවාඩු. හදිසියේ කොහෙවත් රෑ වෙලා යන්නත් බැරි නිසා තේව් කිව්වා ගෙදර යමු කියලා. අනික අම්මත් මාව බලන්න ඕනි කිව්වලූ. ඒක නිසා මාත් කැමැත්තෙන්ම හා කිව්වා.

  මගදි arpico එක ලග නවත්තලා ගෙදරට ඕනි කරන  බඩු ටිකකුයි, නංගිට කඩචෝරු ටිකකුයි, තේව්ට චොකලට් එකකුයි ගත්තා. එයා වැඩිය ආස නම් නෑ ඒත් කනවා. තව එයා ආසම coffee ice cream එකකුත් ගත්තෙ අහම්බෙන් දැකලා. බඩු ටිකට pay කරලා ඒ ටිකත් අරගෙන ඉක්මනට car එකට ආවෙ වැස්සක් වැටෙන්න වගෙ තියන නිස ඊට කලින් යන්න. මම වැස්සෙ drive කරන්න පොඩ්ඩක් විතර බයයි ඒකයි.
 

කොහොම හරි පැය බාගෙකට විතර පස්සෙ මම තේව්ගෙ ගෙදර මිදුලෙන් car එක park කලේ ඒත් එක්කම වාහනේ සද්දෙ ඇහිලද කොහෙද තේව් ගේ ඇතුලෙ ඉදලා එළියට එද්දි. එයා කොට ශොර්ට් එකකට ආර්මි කට් එකක් ඇදලා.හරි handsome අනේව්. හී හී මගෙ කුඩු මහත්තයානෙ ඉතින් මේ. මම ඉක්මනට car එකෙන් බැහැලා ගිහිල්ලා එයාට තුරුල් උනෙ එයත් හිනා වෙලා ආපිට මාව තුරුල් කරගන්නකොට.

” I miss you මහත්තයෝ..”

” i miss you too මැනික..”

එයා මගෙ නළලට හාදුවක් දෙන ගමන් කියද්දි මම් තවත් එයාට තුරුල් උනා. ලෝබයි අනේ ඈත් වෙන්න. 

” වහින්න යන්නෙ මැණික ඇතුලට යමු. නාන්න තමා වෙන්නෙ තවත් මෙතන හිටියොත්.”

” ඉන්න ඉන්න පොඩ්ඩක්..”

වැස්ස පටන් ගන්නද කොහෙද පොද එක දෙක වැටෙන්න ගත්ත නිසා තේව් මාව එයාගෙ තුරුලෙන් ඈත් කරලා මාව ගේ ඇතුලට එක්කන් යන්න යද්දි මම ඉක්මනට දුවලා ගිහිල්ලා වාහනේ තිබුන බඩු ටික එළියට ගත්තා. මම ඒ ටිකත් අරගෙන එනකොට දැක්කෙ මම දිහා රවාගෙන බලාගෙන ඉන්න තෙව්ව. හේ අපි නම් බය වෙයි ඕවට හුහ්. මම එයාටත් ගස්සගෙනම ගේ ඇතුලට යනකොට මම දැක්කා එයත් මගෙ පස්සෙන් ඔරවගෙනම එනවා. .

” අම්මා අම්මා…. කෝ ඔයා…”

මම kitchen counter එක උඩින් ගෙනාපු බඩු ටික තියලා අම්මට කෑ ගහලා කතා කරේ මම ආවත් හරි අම්මව දැකපු නැති නිසා. වෙනදට නම් වාහනෙ සද්දෙ ඇහුන ගමන් එළියට එනවා නෙ. අද දන්නෙ නැද්ද දන්නෑ මම ආවා කියලා තාම. ඒක නිසාම මම සද්දෙට අම්මට කතා කරා… සමහර විට bathroom එකේ ද දන්නෑ. තේව් නම් ඉන්නවා මුකුත් ඇහුනෙත් නෑ දන්නෙත් නෑ වගෙ හොර බැල්ලමක් දාගෙන. මට නම් ඒ බැල්ම අල්ලන්නෙ නෑ හැබැයි.

” කෝ අනේ අම්මා… ගෙදර කවුරුත් නැද්ද. “

මම එයාගෙන් අහද්දි එයා ඔලුවත් කස කසම අහක බලා ගත්තේ ලාවට වගෙ මොකක්ද වෙන්නෙ කියලා මට තේරෙද්දි. මම ඒක නිසා ආයෙත් එයාගෙන් ඒකම අහද්දි එයා ගොත ගහන ගමන් දුන්න උත්තරෙත් එක්ක මගෙ ඇස් දෙක නලලට ගියා.

” ම්ම්.. මේ.. අම්මලා නෑ… අනුරාධපුරේ ගියා à·„à·“ à·„à·“….”

” මොකා…..ක්. කවද්ද ගියෙ..”

” කෑ ගහන්න එපා ඕයි.  අද උදේ ගියෙ ඉතින්..”

දෙයියනේ.. මේකව දිවියම කන්ට එපැයි. උදෙත් කිව්වා අම්මට මාව බලන්න ඕනෙ කිව්වා ඒක නිසා ගෙදර යමු කියලා. හවස කෝල් කරද්දිත් කිව්වා අම්මා බලාගෙන ඉන්නවා කියලා. යකූ මේ වගෙ බොරුකාරයෙක්.

” තමුසෙ මට බොරු කිව්වෙ ඇයි මෝඩයෝ එහෙනම්.”

” ඇත්ත කිව්වා නම් උබ එන්නෙ නෑනෙ. අම්මලා ගෙදර නෑ කිව්වා නම් උබ එනවද.. නෑනෙ නෑනෙ. ඒක නිසා ඉතින් පොඩීම පොඩි බොරුවක් කිව්වා. එච්චරයි “

තේව් කට කොනින් හිනා වෙලා එහෙම කියද්දි මම ගස්සලා අහක බලා ගත්තා. මටෝන්නෑ මෝඩයා. බොරු කියලා තව හිනා වෙන්නත් එනවා.

” අව්ව්.. මගෙ බබාට තරහා ගියා ද ම්ම්ම්ම්..”

” යනවා යන්න මෝඩයා… මටෝන්නෑ ටවුසෙව.”

” හරි හරි බෝලෙ ඉතින් තරහා ගන්න එපා..ඊයෙ රෑ තමා බාප්පා කෝල් කරලා කිව්වෙ ආච්චිට සනීප නෑ කියලා. එකයි තුන් දෙනාම උදේම ගියෙ. අම්මලා උදෙම ගියා කිව්වොත් උබ එන්නෙ නැති නිසා ඉතින් කිව්වෙ නෑ…  “

මගෙ ඉන දෙපැත්තෙන් අත් දෙක යවලා තුරුල් කර ගන්න ගමන් කියද්දි මම ඔරවගෙනම හිටියා.. එයා හිමීට මගෙ ඉණ මිරිකනවා. එත් එක පාරටම මාව ගැස්සිලා ගියෙ තේව් මාව එතන තිබුන බිත්තියට තද කරගෙන මගෙ මූණට එබුන නිසා. මම ඉන්නෙ තේව්ටයි බිත්තියටයි මැදි වෙලා. එයාගෙ ඇස් තියෙන්නෙ මගෙ තොල් දෙකේ කියන්න මට පේනවා. ඒ ඇස් මත් වෙලා වගෙ..

” මම මේ මාෂ්මෙලෝස් වල රස බලන්නද ම්ම්ම්..”

එයා අඩවන් උන ඇස් වලින් බලාගෙනම මගෙන් එහෙම අහද්දි මම හිමීට ඔලුව හෙලෙව්වෙ ඇස් දෙක පියා ගන්න ගමන්. ඒත් එකම මට දැනුනෙ එයාගෙ තොල් දෙක මගෙ තොල් එක්ක පැටලෙනවා.. එයාගෙ පපුව උඩ තිබුන මගෙ අරගෙන එයාගෙ කොන්ඩෙ අස්සෙන් යැව්වෙ එයත් එයාගෙ හැඩි දැඩි අතින් මගෙ ඉන මිරිකද්දි. එයා හිමීට පටන් ගත්ත හාදුව එන්න එන්නම දරුනු උනේ මේ ටික දවසට අපිට අපිව කොච්චර මග ඇරුනද කියලා පෙන්නන්න වගේ. එයා මගෙ යටි තොල උරන්න පටන් ගත්තෙ මම එයාගෙ කොන්ඩෙන් තද කරලා අල්ල ගන්නකොට.

” අහ්ම්..”

එයාගෙ හැඩි දැඩි අතින් මගෙ ඉණ මිරිකද්දි දැනුන වේදනාව එකතු උන වින්දනයට මගෙ කටින් කෙදිරියක් පිට වෙද්දි ඒ අවසරෙන්ම එයා මගෙ කට ඇතුලට එයාගෙ දිව ඇතුල් කරේ මගෙ මුළු කටේම දිග පළල මනින ගමන්. මම දන්නැ අපි දෙන්නා කොච්චර වෙලාවක් kiss කරා ද කියලා. මට හුස්ම ගන්න අමාරු උන නිසා kiss එක break කරා මිසක් එයාට නම්  කිසිම උවමනාවක් තිබුනෙ නෑ මගෙ තොල් වලින් ඈත් වෙන්න. එයා මගෙ තොල් වලින් ඈත් උන ගමන් මම එයාගෙ බෙල්ල අස්සෙ මුණ හංග ගත්තෙ හයියෙන් හයියෙන් හුස්ම ගන්න ගමන්. හී ගම හරහා දුවලා වගෙ..

” සුදු මැණික ගිහිල්ලා wash එකක් දාගෙන එන්නකො හයත් පහු වෙලා නෙ. මම ඉක්මනට ගිහිල්ලා කෑම අරගෙන එන්නම්. අම්මා උදේටයි දවල්ටයි උයලා ගියා. රෑට මොනා හරි කරගන්න කිව්වා. ඒක නිසා ඉක්මනට මම කෑම අරගෙන එන්නම්. ම්ම්ම් “

” මේ වැස්සෙ ගිහිල්ලා කෑම ගේන්න ඕනි නෑ අනේ අපි දෙන්නා පොඩි මොනා හරි දෙයක් හදාගමු..”

එළියෙ වැස්සත් පටන් අරගෙන තිබුන නිසාම මම එහෙම් කිව්වෙ මේ වෙලාවෙ එයාව එළියට යවන්න මට හිත දුන්නෙ නැති නිසා.  අපිට මොනා හරි දෙයක් හදාගන්න බැරි නෑනෙ.

” ඒත් ඔයාට මහන්සි නෙ මැණික. මම ඉක්මනට ගිහිල්ලා එන්නම්.”

” මට මහන්සි නෑ අනේ. ඉන්නකො මම ඉක්මනට wash එකක් දාගෙන එන්නම්.”

මම එයාගෙ කම්මුලට කිස් එකකුත් දීලා  කාමරේට ඇවිත් තේව්ගෙ ටවල් එකත් අරගෙන bathroom එකට ගියෙ  wash එකක් දාගෙන ඉක්මනට මොනා හරි හදන්න හිතාගෙන.

.

.

.

විනාඩි පහලවකට විතර පස්සෙ මම bathroom එකෙන් එළියට ආවෙ සීතලට ගල් වෙලා යයි කියලා දැනුන සාදාරන බය නිසා. ටවල් එකත් පටලගෙන මම එළියට එනකොට ඇහුනා තේව් මොනාද කුස්සියෙ කරන සද්දෙ. මම කාමරේට ගිහිල්ලා තේව්ගෙ cupboard එක ඇරියෙ එයාගෙ ඇදුමක් ගන්න හිතාගෙන. මම ගෙනාවෙ කොට ශෝර්ට් එකක් අනේ. මේ සීතලේ ඒක අදින්න බෑ. ඒක නිසාම තේව්ගෙ දිග කලිසමකට ටී ශර්ට් එකක් අරගෙන ඇදගත්තා.

” ඔය මගෙ ඇදුමක් නේද ආ..”

මම කුස්සියට එන සද්දෙ ඇහිලද කොහෙද මම දිහා බලපු තේව් ඇහුවෙ හිනා වෙන ගමන්. හරි හරි ඉතින් එයාගෙ ඇදුම් මට ලොකුයි තමා ඒකට හිනා වෙන්න ඕනෙයැ. කලිසම නම් තියෙන්නෙ ඒක ගැට ගන්න තියන පටිය නිසා. නැත්තම් ඒක බිම. ටී එකත් තේව්ට ඇගේ ගානට තිබුනට මට බැගි ටී එකක් වගේ. ඒකට තමා ඉතින් ඔය හිනා වෙන්නෙ.

” පඹයෙක් වගෙ බම් උබ…”

” අනෙ යනවකො යන්න..”

නපුරෙක් මහ.. මේ සස්සන සෙම්සි මගෙ දිහා බලාගෙන පබයා කිව්වා නෙ මේ මිනියා. මම එයා දිහා රවලා බලද්දි එයා මගෙ පැත්තට දික් කරේ mug එකක්..

” ආ සුදු මැණික මේ කොෆි එක බොන්න..”

යෝ මගෙ මහත්තයා මට කෝෆි එකක් හදලා… ඇත්තටම මට මේ වෙලාවෙ කෝෆි එකක් ඕනි වෙලා තිබුනෙ. මම එයාගෙ කම්මුලක් ඉබලා එයා මට දුන්න mug එක ගත්තා.

” ඔයා බිව්ව ද තේව්..”

” ඔයා එන්න කලින් බිව්වා. දැන් ආයෙ බෑ වගෙ.”

” කමක් නෑ එහෙනම් මේකෙන් ටිකක් බොමු..”

” හ්ම්ම්ම් හා”

මම mug එක තෙව්ට දීලා fridge එක ඇරලා බැලුවෙ මොනා ද හදන්නෙ කියලා. ඒත් නැමිලා හිටිය මගෙ පස්සට කීස් කන්න පාරක් දෙන ගමන් තේව් කිව්ව දේත් එක්ක මට දැනුනෙ මගෙ කකුල් දෙකේ ඉදලා පණ නැතුව යනවා වගේ…..

__________________________________________________

* හායි ලමයිනේ…….

*තේව් මොනාද කියන්න ඇත්තේ ඉතින් ම්ම්ම්ම්…..

* ඔන්න ගෙදර කවුරුත් නැල්ලු…. මොනා වෙයිද ඉතින්…. 🫣

* මගෙ කතාවට ආදරේ කරන හැමෝටම මාත් ආදරෙයි…. ඒ වගේම ස්තුතියි මේ දෙන ඔයාලගෙ ආදරේට….❤️💚

* ඉක්මනට ඊළග කොටසින් මුණ ගැහෙමු…

❤️💚

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 23, novel À¶†À¶ºà·” (Completed) Âœ” 23, read À¶†À¶ºà·” (Completed) Âœ” 23 online, À¶†À¶ºà·” (Completed) Âœ” 23 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 23 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 23 light novel, ,

Comment

Leave a Reply

Chapter 23