À¶†À¶ºà·” (Completed) Âœ” 36

A+ A-

” අයියා… “

මෙච්චර වෙලාම ඇදෙ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා මට එහා පැත්තෙ ඇදෙ නිදාගෙන ඉන්න කේනු දිහා බලාගෙන කල්පනාවක හිටපු මම ගැස්සිලා ගියෙ ඉදුවර ඇවිල්ලා කතා කරපු නිසා. මම හැරිලා බලද්දි කොල්ලා බත් පිගානකුත් එක්ක වතුර වීදුරුවකුත් අතේ තියාගෙන කාමරේ දොර ලගට වෙලා හිටගෙන ඉන්නවා. කොල්ලගෙ ඇස් රතු වෙලා හොදටම. අනිවාරෙන් කාමරේට එන්න කලින් අඩන්න ඇති.

” බත් කටක් කාලා ඉමු අයියා. නොකා ඉදලා හරියන්නෙ නෑනෙ. “

” මට කන්න බෑ මල්ලි. “

බත් පිගාන අතේ තියාගෙනම මගෙ ලගට ආපු කොල්ලා මගෙ ඔලුව අත ගාන ගමන් බත් කටක් කාලා ඉමු කියද්දි මම කන්න බෑ කියන ගමන් උගෙ බඩට මූණ තියා ගත්තෙ තවත් මට දරාගෙන ඉන්න බෑ කියලා තේරුන නිසා. ඒත් එක්කම ඉදුවර එයාගෙ අතෙ තිබුන පිගානයි වතුර වීදුරුවයි එතන තිබුන පොඩි මේසෙ උඩින් තියලා ඇදේ ඉදගෙන මාව බදාගත්තෙ ඕන දේකට මම ඉන්නවා කියන්න වගේ. මේ ඉන්නෙ මගෙ මල්ලි මම දන්නවා කවුරු නැතත් මට මේ කොල්ලයි ලලිතා අම්මයි ඉන්නවා කියලා.

” ඔහොම ඉන්න එපා බං අයියේ. උබ ඔහොම ඉන්නකොට මට දරාගන්න බැ. මට ඔයාව තේරුම් ගන්න පුලුවන්. ඒත් ඔයා දරුවා වෙනුවෙන් ශක්තිමත් වෙන්න ඕනෙ. උබ වැටුනම දරුවට මොකද වෙන්නෙ කියලා හිතලා බලපන්. අද උන හැමදෙයක්ම අමතක කරලා දාපන් අයියේ. ඒක හීනයක් කියලා හිතපන්. උබට කවුරු නැතත් උබගෙ මල්ලි ඉන්නවා. “

ඉදුවර මගෙ ඔලුව අත ගාන ගමන් කියවනවා. එයා කියනවා හැමදෙයක්ම අමතක කරලා දාන්නලු. හීනයක් කියලා හිතන්නලු. කොහොමද දෙයියෙනේ එහෙම කරන්නෙ. අද උන දේවල් අමතක කරන්නෙ කොහොම ද මම. කොහොමද දෙයියනේ එහෙම කරන්නෙ.

” ඔහොම ඉන්න එපා හලො. අඩන්න ඕනෙ නම් අඩපන්. දුක නැති වෙනකම් අඩලා හැමදෙයක්ම අමතක කරන්න. හිතේ හිර කරගෙන ඉන්නෙ නැතුව අඩලා එළියට දාපන් අයියේ. මට ඉන්න එකම සහෝදරයා උබ අයියේ. එහෙම එකේ උබ ඔහොම කතා නොකර ඉන්නකොට දරාගන්න බෑ යකෝ. . “

ඉදුවර මාව හොලව හොලව කෑ ගහනවා. ඒ කොල්ලට දුක ඇති මම මෙහෙම ඉන්න එක. මම ගෙදර ආවත් හරි එක වචනයක් කතා කරන්න නැතුව ඇති. මට තේරෙන්නෙ නෑ මේ දැනෙන හැගීම මට දැනෙන්නෙ මාව හිස් වෙලා වගේ. මම ඉදුවරගෙ පපුවට ඔලුව තියාගෙනම හිටියෙ ඌ කියන කිසිම දෙයක් ඇහෙන්නෙ නෑ වගේ. ටිකක් වෙලා එහෙම හිටපු මාව කෙලින් කරපු ඉදුවර මට බලෙන්ම බත් කටවල් තුන හතරක් කවලා වතුරත් පොවලා කාමරෙන් එළියට ගියෙ පුලුවන් තරම් මගෙ හිත හැදෙන්න කතා කියලා. එයා කාමරෙන් එලියට යනවත් එක්කම මාත් කාමරේ ලයිට් ඕෆ් කරලා පුතා ලගින් හාන්සි වෙනවත් එක්කම මගෙ මතකෙට ආවෙ කොච්චර අමතක කරන්න හැදුවත් අමතක වෙන්නෙ නැති අද හවස උන දේවල්.

A few hours ago….

එක පාරටම දොර ඇරගෙන එළියට ආපු රෑපෙ දැකලා මට දැනුනෙ මුලු ලෝකෙම එක තැන නතර උනා වගේ හැගීමක්.  නෑ මේක වෙන්න බෑ. මෙහෙම වෙන්නෙ කොහොම ද.. එයා කොහොමද මෙහෙ ඉන්නෙ.

ත්..තේව්…

දෙයියනේ අවුරුදු හතරකට කලින් මගෙ මුළු ජීවිතේම උන ඒ පිරිමි රෑපෙ අද මගෙ ඇස් ඉස්සරහා ඉන්නවා. ඔව් ඒ දොර ඇරගෙන එළියට ආවෙ මීට අවුරුදු හතරකට කලින් මගෙ එකම ආදරේ. අදටත් මට අමතක කරගන්න බැරුව දුක් විදින ඒ නපුරු ඇස්වල අයිතිකාරයා. ආයෙමත්  ජීවිතේ එක පාරක් හරි දකින්න පෙරුම් පිරුව මගෙ මහත්තයා. කේනුගෙ තාත්තා. අනේ කොහොමද මම මේක විශ්වාස කරන්නෙ. මට පේනවා එයත් මේ දේ විශ්වාස කරන්න බෑ වගෙ මගෙ දිහාම බලාගෙන ඉන්නවා. ඒ මූණෙ තිබුනෙ හරියට මාව මේ වගේ වෙලාවක මේ වගේ තැනකදි කොහොමත්ම බලාපොරොත්තු උනේ නෑ කියන්න වගේ. ඒත් වෙනදට පොඩි වෙනස්කමක් උනත් අදුරන ගන්න පුලුවන් ඒ ඇස් වල හැගීම් අද මට අදුර ගන්න බැරුව ගියා.

එයා වෙනස් වෙලා. එයාගෙ බාහිර පෙනුම වෙනස් වෙලා. අවුරුදු හතරකට කලින් හිටිය සෙල්ලක්කාර කොල්ලා අද දේහදාරි පිරිමි පරානයක් වෙලා. එයා හිටියටත් වැඩිය කඩවසම් වෙලා. කොච්චර වෙනස් උනත් අදුර ගන්න බැරි වෙන්නෙ කොහොමද දෙයියනේ මේ ඉන්නෙ මම ආදරේ කරපු කොල්ලනේ. .මට හිතා ගන්න බෑ මෙ දැනෙන හැගීම. මට දැනෙන්නෙ මේ හැමදේම හීනයක් වගේ කියලා. 

(ලමයි මට පොඩි වැරැද්දක් වෙලා තියනවා. පලවෙනියටම ආයුට තේව්ව හම්බ වෙනකොට තේව්ගෙ වයස අවුරුදු විස්සයි තේරුනාද දහනමයයි නෙවෙයි.. එතකොට දැන් තෙව්ගෙ වයස අවුරුදු 25ක් වෙනවා. අනේ ඒ වැරැද්දට මට සමාව දෙන්න…)

” අඩෝ නිකියා. මේ උබෙ කෑල්ල කතා කරනවා යකූ. පොඩ්ඩක් බලපන්. “

මෙච්චර වෙලාම අවුරුදු හතරකට පස්සෙ දකින එයාගෙ රූපෙ දිහා බලාගෙන හිටපු මාව ගැස්සිලා ගියෙ ගේ ඇතුලෙ ඉදලා ෆෝන් එකකුත් උස්සගෙන කොල්ලෙක් කෑ ගහගෙන ආපු හින්දා. මම දැක්කා එයත් ගැස්සිලා යනවා. අර කොල්ලගෙ අතින් ෆෝන් එක ගත්ත එයා කෝල් එක ආන්සර් කරලා කනේ තියාගෙන වැරැන්ඩා එකේ කොනට ගියා. හ්ම්ම්ම් මම හිතුවා හරි ඒ කියන්නෙ එයා වෙන කෙනෙක්ගෙ වෙලා. ඔව් ඉතින් මමනෙ එයාව දාලා ආවෙ. එහෙම වෙන එක සාදාරනයි.

මම පපුව පුරවලා හුස්මක් ගත්තා. මට ඕනෙ දැන් මෙතනින් පැනලා දුවන්න. මට බෑ එයට මූණ දෙන්න. මම වැරැද්දක් කරලා නැතත් මට  ඕනෙ කලින් හිටියා වගේම හැංගිලා ඉන්න. ඒත් දැන් කරන්න දෙයක් නෑ. මම ඒත් එක්කම හැරිලා බැලුවෙ  මට එහා පැත්තට වෙලා ඉදුවරගෙ අතේ ඉන්න මගෙ කොල්ලා දිහා. එයාගෙ තාත්තා එයා ඉස්සරහා ඉන්නවා කියලවත් දන්නෙ නැතුව මගෙ අහිංසකයා වට පිට බල බල ඉන්නවා. ඉදුවරගෙ මූණෙ තියෙන්නෙත් මේක විශ්වාස කරන්න බෑ වගේ බැල්මක්.

” මහත්තයා මේ කෑම. “

තවත් මෙතන ඉන්න බෑ කියලා හිතුන නිසාම එහා පැත්තට වෙලා කෝල් එකේ ඉන්න තේව් දිහත් බලාගෙනම මම ටිකක් වැරැන්ඩා එක ලගට ගිහිල්ලා තේව්ට ෆෝන් එක ගෙනත් දීපු කොල්ලට කතා කරලා කෑම ගන්න කිව්වා. ඒ කොල්ලට අපි එතන ඉන්නවා කියලා ගානක් තිබුනෙ නෑ. මොකද ඒකා එතනට ආපු වෙලාවෙ ඉදලා ෆෝන් එක කන එකනේ කරේ. මම කතා කරනවත් එක්කම තමා එයා දැක්කෙ අපි එතන ඉන්නවා කියලා. ඒ කොල්ලා මාව දැක්කා විතරයි ඇස් දෙකත් ලොකු කරගෙන මගෙ උඩ ඉදලා පහලටම බැලුවා වගේම මට ටිකක් පිටිපස්සෙන් හිටපු ඉදුවර දිහාටත් ඒ වගේම බැල්ලක් දැම්මා. පොඩි හුරු පුරුදු ගතියක් දැනුන නිසාම මාත් ඒ කොල්ලා දිහා බලාගෙන හිටියෙ ඒ කවුද කියලා මතක් කරන ගමන්. ටිකක් වෙලා මතක් කරනකොට තමා මගෙ මතකෙට ආවෙ මේ තේව්ගෙ යාලුවා මනුල කියන එක.  වැඩිය ආශ්‍රයක් තිබුනෙ නැති නිසාම වෙන්න ඇති අදුර ගන්න වෙලා ගියා. මනුල දිහා බලාගෙන හිනා වෙන්න ගියත් ඊලගට උනේ මම හීනෙකින්වත් හිතපු නැති දෙයක්.

” අහ්හ්…”

” අයියා.”

මගෙ ලගට ඇවිත් මගෙ අතේ තිබුන බත් පාර්සල් හතර එයාගෙ අතට ගත්ත ඒ කොල්ලා මට හිතන්නවත් වෙලාවක් නොදී මාව තල්ලු කරලා දැම්මෙ කේන්තියෙන්. ඒක බලාපොරොත්තු නොවුන විදිහේ තල්ලුවක් උන නිසා මාව ඒ මිදුල මැද ඇදගෙන වැටුනා වගේම මිදුලෙ තිබුන වැලි වලට මගෙ අත සීරිලා ගියා. මට හිතා ගන්න බැරි උනා මොකක්ද උනේ කියලා. මාව වැටෙනවත් එක්කම ඉදුවර මල්ලි කොල්ලවත් බිම තියලා කෑ ගහගෙන ඇවිල්ලා මාව නැගිට්ටව්වෙ අනිත් පැත්තෙන් කේනුත් ඇවිල්ලා අඩන ගමන් මාව බදාගන්නකොට..වැටුන තැනින් නැගිටපු මම මනුල දිහා බලාගෙන හිටියෙ ඇයි මෙහෙම කරේ අහන්න වගේ. තේව්ට නම් ගානක් නෑ එයා තාම කෝල් එකේ. අපිට ටිකක් ඈතින් ඉන්න නිසා එයා මෙතන උන දේ දකින්න නැතුව ඇති. 

” මොකද ඔහොම බලන්නේ ආ. ලැජ්ජා නැද්ද යකෝ ආයෙත් අර කොල්ලගෙ ඉස්සරහට ආවෙ. ඒ කොල්ලට කරන්න පුලුවන් ඔක්කොම කරලා අන්තිමට අත ඇරලා ගියා නම් ඒ විදිහට හිටපන්. ආයෙ මොන රෙද්දකට ද ආවෙ.. තව දුක් දෙන්න ද..”

අපි තුන් දෙනා ලගට ආපු මනුල කෑ ගහලා මට බනින්න පටන් ගත්තෙ මායි මල්ලියි මූණට මූණ බලාගන්නකොට. මේ සද්දෙටම ද කොහෙද මෙච්චර වෙලාම කෝල් එකේ හිටපු තේව් වගේම ගේ ඇතුලෙ ඉදලා තව කොල්ලො දෙන්නෙකුත් එළියට ආවෙ අපිව තවත් අපහසුතාවට පත් කරලා. මම ලග හිටපු ඉදුවරගෙ අත තද කරලා අල්ල ගත්තෙ මට මේ වෙලාවෙ කරන්නෙ මොනවද කියලා හිතා ගන්න බැරි උන නිසා.

” ලැජ්ජා නැති එකෙක් උබ.. මගෙ එකාට දෙන්න පුලුවන් හැම දුකක්ම දීලා උබ සතුටින් ඉන්නවා වගේ නේද… ඔව් ඉතින් තොපි වගේ උන්ට ලැජ්ජාවක් නෑනෙ.  තොපි දෙන්නම එකයි. උබ නිකේත්ගෙ ජීවිතේ විනාස කරන්න නේද ගියෙ. ඉදකින්..ඒත් වැඩක් උනේ නෑ යකෝ අද ඒ කොල්ලා දොස්තර කෙනෙක්. තමුන් ආවෙ එක දැනගෙන නිකේත්ගෙ ඇගෙ එල්ලෙන්න නේද..දන්නව ද නිකේත්ට දැන් කෙල්ලෙක් ඉන්නවා. උබට වැඩිය දාස් ගුණේකින් හොද කෙනෙක්..”

” අඩෝ මනුවා මොනව ද යකෝ කියවන්නෙ මෙහෙ වරෙන්.”

මෙච්චර වෙලාම පැත්තකට වෙලා වෙන්නෙ මොනව ද කියලා හිතා ගන්න බැරුව හිටය කොල්ලෙක් ඇවිල්ලා කෑ ගහන  කොල්ලව ඇදලා ගත්තත් ඌ නෙවෙයි කෑ ගහන එක නතර කරේ.  ඉදුවරගෙ ඇස් වල කදුලු පිරිලා. මම කවද්ද දෙයියෙනේ තේව්ගෙ ජීවිතේ විනාස කරේ. මට මේ මුකුත් හිතා ගන්න බෑ. 

” බලපන් රනියා. බලපන් මු ආයෙත් ඇවිල්ලා. මුන්ට ලැජ්ජා නැද්ද යකෝ. ආයෙත් උබගෙ ඇස් ඉස්සරහට ආවෙ. අනිවාරෙන් උබ දොස්තර කෙනෙක් උනා කියලා ආරංචි වෙලා එන්න ඇත්තෙ ඇගේ එල්ලෙන්න. සල්ලි නැතුව ඇති ඒකනේ මේ බත් බිස්නස් කරන්නෙ.  “

” මනුල දැන් ඇති. “

මනුල කෑ ගහපු නිසා තමා මම එයාව අල්ලගෙන හිටිය කොල්ලා දිහා බැලුවෙ. දෙයියනේ ඒ ඉන්නෙ රනිශ්ක මල්ලි. එයත් වෙනස් වෙලා. රනිශ්කගෙ අත් වලින් ගැලවෙන්න දගලන ගමන් හිටපු මනුල ලගට මෙච්චර වෙලාම පැත්තකට වෙලා හිටපු තේව් ගිහිල්ලා සීතල කටහඬකින්  දැන් ඇති කිව්වෙ ඒත් අරූ නවත්තන්නෙ නැතුව කෑ ගහද්දි. මට හිතා ගන්න බෑ මේ මොනව ද වෙන්නෙ කියලා. ඒත් මට උවමනාවකුත් නෑ කාටවත් ඇත්ත කියලා උන දේවල් පැහැදිලි කරල දෙන්න තරම්. 

” අලෙ අම්මි නමුකෝ. තේනුට  බයයි අම්මි අලේ. ඉහි.. ඉහි..ඉහි..”

” අඩන්න එපා මැණික. බය වෙන්න එපා අම්මි ඉන්නවා නෙ කේනු ලගින්ම.”

අනේ මගෙ කොල්ලා හොදටම බය වෙලා. මම ඉක්මනට ඉදුවරගෙ අතේ අඩන ගමන් හිටපු කොල්ලව වඩා ගත්තෙ අර යකා කියන දේවල් ගැන හිතනවට වැඩිය මට මගෙ කොල්ලව වටින නිසා. ඇත්තටම මම පසු තැවෙනවා කේනුව මේ ගමන එක්කන් ආපු එකට.

” පේනවාද ලමයෙකුත් ඉන්නවා. වේසකමේ ගිහිල්ලා හදාගත්ත ලමයෙක් වෙන්න ඇති. අප්පා කවුද කියලවත් අම්මා දන්නව…අහ්හ්…

චටාස්….

මෙච්චර වෙලාම ඉවසගෙන කට වහගෙන හිටපු මගෙ ඉවසීම දරුවට කියපු කතාවත් එක්කම ඉවර වෙද්දි කතා කරන්න අඩියක් ඉස්සරහට තියන්න ගියත් මම එක තැන ගල් ගැහුනෙ ඉදුවර මල්ලි අර මනුල කියන එකාගෙ ලගට ගිහිල්ලා කනට ගහපු නිසා. එයාගෙ මූණ තරහටම රතු වෙලා තිබුනා. මට ඇත්තටම හිතාගන්න බැරි උනා හැමදේටම ඇස් වල කදුලු පුරවගෙන අඩන කොල්ලා ඉන්න විදිහ දැකලා. අනිත් අයත් පුදුම වෙලා වගේ ඉදුවර දිහා බලාගෙන ඉන්නවා.

” මොකක්ද උබ කිව්වෙ. ආයෙත් කියපන් බලන්න. මොකක්ද උබ කිව්වෙ ඈ යකෝ. දන්න දෙයක් කතා කරපන් උබ. මෙච්චර වෙලාම උබ කියපු හැමදේම ඉවසගෙන හිටියනෙ. ඇත්ත නොදැන උබ අයියටත් කතා කිව්වා අපි දෙන්නම පාඩුවෙ හිටියනෙ.  දරුවට වචනයක්වත් කියන්න එන්න එපා. අනික හිතන්න එපා ඇගේ එල්ලෙන්න ආවා කියලා. එහෙම ඕනෙ උනා නම් එන්නෙ මීට කලින්.   උබ දන්නවද යකො මේ අහිංසකයගෙ ඇත්තම තාත්තා…..

” මල්ලි ඇති….”

ඉදුවර යකෙක් වගේ කෑ ගහලා අර කොල්ලට බනින ගමන් හිටපු ඉදුවර අන්තිමට කේනුගෙ ඇත්තම තාත්තා ගැන කියන්න යනවත් එක්කම මම එයාව නැවැත්තුවා. මට ඕනෙ නෑ මේ ඇත්ත කාටවත් දැන ගන්න දෙන්න. අනික තේව්ට දැන් වෙන කෙනෙක් ඉන්නවා නම් කොහොමත් කේනු ගැන නොදැන ඉන්න තරමට හොදයි..

” අපෙ අතින් වරදක් උනා නම් සමාවෙන්න මහත්තයා. අපි යන්නම්.. ඉදුවර යමු..”

හැමෝම දිහා බලලා එහෙම කියපු මම මගෙ දිහා අමුතුම බැල්මකින් බලාගෙන ඉන්නෙ තේව්ගෙ ඇස් දෙකත් නොදැක්ක ගානට ඉදුවරවත් ඇදගෙන එන්න ආවෙ ආයෙ කිසිම විදිහකින් ඒ දිහා හැරිලවත් බලන්නෙ නැතුවමයි.

වර්තමානය…

ඒ වෙලාවෙ එතනින් ආපු මම කාත් එක්කවත් වචනයක්වත් කතා නොකර කෙලින්ම නතර උනේ අපෙ කාමරේ. ලලිතා අම්මා තාම මේ උන කිසිම දෙයක් දන්නෙ නෑ. එයාට තේරෙන්න ඇති මොකක් හරි අවුලක් කියලා නම්. කොල්ලා නම් හිටියෙ හොදටම බය වෙලා. අන්තිමට ලෝකෙ නැති දේවල් කියලා තමා කොල්ලව නලව ගත්තෙ. දැන් ඇවිල්ලා පන්ඩිතයා වගේ කවලා පොවලා ගියත් ඉදුවර හිටියෙ ගොඩක් අවුලෙන්. ඒත් ඒක කොල්ලා පෙන්නුවෙ නෑ.

මෙච්චර දේවල් උනත් මේ වෙනකම් මගෙ ඇහෙන් එක කදුලක්වත් වැටුනෙ නෑ. මට දැනෙන්නෙ හිස් හැගීමක් විතරයි. මාව හිස් වෙලා වගේ.  ඒත් මට හිතා ගන්න බැරි ඇයි අර කොල්ලා මම තේව්ගෙ ජීවිතේ විනාස කරා කියලා බැන්නෙ කියලා. ඒ කොල්ලා හැම වෙලාවෙම කිව්වෙ මම තේව්ගෙ ජීවිතේ විනාස කරා කියලා. සමහර විට මම එයාව දාලා ආපු එක ගැන කිව්ව ද දන්නැ. හෙට ඉදලා කෑමත් එපා කියයි.

ඒ මොනවා උනත් මට එක සතුටක් තියනවා. මගෙ කොල්ලා දැන්  දොස්තර මහත්තයෙක්. ඒක එයාගෙ හීනෙ. එයා අද ඒ හීනෙ හැබෑ කරගෙන.  මම ඒක ගැන හදවතින්ම සතුටු වෙනවා. එදා මම දරුවා ගැන කිව්වා නම් සමහර විට අද එයා එතන නැති වෙන්න තිබුනා. දරුවගෙ වගකීමුත් එක්ක එයාගෙ ඉගනීම මග නතර වෙලා එයා වෙන මොකක් හරි  පොඩි රස්සාවක් කරන්න තිබුනා. ඒ අතින් උනත් මම සතුටු වෙනවා මම දරුවා ගැන එයාට නොකියා හිටියට. මොනවා උනත් දැන් තේව් ලස්සන ජීවිතයක් ගෙවනවා නෙ ඒ ඇති මට. 

මට දුකක් නෑ අද තේව් මම වෙනුවෙන් කතා නොකරට. එයා සතුටින් නම් එච්චරයි….

කොච්චර නිදා ගන්න ගියත් නින්දක් අහලකටවත් ආවෙ නැති නිසා මම කේනුව ඇහැරෙන්නෙ නැති වෙන්න ෆෝන් එක අරගෙන සිංදුවක් දැම්මා…

අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුනා නම්
මෙදා වියෝවක් නෑ…

තැනූ මන්දිර බිඳී වැටුනත්
නෙතේ කඳුළක් නෑ
සිනහ වෙන්නට වරම් නොලදත්
සිතේ කිලුටක් නෑ…

අතීතය සිහිනයක් පමණයි…

සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ…

අතීතය සිහිනයක් පමණයි…

වැටෙන්න ඔන්න මෙන්න තිබුන කදුලු බිංදුවක් ඒ සිංදුව ඇහෙනවත් එක්කම ඇහෙන් ගිලිහිලා ගිහිල්ලා කොට්ටෙ අස්සෙ හැංගුනෙ මට මං ගැනම අනුකම්පාවක් දැනෙනකොට. 

______________________________________________

•  ඔන්න තේව් ආවා….

• ඇයි තේව්ගෙ යාලුවා කියන්නෙ ආයු තේව්ව රැවැට්ටුවා කියලා…. ?

• මොනවා වෙයිද ඉස්සරහට…?

• ලමයිනෙ ගොඩක් අය මගෙන් අහලා තිබුනා daily කතාව දෙන්න බැරි ද කියලා. ඇත්තටම තියන වැඩත් එක්ක මට daily කතාව දෙන්න පුලුවන්කමක් නෑ. කැමැත්තකින් කරන දෙයක් නෙවෙයි ඇත්තටම ඒක. ඒත් මම පුලුවන් තරම් උත්සහ කරනවා කතාව ඉක්මනින් දෙන්න. මාත් එක්ක තරහා වෙන්න එපා…. 🥺

• මගෙ කතාව කියවන, vote කරන ,comment කරන හැමෝටම ස්තූතියි.. ඒ වගේම ආදරෙයි…. ❤️💚

• ඉක්මනටම ඊළග කොටසින් මුණ ගැහෙමු….

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 36, novel À¶†À¶ºà·” (Completed) Âœ” 36, read À¶†À¶ºà·” (Completed) Âœ” 36 online, À¶†À¶ºà·” (Completed) Âœ” 36 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 36 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 36 light novel, ,

Comment

Leave a Reply

Chapter 36