À¶†À¶ºà·” (Completed) Âœ” 38

A+ A-

දෙයියනේ තේව්. එයා මොකද මේ වෙලාවෙ මෙතන කරන්නෙ. අපිට ඉස්සරහින් පාර එහා පැත්තෙ බයික් එකට හේත්තු වෙලා  අපි දෙන්නා දිහා බලාගෙන හිටියෙ තේව්. කලු පාට ටී එකට පොකට් ශෝර්ට් එකක් ඇදලා අත් දෙකත් පපුවට බැදගෙන තේව් ඒ ඉන්න විදිහට මට නම් හිතුනෙම තේව් මාරම කඩවසම් කියලා විතරයි. හැබැයි මෙතන තියන විශේෂය ඒක නෙවෙයි කෙල්ලනෙ. එයා බලාගෙන ඉන්නෙ මායි කේනුයි දිහා. එයාගෙ ඇස් දෙක කෙලින්ම වැටිලා තියෙන්නෙ අපි දෙන්නා දිහාවට.මේ පාරවල් ටවුන්වල තියනවා වගේ ලොකු පාරවල් නෙවෙයි නිසා අපි දෙන්නට දෙන්නා හොදට පේනවා. සමහර විට මේකා මම ගැන ඔත්තු බලනවාවත් ද. නැත්තම් මොකටද මේ වෙලාවෙ මෙතන ඉන්නෙ. නෑ නෑ වෙන්න බෑ. වෙන වැඩකට එන්න ඇත්තේ.  එයා මොකට ද මම ගැන ඔත්තු බලන්නෙ. උදේ පාන්දරම අර බංකුවට වෙලා තේ බිබී හිටපු නිසා මම හිතුවෙ අද වැඩට යනවා ඇති කියලා. ඒත් නෑ වගේ සමහර විට තාම වැඩ බාර ගන්න නැතුව ඇති. මොනවා උනත් අර අපාය සහයක සගයෝ තුන් දෙනා නම් නෑ පේන්න. 

” අම්මියේ. බෝ තුත්තක් දේතෝ. තේනුට බෝ ඕනි නෙ.”

මම තේව් දිහා බලාගෙන එයා මෙතන ඉන්න හේතුව හිත හිත ඉද්දි මගෙ එක පාරටම මගෙ කල්පනාව බිදිලා ගියෙ කේනු වතුර ඉල්ලපු නිසා. මම එහෙමම බැලුවෙ මගෙ කේනු දිහා. අනේ මගෙ කොල්ලට මහන්සි පාටයි. මූනත් එක්ක රතු වෙලා. රස්නෙත් වැඩි නිසා අමාරු ඇති කොල්ලට. මම ඉක්මනට දාගෙන හිටපු සයිඩ් බෑග් එක ඇරලා වතුර බෝතලේ අතට ගත්තත් බෝතලේ වතුර ඉවර වෙලා තිබුනා. මම කොල්ලගෙ වතුර බෝතලෙත් හොල්ලලා බැලුවෙ ඒකෙ වතුර තියනව ද කියලා. ඒකෙත් ඉවර වෙලා. හයියෝ. දැන් මොකද කරන්නෙ. බස් එක එන්නත් තව වෙලා තියනවා. ලග පාතක ටැප් එකක්වත් නෑ වතුර ටිකක් පුරව ගන්න. ඒත් එක්කම මට මතක් උනේ පාරෙන් එහා පැත්තෙ තියන පොඩි කෑම කඩේ.

” සුදු මැණික. බෝ ඉවර වෙලානෙ මැණික. අපි අර කඩෙන් අරගෙම එමු හරි ද..”

” ඕතේ අම්මි.. “

කොල්ලව ගෙදර යනකම් තිබහෙන් තියන්න බැරි නිසා මම කොල්ලව වඩා ගත්තෙ කඩෙන් වතුර බෝතලයක් ඇරගෙන එන්න.

දැන් තමා අමාරුම වැඩේ තියෙන්නෙ. ඒ කඩේට යන්න නම් අනිවාරෙන් මම තේව්ව පාස් කරගෙන යන්න ඕනි. මොකද කඩේ ඉස්සරහම තමා තේව් බයික් එක නවත්තගෙන ඉන්නෙ. ඕනි දෙයක් කියලා මම කොල්ලව උස්සගෙනම පාර පැනලා කඩේ කෙලින්ම කඩේ ඇතුලට ගියා. මට බය හිතුනා තේව් ඇවිල්ලා මාත් එක්ක කතා කරයි කියලා. ඉදුවරත් නෑ උදේ වගේ බේරගන්න. මම හොදටම දැක්කා මම කඩේ ඇතුලට එනකන්ම එයාගෙ ඇස් තිබුනෙ මගෙ ලග කියන්න. මගෙ ලගත් නෙවෙයි වැඩිපුරම කේනු ලග.

මම කඩේ ඇතුලට ඇවිල්ලා කේනුව බිමින් තියලා එයාගෙ චූටි අතකින් අල්ලගත්තා. මේ ලගදි ඉදලා පොඩි කොන්දෙ කැක්කුමක් තියනවා. වැඩි වෙලාවක් කොල්ලව වඩාගෙන ඉන්නත් බෑ අප්පා දැන්. මම හිතන්නෙ පොල් මෝලෙ වැඩට ගියාම බිමට නැමිලමනෙ වැඩි වෙලාවක් ඉන්න වෙන්නෙ. ඒක නිසා ද කොහෙද. කැෂියර් එක ලග තව දෙතුන් දෙනෙක්ම හිටිය නිසා මම වට පිට බලද්දි දැක්කෙ කැෂියර් එකට ටිකක් එහාට වෙන්න හිටගෙන ෆෝන් එක කන රනිශ්ක මල්ලිව. එහෙනම් ඒක තමා තේව් එළියට වෙලා ඉන්නෙ. අනිවාරෙන් කෑම ගන්න එන්න ඇති.  මොකද දවල්ට  කෑම අපි දෙන්නෙත් නෑනෙ. මේක ලොකු රෙස්ටුරන්ට් එකක් නොවෙයි පොඩි කෑම කඩයක්. හැබැයි කෑම වර්ග හැම එකක්ම වගේ තියනවා.  ලොකු ටවුන් එකක් නෙවෙයි නිසා ටවුන් එකටම තියන එකම කෑම කඩේ තමා මේක.

“  මුදලාලි මට yogurt drink එකකුයි වතුර බෝතලේකුයි  දෙන්න. ආ තව අර චොකලට් එකකුත් දෙන්න. “

” පොඩ්ඩක් ඉන්න මහත්තයා.”

කැෂියර් එකේ හිටපු දෙතුන් දෙනා අයින් උන නිසා මම  ඕනි කරන දේවල් ටික කියලා බලාගෙන හිටියෙ ඒ ටික දෙනකම්. කොල්ල වතුර ඉල්ලුවට දැන් බඩගිනිත් ඇති ඒකයි මම yogurt drink එකක් ගත්තෙ. බනිස් අරවා මේවත් තියනවා ඒත් කොල්ලට ඒවා දෙන්න මම වැඩිය කැමති නෑ. ඊට පස්සෙ ඕවා ප්‍රශ්න වෙන්නෙ දැන් නෙවෙයි දරුවෝ ලොකු උනාම. මම සාමාන්‍යයෙන් එයා කැමති දෙයක් තියනවා නම් ගෙදරම හදලා දෙන්න තමා බලන්නෙ. මම දන්නෑ මම ඕනවට වැඩිය සමහර දේවල් ගැන හිතනව ද කියලා ඒත් දරුවගෙ දේවල් වලදි මම හරි බයයි. ඒකයි මම මෙච්චර හිතන්නෙ.  මේ ලගදිත් පෙර පාසලේ බබෙක්ට අමාරු වෙලා ඉස්පිරිතාලෙ අරන් ගියා. බඩේ කැක්කුමක් කියලා තමා අරන් ගියෙ. බලද්දි ඒ බබාගෙ අම්මා ලේසියට පොඩි කාලෙ ඉදලම දීලා තියෙන්නෙ පාන් බනිස් බිස්කට් වගේ දේවල්. අන්තිමට ඩොක්ටර් හොදටම අම්මට බැනලා තිබුනා. දවස් දෙක තුනක්ම ඉස්පිරිතාලෙ ඉදලා තමා ඒ දරුවා ගෙදර ආවෙ. ඒ වගේ දේවල් නිසා මම හරි බයයි. දැන් ලෝකෙ යන විදිහත් එක්ක මේ දේවල් එහෙම කරන්න අමාරුයි තමා ඒත් මම උපරිම උත්සහ කරනවා දරුවට හොදම  දේවල් දෙන්න. 

” ආ මෙන්න මහත්තයා..”

” බොහොම ස්තූතියි මුදලාලි.. “

මුදලාලි ඉල්ලපු බඩු ටික දීපු නිසා මම ඉක්මනට සල්ලිත් ගෙවලා කොල්ලවත් වඩාගෙන කඩෙන් එළියට ආවෙ බස් එක එන වෙලාව හරි නිසා. මම කඩෙන් එළියට එනකොටත් තේව් ඉන්නවා බයික් එකට හේත්තු වෙලා. පොඩි බයක් දැනුනත් මම සාමාන්‍ය විදිහටම කඩෙන් එළියට ආවෙ එයාව දැක්කෙ නෑ වගේ. එයා නම් තාම මාව දැක්කෙ නෑ හොද වෙලාවට. එයා ෆෝන් එක කනවා. අනිවාරෙන් සුදු නෝනට  ‘මට ඔයා නැතුව පාලුයි සුදු අම්මි’ කියලා කියනවා ඇති. අනෙ මල විකාර. 

මම එයාටත් ඔරවලා yogurt drink එකෙ මූඩිය ගලවලා කොල්ලගෙ අතට දුන්නා. ඒත් එක්කම එයාගේ අවදානය අපිට ලැබෙන්නෙ නැති වෙන්න ඉක්මනට  පාර පනින්න ගියත් මට ඒක කර ගන්න බැරි උනේ මගෙ ඉස්සරහා එක පාරටම බයික් එකක් නතර කරපු නිසා. ඒ නතර කරපු පාරට මෙච්චර වෙලාම ෆෝන් එක කාපු සුදාත්තිගෙ අවදානයත් අපිට ලැබුනා වගේම කඩේ ඇතුලෙ ඉදලා  රනිශ්ක මල්ලිත් තේව් ලගට ආවෙ කෑම පාර්සල් වගයක් අරගෙන. එයාගෙ බැල්මත් අපිට වැටුනා කියන්න මට තේරුනා.  මම එ දෙන්නව ගනන් නොගෙනම බැලුවෙ මට ඉස්සරහින් නැවැත්තුව බයික් එකේ අයිතිකාරයා කවුද කියලා. ෆුල් ෆේස් දාලා නිසා එක පාරට අදුර ගන්න අමාරුයි. බයික් එක නම් දැකලා පුරුදුයි හැබැයි.  මට අදුර ගන්න අමාරුයි කියලා තේරුන නිසාම ද කොහෙද ඒ කොල්ලා හෙල්මට් එක ගලවලා අතට ගත්තා. ඒත් එක්කම මගෙ කට කනට ගියෙ ඒ හිටිය කෙනාව දැකලා.

” දිනේෂ් අයියා…”

දිනේෂ් අයියා කියන්නෙ මම වැඩට යන පොල් මෝල අයිති මහත්තයාගෙ මල්ලි. අවුරුදු තිස් හයක් විතර ඇති. අපි මෙහෙට ආපු මුල් කාලෙ අපිට උදව් කරේ දිනේෂ් අයියයි එයාගෙ අයියා ජනිත් මහත්තයයි තමා. මාරම හොදයි ඒ දෙන්නම. කිසිම හිතේ කහටක් නැතුව උදව් කරනවා. අපිත් එක්ක හරිම හොදයි. ඇත්තටම විශ්වාසය තියන්න පුලුවන් නියම මහත්තුරු දෙන්නෙක් තමා ඒ දෙන්නා. ඒක මේ ගෙවුන අවුරුදු හතරට හොදටම තේරුම් ගන්න පුලුවන් උනා. ලලිතා අම්මටත් දුරින් නෑදෑ වෙනවා මම දන්න විදිහට. 

” කොහොම ද කොල්ලෝ… ගොඩක් දවසකින් දැක්කෙ…”

” වරදක් නැ ඉතින්.. ගොඩක් දවසකින් දැක්කෙ කියන්නෙ ඔයාලා ඉතින් දැන් පේන්නවත් නෑනෙ. “

” ඔව් බං. මේ දවස් ටිකේම ගෙදර හිටියෙ නෑ. ඊයෙ ගෙදර ආවෙ. එක නෙවෙයි කොහෙද පොඩ්ඩත් එක්ක යන්නෙ. අද වැඩට ගියෙ නැද්ද. “

මම දිනේෂ් අයියත් එක්ක හිනා වෙලා කතා කරද්දි මම දැක්කා තේව් අපි දිහා බලාගෙන ඉන්නවා. දිනේෂ් අයියා මාත් එක්ක කතා කරන්න පටන් ගත්ත වෙලාවෙ ඉදලා ඒ ඇස් තිබුනෙ දිනේෂ් අයියා ලග. ඒ ඇස්වල කේන්තියක් ද මංදා තියෙන්නෙ. නෑ මට පේන විදිහ වෙන්න ඇති. එයා මොකට තරහා ගන්න ද මම කොල්ලෙක් එක්ක කතා කරා කියලා.

” වැඩට තමා ගියෙ. අම්මට ටිකක් සනීප නෑ ඒක නිසා කොල්ලවත් එක්කන් යන්න උනා අයියා. දැන් මේ ගෙදර යන්න කියලා.”

” ආ එහෙම ද. නගිනවා එහෙනම් මම යන්නෙත් ගෙදර තමා. පොඩි එකත් එක්ක බස් එකේ යන්නත් අමාරුයි නේ. මම ගිහිල්ලා දාන්නම්.”

” ඕනෙ නෑ අයියා. අපි යන්නම්.”

” අනේ මේ නැගපන් පැහෙන්නෙ නැතුව. මමත් ගෙදර තමා යන්නෙ.”

දිනේෂ් අයියා බයික් එකේ එල්ලලා තිබුන හෙල්මට් එකත් මට දෙන ගමන් බයික් එකට නගින්න කියද්දි මට අහේතුවකටම බැලුනෙ තේව් දිහා. ඇයි ද මංදා එයාගෙ ඇස් වල අමුත්තක් මම දැක්කා. මොනා උනත් ඒ දේවල් වලින් මට වැඩක් නෑ දැන්. මම ඒවා ගැන හිතන්නෙ නැතුව අයියා දීපු හෙල්මට් එකත් දාගෙන කොල්ලවත් අරගෙන බයික් එකට නැග්ගෙ තේව් දිහාවට එක බැල්මක්වත් නොදීමයි.  ඇත්තටම දිනේෂ් අයියා ආපු එක නම් ලොකු දෙයක්. නැත්තම් මේ වෙලාවෙ කොල්ලා එක්ක බස් එකේ යනවා කියන්නෙ තනිකරම පිස්සුවක්. කොල්ලට තියන මහන්සිය දෙපිටින් යයි.

.

.

” පිං අයියේ. බස් එකේ ආවා නම් තාම එනවා.”

වෙනදට පැය බාගෙකට වැඩිය යන ගමන අද විනාඩි පහලවකින් විතර එන්න පුලුවන් උනා. කොල්ලා නම්  වට පිට බල බල හරි ආසාවෙන් තමා ආවෙ. එයා කොහොමහ් බයික් වලට ආසයි පොඩි කාලෙ ඉදලම. බයික් එක ගෙ ලගින් නවත්තනවත් එක්කම මම කොල්ලත් එක්ක බයික් එකෙන් බැස්සෙ අයියට පිං දෙන ගමන්. ඒත් අයියා නම් මගෙ දිහාවට දැම්මෙ අනේ පලයන්න යන්න වගේ බැල්මට් එකක්.

” අනේ උබෙ පින තියාගනින් පිට උන්ට වගේ පින් දෙන්න තියා ගත්තා. “

අයියා මගෙ ඔලුවට ටොක්කකුත් ඇනලා කියද්දි කොල්ලා නම් හිකි හිකි ගාලා හිනා වෙනවා.

” හරි හරි අනේ ඉතින්…”

” හ්ම්ම්. මම යනවා එහෙනම්. බායි පොඩ්ඩෝ…”

” බායි දිනේත් මාමි…”

අයියා කොල්ලටත් බායි කියාගෙනම යන්න යද්දි  මාත් කඩුල්ල පැනලා ගේ දිහාවට ඇවිදගෙන ආවා. ඇත්තටම දිනේෂ් අයියා කියන්නෙ  එක බඩවැල කඩාගෙන ආවෙ නැතත් හරි හොද සහෝදරයෙක්. මේ ගමට ආවට පස්සෙ තමා මම මිනිස්සුන්ගෙන් හරි මනුස්සකම දැක්කෙ.  දෙතුන් දෙනෙක් ඇරෙන්න මේ ගම්වල ඉන්න හැමෝම හිත හොද ලස්සන හදවත් තියන හරි අවංක මිනිස්සු උනා. මම ඇත්තටම ඇත්තම මනුස්සකම ඉගෙන ගත්තෙ මේ ගමට ආවට පස්සෙ.

මම ගේ ඇතුලට ඇවිල්ලා බලද්දි ලලිතා අම්මට නින්ද ගිහිල්ලා තිබුනා. පව් අමාරු ද දන්නෑ. මම ලලිතා අම්මවත් බලලා ඇවිල්ලා කොල්ලත් එක්කම ඇදුමුත් මාරු කරගෙන ගියෙ ඇග සෝදගන්න. කොල්ලට දාඩිය දාලා මහන්සි ඇති.

.

.

.

” අම්මා කියන්න දෙයක් තියනවා..”

මම හිටියෙ හවස තේ හදන්න ලෑස්ති වෙන ගමන්. ලලිතා අම්මත් දැන් පැයකට විතර කලින් ඇහැරුනා. දැන් නම් කකුලෙ කැක්කුම අඩුයිලූ. වෙද ගෙදරට යමු කිව්වත් බෑ කිව්වා අඩුයි කියලා. නිදාගෙන හිටියෙ කම්මැලි නිසාලු. කියලා කියලා අන්තිමට මම පාඩුවෙ හිටියෙ කොච්චර කිව්වත් එයා කියන දේ අහන්නෙ නැති නිසා.

පුටුවකට වෙලා පලාවගයක් තෝරන ගමන් හිටපු අම්මා දිහාවට හැරිලා මම කියන්න දෙයක් තියනවා කියද්දි ලලිතා අම්මා කර කර හිටපු වැඩෙත් නවත්තලා ඔලුව උස්සලා මගෙ දිහා බැලුවා.

” මොකක්ද දරුවෝ…”

මගෙන් සද්දයක් නැති නිසාම ද කොහෙද ලලිතා අම්මා එහෙම අහද්දි මම කල්පනා කරේ මේක කියන්නෙ කොහොමද කියලා. කිව්වට පස්සෙ මටත් එක්ක ගුටි කන්න වෙයිද දන්නෑ අප්පා.

” මේ.මේකයි.. අර.. මේ…”

” මොකද දරුවෝ ගොත ගහන්නෙ කියන්න තියන දෙයක් කියන්න..”

හයියෝ මට කියන්න ශක්තියක් නෑ වගේ අප්පා. මම හොද හුස්මක් අරගත්තෙ කොහොම හරි කියනවා කියලා හිතාගෙන..

” නෑ මේකයි අම්මා.. තේව් ඇවිල්ලා…”

” ඉතින් ඒකේ තියන විශේෂෙ මොකක් ද දරුවෝ..”

මම එක පාරටම තේව් ඇවිල්ලා කියලා කිව්වත්  ලලිතා අම්මට මම කියපු දේ තේරුම් ගන්න බැරි උනා එක පාරටම. ඒත් ටික වෙලාවකින් මම කියපු දේ තේරුම් යනවත් එක්කම ලලිතා අම්ම එක පාරටම මගෙ දිහා බැලුවෙ උබ ඔය ඇත්ත ද කියන්නෙ අහන්නෙ වගේ. එයා කලබල උන එක කොච්චර ද කියනවා නම් නැගිට්ට පාර එයාගෙ ඔඩොක්කුවෙ තිබුන පලා ටික දාලා තිබුන පිගානත් බිමට වැටිලා ගියා. පලා ටික සී සීකඩ…

” උබ ඔය ඇත්තම ද කියන්නෙ පුතේ. ඒ කොල්ලා ආයෙත් ඇවිල්ල ද. උබට හම්බ උනා ද. කොහෙදි ද දැක්කෙ…”

මගෙ ලගට ආපු ලලිතා අම්මා මගෙ උරහිසින් අල්ලගෙන හොලවන ගමන් ප්‍රශ්න අහගෙන යනවා. එයා හොදටම කලබල වෙලා. මුල ඉදලම උන දේවල් හොදටම දන්නෙ එයානෙ. එයාට බය ඇති ආයෙත් ප්‍රශ්නයක් වෙයි කියලා. හොද වෙලාවට පුතා නිදි. නැත්තම් ලලිතා අම්මා මේ හැසිරෙන විදිහට කොල්ලා බය වෙනවා.

මම ලලිතා අම්මව පුටුවෙන් වාඩි කරවලා උන දේවල් ඔක්කොම කිව්වා. කෑම ගෙනියපු තැන ඉදලා අද වෙනකම් උන දේවල් ටික කිව්වා. ඒත් මනුල බැනපුවා නම් කියන්න ගියෙ නෑ . නැත්තම් ඕකට ගුටි කන්න වෙන්නෙ.

” ආයෙ ඔයා කෑම දෙන්න යන්න එපා. මම කියන්නම් කැලුම් පුතාට ආයෙ කෑම දෙන්න විදිහක් නෑ කියලා. “

හැමදේම සාමදානව අහගෙන හිටපු ලලිතා අම්මා අන්තිමට එහෙම් කිව්වෙ මගෙ ඔලුවත් අත ගාලා.

” ඒත් අම්මා..”

” ඒත් මේත් නෙවෙයි. මම කැමති නෑ උබ ඒ කොල්ලව ආයෙ මුණ ගැහෙනවට. උබ විදවපු තරම ඇති දරුවෝ. උබ විදවනවා බලාගෙන ඉන්න මට බෑ. අන්තිමට අර කොල්ලත් එක්ක උබට ආයෙත් විදවන්න වෙයි. “

අන්තිමට ලලිතා අම්මා එහෙම කියලා අඩන්න පටන් ගත්තෙ මාවත් අඩවලා. එයාට බය ඇති ආයෙත් මම තේව් නිසා දුක් විදී කියලා. එයා එහෙම හිතන එක සාදාරනයි ඉතින්. ඒත් මොනවා කරන්න ද එන දේකට මූණ දෙනවා ඇරෙන්න.

” එයාගෙන් ආයෙ කරදරයක් වෙන්නෙ නෑ අම්මා. එයාට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා නෙ කොහොමත්. අම්මා බය නොවී ඉන්නකො. ආයෙ මම රැවටෙන්න තරම් මෝඩ නෑ. “

මම ලලිතා අම්මගෙ ඔලුව අත ගාන ගමන් පුලුවන් තරම් ඒ හිත හැදුවා.

.

.

.

අඩලා දොඩල ඔක්කොම ඉවර වෙනකොටම කොල්ලත් ඇහැරුන නිසා තුන් දෙනාම කලින් දවසේ ලලිතා අම්මා හදපු අලුවා කාලා තේ බිව්වා. තේ එහෙම බීලා ඉවර උන මම හිටියෙ කොල්ලා එක්ක මිදුලෙ මල් වලට වතුර දාන ගමන්. කියන දේ අහන්නෙ නැති ලලිතා අම්මා නම් රෑට උයන්න ලෑස්ති වෙනවා.  මම හරි ආස වැඩක් තමා මල් වවන එක. ඒක නිසාම මිදුල පුරාවටම එක එක මල් වර්ග හදලා තිබුනා. ලලිතා අම්මගෙනුත් ඒකට ලොකු සහයෝගයක් ලැබුන නිසා අපෙ පුංචි මිදුල හරි ලස්සනට තිබුනා. මට වෙලාවක් නැතත් ලලිතා අම්මයි කොල්ලයි මල් පැල ගැන බලන නිසා ඒවා සරුවට හැදිලා තිබුනා.

” අනෙ වතුරෙ නටන්න එපා දරුවෝ. දවලුත් නෑවා නේද.. අසනීප වෙයි අනේ..”

” අලේ අම්මි ඔලා ඉන්නතෝ පාඩුඒ. තේනු අතුලෙ නතන්නෙ දෑ අප්පා. ඔයාත පේන්දෙ නැද්ද. මේ මල් අලට අතුල දානවා ඉතලයි. “

මම කෑ ගැහුව්වෙ මල් වලට වතුර දාන මුවාවෙන් වතුර එක්ක සෙල්ලම් කරන පොඩි මී පැටියට. කොච්චර කිව්වත් අහන්නෙ නෑ අප්පා බේසමට වතුර පුරවගෙන සෙල්ලම් කරනවා. මුළු ඇගේම වතුර.  මුලු ඇගේම වතුර උනත් මොකද තොප්පියක් නම් දාගෙන.. අනේ ඉතින් කාට කියන්න ද මේවා. මට තමා ගහන්න ඕනෙ වතුර දාමු කියලා එක්කන් ආවට. ඒ මදිවට බැනපුවම පන්ඩිත කතාත් කියනවා.

” හා එහෙනම් පන්ඩිත සීයම වැඩේ කරගන්නකො. මම යනවා යන්න.”

මම කොල්ලට සැරෙන් වගේ එහෙම කියලා ඇවිල්ලා අඹ ගහ යට තියන ලී බංකුවේ වාඩි වෙලා කොල්ලා කරන්නෙ මොනවද කියලා බලාගෙන හිටියා. චූටි කෝප්පෙකුත් අරගෙන බේසමෙන් වතුර අරගෙන පැල වලට වතුර දානවා ඒ පාර. මම එයාට වැඩේ කරගන්න දීලා බලාගෙන හිටිය. ඕනවට වැඩිය දරුවොන්ව ගේ අස්සටම කරලා හ්දන්න හොද නෑ. එයාලට නිදහස දෙන්න ඕනි. වතුර, දූවිල්ල, වැස්ස ඒ හැමදේටම ඔරොත්තු දෙන්න පුලුවන් විදිහට දරුවෙක් හදන්න ඕනි. නැත්තම් පොඩ්ඩක් ඇත්තම් අසනීප වෙනවා. සමහර බබාලට පොඩ්ඩක් වතුර වැටුන ගමන් ලෙඩ ඇයි ඉතින් පුරුදු නෑනෙ.  වැඩියෙන් පරිස්සම් කරන්න ගිහිල්ලා දරුවොමයි අන්තිමට විදවන්නෙ. අම්මලට දුක ඊට පස්සෙ. මම නම් ඉදලා හිටලා කොල්ලව වැස්සටත් දානව නටන්න කියලා. මඩේ නටන්න එහෙම. හැමවෙලාවෙම නෙවෙයි ඉදලා හිටලා එහෙම දෙන්න ඕනි කියලා තමා මම හිතන්නෙ. දරුවොන්ට නිදහස දීලා හදන්න ඕනි. ලෝකෙ ගැන දැන ගන්න දෙන්න ඕනි. අවට වටපිටාවෙන් ඉගෙන ගන්න දෙන්න ඕනි. මම කියන්නෙ ඕනවට වැඩිය නෙවෙයි ලිමිට් එකක් තියාගෙන. හැමදේටම සීමාවක් තියනවානෙ. ඒ සීමාව තියාගෙන දරුවන්ට නිදහස දෙන්න ඕනි. ඒ වගේම මොන දේ කරත් හැමවෙලාවෙම දරුවෝ ගැන අවදානයෙන් ඉන්න ඕනි.

අපි දන්නෑ ජීවිතේ මොන විදිහට වෙනස් වෙයිද කියලා. ඒ හැමදේටම මූණ දෙන්න පුලුවන් විදිහට දරුවෝ හදන්න ඕනි.

මට එක පාරටම මතක් උනේ තේව්ව. නිකමට හරි එයා කේනු ගැන දැනගත්තොත් මොනවා වෙයිද. මට හිතාගන්න බෑ. මම දන්නෑ මම කරන දේ හරි ද කියලා. දරුවෙක්ව තාත්තා කෙනෙක්ගෙන් ඈත් කරන එක වැරදි ඇති. ඒත් මම පුලුවන් තරම් කාලයක් මේ ඇත්ත එයාගෙන් හංගලා තියා ගන්නවා. මට තිබුනා එයාට ඇත්ත කියන්න. ඒත් ඊට පස්සෙ එයාගෙ අලුත් ආදරේට මොකද වෙන්නෙ. කාගෙවත් ජීවිතයක් විනාස කරන්න මට ඕනෙ නෑ. මට ඕනෙ නෑ ඒ දෙන්නා අතරට තුන් වෙනියෙක් වෙන්න. මගෙ දරුවට මම ඉන්නවා නේ ඒ හොදටම ඇති..

_____________________________________________

• ඔන්න කලින්ම ආවා…children’s day special හොදේ… 😪❤️

• මට හිතෙනවා ආයුව වෙන කාට හරි දීලා දාන්න ම්හුක්.. 😌❤️

• හැමෝටම ආදරෙයි…❤️💚

• ඉක්මනටම ඊළග කොටසින් මුණ ගැහෙමු….

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 38, novel À¶†À¶ºà·” (Completed) Âœ” 38, read À¶†À¶ºà·” (Completed) Âœ” 38 online, À¶†À¶ºà·” (Completed) Âœ” 38 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 38 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 38 light novel, ,

Comment

Leave a Reply

Chapter 38