À¶†À¶ºà·” (Completed) Âœ” 42

A+ A-

” Mr. සමරවීර..” *

( බබාලා ඔයාලට සමරවීරව මතක නැත්තම් 26 කොටස ආයෙත් පොඩ්ඩක් කියවලා බලන්න. )

සමරවීර. ඔව් දෙයියනේ මේ ඒ සමරවීර කියන මිනිහා තමා. ඒ කාලෙ අපෙ business partner කෙනෙක්. මේ මිනිහා ඒ කාලෙ ඉදලා කරේම මාව ඇස් වලින් දූෂණය කරපු එකනෙ. එහෙම එකේ කොහොම අමතක වෙන්න ද දෙයියනේ. මම මේ මනුස්සයත් එක්ක වැඩ කරපු හැමදාම මේ මිනිහා කරේ ඒක. පුලුවන් තරම් එහෙන් මෙහෙන් අල්ලන්න අත ගාන්න තමා මේ මිනිහා හැදුවෙ. මට හොදට මතකයි මම පුලුවන් තරම් මේ මිනිහගෙන් බේරිලා ඉන්න try කරපු විදිහ. පුදුම වදයක් දුන්නෙ ඒ කාලෙ. මම හිතන්නෙ මෙ මිනිහට අවුරුදු පනහක් විතර ඇති. තට්ටෙත් පෑදිගෙන එන ගමන් තිබුනා වගේම අඩු පාඩුවට තඩි බඩකුත් තිබුනා මේ නාකියට.

එතකොට මෙයා මොකද මෙහෙ කරන්නෙ. ඒකත් මේ රෑ. අනික මම මෙහෙ ඉන්නවා කියලා එයා දන්නෙ කොහොමද. අනිවාරෙන් මම මෙහෙ ඉන්නවා කියලා දැන ගෙන ආපු ගමනක් තමා මේක. මට දැනුනෙ ලොකුම ලොකු බයක්. මායි දරුවයි විතරයි ගෙදර ඉන්නෙ. හදිස්සියට ෆෝන් එක දැම්ම තැනක් මතක් වෙන්නෙත් නෑ අප්පා. හොද වෙලාවට හැබැයි කේනුගෙ කාමරේ දොර වහලා ආවෙ. සද්දෙ ඇහෙන්නෙ නැති නිසා බය වෙන්න දෙයක් නෑ.

“මොකක් ද මිස්ටර් වෙන්න ඕනෙ. “

” ඔහ් Mr. අයුක්ෂට මාව මතක නැද්ද ආ.. අපි business friendලනෙ. “

මට ඕනෙ උනෙ මේ මිනිහව ඉක්මනට මෙතනින් යවා ගන්න. ඒක නිසාම වෙන්න ඕනෙ මොනාද කියලා ඇහුවත් ඒ මිනිහා කරේ ඇවිල්ලා අත් දෙකත් පපුවට බැදගෙන දොරේ උළුවස්සට හේත්තු වෙන ගමන් එයාව මතක නැද්ද අහපු එක. කොහොම අමතක වෙන්නද මේ ජරා ඇස්. කියන්න හිතුනත් මම කට වහගෙන හිටියෙ තනියම ඉන්න වෙලාවෙ මේ වගෙ මිනිස්සුන්ව අවුස්ස ගන්න හොද නැති නිසා. මේ මිනිහා මගෙ දිහා බලාගෙන ඉන්න විදිහට බය හිතෙනවා. මට තේරෙනවා ඒ ජරා ඇස් මගෙ ඇග පුරාම යනවා කියන එක. වයසට ගිහිල්ලාවත් පාඩුවෙ ඉන්න බෑනෙ මුන්ට.

” දැන් මම  business වලින් අයින් වෙලා ඉන්නෙ mr. සමරවීර. මොකක් හරි උවමනාවක් තියනවා නම් කියන්න..”

” අමතකයි වගේ හිටියට මාව තාම මතකයි නේද.. ම්ම්ම් කමක් නෑ. කමක් නෑ. අනික ඔහොම ද ගෙදරට ආපු මනුස්සයෙක්ට සලකන්නෙ ආ. ගේ ඇතුලට එන්න කියන්නෙවත් නැද්ද. Business වලින් අයින් උනාට මොකද අපිට ටිකක් ආශ්‍රය කරන්න පුලුවන් නේ. “

දැන් නම් හොදටම ෂුවර් මේ මිනිහා ඇවිත් තියෙන්නෙ මම මෙහෙ ඉන්නවා කියලා දැනගෙනමයි.  නැත්තම් ඉතින් මෙහෙම කිසිම බයක් සැකක් පුදුමයක් නැතුව කතා කරයි ද.

” මේ වෙලාවෙ ඔයත් එක්ක කතා බහ කර කර ඉන්න මට විදිහක් නෑ mr. සමරවීර. ඔයාට පුලුවන් උදේ වරුවක ඇවිත් ප්‍රශ්නයක් තියනවා නම් ඒක ගැන කතා කරගන්න. කරුනාකරලා දැන් මෙතනින් යන්න. “

මම පුලුවන් තරම් තරහා පාලනය කරගෙන ඒ මිනිහට කතා කරත් ඒ මිනිහා කරේම මම කියන දේවල් ඇහෙන්නෙ නෑ වගේ හිටපු එක. අර කට කොනේ තියන හිනාව තමා අල්ලන්නෙම නැත්තෙ. තරහා අරගෙනත් බෑනෙ කොහොම හරි මෙතනින් මේ මිනිහව යවා ගන්න ඕනෙ. ඒත් ඊලගට ඒ මිනිහා කරපු දේත් එක්ක මෙච්චර වෙලාම ඉවසගෙන හිටපු මගෙ ඉවසීමේ සීමාව පුපුරලා ගියා.

” කොහෙද මිනිහෝ යන්නෙ.”

” තරහා ගන්න එපා baby boy. ඔහොම තරහා ගත්තොත් නම් ඉක්මනට වයසට යයි හොදේ. “

ඌ කරේ මම කෑ ගහන එක ගනන් ගන්නෙවත් නැතුව මට තරහා ගන්න එපා කියන ගමන් මාවත් දොර ලගින් තල්ලු කරලා ගේ ඇතුලට ආපු එක. මේකගෙ ගේ කියලා හිතාගෙන ඉන්නව ද දන්නෑ. කොච්චර බය නෑ වගේ ඉන්න හැදුවත් දැන් නම් මගෙ කකුල් දෙකත් එක්ක මැන්ඩලින් ගහනවා වගේ. තනි මම කොහොම ද දෙයියනේ මේ පත සයිස් මිනිහත් එක්ක හැප්පෙන්නෙ.

” දැන්ම මේ ගෙදරින් බහිනවා එළියට මම තමුන්ට මේ හොදින් කියන්නෙ. යනවා එළියට.”

මම කෑ ගහලා ඒ මිනිහට යන්න කිව්වත් ඒ මිනිහා කරේ කට කොනින් හිනා උන එක විතරයි. ඒත් එක පාරටම මේ මිනිහා මගෙ ලගට එන්න ගන්නවත් එක්කම මම පිටිපස්සෙන් පිටිපස්සට ගියෙ දෙවියන්ගෙන් මේ මිනිහගෙන් මාව ආරක්ෂා කරලා දෙන්න කියලා ඉල්ලන ගමන්. අනේ ලලිතා අම්මා ඉක්මනට එන්නකො.. මට බයයි දෙයියනේ…

” මොකද baby සද්දෙ ආ.. වැඩිය සද්ද දාන්න හදන්න එපා තේරුනා ද. මම කියන විදිහට හිටියොත් තමුන්ට ලේසි වෙයි…”

” මොනාද මිනිහෝ කියන්නෙ. උබ හිතාගෙන ඉන්නෙ මම උබට බය වෙයි කියල ද. මගෙන් මුකුත් අහගන්නෙ නැතුව දැන්ම එළියට බැහැලා ආපු අතක් බලාගෙන යනවා… “

මගෙ ලගට ආපු ඒ මිනිහව තල්ලු කරන ගමන් මම කෑ ගහලා එහෙම කියද්දි මම දැක්කා ඒ මිනිහගෙ මූණ වෙනස් වෙනවා. මෙච්චර වෙලාම තිබුන කට කොනේ හිනාව නැති වෙලා ගිහිල්ලා ඒ මූණට ආවෙ තනිකරම නපුරු පෙනුමක්. කොටියෙක් වගේ මගෙ ඇගට කඩා පැනපු සමරවීර මාව ඒ ලගම තිබුන බිත්තියට තියලා තද කරේ මට හෙලවෙන්නවත් බැරි වෙන විදිහට. මම කොච්චර දැගලුවත් ඒ දරදඩු අත් වලින් ගැලවෙන්න තියා අඩුම හෙල්ලෙන්නවත් මට බැරි උනා.

” උබ හිතාගෙන ඉන්නෙ. මෙච්චර අමාරුවෙන් උබව හොයාගෙන ආවෙ එහෙම ලේසියෙන් අත ඇරලා දාන්න කියලා ආ. මම උබව ලබා ගන්න නොකරපු දෙයක් නෑ යකෝ. එහෙම එකේ මම කොහොම ද උබව එහෙම නිකන්ම අත ඇරලා දාන්නෙ ආ. කියපන් ඉතින්… උබ හිතාගෙන ඉන්නවා නම් මගෙන් ගැලවෙන්න ඒක නම් ලේසි වෙන්නෙ නෑ baby boy. මීට පස්සෙ උබව අයිති මේ මට…ඒ කියන්නෙ ධම්මික සමරවීරට විතරයි…”

මගෙ කම්මුල දෙපැත්තෙන් තද කරගෙම මූණට එබිලා සමරවීර එහෙම කියද්දි මම එයා දිහා බලාගෙන හිටියෙ පුදුම වෙලා වගේ. මොනවද මේ මිනිහා මේ කියන්නෙ. මට හිතාගන්න බෑ. ඒ අස්සෙ මූ මගෙ කම්මුල තද කරගෙන ඉන්න විදිහට දැනුන වේදනාවටම මගෙ ඇස් වලට කදුලු පිරුනා. මට දැනුනෙ හරියට අඩුවකට අහු වෙලා වගේ වේදනාවක්.

” අත ඇරපන් මිනිහෝ මාව.. හොද හිතින් කියන්නෙ අත ඇරපන් මාව..”

” à·‚à·Š..à·‚à·Š..à·‚à·Š.. කෑ ගහන්න එපා බේබි.  දරුවෙක් හිටියත් උබ හරි හැඩයි බං. වෙන උන් නම් දරුවො ලැබුනම කැත වෙලා යනවා. ඒත් ඒකට උබ තවත් හැඩ වෙලා ලස්සන වෙලා බං. උබව කාලා දාන්නත් මට ලෝබයි…. උබ දගලන්නෙ නැතුව හිටියොත් මට පුලුවන් උබට රිද්දන්නෙ නැතුව ඉන්න. සත්තයි..”

මගෙ අත් දෙක හිර කරගෙන බෙල්ල ඉව කරන ගමන් සමරවීර කියද්දි මට දැනුනෙ මගෙ කකුල් දෙකත් එක්ක පණ නැතුව යනවා වගේ. ඒ කියන්නෙ මේ මිනිහා මගෙ දරුවා ගැනත් දන්නවා.  මම හිතන්නෙ මේ මිනිහ හැම දෙයක් ගැනම දන්නවා. මට මගෙ වේදනාවටත් වැඩිය බයක් දැනුනෙ මගෙ දරුවා ගැන.

” මට යන්න දෙනවා මිනිහෝ. අත ඇරපන් යකෝ මාව.උබ මොනව ද මෙහෙම කරලා බලාපොරොත්තු වෙන්නෙ.”

” පොඩ්ඩක් දගලන්නෙ නැතුව හිටපන් කොල්ලො. පොඩි ආතල් එකක් ගන්නවා විතරයි. උබට රිද්දන්නෙ නෑ. ඔන්න උබ දැගලුවොත් නම් උබට රිදෙයි.. “

මගෙ කන උගෙ දිවෙන් තෙත් කරන ගමන් ඌ කියද්දි මට දැනුනෙ ලොකුම ලොකු අප්පිරියාවක්. මම කොච්චර උගෙන් ගැලවෙන්න හැදුවත් තවත් මාව ඒ දඩු අඩු වගෙ අත් වලට හිර උන එක විතරයි උනේ.

” අනේ මාව අත ඇරපන් යකෝ. අනේ අම්මා මාව බේර ගන්න. අම්මා. අත ඇරපන් මිනිහෝ. උබ මොනාද කරන්න යන්නෙ. “

මේ පිස්සු මිනිහා එක පාරටම මාව ඇදගෙන ගේ ඇතුලටම යන්න ගත්තෙ මම පුලුවන් තරම් ඒ අත් වලින් බේරෙන්න දගලන ගමන් අඩ අඩම කෑ ගහද්දි. අනේ මේ මිනිහා මොනාද කරන්න යන්නෙ. අද නම් මට කිසිම බේරුමක් නෑ වගෙ.

” මේක හොදයි අපෙ honeymoon එකට. ම්ම්ම් අද මගෙ baby boy එක්ක මම තනියම..”

මාව ඇදගෙන ලලිතා අම්මගෙ කාමරේ ලගට ආපු මෙ මිනිහා ඒකේ දොර ඇරලා බලලා මේක අපෙ honeymoon එකට හොදයි කියලා කියද්දි මට දැනුනෙ ඔලුව උඩ අකුණක් පිපුරුවා වගේ හැගීමක්. අනේ දෙවියනේ මාව බේර ගන්න. මට මතක් උනේම මගෙ දරුවව. මේ මිනිහා මගෙ දරුවටත් කරදරයක් කරයි ද.

” අනේ බේරගන්න. කවුරුත් නැද්ද. අනේ මාව අත ඇරපන් බල්ලො. උබට හිතක් පපුවක් නැද්ද මිනිහෝ මෙහෙම කරන්නෙ. අනේ මට මගෙ දරුවා ලගට යන්න දීපන්. අත ඇරපන් තිරිසනා.”

” හාහ්.. හාහ් හා.. උබ කොච්චර කෑ ගැහුවත් ඔච්චර තමයි කොල්ලො. උබව බේර ගන්න අද කවුරුත් නෑ. අනික බය වෙන්න එපා උබගෙ දරුවට මම කරදරයක් කරන්නෙ නෑ. මට ඔනෙ උබව විතරයි.. “

උගෙ අත් වලින් බේරෙන්න දගලන ගමන් හිටපු මාව පුලුන් කොට්ටයක් වගේ උස්සලා ඇදට විසි කරපු ඌ මගෙ ඇග උගට නැගලා අත් දෙක ඇදට තියලා පින් කරා. මට දැනුන බයටම ඇඩෙන්න ගත්තෙ ජීවිතේට මේ තරමට අසරන වෙලා නැති නිසා. ඒත් එක්කම ඌ කරේ උගෙ බෙල්ට් එක ගලවලා මගෙ අත් දෙක ඇදේ හෙඩ් බෝඩ් එකට තියලා ගැට ගහපු එක.. ඊට පස්සෙ මගෙ බෙල්ලට පාත් උන ජරා මිනිහා බෙල්ල ඉඹින්න ගත්තෙ හරියට දවස් ගානක් බඩගින්නෙ හිටපු සිංහයෙක් වගේ. අත් දෙකත් ගැට ගහලා නිසා මට හෙලවෙන්නවත් පුලුවන්කමක් තිබුනෙ නෑ. මට පුලුවන් උන එකම දේ කෑ ගහලා අඩන එක විතරයි.

” අනෙ මට යන්න දීපන්. පිං අයිති වෙයි. අනෙ මට මෙහෙම කරන්න එපා දෙයියෙනේ. මම උබට මොන වැරැද්දක් කරාටද මෙහෙම කරන්නෙ..”

” උබ මට කරපු එකම වැරැද්ද තමා මෙච්චර ලස්සන උන එක. උබව පළවෙනියටම දැක්ක දවසේමයි උබව මට යට කර ගන්න හීන දැක්කෙ. අද ඉතින් උබට තියෙන්නෙ මගෙ නම කියන ගමන් කෙදිරි ගාන්න තමා. හාහ්.. හා..à·„à·„à·Š..”

මේකද එතකොට මගෙ දෛවය. මේ මිනිහට යට වෙන්න ද වෙන්නෙ එතකොට මට. අනේ මට බෑ දෙවියනේ. මම මැරිලා යයි. මම කොහොම ද ජීවත් වෙන්නෙ. අනේ ලලිතා අම්මා එන්නකෝ ඉන්න තැනකින්. අනේ තේව් මාව බේර ගන්නකෝ. මට බෑ දෙවියනේ. මගෙ දරුවා එහා කාමරේ. මට බයයි… අනේ අම්මා…

” අම්මිහ්හ්….ඔලා තොහෙද..”

මගෙ ඇග උඩට වෙලා මගෙ බෙල්ල ඉබින ගමන් හිටපු මිනිහා එක පාරටම ගැස්සිලා ගියෙ මගෙ කොල්ල එක පාරටම කෑ ගහපු නිසා. අනේ මගෙ කොල්ලා ඇහැරලා. දැන් අඩයි දෙයියන්නෙ. අනෙ මගෙ දරුවා. ඒත් අරූට කිසිම ගානක් තිබුනෙ නෑ. ඌ උගෙ ශර්ට් එකේ බට්න් ගලවන්න ගත්තේ මම ඌ ඉස්සරහා පුලුවන් තරම් පිං සෙන්ඩු වෙද්දි. ඒත් ඌ ඒව කිසිම දෙයක් නෑහුන ගානට මගෙ ටී ශර්ට් එක ඉරලා දැම්මෙ මට මං ගැනම අප්‍රසන්න හැගීමක් දැනෙද්දි.

” අනේ මගෙ දරුවා. අනේ එයා ඇහැරලා. අනේ මට මගෙ දරුවා ලගට යන්න දෙන්න. මම උබ කියන ඕන දෙයක් කරන්නම්. මට මගෙ දරුවා ලගට යන්න දීපන්.”

” උබ හිතාගෙන ඉන්නෙ මම මෝඩයෙක් කියලා ද යකෝ. අපි පොඩි ආතල් එකක් අරගෙන දරුවා ලගට යමු. එතකම් පොඩ්ඩක් හිටපුදෙන්..”

මට දැනුනෙ ලොකුම ලොකු අසරනකමක්. මගෙ දරුවා අරහේ අඩනකොට මට වෙලා තියෙන්නෙ නරුමයෙක්ට යටවෙලා ජීවිතේ විනාස කරගන්න…අනේ මගෙ දරුවා. මට දැනුනෙ මුලු ලෝකෙම අදුරු වෙලා යනවා වගේ. හරියට තද නින්දකට මාව ඇදලා ගන්න හදනවා වගේ. මට තේරුන එකම දේ මගෙ දරාගැනීමේ ශක්තිය ඉවර වෙලා යනවා කියලා විතරයි.

” අහ්හ්…”

” මොනාද පර බල්ලො තෝ කරන්නෙ. තිරිසනා.”

ඒත් ඊළගට  උනේ මේ වෙලාවේ හීනෙකින්වත් හිතපු නැති දෙයක්. මගෙ ඇග උඩ හිටපු තිරිසනා එක පාරටම ඇදිලා යනවත් එක්කම උගෙ කටින් වේදනාත්මක කෙදිරියක් පිට උනා වගේම මට හීනෙන් වගේ ඇහුනෙ මගෙ තේව්ගෙ කටහඬ.

” අහ්හ්. අත ඇරපන්. අහ්හ්. රිදෙනවා.. යකෝ.. “

” උබ කවුරු කියල ද යකෝ හිතාගෙන ඉන්නෙ ඇ බල්ලො. කොහොමද යකෝ අර අහිංසකයාගෙ ඇගට අතක් තියන්න හිත හදා ගත්තේ.  තිරිසනා. අද උබ මැරෙන්නෙ මගෙ අතින්.. “

මම ඔලුව උස්සලා බලනකොට ඇද පාමුල අර නාකියා වැටිලා හිටියා වගේම තේව් හිටියෙ ඒ මිනිහට හොදටම ගහන ගමන්. මට කෑ ගහලම කතා කරගන්නවත් පණක් තිබුනෙ නැති තරම්.

” මාව අත්..ත   අ..ඇරප්..පන්.. අහ්හ්… එපාහ්හ්..”

” අත අරින්න. බලාගෙන හිටපන්.. හුත්#@ගෙ පුතා. උබට ආයෙ කාගෙවත් දිහා ඇහැක් ඇරලා බලන්නෙ නැති වෙන්න වැඩේ දෙන්නම්. කොහොමද යකෝ උබ මගෙ කොල්ලගෙ ඇගට අතක් තිබ්බෙ..මරාගෙන මැරෙනවා යකෝ..”

දෙයියනේ තේව් ගහන විදිහට තව ටිකක් වෙලා ගියොත් අර මිනිහා මැරිලා යයි.. කොච්චර කතා කරන්න උත්සහ කරත් මගෙ කටින් එක වචනයක්වත් පිට උනේ නෑ.

” අඩෝ නිකේත් ඇති බල්ලො.. ඔහොම ගැහුවොත් මේකා මැරිලා යයි. උබ අයියව බලපන්. මම මූ ගැන බලන්නම්. “

” බබාව නිදි කරවලා මේ නාකියව අපෙ ගෙදරට අරන් පලයන්. අනිත් එකත් එක්කම. මම ඉක්මනට එන්නම්.”

මෙච්චර වෙලාම මාරයා ආවේශ උනා වගේ අර මිනිහට ගහන ගමන් හිටපු තේව්ට මාව මතක් උනේ කාමරේට ආපු රනිශ්ක මල්ලි කියපු නිසා. මම දැක්කා කේනු මල්ලිගෙ අතේ ඉන්නවා. ඒත් මට ඒ කා දිහාවත් බලන්න තරම් ශක්තියක් තිබුනෙ නැති තරම්…

” සුදු  මැනික… “

” අනේහ් තේව්. ම්මටහ්.. බයයි.. අනේ.. ඒ මිනිහා. ම්..මාව.. ම්..මට ක්..කරදර ක්..කරන්න… අනෙහ්.. තේව්ව්…”

මගෙ ලගට ආපු තේව් මගෙ අත් දෙක බැදලා තිබුන  බෙල්ට් එක ගලවලා එතනම එහා පැත්තෙ තිබුන ශීට් එක මගෙ ඇගට දාලා මාව බදා ගත්තා. මාත් ආපිට තෙව්ව බදාගෙන අඩන්න පටන් ගත්තේ මේ වෙලාවෙ කරන්න ඕනෙ මොනාද කියලා කිසිම අදහසක් මට තිබුනෙ නැති නිසා. මම ඉන්නෙ හොදටම බය වෙලා කියලා විතරයි මට තෙරුනෙ. අඩුම තරමේ තේව් මෙතනට ආවෙ කොහොමද කියලා දැන ගන්නවත් මට උවමනාවක් තිබුනෙ නැති තරම්. මට හිතුනෙම තේව් අයින් උනොත් ආයෙත් අර මිනිහා ඇවිත් මට කරදර කරයි කියලා. ඒක නිසාම මම පුලුවන් තරම් තදට තේව්ව තුරුල් කරගෙන අඩන්න ගත්තා.

” à·‚à·Š..à·‚à·Š..à·‚à·Š.. අඩන්න එපා මැනික. මම ඉන්නවා. ඔයා ලගින්ම ඉන්නවා. තේරුනා ද. දැන් අඩන්නෙ නැතුව ඉන්නකො..”

මාව තුරුල් කරගෙන තේව් මගෙ පිට අත ගාන ගමන් එයා ඉන්නවා කියද්දි මම තවත් එයට තුරුල් උනා. හරිම සනීපයි..

” මාව දාලා යන්න එපා. මට බයයි. ආයෙත් ඒ මිනිහා එයි…අනේ තේව්.. එයා ආයෙත් ආවොත්…”

” ආයෙ ඒ මිනිහ එන්නෙ නෑ තේරුනා ද.  මම ලගින්ම ඉන්නවා.. මම කොහෙවත් යන්නෙ නෑනෙ. කාටවත් බෑ මැණිකට කරදර කරන්න. දැන් බය නොවී ඉන්නකො…ම්ම්ම්.”

ඒත් එක්කම තේව් මාව එයාගෙ අත් අතරට අරගෙන අපෙ කාමරේට අරන් ගියෙ. මම කිසිම දෙයක් නොකියා ඔහේ ඉද්දි. මට දැනෙන්නෙ මාව හිස් වෙලා ගිහිල්ලා වගේ. මට ඕනි මේ හැමදේම අමතක කරලා හොදට නිදා ගන්න.. අවුරුදු ගානකින් ලැබෙන තේව්ගෙ මේ ආදරේ විදින්න තරම්වත් සිහියක් මට තිබුනෙ නෑ.

ටික වෙලාවකින් තේව් මාව අපෙ ඇදෙන් තිබ්බා වගේම මම දැක්කා කේනුත් ඇදේ නිදාගෙන ඉන්නවා. තේව් මාව දාලා යයි කියලා බය හිතුන නිසාම මම ඇස් දෙක පියාගෙනම එයාගෙ ටී ශර්ට් එකෙන් තද කරලා අල්ල ගත්තා. ඒත් බර උන ඇදත් එක්ක මට තේරුනා තේව්ත් ඇදෙන් ඉදගත්තා කියන්න. මට දැනුනෙ ලොකු ආරක්ෂාවක්.

දැනුන මහන්සියටම ඇස් පියවීගෙන එද්දි මට දැනුනා තේව්ගෙ ඇගිලිවල පහස. අන්තිමට මගෙ මතකේ තිබුනෙ ලාවට ඇහුන තේව්ගෙ මිහිරි කට හඩ විතරයි..

_____________________________________________

• එකම රීඩර් බබෙක් විතරයි හරියටම ආවෙ කවුද කියලා කිව්වෙ.. 😌❤️

• මොනා වෙයිද ඉස්සරහට… තව පොඩ්ඩක් ඉවසගෙන ඉමු.. වසන්ත අයියා ඉක්මනට එනවා සත්තයි..

• මගෙ කතාව කියවන, vote කරන ,comment කරන හැමෝටම ස්තූතියි… ඒ වගේම ආදරෙයි… ❤️💚

• ඉක්මනට ඊළග කොටසින් මුණ ගැහෙමු….

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 42, novel À¶†À¶ºà·” (Completed) Âœ” 42, read À¶†À¶ºà·” (Completed) Âœ” 42 online, À¶†À¶ºà·” (Completed) Âœ” 42 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 42 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 42 light novel, ,

Comment

Leave a Reply

Chapter 42