À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 14 |

A+ A-

      ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලා කියල දැක්ක ගමන් මම කළේ දෙව්දුන් අයියගෙ ඉන්බොක්ස් එකට රිංගපු එක.

    මං සාමාන්‍යයෙන් එහෙම කාටවත් මැසේජ් දදා වැලලෙන චරිතයක් නෙවෙයි. ඒත් මුට මැසේජ් එකක් දානකල් මගෙ ඇගිලි දෑවා.

    ‘ Hi අයියෙ.. ‘

‘ Oya A/L වලට Maths නේද කළේ? ‘

     මම ඔය දෙක දැම්මෙ… බොරු ඕන්නෑ කපටිකමට.. සාමාන්‍යයෙන් ඕනම හොද මනුස්සයෙක් ළමයෙක් ඉගෙනගන්න දෙයක් ගැන ඇහුවම රිප්ලයි නොකර ඉන්නෙ නෑ. මං ඒ මනුස්සයගෙ හොද හිත පුංචි අහිංසක උපායකින් අල්ලගන්න හැදුව එක වැරදිද දන්නෑ.. ඒත් වෙන දෙයක් ඇහුවනම් ආය රිප්ලයි නොකර ඉදී.. එහෙම වුණොත් මේ මුලු මහන්සියම අපරාදෙ.

    ‘ ඔව් මල්ලි.. කියන්න ‘

ඌෆ්.. මුගෙ ලයින්..

ටිකක් ආදරෙන් කතා කරන්න ඇයි බැරි වුණේ?…

ඌ ඉතින් මට ඩික් පික්ස් එවන්න කියලද? මංදා මට ඒ වචන දෙක මදි වගේ දැනුනා.. අඩුගානෙ.. ‘ ඔව් මල්ලි’යො’ කියන්න ‘ කියන්න බැරි වුණාද?

අවුරුදු දාසයක මම එච්චරම බොලඳ විදියට හැමදේම දිහා බැලුවෙ.. ඒත් ඒ බොලඳකම් මැද මං හරි සැහැල්ලුවෙන් සතුටින් හිටියා.

       ජීවිතේ දිහා බැරෑරුම් ව බලන්න ගත්තට පස්සෙ හැමදේම හිතට ගල්ගෙඩි එල්ලුවා වගේ බරක් විතරක් ගේද්දි.. එක්කො බොලඳකම හොදයි වගෙත් දැනුනා..

   ඒත් විහිලුව තමා.. ඒ බොලඳ සැහැල්ලු කොල්ලම තමයි අද මෙච්චර බැරෑරුම් හැමදේම දිහා රුහිතෙට බලන චරිතයක් වෙනකල් මාව අදුරු පාරවල් දිගේ ආ ගිය අතේ ඇදගෙන ගියෙ. කිසිම සීමාවක් අන්තයක් නැති අනන්ත අදුරු කැලෑ අඩි පාරවල් දිගේ ඔහෙ ඌ ඇදගෙන යනකොට සීරිලා පතුරුගැහිලා තැලිච්චි.. ගල්මුල්වලට කැපිච්චි.. මුර්ගයන්ට ගොදුරු වෙච්චි.. වලවල් ගානෙ ඇදවැටිච්චි හිත… දැන් ගලක් වෙලා තියෙන්නෙ, උට ඇදගෙන යන්න බැරි තරම් බර වෙන්න නෙවෙයි ද? තුවාල නොවී පරිස්සම් වෙන්න නෙවෙයි ද?..

     ‘ අයියෙ.. ‘

‘ මං මැත්ස් කරන්න හිතන් ඉන්නෙ.. ‘

  ‘ ඔයා ටියුශන් කරන්නෙ නැද්ද? ‘

        මං ඇහුවෙ ඕනවට නෙවෙයි. මැත්ස් කරන්න හිතාගෙන ඉදියෙත් නෑ මම. බයෝ කරන්න හිතන් හිටියෙ.. ඒත් මගෙ මෝඩ හිත ආස කළේ උගෙ අස්සට කෝමහරි රිංගන්නමයි..

        ඒකට රිප්ලයි ආවෙ පැය ගානකට පස්සෙ.. ඒත් එහෙම හරි ආව එක මදැයි.. නෑවිදින්ම තියෙනවට වඩා..

    මහ රෑ නාල.. කාල කොම්ෆි සුදුපාට ස්වෙට්ශර්ට් එකකට යට එක විතරක් ඇදන් ඇවිදින් මං සැපට ඇදට වැටුණෙ මගෙ විතරක් නෙවෙයි ඒ මනුස්සයගෙත් මුලු රෑම කාලකන්නි කරන්න හිතන්.. දඩුවම්.. මාව මෙච්චර වෙලා එල්ලල තිබ්බට..

   මට අයිතියක් තිබ්බද?.. මගෙ හිතේ නම් තිබ්බා.

   වියාරා එච්චර ඉක්මනට මගෙ හිත් අහසින් බැහැළ ගිහින් තිබුන හැටි මටම පුදුමයි.. අහසට උරුම හිරු කුමාරයා වඩිනකොට පුංචි තරු කැට ඉදියත් නෑ වගේ.. වියාරා ඔයා පුංචි තරු කැටයක්… මගෙ අයියා හිත් විලට එලිය දීල ඇස් මානෙ ලස්සන දේදුන්නක් ඇන්ද තේජවන්ත ඉර කුමාරයා. අහසට තරු කැට කොච්චර ඇවිදින් ගියත්.. එන්නෙ එකම එක ඉරක් විතරයි. ඒ ඉරට තරු කැට මකන්න අවසර ඕන්නෑ..

උබ තරු කැටයක් වියාරා.. තදියමට ඉර කියල මෝඩකමට රැවටිච්ච තරු කැටයක්.. උබට බෑ මගෙ ලෝකෙම එලිය කරන්න.. උබට ඕන වුණෙත් නෑ නෙ ඒක කරන්න.. ඉතින් ආය නෑවිදින් මැකිලම පලයන්..

   ‘ සොරි මල්ලි.. මං දැන් බෝඩිමට ආවෙ.. ‘

   ‘ තමුසෙ කෑගල්ල පැත්තෙ නේද? ‘

     ‘ ඔව් අයියෙ.. ඔයා කුරුනෑගල නේද?.. මං ලඟයි ඔයාලට.. ‘

       ‘ ලඟයි.. ඇත්ත. ඒත් මං ඉන්නෙ කොළඹ කොල්ලො.. බෝඩ් වෙලා ඉන්නෙ. කැම්පස් නෙ.. ‘

   ‘ ඉතින් අයියා වීකෙන්ඩ්ස් වල එන්නෙ නැද්ද ගෙදර? ‘

    ‘ මාසෙකට සැරයක් වගේ එවෙන්නෙ හලෝ.. මෙහෙ ක්ලාස් කරනවා මම. ‘

  පපුව බර වුණා.. සැපට දැනිච්ච හීතලත් මහ අප්පිරියාවට දැනෙන්න ගත්ත හින්දා මං බෙල්ල මුලටම පොරෝගත්තා..

      ‘ ඔන්ලයින් ක්ලාස් එකක් දාල කරමු. අවුලක් නෑ.. ‘

    ‘ අනේ හලෝ මං ආස නෑ ඔන්ලයින් ක්ලාස් වලට. ‘

   මගුල.. ඔන්ලයින් ලබ්බක් කතා කරන්නෙ… මට ඕන ඌ අස්සෙ රිංගන්න.

      ‘ එහෙම සැපට පහසුවටම ඉගෙනගන්න බෑ බං. තියෙන රිසෝසස් ටිකෙන් උපරිම යන්න බැරිනං ඉගෙනගන්න එක ලේසි නෑ. ‘

   එපාර බණ කියනවා. කවුද හලෝ ඉගෙනගන්න එකක් ගැන කතා කරේ..

     ‘ මං කොළඹ එන්නද? ‘

‘ පිස්සුද? ඔය තියෙන ක්ලාස් එකකට යනවා විකාර නොකර. ‘

    ‘ එහෙම පුළුවන් නං තව්සෙගෙන් අහන්නෑනෙ හලෝ.. මට කවුරුත් කියල දෙන ඒව තේරෙන්නෑ.. මං කොළඹ ආවොත් ඔයාගෙ බෝඩිමේ ඉන්න දෙනවද? මං ෆීස්වලින් කොටසක් ගෙවන්නං.. ‘

      ‘ මංදා.. තමුසෙගෙ ගෙදරින් එන්න දෙනවනං එනවා. බෝඩිම් ෆීස් ඕන්නෑ. තමුසෙ කීයෙද එක්සෑම් කරන්නෙ? ‘

   රැන්ඩම් මනුස්සයෙකුගෙ මැසේජ් එකකින් මේ තරම් තුන් හිතම ඇවිලිලා නිවෙන්න පුළුවන් ද?.. මට දැනුනෙ කෑගහල මුලු ගෙදරම කාමරේට ගෙන්නගන්න තරම් සතුටක්.. මට අත හපාගන්න වුණා ඒ හැඟීම් සේරම වාවන්න.

       ‘ මල්ලි මං විනාඩියෙන් එනවා.. ඔහොම ඉන්න. ‘

    මූ චැට් එකෙන් අයින් වුණේ එහෙම කියලා.

     මම විනාඩියට තප්පර ගැන්නත් එක්ක.. එච්චර පිස්සු හෝන්තුවක් අවුරුදු දාසයක හංසයා..

   මූ තප්පර පහලවක් පරක්කු වුනා. ඒත් ආවනෙ..

      ‘ කොහෙද ගියෙ.. ගර්ල්ෆ්‍රෙන්ඩ් කෝල් කරන්න ඇති.. ‘ මං මල්කාන්තිට වඩා චීත්ත ඇන්දා මූ දැලේ දාගන්න. ලැජ්ජාවක් හිරිකිතක් නැතුවම.. ඒත් මගෙ හිතේ තියෙනේව නොදන්න දෙව්දුන් අයියට ඒ නිකන් රැන්ඩම් ප්‍රශ්නයක් වෙන්න ඇති.

     මූ එව්වෙ ඇස්වලින් කදුලු පැනගෙන හිනාවෙන ඉමොජියක්.. දෙකට කැඩිච්ච හාට් එකක් එක්ක.

    ‘ මොන ග’ල්ෆ්‍රෙන්ඩ්ස්ලද බං.. ටියුශන් එන පොඩි එකියක්.. ‘

    ‘මේකි ටියුශන් ඇවිත් තියෙන්නෙ මගුල් විසේ ගහල.. කාලකන්නි හැත්ත.. මහ රෑ මහ මිනිහෙකුට කෝල් කර කර වැලලෙන්න තරං.. මදන විසේ මේකිලට. වද්දගන්නවට මටයි ගහන්නෝන. ‘

     බෙල්ල මුලින් අල්ලගෙන කම්මුලට ගහගෙන ගහගෙන ගියා වාගේ ඒ වචන මට වැදුනෙ.. කොල්ලෙකුට ඌ දැකල මදනයා ගැහුවා කියල දැනගත්තොත් මොනා කරයිද මූ මට?..

    ‘ කෙල්ලො ඉතින් කොල්ලො පස්සෙන් නොයා කෙල්ලො පස්සෙන් යන්න යැ.. ‘

  මම පොඩ්ඩක් අත දැම්මෙ පාර සැර හින්දා..

     ‘ යකො.. වයස?! අවුරුදු දා හතක කෙල්ලෙක් ඒකි. මං මේ වැඩිහිටියෙක්. තමන්ගෙ වයසෙ එකෙක් හොයාගෙන නටාගන්න එක වෙනයි.. මං අමාරුවෙ වැටෙන වැඩ ඕව.. ”

     එවෙලෙ අයියා කෙලින්ම කිව්වා… ඒත් මං තේරුම් ගත්තෙ නෑ.. තේරුම් ගන්න ඕන කමක් උන්නෑ.. මං කරබාගෙන කකා ඉදපු නියපොත්තට රැව්වෙ ඒකයි.

   ජනේලෙන් ආව සමන්පිච්ච සුවදත් මගෙ කේන්තිය ඇවිස්සුවා එවෙලෙ.. ඇට්ටර හිතට ඕන දේ ඕන. මං කෝමද උට ඕන දේ නොදී ඉන්නෙ?

    ‘ තමුසෙ කීයෙද එග්සෑම් කරන්නෙ? ‘

      ‘ අර කෙල්ලට ආය එන්න එපා කිව්වද ක්ලාස්..? ‘

   ‘ කොහෙවත් යන උන් හුරතල් කරල හිරේ ලගින්න මට බෑ බං. ඇයි? උබට ඒකි මොකටද දැන්? ‘

   ‘ නෑ ඉතින්. කොල්ලොනෙ. ‘

   ‘ දකින්නෙවත් නැතුව?! ‘

‘ එහෙම තමා… කොලුකම.. ‘

‘ ඕක බලුකම.. ‘

   ‘ ච්.. මං සෙකන්ඩ් ටයිම් එග්සෑම් කරන්නෙ. කලින් බයෝ කරේ. ‘

    මං හැම අතින්ම ශේප් වෙන්න පුළුවන් උත්තරයක් ඒ වෙද්දි ගොතාගෙන තිබුණා.

    ‘ පලවෙනි සැරේ මොකද වුනේ? ‘

     
     ‘ ගෑනු ප්‍රශ්න තමා… ‘

‘ ෆේල් ද? ‘

   ‘ ම්ම්… ‘

‘ දැන් බයෝ කරල ෆේල් වෙලා.. මැත්ස් අල්ලගෙන යන්න තමුසෙට පුළුවන් වෙයිද? ‘

  ‘ මං ගොනෙක් නෙවෙයි අනේ. කෙල්ල හින්දා ෆේල් වුනේ කියල කිව්වනෙ. මාව ඩිස්කරේජ් කරන්න එපා. ‘

‘ එහෙම නෑ බං. උනන්දුව තියෙන එකාට බැරි එකක් නෑ. හැබැයි මේ පාරවත් ඔය හුටපට පටලගෙන අනාගන්නෙ නැත්තං තමයි. ‘

    ‘ ආපහු මට ගෑනු ඕන්නෑ අයියෙ.. ‘

මේ වචන මං කිව්වෙ නං ඇත්තටම.. පිට වුණ හුස්මෙ රැදුනෙ මහ කලකිරීමක්. ජීවිතේ ලස්සනම කාලෙ නාස්ති කරා වගේ හැඟීමක්.

    ‘ ඇයි.. උබ කොල්ලෙක් හොයාගන්නවද ඊටපස්සෙ? ‘

  ‘ බල්ලෙක් ගැහුවත් ගෑනු එපා. ‘

‘ මෝඩයා. එකියකගෙන් බූට් කාල ඔහොමනං අපි ඉතින් බල්ලො ගහල ලෝක වාර්තා තියල තියෙන්නෝන. එකියක් එහෙමයි කියල හැම එකීම එහෙම නෑ බං. දැන් අපේ එකෙක් වටේ ගියා කියල ගෑනු රැවැට්ටුව කියල අපි ඔක්කොම එහෙම නසරානි වැඩ කරනවද? උබලට වැරදුනේ ඔන්න ඔතන..  ‘

   මේ මහාචාර්ය පණ්ඩිත් දාර්ශනික දන්නවනං ගෑනු එපා වුණේ ඌව දැකල කියල..

     ‘ උබට එග්සෑම් ගොඩදාගන්නකල් ඔය මගුල් විසේ ඔලුවෙන් අහක් වෙලා තියෙනව නං හොදයි එක අතකට. ‘

    කවුද කිව්වෙ මගුල් විසේ අහවරයි කියල.. මගුල් විසේ හින්ද නැත්තං මං කොල්ලෙකුගෙ ඉන්බොක්ස් අස්සෙ රිංගල තොදොල් වෙනවද? අමු පිස්සෙක් මූත්..

       ‘ කොළඹ ඇවිත් ජොබ් එකක් කරන ගමන් ඉගෙනගන්න පුළුවන් ඉතින්. එහෙනං ස්කූල් යන්නෙ නෑ නෙ? ‘

  ‘ ජොබ් කරන්න බෑ. අම්මල වියදම් කරනව කිව්වා. මං එන්නං. ඔයා අවුලක් නෑනෙ එහෙනං.. ? ‘

   ‘ නෑ. ඒත් මං තනියෙන් ඉන්නෙ පොඩි රූම් එකක. තමුසෙට දවල් තිස්සෙම තනියෙන් ඉන්න වෙන්නෙ. මෙහෙ එහෙම කතා කරන්න පුළුවන් කවුරුත් නෑ. ‘

   ‘ එහෙම අවුලක් නෑ. කතා කරන්න නෙවේනෙ එන්නෙ ‘

   මගුල් නටන්නනෙ එන්නෙ නොකිය එහෙම කිව්ව මං මු එක්ක තනි බෝඩිම් කාමරේක ඉන්න හැටි හීන මැව්වා.

    ‘ අම්මල එවයිද නොදන්න මනුස්සයෙක් එක්ක.? ‘

    ‘ මං කෙල්ලක් යැ. ‘

‘ ආහ්.. කෙල්ලන්ට නොදන්න මිනිස්සුන්ගෙන් වෙන ඒව කොල්ලන්ට වෙන්නෙ නෑ කියලද උබ හිතන් ඉන්නෙ? ‘

    ‘ ඇයි.. ඔයාට උනාද මොනාහරි? ‘

‘ ඔය වයසෙදි තනියෙන් එකේකාගෙ බෝඩිම් ගානෙ ලැග්ගනං වෙන්න තිබ්බා. මං සුපර් මෑන් ද? ‘

    ‘ ඔයා එහෙම නෑ නෙ..? ‘

‘ කොහොමද කියන්නෙ ? ‘

   ‘ නෑ.. දැක්කම කියන්න පුළුවන්. ‘

‘ ෆොටෝ එකකින් පුළුවන්ද බං මිනිස්සු මනින්න? ‘

   ‘ මට පුළුවන්. ‘

‘ හ්ම් හ්ම්.. එනවකො එහෙනං. එන්න කලින් කෝල් එකක් ගන්නවා. මං එන්නං ටවුන් එකට ගන්න. ‘

    ‘ හෙට එන්නද? ‘

‘ එච්චර උනන්දුද ඉගෙනගන්න? ‘

   ‘ සෑහෙන උනන්දුයි.. ‘

ඉගෙනගන්න…

   

      අවුරුදු පහක විතර අතීතෙ මට අද නිදාගන්න දුන්නෙ නෑ. සමහර දේවල් tragedy  endings  වෙලා කෙලවර වුණාට.. ඒව මතක් වෙනකොටත් පපුව රිදෙන තරම් ලස්සන අත්දැකීම්.. රිදුමක්.. සැනසුමක් මැද හිත දෝලනය වෙනකොට අමුතු රහකුත් නැත්තෙ නෑ..

විරහවත් රස රහක්..

     වාහනේ ගේ ඉස්සරහ නතර වෙනවා ඇහෙද්දි මං ඇදේ ඉදගත්තෙ.. කොහොමත් මට නින්දක් අහලකට නාව හින්දා.

    පොඩි එකා කාමරේට දුවගෙන ආවෙ ලයිට් පත්තු වෙන කෑගහන පාප්පු දෙක එක්කම ගෙයින් එකක් සීනු හිනාවෙන් පුරවල. කොල්ලා කාමරේ මැද නැවතිලා උඩපැන්නා.. මගෙ හා පැටියා.

      ” තාත්ති තා..ත්ති මේ… පාප්පු දෙසක්කූඩු වාගෙ..! එයා තින්දුත් කියනවා මේ!! ” කොල්ලගෙ හිනාව මුලු ලේන් එකමම මහ පිරිතක් වගේ ඇහෙන්නැති.. ඒ අහිංසක සතුට දැක්කම මට ඇඩෙන්න ආවා.

   මට බැරි වුනා මගෙ කොල්ලට ලයිට් පත්තු වෙන සපත්තු දෙකක් අරන් දෙන්න.. අරන් දීල මගෙ කොල්ලගෙ මැනික් කැට ඇස් පත්තු කරන්න. මං දැනන් හිටියෙ නෑ මගෙ සුදු පුතා මේකෙන් මෙච්චර සතුටු වෙයි කියල.. එහෙම වුණත් සපත්තු දෙකකට රුපියල් පන් හයදාහක් වියදම් කරන්න කෝ මට සල්ලි?..

      කොල්ලා අතේ තිබ්බෙ සෙල්ලම් කාර් එකක්.. අනිත් අතේ චොකලට් එකක්..

   උට ඇති වෙලා වෙන්නැති ඒක ගෙනත් මට දික් කරගෙන ඇදට ගොඩ වුණා.

     කොල්ලට අලුත් ඇදුමුත් හම්බවෙලා.. මගෙ මැනික කොහොමත් ලස්සනයි.. ඒත් මගෙ මොනර පැටියා ඒ ඇදුම් අස්සෙ මට් දරන්න බැරි තරම් හුරතලයක්.

     ” තාත්තිතත්.. අපත්ති ගවුම් ගොඩාලියක්.. ගත්තා. ඒත් මං තමා හා කිව්වෙ.. ”

    අප්පච්චි?..

   මං බැලුවෙ කාමරේ ඇතුලට ආව අයියා දිහා. ඌ අහිංසක රෝස මල වගේ චූටි ට්‍රයිසිකල් එක කාමරේ ඇතුලෙන් තියල රෙදි මලු ගොඩක් උස්සගෙන ඇවිදින් ඇදෙන් තිබ්බා.

    ” කවුද පුතාගෙ අප්පච්චි? මං නෙ මොනර පැටියගෙ තාත්ති? ”

   මං කිව්වෙ ඇදේ ඉදගත්ත අරූ අවුස්සන්න. ඒත් කොල්ලා කට හදලා.. කියන්න වචන මතක් වෙන්නෙම නැති තැන අයියගෙ ඔඩොක්කුවට ගොඩ වුණා.

     ” මෙයාගෙ නම අපත්තිලු.. ඒක කැතයි නේද තාත්ති?.. ”

      අයියට විතරක් නෙවෙයි මටත් හිනා ගියා.

    ” කැතදත් අහල.. කැතේ බෑ.. ”

” ඒ වුනාත.. එයා පව් හැබැයි… නේද තාත්ති? ඇයි එයාත නස්සන නමක් නැත්තෙ? ”

       ” තාත්තිට ලස්සන නම දීල එයා කැත නම තියාගෙන.. එයා හොද අප්පච්චි කෙනෙක් හින්දා වෙන්න ඇති.. නේද සුදුපුතා? ”

   ” මොනල පැතියා අනේ! ”

    අයියා කොල්ලගෙ හුරතල් විද විද හිනාවෙන හැටි.. මට එදා දැනුන ලෝබකම ආය දැනෙන්න ගත්තා.

    ” හංස.. තියෙන වටින දේවල් අරගන්න. අපි යං. ”

   ” කොහෙ යන්නද?.. ඔයාට පිස්සුද අයියෙ? ”

   

     ” මගෙ ගෙදර.. ”

    මට තවත් දරාගන්න අමාරු වුනා. ඇයි මේ මනුස්සයා මෙච්චර මාව අසරණ කරන්නෙ?.. මම දැනටමත් මගෙ පිරිමිකම.. කොන්දෙ පන ගැන ප්‍රශ්න කර කර ඉද්දි කොන්ද කැඩෙන්න පයින් ගහන්න තරම් මූ අසත්පුරුශ ඇයි?..

    ” ඔයාට පිස්සුද?.. මේ… ඔයා ආපහු මං හින්දා සත පහක්වත් වියදම් කරන්නෙ නෑ. මට කාගෙවත් සල්ලි ඕන්නෑ. මට කාගෙවත් තෑගිත් ඕන්නෑ. මේව අරන් යන්න. ”

     ” තමුසෙට නැතුව කාටද මං වියදම් කරන්නෙ?… ”

අයියට ඒ වචන රිදෙන්න ඇති. ඒත් මං කියල මොනා කරන්නද?! මටත් සෑහෙන රිදිල ඉන්නෙ..

    ” මගෙ දරුවට සලකන්න බැරි පො න්නයෙක් නෙවෙයි අයියෙ මං. හිගා කාල හරි උට ඕන ඒව මං අරන් දෙන්නං. ප්ලීස් මට වද දෙන එකේ සීමාවක් තියාගන්න. ”

     දරුවත් බය වෙලා බලන් ඉදියත් මගෙ ඇස්වලින් කදුලු කඩාගෙන වැටුණා.. උට නොපෙනෙන්න ඇස් පිහ පිහ මම කාමරෙන් එලියට ගියෙ දෙන්නව කාමරේ දාල..

    දොර ලඟ ඉදලා මම හැප්පුනේ වසන්තෙ අයියගෙ පපුවෙ..

   ඌ මගෙ අතින් ඇදලා ලගට අරන් කම්මුල අතින් අල්ලල බැලුවෙ මේ කදුලු හින්දා වෙන්නැති..

    ” මොකද හංසයො වුණේ?… මොකද උබ අඩන්නෙ?.. ”

       දොර රෙද්ද ඇරගෙන දරුවා වඩාගෙන එලියට ආවෙ දෙව්දුන් අයියා..

   වේදනා ඔක්කොම ඉවරයි කියල හිතුවට මොකද.. තාම පටන් ගන්න ගමන් ද මංදා…

මට මහ අසරණකමක් තනිකමක් මයි දැනුණෙ..

මගෙ අයිතිය මූලික කරගෙන එකිනෙකාට රවන පිරිමි දෙන්නෙක් මැදත්… මහ පාලු තනිකමක්..

නැවත හමුවෙමු

🤍🦢

– 28 Sep 2024 –

අද රෑට හංස මස් 🤧🤍

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 14 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 14 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 14 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 14 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 14 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 14 | light novel, ,

Comment

Leave a Reply

Chapter 15