À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 16 |

A+ A-

        මං කවදාවත් නැතුව කුස්සියට ගිහින් පොල් බෑවක් අරන් ගාන්න ගත්ත විදියට අම්මා පුදුම වෙන්නැති.

     ” චූටි පුතා.. බලනවා ඉර අද අනිත් පැත්තෙන්වත් පායලද කියල? “

   මං පොල් බෑව උලාකන ගමන් අම්මට රැව්වා.

    අද ඉරිදා දවසක්. ලොකූත් ගෙදර ඇවිත් හිටියෙ. පොඩි එකා දහම්පාසල් යන්නෙත් නැතුව ගෙදර නතර වුණේ ටීවි එකේ ඇස් අලවගෙන ඉන්න. මූ ඒකට අප්පච්චිගෙන් අත පුරෝල හත අටකුත් කනවා මට නින්දත් නොනින්දත් අතරෙ ඇහුණා. කොහොම වුණත් ඌත් ඇරියෙ නෑ. අඩල හරි ගෙදර නතර වුණා.

    ඕලෙවල් ඉවර කරලා ගෙදර ඉදපු හින්දා අම්මා මගෙන් එච්චර වැඩ ගත්තෙ නෑ. අප්පච්චිට නං බනින්න හරි චූටි එකාව මතක් වුණත්.. හොද කියන්න ලොකූව මතක් වුණත් මං ඉපදුනාද.. මං කියල එකෙක් ගෙදර ඉන්නවද කියලවත් ගානක් නැතුවැති. ඉතින් මං සාමාන්‍යයෙන් දවල් දහය එකොලහ වෙනකල් ඇදෙන් බැස්සෙත් නෑ.

     අප්පච්චි ඉස්තෝප්පුවට වෙලා පත්තරයක් දිගෑරගෙන ඉන්නවා මං ජනේලෙන් බලලයි කුස්සියට එන්ටර් වුණේ.

         ” මොනවද ඕනැ? මං ලඟ සල්ලිනං නෑ. ”

   ” අම්මගෙන් සල්ලි ඉල්ලුවද මං? ” මං මේ සතියෙ ටයිපින් කරලම රුපියල් පන්සීයකට එහා හෙව්වා. අම්මගෙ සල්ලි මොකටද මට?! විකාර…

      අයියත් උදේම නාගෙන.. සරමක් ඇදගෙන තුවාය කරේ දාගෙන කුස්සියට ගොඩ වුණේ උදේ තේ වේල බලාපොරොත්තුවෙන්. අම්මා සමපෝශ හදනවා. පොඩි එකා අම්මා වටේ දැවටි දැවටි හිටියෙ ඒක ඉවවැටිලා.

    
     ” තමුසෙ රෑ එක දෙක වෙනකල් ෆෝන් එක දිහා බලාගෙන මොනවද කරන්නෙ?! මුංට ෆෝන් අරන් දෙන්න අම්මලට පිස්සුද අම්මෙ?! කරයි ඒලෙවල්. බලන් ඉන්නකො.. ”

       ” තමුසෙත් රෑ එක දෙක වෙනකල් ඇහැරල ඉදපු හින්දනෙ මං හිටියා කියල දන්නෙ. ”

   මුටත් ඕන්නැති කෙංගෙඩියක් නෑ. මට හිතුනෙම අයියා ගෙදර හොද පුතා වෙන්න අපි දෙන්නව කොයිවෙලෙත් පාවාදෙනවා කියලමයි. ඒත් දැන් තේරෙනවා. අයියගෙ නපුරු දුශ්ට වචන පිටිපස්සෙ තිබ්බ ආදරේ , සහෝදර කැක්කුම. ඌ පවුලෙ වැඩිමලා. ඒ වගකීමෙන් උට ගැලවීමක් නෑ. ඌ හැමවෙලේම හැදුවෙ ඒ වගකීම ඉශ්ට කරන්න. ඒක අපිට වදයක් වුනා මිසක්.

    ” මොකද්ද තෝ කියන්නෙ?! ගහනවා බලාගනිං.. කන කුඩුවෙන්න පොල්බෑවෙන්ම.. පරයට! ” අයියා සැර පිප්පුවට ලගට ආවෙවත් නෑ. ආවනං මං නොකා නවතින්නෙත් නෑ.

      ” හා හා.. මරාගනිල්ලා වටේ පිටේ උන්ට ඇහෙන්න. ඊලඟට එක හත කරල කියන්නෙ. ” අම්මා සැර කරාම අයියත් කට පියාගත්තා. මාත් පොල්බෑවට රව රව පොල් ගෑවා.

   ” චූටි අයියට කෑල්ලක් සෙට් වෙලා අම්මෙ.. එයාගෙ නම විහාරා… ඔය ඒ අක්කා එක්ක මල් කඩනවා ඇති.. දවසක් සමන්පිච්ච වැල අස්සෙ රෑ දොළහට විතර ෆෝන් එක කනේ ගහගෙන හිටගෙන කුටුකුටු ගගා ඉදල මට අතේ මාට්ටු.  මං බය වුනා හොල්මනක් කියල. ”

    ” තෝ මගෙං පොල්බෑ පාර නොකා ඉදපං චූටි! ”

      දෙයියනේ මේ පොඩි ඇටවල්ලා. මුට සති දෙකක පඩිය දීල කට වහල තිබ්බෙ. මූ මේ අස්සෙ ඒකත් අම්මලගෙ කනේ තිබ්බ හැටි..

    ඉස්කෝලදි මුං ඉගෙනගන්නවට වඩා ඕව තමා හොයනවා ඇත්තෙ. නැත්තං වියාරාගෙ නමත් එක්ක මුට කොහෙන්ද? ඔව් ඉතින්.. අපිත් අවුරුදු එකොලහෙදි කරේ ලොකු අයියල අක්කලගෙ ඕපදූප හෙව්ව එක. අපිට එකොලහ වසරෙ අයියෙක් දහය වසරෙ අක්කෙකුගෙ අතින් අල්ලනවා.. අයිනකට වෙලා කුටුකුටු ගානවා.. හොරෙන් ඉගි කරගන්නවා දැක්කොත් ඒව තමා ඒ කාලෙ පෝර්න්හබ්. දැන් දැක්කම මොක්කුද මේ කියල හිතෙන වයසෙ උං ඒ කාලෙ අපිට හොලිවුඩ් කපල්ස් වගේ දැනුණෙ.

     ” ඇත්තද සුදුපුතා මේ?!.. ”

” පිස්සුද අම්මෙ?! ගෙට වෙලා කෙල පෙරාගෙන ඉන්නවද කෙල්ලො ඉන්නවනං.. මූ පච කෙලින්නෙ.. ”

    ” එහෙනං මේ නමත් එක්කම කියන්නෙ? බොරු නං වෙන්න බෑ. ”

     ” මූ ඔය කාගෙහරි නමක් කියනවා ඇත්තෙ. අපි එක්ක එන කෙල්ලො. මුට පිස්සු..”

    අම්මා කරබාගත්තෙ අයියා තේ එකයි සමපෝශ එකකුයි අරන් කාමරේට යනකල් බව මම දන්නවා. අයියත් අප්පච්චි වාගෙ.. මහ දරදඩු චරිතෙ. අම්මා විතරයි මගෙ පැත්තට හිටියෙ..

   ” හදාගන්නත් එපා. ඇටෙන් පොත්තෙන් එලියට එනකොටම.. අප්පච්චි දැනගත්තොත් මටත් වසන්න නෙවෙයි මේකෙ. අයියා ඉගෙනගෙන කැම්පස් ගියෙ ඔය නාඩගං නටලා නෙවෙයි සුදූ. උබලත් අයියා දිහා බලාගෙන හැදෙන්න මිසක්… කාලකන්නි වෙන්නනං හදන්න එපා නිකන් නිස්කාරනේ.. වටේපිටේ එකාලට පස්ස මදිවෙයි ඊලඟට හිනාවෙන්ඩ. ”

       ” ඉගෙනගන්න තමා අනේ.. මෙච්චර නැහෙන්නෙ. මට ඕන්නැති කෙල්ලෙක් නෑ. ”

   සුපිරි පොටක් අහුවෙච්ච වෙලාවෙ මං ශේප් එකේ කතාවට එන්ටර් වුණා. ” අම්මා.. මං බයෝ කරන්නනෙ හිටියෙ.. ”

    ” ඉතින්?.. ”

” බයෝ කරන්න බෑ වගේ.. මට මැත්ස්ම කරන්න හිතෙනවා එක්කො.. ”

    ” දැන් එච්චර රිසාල්ට් එන එකක් නෑ කියල අයියා එක්කත් රන්ඩු වුණා නේද මැත්ස් කරන්න බෑමයි කියල? අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමිල නහිනවා පුතේ. එක හිතක් තියාගෙන වැඩ කරන්න පුරුදු වෙන්න. ”

   ” හරි අප්පා. එක අතකට අයියා කියන එකත් ඇත්තනෙ. ඕලෙවල් රිසාල්ට් එක මොක වුනත් දැන්ම ඉදල මහන්සි වුණොත් මට මැත්ස් ගොඩදාගන්න බැරි වෙන්නෙ නෑනෙ. ”

    ” 9A’s නැතුව නං ඉස්කෝලෙන් දෙන එකක් නෑ මැත්ස් කරන්න. එහෙම තියෙන දරුවොත් ෆේල් වෙනවා කියල ප්‍රින්සිපල් à·ƒ’ කෑගැහුවා මතක නැද්ද? ”

     ” මහන්සි වුනොත් බැරි නෑ නෙ අම්මා. අනික මං බොරුවට බය වුණාට පාස්ට් පේපර්ස්වලට ඒම අනූවෙන් එහා තිබුණනෙ හැම සබ්ජෙක්ට් එකකටම. 9A’s එයි ඉතින්. 9A’s තිබිලත් දෙන්නෙ නැතුව එයා අගහරු ලෝකෙන් ස්ටුඩන්ට්ස්ල ගේන්න කියලද මැත්ස් කරන්න? ”

    ඇත්තටම වියාරා එක්ක නටන්න පටන්ගත්තෙ නැත්තං මං ඩිස්ට්‍රික්ට් රෑන්ක්ස්.. සමහර විට අයිලන්ඩ් රෑන්ක්ස් පවා එක්ක ඕලෙවල් රිසාල්ට් එකක් දාන්න ඉඩ තිබුණා. ඒත් කොහෙද? දෙව්දුන් කියන්නා වගේ මදනයා ගැහුවනෙ නරක වයස අල්ලලා ඉස්මුදුනට. ඒකට නං වියාරට දොස් කියන්නෙ නෑ මම. මගෙයි වැරැද්ද. මං අල්ලල ගස්බැඳල ලව් කරේ නෑ ඒකි.

    ඒත් තව හැදිලත් නැති හැටි මම.. කෑවා මදි.. හොදම එකෙන් කන්න ආසාව තාම අව පසට නොගිහින් තිබ්බෙ ඒක වෙන්නැති.

        ” කැමැත්තක්. දැන් ක්ලාස් එහෙමත් පටන්ගෙන ඇති. ”

   අම්මා නියම පොයින්ට් එක මට හදලම දුන්නා. මං පොල් ගාන එක නතරත් කරලා හැරුණෙ පොඩි එකා හදල දීපු සමපෝශ එක අරන් අප්පච්චිටත් දීල කන්න තේ බන්දේසියෙ තියාගෙන ටීවි එක ඉස්සරහට යන අතරෙ..

    ” ඔව් අම්මා. ක්ලාස් පටන්ගෙන ගොඩක් කරලත් ඉවරලු.. මං චමෝද්ගෙන් ඇහුවා. එක ක්ලාස් එකකවත් කියල දෙන මෙලෝ මලදානයක් උට තේරෙන්නෑලු අම්මා. ඌ කවුද අයියා කෙනෙකුගෙ සූම් ක්ලාස් එකකට ඇඩ් වුණාලු. ඒ අයියා කියල දෙන දේවල් නං තේරෙනවලු. ”

     ” ඉතින් ඔයත් ඒ ක්ලාස් එකට ඉන්න. තවත් කල් අරින්නෙ මොකටද දැන් මැත්ස් කරනවනං? බයෝ ක්ලාසුත් ගොඩක් පටන්ගෙන ඉවරයි දැන්. අර නදීශානි මිස්ගෙ දුව එහෙම නුවරලු ක්ලාස් යන්නෙ. ”

     ” අම්මා.. මට ඔන්ලයින් ක්ලාස් සෙට් වෙන්නෑ අප්පා. ගණන් හදන්න පුලුවන්ද ඔන්ලයින් ඉදන්.. ”

   ” ආ.. මොකද බැරි? ”

   ” මට එහෙම සෙට් නෑ.. ”

” ඔයාට සෙට් වෙන ඒව හොයන්න බෑ ඉතින්. සෙට් කරගන්නවා මිසක්. ”

    සෙට් කරගන්න තමා අම්මා මද්දු පුතා මෙච්චර නැහෙන්නෙ.

   එක අතකට අම්මට කිව්ව කරපු බොරු ම කරුම වෙලා මගෙ පශ්චාත් භාගෙ එල්ලෙන්න එනවද මංදා. අම්මව රවට්ටන්නෙ කියල හිතුවෙ.. ඒත් අන්තිමට රැවටුනේ මංමයි. ඒත් ඒ වයසට කොල්ලො නෙවෙයි කෙල්ලොත් ඕව හිතන්නෑ. හොදම එකෙන් කෙලවෙනකල් පිලිගන්නෙත් නෑ තමන් වැරැද්දක් කරන වග.

  ඒත් මට ඕන වුණේ ආදරේ විතරයි අම්මෙ.. අප්පච්චි මට නොදුන්න පිරිමි පපුවක ආදරේ මං පිටින් බලාපොරොත්තු වුනාද කියන්නවත් මම දන්නෑ.

      ඒ මොනවා වුණත් මට දෙව්දුන් අයියා ඕන වුණා. ඉන් එහා හිතන්නවත් මට ඕන වුන්නෑ. මං එතනින් එහාට බොලඳ තොත්ත බබෙක් වුණා.
    

   ” ඉන්නකො ඉතින්.. ඇඩ් දාන්නෙ.. අර අයියා එක්ක මං කතා කළා. එයා කැම්පස් ඉන්නෙ. ඒ අයියා පට්ට හොදයි අම්මා. එයා බෝඩිම් ෆීස් එපා කිව්වා. ක්ලාස් ෆීස් විතරක් දීල ක්ලාස් එකට එන්න කිව්වා. පොඩි ගෲප් ක්ලාස් එකක් වගේ දාල උගන්නයි. මං යන්නද? ”

    ” කොහෙද? ”

අම්මගෙ වෙනුවට අප්පච්චිගෙ ගොරහැඩි කටහඩ  ඒ ප්‍රශ්නෙ ඇහුවම මං ඇතුලෙන් නං තිගැස්සුනා. ඒත් පොල් බෑව අරන් ශේප් එකේ ආපහු හිරමනේට හැරුණා විතරයි.

     ” කොහෙද ගීතානි මේ යන්න අහන්නෙ? ”

     ” මේ.. ක්ලාස් එකකට අදුරන අයියා කෙනෙකුගෙ බෝඩිමේ නතර වෙන්න යන්න අහනවා මහත්තයා. ” අම්මා ශේප් එකේ කිව්වෙ අප්පච්චි මට කෑගහයිද කියලත් බයේ බයේ. අප්පච්චි කහට කෝප්පෙ සින්ක් එකට දාල උගුර පෑදුවා.

    ” ඇයි? ටවුන්වල ක්ලාස් නෑ? ”

” ටියුශන් කඩවල වැඩිහරියක් කරන්නෙ පල්හෑලි දොඩවන එක අපේ මහත්තයා. මේ දරුවට උගන්නන ඒවත් තේරෙන්නෑ කියන්නෙ. ”

      ” කොහෙද බෝඩිම? ”

” කොහෙද හංස?.. ”

    ” ..ක්… කොළඹ අප්පච්චි.. ” මං වචනෙ එලියට දාගත්තෙ ලොම් ගුලියක් ගිල්ල පූසෙක් වමාරනවා වගේ. අප්පච්චි ටිකක් වෙලා මං දිහා බලන් ඉද්දි මං තව අසරණ වුනා.

       ” අයියා එක්ක නතර වෙලා අයියගෙන් ඉගෙනගන්නවා. මොකටද එක එකාගෙන් ඉගෙනගන්නෙ? “

     අප්පච්චි සම්පූර්ණ විස්තරේම අහගෙන ඉදල තමයි කියල එවෙලෙ මට තේරුණේ. අම්මා වගේ අප්පච්චිව තම්බන එක ලේසි නෑ. අප්පච්චි හැමවෙලේම අපිට වඩා අඩියක් ඉස්සරහින් හිටියා.

ඒක දන්න හින්දම මට ඊටවඩා ලොකු පිම්මක් පනින්න ඕන මේ වැඩේ ගොඩදාගන්න නම් කියන එක තේරුණා.

          ” අයියා ඩිග්‍රී එක කරන්නෙ mechanical engineering වලින්. මට ඕන civil engineering කරන්න. විශය කරුණුවලට පිට ගොඩක් දේවල් ඒ අයියගෙන් ඉගෙනගන්න පුළුවන් නෙ අප්පච්චි. අනික අයියා ටොකු අනිනවා මිසක්.. ප්‍රශ්නයක් ඇහුවත්.. ඌ උගන්නයි මේන් කියල. ”

   පොඩි කාලෙ ඉදල අයියගෙන් ඉගෙනගන්න එක ගෙදර මහ යුද්ධයක් හින්දමයි අම්මල මාව ක්ලාස් යැව්වෙ. ඒක මේ වෙලාවෙ පිහිටට ඉදී කියල මං හිතුවෙත් නෑ. ඌ හුනුකූරට කලින් අතට ගන්නෙ වේවැල. එක පාරයි කියල දෙන්නෙ ආය වැරැද්දුවොත් වේවැල් කසාය. ඊටපස්සෙ ගෙදර රන්ඩු. අයියට උගන්නන්න තරම් ඉවසීමක් තිබුන්නෑ. ඌ ගුරුවරයෙක් වුණානං මෙලහටත් හිරේ.. ළමයි කීපදෙනෙක් පරලොව යවලම.

     කොහොම වුණත් අප්පච්චි එවෙලෙ උත්තරයක් නොදී කුස්සියෙන් පිටවෙලා ගියා. කෙලින්ම එපා කිව්වෙ නෑ කියන්නෙ වැඩේ ශේප් වගේ..

      රෑ වෙලා අම්මා ඇවිත් දොර රෙද්ද ඇරගෙන කාමරේට එද්දි මං හිටියෙ පාඩම් කර කර.. උනන්දුව තියෙන්නෙ ඉගෙනගන්නමයි කියල ඔප්පු කරන්නත් එපැයි.

    අම්මා කිරි එකක් ගෙනත් මේසෙ උඩ තිබ්බා. ” මද්දු…. කවද්ද දැන් කොළඹ යන්නෙ? ඉස්කෝලෙ පටන්ගත්ත පස්සෙ ගමට ආවම ඉගෙනගන්න වැඩ ඔක්කොම ඇනහිටින්නෙ නැද්ද එතකොට? ”

     ” ඒ අයියා කුරුනෑගල අම්මා. මේ දවස්වල වැඩ පොඩ්ඩක් වැඩී ලු. ඉස්කෝලෙ පටන්ගද්දි එයා වීකෙන්ඩ්ස්වල ගෙදර එයි. මාස දෙක තුනක් විතරයි බෝර්ඩ් වෙලා ඉගෙනගන්න වෙන්නෙ ඉතින්.. ”

    ” අප්පච්චි හා කිව්වෙ… ”

” සිරාද? ”

   ” සිරා නෙවෙයි.. යන තැනක පරිස්සමට. මේක මහ භයානක කාලයක් මද්දු. ඔය කුඩුකාරයො අරුන් මුං කොළඹ පැත්තෙ වැහිවැහැල. ඒවට අඩුවෙලා කාලකන්නි වුනොත් ඉතින් මද්දු ම තමා විදවන්නෙ අපි එහෙම නෙවෙයි. ඒව කරල අප්පච්චි ඉස්සරහට එන්නත් බලාපොරොත්තු වෙන්න එපා. දන්නවනෙ අප්පොච්චා කවුද කියන්න? ”

   ” කුඩු.. ච්… පිස්සුද අම්මා. මං ඔය ජරාවට අහුවෙන්නෙ නෑ. අයියා පතුරුගහයි මාව. ඇරත් අයියත් මොරටුවෙ ඉන්නෙ. බයවෙන්න දෙයක් නෑ නෙ. ”

    ” හ්ම්.. කවද්ද දැන් යන්න හිතන් ඉන්නෙ? ”

  ” හෙට උදේ යන්නද? ”

මට තිබ්බෙ එච්චර තදියමක්. අම්මා මාව පපුවට තුරුල් කරගද්දිවත් මට කරන්නෙ වැරැද්දක් කියල හිතන්න තිබුනා. ඒත් ඒ ඇස්වලින් මං අන්ධ වෙලා හිටියෙ.

    ” තනියෙන් යන්න පුළුවන්ද? ”

” මං රඹුක්කනින් ට්‍රේන් එකේ නගින්නං.. ඒ අයියට පුළුවන් කිව්වා කොටුවෙන් මාව ගන්න. ”

     ” හ්ම්.. බඩු ටික ලෑස්ති කරගෙන නිදාගන්න එහෙනං. ඒ අයියා ක්ලාස් කරන්නැති දවස්වලට ගෙදර එන්න. ”

    ” හා.. ” මං නැගිටල අම්මගෙ කම්මුල ඉබලා ගිහින් රෙදි ටිකක් නැව්වෙ දැනටම ලොකු සූට්කේස් එකක් පැක් කරලා ඇද යට හංගල තියෙන බව නොපෙනෙන්න.

   මගෙ ජීවිතේ ඉක්මනට ඉවර වෙලා යන්න නියමිත බව නොදන්න ලස්සනම මාස කීපයක පටන්ගැන්මට මං ලෑස්ති වුණේ පුරවක හඳක් තරම් උනන්දුවකින්.

      ******

     ” ඉන්නමද ආවෙ? “

මගෙ සූට්කේස් එක අරගෙන ඒකෙ බරට කට කොනක් උස්සල හිනාවෙච්ච රූපෙ මනුස්සයෙක් කියල පිලිගන්න මට අමාරු වුණා.

    පොඩ්ඩක් නැවුණ තද, ඝන කලු පාට ස්ට්‍රේට් කොන්ඩෙ බෙල්ල මුලක් දිගයි. කොටසක් ඔලුව පිටිපස්සෙන් අල්ලල නවල ගැටගහල තිබුණා. ඊටවඩා කලුපාට රැවුල ගානට මිම්මට ට්‍රිම් කරලත් ඝනකමට තිබ්බා. කන් දෙකේම කරාබු… ඇහිබැමක් මැදින් ඉරක් කපලා.. කොන්ඩෙ පොඩ්ඩක් බ්ලොන්ඩ් කලර් කරල තිබුණා. ටැටූ එකක් කමිස අත අස්සෙන් පොඩ්ඩක් පහලට එනකල් තිබුණා. උස අඩි හය හමාරක්වත් ඇති.. පිටින් තිබුනෙ රස්තා පෙනුමක් වුනාට මූණ දැක්කම මට මතක් වුණේ හින්දු දෙවි කෙනෙක්.. නම නොදන්න.

    කිරි පාට හම මගෙ හමටත් වඩා සුදුයි. මං ඊටවඩා ටිකක් තලෙලුයි. ඒ තොල් රෝස පාටයි..

    සුදුපාට ටීශර්ට් එක අස්සෙන් මස් ගොබ කුට්ටි කුට්ටි වගේ හැඩේට පේනවා. සාමාන්‍ය මිනිස්සු මැද සුද්දෙක් වගේ උසමහත.. ඉන්දියන් ඇක්ට කෙනෙකුගෙ පෙනුම තිබ්බ දෙව්දුන් අයියා වෙනමම පෙනුනා.

    ඒ කඩවසම් පිරිමිකම ඉස්සරහ අවුරුදු දාසයක කැහැටු මං තෙමිච්ච බලුකුක්කෙක් වගේ පේන්න ඇති.

  යකෝ කවද්ද අපි හැදෙන්නෙ? තාම රැවුලත් හැතැප්ම්කට ගහයි.

    මං අඩි පහයි අගල් අටක් විතර උසයි. මං හිතාගෙන හිටියෙ මං උසයි කියල. මූ ඉස්සරහ හිටගත්තම උස ගැන ලොකුවට ඔලුවට අරන් ඉදපු මගෙ රෙදි ඉල්ලෛ..

    කොට උන්ව මෙන්ශන් කර කර ෆේස්බුක් එකේ ශෙයා කරපු මීම්ස් ටික ඩිලීට් කරල දාන්න එවෙලෙම මං හිතාගත්තා. ශිට්.. මූ ඒව දැකලනම් නෝන්ඩිය…?!

       මං රේල්වේ ස්ටේශන් එකේ දොරකඩ හිටගෙන මං ඉස්සරහ හිටගෙන ඉන්න දේව රූපෙ දිහා බලන් ඉදපු වෙලාව දිග වැඩිද මංදා. දෙව්දුන් අයියට උරිස්සෙන් අල්ලල හොල්ලන්න වුණා මාව මේ ලෝකෙට ගේන්න.

  ” ඒයි!.. යං. වෙලා යනවා..”

රතු වෙන්න ඌ හැරෙනකල් මගෙ කම්මුල් ඉවසන් ඉදියම මදැයි. ඌ මුලින්ම කරේ මගෙ සූට්කේස් එක එල්ලගෙන මාවත් ඇදගෙන හොටෙල් එකකට රිංගල මට තේ අරන් දීපු එක.

    ” ගෙදර බත් උයල තියල ආවෙ. බඩගිනි නෑ නෙ? ”

    ” ගෙදර? ” මුලින් මං කන්ෆියුස් වුනේ දැනටම ඒ මූණෙ ලස්සනෙන් මගෙ ඇස් ගලවගන්න බැරි වෙච්ච හින්දා වෙන්නැති. ඌ හිනාවුණා. ඒ හිනාව මාව තව පිස්සු වැට්ටුවා විතරයි.

      ” බෝඩිමට මං ගෙදර කියන්නෙ.. ඇයි? ඒකට බෝඩිමම කියන්න කියල නීතියක් තියෙනවද? ”

     ” බඩගිනි නෑ… ” මං කොකාකෝලා බෝතලෙන් උගුරක් බීල ශෝටීට්ස් වල ගම්බිරිස් සැර කැපුවෙ අයිස් විස උගුර බඩවැලම කූල් කරල පුච්චගෙන පහළට යන හැටි විදගෙන.

     දෙව්දුන් අයියා මොකුත් කෑවෙ නෑ. කොකාකෝලා එකක් අරන් බිව්වා විතරයි. මං කාපුවට මං සල්ලි දෙන්න හැරෙනකොට අයියා නැගිටල ගිහින් ගෙවලත් ඉවරයි.

   ” හැමදාම මේ කඩවල් ගානෙ රිංගන්න තියාගන්න එපා. මේ කඩේ පිරිසිදු හින්දා එක්ක ආවෙ. තමුසෙ දන්නෙ නෑ මෙහෙ කඩවල කුස්සිවල  ලස්සන. ”

     ” …… ” මං මොකුත් නොකිය ෆෝන් එක සාක්කුවෙන් ඇදල ගත්තා. මට කියන්න දෙයක් මතක් වුණෙත් නෑ. මං දන්නෑ.. මට අමුතු ලැජ්ජාවක් එක්ක අමුතුම ආරක්ෂාවක් වගේ හැඟීමක් දැනෙන්න අරන්.. කවුරුහරි මාව කිඩ්නැප් කරා.. ඒත් කිඩ්නැප් වෙලා ඉන්න මං ආසයි වගේ අමුතු කඩප්පුලි හැඟීමක්.. කිසිම තර්කානුකූලබවක් නැති.. නමක් නැති හැඟීමක්.

     දරුවා නැගිටල අඩන්න ගත්තම මට හීන ලෝකෙන් ඇස් අරින්න වුණා. මං වඩාගන්න ගියත්.. ඉබින්න ගියත් කොල්ලා නෙවෙයි ඉඩක් දුන්නෙ.

      ” අපත්ති තෙල්ලං කරන්න එන්නං කියලා… මාව දාල ගියා.. අපත්ති නෝටි.. ”

     ” එන්නකො.. අප්පච්චි ආය එනවා කිව්වා. අප්පච්චි නෝටි නෑ වස්තුව. තාත්ති නෝටි හින්දා අප්පච්චි ගියා. ”

    ” තාත්ති නෝටි.. “  කොල්ලා මගෙ අතත් කම්මුලෙන් තල්ලු කරා. ” තාත්ති නෝටී! ”

      ” තාත්ති කොනේ හිටගෙන ඉන්නං. මැනික ඊටපස්සෙ තාත්ති එක්ක යාලු වෙනවද? ”

    ” දවතක්ම ඉන්න! ” කොල්ලා කාමරේ කොනට ඇගිල්ල දික් කරා. කිසිම සමාවක් නෑ වාගෙ. මං ඇදෙන් බැහැල ගිහින් බිත්ති කොනේ මූණ ඔබාගෙන හිටගත්තම  කොල්ලා අඩන එක චුට්ටක් නතර කරා.

    අප්පච්චි පස්සෙන් යන්න නොදී අල්ලගත්ත තරහට මූ ඇදට වෙලා ඉදගෙන සෑහෙන වෙලා මට බැන්නා.

    ” කීන දේ අහනවනං… අපත්ති යන්නෑනෙ. අපත්ති කිව්වා මත… තාත්ති තූති කාලෙත් නෝටිලු.. ගාක බැදල දිමිගුතු දානවා ඔයාත මම! කවදාවත් කීන දේ ආන්නැ! අපත්ති ගිය හින්ද මතනෙ දුක.. ඔයාත නං.. දුක නෑ.. තාත්ති නලකයි.. ”

      කොල්ලා නොදන්නාකමට කියන ඒවටත් මට ඇඩුණා. මං හින්දා මුලු දවසම සතුටින් ඉදපු දරුවා හෙම්බත් වෙනකල් ඇඩුවා. පොඩි එකාගෙන් කෙසේවෙතත් මගෙන් සමාවක් නෑ මට.

      මං අඩනවා දැක්ක හින්දද මංදා කොල්ලා ඇදෙන් බැහැල ඇවිදින් මගෙ කලිසම් කකුලෙන් ඇද්දා.. ” ආය නෝති වෙන්නෙ නෑ.. අපත්ති තරා කරන්නෙ නෑ කියල පොමිස් වෙන්න? අදන්න හොද නෑ.. ආං ගෝනිඅත්තා එනවත් ඇහෙනවා.. ”

      මං බිත්තියට එහෙම්ම අත් දෙක තියලා හේත්තු වුණා.. අවුරුදු ගානක් තිස්සෙ නාඩා ඉදපු කදුලු වාංදොරටු කඩාගත්තම, කන්ට්‍රෝල් කරන එක ලේසි නෑ. බිත්තිය බදාගෙන හොටු පෙරාගෙන අඩන්න තරම් ආපහු මං තොදොල් බබෙක් කරලා අර මනුස්සයා මාව දාල ගියා.

    ” තාත්ති අදන්න එපා.. මොනල පැතියත දුකයිනේ.. ආය මොනල පැතියා බනින්නෑ… ”

කොල්ලා බදාගන්න මං දණිස් මත්තෙ වැටෙනකොට ඌ දුවල ගිහින් කුස්සියෙන් චොකලට් එකක් ගෙනල්ල මගෙ අතේ ගුලි කරා. ” ආයි මොනල පැතියා බනින්නෑ.. ”

  චූටි අතින් මගෙ කම්මුල් පිහදාල නලල ඉබපු පුංචි එකා හින්දා මං කදුලු වාවගෙන උගෙ චූටි පපුවට මගෙ මූණ ගහගත්තා.

     උදෙත් වෙලා.. අදත් වැඩට යන්න කියල මට හිතක් තිබුනෙම නෑ. දරුවා ඩේ කෙයා එකේ දාල යන එක මහ කරුමයක් වගේ දැනෙන්න ගත්තා.

     දරුවට අරන් දීපු දේවල් ඇරෙන්න අනිත් සේරම මං පරිස්සමට ඔතලා ආපහු පැකේජින්වලට දැම්මා. මට ඕන නෑ උගෙ ඒව. මාව එක බිංදුවක්  විශ්වාස කරේ නෑ… මට මොකටද උගෙ ලබ්බවල්?!

   රෙදි නැතුව හිටියත් උගෙ රෙද්දවල් අදින්නෙ නෑ මම..

    බඩගින්නෙ වේලිල මැරුණත් උගෙ බිස්කට් පැකට් එකක් කඩන්නෙ නෑ මම..

    මේ ඔක්කොම ආපහු පැක් කරල දෙව්දුන් ඉන්න තැනක් හොයල යවන්න මම තීරණය කරා. කෑව වගේ නෙවෙයි වමාරන්න වෙච්චහම..

     දරුවට කවලා ඇගපත සෝදවලා මමත් නාගත්තා.

     වෙලාව දහයට ඇති. මට වෙන මොකුත්ම කරන්න හිතුන්නෑ. මං දරුවා ඔඩොක්කුවේ තියාගෙන ඉස්තෝප්පුවෙ ඉදගෙන වැස්ස දිහා ඔහෙ බලාගෙන හිටියෙ සිතිවිලි කෙළවරක් නැතුව හිත අස්සෙ පැටලි පැටලි ගලාගෙන යන කුනු ඇලක් වගේ හිතක් එක්ක දොඩමලු වෙලා. හීතල හින්දා පොරවගත්ත බ්ලැන්කට් එක එක්කම කොල්ලා මගෙ ඇග උඩ නින්ද ගිහින් තිබුණා.

     වැස්ස අතරෙන් ගේ ඉස්සරහ නවත්තපු වාහනෙන් බැහැපු එකා ආවෙ කුනු ඇලට තව කුනුගොඩක් හලල යන්න වෙන්නැති.. මට සන්සාරෙම තිත්තයි. නැගිටල ගෙට ගිහින් දොර වහගෙන ඇදට ගොඩවුණේ ඒකයි මම.

නැවත හමුවෙමු

🤍🦢

මොනර පැටියා දෙව්දුන් වගේමයි කියල මතක් වුනාම….  කිසිම සමාවක් නෑ දැඩි දඩුවම් දීල තමා උම්මා දෙන්නෙ 🐦💙

  මටත් ඕන වැරැද්දක් කරාම අප්පව වුනත්  කෝන’ එකට යවන්න කොන්දක් තියෙන  දරුපැට්ටෙක් 🙃💙

අඩෝව් මට වැඩිපුර ලියවිලා අද 😭💔 අපරාදෙ හැබැයි  😔

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 16 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 16 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 16 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 16 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 16 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 16 | light novel, ,

Comment

Leave a Reply

Chapter 18