À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 21 |

A+ A-

      ” බබා.. “

” ම්ම්? “

      ” බාප්පිගෙ ෆෝන් එකේ වීඩියෝ ගේම්ස් තියෙනවද දන්නෑ නේහ්? “

     කොල්ලා එකට වද්ද වද්ද ඉදපු සෙල්ලං කෝච්චියයි.. නැට්ට දිග කිඹුලවයි ඇදගෙනම ඇවිත් ඇදට ගොඩ වුණේ මාර උනන්දුවකින්.

    මගෙ බෙල්ල අස්සෙ අත් යවලා මූණට ලං වෙච්ච තොල් චෙරි ගෙඩි වාගෙ.. මං කොල්ලගෙ තොල් මගෙ තොල්වලින් පෙක් කරලා මැනිකගෙ නළලෙ තිබ්බ දාඩිය අතින් පිහදැම්මා..

        කොල්ලා ජංගි කොටයක් පිටින් දවසම බිම ටයිල් උඩ ඉදගෙන ඉන්නෙ.. රස්නෙ ඇති. දාඩියට රෝද වාගෙ කෙස් තෙත් වෙලා නලලට ඇලිල තිබුණා.

    ” අනේ! ”

  ” ඇයී?…. ”

කට අතින් වහගෙන මූණ පුලුටු කරගෙන ඉන්න කොල්ලා මට රැව්ව තරම්..

    ” මගෙ පත් කිත් එක! ”

” ෆස්ට් කිස්?…. තමුසෙ ඉපදිච්ච දාසෙ ඉදන් තාත්ති තව්සෙගෙ කිස් ගන්නෙ.. ඒව තාත්තිගෙ විතරයි.. ”

     ” ඒ වුනාත!.. අදින් පත්තෙ පත් කිත් දෙන්නෙ තොල්මත් ත ඉතලයි! “

   ” සෝල්මේට්?… ”

මේ පුංචි එකාට මේ කුනුහරුප කතා කියා දීපු එකා මොකාද?! අනුමානයක් නෑ අර-

    ” ඔයා කෝමද ඕව දන්නෙ? “

” මේ තීවී එකක් කියල එකක් තීනවා. ඒක තෝක් තාත්ති! ගවුම් බබාල ගොඩාලියක් ඉන්නවා. ”

   ” ආය එකක්.. ”

” පත් කිත් දෙන්නෙ තොල්මත්ත විතලයි! ඔයා නෝති! නෝති හොරා! මයිත රාපත්තගෙ පුතෙද්ද ඔයා?! ”

     මහින්ද රාජ- මේ චූටි පකයා එක්ක දරුපැටියා තියල මට කොල්ලගෙ කට බැඳලවත් ගෙදරින් එලියට ගෙනියන්න වෙන්නෑ.

    හිනාවෙන්නද අඩන්නද නොතේරුම්කමේ මං කොල්ලව ඇදල අරන් පපුවට බදාගත්තා.

     ” මොනර පැටියා තාත්තිගෙ ලව් එකනෙ.. කාටවත් දෙන්නෑ. මොනර පැටියව ගෙනියන්න එන ඕ…න කෙනෙකුට මේ තාත්ති එක්ක සටන් කරලා තමා මොනර පැටියව ගෙනියන්න වෙන්නෙ.. ”

   ” ඒම බෑ!…. ”

” මොකද බැරි?! ආවදෙන්කො! ගහල එලවන්නෙ. දන්නෑ හංස තාත්තිගෙ හැටි.. ”

    ” ඒ වුනාත.. තාත්තිත අපත්ති ඉන්නවනෙ.. ”

    ” පැහිල වැඩී දැන් බොහොම.. ”

   ” ඉතින්!…. මතත් මොලල පැතියා කියල එක්කෙනෙකුයි.. අපත්ති කෙනෙකුයි ඕන..!! ”

     ” ආහ්.. අවුරුදු දහ අට වෙනකල් ෆස්ට් කිස් තහනම්.. තේරුණයි මොනර පැටියට? පටන්ගත්තා දැන්ම ඉදන්ම! ”

     ” බෑ මත තාත්තියෙක් වෙන්නෝන!.. ”

   ” දහ අටෙන් පස්සෙ “

” නෑ මත විත්තෙන් පත්තෙ තාත්තියෙක් වෙන්නෝන! ”

    ” විස්සෙන් පස්සෙ කමන්නෑ. ”

   ” බෑ මත විත්තෙන් පත්තෙ තාත්තියෙක් වෙන්නෝන!! ”

     ” විස්ස තියෙන්නෙ දහ අටට පස්සෙනෙ මගෙ මැටි මොනරො.. ”

     ” විත්ත දාතත කලින් වෙන්නෝන.. මත තාත්තියෙක් වෙන්නෝන! මත තාත්තියෙක් වෙන්නෝන වෙන්නෝන වෙන්නෝන!!  ”

   මදැයි මූ එක්ක father – son Conversation එකක් පටන්ගන්න හැදුවා.. අඩ අඩා ඇදෙන් බැහැල කාමරෙන් එලියට දුවනකොට කිඹුල් නැට්ට පෑගිල කොල්ලා දොර ළඟ වැටුනත් එක්ක..

   මට නැගිටගන්න අමාරු වුණත් දනිපනි ගහද්දි ලොකූ ඇවිත් දරුවව වඩාගත්තා.

      ” ඩොකුතාති මත තාත්තියක් වෙන්නෝන.. ”

  අයියා දරුවව නලවන්න හදනකොට ඌ ඕක කිව්වෙ.. ඒකටත් ලොකූ රැව්වෙ මට.

    ” ආහ්… ඒක විතරයි දැන් අඩු.. ”

     ” කෝමද තාතියක් වෙන්නෙ?.. තාත්ති කියාදෙන්නෙ නෑ තාති නෝති ම නෝති! ”

       ” තාත්ති ලොකුතාත්තිට කලින් ඔය එක්ස්පීරියන්ස් ගත්තෙ… හිමීට අහගන්නකො. යං. ලොකුඅම්මි කුක්කු හදල මගෙ පුතාට. ”

       ලොකූ පුතුපැටියගෙ ඔලුව ඉබින ගමන් කාමරෙන් එලියට ගියෙ මට රවාගෙන..

    ටිකකින් අක්කා චූටි අතේ මට තේ එවලා තිබුණා කේක් එක්ක.

     ” චූටි.. කෝ අම්මා? ”

” පොළට ගියා.. ඇයි කිරිබොන්නද?”

     ” පළ යන්න. ”

ඇත්තටම..

අවුරුදු ගාණක් මං අම්මා නැතුව හිටියා. ඒත් මේ ගේ ඇතුලෙදි කොයි වෙලෙත් මට අම්මගෙ කටහඩ හරි අහන් ඉන්න ඕන වුණා.. අම්මා නැතුවම මහ පාලුවක් දැනුණෙ..

  

     පොඩි එකා උගෙ සූප්පු බෝතලෙත් කටේ ගහගෙන එක අතකින් කේක් කෑල්ලක් අරන් ආය කාමරේට රිංගුවෙ මට රව රව..

   මුට දැන් ලොකුතාත්තිල ලොකුඅම්මිල සෙට් වෙලානෙ..

යමංකො බෝඩිමට.. ගනන් ගන්න හොද නෑ මේකලා සත පහකට.

    ” කුකුල් පැටියා.. කේක් කෑල්ලක් දෙනවකො… “

   ” මොලල පැතියා!! ”

   ” හරි හරි.. ඔච්චර කන්න හොද නෑ.. තටු හැලෙයි.. චුට්ටක් දෙනවකො.. ”

    චූටිගෙත් එසේමෙසේ පෙරේතකමක් නෙවෙයි තියෙන්නෙ.. මොනර පැටියා චූටිට රැව්වා. ඒත් කේක් කෑල්ලකුත් කඩලා දික් කරා..

       ” ඔයාගෙ වීතියෝ කේම් තියෙනවත?.. ”

     ” තියෙනවා තියෙනවා.. අනේ මේ.. ”

     ” මත දෙනවද?.. ”

     මොනර පැටියගෙ ඇස් ලොකු වෙලා ඌ චූටිගෙ කරේ එල්ලිලා මූණ ඉම්බ විදියට චූටිත් මායමට අහුවුණා..

    ” ආ.. ප්ලේ කරලා ගෙනත් දෙනවා ෆෝන් එක.. කෝල් ආවොත් ආන්ස කරන්නෙපා.. ”

      පුදුමයි.. මූ දුන්නා. ඕකෙ මොනවත් ඕන්නැති දේවල් නැතුව ඇති. ලොකූ ෆෝන් එක බලනවා මං ඊයෙත් දැක්කා.

   මං කරපු වැරදිත් තියල ලොකූ චූටිව සැක කරනවා දකිද්දි වෙලාවකට මට දුකත් හිතුනා.. චූටි පව්.. ඒත් ඉතින් මං වගේ කාලකන්නි වෙනවට වඩා ඒක හොදයි එක අතකට.

       මොනර පැටියා තමා මොනර පැටියා..

  බාරදෙන්න කලින් අසයින්මන්ට් එක තේරුම් ගත්තා..

   මං ගිහින් දොර ලොක් කරේ කොර ගහගෙන..

    ” මොනර පැටියා… ”

   ” … ඇයි තාත්ති? ”

    මං රහසින් කතා කරද්දි කොල්ලා උවමනාවෙන් වගේ ඇදට නැංගෙ ෆෝන් එකත් අරන්.. චූටි දාල දිල තිබුනෙ කැන්ඩි ක්‍රශ් ගේම් එකක්.

     ” ඔයාගෙ අප්පච්චිට ඔයා මතක් වෙනවා ඇති නේද? ”

    ” අපත්ති පවූ.. ”

   ” හ්ම්ම්ම්… ” මං හෙනම දුකෙන් වගේ කොල්ලා දිහා බැලුවෙ.. ” පව් නේන්නං.. ලොකුතාත්ති අප්පච්චිට මෙහෙ එන්න දෙන්නෑනෙ. ”

    ” අපි පාලත ගීන්.. බලලා එමුද? ”

   ” පාරෙ කොහෙද බබා.. එයා ඉන්නෙ ගොඩාක් ඈතනෙ… ”

   ” ආතෙනුත් එයා?.. ”

   ” ඔව් නෙ.. ”

   ” එතකොත මොලල පැතියත පාලුයිනෙ.. ”

     ” ම්ම්… මං කෝල් එකක් අරන් දෙන්නං.. කාටවත් කියන්න බෑ හැබැයි. මේක මොනර පැටියගෙයි.. හංස තාත්තිගෙයි රහසක්.. ”

    ” à·„à·Š.. හා.. හා.. ” කොල්ලා සද්දෙට හිනාවෙන්න ගත්තම මට බයත් හිතුනා.. එක අතකට මං ඕක කිව්ව එක හරිදත් මංදා.. මොනර පැටියා ඊලඟට ඕවරැක්ටින් දගලානා පාට් දෙනකොට ලොකූ නිකන්ම දැනගනීද දන්නෙත් නෑ..

  කමන්නෑ.. කෝල් එක අරන් දීල නිදි කරවනවා. එතකොට හීනෙන් දැකල කියල හිතයි කිව්වත්..

  

  මං හොදින් ඉන්නවා කියල හරි ඒ මනුස්සයට කියන්න තියෙනවනම්..

       මං මල්ලිගෙ ෆේස්බුක් ඇප් එකෙන් දෙව්දුන් අයියගෙ අකවුන්ට් එක සර්ච් කරලා.. ඉන්බොක්ස් එකට මැසේජ් එකක් දාල ඉක්මනට සේරම ඩිලීට් කරා.. search history  ඉදලා..

මොනර පැටියා බලාගෙන ඉදියෙ ඇස් අවුලගෙන… පව් අප්පා..

  මූ දෙව්දුන් දැකල දවස් කීයද.. මේ තරම් බැඳීමක්…?

   මොනර පැටියා කාටවත් ලේසියෙන් ලං වෙන්නෙ නෑ. ඒත් දෙව්දුන් අයියා දැක්ක වෙලේ ඉදලා එයාට සංසාරගත බැඳීමක් මතක් වුනා වගේ..

   

     මල්ලිගෙ ෆෝන් එකට කෝල් එකක් ආවෙ විනාඩි පහකට අඩුවෙන්..

  මං ආන්ස කරා…

    ” රත්තරං…. හංස ඔයා හොදින් නේද?.. කෝ දරුවා? ”

    ” මං හොදින් අයියෙ.. මොනර පැටියා මෙතන ඉන්නවා… ”

      ” අඩුද දැන්.. කාගෙද මේ නම්බ එක? ”

     ” මත කතා කලන්නෙ නෑ..! මොලල පැතියා තලහයි කියන්න!. ”

කොල්ලගෙ ඇස් රතු වීගෙන එද්දි මං ෆෝන් එක කොල්ලට දුන්නා..

    මල්ලිගෙ යාලුවො වගයක් ඇවිත් ක්‍රිකට් ගහන්න කියල එක්ක යනවා මං ජනේලෙන් දැක්කා. එලියෙ වැස්ස.. අද නිවාඩු දවස හින්දා අයියත් නිදාගන්නවා දවල්ට. මටයි මොනර පැටියටයි මාර පල්ලම..

     පැයක් විතර කොල්ලා කියවන දිහා මං බලාගෙන හිටියෙ හිතට අමුතුම සහනයක් දැනෙද්දි… මට කතා කරන්න ඕන ඒවත් අයියා මොනර පැටියට කියද්දි මං ස්පීකර් ඔන් කරගෙන අහන් හිටියා..

    මට කතා කරන්න ඕන නෑ.. මට ඕන වුනේ ඒ කටහඩ අහන් ඉන්න.

       මගෙ තුවාල වේදනාවත් දැනුන්නෑ වගේ ඒ පැය පුරාවට.. මොනර පැටියා අන්තිමට මට ෆෝන් එක දුන්නෙ අම්මා ඇවිත් අයිස්ක්‍රීම් කන්න අඩගහපු හින්දා..

   මං අන්තිමේදි අයියා එක්ක ටිකක් තනි වුණා..

    ” හංස… “

   ” ම්ම්.. ”

    ” අමාරුවක් නෑ නේද?… කවද්ද ආය කොළඹ එන්නෙ? ”

        ” කකුල හොදවුන ගමන් මං එනවා අයියෙ.. ”

    ” විහා මොකද… ඇගට කඩන් පනිනවා ඇති… “

    ” සේරම දන්නවා.. ”

මං ඇහුවෙ දැන දැනද ඒ වගේ කරේ නාහා…

   අදත් රන්ඩු අල්ලන්න හිත දුන්නෑ. රන්ඩු ඇල්ලුවා කියල ලැබෙන දේකුත් නෑ නෙ.

     ” හංස.. කම්පැනි එකෙන් ඔයාට වන්දි මුදලක් ලෑස්ති කරලා තියෙනවා. අකවුන්ට් එකක් තියෙනවද? ”

    ඒකත් ලොකුදෙයක්. මං දරුවා එක්ක ආය බෝඩිමට නොයා ගෙදර ඉන්නෙත් මට දරුවා බඩගින්නෙ තියන්න බැරිකමටමයි. අතපය කැඩුනත් කමන්නෑ දැන් මට නිදහසේ ඒව හදාගන්න පුළුවන්..

     ” අකවුන්ට් නං නෑ අයියෙ.. “

” කම’ශල් බෑන්ක් එකේ අකවුන්ට් එකක් හදාගෙන මට ඩීටේල්ස් එවන්නකො. ඔයාට මේක පරක්කු වෙන්න මම තියන්නෑ හංස.. ”

      ” කීයක් විතරද? “

ඇත්තම කිව්වොත් පනස්දාහක් වත් ලැබෙනව නං ලොකු දෙයක්. මාස කීයක් මට වැඩක් පලක් කරගන්න බැරි වෙයිද? ගෙදර නොගියත් දරුවගෙ බෙහෙත් ටිකත් ලොකූගෙන් හිගාකන්න මට බෑ. ලොකූ නොදී ඉන්නෑ. ඒත් මේ මං හදාගත්ත මගෙ දරුවනෙ..

     ” වන් මිලියන් වගේ හදල දෙන්න මං උපරිම බලනවා හංස.. ඔයා ඉන්නකො.. ”

    ” එච්චර?! ”

  ” තමුසෙගෙ ජීවිතේ ඊටවඩා වටිනවා. ආය මේ බිල්ඩින් එකේ වැඩට එන්නෙ නැතුව හංස මොකක් හරි බිස්නස් එකක් පටන්ගන්න මේ සල්ලි නාස්ති නොකර. දරුව තියාගෙන බිස්නස් එක කරගන්න සුදූට බැරි නෑනෙ.. ”

    ඇත්තටම.. ඒ අදහස ගැන හිතන්නවත් මං අතේ සල්ලි තිබුනෙ නෑ. හිතද්දි ඒක සුපිරි අයිඩියා එකක්..

   දරුව තියන් ශොප් එකේ ඉන්න මට බැරි නෑ. කකුල පොඩ්ඩක් හරිගිය ගමන් පටන්ගන්නත් පුළුවන්. අර තරම් නහින්න ඕනෙත් නෑ.

    ” මං ඒ ගැන හිතල තිබුන්නෑ. “

” තමුසෙට පුළුවන් සුදූ.. මං ඉන්නවනෙ ම්ම්.. ”

   එවෙලෙ ඉදලා මගෙ ඔලුවෙ වැඩ කරේම ශොප් එකක්…

මොනාද මං සෙල් කරන්නෙ?…

කොෆිශොප් එකක්?… මං හැදුවොත් කොෆී කටේ තියන්න බැරි වෙයිද?… ෆෝන් ඇක්සසරීස් වගේ නං ලොකු වියදමක් කරල පටන්ගන්න වෙනවා.. ක්ලෝදින් ස්ටෝ එකක්?..  බුක්ශොප් එකක්?..

   මංදා මට ඔය ඔක්කොම කරන්න හිතුනා…

   බුක් ශොප් එකක් හොදයි…

අන්තිමේට මං හිතුවෙ..

  පොතක් එක්ක තනිවෙන්න කවුද අකමැති..

මට දැන් වෙලාව නෑ.. ඒ කාලෙ මං පොත් කියවන්න මාර ආසයි… ඒ පුරුද්ද නැවැත්තුවෙ වියාරා..

     පොතක් අතට අරන් අඹ ගහක් යටට වුණ හැම වෙලේම වියාරා ඇවිදින් මගෙ ඔඩොක්කුවෙ ඉදගත්තා…

  පොත අරන් පැත්තකට විසි කරා..

මගෙ තොල් අල්ලගත්තා…

    ඊටපස්සෙ ඉතින් මටත් පොත මතක තිබුන්නෑ..

   දැන් ආපහු පොතක් අතට ගන්න තියෙනවා නං.. වියාරා ඔඩොක්කුවට ගන්නවට වඩා සැප මතකයක් ඒ පොත් එක්ක මගෙ හිතේ බැඳිල තිබුණා..

    ඒ පොත් සුවද මැද මුලු දවසම ගෙවල දාන්න.. චූටි මොනර පැටියට ඒ සුවද හුරු කරන්න මට ආස හිතුනා..

   මේ හුරතල් සිතිවිලි හිතට නැගෙන්නවත් නිදහසක් මෙච්චර කාලෙකට මගෙ හිතේ තිබිලා නෑ. මං වැඩ කලා… දාසයෙක් වගේ වැඩ කළා.. වියාරා නඩත්තු කළා.. ඊටපස්සෙ මොනර පැටියා මේ ලෝකෙට ආවා…

  ඒ ඔක්කොම අස්සෙ හිරවෙලා හුස්ම ගන්නත් අමතක වෙලා ඉදපු මට පොත්වල හීන් සුවද ආපහු මතක් වෙන්න ගත්තෙ.. මහ ශීත ඉර්තුවක් නිමා වෙලා හිම දියවෙලා පුංචි දිය කඩිති හැදිල ගලාගෙන යනකොට.. පොළෝ රසයට ඉර එලිය වැදිල ඒ තැන්පත් රහ විදින්න ඔලුව උස්සන.. හිම දිහත් ආයම හැරිල බලන ස්නෝඩ්‍රොප් මල් පූදින්නා වගේ..

     බුක් ශොප් එකක්..

මං ලොකු හුස්මක් අරගත්තා..

නැවත හමුවෙමු

🤍🦢

ජීවිතේට වසන්තය එන්න නම් හිම දියවෙන්න ම ඕන.. ඒත් වසන්තෙ නෙවේනෙ දෙව්දුනු ලු නෙ ඕන මුට 🥲💔

රන්දෝලිද මේකද ඇව්වම කලින් එකා කිව්වෙ මොකද්ද බලලා අනික කියන.. තොප වැනි වික්‍රමාන්විත සුචරිතවත් රත්ති බොන රීඩශිප් එකක් ලැබුනෙ මගෙ පෙර පිනකට වෙන්නැති 🥲💔

කමන්නෑ ඒකත් ලියනවා දැන්.. බැදගත්ත බෙර නෙ මෙව්වා..

ඒ දැන් දැක්කෙ මේක 10k වෙල 🥺🤍

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 21 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 21 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 21 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 21 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 21 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 21 | light novel, ,

Comment

Leave a Reply

Chapter 24