À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතරවැනි කොටහා

A+ A-

( වෝට් එකක් දාන්ම යන්න යාලූ ❤️🤗 )

අම්බෝ මන් හිතන්නේ…. මන් හිතන්නේ  මට එයා කැමති කියලා.

දෙයියනේ මේ වලව්වේ පොඩි හාමු මට කැමති වුනාට වැඩක් නෑ.   මයේ හිත දැනටමත් මල්ලි බබෙක් අවුරුදු කීපයකට කලින් හොරකම් කරලනේ තියෙන්නේ.  මේ නුවර කොහේ හරි මගේ මල්ලි බබා ඉන්නවා ඇති.

මොක නැතත් පොඩි බේබි මට වෙන කාමරයක් දුන්න නිසා හොදා. රෑ හත වෙනකොට ගෙදර වැඩ කරන අයත් එයාලට වෙන් කරලා තියෙන කෑම මේසෙට යන්න ඕනී. මාත් ඉතිං හත වෙනකොට කෑම මේසේ වාඩි වුණා. වලව්වේ වැඩ කරන අය හය හත් දෙනෙක්ම ඉන්නවා. ඒ ඔක්කොමලාම මේසේ වටවෙලා කයිය ගගහා කෑම කනවා. අද නම් කමනි නැන්දා හතුයි වට්ටක්කයි මැල්ලුමකුයි තමයි හදලා තිබ්බේ.

කමනි නැන්දා එක්කලා අස්පස් කරපු මන් මයේ කාමරේට යන්න හදද්දී පොඩ්ඩා මාව දැකලද කොහේදෝ දුවන් එනවා. මදැයි මන් නිදා ගන්න යන්න හැදුවා. පොඩ්ඩා ආපු ගමන් කරේ කකුල බදා ගත්ත එක. පුදුමයි මෙච්චර හුරතල් දග මල්ලට ලොකු ආරච්චි හාමු අනම් මනම් කියන එක. මගේ නම නිලූෂ වෙනකොට පොඩි එකාගේ නම නුරාද. දෙන්නගෙම නම් එකයි හරියට සහෝදරයෝ දෙන්නෙක්ගේ වගේ. මටම කියලා මෙව්වගෙ මල්ලි පැටියෙක් හිටිය නම් කියලා හිතෙනවා මේ පැටියා දකිනකොට. .

” පුතේ මන් හිතුවා චූටි බේබි ඔයත් එක්කලා ඉන්න ඇත්තේ කියලා. ආ මයෙන් පොඩි බේබි ඇහුවා පැටියා කොහෙද කියලා ”

” හරි නැන්දේ මන් පොඩි බේබිට පැටියා ගිහිල්ල දෙන්නම් ”

පැටියා දකිද්දී දෙන්නත් ලෝබයි. ඔන්න ඔහේ මයෙ කාමරේ ටිකක් වෙලා තියා ගෙන පස්සේ පොඩ්ඩව පොඩි බේබිට ගිහිල්ල දෙනවා.

අස් කරලා තිබ්බ මගෙ කාමරේ හැඩි කරලා දාන්න පොඩ්ඩට විනාඩි පහක් වත් ගියපු නැති තරම්. මට තිබ්බ චූටි කොලෝන් බෝතලෙත් ඇගේ හලා ගත්තා. කොහොම හරි දගල දගල හිටිය කොල්ලට නිදි මත හැදිලාද මන්දා මයෙ ඔක්කට පැනලා ඔලුව පපුවේ ගහා ගත්තා. සිනිදු කොන්ඩෙන් කොලෝන් සුවද වෑහෙනවා.

“  බා  බා  බා…. බා “ 

” ම් නි  දි  ම ත….. “  

කම්මුලට දැනුනු සීතලත් එක්ක එකපාරටම ඇස් ඇරපු මන් දැක්කේ නුරාද මයෙ මූණ බදන් කම්මුල් ඉඹිනවා.   අයි අයියෝ මට පැටියත් එක්කලාම ඇදේ නින්ද ගිහිල්ලනේ…..

හත් වලාමේ මට මට පැටියව ඊයේ රෑ බේබිට දෙන්නවත් බැරි වුණා. පහාමාරටත් කිට්ටුයි.

” අනේ චුටියෝ පැටියාගේ අප්පච්චි මාව අද ඩෙවල් කරයි. ම ම න් මොකද කරන්නේ ”

ඇදෙන් දඩි බිඩි ගාලා පැන්න මන් පැටියවත් උස්සන් බේබිගේ කාමරේ ළගට ගියත් ටිකක් බාගෙට වෙන්න ඇරලා දාලා තියෙන දොර ළග නැවතුනා.

ඒත් ඉතින් එතැන නැවතිලා තප්පර දෙක තුනක් වත් ගියෙ නෑ පැටියා මගේ අතින් බිමටත් පැනලා දිව්වා දොරත් අරන් කාමරේට. ඊයේ වෙච්ච සිද්දිය මතක් වෙලා කෙල තලියක් ඉබේටම වගේ ගිලුනා මට.

” ඔතැනට වෙලා බලන් ඉන්නැතුව ඇතුළට ආවා නම් ”

පැටියව වඩා ගත්ත පොඩි බේබි ඇතුලේ ඉදන් මට කතා කරද්දී ඊයේ මොකුත්ම වුන්නෑ වගේ ඇතුලට ගියා.

” මට ම් මේ රෑ නින් ”

” නුරාදව ගන්න කාමරේට එද්දී පැටියා ඔයාවත් බදන් නිදි නිසා මන් දෙන්නව ඇහැරෙව්වේ නෑ. කෝ කන්නාඩි දෙක ”

” ආ ඒ දෙක දා ගන්න අමතක වු නා “  තිබ්බ හදිස්සියට මට කන්නාඩි දෙකවත් දා ගන්න බැරි වුණා.

” නිලූෂට පුළුවන් ද පැටියගෙත් මූණ හෝදන්න. අද එයාවත් ස්කෝලේ අරන් යනවා ”

” හරි බේබි ”

පොඩි බේබියි චූටියයි ඉස්කෝලේ ගියත් හරි වලව්ව ආයේ පාලු වුණා. ලොකු ආරච්චි හාමු තේ වත්තේ වැඩට සුනිල් කියලා එක්කෙනෙක් අද උදේ එක්ක ආව නිසා මට එයත් එක්කම තේ වත්තේ වැඩට ගියත හැකි . මන් ඉතින් පරණ ඇදුමක් මාරු කරන් සුනිල් එක්ක තේ වත්තට ගියේ ලොකු කයියකුත් දා ගෙන.
සුනිලුත් මගෙ වයසම වගේ.

” සුනිල් මේ වලව්ව ළග පාතද ”

” වලව්වේ උයන කමනි නැන්දගේ අල්ලපු ගෙදර තමයි බන් අපි ඉන්ටේ “

” මරුනේ.  මේ ඒක නෙවෙයි කෝ අනේ වලව්වේ හාමිනේලා ටික. මන් ආවත් හරි තාම දැක්කේ නෑ. කමනි නන්දගෙන් වත් අහන්න බැරි වුණා. ”

” පොඩි බේබිගේ හාමිනේ නම් චූටි බේබි හම්බෙනකොටම අන්තරා වුණා. ලොකු හාමිනේ නම් පොඩි බේබිගේ අයියා එක්කලා ගොහින් ඉන්ටෙ ඕස්ට්‍රේලියාවේ. ”

” පොඩි බේබිට අයියා කෙනෙකුත් ඉන්නවද ”

” ඔව් වලව්වේ හිටියා ඕන් ඉස්සර. නිලූෂ කොහේද. මන් කලින් වලව්වේ ඔයා ඉන්ටවා දැකලා නෑ නොවැ ”

” ආ ම් මම මේ කොළඹ ඉදන් ආවේ රස්සාවක් හොයන් ”

ඇයි දන්නෑ මන් ගැන පොඩ්ඩක් වත් සුනිල්ට කියන්න හිතුන්නෑ මට.

කොහොම හරි මේ වෙද්දී අපි දෙන්නා වත්තට ආව නිසා ආයේ කතා කර ගන්න බැරි වුණා.

” කොල්ලෝ ආ මේ ටික උර කරහන් ”

ගුණේ මාමා මට අඩ ගැහුව නිසා මන් මාමාත් එක්කලා කඩලා තිබ්බ තේ කොළ උර කරලා තිබ්බා.

” ඒයි නිලූෂයෝ මාත් එක්කලා ගෙදර විගහට ගොහිල්ලා එමුකෝ ”

වැඩ ඉවර කරපු මන් ඒ ළග ගහක් යටින් වාඩි වෙලා හති ඇර ඇර ඉන්නකොට සුනිල් ගෙ කටහඩ ඇහුනා.

” යමන් කෝ එහෙනම්. ”

දැන් නම් අපි පොඩ්ඩක් වෙලා ඉන්න එකේ සුමනේලායේ දිහා ගියා. ම් එහෙනම් අරක තමයි කමනි නැන්දාගේ ගෙදර. පොඩි කටු මැටි පැලක් වුනාට මොකෝ ඒ ගෙදර හරි නිස්කලංකයි ලස්සනයි.  ඉස්සරහින්ම පොඩි එළවලු කොටුවකුත් දා ගෙන.

” මොකෝ උබ ගෙට එන්නැද්ද ”

” අ හා හරි. ඈ බන් අර ගෙදර දැන් කවුරුත් නැද්ද. පේන්නවත් නෑනේ ”

” මොකෝ නැත්තේ බන්.  මයෙ කෙල්ලයි  ඒ කෙල්ලගේ මල්ලියි ඉන්ටෙ. ”

” මොකක් ඔයා කමනි නැන්දගේ දුවත් එක්කද යාලූ වෙලා ඉන්නේ. මේ අල්ලපු වත්තෙම. “  

මේකා කිව්ව දේත් එක්ක ගැස්සුනු පාර තව පොඩ්ඩෙන් මයෙ කන්නාඩි දෙකත් බිම. අල්ලපු වත්තේ හින්දා දෙන්නා හොද හොද ජවුසන් නටනවා ඇති.

” අර මක්කැයි උබ ඔහොම බලන්නේ මයෙ දිහා. අපේ පවුල් දෙකම මනාපයි අපේ සම්බන්දෙට ”

සුනිල් එහෙම කියලා උණු වතුර බෝතලේට තේ වක් කරන්න කුස්සිය පැත්තට ගියා. හුලන් වදින්න කියලා ඉස්සරහට ගිය මන් දැක්කේ බයිසිකලයක් පැදන් ආපු කොල්ලෙක් අල්ලපු ගෙදර දිහාවට යනවා. අර කෙල්ලගේ මල්ලි වෙන්න ඇති.

” හරි බන් තේ එක ලෑස්ති. ඉක්මනින් යන් වත්තට. ලොකු හාමු මුලච්චි වුනොත් විනාසයි ”

” ම් හා හා යන් ”

මන් සුනිල් එක්ක යද්දී බයිසිකලෙන් ආපු කොල්ලා බැනියම පිටින් එළියේ දොරකඩ ළග ඉදන්     අපි යන දිහා බලන් හිටිය විදිහට ඒ කොල්ලව මන් දැක්කේ නිකම් එදා වැව රවුමේදී මාත් එක්ක වැටුණු කොල්ලා වගේ. මන් ආයේ පිටි පස්සත් හැරිලා බලද්දී ඒ කොල්ලා තාමත් මයෙ දිහාම බලන් හිටියා.

” ඒ මල්ලි ගිය සතියේ පිහියෙන් අත කපාගෙන ගොඩක් ලේ ගිහිල්ලා තිබ්බා.   අරුනි හවස වැඩ ඇරලා ගෙදර එද්දි මල්ලිගේ කාමරේ ලේ විලක් ලු.  කොල්ලා මැරෙන්නම තමයි ගිහිල්ල තිබ්බේ. වලව්වේ පොඩි බේබි තමයි කොල්ලව ඉස්පිරිතාලේ ගෙනහිල්ලා බෙහෙත් කරලා ආයේ එක්ක ආවේ. මේකා රෑ දෙගොඩ හරියේත් නැගිටන් ඉස්සර ඔහේ කුටු කුටු ගගා ඉන්නවා. දැන් නම් දොස්තර මහත්තයෙක් දුන්නු බෙහෙත් වලට පින් සිද්ද වෙන්න ඒකාට ටිකක් සුවයි ”

” ඇයි ඒකා මැරෙන්න ගිහිල්ල තියෙන්නේ ”

” අනේ මන්දා. කාටවත් ඒකා ඒ ගැන කියන්නෑ. හරි ගුප්ත මනුස්සයෙක්. ඕකා  ඉස්සර ඔහොම නෑ. දැන් තමයි ”

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඊයේ රෑ පුතාව හොයන් කුස්සියට යද්දී තමයි කමනි නැන්දා පොඩ්ඩා නිලූෂ ගෙ කාමරේ කිව්වේ. දොර ලොක් කරන් ඇති කියලා හිතුවත් නිකම්ම වහලා දාලා තියෙන දොර ඇරන් ගියපු මම දැක්කේ නිලූෂට ඇදේ ඉදගෙනම නින්ද ගිහින් කියලා. මයෙ පොඩ්ඩත් ඒ පපුවෙම ගුලිවෙලා කටත් ඇරන් හොදට නිදි . මන් එහෙන්ම නැවිලා නිලූෂ ව එහාට්ට කරලා දෙන්නවම වැහෙන්න ෂීට් එකත් පෙරෙව්වා.  එහෙන්ම ලයිට් එකත් ඕෆ් කරන් දොරත් තදේට වහලා මන් මයේ කාමරේට ගියා.

මන් නිදා ගත්තත් හරි පාන්දර හතරට විතර මගෙ ෆෝන් එක රින් වුණා. මොන හුයන්නක්ද මන්දා ශික් නිදා ගන්න දෙන්නැතුව හැමිනෙනවනේ ඉතින්. මන් නිදි මර ගාතේම ඉස්සුව පාර අපෙ අයියගේ කටහඩ ඇහුනා. ඒත් එයා කිව්ව දේත් එක්ක මගෙ අතින් ඉබේම ෆෝන් එකත් බිමටම වැටුනේ මටත් කිසිම දෙයක් හිතා ගන්න බැරිව යද්දී.

( අතීතයේ එක් දවසක් )

(කතාව මතක නැත්තම් මේ කොටස කියවන්න කලින් හැදින්වීම කියවලා ඉන්න ළමයි.  )

අයියා වැලමිටට අනිද්දී ෆෝන් එකේ සිහියෙන් හිටිය මන් අයියා පෙන්නපු පැත්තට ඇස් ගෙනිච්චත්         දැක්ක දෙයින් මන් ගැස්සිලා ගියා.   

” මොකෝ උබ ගැස්සුනේ. හිතුනේ නෑ නේද මෙයා කියලා ”

” ඒකනේ බන්. මන් කලින් ලාවට ලාවට වගේ කැම්පස් එකේදී දැකලා තියෙනවා ”

” කොහොමද එයා හොදයි නේ ”

” ගොඩක් හොදයි”

අපේ අයියා බදින්නේ වෙන කවුරුත් නෙවෙයි ලෝරා. එයාගේ ඇස් එක එල්ලේ මේ වෙනකම් අපෙ අයියා ළග තිබ්බත් ඊළග තප්පරේදී මයේ දිහාවට හැරුනා. ඒත් එතැන වුනේ මන් හිතපු දේට හාත් පසින්ම වෙනස් දෙයක්.

” ඒයි තේෂු මල්ලි නම් මාව දැකල ස්ප්‍රායිස් වෙලා නේ. ”

” කොල්ලා අද දන්නේ ”

………………

” මල්ලි බන් අපි අද එනවා. බාප්පලාගේ ගෙදර ගිහින් හෙට ඔහෙට එනවා ”

” අයියා විතරද එන්නේ ”

” නෑ නෑ බන් ඔක්කොමලාම එනවා ”

මදැයි අවුරුදු දෙකක් නිදහසේ හිටියා. මන් ඔහේ ඇදේ පෙරලි පෙරලි හිටියත් නින්ද අහලකවත් නොතිබ්බ තරම්. දොර ළග අඩි සද්දයක් ආව නිසා ඇදෙන් නැගිටලා බලද්දී පොඩ්ඩා වෙඩිල්ල වගේ මයෙ ළගට දුවන් ආවා.

” මයෙ රන්කදට අප්පච්චි නැතුව නින්ද ගියාද ආ මැණික “

” නා   නා… ”

” ම් කෝ අර ඔයාගේ හොර ගෙඩි අයියා ආ “  කොල්ලා මට ඇගිල්ල දික් කර කර දොර පෙන්නද්දී මේන් ඉන්නවා හොරා වගේ වෙන පැත්තක් බලාගෙන.

හවස වැඩ ඇරිලා එද්දී අප්පච්චි ඉන්නවා සෝමේ මාමාත් එක්කලා කතා කර කර. මන් පැටියවත් වඩන් ඇතුලට ගිහින් වොෂ් එකක් දා ගෙන කුස්සියට ගියා.

” මේ පොඩි බේබි හෙට ලොකු හාමිනේ එන නිසා වලව්වට තව බඩු ටිකක් ගෙනාවනම් හොදයි නේද ”

” ගුනේ එක්කලා හවසට යන්නම්කො නැන්දේ ”

” හරි බේබි ”

මන් එලියට එද්දී දැක්කේ නිලූෂ සුනිල් එක්කලා කතා කර කර වලව්වට එන විදිහ. මොක නැතත් පුදුම සිරික්කියක්‌ තමයි දැන් මුට තියෙන්නේ. සුනිල්ටත් ආයේ දෙයක් නැ ඌටම සෙට් වෙනම එකානේ. ඉදින්කෝ දෙන්නම් උබට වැඩක්. මන් හිතන්නේ මගෙ යට කලිසමේ ඉදලා අද ඇද ගත්ත කුණු රෙදි ටික ඇති ඇද උඩ.

” නිලූෂ මෙහෙ වරෙන් විජහට ”
මන් කෑ ගහලා කතා කරද්දී පව් ඒකා සුනිල්ටත් යන්නම් කියා ගෙන මගෙ දිහාට එනවා.

” ඇ ඇයි බේබි ”

” මගේ කාමරේ පැටියගෙයි මගෙයි රෙදි ටිකක් ඇති.  හෝදලා දාන්න ”

” හරි බේබි ”

මන් රෙදි හෝදන්න කියද්දී කොල්ලගෙ මූණත් එක්කලා මැලවිලා ගියේ බලන් ඉද්දීමයි.

” පැටියෝ නුරාද  නු රා ආ ආ ආ ද. අප්පච්චි එක්කලා ගමනක් යන්න එන්න “

මන් ඇතුලට වෙලා කෑ ගැහුවත් කොල්ලා නෙවෙයි මයෙ ළගට වත් ආවේ. දෙයියනේ මේ කොල්ලා නිලූෂ රෙදි හෝදන තැනට වත් වෙලා මෙලහකට ඇති නට නට. මන් එහෙන්ම ගියේ ළිද ළගට.   ම්    මන් හිතුවත් වගේ කොල්ලත් ඉන්නවා නිලූෂත් එක්කලා කෝලම් කර කර හොද හැටියට. දෙන්නට මන් ළගට එනවවත් පේන්නැති විදිහට බරටම රෙදි හෝදනවා.

” බු   හා ”

එක පාරටම ආපු සිතුවිල්ලත් එක්කලා දෙන්නව බය කරන්න හිතන් හයියෙන් කෑ ගහගෙන නිලූෂගේ ඇගට පැන්නත්
එක්කම නිලූෂ ත් කෑ ගහගෙනම යකඩ බාල්දියෙන් ඔලුවට පත බැවා විතරයි මතක මන් එහෙන්ම එතැන ඉන්නද වුණා.

             ………….

වෝට් කරාට ගොඩක් ගොඩක් ස්තුතියි. ❤️❤️🤗

ගිහිල්ල එන්නම් ❤️🤗🙂

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතරවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතරවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතරවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතරවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතරවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතරවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 5