À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අටවැනි කොටහා

A+ A-

පොඩි බේබි කාමරෙන් එලියට ගියත් හරි මන් තාම ඇදේ ඉදගෙනම වහලා දාපු දොර දිහා බලන් හිටියේ මට‍ කිසි දෙයක් තාම හිතා ගන්න බැරුව. මන් හිතන්නේ පොඩි බේබි මාව සෙල්ලමකට අරන් වගේ. නැති නම් උදේ පාන්දරම නැගිටන් නිදි විකාරෙන් වත් කියවනවද කවුද දන්නේ. එක්කෝ පොඩි බේබිට හාමිනේ කෙනෙක් නැති අඩුව මගෙන් ගන්න හදනවද්ද.  දැන් නම් මටත් ඔල්මෝරොන්දම් වගේ.  හරි සනීපෙට නිදන් ඉන්න චූටියා ට සද්දයක් බද්දයක් වත් ඇහෙන්නැතිවෙන්න ඇදෙන් බැස්ස මන් කමිසෙත් ඇදන් මූණ හෝදන්න ළිද ළගට ගියත් හරි පුදුමාකාර සීතලක් දැනුනේ. ඔක්තෝම්බර් මාසේ නිසා වෙනදට වඩා ටිකක් සීතයි.

” මේ කොල්ලෝ මෙහාට ආවා නම් ඩිංගිත්තකට ”

මන් ඇතුළට යන්න යද්දී ලොකු හාමු මට කතා කරපු නිසා මන් ආයේ එළියට ආවා.

” මෙතැන මේ මාසේ සල්ලි ටික කොල්ලෝ. ආ ඒක නෙවෙයි මේන්න උබට අරහෙන් ලිවුම් දහියක් ඇවිල්ලා තිබ්බා ඊයේ. දැන්ම ඕක කඩලා බැලුව නම් ”

ලොකු හාමුටත් මයෙ ලිව්වම මොකක්ද කියලා බලන්න තියෙන උවමනාව නිසා මයෙ සල්ලි ටික සාක්කුවට දාන් ඒක කඩලා බැලුවත් හරි හීනියට මෝදු වුනු කදුළු වලින් මයෙ දෙකම්මුල් තෙමිලා ගියේ වටපිටාව ගැනවත් සිහියක් නොවේද්දි. මන් යාළුවොත් එක්කලා නිකමට අයදුම් පත් දැම්මත් හරි මට‍ හිතුනෙම නෑ මෙහෙම එයි කියලා.

” කෝ දියන් කොල්ලෝ මටත් බලන්න ඕක ආදර හසුනක් නෙවෙයි නම්.  උබැහේ අඩන්න තරම් මොකක්ද බලමු තියෙන්නේ  හැබෑට ”

“  කොල්ලනේ ඉක්මන් කරහල්ලා විගහට. අරහෙන් වරැසාවක් එන්ට යන්ටේ “ 

සෝමේ මාමා කිව්වත් හරි ඈත කළු වලා පිරිලා ගිහිල්ලා. ටිකකට කලින් තේ කහට එකක් බිව්ව නිසා හොදයි ඉතින් මෙහෙම විජහට විජහට වැඩ කරන්න. මන් පැය ගානක ඉදන් නිර්මල තේ ගෙනෙයි ගෙනෙයි කියලා මග බලන් හිටියත් එයා නෙවෙයි අද තේ ගෙනාවේ එයාගේ අක්කා අරුනි.  අද මායි නිර්මලයි වෙනුවට නුග ගහ යට හිටියේ අරුනියි සුනිලුයි.    ඒ දෙන්නගේ ඉගි බිගි මන් දැක්කා කියන්නේ සෝමේ මාමාත් එව්වා නොදැක ඉන්න විදිහක් නෑ නේ. ඒ දෙන්නගේ සම්බන්දෙට මනාප නිසා වෙන්නැති ඔහොම සෝමේ මාමා කෑ ගහන්නැතුව ඉන්නේ.

“  මල්ලි මන් මේ ටික උස්සනකම් අර ටික උබ උර කරහන් ”

මන් ගැට ගැහුව තේ ගෝනි උස්සලා ගොඩ ගහන ගමන් ඉතිරි ගෝනි ටික අරූට උර කරන්න කිව්වා. මේ ටික ඉක්මනට ඉවර කර ගත්තා කියන්නේ වැස්සට කලින් අපිට වලව්වට ගියත හැකි. ඒත් එක්කලා මට මතක් වුනේම උදේ වුනු සිද්දිය.

” ල්  ලොකු හා මූ ම් මේ ”

” දියන් දියන් තෙපර බාන්නැතුව කොල්ලෝ ”

මයෙ අතින් ගත්ත ලිවුම ලොකු හාමු අරගෙන බැලුවත් හරි කලාතුරකින් ඇදෙන ලොකු හාමුගේ හිනාව ඒ මූණේ තිබ්බ විදිහට මට‍ තවත් පුදුම හිතුනා.

” උබ හරි දක්සයෙක් නොවැ කොල්ලෝ. කොළඹ ඉස්කෝලේ ගිය එකේ හොදට ඉගෙන ගෙන වගේ. මේ අපෙ කැම්පස් එක නොවැ ඇවිල්ලා තියෙන්නේ. බස් එකක ගෑටුවොත් නම් විනාඩි හතළිහක් විතර යයි ඕන්.  ”

“  ඔව් ලො කු හාමු ”

” මාත් තව සල්ලි ටිකක් වැඩියෙන් දෙන්නම්කෝ හෙට අනිද්දා දිහාට බඩු ටිකකුත් ගේන්න. මේ වලව්වේ වැඩ කරන කොල්ලෙක් හරි කමක් නැ කැම්පස් ගිහින් ලොකු මහත්තයෙක් වෙනවා නම්. මන් හරි මනාපයි ඒකට. මයෙ කොල්ලෝ දෙන්නත් කැම්පස් ගිහිල්ලනේ ඔය දැන් ලොකු ලොකු රස්සා කරන්නේ. මන් පොඩීටත් මේ ගැන උබැහේත් එක්කලා කතා කරන්න කියන්නම්කෝ ”

හොදයි ලො කු හාමු

” ඒයි මෙහාට දාහන් කොල්ලෝ කො කෝ
ඉක්මනට ”

මන් ආයේ මේ ලෝකෙට ආවේ මයේ ළග ඉදන් වැඩ කරපු සුනිල්ට සෝමේ මාමා කතා කරපු හඩින්. ඒත් එක්කලා වැඩ ටික ඉවර කර ගත්ත අපි වලව්වට එනකොටත් තුන පහුවෙලා තිබ්බා.

දැන් නම් හොදටම වැස්ස. එහෙන්මම කමිසේ ගලව ගත්ත මන් රෙදි ටික කුස්සියේ දර මඩුවේ ලී පුටුවක් උඩින් තියෙලා පහළ ළිද ළගට ගෑටුවේ නා ගන්න කියලා .  ඒ අස්සේ වැස්ස නිසා සරම ඇගටම ඇලිලා කකුලුත් පැටල වෙනවා.  මෙතැන වැඩිය පේන්නැති තැනක් නිසා හොදා. වැටුනත් කවුරු දකින්නද.  කොච්චර ගලේ ගැහුවාත් මදි මයෙ ඇදුම් වල හිටලා තියෙන කහට යවා ගන්න. සබන් කෑල්ලත් භාගේටම දිය වෙලා දැන් නම්.  මන් රෙදි කෑල්ල ගලේ අතුල්ල අතුල්ලා ඉද්දිම තවත් කමිසෙකුයි  කලිසමකුයි උඩින් පාත් වෙලා ආවත් හරි පිටිපස්ස බලද්දීයි දැක්කේ භාගෙට තෙමිච්ච පොඩි බේබීව. දැන් නම් මට‍ කේන්ති හොදටම. ඇයි යකෝ මන් ආවේ වලව්වේ තේ වත්තේ වැඩට මිසක් පොඩි බේබිගේ රෙදි අපුල්ලන්න කියලද.  ඉස්සරනම් ඉවසා දරාගෙන මුන්දැගේ ඔය වැඩ කරත් දැන් නම් මට‍ හරි කේන්ති යනවා ඔය වැඩ කරන්න.

” ඔන්න ඔහේ ඔය රෙදි කෑලි දෙකත් අතුල්ලලා ගන්නකො බන්. ඉදහන්කෝ වතුර බාල්දි ටිකක් වත් ඇදලා දෙන්න ”

” ඇයි පොඩි බේබි කාමරේ තියෙන වොෂ් රූම් එකට මොකද වුනේ ”

” ඒක හොදට තියෙන්නේ අර. අද මට‍ මේකෙන් නා ගනන් හිතුන නිසා ළගට එද්දියි නිලූෂ රෙදි හෝදනවා දැක්කේ ”

” හරි පොඩි බේ..  ඕ  දෙයියනේ “ 

පොඩි බේබිට අඩි දෙක තුනයි එන්න පුළුවන් වුනේ මයෙ අතින් විහික්කා වුනු සබන් කැටේටම අඩිය තියුනු බේබි හාමු වැටෙන්න යද්දී මන් බේබිව අල්ල ගන්න කියලා ගියත් තෙත සරම නිසා කකුල පැටලුනු පාර නොවැටි බේරුනේ අනු නවයෙන්.

” ආ ආ මයෙ ක කු ල ඌ…… “

තෙත සරම දණහියෙන් උඩට කරන් ගැටයක් ගහන් අඩියට දෙකට බේබිගේ ළගට ගිහිල්ල උස්සන්න හැදුවත් බේබි නෙවෙයි පොඩ්ඩක් වත් හෙලවුනේ. කකුලක් බදන් හිටියා මිසක්.

” කකුල උලුක්කු වෙලා වගේ බේබි ”

එහෙන්මම බේබි ගාවටම පාත් වෙලා කකුල පොඩ්ඩක් බලන්න කියලා කකුල ඇල්ලුවත් හරි බේබි ආයේ මරලතෝනි තියන්න පටන් ගත්තා.

” උලුක් වෙලා නෙවෙයි මිනිහෝ ම යෙ කකුල කැඩි ලා…. ම් à·„à·Š.. ”

වැස්ස නිසා සද්දේ ඇහෙන්නේ නෑ. නැත්තන් පොඩි බේබිගේ අප්පච්චිගෙන් මට‍ ආයේ කනේ පාරක් කන්න චෙනවා මේ උන්දැ කෑ ගහන කෑ ගැහිල්ලට. මන් එහෙන්ම පොඩි බේබි කෑ ගහද්දිම අත් දෙකට උස්ස ගත්තත් හරි මට‍ මෙලොව පොල් පෙනුනේ මුන්දැගේ බර කෙසේ වෙතත් මේ මනුස්සයා හයියෙන් මයෙ අත් ගොබයක් හපද්දී.     එහෙන්මම මන් ඉක්මනට ගලක් උඩට ආයේ අතැරියේ තව කොතන හරි හැපුවොත් කියන සාදාරන බයට.

” ආ යි මයෙ කොන්දත් කඩන්න ද ඒ පාර යන්නේ ආ ”

ඒ පාර ගල උඩ ඉදන් කොන්දත් අල්ලන් කෑ ගහනවා.

” ඉන්න පොඩි බේබි පොඩ්ඩක් කෑ ගහන්නැතුව කකුල උලුක් වෙලා විතරයි ඔය”

” එහෙමයි කියලා ඔහො ම කකුල මිරිකන්න එපා යෝධයෝ ”

” ආ හා සොරි ඉතින් ”

අපි දෙන්නගේ රෙදි ටිකත් හෝදපු මන් වතුර ඇද ඇද පොඩි බේබීව නාවද්දී බේබිත් බබා වගේ ඉන්නවා.

” ඇස් දෙක ලස්සනයි කන්නාඩි නැතුව. මට නම් මේ ඇහැ තවත් ලස්සනයි ”

ගල උඩ ඉදගෙන හිටපු බේබි එක පාරටම මගෙ අතකුත් අල්ලන් මාව එයා ළගට ඇදන් මයෙ වපර ඇහැ ළග අනිත් අත තියන් ඒක ගොඩක් ලස්සනයි ලූ.
එයා තව මොන මොනවදෝ කිව්වත් මන් බලන් හිටියේ බේබිගේ කළු බබා දිහා.  එයාගේ ඇස් වලින් පේන මයේම රූපේ දිහා.  ඒ  මූණ දිගේ බේරෙන වැහි වතුර බින්දු නොනවත්වම පහළට කඩන් වැටෙද්දී මගේ ඇසුත් ඒ ඇස් වලින් ටික ටික ටික ටික මිදිලා පහළට යන්න ගත්තත් හරි මට‍ මහා නොසන්සුන් හැගීමක් ආවත් ඒක තප්පර ගානකට විතරක් සීමා වුනේ අපි දෙන්නම බාල්දියක් බිම වැටුනු සද්දෙට ගැස්සුනු පාර.

” ම් මේ චූටි බාප් පි ඇයි ඔයගොල්ලෝ ඔහොම ”

මන් දෙයියනේ මෙතැනම ගිනි ගන්නවා වගේ. මොකද මේ නිර්මාල් මෙහේ ඇවිල්ලා තියෙන්නේ. ඒකත් මේ දෙනුවන් එක්කලා නා ගන්න මෙතැන.
ඒ අස්සේ නිර්මාලුත් ඇස් ලොකු කරන් දෙනුවන්ට පිටි පස්සේ ඉදන් මේ පැත්ත බලන් ඉන්නවා. වැරදි විදිහට නම් හිතන්න එපා මල්ලී.. ඒත් ඒත් ඇයි මෙයා දෙනුවන් එක්ක.

” මේ පු “

” ඇයි නිර්මාල් මේ වැස්සේ ළිද ළගට ආවේ. අනික මේ දෙනුවන් බේබි එක්කලා විතරක්ම.   ”

පොඩි බේබිට කලින් මයේ කට නලියෑවා  එක එලලේම නිර්මාල් දිහා බලන්.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
..
.
.

ඇත්තටම මයෙ කකුල පොඩ්ඩක් පොඩ්ඩක් විතර උලුක් වුනත්   චුට්ටක්ම චුට්ටක් රිදුනු නිසා මහා හයියෙන් මන් කෑ ගැහුවේ මොනා නැත්තත් මෙතැන නිලූෂ ඉන්න නිසා .  මන් කකුලත් බදන් කෑ ගහද්දි මේ කොල්ලා මාව උස්සලා අත් දෙකට ගත්ත පාර ක්ෂණික ආපු හිතුවිල්ලක් නිසා එයාගේ අත් ගොබයක් හයියෙන් හැපුවේ දත් ඇන්ද අත් ගොබේ හිටින්නමයි.

ඒ පාර එයා ගල උඩට අත ඇරියත් හරි කොන්ද අල්ලන් කෑ ගැහුවේ ඇත්තටම මට දැන් නම් හොදටම රිදුනු නිසා.

” ඉන්න පොඩි බේබි පොඩ්ඩක් කෑ ගහන්නැත කකුල උලුක් වෙලා විතරයි ඔය ”

එහෙම කියලා මේ මනුස්සයා හරියටම මයෙ කකුල උලුක් වෙච්ච තැන මිරිකුවත් හරි මට කෑ ගැස්සුනා අයෙමත්. එක්කෝ මෙයා මේ හිතලම මට‍ රිද්දනවා වගේ.

” ආ හා සොරි ඉතින් ”

දැන් ඉතින් මූණට එබිලා සොරි කිය කිය කින්ඩි දානවා.  මාව ගල උඩ ඉන්දපු එයා ආයෙම වැස්සේම අපි දෙන්නගේ රෙදි හෝදන දිහා මන් බලන් හිටියේ කියා ගන්න නොතේරෙන හැගීම් ගොන්නක් හිතේ හිර කරගෙනයි.  ඉස්සර ඉහේ කෙස් ගානට ගෑණු හිටිය මට පුදුමයි පිරිමියෙකුට හිත ගිහිල්ලා කියලා හිතෙනකොට . 

දණහිය ළගට වෙනකම් ගැට ගහන් තියෙන කළු සරම ඇගටම ඇලිලා හොදටම. මටත් වඩා ඒ කකුල් වල රෝම තියෙනවා වගේ. ළිදෙන් ඇදලා ගත්තු වතුර බාල්දි එක දෙක මයෙ ඇගට වක් කරද්දී මන් බිම බලා ගෙන හිටියේ මගෙ ඇස් ඒ මූණ පුරා දුවන නිසා. ඒත් එයා ආයේ වතුර බාල්දියක් ගන්න යද්දීම මන් එයාගේ අතෙන් ඇදලා මා ගාවට ගත්තත් හරි මයෙ අනිත් අත එයාගේ වපර ඇහැ තියෙන පැත්තට ගියේ එයාගේ ඇස් මයෙ ඇස් එක්කලා පැටලෙද්දී. කන්නාඩි නැති ඒ ඇස් දෙක හරි ලස්සනයි. මගෙ කටිනුත් ඒ වචන ටික පිට වෙද්දී එයාගේ ඇස් නොසන්සුන් වුනේ මන් ඒ ඇස් දිහා බලන් ඉද්දැද්දීමයි.   මේ ගෙවෙන මොහොත තුළ මන් මේ විදින හැගුම් මීට කලින් මන් මේ විදිහට නොවිදලා තියෙන බව මට‍ තේරෙන්නෙත් මේ තප්පර කීපය තුළ .  ඒකත් මේ මන් ඉස්සරහා මන් දිහා බලන් ඉන්න පිරිමි ආත්මය නිසා. ඒත් එක පාරටම බාල්දියක් පෙරලුනු හඩ නිසා මන් ගැස්සිලා බලද්දීයි දැක්කේ අපි දිහා බලන් ඉන්න දෙනුවනුයි, දෙනුවන්ගේ පිටිපස්සේ ඉන්න චූටියි.

නාගෙන ඉවර වුනු නිලූෂ මාවත් වත්තම් කරගෙන දර මඩුවේ තිබ්බ අපෙ ඇදුනුත් ඇදන් මයෙ කාමරේට ආවත් හරි ඉස්සෙල්ල දැක්කේ නැති කලබලයක් දැන් එයාගෙන් පේනවා. අනික ඇයි මෙයා චූටි ට අරෙහෙම කිව්වේ.

” ඔයා කොහොමද නිර්මලව දන්නේ. එදා ඔයා වලව්වේ වැඩට ආවත් හරි එයා අදනේ මෙහෙට ආවේ ”

” මන් සුනිල් එක්කලා එහෙ ගිහිල්ල තියෙනවා බේබි ”

” ම් “

මගේ කකුල ටික වෙලාවක් බලපු එයා නැගිටලා ගියත් හරි ටික වෙලාවකින් දෙව්මියි නුරාදයි ආවා. දැන් නම් ඉතින් මයෙ කන් දෙකට දෙයියන්ගේම පිහිටයි.

” මොකද පොඩී නොන්ඩි ගහන්නේ ආ ”

මන් රෑ කෑම මේසෙට ආවත් හරි අම්මා ගත් කටටම ඇහුවෙත් ඒක.  අප්පච්චියි අයියයිත් මන් දිහා බලන් ඉන්නේ මන් උත්තර දෙනකම්.

” වැටුනා අම්මා “ 

බත් බෙදා ගත්ත මන් පොලොස් කෑල්ලක් බත් පිගානේට දාලා පුතාට බිත්තර කෑල්ලක්‌ කවන්න පටන් ගත්තේ අම්මා දිහාටත් බැල්මක් දාලා.

” කොහේද දෙයියනේ වැටුනේ. තුවාලද පුතා.  දෙය්යනේ මහත්තයෝ මට‍ පුතා වැටෙන සද්දයක් වත් මට‍ ඇහුන්නෑ. ”

” නැ නෑ අම්මේ මේ නාද්දී වැටුනේ ”

” අනේ මන්දා බබා උබලා අප්පලා වෙලත් තාම පොඩි එවුන් වගේ ”

” ඒකනේ ඒකනේ ආච්චි ”

මේ මොකද මේ දෙනුවන් මයෙ දිහා බලන් කට කොනින් හිනා වෙන්නේ.

” ආච්චි චූටි බාප්පිට කුමාරි හාමි කෙනෙක් බැලුවේ නැද්ද ”

” ක්‌ හැ කැහැ à·€ තු…. “  

දෙනුවන්ගේ කතාවත් එක්කලා මට කැස්සකුත් ආපු පාර දෙව්මිට මන් වතුර එක ඇගිල්ලෙන් පෙන්නුවා.

” මොනාද  අයියේ තමුසේ කියන කතා ”

” ඇයි තමුසේ බාප්පිට කුමාරි හාමි කෙනෙක් ගෙනල්ලා දෙන්නද ”

” මේ අයියේ තමුසේ නිර්….. ”

” මේ දෙව්.. ”

” නවත්තගනිල්ලා දෙන්නගේ කියවිල්ල. මේක හරි කෙලියක් වුනා නේ  බත් කටක් නිදහසේ උගුරට දා ගන්න බැ උබලා දෙන්නගේ කියවිල්ල නිසා ”

ඇති යන්තම් අයියා කෑ ගැහුවෙ. නැත්තම් ආයේ අපෙ අම්මා නුරාදටත් බැන බැන කුමාරි හාමිනේලා ගැන කියවන්න පටන් ගනී.

මන් පැටියාව කරේ තියන් ඉස්සරහට වෙලා ඇවිද ඇවිද ඉද්දි අප්පච්චි ඇවිල්ලා වේ වැල් පුටුවේ ඉද ගත්තේ මාත් එක්කලා කතාවකට මුර පුරන්න වගේ.

” පොඩි…..        නිලූෂ කොල්ලාට පේරාදෙණිය කැම්පස් එක ඇවිල්ලා ඕන්. ඊයේ හවස තමයි කොල්ලගේ අනාත නිවසෙන් එව්ව ලිව්ම කඩදාහිය හම්බුනේ.  අද උදේ තමයි එයාගේ සල්ලිත් එක්කලා දුන්නේ මන් . ඒ ගැන ටිකක් බලහන් කොල්ලෝ. මන් එයාට ආයේ සල්ලි ටිකකුත් දෙන්නම්කෝ බඩු ටිකක් ගන්න ”

” කොල්ලා හෙන දක්ෂයි නේ අප්පච්චි ”

ඇත්තටම මට ගොඩක් සතුටුයි.    මේ ගැන මට‍ නිලූෂ කිව්වේ වත් නෑ. ඉදින්කෝ කොල්ලව අල්ල ගන්න මන්.

” ඒකනේ පුතා.   තේ වත්තේ වැඩට කවුරු හරි වෙන කෙනෙක් දම්මන්න හරි පුළුවන්.  මේ කොල්ලට හොදට ඉගැන්නුවා නම් හරි. අම්මා අප්පා නැති කොල්ලා කොහොම හරි හොද රස්සාවක් කරන් ලොකු මහත්තයෙක් වුනොත් එයාටමනේ  හොද. ”

අපේ අප්පච්චි එහෙම නිලූෂ ගැන හිතන එක අවුලක්‌ නෑ. ඒත් මට ඒක ගැන පොඩි අමුත්තක් දැනෙනවා. කෝකටත් මන් හිතනවා වැඩීද මන්දා.

එහෙන්ම අප්පච්චිට යන්නම් කියලා පුතත් එක්කලා ආවේ නිලූෂගේ කාමරේ ළගට. ඒත් එක්කම දොර ඇරපු මන් දැක්කේ ජනේලේ ළග තිබ්බ පුටුවේ වාඩි වෙලා ඈත බලන් ඔහේ කල්පනා කර කර ඉන්න නිලූෂව.

“  ආ යා ”

” න් නුරා ද “ 

මයෙ මැණික කෑ ගැහුවාට පස්සේ තමයි නිලූෂ දන්නේ අපි ආවා කියලා. එයා පුටුවෙන්  නැගිටලා නුරාදට හිනා වෙවීම අපි ළගට එද්දී පොඩ්ඩව ඇදෙන් තියපු මන් අඩියට දෙකට එයා ළගට ගිහින් එයාව බදා ගත්තේ එයාවත් ගැස්සිලා යද්දී . මට සතුටුයි. ඒක කියා ගන්න බැරි තරම් සතුටුයි.  ඒත් ඒත් මන් ගැස්සිලා ගියේ මන් නොහිතපු වෙලාවක බලා පොරොත්තු නොවන විදිහට එයාගෙන් වැළද ගැනීමක් මට ලැබුනු නිසා. ඒත් එක්කලාම මයෙ චූටියත් දුවගෙන දුවගෙන ඇවිල්ලා අපි දෙන්නව ඇබ්බිති අත් වලින් බදා ගත්තේ මට‍ මහා ලෝභ හැගීමක් එද්දී.

” කොල්ලෝ මට උබ ගැන සතුටුයි නොසෑහෙන්න. උබ කොහොම හරි මේ ඉන්න තැනින් උඩට ගිහිල්ල උබේම කියලා හොද ජීවිතයක් හදා ගනින්. උබටම කියලා හරි ලස්සන පවුලක් හදා ගනින්. අපි උබට ඕනීම උදව්වක් කරන්නම් නිලූෂ.  මෙතනින් පස්සේ ඔයාට ඔයාගෙම කියලා ලෝකයක් හදා ගන්න. “ 

පොඩ්ඩව වඩාගෙනම ඇද උඩින් වාඩි වුනු මන් එහෙම කියද්දී කොල්ලා මා දිහාම බලන් හිටියේ දිලිසෙන ඇස් වලින්.

” ස්තුති ප් පොඩි බේබි ”

” උබට වලව්වේ ඉදන්ම කැම්පස් එකට යන්න පුළුවන්. මාත් එක්ක යමු ඕනී කරන බඩු ටිකක් එහෙම ගන්න. ”

” ප් පො ඩි  බේ බි ”

” මොකෝ කොල්ලෝ “ 

ඇයි මෙච්චර සතුටු හිතෙන මොහොතක මේ කොල්ලාගේ ඇස් යාන්තමට තෙත් වෙලා තියෙන්නේ. සතුටටද දන්නෑ ඉතින්. තප්පර ගානක් මයෙ දිහායි මගෙ ඔක්කෙ ඉදන් නිදි කිර කිර ඉන්න පොඩ්ඩා දිහයි බලන් හිටිය නිලූෂ අපි දෙන්නව ආයේ තුරුලු කර ගත්තේ තප්පර ගානක් නිහඩම ඉද්දැදදී.

      

                 …………….

ගිහිල්ලා එන්නම් යාලූලා ❤️🤗

බුදුසරණයි 🙏🙏

වෝට් එකකුත් දාගෙනම අදහසකුත් කියාගෙනම යන්න යාලූ 🤗🤗💞

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අටවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අටවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අටවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අටවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අටවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අටවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 9