À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) නමවැනි කොටහා

A+ A-

” චූටි තාත්ති…. චූටි තාත්තියෝ ”

” ම් “

” ඇවිදින්න යමු ”

” මට‍ වැඩ දරුවෝ ”

” බාප්පි මටත් කම්මැලි මේ වලව්වේ ඇතුළෙම ඉදලා ”

දෙනුවනුයි දෙව්මියි නම් ඇවිදින්න යන් කියයි. පොඩි බේබි එපැයි පහුවෙනිදා එළි වෙනකම් පස්ස කැඩිච්ච කඩියා වගේ ඉස්කෝලේ වැඩ කරන්න.

” ඔන්න ඔහේ මේ දෙන්නව වැව රවුමට එක්ක යන්න පොඩී. ආවත් හරි ඔයා මේ දෙන්නව කොහෙවත් එක්ක ගියෙත් නෑ නේ පුතේ ”

ඊලගට මගෙ ඇස් ගියේ රෙද්දක් මහා මහා ඉන්න ළමයිගේ පැත්තට කතා කරන ලොකු මැණිකේ දිහාට. සෙනසුරාදා තේ වත්තේ වැඩ කරන හැමෝටම නිවාඩු නිසා මටත් නිවාඩු. මන් එළියේ පඩිය උඩට වෙලා කමනි නැන්දා දුන්නු බැදපු කොල්ලු වල පොතු අරිද්දි පොඩි බේබි ඒ හරියෙම තියෙන වේ වැල් පුටුවේ ඉදන් ළමයින්ගේ පොත් බලනවා. නුරාද මිදුලේ එයාගේ චූටි සයිකලේ පදිනවා දෙනුවන් එක්කලා .

” ම් තුනට විතර ලෑස්ති වෙලා ඉන්න ”

පොඩි බේබි එහෙම කිව්වත් හරි දෙව්මි දුවගෙන ඇවිල්ලා බේබිගේ ඇගට පැන්නේ ලොකු මැණිකෙත් දෙව්මිට කෑ ගහද්දි.

” ඔහොමද හැදෙන වැඩෙන ගෑන් ළමයි හැසිරෙන්නේ ආ පොඩි බබාලා වගේනේ අපේ ලොකු හදලා තියෙන්නේ ”

” අයියෝ අම්මේ මෙයාලා කොහොම ලොකු වුනත් මට තාම පොඩි උන් තමයි මෙයාලා. ”

” ඒකනේ චූටි තාත්ති “

කොල්ලු ටික සුද්ද කරලා ඉවර වුනු මන් ඒකත් අරන් කමනි නැන්දා හොයන් කුස්සියට ගියේ කෝපි එකක් බොන්නත් එක්ක.

” උබ ඔක්කොම සුද්ද කරලත් ඉවර ද කොල්ලෝ ඈ “

” ඔව් නැන්දේ.. ආ නැන්දේ කෝපි එකක් මට‍ හදලා දෙනවද ”

” නැන්දේ මටත් කෝපි එකක්. ”

මේන්න පොඩි බේබිත් කුස්සියට ඇවිල්ලා මන් කෝපි ඉල්ලුවට පස්සේ එයත් කෝපි ඉල්ලනවා.

” බේබි ඉස්සරහට වෙලා ඉන්නකෝ. මන් විජහට හදලා මේ කොල්ලා අතේ බේබිට එවන්නම්කො ”

” හරි නැන්දේ. එහෙනම් මන් කාමරේට යනවා. නිලූෂ මයෙ කෝපි එක කාමරේට ගෙනල්ලා දෙන්න”

මන් මොකුත් කියන්නත් කලින් බේබි එතැනින් ගිහිල්ලත් ඉවරයි. මන් පෝරනුව ළගට ගිහිල්ල දර කෑලි ටිකක් එහා මෙහා කරලා ලිපට පිබිද්දි නම් කෙතලෙන් හෝස් ගාලා සද්දේ ඇහෙනවා.

” ඈ කොල්ලෝ මෙහාට මෙහාට පොඩ්ඩක් පාත් වුනා නම්. ඔලුවෙත් එක්කලා අලු නේ කොල්ලෝ උබේ ”

මන් දෙකට තුනට නැමී ගෙන භාගෙට නිවිලා තිබ්බ ලිපට පිබලා ටිකක් එහාට මෙහාට වෙවී ඉද්දි කමනි නැන්දා ඇවිල්ලා මයෙ ඔලුවත් පාත් කරන් ඔලුව පිහන්න ගත්තේ මොන මොනවදෝ කියව කියව.

” උබ මේ බලහන් ඉතින් ඔලුවේ ඉදන් අලු නාගෙන ”

” හරි හරි ඉතින් ඒවා පිහන්න නැන්දා ඉන්නවනේ ”

කමනි නැන්දා හදපු කෝපි කෝප්ප දෙකයි හැලප දීසියයි අරන් මන් පොඩි බේබි ගේ කාමරේට යද්දී කකුල් දෙකත් ලී මේසේ උඩින් තියන් පොඩි බේබි පොතක් කියව කියව ඉන්නවා.

” මොකෝ පරක්කු ”
මේක හරි කෙලියක් වුනා නේ. මාව රොබෝ කෙනෙක් වගේ පේනවද මන්දා.

” නැන්දා කෝපි එක හදලා ඉවර වුනු වෙලාවට තමයි බේබි මන් ගෙනාවේ ”

මන් කෝපි කෝප්ප දෙකයි හැලප දීසියයි මේසෙන් තියෙලා ජනේලේ ළගට ගිහිල්ලා ඈත බලන් ඉන්නකොටයි දැක්කේ මෙතෙන්ට ළිද හරිය නම් ලාවට පේනවා කියලා. මොනා නැතත් ඒ හරියේ තියෙන ලොකු කෙසෙල් ගස් නම් හරි සරුවට හැදිලා.

” ම් මේ නිලූෂ අපේ ඉස්කෝලේන් මේ සතියේ බදාදා යාපනේ යනවා. ඔයත් යන් මා එක්ක ”

” වත්තේ වැඩ තියෙනවා බේබි “

” ඉතින් මන් අප්පච්චිට කියන්නම් ඔයාව මන් ගෙනියනවා කියලා ”

ඒ ලෙවෙල් ඉවර වෙලා නුවර ට්‍රිප් එකක් ආවාට පස්සේ ආයේ මට‍ කොහෙවත් යන්න බැරි වුනා. යාපනේ ගිහිල්ලා ත් නැති එකේ පොඩි බේබි එක්කලා යනවා. ඔන්න ඔහේ මන් අතේ සල්ලිත් තියෙනවනේ.

” මන් එන්නම් බේබි ”

මන් එන්නම් කියද්දී කෝපි එක තොල ගගා හිටපු බේබි හිනා වෙලා ඔලුව හෙල්ලුවා පොඩි ළමයෙක් වගේ .

” තුන වෙද්දී ලෑස්ති වෙලා ඉන්න ගමනක්‌ යන්න . අපි එක්කලා ඔයත් යමු. රෑටත් එහෙන් කාලාම එන්න බැරියෑ. ”

” කකුල කොහොමද ”

” කකුල නම් හොදයි නිලූෂ ඒත් ”

” ඒත් මොකක්ද ”

” එදා ඔයා මාව ගලට අත ඇරිය පාර කොන්ද ඇදුම් දෙනවා මයෙ. නුරාදව කරේ තියන් නිදි කරන්නත් අමාරුයි කොන්ද රිදෙනවා ”

පොඩි බේබි එහෙම කිව්වත් හරි මට‍ දැනුයි මතක් වුනේ බේබි මයෙ අත් ගොබේ හපපු විදිහ. මන් එතැන බලනකොටත් දත් පාර ලාවට හිටලා.

” ආ ඕක වගේ නෙවෙයි නිලූෂ කොන්දෙ කැක්කුම. කබඩ් එකේ උඩ තියෙන බෙහෙත් තෙල් එක අරන් ගාන්නකෝ බන් ”

” බේබි මන් බෙහෙත් තෙල් ගාන්නම්. හැබැයි මයෙ බේබි හැපුවත් හරි මුලු අතම රිදෙනවා. ඒ අතට ඉස්සෙල්ලාම තෙල් ටිකක් ගා ගන්න වෙයි බේබි . නැත්තන් කොහොමද මන් බේබිගේ කොන්දෙ වත් තෙල් ගාන්නේ ”

මන් එහෙම කියද්දී බේබිගේ මූණ බලන් ඉද්දැද්දි කළු වෙලා තැලිච්ච තක්කාලි ගෙඩියක්‌ වගේ වුනා.
ඇයි යකෝ බේබිට විතරද දන්නෑ රිදෙන්නේ එතකොට. එයාට තෙල් ගාන්න කලින් මයෙ අතට තෙල් ගාන්න වෙයි ඊට ඉස්සරින්.

ඉදන් හිටිය පුටුවෙන් නැගිට්ට බේබි තෙල් බෝතලෙත් අරන් ඇදේ මගේ ළගින්ම වාඩි වුනේ තෙල් කුප්පියත් බිම තියෙලා. ඒත් එයා ඊලගට කරන්න ගිය දේත් එක්කලා මන් ගැස්සිලා පිටි පස්සට වුනේ එයාගේ අත මගෙ ඇගේ ගෑවුනත් හරි ඇග දිගේ හිරියක් ගිය නිසා.

” ඇයි ”

” බොත්තන් ගලවන්න ඕන්නෑ. මන් මේක කොට කර ගාන්නම් ”

නෑ එයා නෙවෙයි මන් කිව්ව දේ කනකට ගත්තේ . එයා මයෙ බොත්තන් ටික ගැලෙව්වයින් පස්සේ කමිසේ ගලවලා පැත්තකින් තිබ්බ මන් එයාට ලේසි වෙන විදිහට ටිකක් හැරද්දී යි දැක්කේ අල්මාරි දොරේ තිබ්බ ලොකු කන්නාඩියෙන් පේන අපි දෙන්නව.

” නිලූෂ ”

” ම් ”

” නිදි මතද ”

” à·„à·Š ම් ”

ඇත්තටම පොඩි බේබි මයෙ අත අත ගාන්න පටන් අරන් විනාඩි ගානක් යද්දි මයෙ ඇස් දෙක ඇරන් ඉන්න පුදුම අමාරුවක් තිබ්බේ. ඒ අස්සේ මෙයා දැන දැනම අහනවා නිදි මතද කියලා. පිස්සු බේබි.

” එන්න මෙතෙන්න ”

එයා ඔක්ක පෙන්නලා එන්න කිව්වම ටික වෙලාවක් එයාගේ මූණ දිහා බලන් හිටිය මන් මයෙ ඔලුව එයාගේ ඔක්කෙන් තියෙලා කකුල් දෙකත් ඇද උඩට අරන් හරි බරි ගැහිලා හිටියා. බේබිගේ රළු ඇගිලි මයෙ කොන්ඩේ අස්සෙන් යද්දි හරි සනීපයි. මයෙ අප්පච්චිත් හිටියා නම් මේ වගේ ඔලුව අත ගායි මගෙ. බේබිගේ ඇග හරි රස්නෙයි. ඒ නිසා කමිසේ ගැලෙව්වත් මට‍ සීතලක් දැනුන්නෑ. හෙමීට මයෙ ඇස් පියාවේද්දී මයෙ නළලට උණුසුම් හුස්මත් එක්කලා ලා තෙත ගතියක් දැනෙද්දී මයෙ ඇස් දෙක වත් ඇර ගන්න බෑ මට‍ හරි නිදි මතයි.

හොදට නිදා ගනින් මයෙ සඳ

හීනිවට වගේ ඇහුනු කටහඩක් එක්කලා මගෙ ඇගට හරි උණුහුමක් දැනුනේ මන් තව තව ඒ උණුහුම අස්සට යද්දි.

” ඔයාගේ මොලේ හොද නැද්ද චූටි තාත්ති මේ මනුස්සයා ඇදේ තියා ගන්න”

” මේ දෙව්මි කෑ ගහන්න තියා ගන්න එපා මෙතැන ”

” අහක යන නයි සරම අස්සේ දාන් පස්සේ ඌයි ඌයි කියන්න එපා ඔන්න ”

” අපෙ අම්මෝ මයෙ පැහිච්ච ආච්චිගේ රැස් බලාපල්ලකො ”

” ඉතින් අනේ මන් බොරුද අනේ කියන්නේ කියන්නකෝ ”

” හෙමින් හෙමින් දරුවෝ ”

” ආ ව්‍ ආ ව්‍… ඔයා හරි කැමති වගේ ඒ අයියට චූටි තාත්ති. ”

” ම් මොන… පිස්සුද දරුවෝ ඇත්තටම ”

” හාකෝ හාකෝ ඉතින් ”

ලාවට ලාවට කටහඩ වල් ටිකකුත් ඇහෙද්දී පස්සේ දොරක් දඩාන් ගාලා වැහෙන සද්දෙකුත් ඇහෙද්දී තමයි මන් දන්නේ මට‍ නින්ද ගිහිල්ල කියලා. හරිනේ ඉතින් දැන් නේ මතක් වුනේ මන් බේබිගේ ඔක්කෙම නිදා ගත්තා කියලා. මන් නැගිටලා බලද්දී නම් බේබි පේන්නවත් හිටියේ නෑ. හෙමින් සැරේ ඇදෙන් බැහැපු මන් මයෙ කාමරේට ගිහිල්ලා තුවයයි අලු පාට සරමකුයි ගත්තේ ළිදට යන්න.

මන් නා ගෙන කුස්සියේ පැත්තට යද්දි මේන්න චූටියා චූටි බංකුවක් උඩට වෙලා කුරුම්බැට්ටියක් කරක කරක ඉන්නවා. කමනි නැන්දා මාලුවක් හැදි ගානවා. මන් එහෙන්ම සද්දේ ඇහෙන්නැති විදිහට චූටියා ළගට ගිහින් පිටිපස්සෙන් ඉස්සුව පාර කොල්ලා බය වෙලා අතේ තිබ්බ කුරුම්බට්ටියත් බිමට වැටුනේ කමනි නැන්දත් මේ පැත්ත බලද්දී.

” අනේ අනේ හුරතලේ. බය වුනා නේද ආ චන්ඩි කොල්ලා ”
කොල්ලගේ කම්මුල් ලාවට හපන ගමන් කියද්දී කොල්ලට හරි හිනා.

” කොල්ලෝ යමු කෑම කන්න මේසෙට ”

කමනි නැන්දා එහෙම කියද්දී නුරාදත් එක්කලා කෑම මේසේ ළගට යද්දි සාලේ පැත්තට ආපු පොඩි බේබි මගේ කර උඩ ඉදන් ඔලුවත් බදන් ඉන්න නුරාදයි මායි දැකලා හිනා ගියා. මන් හිතන්නේ නුරාදව වෙන්නැති මෙච්චර වෙලා හොයලා තියෙන්නේ.

කෑම මේසේ හරි සුවදයි අද. රතු කැකුළු බත් එක්කලා කොල්ලු මාලුවයි කළුවට උයාපු ගම්කුකුල් මසුයි තිත් බටු මැල්ලුමයි දකිද්දීද් මට‍ කෙල උනනවා.

” පැටියා ඔය කොල්ලට දැන් හොදට හුරුයි වගේ නේද අපෙ මැණිකේ “

සෝමේ මාමා කොල්ලු වෑන්ජනේ බත් එකට බෙදා ගන්න ගමන් අපෙ දිහා බලලා කියද්දී කමනි නැන්දා හිනා වෙලා මාමා ගේ බත් එකට ගම් කුකුල් මස් කෑල්ලක් දැම්මා.

” ඒකනේ අපෙ මහත්තයෝ නැත්තම් නුරාද බේබි මේ කොල්ලගේ අතින් මෙහෙම බත් කයි ඈ ”

මන් ඉතින් එක එක කෝලම් කර කර කවන නිසා තමයි ඉතින් මේ පුංචි හාමුටත් බත් ඩිංගිත්තක් උගුරෙන් පහළට යන්නේ.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.

එදා එයාට මන් ඇරන් දුන්නු අලු කමිසෙයි ලා දුබුරු කලිසමයි ඇදගෙන මන් ඉස්සරහට එද්දී මන් එයාට මද හිනාවක් දුන්නේ හිතට අමුතුම හැගීමක් එද්දී. මායි දෙව්මියි නුරාදයි ඉස්සරහට යද්දි දෙනුවනුයි නිලූෂ යි වාහනේ පිටිපස්සට නැග්ගා.

මන් ඉන්න තැනට කන්නාඩියෙන් හොදට නිලූෂව පේන නිසා කීප වතාවක්ම ඒ දිහාට මගෙ ඇස් යද්දි නිලූෂ ත් කිසිම පැකිලීමක් නැතුව එක එල්ලේ මයෙ දිහා බලන් ඉද්දී මට‍ හිතුනෙම නිලූෂ ත් මට‍ කැමතියි කියලා.

” චූටි බාප්පි ඔයා නාකි වුනාට මයෙ මේ තරුණ ජිවිතේ දැන්ම නැති කර ගන්න බෑ ඔන්න ”

යකෝ මේකා පාර දිහා බලම් පරිස්සමින් වාහනේ එලවන මට‍ නේද මේ අසික්කිත කතා කියන්නේ. අරකත් මට‍ කින්ඩියට හිනා වුනා.

” පුතා ඇවිල්ලා එලවනවද එහෙනම් ”

” අයිනකින් නවත්තන්න බාප්පි මන් ගන්නම් ”

” අනේ මේ චූටි තාත්ති ඔයාම එලවන්න. මේකා ඕක ගත්තොත් හිතන්නේ මේ එයාගේ අප්පගේ පාර කියලා ”

දළදා මාලිගාවට ආපු අපි ඉස්සල්ලාම ගියේ මල් ගන්න. මගෙ මැණික සල් මල් වට්ටියකට අත් දික් කර කර ඉද්දි එයාවත් වඩා ගත්ත නිලූෂ එයාගේ අතටම ඒ මල් වට්ටියක් අරන් දෙද්දී ඉතිරි හැමෝටම මන් මානෙල් මල් ගත්තා. දෙනුවනුයි දෙව්මියි ඉස්සරහින් යද්දි නුරාදව වඩන් හිටිය නිලූෂත් එක්කලා මන් පිටි පස්සෙන් ගියා.

හිතට අමුතුම තැම්පත් ගතියක් එද්දී බුදුන් වහන්සේට මල් තියලා පැත්තකට වෙලා වන්දනා කරපු මන් වට පිට දකිද්දීයි දැක්කේ නිලූෂ නුරාදත් එක්කලා ඒ හරියේ වගේ බීමට වැටිලා තිබ්බ මල් ටිකක් අතින් අහුලනවා.

මාත් අහලා තියෙනවා මේ වගේ පුද බිම් වල එක කුණු කෑල්ලක් හරි අරන් දාන එක බලවත් පින් කම් කියලා. මට‍ සතුටුයි මයෙ පුතාවත් නිලූෂ හවුල් කර ගනිද්දී.

” ආ පා ”

” මොකෝ වස්තු ආ ”

අපි වැදලා එළියට එද්දී පොඩ්ඩා මයෙ දිහාට හැරිලා මොන මොන වදෝ කියන්න හදලා ඒක කියා ගන්න බැරි වුනු තැන නිලූෂ ගේ බෙල්ල අස්සේ මූණ ඔබන් මූණත් රතු කරන් නිලූෂ ගේ බෙල්ල හපන්න ගත්තා. පැටියගේ තරහා දුක පිට කරන්නේ අපිව හපලා තමයි ඉතින් . කොල්ලාව අත් දෙකට වඩා ගත්තු මන් එක එක එව්වා කියවලා කියවලා අවසානෙදි නිකමට වගේ අයිස් ක්‍රීම් අරන් දෙන්නද කියලා අහද්දී තමයි කදුළු පිරුණු මයෙ කොල්ලගේ මූණට හිනාවක් ආවේ. එහෙනම් ඒක තමයි මෙච්චර වෙලා තිබිල තියෙන එයාගේ ප්‍රශ්නේ.

” ම් යන් අයිස් කීම් කන්න ”

” ආ ”

” ඔන්න මට‍ චොකලට් අයිස් කෝන් දෙකක් ඕනී ”

දෙව්මි එහෙම කියද්දී මන් දෙනුවන් දිහා බලද්දී එයා ඉල්ලුවේ කෝපි ඒකක්.

” ඔයාට ”

” චොක්ලට් කෝන් ”

මන් නිලූෂගෙන් මොනාද ඕනී කියලා අහනකොට එයා ඉල්ලුවේ චොක්ලට් කෝන් .

එදා වගේම අදත් අපි ගියේ වැව රවුම ළගට අයිස් කන්න. දෙනුවනුයි දෙව්මියි නුරාදයි එක බෙන්ච් එකකට වෙලා ඉද්දි මායි නිලූෂයි තව බෙන්ච් එකකට වෙලා ඉදියා.

” පොඩි බේබි ”

” ම් ”

” ටිකක් ඉන්න මන් අර පැත්තට ගිහිල්ලා එන්නම් ”

එහෙම කිව්ව නිලූෂ බෙන්ච් එකෙන් නැගිටලා පැත්තක තිබ්බ ලොකු කරත්තයකින් මොන මොනවදෝ ගෙනල්ලා එක මල්ලක් මට දීලා අනිත් මල්ල දෙව්මිගේ අතට දුන්නා.

නිලූෂ ආයේ හිනා වෙවී මේ පැත්තට එද්දීයි මට‍ මතක් වුනේ මොනාද මල්ල ඇතුලේ තියෙන්නේ කියලා බලන්න.

” දැන් ද බලන්න මතක් වුනේ ”

” මන් ආසයි මෙව්වට ”

” ආයේ එනකොට කමු ”

” හ්ම් ආයෙත් එමු ”

එයා දිහා බලන් එහෙම කියපු මට එයා ලා හිනා වක් දුන්නා. කුනිස්සෝ දාපු පොඩි පරිප්පු වඩේ ටිකක් තිබ්බේ තඩි කපාපු ළුණු කෑලිත් එක්කමයි. එයත් මයෙ අතේ තිබ්බ මල්ලට අත දාල පරිප්පු වඩයක් අරන් කන්න ගත්තේ මයෙ අතේ තිබ්බ ළුණු කෑල්ලත් උදුරන් කටට දා ගන්න ගමන්. මන් දෙව්මිලා ඉන්න පැත්ත බලද්දී දැක්කේ එයාගේ ඔක්කෙ වාඩි නුරාද බනිස් ගෙඩියක් එක්ක ඔට්ටු වෙනවා.

” එයාට ක්‍රීම් බනිස් ගෙඩියක්‌ ගත්තා ”

මන් නුරාද දිහාම බලන් ඉද්දි නිලූෂ එහෙම කිව්වේ තව වඩයක් අර ගන්න ගමන්.

” චූටි තාත්ති අපි අතෙන්ට ගිහිල්ල එන්නම් ”

” ම් පරිස්සමින්. දෙනුවන් මේ දෙන්නව බලා ගන්න “

” හරි හරි බය වෙන්න එපා ”

එහෙම කියපු දෙනුවන් නුරාදගේ අතිනුත් අල්ලන් යද්දි දෙව්මිත් ඒ පස්සෙන්ම ගියේ මටත් බායි කියා ගෙන.
දෙවිමිත් වෙලාවකට නුරාදටත් වඩා පොඩි එකෙක් වගේ. එයාලගෙන් ඇස් අහකට ගත්ත මන් නිලූෂ දිහා බලද්දී එයත් තාම බලන් හිටියේ දෙනුවන් ගේ අතින් අල්ලන් උඩ පැන පැන යන නුරාද දිහා.

” නිලූෂ ”

” ම් “

” කවද්ද කැම්පස් පටන් ගන්නේ ”

” ඊලග සතියේ බ්‍රහස්පතින්දා ”

” ම් ”

” මන් දෙයක් කියන්නද බේබි ”

එයා එහෙම කියද්දී මන් එයා දිහා බැලුවත් එයා නෙවෙයි මයෙ පැත්තවත් බැලුවේ.

මට‍ හරි බයයි ආදරේ කරන්න. විදිනවට වඩා ඊට තුන් හතර ගුණයකින් විදවන්න වෙයි කියලා මන් බයයි හිතින් වුනත් ආදරේ කරන්න. ඊටත් වඩා මේවගේ පොඩි කොල්ලෙකුට ආදරේ කරන එක අසම්මත යි. මට‍ බෑ ආයේ ආයේමත් දැන දැන වැරදි කරන්න. මයෙ පුතාටත් මන් ඔක්කොටම වඩා ආදරෙයි.
නිලූෂ මේ ඉන්න විදිහට හරිම අමාරුයි මට‍ මාව පාලනය කර ගන්න. එයාගෙන් ඇස් මුදව ගත්තු මන් බැලුවේ දෙනුවන් එක්කලා එකතු වෙලා මාළුන්ට පොරි දාන නුරාද දිහා.

” පොඩි බේබි ලොකු හමුයි ලොකු බේබියි මාව කලින් ඉදන් අදුරනවද ”

” ඇයි නිලූෂ එහෙම කියන්නේ “

” ඒ දෙන්නම මේ ලගකදී ඉදලා වෙනදට වඩා හොදින් නේ කතා කරන්නේ. ”

” ඒ දෙන්නටම එහෙනම් නිලූෂව හිතට අල්ලලා වගේ. ඔයා කැම්පසුත් තේරුණ එකේ අපෙ අප්පච්චිට සතුටු ඇති ”

” ම් ”

මටත් නම් ඒක නොතේරුනා නෙවෙයි. ඒත් ඇත්තටම නිලූෂ වලව්වේ වැඩ කරන කෙනෙක් වුනත් කැම්පස් එකට තේරුණු නිසා අප්පච්චිට ඉස්සර අපි කැම්පස් ගිහින් ඉගෙන ගත්තු විදිහවත් මතක් වෙනවා ඇති.

අපි රෑටත් කාලා වලව්වට එද්දී අටටත් කිට්ටුයි. නුරාද නිලූෂගේ ඇගේ හොදට නිදි. දෙනුවන් ජනේලෙන් එළිය බලන් මුරුක්කු කද්දී දෙව්මි බූන්දි වලට වග කියනවා. නුරාදටයි නිලූෂටයි දෙන්නටම මන් වෙනදා වගේම ලොකු චොකලට් එකකුයි චීස් පෙට්ටියකුයි අරන් දුන්නා.

” ආච්චි අම්මියෝ ඔයාගේ කෙලි පොඩ්ඩ ආවෝ. ආ සීයා තාත්ති ඔයාට මන් ඕන් බූන්දි ගෙනාවා ”

” අපි වත් මතක් වෙලා එහෙනම්. “
අම්මා එහෙම කියද්දී දෙව්මි දුන්නු බූන්දි මල්ල අපෙ අප්පච්චි හරි අසාවෙන් ගත්තේ පොඩි ළමයෙක් වගේ.

” අප්පච්චි ආ ඔයාලට රයිස් එකකුයි නුඩ්ල්ස් එකකුයි ගෙනාවා. මේ ටික කාලා ඉන්න බූන්දි කන්න කලින් ”

” අප්පා කමලයි සෝමෙයි දැන් ටිකකට කලින් ගියේ. හිටිය නම් එයාලටත් කාලා යන්න තිබ්බා ”

අම්මා එහෙම කිව්වත් හරි තිබ්බ මහන්සියටත් එක්කලා මන් කාමරේට එද්දී නිලූෂ නිදා ගෙන ඉන්න පොඩ්ඩගේ මේස් ගලවනවා.

” මහන්සි නැද්ද නිලූෂ ”

” මහන්සි බේබි ඒත් මට‍ අද සෑහෙන්න සතුටුයි. ”

එහෙම කියාගෙන නිලූෂ කාමරෙන් එළියට යන්න ගියත් ආයේ මගෙ කාමරේට ආවේ මන් එයා දිහා බලන් ඉද්දි.

” මට අමතක වුනා නේ බේබි ”

” මොකක්ද ”

” ඉන්න පොඩ්ඩක් ”

එහෙම කියපු නිලූෂ එයාගේ සාක්කුවෙන් මොකක්දෝ කවරයක් අරන් මයෙ අතට දුන්නේ මන් ගැස්සිලා යද්දි.

” මටද ”

” ම් ”

කවරේ ඇරලා බලපු මන් දැක්කේ හරි ලස්සන මාලයක්. ඒ මැද හරි ලස්සනට කැටයම් කරපු පොඩි දළ දෙකක්.

” ලස්සනයි නිලූෂ ගොඩක්. ආ දාන්න මට‍ ”
මන් එහෙම කියද්දී නම් ඊළගට ගැස්සිලා ගියේ මයෙ දිහා බලන් හිටපු නිලූෂ. එහෙන්ම කන්නාඩිය ඉස්සරහට ගියපු මන් අතේ තිබ්බ මලේ දික් කරන් අයෙමත් නිලූෂට දාන්න කියද්දී මයෙ අතින් නිලූෂ මලේ ගත්තේ මගෙ ඇස් ඒ මූණ පුරා යද්දි. මන් තරම්ම උස මේ කොල්ලට අවුරුදු විස්සක් කියලා කියන්නටවත් බැරි විදිහට පෙනුමයි. එයාගේ ඒ සීතල රළු ඇගිලි මගෙ බෙල්ලේ ගෑවෙන්න ගෑවෙන්න මන් ගැස්සිලා ගියේ ඒ ඇසුත් නොසන්සුන් වෙද්දී. එයා මාලේ දාලා ඉවර වෙලා කන්නාඩියෙන් පේන මයෙ මූණ දිහා බලද්දී එයාගේ මූණින් ඇස් අහකට ගත්ත මන් මාලේ දිහා බැලුවා.

” මන් කැමති ”

කන්නාඩියෙන් එයා දිහා
බලන් කියද්දී මන් දැක්කේ එයාගේ ඇස්කන්නාඩි දෙකට යටින් පේන හිනා වෙන එයාගේ ඇස් දෙකයි.

……………………

ගිහිල්ල එන්නම් යාලූ ❤️🤗

බුදුසරණයි හැමෝටම 🙏🙏

ඔයාලගේ වෝට් වලට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුති💗💗💗💖

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) නමවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) නමවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) නමවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) නමවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) නමවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) නමවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 10