À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දොළොස්වැනි කොටහා

A+ A-

” හරි ද කොල්ලෝ දැන්වත් ”

” නෑ ලොකු මැණිකේ තව ඩිංගිත්තක් තියේ “

පාන්දර හතරට මෙහෙන් බේබියි මායි පොඩ්ඩයි ඉස්කෝලෙට යන නිසා දෙකයි ගානේ ඉදන් ලොකු මැණිකෙයි මායි උයන්නේ. පොඩි බේබියි මායි ඊයේ කඩපු තිත් බටු තමයි මන් මේ දා ගෙන තලන්නේ ඉතින් .
මන් මේක කරනකම් ලොකු මැණිකේ වැව් මාළු ඇඹුලක් හදනවා. මේ වෙලාවට තමයි ඉතින් මට හරීයට කමනි නැන්දව මතක් වෙන්නේ.

” පොලොස් එකට මේ මිටි කිරි ටිකත් දාලා කවලම් කරහන් කොල්ලෝ ”

මන් තලපු තිත් බටු ටිකට කහ ලුණු කුඩු කවලම් කරලා තැම්බෙන්න තිබ්බ ලොකු මැණිකේ කිව්වේ මට මිටි කිරි දාපු මැටි කෝප්පේත් පෙන්නලා .
මගේ ඇස් කොච්චර වතුරෙන් හේදුවත් එන්න එන්න බර වෙනවා නිදි මත සැරට. ඊයේ ඔක්කොම බඩු ටිකත් ලෑස්ති කරන් නිදා ගද්දි එකොළහටත් කිට්ටු වුනා.

” කොල්ලෝ පොඩීව ඇහැරවලා හිටින්කෝ . තුනටත් කිට්ටුයි “

ලොකු මැණිකේ එහෙම කිව්වත් හරි අත් දෙකත් පිහ දාන් බේබිගේ කාමරේට ගිහින් ඇද ළගට වෙලා හොදට නිදන් ඉන්න අප්පච්චියි පුතයි දිහා ටික වෙලාවක් යනකම් බලා ගෙන හිටියේ හැගීම් ගොන්නක් හිතේ පුරවන්.

” බේබී නැගිටින්න.  තුනට කිට්ටුයි “

පැටියගෙන් ඈත් වුනු මන් කිව්වේ බේබීගේ ඔලුවත් ලාවට අත ගාලා . ඒත් මේ බේබී හාමුගේ නම් නැගිටින පාටක් නෙවෙයි තිබ්බේ. පුදුම අලි කම්මැලි කමක් නෙ මෙයාට තියෙන්නේ .  තව ටිකක් නිදා ගද්දෙන් කියලා එහෙන්ම බේබීගේ පැටියව උස්සලා ගත්තු මන් එයාව නින්දේ ඉද්දැද්දීම කුස්සියට අරන් ගිහින් එයාගේ පුංචි පුටුවෙන් වාඩි කෙරෙව්වේ පොඩ්ඩා නිදි කිර කිර කඩන් වැටෙද්දී.

” කෝ කෝ නැගිටින්න නැගිටින්න ඉන්න අයියා කුක්කු එකක් හදන්නම්කෝ පැටියට ගුඩු ගුඩු ගාලා බොන්න “

” ආ ”

මන් එයාගේ ඇබිත්තන් මූණට උම්මියකුත් දීලා කුක්කු එකක් හදන්නම් කියද්දී පොඩ්ඩා හා කියලා ඔලුව චුට්ටක් හෙල්ලුවේ ඇසුත් පොඩ්ඩ පොඩ්ඩ ඇර ඇර.  ලොකු මැණිකේ නෙවෙයි පොඩ්ඩව කුස්සියට ගෙනාවත් හරි නිකමටවත් බැලුවේවත්. පුදුම මාන්නක්කාර කමක් ඒක.

” ඕකාට කිරි නෙවෙයි පොඩීට ඊට කලින් කිරි එකක් හදලා දීපන්. එක්කෝ උබ ඕන්නෑ මන් ම හදලා නැගිට්ටවලා එන්නම්කෝ මගෙ එකාව. ”

ලොකු මැණිකේට ඕනා එකක් කර ගන්න කියලා පැටියාගේ සුදු කිරි එක නිවලා අතට දුන්නත් හරි එයා පොඩ්ඩ පොඩ්ඩ බිව්වේ මගෙ දිහාත් බල බල. මේ චූටි එකාගේ හුරතලේ ඉස්සරහා මේ මහ මිනිස්සු කොහොම මෙහෙම නපුරු කම් කරනවද මන්දා.

” යකෝ උබ කෙසෙල් කොළේ මාලුවක් වත් හරි හැටි ඔතන්න දන්නැති හැටියක්. තේ වත්තේ වැඩ විතරමද දන්නේ ආ. මේ බලහන් ඊට කලින් උබ ඔතලා තියෙන විදිහ . මෙහෙ… ”

” කෑ ගහන්න එපා අම්මා බොරුවට. මෙයා කලින් බත් ඔතලා තියෙනවා ඈ ඔය කොළ වල ”

” අනේ උබ ඉදින් පුතා මුන්ව හුරතල් කරන්නැතුව.  අහකට පලයන් මන් ම තනියම කර ගන්නම් ”

ලොකු මැණිකේ මාලු ටික වෙන වෙනම කෙසෙල් කොළ වල ඔතන්න කියද්දී මන් පුලු පුළුවන් විදිහට එතුවත් හරි ලස්සනට වැඩේ දෙල් වෙලා ගියේ ලොකු මැණිකේ පුපුරද්දී.  මැණිකේ කෑ ගැහුව පාර පොඩි එකාට බත් පිගානෙන්ම බත් ගුලි ගිල්ල ගිල්ලා හිටපු පොඩි බේබි  ලොකු මැණිකේට කෑ ගහන්න එපා කියනකොට මැණිකේ තව ආවේස වුනා.

කොහොමින් කොහොම හරි ලොකු යුද්දයකුත් ඉවර කරලා තඩි බෑග් මල්ලයි අනිත් අතින් පැටියවයි අරන් වාහනේ පිටිපස්සට නැග්ගේ ගුනේ මාමා ඉස්සරහින් නගිද්දී.  ටික වෙලාවකින් තවත් තඩි බෑග් මල්ලක් අරන් වාහනේට නැග්ග පොඩි බේබී මයෙ ළගින්ම ඉද ගත්තත් හරි ගුනේ මාමා ඉස්කෝලේ පැත්තට යන්න ගත්තා.

” ඔක්කොම ගත්තා නේද ආ ”

” ම් ඔක්කොම හරි “

” පැටියව ගන්නද ”

” එපා බේබී ඔහොම හිටපු වාවේ ”

සීතල නිසාද කොහෙදෝ නුරාද මයෙ අස්සට තව තව තුරුල් වෙලා නිදි කිර කිර හිටියේ.  මන් බේබී තෝරලා දීපු කළු  කමිසේට කළු කලිසම ඇදලා තියෙද්දී මයෙ පාට හරි ලස්සනට කැපිලා පෙවුනා. බේබී කළු කලිසමට අලු පාට කමිසේ ඇදන් කොණ්ඩෙට කළු හීනි බූලක් දාලා බලාගෙන ඉන්න ලස්සනයි. මයෙ මාලෙත් ඒ පපුව අස්සෙන් පේනවා.

” ම් මොකෝ බහින්න අදහසක් නැද්ද ”

” අහා හරි බහිමු බහිමු ”

බේබී මට බහින්න කියනකම්ම මන් එයා දිහා බලන් ඉදලා තියෙන්නේ ඉතින් මේ වෙනකම්.  නිදා ගෙන ඉන්න පැටියවත් වඩාගෙන බහිද්දී මයෙ බෑග් මල්ලත් බේබීම අරගෙන බස් එක නවත්තලා තියෙන තැනට යද්දී මාත් එයා පස්සෙන්ම ගියා. බස් එකට නැග්ගත් හරි ළමයි කෑ ගැහුවා විරාජ් සර්ට එයාලා ළගට එන්න කියලා. අපේ අප්පේ ඉතින් මේ සරුත් ළමයි දැක්කට පස්සේ පිටිපස්සෙන් ආපු මාවයි පුතාවයි දෙන්නම අමතකයි.

” කෑ ගහන්න එපා ළමයි. පෙනේද සර් මෙයාලගේ කටවල්. සර් පිටි පස්සටම ගිහිල්ල ඉද ගන්න. අපි ඔක්කොමලාම සර් තැනින් තැනට තමයි ගිහිල්ල ඉන්නේ ”

ඉස්සරහම හිටපු ටීච කෙනෙක් ළමයින්ටත් කෑ ගහලා බේබිට එහෙම කියද්දී බේබිත් මොන මොනවදෝ කියලා මටත් අඩ ගහලා පිටි පස්සට ගිහිල්ල දෙකේ ෂීට් එකකින් ඉද ගත්තා.

” කවුද සර් මේ “

” මයෙ මල්ලි ”

ළමයිගේ විරාජ් සර් මන් කවුද කියලා අදුන්වලා දෙද්දී මගේ කට කොනකට හිනාවක් ගියා.

” සර්ට වඩා ගොඩක් වෙනස් නෙ මේ අයියා ”

” ඔව් ”

ජනේලේ අයිනටම වගේ ගියපු බේබී මයෙ පැත්තට හැරීගෙන ළමයි එක්කලා  වට්ටි අම්මෙක් වගේ කතාව. අපෙ ඉස්සරහින් කෙල්ලෝ සෙට්ටෙකක් වගේම පිටිපස්සේ දිගම ෂීට් එකේ ඔක්කොමලාම හිටියේ කොල්ලෝ.

” සර්ගේ මල්ලි නම් සුද්දෙක් වගේ ”

ඉස්සරහා හිටපු කට හැකර කෙල්ලක් එහෙම කියද්දී එක කොල්ලෙක් හිනා වෙවී මට කියපු දෙයින් මට ඉබේම බැලුනේ බේබී දිහා.

“  අයියේ ඔයා නේද එතකොට සර්ලාගේ වත්ත පහළ ඊයේ හවස හිටියේ. මන් හිතුවේ වලව්වේ වැඩ කරන කෙනෙක් කියලා. ”

මේ ළමයා දැක්‌කාවද්ද දන්නෑ මන් බේබීව බදන් නළලට උම්මා එකකුත් දෙනවා. මන් බේබී දිහා බැලුවත් හරි ලැජ්ජාවක්‌ ඇවිල්ලද කොහෙදෝ ඉක්මනින් ජනේලේ පැත්ත බැලුවා.  යකෝ මෙයාට කෙල්ලෙකුටවත් නැති ලැජ්ජාවක් නෙ තියෙන්නේ .  කසාදයක් කරන් ළමයෙකුත් ඉන්න අප්පච්චියෙක් නේද මේ ඇත්තට. මන් හෙමින් සැරේ ළමයින්ට පේන්නැති වෙන්න එයාගේ ඉන මිරිකුවත් හරි බේබී ගැස්සිලා ගිහිල්ලා මයෙ දිහා බැලුවේ ඇසුත් රැලි කරගෙන. කොන්ඩේ කෑලිත් නළලෙන් පහළට වැටිලා.  ඊයේ සැලුන් එකෙන් රැවුල කොට කරාට කොණ්ඩෙට නම් අතක් වත් ගැහුවේ නෑ .

දැන් නම් මට‍ මගෙ ඇස් දෙකට ගල් ගෙඩි හයි කරලා වගේ. මන් ඉන්නේ අමාරුවෙන් කියලා තේරුනාද මන්දා පොඩි බේබී මයෙන් නුරාදව අර ගෙන එයාගේ උරහිස පෙන්නලා නිදා ගන්න කිව්වත් හරි මන් ඒ උරහිස උඩ ඔලුව තියා ගත්තා.

” සත්සිදු ”

මගේ කන ළගින්ම බේබිගේ කටහඩ ඇහෙද්දී මන් ලාවට වගේ ඇස් ඇරියා. මන් නැගිටිනකොට එළි වෙලත් එක්ක. පොඩ්ඩත් නැගිටලා ජනේලෙට අත් දෙක තියන් එළිය බලන් ඉන්නවා. ඊලගට මයෙ ඇස් ගියේ මයෙ දිහා හිනා වෙලා බලාගෙන ඉන්න බේබී දිහාට .

” හොදට නින්ද ගියාද “

” ම් වෙනදට වඩා සනීපෙට නින්ද ගියා “

මන් එහෙම කියද්දී බේබී බිම බලන් හිනා වුනා. එහෙන්ම මන් බේබිගේ ඔක්කෙන් නුරාදව අරන් එයාව ඉඹගෙන ඉඹගෙන ගියේ පාන්දර පොඩ්ඩා නැගිට්ටත් හරි හුරතල් වත් කරන්න බැරි වුනු නිසා. පොඩ්ඩා මයෙ ඔලුවත් බදන් හිනා වෙද්දී ඉස්සරහ හිටපු කෙල්ලෝ ටිකකුත් බේබිගෙන් නුරාදව ඉල්ලුවේ අපේ ළගටම ඇවිල්ලා.

” මයෙ මැණිකට අද වාසි වගේ ”

කෙල්ලෝ රොත්තක් මැද හිටපු පොඩි එකාට එක එක කඩචෝරු කෙල්ලෝ ටික කවනවා.

” කඩ චෝරු කෑවා වගේ නෙවෙයි බේබී බත් කටක් වත් කවා ගන්න බැරි වෙයි “

” හැමදාම නෙවෙයි නෙ “

මේ පණ්ඩිත අප්පච්චිටත් මන් මොනා හරිම දෙයක් කිව්වොත් ඒකට හරියන්න තියෙනවනේ මොනා හරිම දෙයක් කියන්න. ටික වෙලාවක් ගියත් හරි කොල්ලෝ ටික බජව්වක් දාන්න පටන් ගත්තේ ගුරුවරු ටිකත් මොකුත්ම නොකියද්දී.  අප්පේ මුන්ගේ කන්දොස් කිරියාව.

අට කිට්ටු වෙනකොට වගේ උදේ කෑම කන්න ඕනී නිසා බස් එක ලොකු කඩයක් ළග නතර කරත් හරි ළමයි එයාලගේ පොඩි පොඩි මලු ටිකත් අරන් බහින්න ගත්තේ පිස්සුවෙන් වගේ .

” බලන්න අනේ මේ ළමයි ගේ හැසිරීම අන්තිමයි. තව පොඩ්ඩෙන් මාවත් පෙරලන්නේ මුන් යන්නේ ටීච ”

” අපේ කාලේ නම් ඔහොම නෑ ටීච. ට්‍රිප් එකක් ආවම සංවරව ඉන්නවා ”

” ඒකට දැන් හැදෙන ළමයි ”

ඉස්සරහීන් ගියපු ටීචස් ලා ටිකක් ඔහේ ළමයින්ට බැන බැන ගියා. ළමයි කොහොමත් ඉතින් දගයි තමයි. ගුරුවරු ටික එක පැත්තක තිබ්බ ලොකු මේසෙකට යද්දි ළමයි මෙහා පැත්තේ මේසවලට ගිහින් බත් මුල් දිග ඇර ගත්තේ මෙහාට්ට කෑම සුවද එද්දී.

අපේ කෙසෙල් කොළේ දිග අරිද්දි තමයි ඉතින් මයෙ කටටත් කෙල උනන්නේ. මන් ආසම කෑම. සුදු කැකුළු බත් එක්කලා වැව් මාළු ඇඹුල, පොළොස් කළුවට උයලා තිත් බටු මැල්ලුම් තියෙද්දී කොච්චි දාපු පරිප්පුවක්. පැටියට බේබියි මායි හදපු පොඩි එළවලු බත් එකක්‌ ගෙනාවේ අද උයාපු මාලු ටික ඔක්කොම වගේ සැර නිසා.

” මන් කිව්වේ මන් කිව්වේ දැන් කොල්ලා ඔය බත් ටික කන්නෑ. බඩ ගෙඩියම බඩ බෝල කන්හ වගේ වෙලා කඩචෝරු කාලාම ”

” නා නා “ 

මන් එහෙම පොඩි බේබිට කියද්දී එයාගේ ඔක්කේ හිටපු නුරාද ඔලුව දෙපැත්තට වන වන නෑ නෑ ගානවා.

” සර් මේ අච්චාරු ටිකක් ගන්නකො. මන් තමයි හැදුවේ. ආ කෙසෙල් මුව බැදුමත් කාලා බලන්න සර් හරි රසයි ”

සර්ට වඩා ටිකක් බාලයි කියන්න පුළුවන් පොඩි මිස් කෙනෙක් ඇවිල්ලා අච්චාරුවක් දික් කරද්දී බලන්න ඕනී විරාජ් අහස්‍ය සර්ගේ තියෙන මූණේ හිනාව.  පොඩි බේබී ඒ මිස්ගෙන් ස්තුති කියලා අච්චාරු ටිකක් ගත්තේ අපිට එහා පැත්තේ හිටපු කොල්ලෝ වගයක් විසිල් ගහද්දි.  ඒ මොකද ඒ කොල්ලෝ ටික එහෙම විසිල් ගහන්නේ.  මේ පොඩි මිස් සර් දිහා බලන් ඉන්න පෙනුම නම් හරියන්නෑ.

” අනේ චූටි බබත් එක්ක ඇවිල්ලා නෙ සර්. කෝ දෙන්න සර් මන් කවන්නම් පුතු පැටියට. සර් නිදහසේ කෑම ටික කන්නකෝ ”

” නෑ ඕන්නෑ පුතාට මන් තමයි කවන්නේ.  එයා ඔහොම අපි අතේම හිටපු වාවේ. එහෙම නේද අයියේ ”

ඒ මිස් බේබිගේ අස්සටම ඇවිල්ලා පැටියව හුරතල් කර කර එහෙම කියද්දී මන් බේබිට අයියේ කියන වචනෙත් බර කරලම කිව්වා. ඒ මිස් ගේ හැට්ටේට රෙදි මදි වෙලාද කොහෙදෝ  පපුවෙන් භයායක්ම එළියේ. 

” මිස් කන්න එන්නැද්ද අපිට බඩගිනි “

” ආ හරි ටීච එන්නාම්. යන්නම් පැටියෝ. යන්නම් සර් ”

අම්බෝ ටීච කෙනෙක් කතා කරපු නිසා හොදයි ඉතින් . නැත්තම් නිදහසේ බත් කටක් වත් ගිල ගන්නේ කොහොමද.

” විරාජ් සර්ටයි විරාජ් සර්ගේ පැටියටයි ඒ මිස් හරීයට ආදරෙයි වගේනේ “

” නෑ නෑ ඒ එයාගේ හැටි නිලූෂ. ”

” එහෙමද  හා හා ”

වොෂ් රූම් එකටත් ගියපු අපි ආයේ බස්සෙකට නැග්ගේ නුරාදට අයිස්ක්‍රීම් එකකුත් අරන් දීලා. බේබී ඒකට බර බරේ ගෑවත් මන් නෙවෙයි ගනන් ගත්තේ.

..
.
.
.
.
.
..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

යාපනේට ආපු අපි ඉස්ස ඉස්සල්ලාම  නාගදීප විහාරේට යන්න බෝට්ටු වලට නැග්ගේ ළමයි ටිකත් බෝට්ටු වලට නගිද්දී .  කොච්චර මන් ලොකු වුනත් බෝට්ටු වලින් යද්දි නම් ටිකක් විතර හිත ගැස්සුනා. ඇයි දෙයියනේ මේක පෙරලිලාවත් ගියොත් කාට කියලා කියන්නද.

” පැටියව දෙන්න දැන් මන් ගන්න ”

නිලූෂ මේ වෙනකම් පැටියව තියන් හිටපු නිසා මන් අතට අරන් පැත්තකින් ඉද ගද්දි නිලූෂ ත් මයෙ ළගින්ම ඉද ගත්තා. විහාරස්ථානෙට ආවට පස්සෙ පුදුම සනීපයක් දැනුනේ නම්.

අනිත් ගුරුවරු ටික ළමයින්ට නාගදීප විහාරේ ගැන කියලා දෙද්දී මායි නිලූෂයි ටිකක් එහාට්ට වෙන්න ඉදගෙන හිටියේ නුරාද මයෙ පන්තියේ ළමයින් එක්කලා ඉද්දි.

” බේබී “

” ම් “

” මට සතුටුයි “

” ඇයි ”

මන් ඇයි කියලා අහද්දී නිලූෂ මගෙ දිහායින් ඇස් අයින් කරන් නුරාද දිහා බැලුවේ මට ලොකු කතාවක් කියන්න වගේ. එයාගේ ඇස් එක එල්ලේ ආයේ පාරක් මයෙ දිහාට එල්ල වෙද්දී මාත් එයා දිහාම බලන් හිටියා. මුහුදු හුළං නිසා හරි සනීපයි.

” බේබියි පැටියයි මන් එක්කලා ඉන්න නිසා ”
 
ඇත්තටම මටත් ගොඩක් සතුටුයි ඔයා අපි දෙන්නා එක්කලාම ඉන්න එක ගැන නිලූෂ. ඔයාට පුළුවන් තරම් අපි ළග ඉන්න පුළුවන් නිලූෂ.  ඒත් මේ බැදීම් තාවකාලික නම්. නිලූෂට කියන්න ඕනී ටික මන් හිතින් හිතුවේ එයා දිහාම බලන්.

” බේබී මන් කොහොම හරි රස්සාවක් කරලා තනියම ජීවත් වෙන්න පුළුවන් ස්ථාවරත්වයකට එනවා. හැමදාම මන් මේ විදිහට ඉන්නේ නෑ. ඉතින් බේ… “

” සර් එන්න යමු දැන් “

නෑ නිලූෂට ඉතිරි ටික කියන්න වුන්නෑ නුරාද අපෙ ළගට ඇවිල්ලා නිලූෂගේ ඔක්කට පනිද්දී කොල්ලෙක් ඇවිල්ලා දැන් යමුයි කිව්වා පාර අපි දෙන්නත් නැගිටලා එයාලා ළගට ගියා.

නිලූෂයි පොඩ්ඩයි තව කොල්ලෝ ටිකකුයි මොකක්දෝ කතාවක් දාන් ඉස්සරහින් යද්දි මන් නැවතුනේ තව ළමයි ටිකක් ලස්සන ලස්සන පොඩි පොඩි නිර්මාණ තියෙන කඩයක් ළග.

ඊලගට අපි ගියේ නගුලේශ්වරම් කෝවිල ළග තියෙන කීරමලේ පොකුණට. ළමයිනුයි ගුරුවරු අපි ඔක්කොමයි ගල් බැම්මේ ඉදන් දවල්ටත් කාලා අපි එතැනම තිබ්බ මුහුදේ රැල්ල පාගන්න ගියා. ළමයින්ට පොකුණ කෙසේ වෙතත් මුහුදු වෙරළේ නට නට හිටියේ සිප්පි කටු හිටන් අහුල අහුල.
හවස පහ කිට්ටු වෙද්දී අපි පේදුරැ තුඩුවට ඇවිල්ලා ඉර බහින දිහත් බලන් හිටියා. අටට විතර රෑට නතර වෙන්න අපි ආවේ පන්සලකට. ඒ පන්සල තිබ්බෙත් මුහුදු වෙරළට කිට්ටුව නිසා පරිසරයත් ගොඩක් ලස්සනයි.

” යමු තුන් දෙනාම එකට නා ගමු. නැත්තන් වෙලා යනවා. ”

වතුර පුරවපු ටැංකියකින් පිරිමි ළමයි ටික නා ගත්තට පස්සේ අපි තුන් දෙනාත් ඒ හරියට ගියේ නා ගන්න.

ටීචස්ලා ටිකයි ගෑන් ළමයි ටිකයි අපි එද්දී බතුයි සම්බෝලයි සැමන් හොද්දකුයි හදලා තිබ්බ නිසා ආපු ගමන්
අපි කරේ කන්න ගත්තු එක.

” සර් යමු වෙරළට අපි ගිනිමැලයක් ගහනවා. අයියත් එන්න. ”

” කෝ අනිත් කොල්ලෝ ටික උන් ටික ගියාද “

” ඔව් සර්. එයාලා දර දානවා. අනිත් සර්ලා දෙන්නත් එනවා කිව්වා සර් ”

කොල්ලා එන්න කියපු විදිහට නොයත් බෑ. නුරාද නම් දැනටමත් මන් අතේ නිදි කිර කිර ඉන්නවා.

” යමු අපි දෙන්නා ඉන්න නිසා පැටියට අව්ලක් නෑ. හැමදාම නෑ නේ ඉතින් ”

නිලූෂ එහෙම කිව්වට මොකෝ මන් එපැයි එතැන ගිහිල්ල නිදි කිරන්න. කොහොමින් කොහොම හරි අර කොල්ලාත් එක්කලා අපි එනකොට කොල්ලෝ ගිනි මැලයක් ගහලා වටේටම ඉදන් සින්දු කියනවා. එක සර් කෙනෙක් ගිටාර් එක ප්ලේ කර කර තමයි සින්දු කියන්නේ. මන් ගිහිල්ලා පැදුර අයිනකින් ඉද ගද්දි නිලූෂයි පුතයි ගිහිල්ල මට ඉස්සරහා පැදුරින් ඉද ගත්තේ අපි දෙන්නට දෙන්නා පේන විදිහට. ගිනි මැලේ නිසා අපිට පොඩිම සීතලක් වත් නොදැනෙන තරම් .

” සර් දැන් ඔයා සින්දුවක් කියන්නකෝ ”

” පුතේ මන් කොහොමද සින්දු කියන්නේ ආ… ඔයාලා කියන්නකෝ ”

” බෑ බෑ සර් මේ සර්ලා දෙන්නත් සින්දු කිව්ව එකේ ඔයාට බෑ කියන්න බෑ ”

මේ කොල්ලොත් මටම කොසු දෙනවනේ ඉතින්. නිලූෂ දිහා මන් බලද්දී එයා පෙන්නුවේ ගිටාර් එක. ඉතින් එයත් ඔය නොකියා කියන්නේ සින්දු කියන්න කියලා . ඒ අස්සේ සින්දු මතක් වෙන්නේත් නෑ මට

” ගිටාර් එක නම් ප්ලේ කරන්න දන්නෑ හැබැයි මන්. ”

” මන් ප්ලේ කරන්නම් ”

හෑ නිලූෂට ගිටාර් ප්ලේ කරන්න පුළුවන් කියලා මන් දන්නෙත් නෑ නේ. මගෙ ළග තිබ්බ ගිටාර් එක කොල්ලෙක් එයාට ගෙනිහින් දුන්නට පස්සේ නුරාදව එයාගේ එහා පැත්තේ වාඩි කරවලා ගිටාර් එක අතට ගත්තේ මයෙ දිහාට බැල්මක් දාලා.

” සර් සිතින් මා නොසැලී සින්දුව කියන්න ”

” ඒක කියන්න සර් මේ ලගදි අපෙ රැස්සිමේදීත් ඒකනේ කිව්වේ සර් “

කට්ටියම බල කරද්දී මයෙ දිහාම බලන් ඉන්න නිලූෂ දිහාට බැල්මක් දාලා ගිනි මැලේ දිහා බැලුවේ මයෙ හිත සැහැල්ලු කර ගන්න.

සිතින් මා නොසැලී හිදිද්දී
කදුල නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිදිනූ මැනවි

තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සීතේ
වැටුනු මහ වරුසා මතක් වේ
නුඹ රැදී දෑසේ

අවසාන පද පේලි දෙක කියද්දී නම් මයෙ ඇස් දෙක නිලූෂගේ ඇස් දිහාට ගියේ එයත් මයෙ දිහාම බලන් ගිටාර් එක ප්ලේ කරද්දී..

සිතින් මා නොසැලී හිදිද්දී
කදුල නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොවිදිනූ මැනවි

තවම මා නොදුටු සිනා කැන්
හමු නොවූ යාමේ
කදුල මට කරුණු කරන්නැයි
අයදිමි නිබදේ

සිතින් මා නොසැලී හිදිද්දී
කදුල නුබ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පිඩා
නොවිදුනූ මැනවි

මන් එයා දිහාම බලන් සින්දුව ඉවර කරද්දී එයත් මයෙ දිහා හිනා වෙවී දිලිසෙන ඇස් වලින් බලන් හිටියේ මයෙ හිත සතුටින් පිරිලා යද්දි.

ගුරුවරු තුන් හතර දෙනෙකුට වගේ කාමර තුනක් හම්බෙද්දී මායි නිලූෂයි නුරාදයි එක කාමරේකට ආවා. එහෙන්ම බිම පැදුරක් එලා ගත්ත මන් අපි තුන්දෙනාගේ කොට්ට තියද්දි නිලූෂ නිදා ගෙන ඉන්න පොඩ්ඩව හරි පරිස්සමින් බිත්තියේ අයිනට දාලා ඒ චූටි නළලට සිපුමක් තිබ්බේ මන් පැටියාගේ ඔලුව අත ගාද්දී.

” බේබි හාමු….. “

ඊලග කොටසින් එන්නාම්

බුදුසරණයි හැමෝටම ❤️❤️❤️❤️

             ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

              

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දොළොස්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දොළොස්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දොළොස්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දොළොස්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දොළොස්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දොළොස්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 13