À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පහළොස්වැනි කොටහා

A+ A-

” ම් à·„à·Š “

” ශ්  නිදා ගන්න මයෙ බේබී හාමු “

  මාව තද කරන් බදා ගෙන නිදන් ඉන්න බේබී හාමුගේ ඒ නළලට සිපුමක් තියෙලා ඇද අයිනේ කොට්ටයකුත් බදන් නිදා ගෙන ඉන්න පැටියටත් බැල්මක් දීලා ඒ ඇදෙන් හෙමින් සීරුවට බැස්සේ ඒ දෙන්නට කරදරයක් නොවෙන්න.

පාන්දර දෙකයි. ලාම්පුවේ දැල්ල අඩු කරපු මන් බේබී හාමුගේ දොරත් හෙමීට වහලා මන් මයෙ කාමරේ දිහාට ගිහිල්ලා දොරත් වහගෙන ලයිට් එක දැම්මා. මයෙ ඇද ඇතිරිලි සී සීකඩ එක කොට්ටෙකුත් බිම. ඇදත් අස් කරපු මන් මයෙ ඇස් ගෙනිච්චේ ආපහු සැරයක් මයෙ ඇද දිහාට. 

මීට පැය හය හතකට කලින් මයෙ ඇද මටයි මයෙ බේබී හාමුටයි මත් වෙච්ච හැගීම් වලින් පිරිච්ච ආල රග මඩලක් වෙලා තිබ්බා. තනිකරම මයෙ බේබී හාමු මාත් එක්කලා රාග රැගුම් පාන වෙලාවට මන් තරම් වත් පොඩිම ඉවසීමක් නැති තරම්.
අපෙ ආල රැගුමේ අන්තයට යන්නැතුව මගින් නතර කරේ ඒ දවස මට හරි ලස්සන දවසක මගේම පුංචි ගෙදරක මතක හිටින විදිහට ගන්න ඕනී නිසා.  ඒත් මයෙ බේබී හාමුට නම් ඒ ගැන වගේ වගක් නෑ. හරි අමාරුයි එයාව මට‍ ඒ වෙලාවේදී පාලනය කරන්න.
ලාම්පු දැල්ල පත්තුත් කරන් ලයිට් එළිය නිවලා දාපු මන් ඇදට පැන්නේ දැන් වත් හොදට නිදා ගන්න. හරි මහන්සි අද මට.

                      ………

” කොල්ලෝ කොල්ලෝ කන්න වරෙන්. පරක්කු වුනොත් කෑම නෑ. කොල්ලෝ නැගිටහාන් “

“  හරි නැන්දේ එන්නම් “

කමනි නැන්දා ගේ දොරට තඩි බෑවිල්ල නිසා හොද හැටියට නින්ද ගිහිල්ලා තිවුන මට‍ හතට දහයක් වගේ තියෙලා නැගිටුනා. එහෙන්ම කුස්සියේ පැත්තට අඩිය තිබ්බ මන් උණු වතුර කෝප්පයක් උගුරට හලන් මූණ ඩිංගිත්තක් හෝදන් කෙලින්ම ගියේ කෑම මේසෙට.

කමනි නැන්දා අද මුං ඇට දාලා රතු කැකුළු හාල් වලින් කිරිබත් හදලා.  උමම්බලකඩයි තක්කාලියි රතු ළූනු කෑලි වලට තෙලේ දාලා හදලා තිබ්බා. ඒ මදිවට කළුවට උයාපු මස් වැංජනයකුත් පැත්තකින් තියෙනවා දකිනකොටත් මයෙ කටට කෙල උනනවා .

” මොකෝ කොල්ලෝ පරක්කු අද. තාමත් නිදි මත බේරෙනවා “

මන් ළූනු මිරිස් බෙදා ගද්දි සෝමේ මාමා එහෙම කිව්වේ වතුර කෝප්පයක් තොල ගාමින්.

” රෑ ටිකක් පරක්කු වුනා මාමේ “

” අපේ අප්පේ කොල්ලෝ උබගේ බෙල්ලේ සතා කාලා වගේ ගන්න දෙයක් නෑ නොවැ “

මේ කමනි නැන්දත් බලන්නැති තැනක් නෑ නේ. හාමු මයෙ බෙල්ලත් ඊයේ ඉරුව නිසා පැල්ලම් හොද හැටියට හිටිලා ඇති.

” ආ නැන්දේ කොට්ටේ බූවෙක් ගිහිල්ලා ඇති ඒක නිසා වෙන්නැති නේද “

” ඒක තමයි කොල්ලෝ. ඔය කොට්ට මෙට්ට අව්වේ දාලා ඩිංගක් කර කරහන් බන්. ”

” ඒක තමයි “

විගහට විගහට බත් කටවල් ටිකක් ගිල්ල මන් කෙසෙල් ගෙඩි දෙකකුත් කාලා ළිදට ගියේ දත් මැදන් ඇග හෝදන්න.

” අ à·„à·Š ම්.. “

දෙයියනේ මයෙ පිටටයි පපුවටයි සීතල වතුර ටිකක් හැලුනු හැටියේ දැවිල්ල අල්ලන්න පටන් ගත්තේ මයෙ කටින් කෙදිරි ගෑවෙද්දී.  බේබීට කෑ ගහන්න බැරි නිසා පුළුවන් තරම් මයෙ පපුව හපන් ඉදලා තියෙන්නේ ඒ නිය වලිනුත් මයෙ පිට පහුරු ගාද්දී.  මයෙ බේබී හාමු තනිකරම ආම්බාන් කරන්න අමාරු දඩබ්බර කැලෑ දිවියෙක් වගේ.

මන් තේ වත්තට එද්දී අනිත් හැමෝම වගේ ඇවිල්ලා වැඩත් පටන් ගෙන. ලොකු හාමු පෙන්න නැති නිසා හොදා නැත්තන් මන් අද ඉවරයි. මයෙ මල්ල නුග ගහ යටින් තියෙලා සුනිල්ලා ඉන්න පැත්තට ගියේ ඊයේ ටිකක් ඉතිරි වුණු තේ ගස් වලට බෙහෙත් වක් කරන්න.

” ආ නිලුවෝ වරෙන් වරෙන් මොකෑ උබ කවදාවත් නැතුව පරක්කු ඈ “

මන් බෙහෙත් බාල්දියකුත් අරන් එනව දැක්ක සුනිල් කෑ ගහන්න පටන් ගත්තා.

” ටිකක් නින්ද ගියා බන් “

” මොකෑ උබට උණ සන්නියක්‌ වත් බෝවෙලාද බෙල්ලේ වටේ රෙදි කඩිත්තුවක් ඔතන් තියෙන්නේ ”

” නෑ බන් මයෙ බෙල්ල දන නිසා තෙල් ටිකක් උලන් රෙද්දකිනුත් වහලා තියෙන්නේ “

මන් ටිකක් සුනිල්ගෙන් එහාට වෙලා කොළ ඉති බල බලා බෙහෙත් වක් කරන්න ගත්තා.
අදත් හාමු කුරු කුරු ගාන්න පටන් ගනීද දන්නෑ එයාට කියලා ආවේ නෑ කියලා. මමනේ දන්නේ මට පරක්කු වෙච්ච පරක්කු විල්ල.   හනේ අම්මේ ලොකු බර මට ඒ නිසා නිදහසේ දාලා එන්නවත් බැරි වුනා.  හවසට යද්දි බඩ කොරවෙලා තිබ්බේ නැත්තන් හොදයි ඉතින්.  එහෙම වුනොත් ඉතින් කමනි නැන්දට කියලා සියඹලා ටිකක් මිරිකන් බොනවා හිර වෙච්ච එව්වත් එක්කලාම යන්න. 

” අයියේ මේකේ මුඩ්ඩ ඇරලා දෙන්නකෝ.  තද වෙලා නේ තියෙන්නේ “

මයෙ කල්පනාවත් බිදුනේ කොල්ලෙක් ඇවිල්ලා බෝතලේක මුඩ්ඩ අයින් කරලා දෙන්නයි කියද්දී. මේකා මේ මට වැඩට ආව දවසේ ඉදන් දමාගෙන අයියා අයියා ගෑවාට මොකෝ මට වඩා අවුරුදු තුන හතරක්‌ වැඩිමල් සුදු හීන් දෑරි ඇගක් තියෙන උස කොල්ලෙක්. හැබැයි මන් තරම් නම් උස නෑ.  නම නම් මතක විදිහට සපුමල් ද කොහෙදෝ .

” ආ “

” මන් යන්නම් අයියේ “

” ම් “

මන් ආයේ මයෙ වැඩ ටික කරන්න පටන් ගත්තේ මයෙ බාල්දියටත් බෙහෙත් වතුර ටිකක් වක් කරන්. ලා අව්ව නිසා සීතලක් නම් දැනෙන්නැති තරම්.  දණහිය ළගට වෙනකම් උස ඝණකම් හම් සපත්තු දාන නිසා කූඩැල්ලන්ගෙන් නම් කරදරයක් ඒ හැටියට නෑ.  අව්ව වැඩි වෙනකොට නම් අපි හැමෝටම පන් වලින් වියාපු ලොකු තොප්පි දීලයි තිබුනේ. ඒ නිසා වත්තේ වුනත් ඉස්සර වගේ නෙවෙයි අව්වෙන් වෙන හානියත් අඩුයි අපිට.

ලොකු හාමු එයා ළග වැඩ කරන අයට නම් මොනා නැතත් හොදට සලකනවා. ඒ නිසා වෙන්නැති කට්ටිය වුනත් තේ වත්තේ වැඩ හරි උනන්දුවෙන් කරන්නේ.
මේන්න කාලෙකින් නිර්මාල් තේ අරගෙන එනවා. 

නිර්මාල් කට්ටියගේ මැටි දීසි වලට පිට්ටු බෙදලා හොදි වක් කරද්දී සුනිලුයි සපුමලුයි පොල්කටු කෝප්ප වලට තම්බපු බෙලිමල් වක් කරන්න ගත්තා.

” අයියේ හකුරු කැටයක් එහෙම ගන්න”

” එපා සපුමල් ඇති “

මන් එහෙම කියලා බෙලිමල් උගුරු දෙක තුනක් දා ගත්තා විතරයි එතැන්ට ආපු නිර්මාල් මයෙ ළගින් වාඩි වුනා.

“  සපුමල්ට ගෑන් ළමයෙක් ඉන්නවා “

” ඇයි මට‍ කියන්නේ “

” නෑ මන් දැක්කා සපුමල් දෙතුන් තුන් වතාවක් අයියා දිහා බලනවා. හේතුවක්‌ නැතුව එහෙම කොල්ලෙක් තවත් කොල්ලෙක් දිහා බලන්නෑ නේ නේද “

” එහෙමද “

ඇත්තටම මට මේ නිර්මාල් එක්කලා කතා කරන්න තරම්වත් හිතක් නෑ. මොකද මන් කලින්  ආදරේ කරපු කෙනා මෙයා . ඉතින් මන් එයාව අමතක කරන්න සෑහෙන්න උත්සහ කරනවා. අනික මන් දැන් මයෙ බේබී හාමුට ඇත්තටම ආදරෙයි. මන් කැමති නෑ මේ මනුස්සයා හින්දා මයෙ හිත කිලිටි වෙනවට.

” කොහේද අනේ යන්නේ. මන් මෙතනින් ඉද ගත්තා විතරනේ “

” මට ටිකක් රස්නි “

එහෙම කියලා මන් පිගානෙත් අරන් සුනිල්ලා ළගට ගිහිල්ලා ඒ හරියෙන් වාඩි වුනා.

” මොකෝ අද අරුනි ආව නැත්තේ ආ ”

පිට්ටු කෑල්ලක් කටේ දාන් මන් සුනිල්ගෙන් එහෙම අහද්දී ඌ මයෙ දිහා බලන් හිනාවක් දුන්නා.

” අද එකී කිරි අම්මලා දිහා ගියා බන්. කිරි අම්මට සනීප නෑලු “

” ඉතින් ඒකට මොකෝ උබ හිනා වුනේ ආ “

“  නෑ බම්. අද එකී පොරේ මාත් එහෙ කැටුව යන්න. කිරි අම්මලා ඉන්නෙත් මේ ළග පාත. හවසටවත් යන්න ඕනී බලලා එන්නවත් බන් “

අද නම් හතර කිට්ටු වෙද්දී මට වැඩ ටික ඉවරයක් කරලා වලව්වට එන්න පුළුවන් වුනා.  දෙනුවන් පේර ගහ උඩ ඉදන් දෙව්මිට පේර කඩලා දෙනවා මන් බලද්දී . දෙව්මි සරමේ එක පැත්තකින් අල්ලන් ඉද්දී නුරාදත් එහා පැත්තේ සරම් කෝන් අත් දෙකෙන්ම අල්ලන් පේර වැටෙන කම් අල්ලන් ඉන්නවා.

” ඒයී අයියේ එනවකො ඩිංගක් “

මාව දැකපු දෙනුවන් මටත් කතා කරද්දී මන් ඒ පැත්තට ගිහින් සපත්තු දෙක ගලවලා කලිසමේ පටිය තද කර ගත්තා.    දිව්ල් ගෙඩි වගේ ලා කොළ පාට ඉදුනු පේර ගහේ පොකුරු පිටින් හැදිලා.

” මන් කඩන්නම්. බේබී පහළට බැහැලා දෙව්මි බේබී එක්කලා සරම හයියෙන් අල්ලන් ඉන්න එහෙනම් “

මන් එහෙම කිව්වට පස්සේ දෙනුවන් පහළට බැහැලා නුරාදගේ අතින් සරම ගත්තේ නුරාදත් පැත්තකට වෙලා තඩි ගලක් උඩින් ඉදන් අපි දිහා බලද්දී.

ගහේ අතු හයියයී වගේ. මන් අත්තෙන් අත්තට ගිහිල්ලා අත්තක එල්ලලා තිබ්බ ගිනිහිරියා කොක්ක අරන් පේර ගෙඩි දෙකක් ඇද්ද පාර ඒවා ලස්සනට සරමට වැටුනා. ඉදගෙන අපි දිහාම බලන් හිටිය නුරාදත් දුවගෙන දුවගෙන ඇවිල්ලා පේර ගෙඩි ටික අහුලන් බාල්දියකට දාලා ආයේ සරමට ගෙඩි වැටෙන කම් උඩ බලන් හිටියා.

” ඒයී ඒයී චූටි උඩ බලන්නෑ. ඇහැට දිම්බෝ වැටෙයි. “

” නා නේ “

” මෙහෙ බලන්න. ආං ගෙඩියක් වැටුනා ගන්න ගන්න ඉක්මනට “

“  අ  ලි “

ගහෙන් බිමට ආපු මන් පැටියව වඩා ගෙන උරපත්ත උඩින් වාඩි කරවද්දී කොල්ලා එයාගේ අත් දෙකෙන්ම මයෙ බෙල්ල බදා ගෙන හිනා වුනා.

” කයියෙක් විද්දද ආ පැටියාගේ “

“  ඕ  නෙ “

” කලින් දිබියෙක් කෑවා. ඔය කහලා කහලා තමයි රතු වෙලා ගිහින් තියෙන්නේ “

දෙව්මි බාල්දිය අතට අරගෙන මටත් එහෙම කියාගෙන වලව්ව ඇතුළට යද්දි දෙනුවන් මාත් එක්කම ආවේ පේර ගෙඩි දැම්ම සරමේ ඇලිලා හිටපු දිම්බොත් අයින් කර කර.

තාම පොඩි හාමු ස්කෝලේ වෙන්න ඇති. උසස් පෙළ ළමයින්ට හවස පන්ති කරලා ඉවර වෙද්දී කොහොමත් වලව්වට එද්දී පහත් පහු වෙනවනෙ.  මන් පැටියා එක්කලාම නාගෙන ඔන්චිල්ලාවට වෙලා ඉද්දී දෙනුවන් මැටි කෝප්පයකුත් අරන් ඇවිල්ලා මයෙ දිහාට දික් කරා. පේර කෑලි කරලා වේලිච්ච මිරිස් කරල් අඹරලා ලුණු කැට කුඩු කරලා දාලා.

” ම් පේන තරම් සැර නෑ සීනිත් ඇනුවා ඕකට ”

එහෙම කියාගෙන දෙනුවනුත් මයෙ ළගින් ඉදගෙන පේර කෑල්ලක් කටේ දා ගත්තා.

” රසයි. කවුද හැදුවේ “

” මන් ”

ඇත්තටම ඒ පේර රසයි. නුරාද නම් සැර නිසාද කොහෙදෝ ඒවා කන්නැතුව දෙව්මි දුන්නු මිදි ගිල ගිල ඉන්නවා.

” උයන්න පුළුවන්ද බේබීට “

” ටිකක්. ”

” ම් “

අපි තුන් දෙනා පේර කකා ඉද්දී මන් දැක්කේ ඈතින් වලව්ව පැත්තට එන ලොකුම ලොකු ලොරියක් .  ඒත් එක්කම වගේ මයෙ බේබී හාමුගේ බයික් කට්ටත් දකිද්දී මන් ඔන්චිල්ලා වෙන් ඉබේටම වගේ නැගිට්ටුනා.

” මොකෝ අයියේ මේ. චූටි බාප්පි කොහොමත් මෙතැනින් තමයි යන්නේ “

” නෑ මේ ලොකු ලොරියකුත් එනවා නෙ.”

” අපේ ආච්චිවත් මොනා හරි කඩේට ගිහිල්ලා ගේන්න කිව්වද මන්දා “

මට වගේම දෙනුවන්ටත් මේ පැත්තට එන ලොකු ලොරිය ගැන කුතුහලයක්‌ තිබ්බා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මන් නැගිටලා මයෙ නිලූෂව ඇදේ එහා පැත්තේ ඉන්නවද කියලා බලද්දී එතැන හිස් වෙලා තිබ්බේ මයෙ හිතේ නොරිස්සුමක් ඇති වෙද්දී.

අනේ පුදුම මනුස්සයෙක් නේ මෙයා ඊයේ රෑ මාවත් අවුස්සලා මාත් එක්කම දහඅට වන්නමුත් නටලා නටලා දැන් පේන තෙක් මානේ වත් නෑ. හරි ගල් හිතක් තමයි තියෙන්නේ. දැන් ඉතින් හවස පහ වෙනකම් වත් එයාව මට දකින්න බැරි වෙයි. මෙලහකට තේ වත්තේ වැඩට ගිහින් ඇති.

ඇත්තටම මන් ඊයේ එයාගෙන් මටත් වඩා තදේට කලබලයක් තියෙන ගතියක් බලාපොරොත්තු වුනත් එයා ඊට හාත් පසින් වෙනස්.  එයාගේ ඒ රාග හැගුම් මයෙන් පිට කරන්නේ හරි පරිස්සමට. මට‍ ඊයේ එයාගෙන් සීමාවක් නැතිව අනන්තෙට යන්න ඕනී වුනත් එයා ඒ මත් වෙච්ච වෙලාවේදීත් එයා එයාවම පාලනය කර ගන්න හදනවා. ඇත්තමයි හිතුනොත් මන් ආයේ රා පොල්කටු කෝප්ප දෙකක් පොව්වනවා එයාට.

” ඇයි නතර කරේ ”

” දැනට ඇති. “

අපි දෙන්නට දෙන්නා හොද හැටියට හැගීම් වලින් ඇවිස්සිලා තියෙද්දී එයාට දැන් ඇතිලු.  එයාගේ ඇස් වහගෙන ඉන්න ඒ කන්නාඩි දෙක මන් ගලවලා පැත්තකින් තිබ්බා.

” මට මදි “

” දැන් අටටත් කිට්ටුයි. කාමරේට යන්න බේබී හාමු “

” මට බෑ. ඔයාට ලාදුරු අනේ “

බැරිම තැන මන්ම ගලවලා දාපු එයාගේ ඒ සරම අරන් අපි දෙන්නගෙම දාඩියෙන් පෙගිණු ඇගවල් පිහ දාලා මන් ආයේ ඇදේ දිගා වෙලා ඉන්න එයාගේ ඇගට බර වුනේ එයත් මාව එයාගේ ඇගට ඇදලා ගද්දි. එහෙන්ම මාව ඇදේ පෙරල ගත්තු එයා මයෙ ඇග උඩට ඇවිත් මාව පිස්සු වට්ටන්න පටන් ගත්තේ මන් එයාගේ උරපත්තක් හයියෙන් හපද්දී. මට‍ බෙරිහන් දෙන්න බැරි නිසාම මන් ඒකත් පිට කරන්නේ මයෙ නිලූෂගෙන්. එයාගේ ඒ හුස්ම පාරවල් මාව තව තව මෝහනය කරනවා.

එයාගේ ඒ හැඩි දැඩි රළු ඇගිලි වල පහසින් මන් මයෙ හැගීම් වාන් දැම්මේත් ඒ අත් උඩමයි. එහෙන්ම මන් කෙදිරි ගාගෙනම එයාගේ ඇගට වැටුනේ මට ඒ සතුට තව තවත් ඕනී කියලා හිතෙද්දි. මේක උමතුවක් තනිකරම.

“  බ් බේ බි  හාමූ කාමරේට ගිහින් ඇග පත හෝද ග න් න. මට මෙතනින් එයාට යන්න බෑ දෙයියෝ.  මොකද මට හරි අමාරුයි මාව පාලනය කර ගන්න. මේ වලව්වේ කවුරුහරිම දැන ගත්තොත් අපි ගැන ම්. මන් මයෙ බේබී හාමුව මයේම ගෙදරකට හනික එක්කලා යන්නම්.  ලස්සන දවසක මේ මතක හිටින මේ සුන්දර මොහොත අපි දෙන්නම නිදහසේ රස විදිමු. තේරුනාද මයෙ බේබී හාමු. “

” ම් “

එයාගේ ඒ මූණෙන් ඇස් අහකට ගන්න හිතෙන්නැති තරම් මට‍.

” ම් ම යේ මහත් තයා “

” බ් බේ බි හාමු “

මන් මයෙ නිලූෂට මයෙ මහත්තයා කියද්දී එයාගේ ඒ අඩවන් වෙලා තිබ්බ ඇස් ලොකු වෙලා කටත් භාගෙට අරුනා. මට ආයේ ලැජ්ජා හිතුන නිසා මන් ඉක්මනට එයාගේ ඇගෙන් අයින් වෙලා බිම තිබ්බ සරමත් ඇදන් කමිසෙත් උඩින් දාගෙන කාමරේටම දුවලා ගිහින් වොෂ් රූම් එකට රිංගලා මන් මාවම නිරුවත් කර ගත්තා . මයෙ ඉනේ හරි ලස්සනට එයාගේ නිය පාරවල් දෙකක් හිටලා තිබ්බේ මට එයාව තව තව මතක් වෙද්දී.

” මොකෝ පුතා තනියම හිනා වෙන්නේ ආ ”

දෙයියනේ මන් ඔහේ කල්පනාවක ඉද්දි අම්මයි අප්පච්චියී දෙව්මියි දෙනුවනුයි අපේ අයියයි ඔක්කොමලාම කන එකත් නවත්තලා මයෙ දිහා බලන් ඉන්නේ මට තඩි කෙළ ගුලියක් ගිලෙද්දී. යසට තියෙයි මන් කල්පනා කරපු එව්වා මෙතැන දිග ඇරියොත්.

මයෙ පැටියා විතරයි පාඩුවේ එයාගේ පුටුවේ ඉදන් බිත්තර ගෙඩියක්‌ කකා ඉන්නේ.

” නෑ මේ අම්මේ ස්කොලේ මතක් වුනා මට ඒකයි හිනා ගියේ “

මන් එහෙම කියලා පිගානෙත් අරන් කුස්සියට ගියේ ඉක්මනට ස්කෝලෙට යන්න හිතා ගෙන.

“  සර් අද නම් සර්ට ජයයි වගේ “

මන් පන්තියට යන්න හදද්දීම මට හම්බුනේ එහා පන්තියේ පන්ති භාර මිස්.

” එහෙම එකක් නෑ මිස්.  මේ මට පරක්කුයි මිස් එහෙනම් හෙමින් හෙමින් එන්නකෝ. මට‍ ඉක්මනට යන්න ඕනී “

” ආ හරි හරි සර් යන්.  මාත් යන්නේ ඒ පැත්තට තමයි “

මේ මිස් නම් මලම ඇණයක් අප්පා. ඒ මිස් මයෙ පිටිපස්සේන් හති දදා එද්දී මන් පුළුවන් තරම් හයියෙන් අඩිය තියෙලා මයෙ පන්තියට ගියා.

ඉතින් මන් උගන්නන්න පටන් අරන් විනාඩි දහයක් ගියේ නෑ මෙයාලා ආයේ ට්‍රිප් එක ගැන කයිය ගහනවා. මේ ළමයි නම් අනේ මන්දා ඇත්තට.

” මනුජ කෑ ගහන්න එපා ළමයෝ “

” සර් නෙතුලිට ඔයාගේ මල්ලි ගැන මොකක්දෝ එකක් අහන්න තියේලු “

මගෙ ඇස් ගියේ රවාගෙන මනුජ දිහාම බලන් ඉන්න නෙතුලි දිහාට.

” අනේ මෙයාලගේ බොරු සර්.  “

” ඇයි තමුසේ ඉස්සල්ලා කියව කියව හිටියේ ඒ අයියාට කෙල්ලෙක් ඉන්නවද දන්නේ නෑ  වයස කීයද දන්නෑ සර් ආවොත් අහන්න ඕනී කියලා. දැන් අහපන් ඉතින් “

“  අනේ මේ මනුජ මන් කියන්නේ ඉතින් තමුසේ ගැන හොදේ. “

“  අනේ තෝ දන්නවා මන් ගැන. මහා ලොකු අම්මණ්ඩි නේ “

” ඇයි එදා ඔයයි චමිරුයි වලව්වට ගියේ බොරුවට සර්ව හොයා ගෙන  අලුතින් ආපු දෙනුවන් මල්ලිගේ නංගි බලන්න “

” මේ පොළව පලන් යන්න එපැයි චමි මේකි හදන බොරු පද වලට “

මටත් දැන් නේ මතක් වුනේ මන් හන්දියට ගිහින් ඉන්න වේලාවේ මයෙ පන්තියේ ළමයි දෙන්නෙක් අම්මා ආවා කියලා කිව්ව නම් තමයි.

” ආ ළමයි කට වල් පියා ගනිල්ලා. ඊලග පාඩමට යමු. “

” අනේ සර් ඇත්තටම ඔයාගේ මල්ලිගේ නම මොකක්ද එයා දීගේ ගිහිල්ලද ඉන්නේ සර් ”

මන් කොහොමද මුන්ගේ ඔලු වලට මේ පාඩම් ටික දාන්නේ ඉතින්. එහෙන්ම පොත පැත්තකින් තිබ්බ මන් මගෙ ගුරු පුටුවේන් වාඩි වෙලා ළමයි දිහාට බැල්මක් දැම්මා.

” එයා නිලූෂ සත්සිදු . වයස විස්සයි දැන් හරි නේ පාඩමට යන්. ”

මන් එයා ගැන තව කියයී කියලා හිතලා වෙන්නැති ළමයි ඇස් කන් යොමාගෙන මයෙ දිහාම තව තව බලන් හිටියේ.

” එයාට දීග යන්න නම් කෙනෙක් ඉන්නවා “

මන් එහෙම කියද්දී මනුජලා හිනා වෙනවා මන් ඇස් කොනින් දැක්කා.

හවස මන් වලව්වට යද්දිම වගේ ඉස්සරහින් වලව්ව පැත්තටම යන ලොකු ලොරියක් හම්බුනේ ඒකේ දූවිලි වලින් මයෙ වාහනේ නෑවිලා යද්දි . අම්මා මොනා හරි හන්දියට ගිහිල්ලා ගෙන්න ගන්න ඇති.

“  මහත්තයා………කෝ මේ මහත්තයා කමනි ආවා නම් විගහට “

මට ඈත ඉදන් ඇහුනේ අම්මගේ කන්දොස්කිරියාව. මන් වාහනේ ඇතුළට දාද්දීම වගේ දැක්කේ ඔන්චිල්ලාව ළගට වෙලා මයෙ පැත්ත බලන් ඉන්න මයෙ නිලූෂවයි ඔන්චිල්ලාවේ ඉදගෙන මොන මොනවදෝ ගිලින මයෙ පැටියයි දෙනුවනුයි.

එයාලවත් මන් අඩ ගහගෙන ගියේ අඹ ගහ යට නතර කරලා තියෙන ලොකු ලොරිය  ළගට.

අපේ අම්මා ආයේ වතාවත් බෙරිහන් දෙද්දී අපේ අප්පච්චි විතරක් නෙවෙයි අයියයි දෙව්මියි වලව්වේ වැඩ කරන තුන් හතර දෙනෙක්ම මෙතැන්ට දුවගෙන දුවගෙන ආවා.

” මොකෝ මැණිකේ…..  ආ මෙයාලා නේ මේ ඇවිල්ලා තියෙන්නේ. “
 
අප්පච්චි අම්මට කතා කරගෙනම එද්දීම ලොරිය දැකල එයා හිනා වුනා. එහෙනම් අප්පච්චි තමයි මේවා ගෙන්නලා තියෙන්නේ.

” මොනවද මහත්තයෝ මේ ගෙනල්ල තියෙන්නේ ආ…. “

” අයියෝ කෑ ගහන්න එපා මැණිකේ. මේ මන් ඊයේ ගිහිල්ල එද්දීයී මේ කැටයම් දාපු කළුවර ලීයෙන් හදපු මේසේ දැක්කේ.  ඉතින් මන් මේ ඒක ගෙන්න ගත්තා. බලාපල්ලකෝ ඒකෙ හැඩ. ඒකටම කියාපු ලොකු පුටු දහයක්ම තියෙනව නොවැ මැණිකේ  “

” අනේ මන්දා මහත්තයෝ ”

ඒ මේසේ ඇත්තටම හරි ලස්සනයි. හැබැයි ලස්සනට වඩා තේජාන්විත පෙනුමක් තමයි තියෙන්නේ මේසේ නම් . ඒක නිසා වෙන්නැති අප්පච්චිත් මේකට වහ වැටිලා තියෙන්නේ.

” කොල්ලෝ මේ පැත්තින් ඕක අරන් ආවා නම්.  පරිස්සමින් පරිස්සමින් අරන් වරෙන් බන් “

අප්පච්චි මේසේ ගෙනල්ලා ඉස්සරහ සාලේ පැත්තේ තිබ්බ නිදහස් කොටසෙන් තිබ්බේ   ජනේලෙන් එළිය පැත්තත් හොද හැටියට පේන විදිහට.

“  ලොකු හාමු මේක නම් කලින් එකට වඩා හරි පෙනුමයි නොවෑ. වලව්වටම කියලා හදාපු එකක් වගේ හාමු දෙයියෝ”

” මන් ඒකනේ ගුණේ ගත්තේ ඉතින් . අපේ මැණිකේ නම් ඒ හැටි මනාපයක් නෑ වගේ “

අපේ අප්පච්චි අම්මා ළගට ගිහිල්ල එහෙම අහද්දී අම්මා ආයේ බැලුවේ අලුතින් ගෙනාපු ගාම්භීර මේසේ දිහා.

” මයෙ අප්පච්චි දෑවැද්දට දීපු අර මේසේ තරම් නම් මට නම් මේ මේසේ  ඒ හැටි පෙනුමක්‌ නෑ මහත්තයා ”

අම්මටසිරි අපේ අම්මා බලන්න එපැයි. අප්පච්චිගේ මූණත් තහඩුව දෙල් වෙලා ගිහිල්ල ඒ ඇස් අපේ පැත්තට හැරුනේ අයියයි මායිත් මූණෙන් මූණ බලා ගනිද්දී. 

අපේ අම්මත් කහට ඩිංගක් වක් කරන්නම් කියලා කමනි නැන්දත් එක්කල කුස්සියේ පැත්තට යද්දි දෙව්මි ගිහිල්ලා අපේ අප්පච්චිගේ අත් ගොබේක එල්ලුනා.

” ඔයා ඇල් පෙනිති තුඩක් තරම් වත් හිතේ කහටක් දුකක් තියා ගන්න එපා සීයා අප්පච්චි.  ඔයාගේ මැණිකේ මේ මේසෙට අකමැති වුනාට මේ ලොකු මිණිබිරි නම් හරි මනාපයි. “

” ඇත්තටම ”
  
අපේ අප්පච්චි ගේ මූණේ ආයේ හිනාවක් ඇදුනා. හැබැයි ඒකත් ටික වෙලාවයි තිබ්බේ ඊලගට දෙව්මි කිව්ව දේත් එක්කලා නිලූෂටයි දෙනුවන්ටයි අම්බානෙට හිනා යද්දි අප්පච්චි අපේ අයියගේ මූණ බැලුවේ මන් කටත් ඇරන් දෙව්මි බබා දිහා බලද්දී.

“  සීයා අප්පච්චි මේ එකම මිණිබිරි වෙනුවෙන් ඔය මේසේ මන් දීග යන දවසට මයෙ දෑවැද්දට දෙන්නකෝ.  එතකොට ඔයත් සතුටින් ඔයාගේ කෙල්ලත් සතුටින්. මාත් සතුටින්.  “

         ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ගිහින් එන්නම් යාලූලා 💗💗

බුදුසරණයි හැමෝටම 🙏🙏

වෝට් අදහස් වලට ගොඩාරියක් ගොඩාරියක් ස්තුතියි 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

…………………………………………………..

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පහළොස්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පහළොස්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පහළොස්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පහළොස්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පහළොස්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පහළොස්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 16