À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිපස්වැනි කොටහා

A+ A-

” මන් මෙයාට බෙහෙත් දාන්නම් දරුවෝ. ඔයා පොඩ්ඩක් වත් බය වෙන්න කරදර වෙන්න ඕන්නෑ නිර්මාල්. මේ වලව්වේ මෙයා කොයිම වෙලාවේවත් තනිවෙලා නෑ. මන් බලා ගන්නම් මෙයාව. නිලූෂ ඔයාගේ අතට දාන්න ඕනී බෙහෙත් මයෙ කාමරේ තියෙන්ටේ. නිදා ගන්න කලින් එන්න “

එහෙම කියෙලා පොඩි බේබී හාමු ආයේ හැරිලා යද්දි නිර්මාල් බලන් හිටියේ මයෙ දිහා.

කොල්ලට මොනා හිතුනද දන්නෑ මයෙ හාමු මහත්තයා අරෙහෙම කියද්දී. ඒත් වැඩි වෙලා යන්ට කලින් ඒත් එක්කම මයෙ ළගට ඇවිල්ලා මයෙ කකුලක් බදා ගත්තේ නුරාද වෙද්දී නිර්මාල් අපි දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බැලුවේ වෙන්නේ මොකක්ද කියලා හිතිලා වෙන්නැති.

” ආ මේ නිර්මාල් මට‍ යන්න ඕනී වතුර ටිකක් බොන්න ආවේ. “

මන් වතුර ටිකකුත් බීලා පැටියා එක්කලා මයෙ කාමරේට ආවේ නිර්මාල් අපෙ දිහාම බලන් ඉද්දි.

” පැටියෝ අප්පච්චි නේද ආ අයියා ළගට මයෙ චන්ඩි කොල්ලව එව්වේ ආ ”

මන් ඒ කම්මුලට හාද්දක් දීලා එහෙම කියද්දී කොල්ලා හිනා වෙලා මයෙ ඇදෙ පෙරලුනේ එයාගේ චූටි වලස් පැටියවත් බදා ගෙන.

” අහ්හ් බේබී හාමු à·„à·™ මින් “

” ඉන්ට පොඩි එකෙක් වගෙ බෙරිහන් දෙන්නැතුව. ඕන් දැන් ඉවරයි “

අතේ තිබ්බ තුවාලේට දමාගෙන හාමු මහත්තයා බෙහෙත් දාද්දි මට හික් ගෑවුනේ බෙහෙත් වලට දැවිල්ල අල්ලන්න පටන් ගත්ත නිසා.

” නුරා…. ද පැටියෝ මේක කබඩ් එක ඇතුළට දාන්න “

පුංචි මේසෙට වෙලා කතන්දර පොතක්‌ බලාගෙන රූප වගයක් ඇද ඇද හිටපු චූටියාට කතා කරත් හරි ඒකා දුවගෙන දුවගෙන ඇවිල්ලා හාමු අතේ තිබ්බ බෙහෙත් පෙට්ටිය අරගෙන කබඩ් එක ඇතුළට දැම්මා.

” මොකෝ පැටියා දිහා බලන් කරන්නේ ආ… ”

නුරාද දිහා බලන් හිටපු මට හාමු එහෙම කියද්දී මන් බැලුවේ හාමු දිහා .

” මේ අවුරුද්දත් ඉවර වීගෙනනෙ එන්නෙ. ජනවාරි පෙර පාසලට පැටියව භාර දෙන්න වෙයි නේද හාමු “

” මන් බැලුවා නිලූෂ. හන්දියේ හොද පෙර පාසලක් තියෙනවා. ඒකෙ උගන්නන්න ගුරුවරු දෙන්නත් සැර නෑ කියලා නම් කිව්වා කට්ටිය. ඒකට තමයි මන් දාන්න හිතන් ඉන්නේ “

” ඒක හොදයි බේබි ”

පැටියටත් නිදි මත වෙලාද කොහෙදෝ හාමු වොෂ් රූම් එකට ගිය අතරේ පුටුවෙන් නැගිටලා ආපු නුරාද ඇදෙ ඉදගෙන හිටිය මයෙ ඔක්කට පැනලා ඔලුව උරහිසේ ගහගෙන ඈනුම් යවන්න පටන් ගත්තා.

” නුරාද විස්කෝතු කාලා කුක්කු එකක් බිව්වද ආ පැටියෝ… “

” ඔ “

තුවාල අතත් පරිස්සම් කරගෙන චූටි පැටියා ඇදෙ අයිනෙන් තියෙලා ඔලුව අත ගාන්න ගත්තත් හරි පැටියා කරේ මාව තව තව එයා ළගට ඇද්ද එක වෙද්දී මන් එයා ළගින් හාන්සි වුනා. ඒත් එක්කම එයාගේ චූටි කකුලකුයි චූටි අතකුයි මයෙ ඇගටත් දා ගෙන ඒ ඇබ්බිත්තන් මූණ මයෙ නිරුවත් පපුවේ ගහ ගත්තා වෙද්දී මන් කොල්ලව තව ටිකක් තුරුල් කරන් ඒ ඔලුව සිප ගෙන අත ගාන්න ගත්තා වෙද්දී බේබිත් වොෂ් රූම් එකේ ඉදලා එළියට ආවා.

” පැටියා නිදිද ආ “

” ම් බේබීට මෙතැන ඕනිද ම් “

” එපා ඔහොම ඉන්න “

බෙල්ල ටිකක් හරෝලා හාමුට මන් කතා කළේ පැටියා මාව බදන් හිටිය නිසා වෙද්දී බේබිත් මයෙ ළගින් හාන්සි වෙලා එයාගේ අතකුත් මයෙ ඇග වටේ දා ගත්තා. රස්නි නැති නිසා හොදයි තුන් දෙනාටම බදන් නිදා ගන්න.

” නිලූ à·‚….. නිලූෂ… ”

” ම් ”

” ඔයාගේ ඇග රස්නි. දිය බත් ටික කාලා බෙහෙත් ටික බීලා නිදා ගන්න ආයේ නිලූෂ “

බේබිගේ කටහඩ ඇහුනත් මයෙ මුළු ඇගම රිදෙන්න ගනිද්දී ඇස් වත් ඇර ගන්න මට‍ අමාරු වුනා.

” ම් ම න් කාමරේ ට ය න්… “

” කොහෙවත් යන්න ඕන්නෑ. ඕක බීලා බෙහෙත් ටික බොන්න නිලූෂ “

හාමු මයෙ ෂීට් එකත් අයින් කරලා අතට දුන්නේ දිය බත් කෝප්පයක් වෙද්දී මන් ඒකෙන් උගුරු දෙක තුනක් බීලා එයා දුන්නු බෙහෙත් ටික බීලා ඇදෙ හාන්සි වුණත් හරි බේබී මයෙ අතේ ඔතාපු රෙදි කඩත් ගලවලා දාලා සුද්ද කරලා බෙහෙත් ටික උලාපු හැටි බලන් හිටියේ මට‍ ඒ බෙහෙත් සැරටම නින්ද යාගෙන එද්දි.

” පෙරවන්න එපා හොදද. ආයේ උණ ගනීවි මයෙ කොල්ලට ”

මයෙ ඇස් පියවෙද්දී මන් යාන්තමට වයේ දැක්කේ මයෙ මූණ දිහාට පාත් වුනු එයාව.

…………………………………….

මන් නැගිටලා බලද්දී මයෙ පැටියා හොදට නිලූෂගෙ ඇග උඩටම ඇවිදිල්ලා බෙල්ලත් බදන් නිදි. හප්පේ එයාගේ තුවාලේ දැනුයි මට‍ මතක් වුනෙත්. ඒත් එක්කම ඇදෙන් නැගිට්ට මන් හෙමින් සීරුවේ පැටියව ඒ ඇගෙන් අයින් කරත් හරි එයාගේ ඇග රස්නි වෙලා කියෙලා දන්නෙත්.

පැටියව මෙහාට්ට කරලා කොට්ටෙකුත් තියෙලා මන් ගියේ කුස්සියේ පැත්තට

” නැන්දේ මට‍ දිය බත් එකක් හදලා “

” බේබී නැගිට්ටද.. දැන් උයාපු බත් ඩිංගක් ඇරන් මන් විගහට හදලා දෙන්නම්කෝ එහෙනම් පොඩි බේබී ”

දිය බත් එකත් මන් අරන් ගිහිල්ලා නිලූෂව නැගිට්ටවලා දිය බත් එකත් දීලා ගියේ එයාගේ බෙහෙත් ටික ගන්න. එයා ඒක බීලා මන් දුන්නු බෙහෙත් ටිකත් බීලා ඇදෙ ඇලවෙද්දී මන් එයාගේ අතට ආයේ බෙහෙත් දැම්මේ පරිස්සමින් රිදෙන්නැති විදිහට.

බෙහෙත් සැරටමද මන්දා කොල්ලයේ ඇස් පියවීගෙන එද්දි මන් ඒ මූණට නැඹුරු වෙලා සිපුමක් තියෙලා ගියේ මූණ හෝදන්න.

” පොඩි ඉස්කෝලේ යන්නැද්ද අද “

පැටියයි මායි මේසේ කකා ඉද්දි අම්මා එහෙම ඇහැව්වා වෙද්දී මන් නැහැයි කියලා කිව්වේ නිලූෂ ළග අද මන් ඉන්න ඕනියි කියෙලා හිතුනු නිසා.

” අප්පච්චි තේ වත්තට යන්නැද්ද අද “

මිදුලට වෙලා පුවක් ලෙලි ගගහා ඉන්න අප්පච්චි අද වත්තේ වැඩ බලන්න ගිහිල්ලා නැහැ වගෙ.

” හවස් වෙලාම යනවා පොඩි. මයෙ කකුලක් මොකක්දෝ වෙලා වයේ නොවෑ”

” මහත්තයෝ තේ ටික බීලා හිටහන්. පොඩි උබටත් කහට එකක් ගේන්නද දරුවෝ. “

” එපා අම්මේ ”

අප්පච්චියි මායි කතා කර කර ඉද්දි අම්මා කහට කෝප්පයක් දීලා ඔන්චිල්ලාවෙන් ඉද ගත්තා වෙද්දී මාත් පැත්තකින් ඉද ගත්ත. චූටියා නම් පේන්නවත් නෑ එළියේ නම්. ඇතුළට වෙලා ඇති.

” ඈ හාමිනේ අප්පුච්චයෙ මාතලේ තියෙන ඉඩම් ඔප්පුව නෑ නොවෑ. මන් මේ දවස් ටිකේම මුළු වලව්වෙම හෙව්වත් මට‍ හම්බුන්නෑ “

” එහෙම කොහොමැයි වෙන්නේ හාමුගේ පෙට්ටගමක් අස්සේ වත් ඇති. මාත් ආයේ සැරයක් බලන්නම්කො “

එදා අනිත් ඔප්පු ටිකම අප්පච්චි මයෙ නමට හැරෙව්වත් මාතලේ ඉඩම් ඔප්පුව තිබ්බේ නැති නිසා ඒක හරවන්න බැරිව ගියා. මන් කොච්චර අමනාප වුණත් වැඩක් වුනේ නෑ අප්පච්චි මටමයි ඒ ඔක්කොම ඔප්පු ටික දුන්නේ.

” පොඩි එකාව ඉස්කෝලේ ලබන අවුරුද්දේ යවනවද පොඩි “

” පෙර පාසල් දාන්නේ අප්පච්චි “

” කතා කරන්න බැරි වෙද්දී කොහොමැයි පොඩි පෙර පාසල් යවන්නේ. ඒකා කොහොමද පොත පතේ වැඩ වත් හරියට කරන්නේ “

” හාමිනේ ඒක මේ අප්පයි පුතයි බලා ගනීවි. මයෙ මැණිකේ කරදර වෙන්න ඕනී නැතුවා “

අම්මා පොඩි එකා ගැන කියවන්න හදද්දීම අප්පච්චි අරහෙම කිව්වා වෙද්දී මන් නිහඩවම ඈත බලාගෙන හිටියේ නුරාද ගැන හිත හිතා.

” පොඩි බේබී මොකෑ මේ පැත්තට ආවේ”

මන් ටිකක් සෝමේ මාමලා වැඩ කරන තේ වත්ත පැත්තට ගියේ කම්මැලිකමටත් එක්කලා වෙද්දී සෝමේ මාමා මාව දැකලා මේ පැත්තට ආවා.

” නෑ මාමේ මන් නිකන් මේ පැත්තට ආවේ “

” යන් බේබී මොනා හරි කමු නුග ගහ යටට ගොහිල්ලා “

මාමත් එක්කලා නුග ගහ යටට ගිහිල්ලා වන්ඩු ගෙඩියක් කකා කොත්තමල්ලි කෝප්පයක් තොල ගගා ඉද්දි මන් දැක්කේ ටිකක් එහාට්ට වෙන්න ගලා ගෙන යන දොළ පාර වෙද්දී මට‍ මතක් වුනේම මයෙ පැටියා ඉස්කෝලෙදි ඇන්ද ඒ චිත්‍රෙ.

මන් එයාව දෙතුන් තුන් සැරයක් විතර වගෙ මෙහාට්ට එක්ක ඇවිදිල්ලා තියෙනවනේ. කොල්ලා ඒක මතක තියා ගෙන අදින්නවත් ඇති. ඒත් ඉතින් මොකට කොන්ඩේ ගෙඩියක් ගහන් ඉන්ට කෝටු කිතයි බබෙක් ඇදලා තිබ්බද දන්නෑ. මයෙ කොන්ඩේ වත් ගෙඩියක් ගහන් ඉන්න පුළුවන් තරමට මහ ලොකු දිගකුත් නෑ නෙ. අනික අනිත් කෝටු කිතයි බබත් අර කෝටු කිතයියට වඩා ගොඩක් පොඩි. නිලූෂ නම් මේ දවස් ටිකට මට වඩා ටිකාක් උස ගිහිල්ලා මහත් වෙලා තිබ්බා වෙද්දී පැටියගේ චිත්‍රෙ හිටියේ අපි දෙන්නා නෙවෙයි කියලා මට‍ තේරුනා.

” මොනාද අප්පේ අපේ පොඩි බේබී ඔය හැටි කල්පනා කරන්නේ “

” මාමේ අපි ඉපදෙන්න කලින් අපෙ වලව්වේ කවුද හිටියේ “

මන් කෝප්පෙත් තියෙලා එහෙම ඇහැව්වා වෙද්දී සෝමේ මාමා මයෙ දිහා බලලා ගලක් උඩින් ඉද ගත්තා.

” මන් බේබී ඔය වලව්වට එද්දි බේබීට ඕන්නම් අවුරුදු හතක් විතර ඇති. බේබිලා ඉපදෙන්න කලින් නම් මන් ආවේ නෑ නොවෑ. කොහොමත් ලොකු හාමු ඒ දවස් වලම වලව්වේ වැඩට ගොඩක් අය අලුතින් ගත්තා. ඒ දවස් වල හැබැයි ලොකු හාමුගේ අප්පච්චියි අම්මයි නම් දෙන්නම ලෙඩ ඇදෙ හිටියේ. ඒ දෙන්නා ඇර මන් ආයේ කවුරුත් දැක්කේ නෑ නොවෑ ඔය වලව්වේ ඉන්නවා පොඩි බේබී. “

” කමනි නැන්දා වැඩ කරන්න එන්න කලින් කවුද මාමේ වලව්ව ඇතුළේ එහෙම වැඩ කරේ “

” ඒ විස්තර නම් මන් මොකුත්ම දන්නැතුවා පොඩි බේබී “

සෝමේ මාමා ආයේ වැඩ කරන්න යද්දි මන් ඒ දොලෙන් අතපයත් හෝදන් වලව්වට ගියේ ඉක්මනට නිලූෂ ගැන බලන්න. මන් යද්දි කමනි නැන්දා ළිදෙන් වතුර ඇද ඇද පැටියව නාවනවා වෙද්දී නිලූෂත් ඒ ළගම ගලක් උඩ ඉදගෙන කමනි නැන්දා එක්කලා මොන මොනාදෝ දොඩවනවා.

” කොහෙද උබ ගිහිල්ලා හිටියේ පුතා ආන් අරහේ පොඩි එකා උබව හැමතැනම හොය හොයා හිටියේ. ඒකා මයෙ කාමරේටත් ඒකගේ අප්පච්චි හොයන් එන්න හදද්දී ඕන් අම්මා දැකලා කෑ ගැහුවා ඒකට “

අයියෝ මන් එච්චරයි වලව්වෙන් පිට ගියේ පොඩි එකා මාව හොයලනේ. අපරාදේ පැටියා මා එක්කලා ගෙනියන්න තිබ්බේ.

” අප්පච්චි මන් තේ වත්තට ටිකක් ගිහිල්ලා ආවා “

” ම් මාත් දැන් එහෙට්ට යන්ඩ කියෙලා තමයි ඉන්ටෙ “

එහෙම කියෙලා අප්පච්චි යන්න යද්දි මන් ගියේ මයෙ කාමරේට. උදේ තිබ්බ විදිහට නෙවෙයි දැන් කාමරේ තියෙන්නේ. පිළිවෙලකට හරි ගස්සලා ඇදුම් ටිකත් නවලා දාලා. නුරාද කමනි නැන්දටවත් කියෙලා අස් පස් කරගන්න ඇති. වටපිට බැලුවත් හරි තමයි මන් දැක්කේ මයෙ ඇද උඩ තියෙන මෙරුම් පාට පොත. පොතක් නෙවෙයි ඒක ඇල්බම් එකක්. ලස්සනයි ඒක. නුරාද එහෙනම් අපිට ඇල්බම් එකක් ඇරගෙන.

” බේබී කොයි වෙලේද ආවේ. කොහෙද මෙච්චර වෙලා හිටියේ. පැටියයි මායි දෙන්නම බේබී හාමුව හෙව්වා”

පැටියාත් එක්කලාම කාමරේට ආපු නිලූෂ එහෙම කියවන් ගියා වෙද්දී නුරාද මයෙ ළගට ඇවිල්ලා අතේ තිබ්බ ඇල්බම් එක අරන් බලන්න ගත්තා.

” වත්තට ගියේ. දැන් නිලූෂ ඔහොම ඉන්නේ උණ හොදයිද ආ… තුවාලේ කොහොමද රිදෙනවද “

” උණ නම් හොදයි ඉතින්. ඒත් තුවාලේ ටිකක් රිදෙනවා වයේ මයෙ හාමු. “

අමෙ අම්මේ මයෙ ළගට හෙමින් හෙමින් අඩිය තිබ්බ එයා මයෙ මූණට පාත් වුණත් හරි මන් බැලුවේ ඇද උඩ පෙරලිලා අපි තුන් දෙනාගේ ඇල්බම් එක බලන නුරාද දිහා.

” ඉස්සෙල්ලම කියන්නකෝ කොහොමද මෙහෙම අත තුවාල වුනේ කියලා ආ…. තව කොහෙද කියලත් කියන්නකෝ මහත්තයට මන් අරන් දුන්නු කන්නාඩි දෙක දැම්මේ කියෙලා “

එයාගේ පපුවටත් ඇගිල්ලෙන් තට්ටුවක් දාලා එහෙම කියද්දී එයා කළේ වහලෙ උළු ගණන් කරපු එක වෙද්දී මන් ආයේ නිලූෂට කතා කරත් හරි ගොන් හිනාවක් දාලා එයා ඔලුව කැසුවා.

” නි ලූෂ…. “

” ම් මේ ඒක බේබී මයෙන් අර ගත්තා………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………… “

එයා එදා වෙච්ච සිද්දිය මට ඔක්කොම කිව්වත් හරි මට කේන්ති ගියා. උන් කොහොමද මයෙ එකාට එහෙම කරන්නේ. පොඩි විහිළුවක් වත් කරාවද්ද.

” උන් ඔයාට ගැහැව්වද ආ “

” නෑ නෑ බේබී මන් කිව්වනේ මන් දුවන්න හදද්දී වැටෙන්න ගිහිල්ලයි අත තුවාල වුනේ කියෙලා.. අනික මට‍ කන්නාඩි දෙක අද දෙන්නම් කියෙලා කිව්වා මන් ගියෙ නැතුවට. ඒක එච්චර දෙයක් නෙවෙයි මයෙ හාමු “

” ඔයාට ඔච්චරම පේන්නැද්ද නිලූෂ… එච්චර දෙයක් නෙවෙයි කියන්නේ කොහොමද මෙහෙම මෙච්චර අත තුවාල වෙලා තියෙද්දී. රැග් එකක් දෙනවා කියෙලා ඔහොම කරනවද ආ.. අපි යමු නිලූෂ පොලීසියට. “

මේ නිලූෂ ලොකු දෙයක් පොඩි කරලා මට‍ කියනවද කියෙලා කව්ද දන්නේ.

” පිස්සුද හාමු ඒකට පොලීසි ගානේ යන්න ඕන්නෑ. ඔය අපිට රැග්කාලේ වෙනකම් විතරයි. අනික ඒ රැග් එකක් නෙවෙයිනෙ මට‍ කළේ . මයෙ අතින්මනේ තුවාලත් වුනේ “

” ම්.. ”

මන් වැඩිය මොකුත්ම ආයේ නොකියා මයෙ ඔලුව ඒ බෙල්ල අස්සේ ගහ ගත්තේ එයාගේ තුවාල නැති අතත් මයෙ ඉන වටේ පැටලෙද්දී.

” මට‍ ආසා හිතුනා ඒ ඇල්බම් එකට. හරි ලස්සනයි නිලූෂ ඒක. කොහොමද අනෙ මන් හංගලා තිබ්බ ෆොටෝ ටික හොයා ගත්තේ ආ “

” පැටියයි මායි අස් කරද්දි තමයි හම්බුනේ මට‍ ෆොටෝ ටික. මන් ඉතින් අස් පස් කරලා ඉවර වෙලා නුරාදයි මායි ඇල්බම් එක අස්සට අපි තුන් දෙනාගේ ෆොටෝ ටික දැම්මා “

” කමනි නැන්දා හිටියෙම නැද්ද ආ.. තුවාලේ ති…. “

” ආයේ කෑ ගහනවනේ මයෙ බේබී හාමු. මන් විතරක් නෙවෙයි චූටියත් අස්පස් කරා. පොඩි එකාට දැන්ම ඉදලා ඒ වැඩත් පුරුදු කරන්න ඕනී. අප්පච්චි වයේ එහෙම වුනොත් කොල්ලා බදින එකීට නම් අස්පස් කරලා පණ යයි. ඒ වැඩේ නොවෙන්න තමයි මන් මේ එයාට අස්පස් කරන්න පුරුදු කරන්නේ ”

මයෙ දිහා බලන් එයා එහෙම කිය කිය ඉද්දි මන් කළේ එයාගේ අතත් ගසා දාලා පහළට ගිය එක . ඔය නොකියා කියන්නේ මන් ගැන තමයි එයා.

……………………………………

මන් උදේ ඉදලා හවස් වෙනකම් වත් මේ හැමතැනම ඔප්පුව හෙව්වත් ඒක නෙවෙයි මට හම්බුනේ. ඒ ඔප්පුවෙන් නම් වැඩිය වැඩක් නෑයි හරි කියමුකෝ. ඔක්කොම වතු ටිකයි මුළු වලව්වමයි එහෙම් පිටින්ම දුන්නේ මයෙ මහත්තයා පොඩීට විතරයි. මන් ලොකු එකාට තේ වත්ත හරි දෙන්න කිව්වත් එයා නෙවෙයි ගණන් ගත්තේ.

” මැණිකේ මොකෑ ඔය මූණත් නාලු කොරන් “

” ආ මහත්තයෝ දැන්ද ආවේ කහට එකක් වක් කරන්නද මන් විගහට “

” එපා මැණිකේ මන් ළිදට ගිහිල්ලා නාලාම එන්නම් “

හාමු එහෙම කියෙලා යන්න යද්දි මන් ගියෙ මයෙ අල්මාරියේ ඇදුම් පිළිවෙලක් කරන්න. කොච්චර කල් ගෙවිලා ගියත් තාම මට‍ බැරි වුනා නොවෑ මයෙ වීරසූරිය හාමු අමතක කරන්න. ඒ හාමු හරියටම මාසයයි මා එක්කලා මේ කාමරේ හිටියේ. ඒකත් ඕනවට එපාවට වෙද්දී මන් එයාගේ ඒ හැසිරීම ඉවසන් හිටියේ ටික කාලයක් යද්දි හරියයි කියෙලා වෙද්දී ඒක එහෙම වුනේ නෑ. මන් දැක්ක මයෙ මුළු හිතම පිස්සු වට්ටපු ඒ මනුස්සයා ආදරේ කරේ කුස්සියේ බත් තම්බපු එකාට කියෙලා ආරංචි වෙද්දී වීරසූරිය හාමු ඒකා එක්කලා පැනලා ගිහිල්ලා තිබ්බා. ඒකත් මද්දුවා එක්කලා. ඒකා මයෙ මද්දුවයි වීරසූරිය හාමුයි දෙන්නම මයෙන් උදුර ගත්ත වෙද්දී මට ඒකව මරලා දාන්න තරම් කේන්තියක් ආවේ.

අවුරුදු ගණන් ගෙවිල ගියත් මට‍ එන්න එන්නම අප්පුවා ගැන තිබ්බ කේන්තිය වයිරය වැඩි වුනා වෙද්දී මට‍ පිස්සු හැදුනා වයේ වුනා. එක දවසක් මන් උගේ කාමරේ තිබිලා හොයා ගත්තේ උගේ පනාවකුයි පරණ ඉරිලා ගියපු ඇදුමකුයි. මන් ඒක හංගලා තියා ගත්ත නිසා මට‍ ඒක හිතුවා වගේම ඒකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන් වුනා.

” වෙද රාළ මහත්තයා නැද්ද කොලුවෝ “

” මැණිකේ ඔයා මොකෑ මෙහෙ. වෙදරාළ මහත්තයා ලොකු ගමනක් ගියා නොවෑ මැණිකේ. සතියකටවත් එයා මෙහෙ නැති වෙයි ඕන් “

මට‍ කොහොම හරි මයෙ වීරසූරිය හාමු ගෙන්න ගන්න ඕනී වුනා වෙද්දී මන් ගියෙ වෙදරාළ ළගට. ඒත් වෙද රාළ මහත්තයා වෙනුවට එතැන හිටියේ ගෝලයෙක්.

” අනෙ එහෙමද මන් මේ පොඩි වැඩක් කර ගන්න කියෙලා ආවේ “

” මොකක්ද මැණිකේ කාරණාව කිව්ව නම්. මට‍ ඒ වැඩේ කරන්න පුළුවන් නම් කරලා දෙන්නම් මන් ”

” මේකයි කොලුවෝ කාරණාව මට‍ මේ මනුස්සා මයෙ හාමු ළගින් අයින් කරලා දාන්නම ඕනී. ඕකට මොනාම හරි කොරහන්කෝ කොලුවෝ. “

මන් එහෙම කියද්දී ඒ කොල්ලා ගැස්සිලා වට පිට බැලුවා.

” මැණිකේ ඔයවයේ වැඩ නම් මෙහෙ නම් කරන්නැතුවා මැණිකේ. වෙද රාළ මහත්තයා දැන ගත්තොතින් මන් ඉවරයි “

” උබ කියන්නේ මන් කියන වැඩේ කොරන්න බෑ කියෙලද බොල ආ. උබ අපි එක්කලා සෙල්ලම් කරන්ට හැදුවොතින් උබෙ පවුලට ම් නෑ නෑ නෑ උබෙ චූටි නංගිට මොනා…”

” නෑ මැණිකේ මන් කොරන්නම් ඕනී දෙයක් “

කොල්ලව චුට්ටක් බය කොරා විතරයි මෝඩ කොල්ලා මයෙ ළග දණ ගහගත්තා.

මන් ඉතින් අනිත් දවසේ උදේ පාන්දරම ආවේ අප්පුවයේ රෙදි කඩයි පනාවකුයි අරගෙන වෙද්දී කොල්ලා ඉතිරි වැඩ ටික කරලයි තිබ්බේ.

” මේ වැඩේ හරියයි නේද කොලුවෝ ආ”

” මැණිකේ මේ පනාව ගන්ට. මේ පනාව කලු වුනොතින් මැණිකෙගේ වැඩේ හරි ගිහිල්ලා. මෙතැනින් පස්සේ එයා මාස දෙකක් වත් ඉන්නැති වෙයි මැණිකේ “

මන් ආවේ විගහට වලව්වට අර දුන්නු පනාවත් අරගෙන.

දවසින් දවස ගෙවිලා හරියටම සතියක් යද්දි ලා දුඹුරු පාටට හුරු පනාව චුට්ට චුට්ට අදුරු පාටට හැරිලා හරියටම මාස දෙකක් යන්න කලින් ඒ පනාව සම්පුර්ණයෙන්ම කලු ගැහිලා ගියෙ මයෙ වැඩේ සම්පුර්ණ වෙද්දී.

ඒ වැඩෙන් පස්සේ මේක කොරාපු කොල්ලත් ලෙඩවෙලා මැරිලා ගියා වගේම වෙදරාළ මහත්තයා ආවේ අපෙ වලව්වට වෙඩි කාපු ඌරෙක් වයේ. එදා ඒ මන් කරපු වැඩේ මහත්තයයි අප්පච්චියි දැන ගත්තත් වැඩිය බනින්නැතුව කට පියන් හිටියේ මන් ඒ වැඩේ කරේ අප්පුවට නිසා.

අප්පුවා මැරිලා ගිහිල්ලා අවුරුදු ගානක් ගියාට පස්සේ මම් ආයේ අප්පුවගේ දූවිලි වලින් පිරුණු කාමරේට ගියෙ ඒකෙ ඇතුලෙන් පොඩි ළමයෙක්ගෙ අඩන සද්දයක් ඇහුන නිසයි.

” අම්මේ නුරාදව දැ…. ඈ මොකක්ද මෙයා මේකේ ඇතුළේ කරන්නේ පැටියෝ එන්න අප්පච්චි ළගට. කීප සැරයක්ම ඔයා ඕකේ ඇතුළට ගිහිල්ලා මොකෑ අඩන්නේ ඈ.. මේකේ දූවිලි නෙ කොල්ලෝ “

පොඩී මයෙන් නුරාද ගැන අහද්දී තමයි එයා බිම ඉදගෙන අඩන කොල්ලව අතට ගත්තේ.

” කලිනුත් පැටියා මේකේ අස්සට ආවද පුතා ආ… “

” ඔව් නෙ අම්මේ දණ ගාන නිසා හැමතැනම යනවා. මේකේ දොර කොහොම හරි හදන් දොර වහලා දාන්න ඕනී. කෝ ඔය මාලේ විහික්කා කරන්න දරුවෝ.. ඉකේ ඒකෙ කක්කා “

ඒ අප්පුගේ මාලයක්. පොඩි ඒකා යටිගිරියෙන් හූ තියද්දි පොඩි ඒ මාලේ පැටියගේ අතින් ඇදලා අරන් විහික් කරා.

පොඩි ඉස්කෝලේ යද්දි මන් මයි චූටි එකාව ගොඩක් දවස් වලට බලා ගත්තේ. මේකා එන්න එන්නම හැමදාම අප්පුවගේම කාමරේට ගිහිල්ල යටිගිරියෙන් අඩන නිසා මහත්තයයි මමයි පොඩි එකාවත් අරන් ගියෙ වෙද රාළ ළගට වෙද්දී එදායි මයෙ සැකේ තහවුරු වුනේ හරියටම.

” මැණිකේ මේ දරුවා අප්පුවා කියෙලා උට‍ වෙනස් කම් එහෙම කොරනවා නෙවෙයි. පොඩි එකාට අවුරුදු හය වෙන්න කලින් උගේ කලින් ආත්මේ දේවල් අමතක වෙයි මේ කරන වැඩෙන් නම්. හැබැයි ඒ වෙනකම් මේකාට හරියට කතා කරගන්න බැරි වෙයි. හැබැයි හාමුයි මැණිකෙයි දෙන්නම මතක තියා ගනිල්ලා මේ පොඩි එකාට උගේ පෙර ආත්මේ අමතක වෙන නිසයි මන් මෙහෙම කොරන්නේ. කොහොමත් එහෙම වෙන එක පොඩි එකාටත් හොදයි නෙ. නැත්තම් මේ ආත්මෙත් ඕකා ඉස්සර වෙච්ච දේවල්ම හිත හිතා ලෙඩවෙලාම මොකක් හරිම වෙයි. අප්පුගේ කාමරේ සුද්ද බුද්ද කරලා එයාගේ බඩුමුට්ටු අහක් කරලා දාන්න. හාමු චූටි එකාට වෙනදටත් වඩා ආදරේ කොරාපන්. මේකා මොනවත්ම නොදන්න කිරි සප්පයා නොවෑ “

” එහෙයි වෙද රාළ මහත්තයෝ “

වෙදරාළ මහත්තයා කොහොම මොනා කිව්වත් මට‍ දැන් මේ පොඩි එකාවත් පේන්න බෑ වයේ. මට කලිනුත් හිතුනා නිකමට වයේ මේ අප්පුවාද කියෙලත්

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

බුදුසරණයි යාලූලා හැමෝටම 🙏🙏

ගිහිල්ල එන්නම් 🤗🤗💗

වෝට් වලට අදහස් වලට ස්තුතියි යාලූලා🙏🙏 💗💗

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිපස්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිපස්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිපස්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිපස්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිපස්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිපස්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 26