À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිනවවැනි කොටහා

A+ A-

දෙසැම්බර් ඉස්කෝලේ නිවාඩුව නිසා මන්  නිලූෂව කැම්පස් එකටත් දාලා ගියෙ නුරාද එක්කලා පෙර පාසලට. නිලූෂට හෙට ඉදලා විහාගේ ඉවර නිසා ජනවාරි දෙවැනි සතිය වෙනකම් ලොකු නිවාඩුවක් තියෙනවා. නුරාදටත් සිකුරාදායින් පස්සේ පෙර පාසලේ නිවාඩු.

” පුතේ අහස්….  අද ලස්සනයි නෙ පොඩ්ඩා.”

පෙර පාසලේ මිස්ව අපිට හම්බුනේ මන් පුතාගේ බෑග් එක ගලවලා නුරාද පුටුවෙන් වාඩි කරවද්දී. ටීච ළගට ඇවිල්ලා පොඩ්ඩගේ ඔලුවත් අත ගාලා එහෙම කියද්දී කොල්ලා මිස්ගේ දිහා බලලා මගේ දිහා බැලුවා.

” සර්ගේ මල්ලි මොකො මේ පැත්තට ආවේ වත් නෑනේ. “

” එයාට කැම්පස් එකේ විභාගේ මිස්. එන්න වෙන්නෑ ඉතින් “

එතැනත් කතා කර කර ඉදලා වාහනේට එන්න ලෑස්ති වෙද්දී නුරාද වෙනදා වගේම අඩන්න ගත්තත් හරි මිස් පැටියව වඩා ගෙන අනිත් ළමයි ගාවට එක්ක ගිය නිසා මන් එවලෙම ආවා.
නිලූෂ නම් නුරාද අඩන්න පටන් ගත්තොතින් නම් පෙර පාසල පටන් ගන්නකම් පැටියා එක්කම ඉදලමයි එන්නෙ. කොච්චර මන් එහෙම කරන්න එපා කිව්වත් මගේ වචන කනකටවත් ගන්නැතුව ඔහේ ඇහන්නෑ වගෙ ඉන්නවා.

” පුතා ළමයව දැම්මද ”

” ඔව් අප්පච්චි මොකක් හරි වෙන්න ඕනිද මගෙන් “

වලව්වට ආපු මන් වාහනෙන් බැස්සත් හරි අප්පච්චි කතා කරේ මගේ යට ඉදන් උඩට බැල්මක් දාලා වෙද්දී මන් අරහෙම ඇහැව්වා .

” නැහැ පොඩි ඒත් මට‍ උබ එක්කලා කතා කරන්න ඕනී යමු කො ඩිංගකට පොකුණ පැත්තට “

අප්පච්චිගෙ බැල්මෙන් නම් මට‍ කියන්න පුළුවන් වැදගත් දෙයක් ගැන තමයි මේ එයා කතා කරන්න යන්නේ කියලා. නැත්තම් එයා කියන්නෑනේ මට‍ පොකුණට යමුයි කියලා.

මන් පොකුණේ බැම්මෙන් ඉද ගනිද්දී අප්පච්චිත් මයෙ ළගින් ඉද ගෙන ලොකු හුස්මක් පාත දැම්මා.

” ඊයේ හවස මොකක්ද අර ළිද ළගදි අර කොල්ලා එක්කලා කරපු ලැජ්ජා නැති වැඩේ ඈ පුතා “

එයාගේ වචන වලට මයෙ මුළු ඇගම කිලි පොලා ගියා. ඊයේ ලොකු වැස්ස අස්සේ කොහොමද අප්පච්චිට අපි කරන ඒවා පේන්නෙ. අනික කෙසෙල් පදුරු වලින්ම ළිද හොදට වටවෙලා තියෙද්දිත් .

” අ අප්ප ච්චි  ඒ ම් “

මට‍ වචන කතා කර ගන්න බැරි විදිහට මන් ගොත ගැහුනා. මගේ හිතෙ තිබ්බ සැකේ නැති වෙලාම ගියෙ දැන්. එහෙනම් අප්පච්චි කලින් ඉදලා අපි ගැන දැනන් ඉදලා. නැත්තම් ඊයේ හවසම මගේ කනට දෙකක් ගහලා වලව්වෙන් එළියට දායි.

” උබ කවදා ඉදලද ඒකට ආදරේ කරන්න පටන් ගත්තේ “

” එයා වලව්වට ආපු දවස් වලම ඉදලමද කොහෙදෝ අප්පච්චි. හරියටම දවසක් කියන්න තරම් මට‍ ඒ ගැන ලොකු මතකයක් නැහැ අප්පච්චි “

දැන් ඉතින් මෙතැන බය වෙලා වැඩක් නෑ නෙ. ඔන්න ඔහෙ මාත් ඇත්තම කියලා දැම්මා ඉතින් අප්පච්චි අම්මා වගෙ කෙහෙලලු පටල ගන්නැති නිසා.

” මන් හිතාපු දෙ හරි එහෙනම්.  පුතේ උබ එක සැරයකුත් ලොකු වැරැද්දක් කරගෙන හිතින් දුක්‌ වින්දා. ඕකෙනුත් පොඩි…  උබම තැලිලා යන්න පුළුවන්. අනික උබට ළමයෙකුත් ඉන්නවා. මන් උබට වැඩිය මේ ගැන කියන්න යන්නෑ මොකුත්.   උබම මේ දේවල් හිතලා බලන්න පොඩ්ඩක්. මට‍ තේ වත්තේ පැත්තටත් යන්න ඕනී ටිකක්. ගිහිල්ල එන්නම්කෝ පොඩි…”

එහෙම කියලා අප්පච්චි යන්න හැදුවත් ආයේ නැවතිලා මයෙ ළගට ආවා.

” අම්මා උබලගේ ජවුසම් දැක්කොත් කොහොම වෙයිද දන්නෑ පුතේ. අනික උන්දැටත් සනීප නෑ මේ දවස් වල “

එහෙම කියලා අප්පච්චි යන්න යද්දි මන් පොකුණ ඇතුළට කකුල් දෙකත් දාලා කල්පනා කරන්න පටන් ගත්තා. ඊයේ හවස නිලූෂ මෙතැන බැහැයි කියලා කියද්දීමනේ පාඩුවෙ නනා හිටපු ඒ මනුස්සයවත් අවුස්සලා ගත්තේ ඉතින්.
අප්පච්චි බය වෙන්න ඇති මායි නිලූෂයි මේ වලව්වෙන් පැනලවත් යයි කියලා. නැත්තම් ඔහොම අප්පච්චි හැසිරෙයි ඈ.
කොණ්ඩෙට බූලකුත් දා ගත්ත මන් ගියෙ අම්මව හම්බ වෙන්න. මන් යද්දි අම්මා හරි අමාරුවෙන් වුණත් අප්පච්චිගෙ කමිසයක් මහනවා.

” අම්මා “

” ආ පොඩි කොයි වෙලේද උබ ආවේ “

කන්නාඩි කුට්ටමත් පැත්තකින් තියෙලා අම්මා මයෙ දිහාට හැරුනේ කමිසෙත් මහන මැෂින් එක උඩ තියෙලා.

” දැන් ආවේ අම්මේ.  අම්මා බෙහෙත් ටික බිව්වද “

” බෙහෙත් ටික නම් බිව්වා. ඒත් ඇගේ පතේ අමාරුව තාම තියෙනවා. කමනිගේ කොල්ලට කියලා බෙහෙත් තෙල් ටිකක් කකුලේ ගා ගත්තා. අර කොල්ලත් නෑ නෙ ඉතින්. “

” අම්මේ අප්පච්චිටවත් සහෝදර සහෝදරියෝ හිටපු නැති එකේ අපෙ සීයටවත් අයියලා මල්ලිලා එහෙම ඉදලා නැද්ද. “

” මන් දන්න තරමින් නම් නැහැ පොඩි. ඇයි උබ සීයා ගැන කතා කරන්නේ මේ එකපාරටම . “

මට‍ අම්මගේ අල්මාරියෙන් හම්බුනු අර ෆොටෝ එක මතක් වෙච්ච පාර මන් ආවේ අම්මා ළගට. මොකද මට‍ ඒ රූපෙ ටිකක් දැකලත් හුරුයි වගෙ. ඒත් වැඩිය මතකයක් නැහැ මට‍ ඒ ගැන .

” නිකන් අම්මේ දැන ගන්න ආස හිතුනා ඉතින් “

” ආ ඒක මිසක් උබලාගෙ අප්පච්චි වගෙ නෙවෙයි අපෙ පවුලෙ නම්. මට‍ම කියලා අපෙ පවුලෙ අක්කලා නංගිලා අයියලා මල්ලිලා කී දෙනෙක් ඉන්නවද. “

එහෙනම් මන් කලින් හිතුවා වගේම අම්මගේ කවුරු හරි වෙන්නැති.

       ………………………………………

” ඒයි සුද්දෝ කොහොමද පේපරේ ලේසිද”

මන් එළියට ආපු ගමන් ටික්කා ආවේ මයෙ ළගට. දැන් අපෙ මුළු ළමයි ඔක්කොටම එක එක කාඩ් වැටිලා තියෙද්දී මට දැම්මේ සුද්දා කියලා. තරිදු ටික්කා.

” ටිකක් විතර. උබට කොහොමද “

” අවුලක් වුන්නෑ මහ ලොකුවට.   බත් එක කන්නැද්ද අපි දැන් බඩගිනි මට‍. “

 

” ම් උබ කාහන් මට‍ ළමයා ගන්න යන්න තියෙනවා ඉක්මනට “

ඒකා බත් එක ගැන කියද්දීම මන් මගේ නයි මල්ලත් ඇරලා දුන්නේ  කමනි නැන්දා හ‍රි ගස්සපු තඩි බත් ගෙඩිය .  ඒකා කන්න කැමතිම කෑමක් තමයි අද කමනි නැන්දත් හදලා තියෙන්නේ. ඒ නිසා මන් කමනි නැන්දට කිව්ව වැව් මාළු කෑලි දෙක තුනක් දාන්න කියලා.

” ඔව් ඉතින් උබ දැන් දරු පවුල් කාරයනේ. යන්න යන්න එහෙනම් උබ ඉක්මනට “

මන් අඩියට දෙකට කැම්පස් එකෙන් එලියට ඇවිල්ලා ගියෙ කඩේකට චොකලට් කිරි දෙකක් ගන්න. පැටියටයි මටයි බස් එකේදී බිබී හරි යන්න පුළුවන් නෙ එතකොට. තරිඳුත් මන් ගැන දන්නවා මන් උට‍ මන් ගැන එක සැරයක් කිව්ව නිසා.

” තව ටික දවසක් අපි බලමුකෝ මල්ලි. නුරාදට තාම ඉතින් වැඩිය මේ පරිසරය හුරු නෑ.  අපි  පුළුවන් තරම් බලනවා එයා අනිත් ළමයි වගෙ කරන්න. පොත පතේ වැඩට නම් මෙයා හරි දක්සයි. මෙයා කලින් ඉදලම හොදට දන්නවා වගෙ වැඩ ටික.  “

” ඔව් මිස් අයියා ගෙදරදී කියලා දෙනවා”

එහෙම කියලා මන් ඔන්චිල්ලාවේ ඉදගෙන මගෙ දිහා බලන් හිටපු පැටියව වඩා ගෙන එක්කර ගෙන ආවේ පාරට. වෙනදා වගේම අදත් හොදටම අඩලා.

කවුරුත් නැති ෂීට් එකකට ගියාපු මන් පැටියවත් මන් ඔක්කට අරන් එහා පැත්තෙන් අපි දෙන්නගේ බෑග් දෙක තිබ්බා.

” මොකො මයෙ කොල්ලා අදත් හොටු පෙරන් ඇඩුවේ ඈ. ඉකේ කෙල්ලෝ à·„à·– කියයි නෙ මගෙ චන්ඩි පැටියට “

” නා “

මගෙ පපුවේ ඔලුව තියාගෙන එළිය බල බල ගියපු කොල්ලා නෑ කියලා ඔලුව හෙල්ලලුවා වෙද්දී මන් හිනාවක් දාලා මයෙ මල්ලේ තිබ්බ කිරි පැකට් එක ඒ චූටි ඔක්කෙන් තිබ්බා.

” නිලූෂ නිලූ…. à·‚ ඒයි… “

කමනි නැන්දා බෙදලා තිබ්බ බත් පිගානෙම ඉවර කරපු මන් පාඩම් කරන්න කලින් වැටුනේ ඇදට ටිකක් නිදා ගන්නම් කියලා වුනාට මොකද කාමරේට ආපු බේබී හාමු මයෙ පිටේ ඉදගෙන මගෙ කන අස්සට වෙලා කෑ ගැහැව්වා.

” ම් “

” හොද වැඩක් වුනානේ “

එහෙම කියපු හාමු මයෙ ඇග උඩම දිගා වෙලා මයෙ බෙල්ල අස්සේ ඔලුව ගහ ගත්තා.

” මොකක්ද “

” මේ ඊයේ අප්පච්චි අපි දෙන්නව ළිද ළග අරහෙම ඉන්නවා දැකලා නෙ නිලූෂ. එයා අපි ගැන දැන ගෙන තමයි කලින්ම ඉදලා තියෙන්නේ “

” ලොකු හාමු මොකුත් කිව්වේ නැද්ද ආ. මන් කිව්වා මයෙ හාමු මහත්තයට කවුරු හරි දකියි කියලා. කොහෙද ඉතින්”

අනිත් පැත්තට හැරුණු මන් එහෙම කියද්දී හාමු බේබී මගෙ නිරුවත් පපුවේ උඩ ඇගිලි ගෙනිය ගෙනිය හිනා වෙනවා.

” අප්පච්චි කිව්වා අම්මා දැන ගත්තොත් විනාසයි කියලා. එයා මොකුත් වැඩිය කියන්නෑ අපි දෙන්නා වලව්වෙන් යයි කියලා. “

හාමු බේබිගේ කොන්ඩේ දැන් දිගයි. ගැට ගහපු ඒ කොන්ඩේ ගලවපු මම හීන් සැරේ මගෙ ඇගිලි ඒ ඔලුව පුරාම ගෙනිච්චා.

” අපි තුන් දෙනා නිවාඩුවට කොහෙ හරි යමුකෝ නිලූ…”

මගෙ මූණ දිහාට එබුණු පොඩි බේබීගෙ ඒ හෙලවිච්ච තොල් මන් අල්ල ගත්තා වෙද්දී  ඒ ඇස් පිය විලා ගිහිල්ලා මයෙ ටිකක් එසැවිලා තියෙන ඔලුව බදා ගත්තා. එහෙන්ම එයාවත් අල්ලගෙනම එහාට්ට පෙරලුනු මන් ආවේ ඒ ඇග උඩට වෙද්දී අපි දෙන්නා පිස්සුවෙන් වගෙ සිප ගත්තා.

“  අහ් නිලූ à·‚ “

පොඩි බේබී කෙදිරිත් ගාගෙනම මගේ අත උඩම එයාගේ ළමයි ටික පිට කරත් හරි එහෙන්ම වේගෙ වැඩි කරපු මන් මගේ හැගීම් ටිකත් හාමු මහත්තයගෙ ඇග ඇතුළෙම නිදහස් කරේ මගේ මුළු ඇගම පණ නැති වෙලා යද්දි .

” මයෙ අලි පැටියා විනෝද වුනාද හොදට ම් “

මන් ඒ පපුව උඩ හති ඇර ඇර ඉද්දි හාමුගේ ඇතැගිලි මයෙ දාඩියෙන්ම පෙගිලා තියෙන  ඔලුව පුරා දුවන්න ගත්තේ ඒ සනීපෙට මයෙ ඇස් පියවී ගෙන යද්දී .  ගොඩක් විනෝද වුනා දැන් මන් මගෙ හාමු බේබී නිසා.

” නිලූ ෂ  දැන් ඇති නිදා ගත්තා  පාඩම් කරන්න නැගිටලා . කෝ කෝ නැගිටින්න කොල්ලෝ ……..    හරි නම් මෙතැන මම්නෙ දෙයියනේ දපනේ දාලා නිදා ගන්න ඕනී ඇගෙ පතේ අමාරුවටත් එක්ක “

හාමුගෙ කන්දොස් කිරියාව අහන් ඉන්න බැරි තැන මන් ඇස් දෙක ලාවට ඇරියත් හරි දැක්කේ බේබිගේ අතේ තිබ්බ දුන් දාන කිරි කෝප්පේ.

” බොන්න මන් හැදුවෙ කිරි කෝපි එකක්”

” හාමුගේ කෝපි එක කෝ “

” මේසේ “

කිරි එකෙන් උගුරු දෙක තුනක් බීපු මන් ඇදෙන් නැගිටලා උඩට කමිසේ දාන් බෙල්ල ළගට වෙනකම් බොත්තම් ටික දා ගත්තා.

         ……………………………….

” දිනූ දිනූ…… දි  අහ් ආවද ඔයා.. “

සාලේ ඉදන් මන් දුවගෙන දුවගෙන ආවේ මගෙ නෝනා හාමිනේගේ කෑ ගැහිල්ලට වෙද්දී මන් දැක්කේ එයාගේ අතේ තිබ්බ කැම්පස් කාලේ තිබ්බ මගෙ සටහන් පොතක්.  එයා මගේ පොත් කබඩ් එක වත් අස් කරන්න ඇති.

” මොකද සහස් කතා කරේ ඈ. මන් පුතා එක්කලා පො… “

” කව්ද මේ කොන්ඩේ කපාපු සුද්දි කෙල්ල “

අයියෝ මට‍ මේක අයින් කරලා දාන්න බැරි වුණු හැටියක් ඇත්තට. දීපන්කො දැන් උත්තර.

” මෙහෙමයි මගෙ මැණිකේ ඔය කැම්පස් කාලේ අපි එක්කල හිටපු කෙල්ලෙක්. මගෙ යාළුවෙක්ගෙ කොක්කක්‌. එයා වැරදීමක් වෙලා එයාගේ පොත කියලා මගෙ පොත අස්සට ඔබන්න ඇති සුදු. මන් ඉතින් ඔව්වා ළග තියන් ඉදලා මොනා කරන්නද මෙච්චර මේ ඔයා ළග ඉද්දි “

” ඒවුනාට ඔයා මේක මීට කලින් මේ පොත අස්සේ තියෙනවා දැක්කෙම නැද්ද. “

” මන් මොකටද අනෙ ආයේ ආයේ ඔය පොත් පෙරල පෙරල බලන්නේ. එහෙම බලනවා නම් මන් ඕක දකිනවනේ. දැකලා ෆොටෝ එක අයින් කරනවානෙ ඔයා දකින්න කලින්.  මෙච්චර ඔයාට ආදරේ කරපු මාව විස්වාස නැද්ද මැණික “

එයා ළගට ගිහිල්ලා මන් ඒ මූණට නැඹුරු වෙලා එහෙම අහද්දී එයාගේ ඇස් මගෙ මූණ පුරාම දුවලා දුවලා බිම බලා ගත්තා.

” පිට කෙල්ලෙක් ගෙ ෆොටෝ එකක් ඔයා ළග තියෙද්දී මට‍ දුක හිතුනා. මොනා නැතත් ඒ කෙල්ල හරි ලස්සනයි”

” ම් ලස්සනයි නම් තමයි ගොඩක්. ඒත් ඉතින් මට‍ මේ ලෝකේ ලස්සනම ගැහැණිය මගෙ පැටියගේ අම්මානෙ සහස් “

එහෙම කියලා මන් කරේ ඒ නළලට හාදුවක් දීපු එක.  ලෝරා උබ අතීතේ.  ඒ අතීතෙට වඩා මගෙ වර්තමානේ මට‍ හරි සුන්දරයි.

” මට‍ සමාවෙන්න මැණිකේ. මන් උබට පොඩිම වරදක් වත් කරන්නෑ. පුළුවන් නම් මාව විශ්වාස කරපන් “

එයාවත් එක්කලා කුස්සියේ පැත්තට ගියාපු මන් සහස්ගේ අතින් ඒ ෆොටෝ එක අරන් පුච්චලා දැම්මේ සහස් බලන් ඉද්දි.

” ඇයි එහෙම කරේ මහත්තයෝ “

” පිට අය නිසා මන් කැමති නෑ මන් ආදරේ කරන අයගේ හිත රිදෙනවට “

මන් කැමති මගෙ අම්මියි අප්පච්චියි වගෙ අවංකව ආදරේ කරන්න. අතීතේ වුණු දේවල් අමතක කරලා වර්තමානේ හරි විදිහට ජිවත් වෙලා සතුටින් ඉන්න එකයි වැදගත් වෙන්නේ .

” අප්පත්ති එන්තකො. මත බාසකලේ පදින්ත ඕනී නෙ “

” රාහුල් ඔන්න ඔයාට මල්ලි බබෙක් ගේනවා අම්මි සෙල්ලම් කරන්න හොදද”

” මත ඉන්නෝ නෙ සූති මල්ලි බබෙක් අම්මියෝ. ආයේ කාලුත් එපා නෙ අප්පත්ති “

” මේ පැටියෝ තව මල්ලියෙක් හිටියොත් ඔයාට මල්ලි බබාලා දෙන්නෙක් ඉන්නවා. එතකොට ඔයාටමනේ හොද බෝල ගහන්න එහෙමත් .

මන් එහෙම කියද්දී කොල්ලා ඉතින් කටේ ඇගිල්ලත් දාන් ඔහේ කල්පනා කරනවා.

                 ……………………….

” මේ නිලූෂ අපි තුන් දෙනා කොහෙ හරි යමුකෝ නිවාඩුවට. වලව්වෙම ඉදලා කම්මැලි නෙ ආ “

” යමු ඉතින් කොහෙද යන්නේ කියන්නකෝ. “

මන් නිලූෂට කොහෙ හරි යමුයි කියද්දී මගෙ කබඩ් එකේ ඇදුම් නව නව හිටපු එයා ඒ වැඩේ නතර නොකරම යමුයි කිව්වා.

” මේ පුතත් නම් කැමති වෙයි එයාගේ යාලුවා හම්බෙන්න ගියොත් නම් එහෙම.  කාලෙකින් මන් එහෙ ගියෙත් නෑ “

” ආ අර ඔයාගේ කොළඹ යාළුවගේ ගෙදරද හාමු “

” ඔව් ඔව් එහෙ ගියොත් නම් අපිට දවස් කීපයක්ම ඉන්නත් පුළුවන්. එයාලට ලොකු හොටල් එකකුත් තියෙනවා නිලූෂ “

” මගෙ විභාගේ ඉවර වුණු ගමන් යමු එහෙනම් තුන් දෙනාම.  එයාලට කරදරයක් වෙයිද අපිව “

” පිස්සු ද නිලූෂ. ඒකා මගෙ බොක්කනේ. එහෙම කරදරයක් වෙන්නෑ “

ටික වෙලාවක් පුතා එක්කලා එයාගේ පෙර පාසලේ ගෙදර වැඩ කරලා අපි ගියෙ කෑම කාමරේට. මන් එද්දි අප්පච්චි බත් බෙදා ගන්නවා. පුතාගෙ බත් එකට එයාගේ භාගෙට තම්බපු බිත්තර ගෙඩියයි පරිප්පු ටිකකුයි  කිරට උයාපු තිත් බටු ටිකකුයි දාලා දුන්නම එයා පාඩුවෙ කන්න ගත්තේ මාත් මගෙ බත් පත බෙදා ගනිද්දී.

” ඒකට සැර කන්නත් පුරුදු කරන්න පුතා. නැත්තම් හැමදාම මේකට මසුත් හෝදලා දෙ..  “

” මැණිකේ ඒකා තාම පොඩි එකා. ටිකක් ලොකු වුනාම සැර කෑමත් යසට කයි “

” මේකා ඉතින් මෙදා පොටේ ලොකු වෙයි ඈ. අවුරුදු දෙකක පොඩි එකෙක් වගෙ තාම “

අම්මගේ ගෝරනඩුව මට‍ ඇහෙන්නේ නෑ වගෙ තඩි මස් කෑල්ලක් ගිලලා දැම්මා වෙද්දී මගෙ පැටියත් තිත් බටු එකින් එක කටේ දාගෙන මෙලෝ සිහියක් නැතිව ඔහේ බත් කනවා.

” මැණිකෙ මට‍ නිදහසේ කෑම ටිකක් ගන්න ඕනී. උබගේ කට ඩිංගකට වහ ගනින්කෝ “

අම්මගේ කට වහන්න අප්පච්චිට මොනා හරිම කියන්න ඕනී ඉතින්.

“  කමනි නැන්දේ දැන් යන්නද ලෑස්ති “

මන් පැටියා එක්කලා කුස්සියේ පැත්තට එද්දි කමනි නැන්දා එයාගේ පන් මල්ල ලෑස්ති කර කර ඉන්නවා.

” අනෙ ඔව් පොඩි බේබී අපෙ කොල්ලත් ඇවිල්ලා ඕන් ඉස්තෝප්පුවේ ඉන්නවා මන් එනකම් “

” කෑම ටිකක් එහෙම කාලද දන්නෑ කොල්ලා “

” ආ අපෙ කෙලි උයලා ඇති බේබී. ඕකා කොහොමත් රෑ හත වෙද්දී වත් කන්න ඕනී නිසා කාලා වෙන්නැති එන්න ඇත්තේ “

” හරි හරි නැන්දේ එහෙනම් පරිස්සමින් ගිහිල්ලා එන්නකෝ හෙට “

මන් එහෙම කියලා කොල්ලට වතුරත් පොවා ගෙන ගියෙ කාමරේට.

            ………………………..

” මහත්තයා ඇයි උබ දැන් මට අරහෙම කෑ ගහන්නේ. ඉස්සර නම් ඔයා ඔහොම නෑ නෙ මහත්තයෝ “

මන් ඇදේ දිගා වුණත් හරි අපෙ මැණිකේ නහයෙන් අඩන්න ගත්තා වෙද්දී මන් ආයේ ඇදේ ඉද ගත්තා.

” මැණිකේ දැන් ඔයා මේ මොනාද කියන්නේ කියන්නකෝ. මට‍ නම් ඔය ගැන වැඩි නිච්චියක් නෑ මහන්සියත් එක්කලා “

” ඇයි කෑම කකා ඉද්දි සැරෙන් කතා කරේ මට. දැන් මතක නැද්ද මහත්තයට ඒ ගැන “

” ආ මැණිකේ ඉතින් අර නොදරුවට කෑ ගහපු නිසානේ මන් අරහෙම කිව්වේ උබට ඈ හාමිනේ  .   ආයේ ඒ පොඩි එකාට එහෙම කෑ ගහන්න ඇනුම් පද කියන්න කරන්න එහෙම යන්න එපා. එතකොට ළමයින්ට අපිව එපා වෙයි. ඊටපස්සේ ලොකු එකා මදිවට පොඩි එකත් මේ වලව්ව දාලා යයි. උන් යන්නේ කොහොමත් උන්ගේ නිදහස හොයා ගෙනනේ. ඔන්න ඔහේ උන්ගේ පාඩුවේ හිටිද්දෙන් මගෙ මැණිකේ.  පොඩි එකා අප්පුවා කියලා පොඩ්ඩක් වත් හිතන්න යන්න ඕන්නැ උබැහෙ.  ඒකා අපෙ චූටිම මුණුපුරා නොවෑ. අනික ඒකා තාම කොච්චර පොඩිද “

මන් දන්නෑ මැණිකෙට මන් කියාපුවා තේරුනාද නැද්ද කියලවත්. ඒත් මන් කියන්න ඕනී ටික මූණටම කියලා දැම්මා. තේරුම් ගන්න නොගන්න එක එයාගේ වැඩක්. ඇත්ත කියලා දාන එක මගෙ වැඩක්. හෙට අනිද්දා මැරෙන්න ඉන්න අපි දැන් මොනාටද හිතේ කහටක්‌ තියන් ඉන්නේ.

” මන්දා හාමු ඔයා කොහොම මොනා කිව්වත් මට‍ බැහැ අප්පුවා මයෙන් මගෙ දරු පැටියව උදුර ගත්ත එක අමතක කරන්න “

” මැණිකෙට ඔය විගහට අමතක වුනාද චූටිගේ වගේම පොඩිගෙත් අප්පච්චිත් මයෙ අයියා කියලා. මගෙ අයියා එක දරුවෙක් අපෙ ළග තියලා නොවෑ එකෙක් අරගෙන ගියෙ නැතුව අයියගේ ළමයි දෙන්නම නෙවෙයි නෙ අරන් ගියෙ මැණිකේ . ඒකට ඉතින් අප්පුවා මොනා කරන්නද. අනික මද්දු පොඩි පුතා උබට වඩා එකතු අප්පුවට නොවෑ .  පොඩියි මගෙ අයියයි දැන් හොද තැනක ඇති
අප්පුවා නැති වුනාට පස්සේ රට වත් ගියාද දන්නෑ හාමිනේ “

මැණිකේ ලාම්පුවත් නිවලා ඇදේ ඇල වුනාට පස්සේ මාත් නිදා ගන්න හැදුවත් මට නෙවෙයි නින්ද අහලකටවත් කිට්ටු වුනේ.  වෙනදා වගෙ නෙවෙයි මට‍ හරියට මගෙ අයියව මතක් වෙනවා. මට‍ බයයි අයියා ගියා වගේම මගෙ චූටි  පුතා පොඩිත් අර කොල්ලා එක්කලා කොහෙ හරි ඈතකට යයි කියලා අපි මේ ඉන්න අවසාන කාලෙත් .

උදේ පාන්දරම නැගිට්ට මන් කෑමත් කාලා ගියෙ ගුණේ එක්කලා හන්දියේ පැත්තට වෙද්දී මන් දැක්කේ නිලූෂ කොල්ලා කැම්පස් එකේ පැත්තට යනවා.

” ලොකු හාමු කොහෙටද යන්න ඕනී දැන් “

” අහ් ගුණේ වම් පැත්තෙන් හරවපන් කෝ “

කල්පනාවක හිටපු මන් ගුණේ කතා කරත් හරි මන් සිහියට ආවේ.

“  ආ   ආ  ගුණේ…….   ඔතනින් නතර කරාපන් ඩිංගකට වාහනේ. මන් ගිහිල්ලා එනකම් උබ වාහනේ ඇතුළෙම ඉදපන් කෝ “

” ලොකු හාමු ඇයි මේවගේ තැනකට එන්නෙ… මාත් එන්නද ඇතුළට “

” කට පියන් මන් කිව්ව විදිහට ඉදපන් කෝ. ඕන්නම් ආ සල්ලි. මන් එන්න ඩිංගක් පරක්කු වුනොත් කහට එකක් බීලා මොනා හරි කන්න ගුණේ “

               ❤️❤️❤️❤️❤️❤️❤️❤️

බුදුසරණයි යාලූලා 🙏🙏

ගිහිල්ලා එන්නම් 🤗💗

වෝට් අදහස් වලට ගොඩක් ඉස්තුතියි යාලූලා හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිනවවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිනවවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිනවවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිනවවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිනවවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිනවවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 30