À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌හතරවැනි කොටහා

A+ A-

” අප්පු උබැහේගේ කොල්ලු ඩිංගක් මයෙ බත් පතට දාහන්කෝ ඩිංගක්. හරි රසයි “

” හොදයි ලොකු බේබී මහත්තයෝ “

උදේ පාන්දරම වැඩට ගියපු මයෙ ලොකු මහත්තයා එනකම් මන් බතුත් කාලා ඉස්තෝප්පුවට වෙලා බලන් හිටියා. අප්පුවා නම් දා ගෙන ඉලපතෙන් මිදුල අතු ගානවා. එක පාරටම ආපු බඩේ රුදාවක් නිසා මන් ටිකක් ගියෙ වලව්වේ පිටිපස්සේ දිහාට්ට. ටිකක් ඔක්කාරේට වගෙ ඇවිල්ලා වමනේ ගියපු නිසා ළිදෙන් මූණ අත පයත් හෝදලා ආයේ ඉස්තෝප්පුවේ පැත්තට යද්දි අප්පු නෙවෙයි පේන්න හිටියේ. කුස්සියේ පැත්තට යද්දියි මන් දැක්කේ ලොකු මහත්තයා බත් කනවා. අපරාදේ මන් නැති ටිකට එයා ඒ ඩිංගට ඇවිල්ලා.

” ආ හාමු මහත්තයා ආවද මන් බලා ගෙන හිටියේ මහත්තයා එනකම් තමයි “

” දැන් ටිකකට කලින් ආවේ. බත් කාලාද ඉන්නෙ හාමිනේ “

” ඔව් මහත්තයෝ මන් කෑවා හැමෝම කෑම කද්දි. අඩුපාඩු තියෙනව නම් කියන්න මහත්තයෝ මන් බෙදන්න “

” ම් මේ හොදටෝම ඇති හාමිනේ. අප්පු උබත් දැන් කාලා හිටහන්. මාත් කාලා අහවරයි. “

එහෙම කියාපු ලොකු මහත්තයා බතුත් කාලා නැගිටලා ගිහිල්ලා පිගාන හෝද ගත්තට පස්සේ අප්පු එයාගේ බෙලෙක් පිගානෙට බත් බෙදා ගත්තා.

හැමදාම මේ වලව්වේ අප්පුවාමනේ උයන්නෙ අද වලව්වේ දවල්ට මන් ඉව්වා නම් හරි.

” අම්මේ මන් අද උයන්නද දවල්ට “

” ආ ඒක කොච්චර හොද දෙයක්ද ඈ කෙල්ලේ. අප්පුගෙනුත් උදව් ඇරගෙන උයහන්කෝ එහෙනම්. “

මන් අම්මගෙනුත් අහලා ගියෙ කුස්සියේ පැත්තට උයන්න.

” පුංචි මැණිකේ මොකෑ කුස්සියේ පැත්තට ආවේ. මොකක් හරි දෙයක් කරලා දෙන්න ඕනිද “

” මන් මේ උයන්න කියලා අප්පුවො. “

” පුංචි මැණිකේ මොකටද දැලි කුණු අල්ලන්නේ කුස්සියේ පැත්තට ඇවිල්ලා “

“  අප්පු උබ ගිහිල්ලා මේ එළබටු ටික තලාපන්. ලොකු මහත්තයා හරි ආසයි නොවෑ මෙව්වා කන්න. ඊට පස්සේ පොල් ටිකක් ගාලා දීහන් “

කොහොමින් කොහොම හරි අප්පුත් එක්කලා මන් ඉස්සෙල්ලම මේ වලව්වේ ඉව්වමයි. කිරට හදාපු එළබටුයි මිරිසට හදපු මාලුයි ගොටුකොල සම්බලෙයි.

“  අද අප්පු නෙවෙයිද ඉව්වේ “

” නැහැ අප්පච්චි මායි ඉව්වේ. “

අප්පච්චි බත් කටක් කාලා අම්මගෙන් එහෙම අහද්දී මන් අප්පච්චිට කතා කරලා බැලුවේ වතුර කෝප්පයක් බොන ලොකු මහත්තයා දිහා.

” ම් හොදයි “

” ඇයි ලොකු පුතා ඔය කොල්ලු එක්ක විතරක් කන්නේ. එළබටුත් කන්න දා ගෙන. ඔයා කන්න කැමතිම කෑම නෙ එළබටු “

” එපා අම්මේ මට‍ ම් මේ ඇති “

” හිත නරක් කර ගන්න එපා දුවේ. ලොකු පුතාට කන්න බැරිව ඇති අද “

අම්මා කොහොම මොනා කිව්වත් මේ වලව්වේ අප්පු හදන කෑම වගේ මෙයාලා හැමෝම කන්න කැමති.
මන් කුස්සියේ පැත්තට යද්දි අප්පු පිගන් ටිකයි වළං ටිකයි හෝදනවා. සුදු පාට දැලි ගැහිච්ච බැනියමට කොට දුඹුරු පාට කලිසමක් ඇදලා.  මූණේ නම් කුණු පෙරන් හිටියත් පේන්නෑනෙ ඒ තරමට කලුයිනෙ මේකා .

” අහ් සමාවෙන්න පුංචි මැණිකේ දැක්කේ නැහැ මන් “

” උබ හරි ඉරිසියයි වගෙ අපි හොදට ඇදලා පැළදලා ඉද්දි. හෝදලා දාපන් දැන්ම මගෙ ඇදුම. කමකට නැති කුස්සි කොල්ලා “

” මොකෑ හාමිනේ ඔය පොඩි එකාට කෑ ගහන්නේ “

මන් අප්පුවට අරහෙම කිය කියා ඉද්දි කුස්සියේ පැත්තට ආවේ පොඩි මහත්තය.

” බලන්න මුගේ නැහැදිච්ච කම මහත්තයෝ මේකා මගෙ ඇගට ඉදුල් වතුර හැලුවා නොවෑ.  මූ කැමති නැහැ අපි ලස්සනට ඉන්නවට. “

” අප්පු උබ ඔය කුස්සි කොටහම සුද්ද බුද්ද කරලා පුංචි මැණිකෙගේ ඇදුම හෝදලා දාපන් “

” හරි පොඩි බේබී “

මන් ආයේ අප්පුවා දිහා බලන්නෙවත් නැතුව ගියෙ කාමරේට ඇදුම් මාරු කරන්න.

ඉස්සර වුණු සිද්දියක්‌ මතක් වෙච්ච මට ආයේ ආයේ අප්පුවා ගැන කේන්තියක් ආවා. අද කොන්ඩේ ගෙඩිය වෙනුවට මන් කොන්ඩේ බුරුලට ගොතා ගෙන යටින් බූලක් වත් නොදා ගෙන හාමුගෙයි මගෙයි නිදා ගත්ත ඇද අස්පස් කෙරුවා.

” මැණිකේ අදත් යන්න වෙන්නෑ වගෙයි තේ වත්තට. හොදටෝම වැස්ස “

” අද ඉන්න මහත්තයෝ. වැස්සත් සැරයි අනික කොච්චර වුනත් කරදරයක් වුනොත් කාට කියලා කියන්නද “

මහත්තයා කාමරෙන් එළියට යද්දි මට මතක් වුනේ පුතාගෙන් ඉල්ල ගත්ත පෑන.

මන් ඒක දෙන්න පොඩීගේ කාමරේට ගියත් පොඩි පේන්න හිටියෙ නැහැ. වට පිට බලද්දි නම් පොඩි කොල්ලා ඉන්නවා චීස් කෑල්ලක්ද කොහෙදෝ කකා මගෙ දිහත් බලා ගෙන .  අප්පුට හැබැයි ඉස්සර දේවල් නම් මොකුත් මතක නෑ වගෙ. කොල්ලගේ ළගට ගියපු මන් එකගේ දිහා බලලා බෙල්ල ළගට වෙනකම් තියෙන කොන්ඩේ පොඩ්ඩක් ඇද්දා වෙද්දී එකාට රිදිලාද කොහෙදෝ මූණ ඇකිලුනා .

කොල්ලට රිදුනා වුණත් එකගේ ඇට්ටරකමට මගෙ දිහාම ඔර වන් බලා ගෙන ඉදලා පස්සට පුටුව ඇදලා ගත්තා.
මේකා මේ පුතා ඉද්දි විතරයි හුරතල් වෙන්නේ.

” මොකෝ උබ ඔරවන්නේ….. ආ අමතක වුණා මට‍ උබට කතා කරගන්න බැහැනේ නේද “

මන් එහෙම කිව්වත් හරි මට‍ ඇහුනේ දොර ඇරෙන හඩක්.

” අම්මේ කොයි වෙලේද ආවේ “

” ටිකක් වෙලා පුතා. මෙන්න පෑන පුතාගේ. මන් මේ ඒක දෙන්න කියලා ආවේ. “

ටිකක් වෙලා යනකම් පුතා එක්කලත් කතා කර කර ඉදලා මන් එන්න ආවේ මගෙ කාමරේට.

” ලොකු මැණිකේ…. ලොකු මැණිකේ පොළොස් තියෙනවා. කොටලා හදන්නද ඇඹුල හදලා ගන්නද “

” ඇඹුල හදලා ගනින් කමනි. ආ ඒක නෙවෙයි මට‍ දවල් වෙලා නා ගන්න වතුර එකක් උණු කරාපන් “

” පැටියෝ තව බෝංචි ටිකක් අප්පච්චි දාන්නද “

” පා “

අප්පුවට පුතා පොළොස් කෑල්ලක් හෝදලා දාලා තම්බපු බිත්තර ගෙඩියක් පැත්තකින් තිබ්බා.

” පුතා ඉස්කෝලේ පටන් ගන්නෙ කවද්ද “

” ඊලග සතියේ බදාදා පටන් ගන්නවා අම්මා.  සදුදට නම් මට ආයේ විභාගයකුත් තියෙනවා. “

💥💥💥💥💥💥💥💥💥

නත්තල් වැහි පටන් ගත්තත් හරි මේ දවස් වල දවල් වුණත් මුළු පරිසරයම අදුරුයි වැහි මන්දාරමට. වැඩ කරන අය තියා වලව්වේ ලොකු හාමුත් නෙවෙයි අද එළියට බැස්සේ. පොඩි බේබී කාමරේ පාඩම් කරන නිසා මන් ආයේ පැත්තෙ වත් ගියෙ නෑ කරදර කරන්න.

” මොකෑ කොල්ලෝ උබට මේ අවේලාවෙත් බඩගිනිද ම් “

කම්මැලි කමටත් එක්කලා කුස්සියේ පැත්තට ආපු මන් බැලුවේ කමනි නැන්දවත් මොකක්ද කරන්නෙ කියලා.

” නෑ නැන්දේ එහෙම බඩගින්නක් නෑ. වැස්ස නිසා කම්මැලි. “

කමනි නැන්දා කුල්ල ඔක්කේ තියාගෙන වී ඇට අහුල අහුල ඉන්න තැනට ගිහිල්ලා මාත් ඒ බංකුවෙ පැත්තකින් ඉද ගත්තා.

” ඈ කොල්ලෝ උබෙ කැම්පස් එකෙ වැඩ කොහොමද. විභාගයකුත් තිබ්බයි කියලා කිව්වා නේද මේ ළගදි “

” ඔව් නැන්දේ විභාගයක් නම් තිබ්බා තමයි. මහ ලොකු අවුලක් නම් වුන්නෑ. “

මායි නැන්දයි කතා කර කර ඉද්දි දුවගෙන දුවගෙන ආපු නුරාද මගෙ ඇගට පැන්න පාර මන් එයාව නැගිට්ටත් හරි දැක්ක පලවෙනි පාර. මන් ඊයේ රෑ නිදා ගත්තෙත් මගෙ කාමරේ. ඌල් වලින් මහපු කනුත් වැහෙන්නම දාපු චූටි තොප්පියකුයි සීතළට දාන පුංචි සපත්තු දෙකකුයි නිසා එයා හරි ලස්සනට පෙවුනා අද .

” චූටි බේබිත් මොකෑ මේ කුස්සියේ පැත්තට ආවේ “

” කි “

ආ ඒක තමයි මේ කොල්ලට කිරි බඩගින්නක් ඇවිල්ලනේ මේ. මන් කිරි කෝප්පයකුත් හදා ගෙන පැටියව එක්කර ගෙන ගියෙ මගෙ කාමරේට.

” අප්පච්චි තාම පාඩම් කරනවද පැටියෝ “

” ඕ “

එයාගේ අතට බබා විස්කෝතුවක් දුන්නු මන් කාමරේ දොරත් වහලා නුරාදගේ ළගින්ම ඉද ගෙන මාත් විස්කෝතුවක් කෑවා.

” ඇයි ඊයේ රෑ නිදා ගන්න ආවේ නැත්තේ”

” හැමදාම මන් කාමරේට එන යන එක ලොකු මැණිකේ දැක්කොත් මගෙ හාමු මහත්තයටයි මටයි දෙන්නටම අවුලක් වෙයි නේද ම් “

පොඩි බේබී මටත් එක්කලා කිරි එකක් හදන් ඇවිල්ලා තියෙද්දී අපි දෙන්නා තුන් දෙනාම බූරු ඇදේ ඉදගෙනම ඔහේ කතා කර කර ඉදියා.

” කෝ කොල්ලෝ අතෙන්ට හරි. ඒක උඩින්ම ඔය ටිකත් දාපන්කෝ “

වලව්වේ පිටිපස්සේ කෑල්ලේ තිබ්බ ලී ලෑලි ටිකක් ලොකු හාමු කිව්ව නිසා මන් එයා කියන විදිහට ගබඩා කාමරේ ඇහිරුවා.

” ඔය ටික පස්සේ. උබ මේ ටික දාලා හිටින්කෝ “

” ගුණේ…. . ගු ණේ…. උබත් වරෙන් ඩිංගක්. මේක පැත්තකින් මේකත් එක්ක උස්සලා පැත්තකින් දාහන්කෝ “

” හරි හාමු මහත්තයා “

පස්සේ හාමු මහත්තයයි ගුණේ මාමයි වැස්සත් අඩු වෙලා තිබ්බ නිසා වාහනෙන් හන්දියේ පැත්තට යද්දි මන් යන්න හැදුවෙ කාමරේට වුණත් එළියේ ඉස්තෝප්පු පැත්තෙන් ලොකු මැණිකෙගේ සද්දයක් ආපු නිසා මන් පොඩ්ඩක් ඇහැ දාන්න ඒ පැත්තට අඩිය තිබ්බා.

” උබ කොහොමද යකෝ මගෙ ඇගට ගිනිපොල්ල දැම්මේ ආ. ඉදපන් මන් තොට කරන්නම් හොද වැඩක් “

ඒ පැත්තට ළං වුණු පාර දැක්ක දෙයින් මගෙ ඇගෙ ලේ රත් වෙලා ගියා. දෙයියනේ මගෙ කොල්ලා.

” අහ්…….. මහත්තයෝ මේකා මාව මරණවෝ….. “

අපෙ පැටියා ඉස්තෝප්පුවේ බිම ඔහේ වැටිලා තරහටම කටත් තද කරගෙන රවා ගෙනම එක එල්ලේ ලොකු මැණිකේ දිහා බලා ගෙන ඉද්දි ලොකු මැණිකේ දුම් දාන ගිනි පොල්ලෙන්ම පැටියට ගහන්න හදද්දී මන් ඒ නාකි ගෑනිගේ කොන්ඩෙන් ඇදලා පස්සට විහික්කා කරලා අතේ තියන ගිනි පොල්ල අරගෙන දැම්මේ පිනිපොද වැටෙන මිදුලට.

” උබට එ… “

” තෝ බැල්ලි… මොකක් ද යකෝ කරන්න ගියෙ උබ ආ… කතා කරපන් à·„à·”…… “

” මගෙ දෙය්යනේ මැණිකේ… කොල්ලෝ අත ඇරපන් මැණිකෙව මැරෙයි යකෝ “

පස්සට විහික්කා වුණු මැණිකේ මොන මොනාදෝ කියා ගෙන ආවා වුණත් තිබ්බ කේන්තිය එක්කලා මගෙ අත් ගියෙ ඒකිගේ බෙල්ලට. මේකී හැතිරියක් තනිකරම. මන් දැක්කේ නැතුව කාමරේට ගියා නම් මේ හැතිරි අර ගිනිපොල්ලෙන් ගහන්න නෙ හැදුවේ දෙයි හාමුදුරුවනේ අර නොදරුවට.

” තෝ ආයේ පාරක් ළමයට මොකක් හරිම දෙයක් කරලා තිබ්බොත් මන් කොහේ හිටියත් උබව හොයන් ඇවිල්ලා මරලා දාන්නේ මතක තියා ගනින් . බැල්ලි තෝ හිතන්නෙපා මන් වැඩකාරයෙක් කියලා මේවා දැක දැක වෙන උන් වගෙ කට පුක පියන් නිකන් ඉදියි කියලා. තොගේ මිනිහට කියලා කරන්න පුළුවන් දෙයක් කර ගනින් දැන් තෝ. ආයේ මගෙ දරුවට අතක් හරි උස්සපන් බලන්න මන් උබට කරන දේ බලා ගන්න පුළුවන් එතෝට. මේ මුළු වලව්වටම මන් භූමි තෙල් දානවා “

” කොල්ලෝ උබ කාමරේට පල.. “

” සෝමේ මාමේ උබේ ළමයට මේ බැල්ලි ගිනිපොල්ලෙන් ගහන්න ගියොත් මන් හිතන්නෑ මාමා අප්පච්චියෙක් නිසා නිකම් ඉදියි කියලා “

සෝමේ මාමාට මන් එහෙම කියලා ආයේ හැරුනේ ඇසුත් ලොකු කරන් කොන්ඩෙත් අවුල් කරගෙන තරහටම වෙව්ල වෙව්ල ඉන්න මැණිකේ දිහාට්ට.

” මන් දන්නවා කොහොමත් මට‍ ආයේ මේ වලව්වේ ඉන්න බැහැයි කියලා. ඒත් මේ ළමයට මොකක් හරිම දෙයක් කරපු එකාව කොහෙ හිටියත් හොයන් ඇවිල්ලා මරලා දාලා හිරේ ළගින එක මන් හිතන්නෑ මට මහ ලොකු අමාරු වැඩක් වෙයි කියලා මැණිකේ. “

” අහ් උබ “

” අත කඩා ගන්නැතුව පැත්තකට වෙලා ඉදපන් “

මැණිකේ මට කම්මුලට ගහන්න ගියත් ඊට කලින් ඉස්සර වුණු මන් අත තද කරලා අල්ලගෙන නාකි හැතිරිගේ මූණට එබිලා අරහෙම කියලා ගියෙ තාමත් බිම වාඩි වෙලා අපි දිහා බලා ගෙන ඉන්න පැටියා ළගට .

මන් වඩා ගත්තත් හරි කොල්ලා මගෙ දිහා බලා ගෙන ඉදලා පැටියා මගෙ බෙල්ල වටේ අත දා ගෙන මාව බදා ගත්තා. ලොකු මැණිකේ මට බැන බැන කෑ ගහද්දි මන් දරුවත් වඩා ගෙන එක්ක ගියෙ බේබී හාමුගේ කාමරේට. පාඩම් කර කර හිටපු මේසේ උඩම ඔලුව ගහ ගෙන එයා හරි සනීපෙට නිදි වලව්වේ ඇතුළේ මෙච්චර වින්හැයියක් වෙද්දී . හාමු ළගින් ඈත් වුණු මන් චූටියාව ඇදෙන් වාඩි කරවාලා එතැන බිම වාඩි වෙලා පුංචි අත් දෙක මන් අල්ල ගත්තා. මට මේ වලව්ව දාලා යන්න ලෝභ හිතෙන්නේ මේ දෙන්නා නිසා මට.

” ඔයාට රිදුනද ආ…. ආච්චි ගැහැව්වද කලින් මගෙ චූටි පැටියට “

” නා… “

” මගෙ චූටිට මොකුත් කියන්න බැරි වුණත් මන් දන්නවා ඔයා හොදට දෙයක් තේරුම් ගන්න පුළුවන් ළමයෙක් කියලා.  මට මේ වලව්වෙන් පුතේ ඈතකට යන්න වුනොත් මන් පැටියවයි ඔයාගෙ අප්පච්චිවයි බලන්න එනවා හොදද ආයේ . මගෙ දරුවෝ අප්පච්චිට කරදර කරන්නැතුව අප්පච්චි ළගටම වෙලා ඉන්න හොදද මගෙ චූටි චන්ඩි කොල්ලා. මන් හරි ආසයි මගෙ වස්තුව පිටටවත් යවන්නතුව මගෙ අස්සෙම තියා ගෙන ඉන්න.  වලව්වේ ආයේ එහෙම අප්පච්චි නැතුව කොහෙවත් එහෙ මෙහෙ යන්න එපා. මට‍ හරි ලෝභයි මගෙ මේ පුංචි මල් කුමාරයට. ආදරෙයි මන් පැටියට “

මන් කියන දේ නුරාද හොදට අහගෙන ඉදලා ඒ චූටි අතින් මගෙ කම්බුලක් අත ගාලා හිනා වෙද්දී මන් ඒ චූටි නළල සිප ගත්තා.

        💥💥💥💥💥💥💥💥💥💥

මුළු පොතක්ම පාඩම් කරපු මන් මහන්සි නිසාම ඇස් දෙක පියා ගෙන ඔලුව මේසේ උඩ තියා ගත්තා වෙද්දී මට‍ ලොකු සැහැල්ලුවක් දැනුනා .

” වලව්වේ ආයේ එහෙම අප්පච්චි නැතුව කොහෙවත් එහෙ මෙහෙ යන්න එපා “

ලාවට ලාවට වගේ මගෙ නිලූෂගෙ කටහඩ ඇහුණු නිසා ඔලුව උස්සලා බැලුවත් හරි දැක්කේ මන් නිලූෂ මගෙ පැටියවත් තුරුල් කරගෙන ඒ නළල සිප ගන්නවා. මට‍ වඩා නිලූෂ දැන් නුරාදට ආදරෙයි වගෙ. එහෙම හිතෙනකොටත් මට‍ හරි අමුතුම සතුටක් හිතෙන්නේ. මගෙ දරුවට අප්පච්චිලා දෙන්නෙක්ම ඉන්නවා දැන් . 

” අපෙ අප්පේ චූටි අප්පච්චියි චන්ඩි පැටියයි ලොකු වැඩක් වගෙ “

මන් එහෙම කිව්වත් හරි තමයි ඒ දෙන්නා මගෙ මූණ බැලුවේ.

” ම් මොකද නිලූෂ මේ මූණ හිටන් මලානික වෙලා.  පැටියෝ මොකද වුනේ.. “

” හාමු මහත්තයගෙ අම්මා ඔච්චර අපෙ දරුවට වෙනස්කම් කරනවා බේබීට පේන්නැද්ද “

මෙච්චර වෙලා බිම වාඩි වෙලා හිටපු එයා නැගිට්ටා.

” ඇ යි මොනාද වුනේ නිලූෂ “

” මන් හිතන්නෑ මට‍ ආයේ මේ වලව්වේ ඉන්න පුළුවන් වෙයි කියලා හාමු මහත්තයා. මොන දේ වුණත් ළමයා පරිස්සම් කර ගන්න. දරුවා තනිකරන්න එපා “

නිලූෂ එහෙම කියලා නුරාද දිහත් බලලා කාමරෙන් එළියට යද්දි මට හිතා ගන්න බැරි එයාට මේ මොකද වෙලා තියෙන්නේ කියලා වෙද්දී මන් ගියෙ පහළ සාලෙට .

මන් යද්දි සෝමේ මාමා ඉස්තෝප්පුවේ ඉදගෙන. අම්මා නම් කාමරේ වෙන්නැති.

” මාමේ එළියේ සීතයි නෙ. එන්න ඇතුළට “

” දෙයියෝ පොඩි බේබී මෙච්චර වෙලා කොහෙදෑ හිටියෙ. මාර වින්හැයියක්නේ වුනේ “

එහෙම කියපු සෝමේ මාමා වටපිටත් බලලා ආවේ දොරකඩ හිටපු මගෙ ළගට.

” ඇයි මොකක්ද මාමේ වුනේ “

” මන් එද්දි නිලූෂ කොල්ලා ලොකු මැණිකෙගේ බෙල්ල මිරිකගෙන හිටියේ. චූටි බේබිත් ඉස්තෝප්පුවේ පැත්තක බිම වැටිලා හිටියා බේබී . ගිනිපොල්ලකුත් ළග තිබ්බේ නැතා පොඩි හාමු. මන් ආවේ නැත්තන් තව ඩින්ගෙන් ලොකු මැණිකෙගේ හුස්ම යනවා. ලොකු හාමු වලව්වේ නැති නිසා හොදා දැනට “

නිලූෂ මේ මොන නාඩකමක්ද නටලා තියෙන්නේ මන් නැති ඩිංගට. හදිස්සියෙවත් අපේ අම්මා මගෙ දරුවට මොකක් හරි කරදරයක් වත් කරලද. ඒ නිසා වෙන්නැති නිලූෂ මට‍ කාමරේදී අර විදිහට කියන්න ඇත්තේ.

” නිලූෂ  නිලූෂ මේ දොර අරිනවා මනුස්.. “

” මොකක්ද අර තමුන් කරපු විකාරේ ආ. දෙයියනේ නිලූෂ ඔයාට අපි දෙන්නා එක්කලාම ඉන්න ඕන්නැද්ද මෙහෙ. ඇයි ඔයා අරහෙම අම්මට කරේ “

” නුරාදට ගිනිපොල්ලෙන් ගහන්න යද්දි මන් කොහොමද බලන් ඉන්නෙ හාමු මහත්තයෝ . අනික මට එතැන්ට බැරි වෙලා හරි එන්න බැරි වුණා නම්…. ම්..  එතකොට එතකොට මොකද වෙන්නේ දරුවට “

මගෙ අම්මා අපෙ නොදරුවට එච්චර තරහයිද. 

” මන් කාමරේට යන්න යද්දියි ඉස්තෝප්පුවේ පැත්තෙන් මැණිකේ කෑ ගහන සද්දයක් ආවේ. නිකමට බලන්න යද්දි තමයි හාමු දැක්කේ මන් දරුවා බිම වැටිලා ඉන්නවා. මන්දා මාව හාමු විශ්වාස කරයිද නැද්ද කියලා දන්නෑ. ඒත් මගෙ ඇස් දෙකටම දැක්කා මැණිකේ….. නෑ මැණිකේ නෙවෙයි ඒ හැතිරි අපෙ දරුවට අර දුම් දාන ගිනිපොල්ලෙන් ගහන්න ය.. “

” නිලූ… à·‚ “

මගෙ නිලූෂ කියාගෙන කියාගෙන යද්දි මට‍ එතැනම බිම ඉන්ද වුණා මට ඇහෙන මේ දේවල් නිසා . මොකක්ද දෙයියෝ මන් දැන් කරන්නෙ. මගේ ඔලුවත් පැලෙන්න වගෙ. මගෙ දරුවට අපෙ අම්මා මොකක්ද මේ කරන්න ගියපු අපරාදේ. දෙයියනේ නිලූෂ නොහිටින්න මගෙ දරුවගෙ ඒ චූටි අත පය පිච්චිලා යන්න තිබ්බා නේද දෙයියනේ

” නැගිටින්න බේබී හාමු.  මන් හිතනවා ආයේ එහෙම දෙයක් වෙන්නැති වෙයි කියලා මින් පස්සේ . ඒත් අපෙ දරුවා පරිස්සම් කරන්න මගෙ හාමු . ඒකා තාම පුංචි නොදරුවෙක් හාමූ. මන් දන්නවා බේබිගේ අම්මට මන් කරන්න හදපු දේ ගැන ඇහැව්වට පස්සේ මන් එක්කලා ගොඩක් කේන්ති ඇති කියලා.  සෝමේ මාමා නොහිටියා නම් අද මගෙ අත් දෙකෙන්ම ඒ ගෑණි මැරෙන්න වුණත් තිබ්බ බේබී .  මොකද මගෙ සිහිය තිබ්බෙම දරුවා රකින්න. මන් වලව්වෙන් ගියත් හාමු මහත්තයා ඔය දෙන්නව හම්බෙන්න එනවා ඒ නිසා පොඩ්ඩක් වත් හිත කලබල කර ගන්න එපා හොදද. “

අපි කතා කර කර ඉද්දි ඇහුනේ අප්පච්චිගෙ වාහනේ සද්දේ. දැන් මගෙ නිලූෂව එළවලා දායි මේ වලව්වේ හතර සීමාවටවත් ආයේ නොඑන්න. හිත හයිය කර ගන්න ඕනී තැන මන් ඇඩුවා. නිලූෂව තද කරගෙන බදා ගෙනම ඇඩුවා.  මන් කොච්චර එයාව බදා ගෙන ඇඩුවත් නිලූෂ මාවත් බදා ගෙනම බලා ගෙන හිටියේ වහලා දාලා තියෙන කාමරේ දොර දිහා. මගෙ වගෙ එයාගේ ඇස් වලින් කදුළු කඩා ගෙන නොවැටුනත් ලා කදුළු පටලයක් ඒ ඇස් වල තිබ්බා. ඒ හදවත වෙනදට වඩා ගොඩක් වේගෙන් ගැහෙනවා ඇහෙද්දී මට‍ මහා බයක් හිතුනා .

” දැන් අඩන්න එපා.. යන්න කාමරේට මගෙ හාමු. “

නිලූෂ ලොකු හුස්මක්‌ පිට කරලා ජනෙල් කූරුත් අල්ලගෙන බැලුවේ මෙච්චර වෙලා පිනිපොද වෙනුවට මහ වතුර බින්දු කඩා ගෙන වැටෙන ඒ පොළව දිහා.

          ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

බුදුසරණයි යාලූලා 🙏🙏

කතාවට දෙන සහයෝගයට ගොඩක් ස්තුතියි ගොඩක් පින් ළමයි 🙏

ගිහිල්ලා එන්නම් ඉක්මනට 🤗

💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌හතරවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌හතරවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌හතරවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌හතරවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌හතරවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌හතරවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 35