À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌නමවැනි කොටහා

A+ A-

” මට ඕක ඉක්මනට දෙන්න පුළුවන්ද වෙලා යනවා… “

” පොඩ්ඩක් ඉන්නවා ඕයී. තමුසේ කොච්චි අල්ලන්නද.  මොනාද අනේ මේ ලියලා තියෙන්නේ. සීගිරි කුරුටු ගී වගේනෙ අකුරු “

” පොඩි අයට ඕවා තේරෙන්නේ නෑ “

” පිස්සු.. තමුසෙට වඩා මාසයයි බාල “

” හවස් වෙන්න කලින් පිටු තුන හතරක්‌ වත් ඉවර කර ගන්න ඕනී. බලලා ඉවර නම් දෙන්න. මට‍ ලියන්න ඕනී… “

පොඩි එකාගේ වැඩ වලට කේන්ති මට‍. මේකා මගෙ කාලේ කන්න ඇවිල්ලනේ. එහෙන් මට පාඩම් වැඩත් ගොඩ ගැහිලා.

” ආ ආ ගන්නවා ඉතින්. ඒ කිරි එකක් වත් හදලා දෙන්නකෝ. තිබහයි ඕයී මට‍ “

” කුස්සියේ කිරිපිටි සීනි තේ කොළ තියෙනවා. මටත් එක්ක හදා ගෙන එන්න. මටත් තිබහයි හරීයට ”

” ගෙදරට ආපු මනුස්සයෙක්ට සලකන විදිහ අන්තිම කැතයි තමුසේ.  අනිත් මනුස්සයා ගැන කිසිම තැකීමක් නෑ. ඇත්තටම ඕයී තමුසේගෙ පෙනුමට වෙන්නැති වලව්වේ පොඩි හාමු රැවටෙන්න ඇත්තේ. දැක්ක ගමන් මාත් හිතුවේ හරි අහිංසක කොල්ලෙක් කියලා. පව් තමුසෙගෙ මිනිහා. “

පුතා අප්පච්චි එක්ක පොලීසියට ඇවිල්ලා ගෙදර යන්නැතුව මෙහෙ ඇවිල්ලා වට්ටි අම්මෙක් වගේ කියවනවා උදේ ඉදලා ඉවරයක් නෑ .  අප්පච්චි උපපොලිස් පති වුනාට පුතා නම් ගන්න දෙයක් නෑ තනිකරම කට වක්කඩක් . වැදගත් විදිහට තැනකට ගිහිල්ලා හැසිරෙන්න වත් දන්නෑ. මන් අරහෙම කිව්වට පස්සේ ඒකා මටත් බැන බැන කුස්සියේ පැත්තට ගියා. මට‍ වෙලාවක් තියෙනවා නම් කිරි හදන එක මහලොකු දෙයක් නෙවෙයි.

” ම් රසද දන්නෑ “

” විස්කොතු ඇති උඩ රාක්කේ බෝතලේකට දාලා අරන් කන්න “

” අයියෝ කලින් කියන්න එපැයි. වාඩි වුණා විතරයි “

” ඔයයි අර ඇමති පුතයි එක්ක සම්බන්දයක් තියෙනවද “

මන් එහෙම කියද්දී ඒකට ඉස්පොල්ලෙත් ගිහිල්ලා කැස්සත් කැස්සා.

” පිස්සුද මන් තමුසෙලා වගේ නෙවෙයි. එළකිරි පිරිසිදු කොල්ලෙක්. මට නෑනේ අනික්‌ අයට වගේ ඉතින් ඔය මගුල් තුලාවල්. ඇයි තමුසේ එක පාරටම ගජේ ගැන ඇහැව්වේ. “

” නෑ ඔයාගෙ අම්මටනේ නැන්දාම්මා කියලා කිව්වේ එදා “

හදිස්සියේම මට‍ ඒක මතක් වුණා.

” ඒකා අපෙ අයියට කැමති. ඒත් අපෙ අයියා නම් කැමති නෑ ගජේට. අයියා නිවාඩුවට අපෙ ගෙදර ආපුහාම ගජේත් දවස් දෙක තුන අපෙ ගෙදර. හොදම වැඩේ කියන්නේ ඒකා අපෙ අයියට කියන්න කලින් අපෙ අම්මට කියලා එයා අයියට කැමති කියලා. ඒකට නම් අයියට තාමත් කේන්ති ඒකා ගැන. අයියා  යාපනේට කෝච්චියේ යද්දි අරකත් උගෙ කට්ටිය එක්කලා කෝච්චියේ එනවා අපෙ අයියව ගිහිල්ලා දාන්න. එපා කිව්වට අහන්නෑ ගජේ “

” අප්පච්චි දන්නැද්ද ඕවා “

” අපෝ දන්නවා. මුලදී ඕකට අප්පච්චි හොදටම බැන්නා අයියත් ඉන්න තැන. මේකා කිව්වේ නැතා ඒකා බදින්නේ කොහොමත් අයියව විතරයි කියලා. උට‍ කොච්චර කිව්වත් වැඩක් නෑ. “

මහ ඇට්ටර කොල්ලෙක් වගේ . මට එහෙම ඔය වගේ ළමයෙක් ඉන්න ඕනී බලන්න. එහෙනම් මන් හම ගහලා හදන්නේ.

” දවල්ටත් එක්ක ඉව්වද “

” ඔව් “

” මොනාද මාලු “

” ගෝවා තෙල් දාලා ටින් මාළු හදලා “

” මාත් කාලාම යන්නම් “

හොද වෙලාවට මන් රෑටත් එක්ක කියලා වැඩිපුර ඉව්වේ. එකට තියෙන දේශනේ ඉවර වෙලා එහෙන්ම වැඩට යන්නත් එපැයි මහන්සි කියලා බලන්නැතුව.

” ඔයා තනියම ඉන්නෙ කොහොමද. එපා වෙන්නැද්ද. හාමුයි දරුවයි නැතුව පාලු නෑ “

” පාලුයි… සෑහෙන්න පාලුයි. මේ ඔක්කොම ටික දමලා ගහලා ඒ දෙන්නා ළගට දුවලා යන්න හිතෙනවා මට‍ දැන් වුණත් . ඒත් මන් මේ ඉන්න විදිහට කොහොමද මන් එහෙම කරන්නෙ. මගෙ ළග කිසිම දෙයක් නැති නිසානේ මන් බල්ලෙක් වගේ ලොකු හාමු වලව්වෙන් එළවලා දැම්මේ. මන් මටම කියලා තත්වයක් හදා ගත්තා නම් මට මගෙ දරුවා ළගම ඉන්න තිබ්බා. එතකොට අර ලොකු මැණිකෙටවත් මොකුත් කරන්නත් බෑ නෙ ආයේ. “

කොහොමහරි මන් මේ ඉන්න තැනින් ඉහළටම යන්න ඕනී මොකෙකුටවත් මට‍ තියා මගෙ ළමයටවත් ඇගිල්ලක් වත් දික් කරන්න බැරි විදිහට.

” ඔයාට පුළුවන් කොහොමත්. “

පොතෙන් පිටු තුන හතරක්ම ලියලා ඉවර කරපු මන් සටහන් කොළ ටිකයි පෑනකුයි දා ගත්තේ නයි මල්ලට.

” ම්…..  සුවදයි “

පිගන් දෙකක් ගත්ත මන් අපි දෙන්නටම බත් බෙදනකම් පොඩි ඇටයත් එතැන්ටම වෙලා හිටියා බත් එක දිහා බලාගෙන. හොදටම බඩගිනි හැදිලා වගේ කොල්ලට.

” තව ඕන්නං බෙදා ගෙන කන්න “

” ඔයා කියන්න ඕන්නෑ. මදි වුනොත් ඇරගෙන කනවා කොහොමත්. මාළු එක රසයි ගොඩක් “

මාලු එකට නම් තක්කාලි ගෙඩියක් වත් දාන්න බැරි වුණා. හොද වෙලාවට පොඩ්ඩක් හරි ඇඹුල ගන්න සියඹලා බිකි ටිකක් හරි තිබ්බා. ගොරකත් නෑ ඉවර වෙලා.  කෝකටත් රස වෙන්න මන් එනසාල් ඇටේකුත් දැම්මා.

” මාත් එක්කම යන් කැම්පස් එකට. “

” පුළුවන්ද මාවත් දාගෙන යන්න එහෙනම් “

එහෙනම් ඉතින් දාඩිය පෙරා ගෙන දුවන්න ඕන්නෑ වාහනේම යත හැකියි.

” බැරි නම් කියන්නෑනේ මන් “

ක්වාටස් එකට ආපු හැටියේ ඉක්මනට ලෑස්ති වෙන්න ඕනී නිසාම මැදපු මගෙ නිළ ඇදුමත් ඇදෙන් තියෙලා නයි මල්ලත් ඇරගෙන බාටා කෑළි දෙකත් දාගෙන දොරත් ලොක් කරලා වාහනේට නැග්ගා.

” කැම්පස් එකට නේද ඇත්තටම යන්නෙ. පොඩ්ඩක් පිළිවෙලකට යනවකෝ. තමුසේ දිහා කෙල්ලෙක් වත් බලන්නැති වෙයි. “

” ඇයි මොකක්ද වැරැද්ද “

” බලන්නකෝ කලිසම. ඒක පොඩි වෙලා. අනික ඇදුම ටිකක් පරණ පාටයි. ඔය බාටා කෑළි දෙක ගලවලා හොද සපත්තු දෙකක් හරි ලස්සන සෙරෙප්පු දෙකක් හරි ගන්න. දැන් මොකක්ද කියන්නකෝ ඔය මල්ල. රූපෙ විතරක්ම ලස්සන වුණා කියලා මදි අපෙ ඇදුම් පැළදුම් වුණත් ලස්සනට තියෙන්න ඕනී.   එතෝට තමයි කොල්ලෙක් වුණත් ලස්සනට පෙන්නේ. වෙන කවුරුත් ඕන්නෑ……. බලන්න මගේ දිහාම. මන් ඔයා තරම්ම රූපෙන් ලස්සන නැති වුණත්  ඔයාට වඩා මන් පිළි වෙලයි “

මේ කොල්ලගේ කටට නම් මට දෙන්න හිතයි ඇත්තටම. කොල්ලා හැබැයි කිව්වත් වගේ අලුත් බාටා කෑළි දෙකක් ගන්න ඕනී.

” ඒයි ඒයි තෝ සුද්දා නේද මෙහාට්ට වරෙන් “

අපෙ අප්පේ රැග් එක නම් ඉවරයි. ඇයි දන්නෑ මුන් මට කතා කරන්නෙ.

” ඔව් අයියේ.. “

මට අඩගහපු නිසා උන් ටික ඉද ගෙන ඉන්න ඒ බංකු වලට ගියා.

” කොක්කක් එහෙම දැන් හොයාගෙනද ඉන්නෙ “

” උට‍ එකට දහයක් ඇති බන් “

” කමක් නෑ වැඩි නෑනේ. උබ කියපන් ඉතින් බලන් ඉන්නැතුව “

” ඔව් අයියේ. “

අම්මෝ කෙල්ලෝ නම් එපා. ඉන්න කෙනා හොදටෝම ඈති ඉතින්. කෙල්ලෙක්ට වඩා හපන් මගෙ හාමු මහත්තයා.

” ම් යන්න “

ඒ අයියා යන්න කිව්ව පාර මන් ඉක්මනට එතැනින් යන්න හැරුණත් හරි උන් මොනාදෝ මන්දා කුටු කුටු ගෑවා. මන් එද්දි දේශනේ පටන් ඇරගෙන . හොදවෙලාවට ටික්කා පිටිපස්සේ නිසා මන් ඒකා ළගින් ඉද ගත්තා. 

” උබ අද රෑට එනවද පැදුරු නාටකේට “

” එන්න වෙන්නෑ බන්. හවසට වැඩට යන්න ඕනී. මහත්තයා කතා කරා “

මාත් ආසයි අපෙ කෙල්ලෝ කොල්ලෝ දාන සාද වලට යන්න. ඒත් මට වැඩ මගාරින්න බෑනේ.

” අයියෝ උබ නම්. හරකෙක් වගේ වැඩ කර කරම ඉද පන්. කැම්පස් කාලේ ආයේ ඉතින් එන්නෙ නෑනේ. මේ කාලේ තමයි හොදට විනෝද වෙන්න තියෙන්නේ. පස්සේ අපිට වගකීම් වැඩි. අපරාදේ උබට මෙහෙන් හරි කෙල්ලෙක් හොයා ගත්තා නම් රස්සාවක්  ආණ්ඩුවෙන් හම්බෙනකම් කඩයක හරි වැඩ කර කර ඉන්න තිබ්බා. “

ඒවුනාට ඉතින් අනිත් උන්ට වගේ නෙවෙයිනෙ. මටම හරියන ආදරයක් හම්බෙලා තියෙන්නේ. මාත් එක්කලා පොඩි පොඩි රණ්ඩු වුණත් තරහ ගිහිල්ලා ඉවස ගන්න බැරි වුණු තැන මට කෑ ගැස්සෙන්නම හොද වයින් ගුටි බැට ටිකක් දුන්නත් හාමුගේ ආදරේට මන් හරි පෙරේතයි. මන් ආසයි හාමුගේ ඒ දගකාර ඇවිස්සිල්ලට.  ඉතින් මේ ගෙවිලා යන කැම්පස් කාලෙට වඩා මට ගොඩක් වටිනවා හාමුයි දරුවයි ඉන්න ඒ වෙලාව. මේ අවුරුදු දෙක තුනේම හරකෙක් වගේ වැඩ කරලා පස්සේ මගේ පැටියයි හාමුයි එක්කලා නිවී හැනහිල්ලේ ඉන්නවා මන් .

දැන් හරි සපත්තු දෙකත් කළුවට හොදට දිලිසෙන්න මැද ගත්තා. ඒත් ඉතින් පාර ටිකක් මඩ වෙලා නිසා හරි පරිස්සමින් යන්න ඕනී. හොද වෙලාවට හෙට උදේ වරුවම නිවාඩු. හොදට නිදා ගන්න ඕනී හෙට .  තව ඩින්ගෙන් තොප්පියත් අමතක වෙනවා මට‍. පුටුවේ උඩ තිබ්බ තොප්පියත් අතට ගත්තු මන් යතුරත් සාක්කුවට දාගෙන වැඩට යන්න ගියා.

” යමු බන් රැස්සීමට. තෝ එනකම් හිටියේ. අනිත් උන් ටික ගියා නැල්ලුමට “

එක එක විශේෂ රැස්සීම් අපිට තියන්න නැල්ලුම කියලා කාමරයක් තියෙනවා. මන් එද්දි දමිත ඉන්නවා අපෙ කාමරේට වෙලා. අපි පුටුවල වාඩි වෙලා විනාඩි පහක් ගියෙ නෑ ලොක්කො  හතර පස් දෙනෙක්ම ආවා වෙද්දී අපි හැමෝම නැගිටල ආචාර කරලා එයාලා වාඩි වුනාට පස්සේ අපිත් වාඩි වුණා. ඒ පස් දෙනාම හිටියෙ සාමාන්‍ය ඇදුමින්. ඒකෙන් දෙන්නෙක් පොලිසියේද කියලා වත් හොයන්න බෑ රැවුල ගානකට කපලා කොන්ඩෙත් වවලා තියෙනවා අපිට වඩා . ඒ දෙන්නම තරුණයි වගේ. ඒ තියුණු ඇස් ඉදගෙන ඉන්න අපි තිස්‌ හතලිස් දෙනාටම යොමු වුණා.

” අඩේ නිලුවා මන් හිතුවේ නෑ මෙච්චර ලස්සන ලොක්කො පොලීසියේ ඉන්නවද කියලා. මෙයාලා මොන අංශයේද දන්නෑ ඉන්නෙ “

” කටපියා ගනින් බන්. මන් කැමති නෑ දඩුවම් කන්න “

මේකා මලපෙරේතයා වගේ ඒ ලොක්කො දෙන්නා දිහා බලාගෙන මාත් එක්කලා කියෝනවා දා ගෙන. බඩු බනිස් වුනොත් ඒකයි මායි දෙන්නම ඉවරයි.

” ඔක්කොමලාම ඇවිල්ලා නේද ඉන්නේ “

” ඔව් සර් “

” හොදයි. අපි මේ ප්‍රදේශයේ බල පවත්වාගෙන යන අපරාද භාර විමර්ශන බුද්ධි අංශයේ නිළධාරින්. මේ ඉන්නෙ බුද්ධි අංශ උප ප්‍රධාන ජෙනරාල් තුමයි.  මේ ඉහළ බුද්ධි අංශ උප ප්‍රධාන ජෙනරාල් තුමයි.  සර්… “

එක නිළ දාරියෙක් එහෙම කියලා ලොකුම එක්කෙනාට කතා කරා ඊළගට කතා කරන්න . දමියගේ ප්‍රශ්නෙ විසදුනා එහෙනම්. ඒ දෙන්නම ඉහළ නිළදාරින්. මට‍ ඉබේටම බැලුනෙ දමියා දිහා. පව් ඉතින් කියලත් හිතුනා මට අසරණයා ගැන.

” මන් අපරාදභාර විමර්ශන ඉහළ බුද්ධි අංශයේ උප ප්‍රධානියා. අපෙ සර් ඔයාලට කතා කරන්න එන්න හිටියේ ඒත් හදිස්සි වැඩක් වැටුනා. ඒකයි එන්න බැරි වුණේ. ඔයාලගෙන් පස් දෙනෙක් අපි අපෙ අංශෙට ගන්නවා. යෝග්‍යතා පරීක්ෂණය ගන්නෙ පුහුණු මාස දෙකෙන් පස්සේ. එකෙනුත් පස්සේ එයාලට අපි විසින්ම තව මාසයක් යනකම් හැමදාම දවසකට පැය හතරක් යෝග්‍යතා පුහුණු වීම් කරනවනවා . අපි දැනට දහ දෙනෙක් තෝරනවා දැන්. ඒකෙන් පස්සේ අපිට ඕනී පස් දෙනා දැනුම පරීක්ෂා කරලා අපි ගන්නවා. මේකට අපිට වැඩි පුර ඕනි පාඩම් කරලා විභාග වලට ගන්න ඉහළ ලකුණු වලට වඩා අඩු කාල සීමාවකින් අනිත් අයට වඩා ගොඩක් ඉහළින් ඕනෑම දෙයක් තේරුම් ගන්න පුළුවන් හිතන්න පුළුවන් තියුණු බුද්ධියක්. පටන් ගමු එහෙනම්. කෝ හැමෝම නැගිටින්න දැන් . “

ලොක්කා අත් පුඩියක් ගහලා කිව්ව ගමන් පුටු වලින් නැගිට්ට අපි සීරුවෙන් හිට ගත්තා වෙද්දී ලොක්කො දෙන්න එක්ක අනිත් තුන් දෙනත් ඉස්සරහ පේළියෙ ඉදලා එක එක්කෙනා ළගට ගිහිල්ලා තියුණු ඇස් වලින් හොදට බැලුවා.

” ඒ බන් මගේ හදවත ගැලවිලා විහික්කා වෙන්න වගේ. මට කලන්තෙවත් දායිද දන්නෑ. “

” බය නැතුව ඉදින්. තමුසෙව ඉඹින්න නෙවෙයි නෙ උන් එන්නෙ ළගට “

” බුද්ධි අංශෙට දැන් නම් මන් හරි කැමති බන්. මාවත් තේරුනොත් හොදයි දෙයියනේ “

” ඉස්සරහ පේලිය ඉවරයි බන්. උබේ කට වහ ගනින් “

අපි හිටියේ හතර වෙනි පෝලිමේ අවසානෙට. ඉස්සරහ පෝලිමෙන් එක්කෙනෙක් තෝරාගෙන ඉස්සරහට යැව්වා. හයදෙනෙක්  තෝර ගත්තු එයාලා දැන් ආවේ අපෙ පෝලිමට වෙද්දී දැන් නම් මගේ පපුවත් ගැලවෙන්න වගේ. දමියගේ නළලිනුත් දාඩිය දාලා චෙරි ගෙඩියක් වගේ රතු වෙලා මූණ කම්මුල්. කිව්වත් වගේ ලොක්කගේ ඇගටම වැටෙයිද දන්නෑ කලන්තේ දාලා.

” තමුන් අසනීපෙන්ද “

” නෑ සර්. “

” ම් ඉස්සරහට යන්න “

” මො.. යන්නම් සර් “

දමියා පිස්සෙක් ගානට හැසිරෙන්න ගිහිල්ලා යන්නම් සර් කියලා ඉස්සරහට ඉක්මනට ගියා. ඊට පස්සේ එයාලා ආවේ මගේ ළගට වෙද්දී මගෙත් හතර පස් දෙනාම උඩ ඉදන් යටට බලලා ඊලග මනුස්සයා ළගට ගියා. මාව පාස් කරලා යද්දී මන් බැලුවේ ඉස්සරහම ඉන්න දමියගේ මූණ දිහා වෙද්දී එයත් මූණ අකුලාගෙන මගෙ දිහා බැලුවා. දහ දෙනාම තෝරලා ඉවරයි දැන්. මට‍ පුදුමයි මෙයාලා මේ තෝරන විදිහට. කොහොමද පෙනුමෙන් මනුස්සයෙක්ව මනින්නේ ඒ විදිහට .

” හරි දහ දෙනාම තෝර ගෙන ඉවරයි. ඉතිරි ටික දෙනාට යන්න පුළුවන් දැන් “

එක ලොක්කෙක් එහෙම කියද්දී අපි කට්ටිය යන්න හැදුවෙ එළියට.

” ඔය කන්නාඩි දා ගත්ත එක්කෙනා මෙහාට්ට ආවා නම් “

 

        💥💥💥💥💥💥💥💥💥💥

” පැටියෝ…. නුරාද කොහෙද ඉන්නෙ….. “

හවස පන්ති ඉවර කරලා ආවා හැටියේ මන් ඇතුළට ගියෙ නා ගන්න. නා ගෙන ඇවිල්ලා තුවායෙන් ඔලුව පිහ පිහ වටපිට බැලුවත් හරි පැටියා නෙවෙයි පේන්න හිටියේ. මට බය හිතුනා වෙද්දී මන් තුවායත් ඉනේ පටල ගෙන නුරාදට අඩ ගගහා පහළ කොටසේ හෙව්වත් එයා නෑ.

” නැන්දේ නුරාද කුස්සියේ පැත්තට ආවද “

” ආ බේබී චූටි බේබී නම් වතුර බෝතලේට වතුර එකක් පුර වගෙන ගියා. කාමරේ නැද්ද බේබී “

” නෑ නෙ නැන්දේ මන් එළියට ගිහිල්ලා බලන්නම්කෝ එහෙනම් “

කමනි නැන්දටත් එහෙම කියපු මන් ගියෙ එළියට වෙද්දී මන් දැක්කේ ඔන්චිල්ලාවේ ඉද ගෙන ඉන්න අප්පච්චි. ඒත් අප්පච්චිගෙ ඔක්කේ පොඩි කකුල් දෙකත් තියෙනවා දකිද්දී මන් හෙමින් හෙමින් සද්දේ නොකර අඩිය තිබ්බා.

” පැටියා සීයාට දැන් වත් ආදරේද කියන්නකෝ ම්…. ආයේ සීයා මගෙ චූටි මුණුපුරාට බනින්නෑ හොදද. සීයා ගොඩක් ආදරෙයි නුරාදට “

” ආ… “

මට හිතා ගන්න බෑ.  මන් ඔන්චිල්ලාවේ පිටිපස්සේ ඉද්දි දැක්කේ අපෙ අප්පච්චිගෙ ඔක්කේ නුරාද හොදට ඉන්නවා. අපෙ අප්පච්චි මගෙ දරුවගේ ඔලුව අත ගගා ආදරෙන් කතා කරනවා. මගෙ දරුවත් කිසිම බයක් නැතුව ඒ ඔක්කේ හොදට ඉදගෙන ඉන්නෙ චීස් කැටේකුත් කකා.

” ආයේ ආච්චි අම්මත් පැටියට බනින්නෑ හොදද. ආච්චි අම්මා මගෙ පැටියට බැන්නොත් ඔයා මට‍ ඇවිල්ලා කියන්නකෝ මන් හොද ගුටියක් දෙන්නම් ආච්චි අම්මට ඇවිල්ලා හොදද “

එතකොට නම් කොල්ලට හිනා ගියා.

” අප්පච්චි “

මන් දැන් ආවා වගේ අප්පච්චි ඉස්සරහට ගිහිල්ලා හිටගෙන ඉදගෙන ඉන්න නුරාද දිහාට ඇස් ගෙනිච්චා.

” ආ පොඩි…. උබ නෑවද “

” ඔව් අප්පච්චි නෑවා. මන් කොල්ලව හැමතැනම හෙව්වා අප්පච්චි. කොල්ලා මේ ආයේ දග වැඩක් වත් කරාද අප්පච්චි “

” එහෙම ඒකා දග වැඩක් කරේ නෑ. කුස්සියේ පැත්තෙන් දුවගෙන එද්දි පැටියා මගෙ ඇගෙ හැප්පුනා. මන් ඉතින් පැටියව මෙතෙන්ට එක්ක ආවා ඇතුළට වෙලාම ඉන්න ඕන්නෑ නෙ . උබ මේකව කාමරේ අස්සේ තියා ගෙනම ඉදලා එළියේ හරියට පය ගහලා ඉන්නවත් බැරි වෙයි මේකට. “

අප්පච්චි කිව්වත් වගේ නුරාද එළියේ තියන්න ඕනී තමයි. ඒත් අපෙ අම්මා කරන වැඩ වලට මට‍ බයයි අපෙ කොල්ලව තනියම එළියේ තියන්න. අප්පච්චි කතා කරන්නෙ හරියට ඒ බවක් නොදන්නා ගානට.

” කොල්ලව තනියම මේ වලව්වේ තියන්න පුළුවන් පරිසරයක්‌ නෙවෙයි නෙ අප්පච්චි දැන් තියෙන්නේ. නිලූෂ හිටියා නම් බය වෙන්න දෙයක් නෑ. කොච්චර වත් පැටියා ළග “

” මන් අම්මටත් කියලා තියෙන්නේ මේ දරුවා හොදට බලා ගන්න කියලා පුතා. ආයේ එහෙම දෙයක් වෙන්නැති වෙයි ඒකිගෙන් . පිට මිනිස්සු ගැන උබ ආයේ හිතන්න යන්න ඕන්නෑ මීට පස්සේ . උබට මේ වලව්ව තියනවා. උබේ අම්මා අප්පච්චි ඉන්නවා. ආයේ තව මොකටද පිට උන් ගැන හිත හිතා හිත කරදර කර ගන්නේ “

අප්පච්චි මේ පිට මිනිස්සු කියලා නොකිය කියන්නේ මගෙ නිලූෂටම තමයි.

” මන් මොකටද අප්පච්චි පිට මිනිස්සු ගැන හිත හිතා හිත නරක් කර ගන්නේ. “

” ඒක තමයි පුතා මාත් මේ කියන්නේ. අවසානෙට ඉතුරු වෙන්නේ තමුන්ගේ අය විතරයි. “

” ඔව් අප්පච්චි ඒක නම් ඇත්ත. කොච්චර වුණත් අපේ ළග අවසානෙට ඉතිරි වෙන්නේ බැදපු මනුස්සයා තමයි. අම්ම අප්පච්චි වුණත් හැමදාම ළමයි ළගින් ඉන්නෑ නෙ කොහොමත්. ළමයි වුණත් ලොකු වෙලා දෙමව්පියන්ගෙන් ඈතට යනවා කසාද බැදලා.  හොද වෙලාවට පරක්කු වෙලා හරි මට‍ නිලූෂ හරි හම්බුනා. නැත්තම් මාත් තනියම. “

මගෙ මනුස්සයා ගැන කියන කොට නම් අප්පච්චි ඇසුත් අකුලගෙන මගෙ දිහා බැලුවා.

” උබ හොද උගත් ගුරුවරයෙක් නේද පුතා. ඔය කොල්ලා ඇරෙන්න වෙන එකෙක් හිටියේම නැද්ද මන් අහන්නේ “

” නැහැ අප්පච්චි. නිලූෂ ඇරෙන්න ආයේ වෙන කිසිම එකෙක් හරියන්නෑ මට “

නිලූෂ හරියන්නෙම මේ මටම විතරයි.  මන් දෙන වද කන්දරාව දරා ගන්න තරම් හයි හත්තියක්නේ තියෙන්නේ මගෙ මිනිහට. අප්පච්චිට තරහ ගියා හෝ නැතා මන් එහෙම කියලා දැම්මා. අපෙ අම්ම තමයි නිලූෂ ගැන අප්පච්චිගෙ හිතට විස පුරෝලා තියෙන්නේ. නැත්තම් අප්පච්චි ඉස්සර අපි දෙන්නගේ සම්බන්දෙට වැඩිය මොකුත් කිව්වේ නෑ නෙ. එයා මේ දැන් තමයි කියන්නේ.

අප්පච්චි එක්කලා කතා කර කර ඉදලා ඉදලා පැටියා එක්කලා මන් ආවේ කාමරේට.

” නිර්මාල්  දවල්ට කාලද ආවේ “

” ඔව් බේබී. කාලා ආවේ “

එළියේ ඉස්තෝප්පුවට වෙලා පැටියට කතන්දර පොතක් කියා දිදී ඉද්දි දැක්කේ බයිසිකලෙන් මේ පැත්තට එන නිර්මාල්ව.

” නිර්මාල් එළවලු කඩයක් දැම්මයි කියලා ආරංචියක් ආවා මට‍ “

කොල්ලා ගෙදර නිකන් ඉන්න එකේ  වත්තෙ පල්ලෙහා මුළු කෑල්ලේම  එළවලු හදලලු. දැන් නම් එළවලු සරුවට ගොඩක් හැදිලා නිසා ගෙදර ඉස්සරහම සෝමේ මාමා එක්කලා පොඩි කඩයක් හදා ගෙන නිර්මාල් එළවලු දාලා විකුණනවලු.

” ඔව් බේබී මේ ළගදි තමයි දැම්මේ. උදේට නම් අක්කා කෑමත් හදලා ඒකට දානවා. මිනිස්සු එන නිසා මන් ඉතින් කඩේ බලා කියා ගෙන ඉන්නවා “

” ඒක හොදයි දරුවෝ. මුලදී මුලදී මිනිස්සු අඩු වුණත් පස්සේ පස්සේ වෙද්දී මිනිස්සු වැඩි වෙයි. තාම ඉතින් සමහර අය දන්නෙත් නැතුවා ඇතිනෙ “

කොල්ලා හැබැයි ඉස්සර හිටියට වඩා දැන් හොදයි. දෙනුවන් හම්බුනාට පස්සේ නම්  කොල්ලා සෑහෙන්න වෙනස් වෙලා.
හැබැයි කැහුටු ඇග නම් ඒ විදිහමයි. කවදා ටිකක් හරි මහත් වෙයිද මන්දා මේ ළමයා.

කමනි නැන්දා හොද වෙලාවට අද කලින්ම ගියෙ. පොද වැස්සක්‌ පටන් ගත්ත පාර දැන් වහින්නේ හෙන ගෙඩිත් පුපුර පුපුර. නුරාදට නම් හෙන ගෙඩි පිට හෙන ගෙඩි ගැහැව්වත් ගානක් නැහැ ඔහේ මන් හදලා දුන්නු සුදු කිරි එක බබා විස්කොතු කකා බොනවා හාන්සි පුටුවේ ඉදගෙන. එයා නොහිතපු වෙලාවකට හෙන ගෙඩියක් පිපුරුනාම ගැස්සිලා ගිහිල්ලා මගෙ දිහත් බලලා  ආයේ විස්කෝතුව කිරි එකේ පොගව ගන්නවා.  එයා දිහා බලන් ඉන්න මට‍ ඉතින් තනියම හිනා.

” නුරාද කෝ… යමු “

මගෙ බෑග් මල්ලත් අතට ඇරගෙන නුරාදට අඩගහද්දි මන් දැක්කේ මේ පැත්තට එන අම්මා. අම්මා නම් තවත් ලෙඩ පාටයි. වෙද මහත්තයා දුන්නු බෙහෙත් වත් අපේ අම්මගේ ඇගට අල්ලලා නැහැ වගේ පේන්නෙ. නැත්තන් ඉතින් වෙද රාළ මහත්තයා දුන්නු බෙහෙත්   වේල් දෙකක් බිව්වත් හරි ලෙඩ ඩිංගක් අඩු වෙනවා.

” පුතා අද නම් පාර හොදටම ලිස්සනවා .  හොද නැද්ද බස් එකේ ගියොත්. “

” දැන් වෙලාවක් නෑ අම්මා බස් එකේ යන්න. ඔන්න ඔහේ හෙමීට වාහනේම යනවා ඉතින් පුරුදු පාර නෙ අම්මා “

අම්මටත් වැදපු මන් පුතා වත් අරගෙනම වාහනේට නැගලා හරි පරිස්සමින් එලවන්න ගත්තා. ලාවට මීදුම දාලා නිසා පාර හරියට පේන්නෙත් නැහැ වගේ. ඉස්සරහට යන්න යන්න තවත් මීදුම.

පොඩි බෑග් එකත් කරේම දාගෙන වතුර බෝතලෙත් ඉස්සරහට දාන් පැටියා ජනේලෙන් එළිය බලාගෙන ඔහේ ඉන්නවා. අද නම් හවස පන්ති නැති නිසා හොදයි. ඉස්කෝලේ අරුණු හැටියේ යන්න ඕනී මගෙ නිලූෂව බලන්න. බ්‍රහස්පතින්දා හවස කොහොමත් එයාට දේශන නැහැ නෙ. ඒත් එයාට වැඩක් වත් වැටෙයිද දන්නෑ.

” මා පුතා එහෙනම් අප්පච්චි ඉස්කෝලේ ගිහිල්ලා පැටියව ගන්න එන්නම් දොළහට. දැන් යන්න කෝ “

මන් පැටියව ගේට්ටුව ළගට දාලා එයාගේ චූටි කුඩෙත් ඉහළලා අතට දීලා  ඇතුළට යන්න කිව්වා වෙද්දී මටත් අත වනලා කොල්ලා මන් යනකම් බලාගෙන හිටිය.  වාහනේ ළගට ආපු මන් දැක්කේ ඇතුළේ තියෙන කොල්ලගේ වතුර බෝතලේ.

” නිලූ… à·‚ ඉන්න පොඩ්ඩක්  අහ්…… “

” ආ…. අ ප්පත් ති… අප්පත්ති අප්පත් ති.. “

මට ඉබේම බැලුනෙ මේ පැත්තට වැස්සේම දුවගෙන එන ඒ පුංචි රූපේ දිහා.

       💥💥💥💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලූලා ❤️

බුදුසරණයි හැමෝටම 🙏

අදහස් වෝට් වලට ගොඩාරියක් ඉස්තුතියි යාලූලා 🙏❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌නමවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌නමවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌නමවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌නමවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌නමවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌නමවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 40