À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්දෙවැනි කොටහා

A+ A-

” මේ ටිකද බන් ඒ මිනිහා ගැන හොයා ගත්තු දේවල් “

” දැනට ඉතින් ඔච්චරයි තමයි බන්. මේවට ඉතින් දවස් ගණන් යනවා. මේ ටික සර්ට දෙමු. “

මන් එකතු කර ගත්ත ටිකයි දමියා එක්කහු කරපු ටිකයි මේසේ ලාච්චුවට දාලා අපි ගියෙ අනිත් තුන් දෙනා හම්බෙන්න.

” උබලා දැන්ද ආවේ බන්. ලොකු සර් ඇවිල්ලා ආයේ රන්දුනු සර් එක්කලා උඩට ගියා. “

සතියක් ගියාට මොකද මන් මේ වෙනකම්ම දැක්කේ නෑ අපෙ අංශ භාර ප්‍රධානිතුමා.

“  ලොකු සර් අද ආවද මෙහෙට “

” ඔව් සර් අද ආවා. උබලා දෙන්නගේ වැඩේ ඉවරයිද නිලුවා “

” නෑ තව ටිකක් තියෙනවා “

උදේ පොලීසියේ පුහුණු වීම් වලින් පස්සේ කෙලින්ම ආවේ වැඩ කරන තැනට . හවස තියෙන දේශනේට නම් අද යන්න වෙන්නෑ වගෙ.

” බඩගිනි බන්. මට දවල්ට කන්නත් බැරි වුණා. මගෙ බත් එක නරක් වෙන්න කලින් කන්න ඕනී “

රෑ අටටත් කිට්ටු වෙලා තියෙද්දී අපි තාම  පුටු රත් කරගෙන වැඩ කරනවා. කෝකටත් කියලා මන් දවල්ට උයලා තිබ්බ බතුත් පෙට්ටියට දා ගෙන ආවා.

” මේ තව ඩිංගක් තියේ. ඒ ටික බලලම කමු නිලූ “

කෑම කාමරේට ගියපු අපි දෙන්නා මගෙ බත් එක කන්න ගත්තා. හොද වෙලාවට ඒක නරක් වෙලා නෑ. රතු බතුයි තෙල් දාපු සම්බෝලෙයි. කිරිමැටි ගිලිනවා වගෙ තමයි හොද්දක් වත් නැතුව.

” හිටපන් කෝ මගෙ මල්ලෙත් ඇති කෑම එකක් “

එහෙම කියලා දමියා ගිහිල්ලා එයාගේ කෙසෙල් කොළේ ඔතාපු බත් ගෙඩිය ගෙනාවා. කාලෙකින් පොළොස් ඇඹුලක් තියෙනවා.

” ඈ බන් උබ හෙට එතකොට ඒ නාකියාට කතා කරන්න යනවද “

” ඔව් බන් හෙට උදේට යනවා. මයෙ හාමුත් උදේන්ම ඉස්කෝලේ යනවනේ. එතෝට තවත් ලේසි “

” මන් නම් කියන්නේ ඒ වලව්වට යන්නවත් එපා බන්. උබ බල්ලෙක් වගේනේ එළවලා දැම්මේ උන් “

පහුගිය දවස් ටිකේම කල්පනා කරලා කරලා තමයි මාත් මේ තීරණේ ගත්තේ. හරි අමාරුයි දරුවයි මගෙ හාමුයි ක්වාටස් එකෙන් ගියපු දවසට මට මෙහෙ තනියම ඉන්න. නිතරම මතක් වෙන්නේ ඒ දෙන්නා වෙද්දී හාමුත් නිතරම කියනවා තව කී දවසක් අපි මෙහෙම ඉන්නද කියලා.

” මාත් කැමති නෑ බන් උන් ඉන්න තැනට යන්න. ඒත් බන් මට මගෙ ළමයයි හාමුයි නැතිව ඉන්න අමාරුයි. වැඩ එක්කලා දවස ගෙවිලා යනවා දැනෙන්නැති වුණත් ගෙදර ඉන්න ටික වෙලාවේ වුණත් පැටියා මතක් වෙනවා. මගෙ හාමු මතක් වෙනවා. එකම පවුලක් වෙච්ච අපි කොහොමද බන් තැන් දෙකක ඉන්නෙ. අනික බන් පැටියට උගෙ අප්පච්චිලා දෙන්නම ඕනී. මට වුණත් හරි ලෝභයි මගෙ පුංචි වලස් පැටියා මගෙ උණුහුමින් ඈතට යද්දි.  උබට කවදා හරි තේරෙයි උබ අප්පච්චියෙක් වුණු දවසකට මට මේ දැන් දැනෙන හැගීම “

ඒකා දිහා බලලා මන් එහෙම කියද්දී උගෙ මූණ බැරෑරුම් වුණා.

” ම් මේකයි මන් මේ කියන දේ අහලා වැරදිවට හිතන්න එපා. මන් දන්නැති නිසයි අහන්නේ. අනික මන් තාම චූටි. දන්නැති දේවල් වැඩිහිටියන්ගෙන් අහලා දැන ගන්න එපැයි “

” කියපන් ඉතින් “

” ම්මේ ඔයා මේ කොහොමද කියන්න කෝ…. හැබැයි වැරදිවට හිතන්න එපා. ඔයාට වගෙ මට අත්දැකීම් නෑ. මන් ඉස්කෝලේ ගියපු කාලේ ඇත්තමයි මන් කාටවත් ආදරේ කරලත් නෑ. ඔයා කොහොමද කියන්නකෝ නිලුවෝ හාමුව දැලේ දා ගත්තේ ආ “

මුගේ කතාව ඇහැව්වයින් පස්සේ මට මගෙ හිනාව නතර කර ගන්න අමාරු වුණා. මුටනම් දැන් අබ මිටක් දැම්මොත් පුපුරන සයිස් එකේ ඉන්නේ.

” මන් හිතන්නෑ උබට රන්දුනු සර්..අහ්හ් ඌයි “

මේකා මගෙ පිටටත් හයියෙන් පාරක් ගහගෙන මල්ලත් අරන් එළියට ගියා. කොල්ලගේ හිත රිදුනට මොකද මන් ඇත්ත කිව්වේ. මන් කීප වතාවක් දැක්කා මූ රන්දුනු සර් දිහා කන්න වගෙ බලාන ඉද්දි රන්දුනු සර් හොද දෙකක් මූට රවනවා.  ඒ මදිවට එක දවසක් මුගේ අතින් වුණු පොඩි වැරැද්දට වුණත් රන්දුනු සර් බැනගෙන බැනගෙන ගියෙ හැමෝම ඉස්සරහ.

මන් ක්වාටස් එකට ආපු හැටියේ අතපයත් හෝදලා කොත්තමල්ලි එකක් බිව්වේ ආපහු මට ආපු ඔලුවේ අමාරුව නිසා .  තාම එකොළහයි වෙලාව. වලන් ටිකත් හෝදලා දාපු මන් කුස්සියත් අස් කරලා ගියෙ නිදා ගන්න.

” කොල්ලෝ උබ මේ පැත්තෙ මේ මොකෝ කරන්නෙ ඈ….  පොඩි බේබී නම් මේ ටිකකට කලින් ගියා නොවෑ චූටි බේබී එක්කලා ඉස්කෝලේ “

වලව් පාරට හැරිලා යද්දි මගදි මට හම්බුනේ සෝමේ මාමා.

” අහ් නෑ මාමේ මේ ලොකු හාමු වලව්වේ ඉන්නවද “

” ඔව් කොල්ලෝ ඕන් ඉන්නවා. උබ යනවා නම් පරිස්සමින් පලයන් “

මාමා එහෙම කියලා යන්න යද්දි මන් වලව්වට ආවා.  කඩුල්ලත් පැනලා වලව්වේ දොරකඩට ආවත් කවුරුත් පේන්න නැහැ හිටියෙ.  ඒ නිසාම මන් ගියෙ ඇතුළට.

” උබ… උබ මොකද මෙහෙ කරන්නෙ ආ”

” ලොකු හාමු මට කතා කරන්න ඕනී “

ලොකු හාමු කොයි වෙලේක හරි එනකම් ඉස්සරහ තිබ්බ වේ වැල් පුටුවේ ඉදගෙන ඔහේ කල්පනා කර කර හිටියා.

“  තෝව මන් මේ වලව්වෙන් පැන්නුවේ ආයේ ගන්න බලාගෙන නෙවෙයි බොල. උබ රෙද්දක් ඇදගෙනද ඔය ඔහොම කතා කරන්නේ. උබට ලැජ්ජාවක්‌ නැද්ද මගේම ගෑණිව මරන්න හදලා ආපහු මගෙ කකුල් දෙක ළගටම එන්න ආ “

” මන් හොදින් කතා කරන්නේ ලොකු හාමු. ළමයයි හාමුයි ඉන්නෙ කොතනද මට එතැන ඉන්න ඕනී . නැත්තම් හාමු කැමති වුණත් අකමැති වුණත් මන් ඉන්නවා මෙහෙ අහ්… “

” චටස් “

ලොකු හාමු මගෙ කම්මුලට ගැහුවට මොකද මගෙ තොලත් පැලුනා. ඒත් මන් හිනා වුණා.

” උබ සක්කිලියා තෝ කොහොමද බොල මේ වලව්වේ ලොකු හාමුගෙ අණට පිටින් යන්නෙ ආ බොල දැන ගනින් තෝ ඕනිවට වඩා දැගලුවොත් මන් උබව මරනවා ඒක දැන ගනින් “

” මන් මැරුවොත් කොහොමද ලොකු හාමු ඊළග පහු වෙනිදා වෙනකම් ජීවත් වෙන්නේ. අමතක කරන්න එපා ලොකු හාමු මන් සේරම ටික මේ වෙද්දී මන් ළග ඉන්න ගොඩක් දෙනාට මන් කියලා තියෙන්නේ. අනික ඔයාගෙ පොඩි. හාමුගේ පොඩි පුතා මොනා කරයිද එයාගේ අප්පච්චි එයාගෙ මනුස්සයව මරලා දාද්දි. “

” තෝ මාව අල්ලෙ නටවනවද සක්කිලියා “

මන් බලාගෙන ඉද්දි හාමුගේ ඇස් ගොරකා මද වගෙ රතු වෙනවා.

” අන්න වැරදිවට තේරුම් ගත්තා ඉතින් . මන් ඇයි මගෙ මිනිහගේ අප්පච්චිව අල්ලෙ නටවන්නේ. මන් මේ ලොකු හාමුට එවලේ ඉදලා කියන්නේ මට මගෙ මනුස්සයා ළගයි පැටියා ළගයි ඉන්න දෙන්න කියලා නෙ. හාමු ඒක පිළිගන්නැති නිසයි මන් එහෙම කියන්නේ “

” උබ වගෙ අනාථ සක්කිලියෙක් මේ වලව්වට ගත්ත මට තමයි වෙඩි තියන්න ඕනී “

ලොකු හාමු එක්ක කතා කරලා සාම ගිවිසුමකට එන්න සෑහෙන්න අමාරුයි වගෙ.

” හාමු මන් හවසට බඩු ටිකත් අරගෙන එන්නම් එහෙනම් . මට දැන් පොලීසියට යන්න ඕනී. අදත් හවස් වෙනකම් වැඩ “

” උබ මහ ජරා බල්ලෙක් වැඩිහිටියෙක් ඉස්සරහවත්…. “

” හාමු මන් එදා ලොකු මැණිකෙගේ බෙල්ල මිරිකුවේ මගෙ ළමයට කරදරයක් කරන්න ගියපු නිසයි. ඒක තේරුම් ගන්න මුලින්ම හාමු. මන් හාමුගෙන් වෙන මොකුත්ම නෙවෙයිනෙ ඉල්ලුවේ මට මෙහෙ ඉන්න දෙන්න කියලා විතරයි.  එහෙම නැත්තම් මගෙ ළගට පොඩි බේබිවයි ළමයයි මන් ගන්නම්. “

” උබ වලව්වට වරෙන්. මගෙ ළමයි කොහෙවත් එක්ක නොයා “

මට ඕනී කරන වචන ටික හාමුගේ කටින් ආවත් හරි මගෙ හිත පිරිලා ගියා. හාමු මෙහෙට එන්න කලින් මට මෙහාට්ට එන්න පුළුවන් වුනොත් හොදයි. ලැජ්ජාව පැත්තක තියලා හරි එන්න වෙනවා මගෙ පැටිය වෙනුවෙන් හාමු වෙනුවෙන් .

” ලොකු හාමු…  අප්පච්චියෙක් අම්මෙක් නැති අනාථ මේ මම මන් ආදරේ කරන මනුස්සයාගේ අම්මා අප්පච්චි ගැන කොයිම තරහක්‌ වත් නැහැ. මගෙන් හාමුගේ හිත රිදෙන දෙයක් වුණා නම් මට සමාවෙන්න. මන් බේබිගෙ අප්පච්චිගෙන් ඉල්ලන්නේ ඔයාගෙ පුතාව. මටයි පැටියටයි හාමුටයි අපි තුන් දෙනාටම හිතේ නිදහසෙන් ඉන්න දෙන්න කියලා මන් ලොකු හාමුගෙන් වැදලා ඉල්ලන්නම්. “

මන් හාමුගේ කකුල් දෙක අල්ලලා වැන්දා. කොහොම හරි මට නිදහසේ මේ වලව්වේ ඉන්නයි ඕනී මට.

” මගෙ දරුවට එච්චර ආදරෙයිද උබ “

” ආදරෙයි. ඒ දෙන්නටම ආදරෙයි මන් “

මන් කලින් හිටපු කාමරේ ලොකු හාමු හාමු තේ වත්තෙ වැඩට ආපු මනුස්සයෙක්ට දීලා. වෙන කාමරේකට තමයි මගෙ බඩු ටික ගෙනාපුවාම දාන්න වෙන්නේ.

     💥💥💥💥💥💥💥💥💥

” එහෙම නෑ ලොකු සර්. ඒ ළමයා හොද ළමයෙක්. කවුරු වුණත් කැමති නෑ නෙ සර් තමුන්ගේ අම්මා අප්පච්චිට බනිනවට “

” එහෙම කියලා කොහොමද සර් මේකා යකෙක් වගේනේ සර් මගෙ ළමයට ගහලා තියෙන්නේ. කවදා හරි දවසක මුන් තමයි පාතාල කල්ලි හදන්නේ. මේකා වගෙ එකෙක් හොදටම ඇති මුළු ගමක්ම කාලා දාන්න “

මගෙ පන්තියේ තිසරු ගහලා එහා පන්තියේ ළමයෙකුට වෙද්දී  ළමයි දෙන්නයි පන්ති භාර ටීචයි මායි අපි හතර දෙනාම ලොකු සර් ළග. මේ ටිචගේ කට තලන්න ඇත්නම් මට අම්මපා.

” මෙහෙමනෙ විරාජ් සර්. මේ ළමයින්ට දඩුවම් දුන්නේ නැත්තම් මුන් කවදා හරි මේ මිස් කිව්වා වගෙ පාතාල කල්ලි තමයි හදන්නේ. බලන්න මේකගේ මූණ තුවාල වෙලා තියෙන විදිහ. උබට සතියක් ඉස්කෝලේ තහනම් ආයේ . ඉස්කෝලෙට එන්න ඕනී අප්පච්චි එක්ක උබ තේරුනාද තමුන්ට ආ…”

” ඒත් සර් මේ ළමයට අගෝස්තු විබාගේ. එහෙම ඉස්කෝලේ එන්නැතුව කොහොමද සර් පා… “

” මෙතැන මුල් ගුරුතුමා ඔහේද මමද විරාජ් සර් “

” ලොකු සර් “

මට කේන්ති හොදටම. හැබැයි මන් ආවේ නැත්තම් මේ වලිය කොහෙන් නතර වෙයිද කියලා කියන්න බැරි තත්වකයි තිබ්බේ දැන් ටිකකට කලින්.

” තිසරු ඔයාට තිබ්බා ටිකක් කේන්තිය පාලනේ කර ගන්න . දැන් බලන්නකෝ වුණ දේ “

” සර් මගෙ තාත්තා කුලී වැඩ කරනවා තමයි . ඒත් අපි ගාවදාවත් හොරකම් කරලා නැහැ. තාත්තා මහන්සියෙන් හම්බ කරන සල්ලි වලින් තමයි සර් අපි මෙහෙම හරි ඉන්නෙ සර්. ඉස්සල්ලා වුණු වැඩේට මට සමාවෙන්න සර්. මන් හින්දා සරුත් ලොකු සර්ගෙන් නිකම් බැනුම් ඇහැව්වා “

” ඒකට මොකද පුතා. බලන්න සතියක්ම ඉස්කෝලේ තහනම් කියන්නේ හවස පන්තිත් මග ඇරෙනවා කියන එකනේ. අපරාදේ “

” මන් කනිජගෙන් අහ ගන්නම් සර් “

කතාවෙන් කතාව අපි ආවේ පන්තිය ඉස්සරහට. අනිත් විෂය භාර ගුරුවරු හවස පන්ති දැම්මා හින්දා සතියට දවස් පහේ මට කරන්න වෙන්නෑ. ඒ වෙනුවට දවස් දෙකයි පන්ති කරන්න වෙන්නේ. අගහරුවදයි සිකුරාදයි ඇර අනිත් දවස් තුනේ මට ආයේ හවසට නිවාඩු.

ළමයා එක්ක එන්නත් වෙලාව හරි. වාහනේ පෙර පාසල ළග නතර කරපු හැටියේ මන් දැක්කේ මේ පැත්තට දුවගෙන එන නුරාද.

” අප්පත්ති මදෙ බිත්තලෙ තලුස උදුල ගත්තලේ. මන් එලාගෙ මත්ති තෑල්ල අලගෙන කතෙ දා ගත්ත අප්පත්ති ඉක්මනත . එලා නලකයි ගුදක්. අයියූ මත එලත් එත්ත ඉල්ල බා අලෙ. මන් හෙත සවිති ළගත යනෝ “

වාහනේට නැග්ග හැටියේ කේලම් මල්ල කේලම් ටික කියන්න ගත්තා.

” ඕන දෙයක් හැබැයි පැටියෝ ළමයි එක්ක ගුටි බැට ගහ ගන්න බෑ හොදේ “

” හලි අලෙ. මත බදගිනි අප්පත්ති. කන්ත මොලා හලි පැතියත අලගෙන දෙල්ලකු “

” ඉස්කෝලේ කෑම හොදයි. එහෙන් මන් අරන් දෙන්නම්කෝ හොදද. අප්පච්චිට අද හවසත් පන්ති කරන්න තියෙනවනෙ “

මන් උපාසක මඩුවට ගිහිල්ලා ළමයි ටිකට අද පන්ති කරා. හැමදාම පන්තියේම ඉද්දිත් එපා වෙනවනෙ. මන් ළමයි ටිකට උගන්නන්න වෙලේ නුරාද ගිහිල්ලා ළමයි එක එක්කෙනාගේ පැන්සල් පෙට්ටි දිග ඇර ඇර බලනවා.

” නුරාද ටීච දුන්නු ගෙදර වැඩ කරන්න ගන්න දැන් “

රෑට නිදිමරාන කරන්න ඕන්නෑනෙ එතකොට. මන් එහෙම කිව්වට පස්සේ ටිකක් වෙලා ඉදපු නුරාද බැම්ම උඩින් පොත් ටික තියාගෙන කරන්න ගත්තා .

” අප්පත්ති තූති අප්පත්ති බාන්න යන්කු “

” පැටියට බලන්න යන්න ඕනිද “

” අලෙ ඕනේ අප්පත්ති. මත එලා බාන්න යන්ත ඕනී… “

එහෙන්ම මන් වාහනෙත් හරවගෙන ගියෙ ක්වාටස් එකට. ඒත් දොර වහලා. එයා වැඩට යන්න ඇති හැබැයි .  කෝකටත් කියලා නුරාදව වාහනේ දාලා එයාගේ කාමරේ පැත්තට ගියත් ඒ ජනේලුත් වහලා .

” නිලූ…. à·‚ නිලූෂ නිලූ…ෂ   අපි ආවා “

මන් ඒ දොරට ගගහා කෑ ගැහැව්වත් වැඩක් වුන්නෑ .  එයා වැඩට ගිහිල්ලා තමයි. මන් වාහනෙත් හරවගෙන ආවේ වලව්වට.

” අප්පත්ති තීයයි ආත්තියි පේල්ල නා නෙ “

” කාමරේ ඇති. යමු ඇග පත හෝද ගන්න “

මන් නා ගෙනම පැටියගෙත් ඇග හෝදවලා ආවේ කුස්සියේ පැත්තට. මන් එද්දි නම් කමනි නැන්දගේ මූණත් එක්කලා මැලවිලා ගිහිල්ලා. මහන්සියට වෙන්නැති.

” නැන්දේ මට කොත්තමල්ලි එකක් හදලා දෙනවද. නැන්දේ.. නැන්දේ… “

” අහ් පොඩි බේබී ආවද “

මන් දෙතුන් තුන් පාරක් කතා කරාට පස්සේ තමයි කමනි නැන්දා ගැස්සිලා මගෙ දිහා බැලුවේ.

” නැන්දේ මොකක් හරී ප්‍රශ්නයක්ද “

” න් නැහැ බේබී නැහැ එහෙම මොකවත්ම. බේබීට මොනා හරි ඕනිද “

” කොත්තමල්ලි කෝප්ප දෙකක් නැන්දේ “

” හරි මන් පටස් ගාලා හදන්නම් බේබී “

කමනි නැන්දා ලොකු ප්‍රශ්නෙක වගෙ. නැන්දා හදලා දුන්නු කොත්තමල්ලි දෙකත් ඇරගෙන ගියෙ මගෙ කාමරේට.
රෑට මන් පුතා එක්ක කෑම මේසෙට ගියත් මට දැනුනේ වෙනදට වඩා අමුත්තක්. අප්පච්චි නම් වෙනදා වගේම සද්දයක් බද්දයක් නැතුව කනවා . ඒත් අම්මගේ මූණ මලානික වෙලා.

” අප්පත්ති පාප්පු තිතක් දාල්ලකු “

මගෙ ළග තිබ්බ පරිප්පු දීසිය ඇරගෙන මන් පැටියට පරිප්පු ටිකක් දැම්මා. කොල්ලට බත් එකම පිරෙන්න පරිප්පු ඕනී.

” අම්මට සනීප නැද්ද ආයේ “

” මට කවද්ද පොඩි මේ ලෙඩ හොදවුනේ. මගෙ එක ළමයෙකුත් මාව දාලා ගියා. උබ විතරයි දැන් ඉතුරු. ඒත් මට බයයි උබත් අයියා වගෙ වෙයි කියලා. මන් දුක්‌ මහන්සි වෙලා දරුවෝ හැදුවට උන්ට මේ නාකි අම්මා ගැන ගානක් නෑ.  ඔහොම ළමයින්ට ඇත්තමයි සාප වෙනවා ඔහොම දෙමාපියන්ට කරන කෙලහිලි කම් වලට. සැනසීමේ ඇස් දෙක පියා ගන්න වෙන්නෑ මට. මොන කරුමෙකටද මන්දා මටත් මේ වලව්වටම එන්න වුනානේ. මේ වලව්වට ආපු දවසෙ ඉදලා හිතේ සැනසීමක් නැහැ. පව්කාර වලව්වක් මේක අහ්..”

” මැණිකේ කටපියා ගනින් උබ. උබම කරාපු පව් කර ගැහැව්ව පලියට මේක පව්කාර වලව්වක් නෙවෙයි ඒක හොදට මතක තියා ගනින්. මේ වලව්ව ළමයින් නැතුව පාලු වුණා නම් පාලු වුනේම උබ හින්දයි. මන් මෙච්චර දවසක් උබට මොකවත් කිව්වේ නැති වුනාට අදින් පස්සේ එහෙම නෑ . මාත් එක්ක උබ නටන්න ලෑස්ති වෙන්න එපා තෝ. ඉවසනවා කියලා මන් කවදා වෙනකම් ඉවසන්නද උබේ පව් කතා. මන් ආයේ උබේ ඔය විකාර එකකටවත් එන්නෙ නැහැ උබ යන දේවාලයක පලයන් යන්න.”

අප්පච්චි පිගානත් පොළේ ගහලා එළියට යන්න යද්දි අම්මත් අඩා ගෙනම කාමරේට ගියා.  මොකක් නමුත් අද හොද අඩව්වක් වෙලා වගෙ වලව්වේ. මගෙ නිලූෂ කෑම කෑවද මන්දා. මගෙ හිතටත් හරි නෑ හරි නෑ වගෙ.  මටත් දැන් කන්න පිරියක් වත් හිතෙන්නෑ.

” අප්පත්ති ඔලාත බිත්තලෙ කන්ත බැලිද “

” බැහැ ආ පැටියා කන්නකෝ “

මන් දැම්මේ එයාගේ හිස් වෙච්ච පිගානෙට මගෙ බිත්තරේ.

” නැන්දේ පොඩ්ඩක් ඉන්න.. “

කමනි නැන්දා සෝමේ මාමා එක්කලා යන්න හදද්දී මන් නැන්දට අඩ ගැහැව්වා. මොකද මට දැන ගන්න ඕනී වලව්වේ මන් නැති ටිකට මොකද වෙලා තියෙන්නේ කියලා.

” නැන්දේ අද මොකද වුනේ කියන්න. අපෙ අම්මා නම් නැන්දට මොකුත් කියන්න එපා කියන්න ඇති. ඒත් බය වෙන්න එපා නැන්දේ. මට ඇත්ත දැන ගන්න ඕනී “

මන් එහෙම කියද්දී කමනි නැන්දා වට පිට බැලුවා.

” ලොකු මැණිකේ නෙවෙයි නිලූෂ කොල්ලයි මට‍ පොඩි බේබීට මොකවත් කියන්න එපැයි කිව්වේ මේ ගැන මොකවත්ම “

මගෙ නිලූෂ කොහොමද දෙයියනේ මේවට ගෑවෙන්නේ.

” නැන්දේ මට‍ එකක් නෑර වුණු දේ කියන්න “

” අද හවස නිලූෂ පුතා ආවා වලව්වට එයාගේ බඩු ටිකත් ඇරගෙන පොඩි බේබී. එතකොට මේ ලොකු මැණිකේ බැනලා ඒ කොල්ලගේ බඩු ඔක්කොම ටික දැම්මා එළියටම. ලොකු හාමුත් එවලේ හිටියේ නෑ බේබී . නිලූෂ කොල්ලා කිව්වා උදේ ලොකු හාමු එක්කලා මේ ගැන කතා කරලයි ආවේ කියලා. ඒත් කිසි දෙයක් අහන්නෑ ලොකු මැණිකේ බැනගෙන බැනගෙන ගියා කොල්ලට. ඇත්තමයි බේබී මන් එවලේ මොකුත් නොකිය කට වහන් හිටියෙ මගෙ රස්සාව නිසයි.  ඒ තරම් කොල්ලට අපහස කර කර බැන්නේ ලොකු මැණිකේ. ඒ කොල්ලා කිව්වා චූටි බේබී ළගිනුයි පොඩි බේබී ළගිනුයි ඉන්න දෙන්න කියලා විතරයිමයි . ඒත් ලොකු මැණිකේ ඇහැව්වේ නෑ. ලොකු මැණිකේ කිව්වා ඒ කොල්ලට උබ මෙහෙ හිටියොත් මන් උබලා හැමෝටම සාප තිය තියා මැරිලා යනවයි කියලා. පොඩි දරුවට පොල් ගෙඩියක් හරි ගහනවා කියලා කිව්වා. මැණිකේ එහෙම කියලා යන්න යද්දි තමයි නිලූෂ කොල්ලා කිව්වේ මේ වුණු දේවල් පොඩි බේබීට කියන්න එපැයි කියලා. පස්සේ කොල්ලා එයාගෙ බඩු ටිකත් අරගෙන ගියා බේබී . නිලූෂ කොල්ලා ගිහිල්ලා වැඩි වෙලාවක් නෑ ලොකු හාමු ආවා. පස්සේ මට ඇහුනා ලොකු හාමුයි ලොකු මැණිකෙයි රණ්ඩු වෙනවා බේබී “

එහෙම කියලා ලොකු හුස්මකුත් පිටකරලා නැන්දා යන්න යද්දි මන් එතැනම බිම ඉද ගත්තා. අපෙ අම්මා නිසා අපිට සැනසීමේ ඉන්න බැරි හැටියක් ඇත්තටම. දෙයියනේ පව් මගෙ කොල්ලා. මට මැවී මැවී පේන්නෙම පැටියයි මායි එහෙන් එද්දි එයාගේ ලා හිනාව තිබ්බ ඒ මැලවිලා තියෙන මූණ. අපි දෙන්නා එහෙ ඉද්දි එයාට කොච්චර පාලු ඇත්ද මගෙ නිලූෂට. එක අතකට මාත් වැරදියි. අපි දෙන්නා මැරෙනකම්ම එක වහලක් යට ඉමුයි කියලා එකිනෙකාට පොරොන්දු දී ගත්තත් එයා වෙනම තැනක. අම්මා අප්පච්චිට නම් මේ වලව්වේ අතට පයට වැඩකාරයෝ හරි ඉන්නවා. එයාට එහෙ කවුරුත් නෑ. ලෙඩක් හැදුනත් කවුරුත් නෑ. පැටියයි මායි ඉන්නකම් මගෙ නිලූෂ අනාථයෙක් වෙන්නේ කොහොමද.

” පොඩි උබ මොකක්ද ඔය කියන්න හදන්නේ ආ. උබට පුළුවන්ද මේ නාකි ලෙඩවිච්ච අම්මාව දාලා යන්න ආ. මන් හිතුවා මන් හරියටම හිතුවා උබ අයියා වගේම වෙයි කියලා. “

” අම්මේ අම්මම නෙවෙයිද එදා අයියගේ පුතාව එලව ගත්තේ ආ. කොහොමද අප්පච්චි කෙනෙක් තමුන්ගේ ළමයට බනිනකම් මොකුත් නොකර බලාගෙන ඉන්නේ ආ.  අම්මා නිලූෂව එලව ගත්තේ නැත්තම් මන් වුණත් අම්මලා දාලා යන්න හිතන්නෑ අම්මේ. මන් නිලූෂ එක්ක ඉන්න ගියත් මන් අම්මා අප්පච්චිව බලලා එන්න එනවා මෙහෙට. දැන් වත් මට පවුලක්‌ විදිහට ඉන්න දෙන්න අම්මා.  අම්මා වුණත් මේ වලව්වට ආවේ ඒ වලව්වයි අම්මගේ අම්මා අප්පච්චිවයි දාලානේ. “

” අර කොල්ලා උබව කාලා පුතේ. ඒ පව් කාරයාට හෙන à·„… “

” අම්මා…… කට “

අම්මගේ කියවිල්ලට මට කෑ ගැස්සුනා. මන් පස්සේ කෙලින්ම එන්න ආවේ මගෙ කාමරේට වෙද්දී පැටියා නිදි මගෙ කොට්ටේත් තුරුල් කරගෙන. දහයත් පහු වෙලා. මන් මගෙ ලොකු මල්ලක් ඇරගෙන පැටියගෙයි මගෙයි ඕනී වෙන ටික ඒ මල්ලට දා ගත්තා.

මන් මලු ටික වාහනේට දාන්න යද්දි දැක්කේ ඉස්තෝප්පුවට වෙලා ඔහේ කල්පනා කර කර ඉන්න අප්පච්චිව.

” පුතා යන්නද ඔය හදන්නේ “

” අප්පච්චි මන් යනවා නිලූෂ ළගට. මන් ආයේ එන්නම් අප්පච්චිවයි අම්මවයි බලලා යන්න “

” ඉතින් මේ රෑ නොයා හෙට උදේන්ම යන්න පුතා “

මට නිලූෂ බලන්නයි ඕනී ඉක්මනට . පව් අපෙ අම්මා තව මොන මොනා කියලද දන්නේ කවුද.

” අදම යන්න ඕනී අප්පච්චි “

” පරිස්සමින් එහෙනම් “

බෑග් මලු ටික සේරම දා ගත්ත මන් පැටියව වඩා ගෙනම පිටිපස්සේ ෂීට් එකෙන් හාන්සි කරවලා අයිනෙන් කොට්ටෙකුත් තිබ්බා.  කරන්න දෙයක් නෑ අම්මා අපිට මේ වලව්වේ ඉන්න දෙන්නැති නිසාම මට යන්න වෙනවා.
අප්පච්චිටත් වැදලා මන් වාහනේ හෙමීට වාහනේ පාරට දා ගෙන පරිස්සමින් එලවන්න ගත්තා. පැටියට ගානක් වත් නෑ තද නින්දේ. අපි දෙන්නා යමු පැටියෝ ඔයාගෙ චූටි අප්පච්චි ළගට.

දැන් නම් හිතට පොඩි හරි සැනසීමක් දැනුනත් ඒ සැනසීම ඉක්මනට නැතිවෙලා මට මහ මූසල හැගීමක් දැනුනේ ඉස්සරහ ලයිට් එකවත් දාලා නැති මගෙ නිලූෂගෙ ක්වාටස් එක දකිද්දී. එයා හවස වැඩට යන්නෙ වුණත් ඉස්සරහ ලයිට් එක දාලා වෙනකොට අද මුළු ක්වාටස් එකම කළුවරයි.

          💥💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලූලා 🤗

බුදුසරණයි හැමෝටම 🙏

අදහස් දාන වෝට් කරන යාළුලාට ගොඩාරියක් ඉස්තුතියි🙏 ❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්දෙවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්දෙවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්දෙවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්දෙවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්දෙවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්දෙවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 43