À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්හතරවැනි කොටහා

A+ A-

” අහ් කොල්ලෝ පොඩ්ඩක් මෙහාට්ට එන්නකෝ “

දමියයි මායි වැඩ කරන තැනට යන්න හදද්දීම වගෙ ගේට්ටුව ළග හිටපු ගෑන් ළමයෙක් කතා කරාත් හරි අපි ගියෙ ඒ හරියට.

” ඔයාලා මෙතැන නේද වැඩ කරන්නෙ. “

” ඔව් ඇයි එහෙම ඇහැව්වේ “

දමියා ඒ කෙල්ලගේ යට ඉදලා උඩට බැල්මක් දාලා එහෙම අහද්දී ඒකී හිනා වෙලා බෑග් එකෙන් මල්ලක් එළියට ගත්තා.

” මේක රන්දුනු සර්ට දෙන්නකෝ. උදේ කාලා ගියෙත් නෑ. ඒ මදිවට දවල් බත් එකත් මේ මිනිහා අමතක කරලා බලන්නකෝ මල්ලි…. ආවදෙන්කෝ අද ගෙදර මන් බලා ගන්න. ළමයා ඉස්කෝලේ දාලා ඔක්කොම වැඩ කරලා ගෙදර එද්දි මේසේ උඩ කෑම එක දාලා ඇවිල්ලා. මන් මේ වැඩ දාහක් තියා ගෙන තමයි තකහනියෙ දුව ගෙන ආවේ.. අහ් අර එන්නෙ මහත්තයා වගෙ මේ පැත්තට… කෝ දෙන්න මල්ලි ඕක මන් මගෙ අතින්ම දෙන්නම්කෝ මේ මිනිහට . දීලා විතරක් මදි මන් මිනිහගේ කනේ ඇබ ගහ ගන්න කියන්නම් අද “

පව් දමියා. බලාගෙන ඉද්දි මූණ කළු වෙලා ගියා. ඒ මදිවට දමියගේ අතේ තිබ්බ බත් එකත් ඇරගෙන රන්දුනු සර් මේ පැත්තට එන දිහා අරකි බලන් හිටියා.

” ඇයි මෙහාට්ට ආවේ මේ ම්.. “

” ඔහේගේ සිහිහයක් පතක් ඇත්තේම නැද්ද ආ… දෙයියනේ මන් උදේ ඉදන් උබලගේ වැඩ කරලා කරලා බතුත් බෙදල තව… “

” ඔය දෙන්නා ඇතුළට ගිහිල්ලා වැඩක් බලා ගන්න “

රන්දුනු සර් එහෙම කිව්වත් හරි තමයි අපි දෙන්නට මතක් වුනේ මෙතැනින් යන්න ඕනී කියලා.

” ඇයි බන් මටම මෙහෙම වෙන්නේ ආ. මන් හිතුවේ නෑ සර් බැදලා ළමයිනුත් ඉන්නවා ඇති කියලා. මගෙ පපුව රිදෙනවා බන්. උබට මන් ගැන දුක නැද්ද ආ….. මන් මේ ඇස් දෙක රිදෙනකම් බලාගෙන ඉදලා තියෙනවද. අර ගෑණිට රන්දුනු සර් ඇත්තටම හොද වැඩි. බලන්න කතා කරපු කැත විතරක්. අනෙ ඒකිට කලින් මාව රන්දුනු සර්ට හම්බුනා නම් සර් මට ආදරේ කරයි බන්. ඒකී නිසා තමයි සර්ට බැරි මට ආදරේ කරන්න. නැත්තම් මගෙ මොන අඩුපාඩුවක්ද කියන්නකෝ. දාහකින් වත් මන් වගෙ කොල්ලෙක් හොයා ගන්න බැහැ නිලූ. බලන්න සර්ටයි මට වුණු අපරාදේ… “

මේකා හූල්ලනවා.

” උබ ගයාන් සර් ගැන එහෙම පොඩ්ඩක් හිතුවේ නැද්ද ආ. බලන්න ඒ සර් කොච්චර හොදද. අනික මට නම් රන්දුනු සර්ට වඩා ගයාන් සර් පෙනුමයි. ගයාන් සර්ගේ ගති ගුණත් හොදයි. “

” ඒත් මන් කැමති රන්දුනු සර් වගෙ හැඩි දැඩි චොකලට් පාට කොල්ලෙක්ට. නැතුව ඔයාලා වගෙ ගෙම්බෝ හම ගහලා වගෙ තියෙන පාට කොල්ලෙක්ට නෙවෙයි. නියම කළු සිංහලයෙකුට තමයි මන් මනාප “

මේකා මේ යාළුවට නේද හම ගහපු ගෙම්බා කියන්නේ. මගේ පපුව ගානටවත් උස නැති වුනාට මොකද කට නම් තියෙනවා සොරොව්වක් ඇරියා වගෙ.

” උබ ඔය කියන විදිහේ කොල්ලෝ කොච්චර ඉන්නවද. හොයා ගනින් ඉතින් හූල්ල හූල්ල ඉන්නැතුව කොල්ලෙක් “

මන් එහෙම කිව්ව පාර මේකා මනමාල හිනාවක් දාලා බැලුවේ මගෙ දිහා. මේ මොකද මේ මූට මන් ගැනව හිතක්වක් පහළ වුනාද දන්නෑ මෙහෙම බලන්නේ .

” මන් ඔයාගෙ හොදම යාලුවානෙ නේද නිලූ ම් “

” කෙලින්ම කාරණාව කිව්ව නම් “”

මූ මට කැමති කියලා කියන්නද දන්නෑ එන්න හදන්නේ. දෙයියනේ ලොකු හාමු දැන ගත්තොත් මන් ගහලා පන්නලා දායි.

” මට කොල්ලෙක් හොයලා දෙනාවකෝ. ඔයා අදුරන කොල්ලෝ ඇතිනෙ. චොකලට් පාට උස මහත හැඩි දැඩි මනා පෙනුමැති කඩවසම් හොද පපුවක් තියෙන වයස අවුරුදු හතළිහකට අඩු කොල්ලෙක් හොයලා දෙන්නකෝ. ඒ කොල්ලාගෙ කොන්ඩේ ටිකක් බෝල බෝල වුනාට කමක් නෑ. මන් හරි කැමති අනෙ . මොනා නැතත් මට අංක එකට ගති ගුණ තියෙන්න ඕනී නිලුවෝ. වටෙ යන හැලයෝ නම් මගෙ බල්ලට වත් එපා. මොකද මන් එක කොල්ලෙක් එක්කවත් එක කෙල්ලෙක් එක්කවත් යාලූ වෙලා නැහැනේ බන්. මට ඕනී පිවිතුරු ප්‍රේමයක්‌. අනෙ මචන් හොයලා දෙන්නකෝ. ඔයා ඉතින් මගේම අයියා වගෙනෙ ඉතින් . ඔයාගෙම චූටි මල්ලිට කරන ලොකු උදව්වක් කියලා හිතන්නකෝ මගෙ අයියේ . ම් හොයලා දෙනවා නේද ඈ අයියේ හා නේද “

මුගේ සහෝදර කැක්කුම දෝරෙ ගලා ගෙන යනවා. මුට පේන්නෙ මන් කපුවෙක් වගේද මන්දා.

” මන් බලන්නම් “

” මගෙ ලස්සන ෆොටෝ එකක් ගෙදර ඇල්බම් එකේ ඇති. මන් ඔයාට හෙට ගෙනල්ලා දෙන්නම්. ඔයාට එතකොට තවත් ලේසිනෙ වැඩේ. මටම ගැළපෙන ලස්සන හොද කොල්ලෙක් හාද “

” කේන්දරෙත් ගේන්නකෝ. “

ඇයි යකෝ මට දැන් කපුකම් කරන්න කේන්දරේ විතරනේ මුගේ අඩු.

පැය ගානක් පුටු රත් කරගෙන මන් හෙව්වේ හොයා ගත්ත දේවල් එකිනෙකට ගැලපෙනවද කියලා. දමියත් තොල හපාන බරටම වැඩ.

ඒ අස්සේ නිදි මතත් වගෙ. අද හවසට පුහුණු වීම් වලට යන්නත් ඕනී.

” මේ මනුස්සයා හිතා ගන්න බෑ පාතාලේ කල්ලියේ නායකයා කියලා. බලපන්කො බන් මුන් රටේ නම ගිය උන් නෙ බන්. මේ අපරාද ටිකත් මුගේම ගෝලයෝ වෙන්නැති බන් කරන්නෙ “

” ම් බලමුකෝ අපි. මේ ටික උගේම කියලා කියන්නත් බෑ. තව ටිකක් මේ ගැන හොයා ගන්න ඕනී බන් “

අද උදේනම් හාමුයි මායි දෙන්නම උයලා තමයි වැඩට ආවේ. පැටියා නම් අද මමයි එන ගමන් පෙර පාසලට දා ගෙන ආවේත් .

” බානේ තූති අප්පත්ති උත්තන්ත මේත “

” ඒයි ඒයි මයෙ පැටියට කවුද ඕවා උස්සන්න කිව්වේ. පැත්තකට වෙලා ටිකක් ඉන්නකෝ අප්පේ .. පස්සේ ඔයයි මායි දෙන්නම මේ පාත්තියේ රාබු හිටවමු “

හවස හාමු ගියෙ වලව්වට අම්මා අප්පච්චි බලන්න වෙද්දී පැටියයි මායි රාබු තවානක් දානවා. වැහි කළුවකුත් ලාවට ලාවට එනවා වගේ.

” තූති අප්පත්ති කලත් හිතවමුත.. සාබු කන්ත අමාලුයි අලෙ මත. මන් ආතම නා තුත්තක්වත් සාබු වලත. අප්පත්ති සා කලන නිතා කනෝ අප්පා “

” රාබු ආස නෑ කියලා හරියන්නෑ ඒවා කන්න ඕනී හරි ගුණ කෑමක්. අපි තව තවානක් දාලා කැරටුත් හදමුකෝ අපි දෙන්නා හාද පැටියෝ “

” හලි තූති අප්පත්ති. ඔලා හෙත වැදත යනෝද ඈ තූති අප්පත්ති… අපිත හෙත ඉත්තෝලේ නා නෙ.. “

” ම් උදේට විතරයි වැඩ. චූටි අප්පච්චි දවල්ට එනවා. මගෙ පැටියාට එද්දි මොනාද ගේන්න ඕනී “

” තොකලත් තූති අප්පත්ති. ඒලා ගේන්ත තොකලත් සසයිනේ අලෙ ගුදක් “

පැටිය එක්ක කතා කර කරාම මන් පාත්ති වලට පස් පිරෙව්වා. කොන්ඩේ කපන්න යන්නත් ඕනී. කොන්ඩෙයි රැවුලයි දෙකම වැවිලා.

” පුතා කෝ දෙන්න චූටි අප්පච්චිගේ කන්නාඩි කුට්ටම. ඔයාලා ඔහොම දාන්න හොද නෑ. ඇස් පෙන්නේ නැතිව යයි “

මහන්සි නිසාම කොරිඩෝවේ බිම ඔහොම්මම ඉද ගද්දි නුරාද මගෙ කන්නාඩි කුට්ටම අරගෙන ඒ ඇස් වලට දා ගෙන වටපිට බලනවා.

” ආ…. තූ ති අප්පත්ති මදෙ ඇත් දෙකත් සිදෙනවෝ අලෙ මේත දා ගත්තත පත්තේ…. කී එකත් හදලා දෙන්නකූ….. බදගිනි ගුදක් “

එහෙම කියලා කොල්ලා ඉද ගත්තේ මගෙ පහළට එල්ලිලා තියෙන සරමෙන්. පැටියගේ චූටි කකුල් වලත් මඩ මගෙත් මඩ.

” ඇග හෝදලාම බොමුකෝ අපි දෙන්නා . අප්පච්චි එන්න තව වෙලා යයි වගේ “

” තීතලයි ගුදක්. අලෙ මත බානේ ඇග තෝදන්ත තූති අප්පත්ති “

💥💥💥💥💥💥

” උබ මොකද අරකා එක්ක ඉන්න ගිහිල්ලා ආයේ වලව්වට ආවේ “

” හාමිනේ ඔහොමද ආපු හැටියේ ළමයට කතා කරන්නෙ ආ…. පොඩි උබ එන්න ඇතුළට. වහින්නත් ළගයි. “

වාහනෙන් බැහැලා ආපු මන් දැක්කේ ඉස්තෝප්පුවට වෙලා මේ පැත්ත බලාගෙන ඉන්න අම්මව. පැටියා නිලූෂ එක්ක දාලා ආවේ මන්. හොද වෙලාවට ඒ දෙන්නා එක්ක ආවේ නැත්තේ

” අප්පච්චි අම්මට කොහොමද දැන් “

” අඩුවක් නැහැ පොඩි. අම්මා අද උදෙත් ගෙනිච්චා ඉස්පිරිතාලේ. අනෙ මන්දා ඉතින් . වයසට ගියාම ඉතින් අපි කවුරු කවුරුත් ලෙඩ වෙන එකනේ. “

අම්මා නම් තාම ඉස්සරහ ඉස්තෝප්පුවේ. මේ පැත්තට ආවේ වත් නෑ. එයා තාම අපිව තේරුම් ඇරගෙන නැති නිසා මන් මොනා කියලා කියන්නද ඉතින්.

” උබ ඉස්සර පොඩි කාලේ අම්මා අස්සෙමයි හිටියේ. අයියට වත් කිට්ටු වෙන්න දුන්නෑ ළගට. හරි රණ්ඩු මල්ලක්. ටිකක් ඇට්ටරයි හැබැයි. ඒ කාලේ මේ වලව්වේ උදවිය කොච්චර සතුටින්ද හිටියේ පුතා. මේ වලව්ව හරි වාසනාවන්ත නිවහනක් අපිට. කවදා හරි උබේ අම්මා අප්පච්චි නැති දාක උබේ ළමයයි අර කොල්ලා එක්කයි ඇවිල්ලා සතුටින් ඉන්න මේ වලව්වේ . නැත්තම් මේ ඔක්කොම පාළුවට යයි “

අප්පච්චි එහෙම කියලා ලොකු හුස්මක්‌ පාත දැම්මා.

” අම්මා එක්ක ඉන්න අමාරු නිසාමයි ගියෙ අප්පච්චි. එයා කොහොමත් කැමති නැහැනේ ඉතින් නිලූෂ දැන් මෙහෙ ඉන්නවට. “

මන් ගොඩක් රෑ වෙන්න කලින් වලව්වෙන් පිටත් වෙලා ගියෙ කෑම කඩේකට. ක්වාටස් එකෙන් එද්දි මන් නිලූෂටත් කිව්වා මොනාවත් උයන්න එපා කියලා.

” අයියේ මට බත් මුල් දෙකක් ලෑස්ති කරලා දෙන්නකෝ “

” මහත්තයා බත් එකට දාන්න ඕනී මාලු හතරක්‌ කියන්නකෝ “

මන් ඇරලා තියෙන හට්ටි වලින් මාලු හතරක් කියලා බත් මුල් දෙක හරි ගස්සන්න කම් ආවේ මේසේ ඉද ගන්න.

” මට දැන් කන්න බත් එකක් ඉක්මනට දාලා දෙන්න “

ඔහේ කල්පනාවක හිටිය මන් ගැස්සිලා ගියෙ දිනුවගේ කටහඩ වගේ කටහඩක් මට ළග පාතින් ඇහුණු නිසා වෙද්දී මන් බැලුවේ වටපිට.

” මහත්තයෝ මේන්න මහත්තයගේ බත් මුල් දෙක. “

ඔව් ඒ දිනුල තමයි. කෙලවරේ මේසෙට ගිහිල්ලා දැන් මේ වාඩි වුනේ දිනුල තමයි. ඒ කොල්ලගේ අතින් බත් මුල් දෙක ගත්ත මන් අඩියට දෙකට ගියෙ දිනුල ළගට.

” ඒයි දිනුවෝ.. උබ මොකද මෙහෙ කරන්නේ ආ.. “

මන් කතා කරත් හරි කල්පනාවක හිටපු ඒකා ගැස්සුනා.

” අහ් විරා උබ. මන් මේ වැඩකට ආවා බන් දන්නැද්ද ඉතින්. උබ කෑම ගෙනියන්නද ආවේ ආ……. “

” නැතුව නැතුව බන්. උබට මොනාද බන් එච්චරටම මෙහෙ තියෙන වැඩ ආ.. නිකමට වත් උබ ආවේ එහෙමවත් නෑ නේද අපෙ පැත්තෙ ආ… ”

” එන්න වෙලා කොහෙද බන් තියෙන්නේ මට තියෙන වැඩ එක්කලා. දැන් මේ මන් ගෙදර යන්න කලින් බත් ඩිංගක් බඩට දා ගන්න ආවේ. “

හිනා වෙවී එහෙම කියපු ඒකා වතුර උගුරක්‌ බීලා ළගට ගෙනාපු බත් එක ඇරගෙන එහෙන්ම සල්ලිත් දුන්නා.

” වරෙන් කන්න අතත් හෝද ගෙන. ඔය මල්ල මෙතැනින් තියෙලා “

” බෑ බන් දැන් බඩගිනි නෑ. අනික නුරාදයි නිලූෂයි මන් එනකම් බලාගෙන ඇත්තේ බන් යන්නත් ඕනී ඉක්මනින් “

” ම්… නිලූ..à·‚…. නිලූෂ ළමයා එක්කද “

” ඔව් බන් . අපි තුන් දෙනා වලව්වේ නෙවෙයි ඉන්නෙ. නිලූෂගේ ක්වාටස් එකේ. එයා පොලීසියට බැදුනනේ ළගදි. පැටියයි මායිත් එයා ළගට ආවා ඉතින්. මට තනියම වලව්වට වෙලා ඉන්නත් බෑ බන් එයා නැතුව “

” එහෙමද”

එහෙමද කියපු එයා බත් කට අන අනාම කල්පනා කරන්න ගත්තා වෙද්දී මට බැලුනෙ වෙලාව. අටහා මාරටත් කිට්ටුයි. පැටියට නින්දෙ වත් ගිහිල්ලද මන්දා.

” ඒ බන් ගොඩක් රෑ වෙලා දැන් යන්නත් ඕනී. උබ අපෙ දිහා එනවද . හෙට උදේ යන්න පුළුවන් නෙ එතෝට “

” මන් මෙහෙන් ගෙයක් ගන්න බන් හිතන් ඉන්නෙ “

මේකා කිව්ව දේ එක්ක හිටගන්න ගියපු මන් ආයේ පුටුවේ ඉද ගත්තා.

” මොකක් එතකොට හෝටලේ… අම්මා අප්පච්චිගේ ගෙදර “

” අවුරුදු දෙකක් විතර ඉවර වෙනකම් ටික කාලයක් මෙහෙ ඉන්න කියලා බන්. හෝටලේ නම් බලා ගන්න මැනේජර්ට දෙනවා. මත් විටෙන් විටේ ගිහිල්ලා බලනවා බන් හෝටලේ නම්. කොහොමත් මන් ආයේ ඒක කඩාගෙන වැටෙන්න දෙන්නැ . “

” හදිස්සියෙම මොකද උබ මෙහෙ එන්නේ “

” පොඩි කරදරයක් වුණා. මේ ළගින්ම පොඩි ගෙදරක්‌ නම් හම්බ වුණා . සහසුත් එක්කරගෙනම එනවා ගෙදර බලන්න “

ආයේ ආයේ දිනුලගෙ ප්‍රශ්නෙ මොකක්ද කියලා හාර හාර අහන්නැතුව මන් ඉක්මනට ආවේ ක්වාටස් එකට. හොදටම පරක්කුයි මන්. වාහනේ සද්දේ ඇහිලද මන්දා නිලූෂ පොඩ්ඩවත් ළුණු කරේ තියා ගෙනම දොර ඇරියා.

” තව ටිකක් බලලා මන් උයන්න කියලා ලෑස්ති වුනේ. කොල්ලා නිදි කිරනවා හෝ ගාලා “

” මට දිනුල හම්බුනානෙ කෑම ගන්න යද්දි. ඒකයි පොඩ්ඩක් කතා කරලා ඉක්මනට ආවා මන්. යන් යන් ඉක්මනට කමු “

මාත් ඉක්මනට අතපය හෝදලා ආවේ මේසෙට. මන් එද්දි නිලූෂ පැටියට බත් බෙදලා දෙනවා.

” මන් මෙයාට බෙදලා දුන්නා කන්න. “

නිලූෂ එහෙම කියලා අනිත් බත් එකත් ලිහලා අපි දෙන්නගේ පිගන් වලට බත් බෙදුවා. ඉස්සොයි කෙසෙල් මුව තෙල් දාලායි පරිප්පුයි බටුයි.

” අප්පත්ති මේවා සා වැදී අලෙ… “

කොල්ලා ඉස්සෙක් මට දික් කරගෙන එහෙම කියද්දී නිලූෂ හිනා වෙලා පොඩි එකාගේ බත් පිගානේ තිබ්බ ඉස්සෝ තුන අරගෙන කුස්සියේ පැත්තට ගියා.

” සැර වැඩි කෑම කන්න පුරුදු වෙන්න නුරාද. හැමදාම පොඩි බබෙක් වගේ හෝද හෝද කන්න බෑ. “

” ඉස්සෝ ටිකක් සැරයි තමයි හාමු. පොඩ්ඩට සැර වැඩි ඒක. මටත් ටිකක් සැරයි “

මේකා ඔක්කොටොම වඩා බබා නිසා මට ඉතින් කට නලියනවා නිලූෂට හොද දෙකක් කියන්න. පැටියා ඉන්න නිසා ඒක කරන්න බෑ ඉතින්.

” ඔයා පොතු සුද්ද කරලා දෙන්න එපා නිලූෂ. ඉස්සගේ පොතු සුද්ද කරන විදිහ ඒ ළමයට කියන්න. නැත්තම් මේකට හැම වැඩේකටම චූටි අප්පච්චිව ඕනී වෙයි. “

” මගෙ හාමු මහත්තයටත් මන් සුද්ද කරලා දෙන්නද ම් “

” පිත්තුද තූති අප්පත්ති. අප්පත්තිත පූවන් තනීම ඔත්තෝම වැද කලන්ත. නේත අප්පත්ති. අප්පත්ති කොත්තල ලුකුද ඈ තූති අප්පත්ති “

” ඕන්නෑ මට “

මගෙ බත් පිගානත් තව තව මගෙ ළගට ඇරගෙන මන් කා ගෙන කා ගෙන යන්න ගියා.

” එයාට නින්ද ගියා හාමු “

මන් කුස්සිය අතු ගගා ඉද්දි එහෙම කියාගෙන ආපු නිලූෂ මන් අතු ගාලම හෝදන්නම් කියලා පැත්තකින් තිබ්බ වළං දෙක හෝදන්න ගත්තා.

” ලොකු මැණිකේ මොකද හාමු “

එයා බිම ඇලවුණු හැටියේ එයා ළගට ගියපු මන් කකුලක් ඒ ඇග හරහා දාලා බදා ගත්තා.

” අම්මා නම් තාම ටිකක් අවුල් නිලූෂ. අනෙ මන්දා ඉතින්. ඒක නෙවෙයි හෙට පුහුණු වීම් නැද්ද “

” නැහැ. වැඩ තියෙන්නෙත් උදේ වරුවේ විතරයි හාමු. කොහේ හරි ඇවිදින්න යමු කියලද මගෙ හාමු මහත්තයා අහන්න හැදුවේ දැන් “

එයාගේ කට කොනේ ඇදුනු හීනි හිනාව දිහා බලන් ඉදපු මන් මගෙ ඇගිල්ල ඒ ඝන ඇහි බැම දිගේ අරගෙන ගියා.

” ඇවිදින එක නම් පස්සේ බැරියා. පිටිපස්සේ කෑල්ල සුද්ද කරලා ඒ කෑල්ලෙත් මොනා හරිම හිටවමු. ඔයාට පුළුවන්ද කුණු වලේ තියෙන පොහොර ටිකක් ඇරගෙන එන්න. මන් පාත්ති කොටන්නම් “

එක එක වර්ගයේ කොච්චි වර්ග හෝ මිරිස් අම්මිරිස් වර්ග මට දාලා බලන්න ආසයි. කොච්චි වුණත් පාට පාට කොච්චි වර්ගත් ඕනී තරම්නේ.

” කුණු වල වල් වලට බැහැලා පොහොර පස් ගන්න මන් ඉන්න නිසා හොදයි නේද මගෙ බේබීට “

ඇත්තනේ නම් මේ වගේ මනුස්සයෙක් මට ඉන්න නිසා හොදයි. පරක්කු වෙලා හරි මට හම්බෙලාම තියෙන්නේ පද්මරාග මැණිකක්නේ. මන් තව තව තුරුල් වෙලා මගෙ නිලූෂව බදා ගත්තා.

” මට කියලත් ඉන්නේ ඉතින් ඔයා විතරනේ දෙයියනේ. “

එහෙම කියපු මන් බලාගෙන හිටියේ අඩ අදුරට දිලිසෙන ඒ වපර ඇහැ දිහා. ටිකක් වපර වුණාට ඒ ඇහේ කළු පාට චූටි ලපයකුත් තියෙනවා.

” අහ් ඌයි… “

මගෙ දෙයියනේ මේ මල පාන්දර මොකාද මගෙ කොන්ඩේ පැගුවේ.

” අයියූ අප්පත්ති ඔලා නිදි ගන්ත. කා ගාන්ත එපානෙ. මන් තූති අප්පත්ති ළගට ආවේ “

පැටියා ඇදෙනුත් බැහැලා මගෙ ඔලුව උඩින් ගියෙ මගෙ නිලූෂගේ පපුව අස්සට. තාම දෙකයි ගානක්. ඒ දෙන්නා හොදට බුදියෑවේ කියලා මාත් ඒ දෙන්නා පැත්ත හැරිලා නිදා ගත්තා. නුරාද මන් වගේම ඒ චූටි කකුලකුයි අතකුයි නිලූෂගේ ඇගට දාගෙන නිලූෂගේ අස්සටම වෙලා බුදි. පුදුමයි ඒ දෙන්නගේ බැදීම දකිද්දී.

” ලෑස්ති වෙනකම් මන් කවන්නද බත් එක ආ… “

” ලොකු උදව්වක් “

එයා ඇදුම් අයන් කර කර ඉද්දි මන් එහෙම ඇහැව්වා. පිගානෙට බත් කොතක්ම බෙදා ගෙන පතෝල ටිකයි කරෝල කෑළි දෙකකුයි දැම්මා. පැටියා නම් තාම නිදි. එයාට නම් බිත්තරයක් තැම්බෙන්න තිබ්බා.

” අද රසයි මගෙ හාමුගේ පතෝල බත් කට “

යට කලිසම ඇද ගත්තූ එයා කළු දිග කලිසමත් අදින ගමන් එහෙම කියලා ආයේ මගෙ අතින් කටක් දා ගත්තා.

” මන් කවන නිසා… ඔය කමිසේ ටිකක් මදි වගේ නැද්ද. බලන්නකෝ ඇග බේරිලා පේන හැටි “

” දැන් නම් ටිකක් මදි වගේ තමයි. ඒ වුණාට මට ඒක ලස්සණට තියෙනවනේ. කට්ටියත් කියනවා මේක ලස්සනයි කියලා “

ඔව් ඔව් හරි ලස්සනයි තමයි ඉතින්. මෙරුම් පාට කමිසෙට එයාගේ හමේ පාට කැපිලා පේනවා. මගෙ ඇස් ඊළගට ගියෙ වැලමිට ළගින් නමලා තියෙන කමිසෙට පහළින් තියෙන ඒ නහර ඉල්ලිපිලා පේන අත දිහාට. මගෙ අතෙත් නහර පෑදිලා තිබ්බට නිලූෂගේ තරම් ඉල්ලිපිලා ලස්සනට පේන්නෑ.

” කවන්නැද්ද මට “

මගෙ කම්මුලට හාද්දක් දීලා එහෙම කියද්දී තමයි මන් හරි සිහියට ඇවිල්ලා එයාගේ මූණ දිහා බැලුවේ.
අම්මගෙයි අප්පච්චිගෙයි දෙන්නගෙම ලස්සන මගෙ නිලූෂට හරි ලස්සනට ඇවිල්ල තියෙනවනෙ වගේ .

” තව බත් ගේන්නද “

” ඇති හාමු. පරක්කු වෙනවා මට “

💥💥💥💥💥💥💥

මගෙ හාමු මහත්තයා දොර ළගටම වෙලා බලන් ඉද්දි මන් එන්න ආවේ පාරට.

” අපි පස් දෙනාට කතා කරා බන් රන්දුනු සර්. උඩ තට්ටුවේ ඒටි එකට එන්න කිව්වා “

එක කොල්ලෙක් ඇවිල්ලා කියද්දී අපි පස් දෙනාම ගියෙ උඩ තට්ටුවට.

” ආ ඔයාලා ආවද. ඒටි රූම් එකට යන්නකෝ. තව ටිකකින් ලොකු සර් එනවා කිව්වා ඔයාලා හැමෝටම කතා කරන්න “

රන්දුනු සර්ගේ කොල්ලෙක් ඇවිල්ලා එහෙම කියලා අපිට පෙන්නුවේ ඒටි රූම් එක.

” ලොකු සර්ට දැන් වෙන්නැති බන් අපිව මතක් වෙලා තියෙන්නේ කතා කරන්න. “

දමියා එහෙම කියලා මේසේ තිබ්බ මල් පොකුර ඇරගෙන ඒක බලන්න ගත්තා.
අපි ඇවිල්ලා විනාඩි දහයක් විතර ගියාට පස්සේ දොර ඇරෙන හඩටක්‌ ඇහුනා වෙද්දී අපි ටිකම හැරිලා බැලුවේ පිටිපස්ස. ඒත් මට ඒ රූපේ දැකපු හැටියේ හිතා ගන්න බැරි වුණා එයාද මේ ඉන්නෙ කියලා වෙද්දී අපෙ පැත්තට බැල්මක් දීපු එයා ගිහිල්ලා ඉද ගත්තේ අපිට ඉස්සරහ තියෙන ලොකු පුටුවේ.

💥💥💥💥💥💥💥

බුදුසරණයි යාලූලා 🙏

ගිහිල්ලා එන්නම් 🤗

අදහස් වෝට් වලට යාළුලා ඔක්කොටොම ගොඩාරියක් ඉස්තුතියි 🙏❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්හතරවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්හතරවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්හතරවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්හතරවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්හතරවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්හතරවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 45