À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්පස්වැනි කොටහා

A+ A-

” වාඩි වෙන්න පස් දෙනාම “

මේක වෙන්නේ කොහොමද. ඒ මහත්තයා කොහොමද මේකේ සර් වෙන්නේ. මට හිතා ගන්න බෑ. ආවත් හරි මන් දිහා බැලුවේ එක පාරයි. ඉන්නෙත් අදුරන්නෑ වගේනේ. නැත්තම් මහත්තයා වගේම කෙනෙක්ද දන්නෑ. එක වගේම අය හත් දෙනෙක් ඉන්නවා කියනවානෙ. මට තාම මතකයි ඒ මහත්තයව. එයානේ අනාථ නිවාසේ මන් රස්සාවක් හොය හොයා ඉද්දි මට මේ වලව්වේ තේ වත්තෙ වැඩට යන්නයි කියපු මහත්තයා. එදා අපි වෙනුවෙන් කෑම වේලක් දීපු මැඩම් අදුරනවයි කියපු මහත්තයා. එක්කෝ එයාට මන් අමතක ඇති. දැන් ඉතින් කොච්චර කාලයක්ද

” සොරි මීට කලින් හම්බෙන්න එන්න බැරි වුණාට. මන් ප්‍රනාන්දු . ප්‍රනාන්දු කමල් දිසා සේකර . මන් තමයි දැන් මෙහෙ ඉන්න අපරාදභාර විමර්ශන බුද්ධිඅංශෙ ස්ථානාධි පති. කලින් වැඩ කරේ කොළඹ. දැන් මාස දෙක තුනකට කලින් තමයි මන් මෙහෙට වැඩ භාර ගන්න ආවේ. මන් හිතනවා ඔය පස් දෙනත් මාත් එක්ක හොදට වැඩ ටික කරගෙන යයි කියලා. රන්දුනුයි ගයානුයි දෙන්නා ඔය පස් දෙනාටම කියන්න ඇතිනෙ අපි වැඩ කරන්නේ ඕනී පිළිවෙල ගැන නේද….. ආ.. “

” ලොකු සර් නම් ගොඩක් සැර පාටයි වගේ නේද බන්. ටිකක්‌ වයස වුණාට මොකද හොද මොළ කාරයෙක් වගේ පේන්නෙ. කොළඹ ලොක්කෙක් නිසා හෙනම ආඩම්බරෙන් වගේනේ ඉන්නෙ. ඒ සරුත් බැදලා. දැක්කේ නෑ අතේ මගුල් මුද්ද දිලිසි දිලිසි තිබ්බ විදිහ. උබ මන් කියන දේ අහගෙනද ඉන්නෙ.. ඒයි නිලුවෝ.. “

” ආව් à·„à·”.. පිස්සුද බන් ඔහොම ගහන්නේ.. හැබැයි තොට කොල්ලෙක් හොයලා දෙන්නෑ හරී… “

මන් මග දිගේ එන ගමන් කල්පනා කරේ ප්‍රනාන්දු සර් ගැන වෙද්දී මේකා මට දවල් තරු පේන්න ඔළුවට ගැහැව්වා.

” උබ මෙතැනින් පලයන්. මන් කඩේට යනවා පැටියට මොනා හරි ගන්න. “

” මාත් එන්නම් කො අහ් නිලූ..à·‚ පිස්සුද අයිසේ තමුසෙට ආ……. ඇස් දෙක අරකෙ ගහගෙනද ඕයී පාරේ යන්නෙ. තොගේ අප්පගේ පාරද මේක. තව පොඩ්ඩෙන් ඔහේගේ බඩි කුඩිත්තුවට අහුවෙලා මැරෙනවා අයිසේ මන්. පුදුම විසයක් නෙ ඉහේ ඉදලා යටිපතුලටම වෙනකම් ගහලා තියෙන්නේ ඔහේට. මගෙ දිහා ගෙවල පෙරේතයෙක් වගේ බලන් ඉන්න හැටි විතරක් මෙතැන . මෙතන පාර නොවුනා නම් මන් උබව මරලා හංගන්නවා ගුබ්බෑයක. දන්නවද මන් කවුද කියලා ආ….. මන් අපරා… න් මේ මන් වැදගත් රස්සාවක්‌ කරන උගත් මනුස්සයෙක්. එතකොට මගෙ යාලුවා. එයත් එහෙමයි. තමුසේ අපි එ….”

” අයියා කොහෙද මේ යන්නෙ…. “

මෙච්චර වෙලා ඇගිල්ලත් උරුක් කර කර ඒකා ළගටම වෙලා පිස්සෙක් වගේ කියවගෙන කියවගෙන යන දමියා දිහා ඇසුත් ලොකු කරගෙන බලන් ඉදලා එයා හැරුණේ මගෙ දිහාට.
මන් දමියට යන්න කියද්දී ඒකත් මන් පස්සේ එන්න ආවත් රේස් කරගෙන ආපු කළු වෑන් එකක් දමියගේ ඇගෙ ගෑවී නොගෑවී නතර කරත් හරි දමියා බය වෙලා බෙරි හන් දෙන්න ගත්තා. මාත් බැලුවේ ඒ පිස්සු හරකා කවුද කියලා වෙද්දී වාහනෙන් බැස්සේ ගජේ. පොඩි ඇටයගේ යාලුවා.

” කඩේට යන්න කියලා හැදුවෙ බන්. උබ කොහේ යන ගමන්ද මේ රේස් කරගෙන ගියෙ…. “

” වෙන කොහෙද බන් ගෙදර. “

මූණත් මළානික කරගෙන එහෙම කියපු එයා තඩි ඈනුමකුත් ඇරියා.

” අහ් මේ අපෙ නිලූෂගේ යාලූ මල්ලියෙක්ද. මේකයි මන් ඉතින් මල්ලිට ඉස්සෙල්ලා පොඩ්ඩක් සැර කරේ මන් ඩිංගක් බය වුණු හින්දා. දන් නැද්ද ඉතින් අයියා පොඩ්ඩක් වාහන ඇගට එනවට බයයි ඉතින් නේද නිලූෂ. “

දමියා මගෙයි එයාගෙයි මැද්දට පැනලා කතා කරද්දි ගජේ ඒකව ගනන් නොගෙන ආයේ මා එක්ක කතා කරත් හරි දමියගේ මූණත් එක්ක පුළුටු වුණා .

” රවියා කිව්වා මට අයියට වැඩ කරන හොද තැනක් හම්බුනයි කියලා. දැන් ඉතින් අවුලක් නෑ නෙ නේද… “

” ඒක අවුලක් නෑ බන්. මොකෝ උබේ මූණ මැලවිලා ගිහිල්ලා. නිදා ගත්තේ නැද්ද හරියට “

” කොහේ නිදා ගන්නද බන් අයියේ. මේ දවස් වල පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියේ.. එහෙනම් අයියේ මන් ගිහිල්ලා එන්නම් “

” ම් පරිස්සමින් පලයන්. පොඩි ඇටයා එක්කලා අපෙ දිහාත් ඇවිල්ලා යන්න එන්න එහෙනම්….. “

” අනිවාරෙන් එන්නම් බන් අයියේ…. “

එහෙම කියලා ඒකා යන්න යද්දි මන් බැලුවේ තාමත් ඒ පැත්ත බලන් ඉන්න දමියා දිහා .

” තූ ති අප්පත්ති ඔලා…. “

මන් කඩුල්ලෙනුත් පැනලා ක්වාටස් එකට එද්දි පැටියා මිදුලේ පොඩි බංකුවක් උඩ ඉදගෙන මොනාදෝ කොළ වගේකුයි පොල් කටු ටිකකුයි ඇරගෙන සෙල්ලම් කරනවා. පිටිපස්සේන් හිමීට හිමීට ආපු මන් පැටියව වඩා ගත්තත් හරි නුරාද ගැස්සිලා මගෙ දිහා බැලුවේ ඇසුත් බෝල කරගෙන .

” බය වුණා නේද මගෙ පැටියා ම්… මෙන්න පැටියගේ චොකලට් එක. “

පැටියවත් වඩා ගත්ත මන් සාක්කුවට අත දාලා නුරාදගේ අතින් තිබ්බේ චොකලට් පෙට්ටිය.

” තෝයි අලෙ. මන් ආතයි “

” කො අප්පච්චි.. පේන්නවත් නෑ නෙ.. “

පැටියා එක්ක ගේ ළගට ගියපු මන් එහෙම අහද්දී පැටියා දන්නෑ කියලා ඔලුව හෙලෙව්වා.

” හොදටම වැඩ වගේනේ මගෙ හාමු මහත්තයට ම්…. මන් එනකම් ඉන්න එපැයි දර හොයන්න “

” ඔයාට තියෙන්නේ මන් ගෙනාපු දර කොටන් පලලා කෑළි කරන්න. මන් හනසුත් දැම්මා පෝරණුවට “

කුස්සියේ පැත්තේ දොරකඩ ළගට එද්දි හාමු දර කොටන් උස්සන් එනවා.

” අර වත්තෙ තියෙන දොඩම් ගස් වල දොඩම් ගෙඩි පිරිරා නිලූෂ. දෙන්නා තුන් දෙනා එක්ක කඩමුකෝ. බීම එකක් හරි හාදා ගෙන බොත හැකියි එතෝට. පැෂනුත් තියෙනවා “

” කඩමු කඩමු. ඔක්කොටොම කලින් මන් සරමක් ඇදන් එන්නම්. තේ එකක් හදලා දෙන්නකෝ හාමු මහන්සි. මන් වන්ඩු ගෙනාවා. “

මන් වන්ඩු ගෙනාවා කියද්දී නම් හාමුට හිනාවක් ගියා. මගෙ පොඩි බේබිගෙ කැමතිම කෑමක්නෙ වන්ඩු කියන්නේ ඉතින්.

” ළමයා එයි නිලූෂ… එදත් අපි දෙන්නා ඔයින් ගියා මදෑ “

මගෙ හාමු මහත්තයා තේ වක් කරනකම් මන් කරේම පිටිපස්සෙන් එයාව මගෙ ඇගට තුරුල් කරන් ඒ බෙල්ලට හාදු තිබ්බ එක.

” එතකොට බලා ගමුකො අපි. මගෙ හාමු බය වෙන්න එපා. පැටියා ඉස්සරහ ලොකු වැඩක් “

” අද කොහොමද මගෙ කොල්ලගේ වැඩ ම් “

” අද නම් මහ ලොකු වැඩක් තිබ්බේ නෑ හාමු. ඒකනේ කලින් එන්න පුළුවන් වුනේ “

අපෙ අංශ භාර ලොක්කා මට මේ වලව්වේ රස්සාවක් හොයලා දුන්නු මහත්තයා කියලා මන් හාමුට ඒක කියන්න ගියෙත් නෑ. කොහොමත් අපි වැඩිය එහෙ තියෙන දේවල් ගෙදර ඇවිල්ලවත් වැඩිය කතා කරන්නෑ නෙ ඉතින්.

” අද වැස්ස නිසා ඔයා බේරුනා ඉතින් “

හාමු කිව්වත් වගේ වැස්ස නිසා හොදයි අද මට‍ කුණු වලට බහින්න වෙන්නේ නෑ නෙ.

” ඔව් ඉතින්. බෙල්ලත් අත ගාන්නකෝ “

මගෙ බේබී හාන්සි පුටුවේ ඉදගෙන එතැන බීම ඉදගෙන හිටපු මගෙ ඔලුව අත ගගා ඔහේ දොඩවනවා. නුරාද නම් චිත්‍ර අදිනවා. වැස්ස නිසා එළියට වත් බහින්න බැරි නිසා පැටියා ඇතුළෙමයි.

” අප්පත්ති බයි ගමුත. “

” කෝ එන්න චූටි අප්පච්චිගේ ළගට ඉතින් ඈනුම් ඇර ඇර ඉන්නැතුව. මගෙ චන්ඩි පැටියා ඉතින් “

කොල්ලා ඈනුමුත් ඇර ඇර අපි ළගට ඇවිල්ලා එහෙම අහද්දී මන් පැටියට අඩ ගැහැව්වා මගෙ ළගට.

” ඔයා හින්දා නුරාද හොද හුරතලේකට තමයි හැදිලා ඉන්නේ. දැන් නම් ඉන්නවා මගෙ නිලූෂගේ අස්සේ හා පැටියෙක් වගේ. ඔයා චුට්ටක් නුරාදට තදින් ඉන්න අනෙ හුරතල්ම කරන්නැතුව “

” එහෙම කරන්න අමාරුයි මට “

නිදා ගෙන ඉන්න පැටියගේ නළලට හාදු දිදී එහෙම කියපු මන් පැටියගේ ආයේ ඔලුව අත ගෑවා. මන් කොහොමද මගෙ පැටියට තදින් ඉන්නේ හාමු මහත්තයා වගේ.

” ඒකනේ නේද මගෙ අලි පැටියත් ඔක්කොටොම වඩා හපන්නෙ “

” මගෙ හාමු මහත්තයා ළග විතරයි හැබැයි “

එහෙම කියලා මගෙ ඔලුව හාමු මහත්තයගේ කකුල් දෙක උඩින් තියා ගෙන ඇස් දෙක පියා ගත්තා වෙද්දී හාමු මහත්තයගේ සීතළ තොල් වලින් මගෙ නළල තෙත් කළා.

” අපි තුන් දෙනාම මෙහෙම ඉද්දි මට හරි සතුටුයි මයෙ නිලූෂ. මගෙ පැටියට අප්පච්චිල දෙන්නෙක් ඉන්නවා නේද කියලා හිතෙද්දිත් මගෙ හිත පිරිලා යනවා. පරක්කු වෙලා හරි මාව හොයා ගෙන ආපු මේ චූටි අප්පච්චිට නොසෑහෙන්න මන් හරි ආදරෙයි. “

හාමුගේ ඇස් හරි ලස්සනට දිස්නේ ගගහා මගෙ ඇස් එක්ක පැටලෙද්දී ඒ කෙසුත් මගෙ මගෙ මූණේ තැනින් තැනට වැටෙන්න ගත්තා.

දවස් ගානක් ගෙවිලා යද්දි අදත් පෝය දවසක් නිසා අපි තුන් දෙනාම ගෙදර අද. මන් සුදු සරමට සුදු අත් දිග කමිසේ අදිද්දී හාමු මහත්තයත් ඒ විදිහට තිබ්බ සරමකුයි කමිසෙකුයි දා ගත්තා. පාන්දරම නැගිටගෙන අපි ලෑස්ති වුනේ දළදා මාලිගාවට ගිහිල්ලා ගංගා රාමේ පන්සලටත් යන්න කියලා.

” අප්පත්ති තෝ අලෙ මදෙ කාතම… ඒත නානේ”

” ඇදේ තියෙන්නේ ළමයෝ. මන් වැඩක් මෙහෙ “

හාමු මහත්තය එහෙම කිව්වත් සුදු පාට කලිසමක්‌ ඇද උඩ පේන්න නැති වෙද්දී මන් කබඩ් එක ඇරලා ලා දුඹුරු පාට කලිසමක්‌ පැටියට ඇන්දුවා.

” වැදලා ඉවරයිද ම්.. “

මන් වන්දනා කරලා ඉවර වෙලා හාමුයි පැටියයි බලද්දී ඒ දෙන්නා පැත්තකට වෙලා මන් එනකම් බලාගෙන ඉදලා.

” ඔව්. අර පැත්තට යමු “

හාමුගේ අතේ එල්ලිලා හිටපු නුරාදවත් වඩා ගත්ත මන් සෙනග අස්සෙන් ගියෙ මගෙ අනිත් අතින් හාමුගේ අතත් අල්ලගෙන. ඉන්න සෙනග කන්දරාවේ හැටියට හාමුව මග ඇරෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපි ආවේ ගංගා රාමේට වෙද්දී අපි තුන් දෙනාම පැත්තකට වෙලා වන්දනා මාන කරලා පැන් කළ තුනක් ඇරගෙන බෝධීන් වහන්සේට පැන් හිටන් වක් කරලා එළියට ආවා.

” තූති අප්පත්ති ආසකීම් අලගෙන දෙන්තකූ….. මත බදගිනි අලෙ…. “

” නිලූෂ අතනින් මන් අයිස්ක්‍රීම් පෙට්ටියක් අරන් එනකම් වාහනේට පැටියා එක්ක නගිනවද “

” ම් නුරාදට දැන් කන්න කොන් අයිස්ක්‍රීම් එකකුත් ගේන්න. ආ මේකත් අරන් යන්න “

මන් මගෙ සල්ලි පස් එකත් ඇරගෙන එයාට දෙන්න යද්දි මගෙ අතත් මිරිකලා එයා අයිස්ක්‍රීම් ලොරිය ළගට යන්න යද්දි මන් පස් එක සාක්කුවට දා ගෙන පැටියා එක්ක වාහනේට ගියා.

” චූටි අප්පච්චිගේ ඇගෙත් ගෑවෙයි ඔහොම කන්න ගියොත් නම්. ආ මේ ලේන්සුව දා ගන්න පුතා “

” ආ….. ඉන්ත ඉන්ත අප්පත්ති අප්පත්ති…. සාහුල් සාහුල් අල බාන්නකූ….. ඒ සාහුල් අලෙ….නවත්තන්ත අයියූ “

ඇත්ත තමයි. කොල්ලා කෑ ගැහැව්වේ රාහුල් එයාගේ අප්පච්චි එක්ක වැව රවුමේ බංකුවක ඉදගෙන ඉන්නවා දැකලා .

” හරි හරි පුතා කෑ ගහන්න එපා. මන් වාහනේ පැත්තකට කරලා නවත්තනකම් ඉන්න පොඩ්ඩක් දෙයියෝ “

” මදෙ සාහුල් ඇවිල්ල තූති අප්පත්ති. මන් එයත් එත්ත ගුදක් කතා කලනවා අලෙ අද. මත ගුදක් ගුදක් ගුදක් සතුතුයි අප්පත්තියේ ආ… අයියූ තුති අප්ප ත් ති “

” අහ් හරි නෙ ඉතින්. ඕකනේ නටලා නටලා කර ගන්න ඕනී වුනේ “

” කෑ ගහන්න එපා ඉතින්. පැටියා හිතලා කරේ නෑ නෙ හාමු. මන් ලේන්සුවෙන් පිහා ගන්නම් ඕක “

පැටියා රාහුල්ව දැකලා මගෙ ඔක්කේ ඉදලා උඩ පැන්න පාර එයාගේ අයිස්ක්‍රීම් එක වැදුනේ මගෙ මූණේ.

💥💥💥💥💥💥💥💥

මන් නිලූෂගේ මූණත් පිහදලා ඒ දෙන්නා එක්ක ආවේ දිනුල වාඩි වෙලා ඉන්න බංකුව ළගට.

” සා…….. à·„à·–… ල් “

කෑ ගහගෙන නිලූෂගේ ඔක්කෙනුත් පැනපු පැටියා කෑ ගහගෙන ගියෙ රාහුල් ළගට වෙද්දී ඒ දෙන්නත් අපෙ පැත්ත බැලුවා.

” ඔලා… නුලාද ඔලාත කතා කලන්න පූවන්. අප්පත්ති මදෙ නුලාදට කතා කලන්න පූවන් අලෙ. “

රාහුලුත් දිනුවගේ ඔක්කෙන් පැනලා ආවේ පැටියා දිහාට.

” නිලූෂ පැටව් දෙන්නා ගැන පොඩ්ඩක් බලනවද. මන් දිනුවා එක්ක කතා කරන කම් “

” ම් කතා කරන්න “

දිනුලගෙ මූණ දැක්ක හැටියේ කියන්න පුළුවන් එයා ඉන්නෙ ලොකු ප්‍රශ්නෙක කියලා. නිලූෂත් දිනුවා දිහා බලලා යන්න කියද්දී මන් ගියෙ එයා ළගට.

” විරා උබ… පන්සල් යන ගමන්ද “

” පන්සල් ගිහිල්ලා ඉවරයි ගෙදර යන ගමන් බන්. නුරාද තමයි කෑ ගහලා කිව්වේ රාහුල් ඉන්නවා කියලා “

මන් එහෙම කියද්දී එයා බැලුවේ අපිට ඉස්සරහීන් ළමයි දෙන්නා එක්ක ඉන්න නිලූෂ දිහා.

” මන් මේ ළගින් ගෙදරක්‌ ගත්තා බන්. දරුවත් පෙර පාසලකට දාන්න ඕනී. නුරාද යන්නෙ මොන පෙර පාසලට “

” ######### ඒකට බන් යන්නෙ. උබ දරුවත් අස් කරගෙනද ආවේ ආ… ඒයි මේ අහපන් දිනුවෝ. උබව දැක්ක හැටියේ මට කියන්න පුළුවන් උබ ඉන්නේ ලොකු ප්‍රශ්නෙක කියලා. උබ කැමති නම් කියපන්. මාව උබට සත පහකටවත් විශ්වාස නැත්තම් ඔහොම්මම ඉදපන් ඉතින් ආයේ. උබමයි නේද එදා කිව්වේ අපි දෙන්නා සහෝදරයෝ වගේ ඉමුයි කියලා ආ.. ඉතින් උබේ මේ එකම මල්ලිට කියන්න බැරි දෙයක් තියෙනවද ඈ මගෙ අයියේ. උබට මා එක්ක කියන්න බැරි දෙයක් තියෙනවද “

මන් එහෙම කියද්දී දිනුලගෙ ඇස් වලින් කදුළු කැට එක දෙක කම්මුල් වලින් රූටලා යද්දි ඉක්මනට ඒකා කදුළු පිහා ගෙන හිනා වුණා

” හෙට හවස ගෙදරද උබ “

” ඔව් වරෙන් එහෙනම් දරුවා එක්ක. කෝ සහස් “

ඇත්තටම සහස්යා පේන්නවත් නැති නිසා මන් උගෙන් එහෙම අහද්දී ඒකා ආයේ බැලුවේ රාහුල් දිහා.

” ගෙදර බන්. මන් මගෙ මල්ලි එක්කලා කතා කරන්නම්කෝ හෙට. පුතා යන පෙර පාසල කොහොමද හොදයිද බන් “

” හොදයි හොදයි දනුවෝ. ඒකට දාපන් අපෙ එකත් ඉන්නවනෙ ඉතින්. ආයේ දෙයක් නැති වෙයි මුන් දෙන්නට. ඒක නෙවෙයි උදේට කාලද දැන් ඉන්නෙ ආ දෙන්නම “

” ඔව් බන්. මන් දවල්ටත් එක්ක උයලා කරලා ආවේ මේ “

දවල්ට කන්න මන් හාල් ලිපේ තියනකම් මගෙ නිලූෂ අද ගත්තු කුකුල් මස් ටික හෝදනවා. පෝය නිසාද මන්දා මගෙ සීල වන්ත නිලූෂ මහත්තයා මන් මස් ගන්න යද්දි බර බරේ දැම්මා. මන් ඉතින් කුකුලෙක් මරලා උයන්න ලෑස්ති වෙනවා ඈ. ඔන්න ඔහේ ඕන දෙයක් කියලා පැටියගෙයි මගෙයි ආසම කෑම නිසාත් කුකුල් මස් කිලෝ එකකටත් වඩා මන් ගත්තා. කොහොමත් මගෙ නිලූෂ මන් ඕවා හදලා දුන්නොත් රහ කර කරනේ කන්නේ ඉතින්. හැබැයි අද නම් මට ටිකක් කම්මැලි වගේ.

” පැටියෝ නුරාද ඉස්සරහට ගිහිල්ලා මේ හාල් වල වී ඇට මේ පිගානෙට දා ගෙන එන්නකෝ මගෙ වස්තු කැටේ “

” හලි අප්පත්ති මන් ඉක්මනත ගේන්තම් “

ඊට පස්සේ මන් හැරුණේ මස් කෑලි කෑලි වලට කපන නිලූෂ දිහාට. අද නිලූෂට කියලා කොහොම හරි උයා ගන්න ඕනී මස් ටිකත්.

” අහ් හා මූ… කොහෙද ඔය අල්ලන්නේ අ ත ගන්න. අහ් ම් පස් සේ කර මු “

අමෙ අම්මේ ඔය ඇති ඔය ඇති නැත්තම් මට නග්ගපු ඒවත් මේ ඔක්කොම ටික දමලා ගහලා බස්සන්න වෙයි මගෙ අලි පැටියගේ.

” පස්සේ කරමු එහෙනම්. “

එහෙම කියලා මන් එයාගේ ඉස්සරහීන් හිටගෙන එයාගේ බෙල්ලේ එල්ලුනා.

” ඔය ටික හදලා ගන්නවද මන් සම්බෝල හදන කම් “

” මන් සම්බෝල හදන්නම් හාමු. මේ ටික ඔයා හදන්න. දැන් ඔක්කොම ටික මන් කරලා තියෙන්නේ “

” මන් ආසයි මගෙ මහත්තයා හදන මස් වෑන්ජනේ කන්න. පැටියත් ආස වෙයි “

ටික වෙලාවක් මගෙ දිහාම බලාගෙන හිටපු එයාගේ කටින් හිනාවක් පැන්නා.

” පැටියව ගාව ගන්න ඕනිත් නෑ බටර් ගාන්න ඕනිත් නෑ. කෙලින්ම මන් හදන මස් වෑන්ජනේ කන්න කැමති කියලා කිව්වා නම් මන් මගෙ හාමු මහත්තයට හදලා දෙනවනේ ම් “

එහෙම කියපු එයා මගෙ නළලටත් හාදුවක් දීලා ගියෙ ලිප ළගට වෙද්දී මන් බලාගෙනම හිටියෙ මගෙ නිලූෂ දිහා. එයාගේ ආදරෙ පෙන්නන විදිහ මට වඩා හාත් පසින්ම වෙනස්. මන් තරම්වත් පොඩිම කපටි කමක් ගෑවිලාවත් නෑ. ඇත්තටම මන් එයා හදන කෑම කන්න කැමති තමයි. එයාගේ මස් වෑන්ජනේටත් ගොඩක් කැමති. ඒ වුණාට මන් එයාට මස් හදන්න කිව්වේ මට දැනුනු කම්මැලිකමට වෙද්දී මන් අවසානෙට කිව්ව වචන ටික එයා හිස් මුදුනින්ම පිළි ගත්තා. මගෙ ඒ වචන ටික අහලා එයා නොසෑහෙන්න සතුටු වුණා.

” මොනාද කරන්න යන්නෙ ඔය “

” ඔයා ඈතට යන්න පොඩ්ඩක් මගෙ හාමූ.. මිරිසුයි තුන පහයි කර කරන්න යන්නෙ මන් “

පොල් ගාලා ඉවර වුණු මන් ගියෙ එයා ළගට. මැටි ඇතිලියේ තෙල් ටික රත් වී ගෙන එද්දි එයා ගත්තේ ඉක්මනට මිරිස් තුන පහ ටික.

” තූති අප්පත්ති… මත්ති සා වැදි මත. කත දානෝනෙ “

” දෙන්.. “

” පැටියෝ කුස්සියට ගිහිල්ලා හෝද ගෙන ඉක්මනට එන්න බත් කන්න හොදද . “

” හලි…. “

නුරාද එයාගේ මස් කෑළි දෙක අරන් නිලූෂට දික් කරද්දි නිලූෂ ඒ ටික ගන්න ගියත් ඊට කලින් පැටියට මන් කතා කරා. පැටියා පුටුවෙනුත් බැහැලා කුස්සියේ පැත්තට යන්න යද්දි මන් බැලුවේ මගෙ නිලූෂ දිහා.

” එයාට හෝද ගන්න දෙන්න නිලූෂ. අපෙ පැටියා හැමදාම පොඩි එකා විදිහටම ඉදලා හරි යන්නෑනෙ චූටි අප්පච්චි. “

” එයා ඔය විදිහටම ලොකු වෙන්නැතුව අපෙ අස්සෙම ඉන්නවා නම් කියලා හිතෙනවා හාමු… “

” මගෙ මහත්තයගේ මේක ගොඩක් රසයි. මන් කැමති ගොඩක් “

එහෙම කියපු මන් තව කෑළි දෙකක් දා ගනිද්දී එයාගේ මූණේ ඇදුනේ හිනාවක්.

” අප්පත්ති අප්පත්ති… ආසකීම් කූ අලෙ ආසකීම් “

” අහ් පැටියෝ බලන්නකෝ වාහනේ පිටිපස්සේ ඇති අරන් එන්නකෝ අප්පච්චිගේ වස්තු කොටේ “

වාහනෙන් බැස්ස හැටියේ මන් කල්පනා කර කර ආවේ දිනුල ගැන වෙද්දී පිටිපස්සේ ෂීට් එකේ තිබ්බ අයිස්ක්‍රීම් එක එහෙන්ම අමතක වෙලා ගියා.
මන් නිලූෂගෙයි මගෙයි කෝප්ප දෙකට අයිස්ක්‍රීම් පුරවගෙන මුළු පෙට්ටියම දුන්නේ පැටියට.

💥💥💥💥💥💥💥💥💥

බුදුසරණයි යාලූලා 🙏

ගිහිල්ලා එන්නම් 🤗

යාලූලාගේ අදහස් වෝට් වලට ගොඩක් ඉස්තුති 🙏🙏❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්පස්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්පස්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්පස්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්පස්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්පස්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්පස්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 46