À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්හයවැනි කොටහා

A+ A-

” ආයේ නෑනේ නේද හාමු “

” ඔක්කොම ගෙනාවා. ඕන් පැටියත් අනිත් මල්ල උස්සන් එනවා “

මන් ඉස්කෝලේ ඇරලා එහෙන්ම ගියෙ බඩු ගන්න. අද හවස දිනුලත් එනවා කිව්ව නිසා මායි නිලූෂයි හොද කෑම වේලකුත් උයන්න එපැයි රෑට .

” මන් නා ගෙනම එන්නම් හාමු. දාඩියේ බෑ. “

” යන් මාත් එන්නම් දැන් “

මන් ගෙදර එද්දි මගෙ නිලූෂ දේශනේට ගිහිල්ල ක්වාටස් එකට එන ගමන් හිටියෙ.

” කොහෙද මගෙ හාමු මහත්තයගේ ඇදුම් අර ගුලි කරලා ගුලි කරලා අස්සේ ගහලා තියෙන්නේ. ජංගි කොට කීයක් තියෙනවද එකේ.. ඔක්කොම ටික එතනද කොහෙදෝ තියෙන්නේ ගොඩ ගැහිලා “

” ඒ නිලූ… à·‚ ඔයා ඒකත් ඇද්දද අනෙ.. හෙට හවසට හෝදන්න කියලා අස්සේ ගහලා තිබ්බේ. රාක්කේ ගහන්න බෑ හෝදපු ඇදුම්. කබඩ් එකේ දාන්න බෑ ඒත් එහෙමයි. ඒකයි ඉතින් මන් ඔයාගෙ මේසේ අස්සටම එබුවේ… හරි හරි දැන් කමක් නෑ මගෙ පිට අතුල්ලනකෝ “

මගෙ මනුස්සයටත් ඕන්නැති දෙයක් නෑ . දැක්කා නම් ඉතින් දැක්ක විදිහට කට පියන් ඉන්නයි. අනේ මන්දා ඉතින්. මාව ලැජ්ජා කරන්න ඒවා කියවනවා

” තූ ති අප්පත්ති…. ඔලා තාම ඉවල නාද අලෙ.. එන්තකු තෙල්ලම් කලන්න “

” චූටි අප්පච්චි විගහට නාලා එන්නම් පැටියෝ. එතකම් ඉන්නකෝ ඩිංගක් “

මගෙ පිට අතුල්ලපු නිලූෂ වතුර බාල්දියකුත් මගෙ පිටට ගහන ගමන් එහෙම කිව්වා වෙද්දී පැටියා ඉස්තෝප්පුවේ ඉදගෙන නිලූෂ එනකම් බලන් හිටියා.

” කොහෙද ඔය බලන් ඉන්නෙ මගෙ හාමු “

” මන් බැලුවේ මේ දවස් ටිකට ඒක ටිකක් ලොකු වෙලාද කියලා “

මේන් මයෙ මහත්තයගේ කන් දෙකත් රතු වෙලා. පුදුම ලැජ්ජාවක් නෙ මයෙ නිලූෂ කොල්ලට ඇවිල්ලා තියෙන්නේ. අනේ ඉතින් මෙහෙම ලැජ්ජා වුණාට බලන්න ඕනී   වෙලාවකට මෙයාගේ මේ ලැජ්ජාව පැත්තේ ඇත්තේ නැහැ හොයන්නවත්.

” පිස්සු මගෙ හාමුට “

එහෙම කියලා ආයේ එයා කමිසේ බොත්තම් දාන්න ගත්තා. මන් හිතන්නේ පුහුණු වීම් වලින් පස්සේ මගෙ කොල්ලගේ පස්සත් ලොකු වෙලා වගේ. සරමට තමයි ඉතින් බේරිලා ලස්සනට පේන්නෙ.  ඒකත් ඉතින් මගේම වස්තුවක් කියලා හිතෙද්දි හිතට දැනෙන සතුට මට අකුරු වලින් විස්තර කරන්නත් අමාරුයි.

” ඇයි මේ ම් “

” නිකන්. මගෙ පැටියගේ චූටි අප්පච්චිගෙ අස්සේ මට මෙහෙම ඉන්න හේතු ඕනිද මගෙ නිලූෂ “

එයාගේ ළගට ගියපු මන් ඒ උරහිසේ ඔලුව තියාගෙන ඉද්දි මගෙ නිලූෂගෙ අතුත් මගෙ බද වටේටම එතුනා. එහෙම ඉදලා වැඩි වෙලාවක් නෑ පුංචි අත් දෙකක් අපි දෙන්නගේ කකුල් වටේ එතුනා වෙද්දී අපි දෙන්නම බැලුවේ පහළ.  අපෙ පැටියත් ඉන්නවා අපි දෙන්නව බදා ගෙන ඔලුවත් උස්සගෙන අපි දෙන්නා දිහා හිනා වෙවී බලාගෙන.

” අනේ අනේ….  මගෙ චූටි හිංචි පැටියා. මෙහෙ එන්න “

” ආ….. හා තූ ති අප්පත්ති යේ….. ආ…. “

නුරාදව වඩා ගත්තු නිලූෂ කොල්ලගේ බඩට හාදු දෙද්දී අපෙ පැටියා නිලූෂගේ ඔලුව බදාන් හිනා වෙනවා.

” තුනටත් ළගයිනෙ හාමු. දිනුල මහත්තයා තාම නෑ නේ….. “

” ඒකනේ මාත් බැලුවේ නිලූෂ “

” ඒත තමයි අප්පත්ති… සාහුලුත් තාම නා නේ “

මන් ගෙදර අතු ගගා ඉද්දි නිලූෂ පුටු පිහදනවා . පැටියා ඉතින් දොරකඩට වෙලා ඉදගෙනම එයාගේ යාලුවා එනකම් බලන් ඉන්නවා.

” නුරාද ආ… කෝ අත් උස්සන්න අනේ මන්දා බඩ කොටේ එළියේ දාන් ඉන්නවා. ඔහොම පොඩි ළමයි ඉන්නෙ නෑ ඉස්සරහට වෙලා කමිසයක් නැතුව “

” අයි ඒ අප්පත්ති ඒම කිනන්තෙ ඈ අලෙ “

චූටි අප්පච්චි එයාගේ පැටියට අරන් දුන්නු ලා දුඹුරු පාට අත් කපාපු පුංචි කමිසෙ මන් පැටියට ඇන්දුවා.

” පැටියෝ…. එන්න පොඩ්ඩක් මෙහාට්ට “

නිලූෂ කුස්සියේ පැත්තේ ඉදලා කෑ ගහද්දි ඉස්තෝප්පුවේ මාත් එක්ක හිටපු පැටියා දුවන් ගියා කුස්සියේ පැත්තට වෙද්දී මන් ඉස්තෝප්පුව පැත්ත අතු ගෑවා .  ඊයේ දිනුල එන්නවා කිව්වට මොකක් හරි ප්‍රශ්නයක් වත් එයාට වුනාද දන්නෑ. හිටියෙත් අවුලෙන්.

” කෝ මාමි නුලාද. පේන්ත නානේ එයා “

” ඕන් අනිත් මාමි එක්ක එයා පහළ කෑල්ලේ කුණු වලට ගියා. තව ටිකකින් එයි හොදද “

දිනුල පිටිපස්සේ එද්දි දුවගෙන දුවගෙන ඇතුළට ආපු රාහුල් අතේ මල්ලකුත් තියාගෙන හෙව්වේ නුරාද.

” හොයා ගන්න පුළුවන් වුනාද ක්වාටස් එක “

” මන් කට්ටියගෙන්  අහ අහ හොයා ගෙන ආවා ඉතින් විරා. ක්වාටස් එකක් කියද්දී මන් හිතුවේ බන් හුන්ඩු කෑල්ලක් වෙන්නැති කියලා. බලන් යද්දී උබලගේ ක්වාටස් එක ගොඩක් ලොකුයිනේ. හොදට ඉඩ පාඩුත් තියෙනවා. “

” ඔව් බන්. පල්ලෙහාට්ට වෙන්න තව තියෙනවා ඉතින්. ඉන්නකෝ බොන්න මොනාහරි හදන්නම් මන්. යමු කුස්සියට. “

මන් රාහුල් වත් ඇරගෙන ගියෙ කුස්සියට වෙද්දී දිනුවත් කුස්සියේ දොරකඩ ළගට වෙලා හිටගෙන එළියේ පැත්ත බලන් හිටියා. හීනි දර කෝටු ටිකකුත් තව දාලා පොඩ්ඩක් වෙන්න ලිපට ඉස්සෙ ලාම්පු තෙල්. පොල් කටුත් තියෙන නිසා හෝස් ගාලා ඇවිලෙන්නැතා යසට .

” වාඩි වියන් බන් හිටන් ඉන්නැතුව.  මන් පොඩ්ඩක් බලලා එන්නම්කෝ අර දෙන්නා තාම මොකද නැත්තේ කියලා “

රාහුල් වත් වඩා ගෙන මන් එහෙම කියලා ගියෙ එළියට වෙද්දී දෙන්නා හොදට ගලක් උඩ ඉදගෙන මොන මොනාදෝ කතා කර කර ඉන්නවා.

” මන් ගීල්ලා කතා කලන්නම් නුලාදට ඈ මාමි. “

” ම් කතා කරන්නකෝ පැටියෝ එහෙනම්. ඔයා එනකම් ගොඩක් වෙලා එයා බලාගෙන හිටියා ඉස්සරහට වෙලා “

මන් රාහුල්ව බීම තිබ්බ හැටියේ වෙඩිල්ල වගේ දුවගෙන ගියෙ නුරාදයි නිලූෂයි ඉන්න තැනට.

“  ඔයාට හදන්න පුළුවන්ද රසට කිරි ටිකක්. මගෙ අතින් ඔයා තරම් රසට එන්නෑනේ ඒයි “

” පුතා… ඕකගෙ බොරු ඔය. තියෙන කම්මැලි කමට කිරි හදන්නැත්තේ “

යකු මූට තියෙන්නේ හා කන් දෙකක් නේ ඇත්තට.

” අනේ උබේ කම්මැලි කම මන් ඉතින් කියන්නෑ. මට තාම මතකයි ඉතින් උබ හොස්ටල් එකේ හිටපු විදිහ”

” හරි හරි ඉතින්. ඒ ගොඩක් ඉස්සරනේ… නැද්ද පුතා “

” මාමයි හාමුයි එකම කාමරේද හිටියේ හොස්ටල් එකේ “

මන් කිව්වා මගෙ නිලූෂට දිනුලට ආයේ මහත්තයා මහත්තයා ගන්නැතුව මාමා කියන්න කියලා. හැබැයි ඉතින් දිනුලට මාමා කියද්දී ටිකක් මටත් අවුල් අවුල් වගේ. මොකද මාත්  දිනුලගෙ වයසෙමනේ ඉන්නෙ . කමක් නෑ ඉතින් ආදරේට වයස අදාළම නෑ නේ කොහොමත්.

” ආයේ අහන්නත් දෙයක්ද පුතා අවුරුදු හතරේම හිටියෙ එකම කාමරේ අමුඩෙයි පුකයි වගේ “

දිනුල හිනා වෙවී එහෙම කියද්දී මාත් හයියෙන් හිනා වෙලා බැලුවේ මගෙ දිහා ඇසුත් හීනි කරන් බලන් ඉන්න නිලූෂ දිහා.

මන් කෙක් එකත් කපලා ඉස්සරහින් තියෙලා එළියට ගියෙ පැටව් දෙන්නටම කතා කරන්න. මුන් දෙන්නට සිහියක් ඇත්තේම නෑ මන් ළගට එනකම් වත් . දෙන්නා යසට කයිය ගහනවා

” විරා අපෙ අප්පච්චියි අම්මියි මහන්සි වෙලා හරිගස්සපු සේරම දේවල් මට නැතුවුනා බන් “

” මොකක් එ හෙම වෙන්නේ කොහො මද. ආ බන්. දිනුවෝ කියප න් බන් “

නිලූෂ ළමයි දෙන්නා එක්ක ඉස්සරහ මිදුලේ සෙල්ලම් කර කර ඉද්දි දිනුල කතා කරන්න ගත්තා. ඒකා ඔලුවත් බදා ගෙන උගෙ සේරම දේවල් නැතුවුනා කියද්දී මන් ගියෙ ඒකා ඉදගෙන හිටපු හාන්සි පුටුව ළගට.

” මටත් තාම හිතා ගන්න බෑ බන් මොකද වුනේ කියලා. සහස් බන්. ඒකියි ඒකිගේ අප්පච්චියි බන් ඔක්කොම දේවල් කරේ. මගෙ තිබ්බ සේසතම අරගෙන දැන් මගෙ දරුවත් ඒකී ළගට ගන්න යන්නෙ “

” ඒකී මොනාද ඉතින් කරේ…. තේරෙන්න  කියපන්කෝ බන්. “

මේකා ඉස්සර සහස්යා ගැන ගුණ කියනකොට ඇත්තමයි මන් සතුටු වුණා අම්මා අප්පච්චි නැති උට‍ එහෙම හරි ආදරයක් ලැබුණු එකට.

” සහස්යයි ඒකිගේ අප්පච්චියි අයියයි කලින් ඉදලම අපෙ හෝටලේ එයාලගේ නමට හරව ගන්න තමයි බන් වැඩ කරලා තියෙන්නේ. ඒකී මාව බැදලා තියෙන්නෙත් ඒකටම. එච්චරටම උන්ගේ තණ්හා්සකම. සහස්ට තව ළමයෙකුත් හම්බෙන්න බන් ඉන්නෙ. ඒ තියද්දිත් මේකි කරන දේවල් බලපන් බන්. ගිය මාසේ බන් මට නැගිට ගන්න බැරි විදිහට උණක් හැදුනේ. සතියක් හරියටම ඒ ලෙඩේ නිසා මන් සතියක් ඇදේ එක් තැන් වෙලා හිටියා බන් . සහස්ගේ අයියා තමයි මගෙ හැම වැඩක්ම කරේ. රෙදි හේදුවේ . ඇග අතපය හෝදලා බෙහෙත් පෙව්වේ හිටන් ඒකා තමයි. එක දවසක් සහස්යා ලියකියවිලි වගයක් මගෙ ළගට අරන් ආවා බන් අත්සන් කරලා ඇගිලි සලකුණුත් තියන්න කියලා. ඔක්කොම ඉංගිරිසියෙන් තියෙන්නේ. මට කියවලා තේරුම් ගන්න පුළුවන් ඉංගිරීසි. ඒත් මට එවලේ තියෙන අමාරුකමෙ හැටියට බන් මට ඔලුව උස්සන්වත් බැරිව හිටියේ. ඒකියි ඒකිගේ අයියයි පෙන්නුවේ කොතෙනද මන් එතැන අත්සනුත් දාලා ඇගිලි සලකුණුත් තිබ්බා. එක කොළයක් නෙවෙයි. කොළ දහ පහළවක් තිබ්බා එතන. කවුද බන් හිතුවේ මගෙ ගෑණිම ඔහොම දෙයක් කරයි කියලා. මට හිතා ගන්න බෑ බන් “

” ඉතින් තෝ බූරුවා වගේ අත්සන් කරන්නැතුව මොනාටද මේ කියලා අහන්න තිබ්බනේ යකෝ “

” ඇහැව්වා බන්. සහස් කිව්වා හෝටලේ වැඩ කියලා. මන් ඒවා භාර දීලා තිබ්බේ මට බැරි කමට සහස්ගේ අප්පච්චිට. ඒකෙ තිබිල තියෙන්නේ බන් හෝටලෙයි මුළු ගෙදරමයි මගෙ ඔක්කොම දේපළ ටිකයි මගෙ බිරිදගේ නමට   තනි අයිතියට හරව ගන්නවා කියලා. බිරිද නැති කාලෙට දෙවැනි උරුමේ රාහුල්ට කියලා ඒකෙ තිබ්බේ බන්. මට ටිකක් හරි ඉතිරි වෙලා තියෙන්නේ බැංකු පොතේ සල්ලියි අම්මගේ අප්පච්චිගෙ රත්තරන් බඩු ටිකයි මගෙ උපාධියයි විතරයි බන්. මන් මගෙ හෝටලේ මගෙ නමට ගන්න නොගිය තැනක් නෑ. කරපු දෙයක් නෑ.  ඒත් ඒ කිසිම දෙයක් වැඩක් වුන්නෑ බන්. ඒකියි ඒකිගේ අප්පච්චියි මාව ගෙදරින් එළියට දානකම් මට මොනාවත් කර ගන්න බැරි වුණා. දැන් ඒකිගේ අයියයි අප්පච්චියි තමයි හෝටලේ කරන්නෙත්. මන් මේ ළගදිත් උසාවි ගියා බන්. ඒත් හරියන්නෑ. ඒකී දැන් රාහුල්වත් ඒකී ළගට ගන්න හදන්නේ බන්. මට පිස්සු වගේ දෙයියනේ. මගෙ අප්පච්චි කොච්චර මහන්සි වුනාද ඔය හෝටලේ ඔය තැනට ගේන්න. මගෙ අම්මි ඔය හෝටලේ වෙනුවෙන් කොච්චර දේවල් කරන්න ඇත්ද. ඒ ගෙදර අප්පච්චියි අම්මියි මායි අපි තුන් දෙනාම ආදරෙන් හිටපු තැනනේ බන් මුන් මේ රජ කරන්නෙ .  “

ඒකාගෙ ඇස් වලින් කදුළු කැට පෝලිම් බහිද්දී මන් ඌව ඇදලා අරන් බදා ගත්තේ මගෙ පපුවත් පිච්චිලා ගියපු නිසා. මුගේ කදුළු වලට මාවත් පිච්චිලා යන්න තරම් අපෙ යාලූ කම එච්චරටම ලේ බැදීමක් වගේ ශක්තිමත් හරි ඝනකම් .

” ශ් මගෙ අයියා තනිවෙලා නෑ….  අපි මේකෙන් කොහොම හරි ගොඩ යමු..  හැමදාම උන්ටත් ඔහොම නට නට ඉන්න වෙන්නෑ නේ…. ම්. ආයේ එහෙම මොකුත් මට නොකිය ඉන්න එපා. ඇයි ඒ දවස් වලම එන්න තිබ්බනේ අපෙ ගෙදර ආ බන්.  අපි කොහොම හරි  ඕක ගමු බන්. හිත කරදර කර ගන්නැතුව ඉදින් දිනූ “

” ආයේ මට ඕකට ඇගිල්ලක්‌ වත් ගහ ගන්න බැරි විදිහට බන් උන්ගේ නමට හරි ගස්සගෙන තියෙන්නේ. දැන් ආයේ  උසාවි යනවා බන් අපි රාහුල් නිසා. රාහුල් වත් කොහොමද බන් උන්ට දෙන්නේ කියපන්කෝ බන්. මට ඉන්නෙ එච්චරනේ මට කියලා. අප්පච්චිගෙ අම්මිගේ දේපළ ටික මට නැතුවුනා කියමුකෝ. ඒත් බන් මට මගෙ දරුවා නැති වෙන එක ඉවසන්න අමාරුයි බන්. කොච්චර වුණත් මට බෑ මගෙ පුතා නැතුව ඉන්න “

ඇයි දෙයියනේ මෙච්චර උන් කුහක. රාහුල් කොහොමත් පිරිමි ළමයෙක් නිසා උසාවියෙන් නියෝග කරන්නෙත් දරුවා අම්මා ළග තියා ගන්න කියලා. දැන් ඔක්කොම දේපළයි හෝටලෙයි තියෙන නිසා එයාලට තවත් වාසි. දිනුලට දැන් රස්සාවකුත් නෑ නේ හරියට .

            💥💥💥💥💥💥💥

” අයියූ ඔලා එත්ත බා නේ මාමි. අපි දෙන්තා තෙල්ලම් කලන කම් ඈතත යන්තකු අප්පා මැද්දත පනින් නතුව අලෙ “

” සාහුල් ඒම කියන්ත එපානේ. තූති අප්පත්ති මාත් එත්ත තමා තෙල්ලම් කලන්නේ “

” පිත්තුද නුලාද. පොදි අයතේ තෙල්ලම් වලත ලුකු අය එන්තෙ නා නෙ. ඔලා මාත් එත්ත තෙල්ලම් කලන්ත ඕනී අලෙ “

මුගේ පනුවෝ කාපු ඉස්සරහ දත් දෙක බඩට යන්නම දෙකක් දෙන්න හිතෙන්නේ දැන් තමයි. මගෙ පැටියගේ ඔලුව කන්න ආපු ගල් මූසල වදුරු පැටියා .

” ම් දෙන්නා එහෙනම් සෙල්ලම් කරන්නකෝ මන් ටිකක් අර පැත්තට යන්නම් “

එහෙම කියලා මන් නුරාදගේ ඔලුවත් අත ගාලා ආවේ අපෙ රාබු තවාන බලන්න. ඒකෙත් දැන් පැළ පුංචිවට පුංචිවට හැදී ගෙන එනවා. පොඩි වැටක් ගැහැව්ව නම් හරි. නැත්තම් ඉත්තෑවෝ හාරනවා.

” මොකද මෙතන කරන්නේ. එන්න ඇතුළට. මන් හිතුවේ ඔයා ළමයි එක්ක ඇති කියලා නිලූෂ “

” පැළ බලන්න ආවා හාමු. කෝ දිනුල. එයා එක්ක කතා කරලා ඉවරයි ද ම් “

දිනුලටයි මගෙ හාමුටයි කතා කර ගන්න දීලා මන් ඉස්සෙල්ලා ආවේ ළමයි එක්ක ඉන්න. ඒත් කොහෙද අර රාහු ඇටයා දානවා බර බරේ මන් ඉද්දි.

” නෑ අනේ.. මෙහෙ එන්න යන්න ඇතුළට. ඔහේ එළියට වෙලා ඉන්නවා මෙතන “

හාමු මගෙ අතත් මිරිකලා මාව ඇද ගෙන ගියෙ කුස්සිය පැත්තෙන් ඇතුළට. මන් යද්දි දිනුල මහත්තයා හාන්සි පුටුවට වෙලා ඔහේ කල්පනාවක හිටියේ. මූණත් එක්ක එයාගේ අවුල් වෙලා.

” පුතා කෝ පොඩි උන් දෙන්නා. එළියේ මරා ගන්නැතුව සෙල්ලම් කරනවද “

” ඔව් මාමේ දෙන්නම ඉන්නවා එළියේ සෙල්ලම් කර කර. “

මාත් හාන්සි පුටුවේ පැත්තකින් ඉද ගනිද්දී හාමුත් ඇවිල්ලා මගෙ ළගින්ම ඉද ගත්තා.

” අලුතින් ගත්ත ගෙදර හොදද දිනූ.. ඉන්න පුළුවන්ද ඒකෙ “

” එහෙම ඉන්න පුළුවන්. පොඩි ගෙදරක්‌ බන් ගත්තේ. ළමයා නම් මගෙ ළගම කොහොම හරි තියා ගන්නවා. ඊට කලින් ඉස්තිර රස්සාවක් හොයා ගන්න ඕනී බන්. නැත්තම් මගෙ දරුවවත් මන් ළග තියා ගන්න බැරි වෙයි “

” ඔව් බන් බලමුකෝ අපි. උපාධියත් තියෙන එකේ උබට රස්සාවක් හොයා ගන්න අමාරු නැහැ දිනුවෝ “

හාමු මහත්තයයි දිනුලයි කතා කරන ඒවා ඇහෙද්දී මට තේරුම් ගියා එයාට දැන් ඉන්න හිටින්නවත් තැනක් නැති වෙලා කියලා.

” මන් උදෙත් බැලුවා බන් රස්සාවක් හොයා ගන්න. ඉස්කෝලවල් තුන හතරකටත් දැම්මා අයදුම් පත් එහෙමත්. තැපැල් කන්තෝරු වලටත් ගියා ටිකක් බලන්න. “

දිනුල මහත්තයා හවසම යන්න ගියත් කොහොම හරි මගෙ හාමු රෑට කන්න තියා ගෙන තමයි දිනුල මහත්තයට යන්න දුන්නේ.

” එලා මදෙ ඉත්තෝලෙත එනවා කීවා තූති අප්පත්ති. කොත්තල දෙයක්ත නේත තූති අප්පත්ති “

මගෙ හාමු මහත්තයා මහන්සි කියලා කලින්ම නිදා ගන්න යද්දි මන් පැටියවත් තියා ගෙන හාන්සි පුටුවේ ඉදගෙන ටීවී එක දැම්මා.  මේ ලගදි තමයි හාමු මහත්තයයි මායි සල්ලි දාලා අපෙ ගෙදෙට්ට ටීවී එකක්‌ ගත්තේ.

” මගෙ පුංචි රෝස මල වැඩියෙන්ම ආදරෙ රාහුල්ටද චූටි අප්පච්චිටද ම් “

මගෙ ඔක්කේ ඉදගෙන ටීවී එක දිහා බලා ගෙන හිටපු පොඩි එකා හිනා වෙලා හැරිලා බැලුවේ මගෙ දිහාට වෙද්දී මන් චූටියාව තව ටිකක් තුරුල් කර ගත්තා.

” මන් ඔයාත සාසක් කියන්තම්. සැබයි කතාවත් කියන්ත බා හලිද ඈ තූති අප්පත්තියේ “

කොල්ලා මගෙ ඔක්කෙත් හිටගෙන කන ළගට පාත් වෙලා ඒ චූටි අත් දෙක මගෙ කනේ තියාගෙන පාත් වුණා පැටියගේ රහස කියන්න.

” මන් වැදියෙන් ආදලේ මදෙ තූති අප්පත්තිට. ගුදක් ගුදාක් ආදේ අලෙ. ඔලා මත සා කලන්නෙත් නා නෙ. මන් ඔලාත තමයි වැදියෙන් ආදේ. ඊත පත්තේ මදෙ අප්පත්තිට. ඊත පත්තේ තමයි අලෙ සාහුල්ට ආදලේ “

මේ කොල්ලා නම්. මන් ඉක්මනට බැලුවේ වටපිට. මගෙ හාමු මහත්තයා හරි හොරෙන් අපි දිහා බලන් ඉදලා පැටියගේ කතාව ඇහුනොත් හිත රිදෙන්න පුළුවන් නෙ.

” මගෙ චූටි පැටියාට අප්පච්චි සැර දැම්මත් එයා තමයි ඔයාට වැඩියෙන්ම ආදරේ. දන්නවද ඒ හරි බයයි ඔයා නරක ළමයෙක් වෙයි කියලා. ඒකයි සැර කරන්නෙ හොදද. එයාගේ චූටි වස්තුවනේ ඔයා. මගෙ නුරාදට ඒ අප්පච්චි සැර කරන්නෙ තරහට නෙවෙයි හරිද “

මගෙ ඔක්කේ කකුල් දෙකත් දෙපැත්තට දාලා හිටපු මගෙ පැටිය මගෙ දිහාම බලාන් ඉදලා ඈනුමුකුත් ඇරලා මගෙ පපුවෙන් ඔලුව තියා ගත්තා.

” අප්පත්තිතත් ගුදක් ආදලෙයි තූ ති අප්පත් ති… “

කොල්ලට නිදි මත හැදිලා වගේ. කලින්ම පැටියව චූ කරවලා දත් මැද්දුව හින්දා හොදයි. මන් ටීවී එකත් නිවලා පැටියවත් ඇරගෙන ලයිටුත් නිවලා දාලා කාමරේට ගිහිල්ලා මේසේ උඩ තිබ්බ ලාම්පුව පත්තු කරා. හෙමීට කොල්ලවත් ඇදෙන් තියෙලා ඌල් ෂීට් එකෙන් පැටියව පොරවලා ඒ නළලට හාද්දක් දීලා ගියෙ බිමට. මගෙ හාමු මහත්තයට හොදට නින්ද ගිහිල්ලා වගේ.

” අම්බෝ මහන්සි නිලුවෝ. මගෙ කොන්දත් රිදෙනවා දැන්. “

” මටත් එහෙම තමයි බන්. උදේට කාලා ආපු නිසා හොදයි. “

පිට්ටනියේ වට ගානක් දුවලා දුවලා ව්‍යායාමත් කරලා කරලා අපි ඉද ගන්න ආවේ අඹ ගහ යටට. මගෙ මුළු බැනියමම තෙත් වෙලා දාපු දාඩියේ හැටියට. මන්දාරම තිබ්බත් වැඩක් නෑ ඒ තරමට අද ගොඩක් රස්නි.

” ඔයා අර ගැන පොඩ්ඩක් හොයලා බැලුවද හලෝ “

” මොනා ගැනද උබ කියන්නේ “

මේකා මේ උදේන්ම මොනාද මන්දා දොඩන්නේ.

” ම් මට කො ල්ලෙක් “

” ආ…  තාම හම්බුන්නෑ කවුරුත් බන්. උබම ඉතින් හොයා ගන්නකෝ බන් මට වද දිදී ඉන්නැතුව “

එහෙම කියපු මන් උගෙ වතුර බෝතලේ අරන් උගුරට හලා ගත්තා.

” මේ එදා අර අපිව හප්පන්න ආපු කොල්ලා. එයා නම් ටිකක් හොදයි වගේ නේද. කොහෙද ඉතින් එදා මට චුට්ටක් කේන්ති ගියා. නැත්තම් මන් එච්චර කෑ ගහන්නෙත් නෑ අප්පා…. මගෙ කට දකිද්දිම ඒ කොල්ලට මාව එපා වුනාද මන්දා අයියෝ…. “

මට එදා නිකමට වගේ හිතුනා මූට ඒකා ගැන මෙව්වා එකක් ඇවිල්ලා කියලා. උටත් කොල්ලෙක් ඉන්නවනෙ ඉතින්.

” ඒකාට කොල්ලෙක් ඉන්නවා බන් “

” උටත් කොල්ලෙක් ඉන්නවද එතෝට.. අයියෝ මන්දා බන්. “

මේකාට කොල්ලෙක් නෑ කියලා මොනා කරන්නද ඉතින්.  හම්බෙන කාලෙක හම්බෙන්නැතා.

” සර් සර්… නිලූෂ සර්ව හම්බෙන්න පිරිමි කෙනෙකුයි ළමයෙකුයි ඇවිල්ලා ඉන්නවා “

අපි වැඩ කරන තැන පිරිසිදු කරන්න හිටපු වයසක මාමා කෙනෙක් ඇවිල්ලා මට එහෙම කියද්දී මන් ගියෙ ගේට්ටුව ළගට. මගෙ පැටියා චූටි බෑග් එකයි වතුර බෝතලෙයි එල්ලගෙන පාරේ යන බල්ලෙක් දිහා බලන් ඉන්නවා..

” හාමු මහත්තයා මොකද ආවේ ම්. මොකක් හරි ප්‍රශ්නයක්ද “

” නිලූෂ මේ ගුණේ මාමයි අප්පච්චියි ආවා අද. බලන්නකෝ අම්මට හොදටම අමාරු වෙලා ඉස්පිරිතාලේ නවත්තලා. මන් මේ ඉස්පිරිතාලේට යන්න කියලා. මන් එනකම් දරුවා පොඩ්ඩක් බලා ගන්න බැරිද. මන් රෑ වෙන්න කලින් එනවා “

” නුරාදව බලා ගන්න පුළුවන් හාමු. අම්මට ගොඩක් අමාරුයිද මාත් එන්නද මගෙ හාමු එක්ක “

” එපා එපා නිලූෂ. ඔයා වැඩ අස්සේ එන්න එපා. නුරාද තියා ගත්තොත් ඔයාට අවුලක් වෙයිද “

” නෑ නෑ හාමු. “

හාමු මහත්තයා කලබලෙන් දරුව මටත් දීලා යන්න යද්දි මන් පැටියව අරගෙන ආවේ ඇතුළට.

” අප්පා පුංචි හාමු පැටියා දැක්ක කල් හැබෑට “

දමියා නුරාදගේ ඔලුවත් අත ගාලා එහෙම කියද්දී නුරාද තව තව මගෙ අස්සට වුණා.

” පැටියෝ කාද නොකර මෙතැන ඉදගෙන චිත්‍ර අදින්න හාද “

” හලි තූති අප්පත්ති.. “

මගෙ මේසෙට තවත් හිස් පුටුවක් දාලා පැටියව ඒකෙ වාඩි කරවලා මන් බෑග් එක ඇරලා දුන්නේ එයාගේ චූටි චිත්‍ර පොතයි පාට පෙට්ටියයි. ඊට පස්සේ මන් ආයේ පටන් ගත්තේ මගෙ වැඩේ කරන්න.

” තූති අප්පත්ති.. තූති අප්පත්ති…. මද බදගිනි “

” පොඩ්ඩක් ඉන්න පැටියෝ.. දැන් මෙතැන කෑම කන්න බෑ හාද. තව ටිකකින් තේ බොන්න යනවා අපි. එතකොට පැටියට පුළුවන් කන්න හාද . එතකම් ඉන්න මගෙ චූටි පැටියා “

ඒ නළලට හාදුවක් දීලා මන් මගෙ වාර්තා දත්ත ටික එකින් එක බල බලා පැත්තකින් තිබ්බා.

අපි දෙන්නා හය විතර වෙද්දී ක්වාටස් එකට ආවත් ඒ වෙද්දී හාමු මහත්තය නම් ඇවිල්ලා හිටියෙ නෑ.

” අප්පත්ති තාම නා නෙ තූති අප්පත්ති යේ “

මන් ඇදුනුත් ගලවලා පැටියගෙත් ඇදුම් මාරු කරද්දි තමයි පැටියට මතක් වෙලා තියෙන්නේ අප්පච්චි තාම නෑ නෙ කියලා.

” පස්සේ එයි පැටියගේ අප්පච්චි. අපි දෙන්නා යමුකෝ ඇග ටිකක් හෝදලා සූද වෙන්න. රෑට පස්සේ අපි දෙන්නා උයන්න ත් එපැයි පැටියෝ “

” ඒකනේ තූති අප්පත්ති අපි දෙන්තත තමයි අලෙ උයන්ත වෙන්තෙ හලෝ. පාප්පු හදමු සෑත. “

අප්පේ උදේටත් පරිප්පු කාලා ආයේ නම් බෑ රෑටත් ඒවම කන්න. පැටියා කන්න කැමති වෙන මොනාහරි දෙයක් හදලා ගන්නවා. රෑ අට කිට්ටු වෙද්දී මට‍ ඇහුනේ හාමුගේ වාහනේ හඩ.

” ලොකු මැණිකෙට කොහොමද හාමු. මොකද කිව්වේ අම්මා ගැන “

              💥💥💥💥💥💥💥

බුදුසරණයි යාලූලා 🙏

අදහස් වෝට් වලට යාලුලාට ගොඩාරියක් ඉස්තුති 🙏❤️

ගිහිල්ලා එන්නම් 🤗❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්හයවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්හයවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්හයවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්හයවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්හයවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්හයවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 47