À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්පස්වැනි කොටහා

A+ A-

” කොහෙද දෙයියනේ මිනිහෝ මයෙ පස් එක දාලා තියෙන්නේ තමුසෙලා දෙන්නා “

මන් මෙහෙම උදේ පාන්දරම කෑ ගහන්න කැමතිම . ඒත් ඉතින් මේවගේ වෙලාවක හුරතල් වෙවී ඉන්න බෑ නේ.
හදිස්සියට ගමනක් යන්න ලෑස්ති වුණාම එක්කෝ පස් එක නෑ නැත්තම් වාහනේ යතුර නෑ. මයෙ ඇග කිලිපොලා යන්නෙ මේවට තමයි. මන් ලාවට ලාවට වගේ දැක්කා ඊයේ රෑ චූටි අප්පච්චියි පුතණ්ඩියයි දෙන්නා මයෙ පස් එක ඇද ඇද ඉන්නවා.

” ඇයි හාමු මහත්තයා දාපු තැනකම ඇති ඕක. පොඩ්ඩක් හෙමීට හොයලා බලන්න හාමු… “

” ඊයේ රෑ එතකොට ඒක බල බල හිටියේ මන්ද නැත්තම් ඔහේද ආ… මයෙ ඔලුව ගිනි අරන් තියෙන්නේ නිලූෂ . මයෙ පස් එක කොහෙද තිබ්බේ ඊයේ රෑ බලලා ආ… “

මන් ආයේ ආයේ මයෙ මනුස්සයට කෑ ගහද්දි තමයි කටත් පියන් කාමරෙන් එළියට යන්න ගියෙ.

” ආ අප්පත්ති….. මේ බාන්තකු අලේ මේත හාන්ති පුතුවේ අත්තේ තිබ්බේ අලේ. එත්තෝ පූතවත් දා ලා වෙ…. “

හොර ගෙඩියා වගේ පූස් පැටියව අහු කරන්න යද්දි මන් ඇසුත් හීනි කරන් බැලුවා විතරයි නුරාද අතේ ඇගිලි ටිකත් මිරික මිරික ටික වෙලාවක් යනකම් බිම බලලා ආයේමත් මයෙ දිහා ඇසුත් ලොකු කරන් බලාන් ඉදලා හෙමීට යන්න යද්දි මන් නුරාදටත් කෑ ගැහැව්වේ එයාගේ චූටි අප්පච්චිටත් එක්ක ඇහෙන්නමයි.

” බොරු කියන උන්ගේ කටවල් වල මන් මිරිස් උලන්නේ මිරිස් “

වාහනේ පාරට දාලා යන්න ගත්තත් හරි නිලූෂයි නුරාදයි නෙවෙයි මීක් ගෑවේ . උදේ නම් මට ටිකක් කේන්ති ගිහිල්ලා තමයි හිටියේ. ඒ ඉතින් මෙයාලගේම වැඩ නිසානෙ .

” මේ රෑට ඇවිදින්න යමුද. කාලෙකින් ඇවිදින්න ගියෙත් නෑ නේ “

මන් අමුතු දෙයක් කිව්වා වගේ පැටියයි මයෙ නිලූෂයි මූණෙන් මූණ බලා ගත්තා.

” හරි මට වැඩ ඉවර වෙද්දී නම් හාමු පහ හය විතර වෙයි. අද අපිට යන්න වෙනවා හිගුරුගොඩ කේස් එකකට “

” ම් හරි එහෙනම් මායි නුරාදයි ඇවිල්ලා ඉන්නම්කෝ ඔයා ඉන්න තැනට “

නිලූෂ වත් වැඩ කරන තැනට දාලා පැටියව පෙර පාසලට දාන්න ගියෙ හතහාමාරටත් කිට්ටු වෙද්දී . වෙනදා වගේම දිනුල රාහුල්ව පෙර පාසලට දාලා කන්තෝරුවටත් ගිහිල්ලා තිබ්බේ .

” අප්පත්ති අප්පත්ති එද්දි කන්ත මොලාහලි අලගෙන එන්ත…. “

මන් යන්න යද්දි රාහුල්ගේ අතිනුත් අල්ලගෙන පැටියා කඩචෝරු ඉල්ලා කෑ ගහනවා.

” සාහුල් ඔලා මොනාත කන්තේ අලේ… මන් තම් ආසකීම් කන්තේ. නේත අප්පත්තියෝ….. මත තොකලත් ආසකීම් එතත් අලන් දෙන්ත හාත “

ඉස්කෝලේ ඇරෙනකම් මන් කලින්ම කියලා තිබ්බේ දිනුවට පැටියව එයා ළගම තියා ගන්න කියලා. ඉස්කෝලේ ඇරිලා නුරාදව අර ගන්න කන්තෝරුවට යද්දි රාහුල් දිනුවට කිව්වා නුරාදගේ දිහා යන්න ඕනී කියලා වෙද්දී හෙටත් නිවාඩු එකේ රාහුල්වත් මන් ඇරන් ආවා. පැටව් දෙන්නම ඉස්සරහ ෂීට් එකේ ඉදගෙන කච පච ගගා ඉන්නවා. දෙන්නගේ බෑග් දෙකම පිටිපස්සේ. අපෙ කොල්ලගේ බෑග් එකත් ඇරිලා කෑම පෙට්ටියත් එළියට ඇවිල්ලා ඒ අස්සේ . කිසිම නෑ මෙයාගේ පිළි වෙලක්.

” අරන් දෙන්නම් ඉතින් අරන් දෙන්නම්. දෙන්නම අයිස්ක්‍රීම් පෙරේත පැටව් දෙන්නෙක්නෙ. මයෙ සාක්කු හිස් වෙන්නෙම අයිස්ක්‍රීම් අරන් දීලම තමයි “

” මතත් තුත්තක් සස බාන්ත දෙන්තකු සාහුල් “

” ආ….. මතත් ඔලාදේ ආසකීම් එකෙන් සස බාන්න ඕනී නුලාද හොදත “

ඇසුත් ලොකු කරන් අහිංසක විදියට අපෙ පැටියා රාහුල්ගේ වැනිලා අයිස්ක්‍රීම් එකෙනුත් ඉල්ලද්දී ඒ පමාවට රාහුල් එයාගේ අයිස්ක්‍රීම් එක පැටියගේ කට ළගට දික් කරේ නුරාදගේ ඇස් දිලිසෙද්දී. පස්සේ හැබැයි රාහුලුත් නුරාදගේ අයිස්ක්‍රීම් එකෙන් පොඩ්ඩක් ඉල්ලද්දී පැටියා නම් එයාගේ අයිස්ක්‍රීම් එක දිහා බලලා මයෙ දිහා බැලුවා. අපේකා ටිකක් බය වෙලා වගේ

” දෙන්න පුතා රාහුල්ට. ඔයත් තඩි කෑල්ලක් කටේ ඔබා ගත්තේ “

” හලි ඒනම්. ආ… ඔලා තුත්තක් සස බාන්නකු සාහුල්. සතකදු පත්ත ඉතිලි කලන්ත හාත. අයි අයියූ……. සා…හුල් අලේ ඇති සා හුල්…. දෙයියෝ මදෙ ආසකීම් එතේ පත්තම්ම නා නේ. ඔලා ගුදක් පෙලේතයි සාහුල් ”

අමෙ අම්මේ රාහුලුත් නුරාදට දෙවැනි නෑ. නුරාදගේ මූණත් එක්ක නාලු වෙලා ගියා රාහු එයාගේ කටට අයිස්ක්‍රීම් තලියක්ම ඔබා ගද්දි. දෙන්නම එකයි. කොහොම මෙහෙම සීතළ පිට අයිස්ක්‍රීම් ඔබා ගන්නවද මන්දා. මයෙ නම් දතුත් එක්කලා හිරි වැටෙනවා වගේ.

” මාමි පූත පැතියා අලන් දෙන්තකු…. “

” රාහුල් පූස් පැටියට සෙල්ලම් කරලා කරලා දැන් මහන්සි ඇති. ටිකක් වෙලා අල්මාරියේ උඩ හිටපුවාවෙකෝ හොදද පැටියෝ…. “

” එලා කම්මලි වදේ ගුදක්. ඒනම් මන් නුලාද එත්ත තෙල්ලම් බාසකල් පදින්තම්කු “

එහෙම කියලා රාහුල් කලිසම් කොටෙත් දාගෙන උඩ පැන පැන එළියට යද්දී තමයි මන් බයවෙච්ච පූස් පැටියව අතට ගත්තේ.

” අම්මේ පැටියෝ ඔයා නුලෙන් තමයි බේරුනේ “

පැටියගේ ඔලුවත් අතගාලා මන් ආයේ දැම්මේ ඒකාව අල්මාරිය උඩට. මන් ඉස්සෙල්ලා නිකමට වගේ එළියට යද්දි දැක්කේ රාහුල් පූස් පැටියව ඇරන් උඩ දදා අල්ලනවා. පූස් පැටියා බිමට වැටිලා පැනල යන්න හැදුවත් කොහෙද ඉතින් රාහුල් ඌව කොහොම හ‍රි පැන ගන්න කලින්ම අල්ල ගන්නවා.

” ඕම කලන්තෑ අප්පා…… මේම කලන්ත සාහුල්. ඕත එන්තෙ මෙතෙන්ත. අයියූ…. පොදි බබෙත් වදේ. පත්තට ගුති දෙතත් දෙනවා මන් සැබයි.   “

” හලි හලි අලේ…… ඔන්ත හලි . අතිත් පිතුවත් කලමු ඉත්තමත “

බත් කාලා ඉවර කරලා මන් කිව්වේ ඩබලට රෑට ඇවිදින්න යන්න ඕනනම් ගෙදර වැඩ ටික කරලා ඉවර කරන්න කියලා. දැන් දාගෙන දෙන්නා කරනවා ගෙදර වැඩ. නුරාද ඉක්මනට ඉක්මනට කරලා ඉවර කරලා රාහුල්ගේ පොතටත් එබිලා එයා කරන දිහා බලාන ඉන්නවා.

” තීයා අලේ….. සොතු හාලන්න එපානේ “

” එතෝත හුත්ම ගන්ත බා. සොතු අලන් දාන්ත ඕලි “

දෙන්නා එකට ඇලිලා කොච්චර ආදරෙන් හිටියත් චූටි චූටි රණ්ඩුත් වෙනවා. බලාන් යද්දි අපෙ පැටියා තනිකරම පණ්ඩිත සීයා කෙනෙක්නෙ.  හදිස්සියේ හරි මටත් පොඩ්ඩක් විතර සද්දෙන් වාතයක් ගියොත් එහෙම කුණු මාළු කෑල්ලක් වගේ මයෙ දිහා බලලා එතැනින් හිමීට පැටියා මාරු වෙනවා. බැරි වෙලා හරි එයාට සද්දෙන් වාතයක් ගියොත් එයාට එහෙම එකක් ගියේ නෑ වගේ තමයි හැසිරෙන්නේ.

” අප්පත්ති… මත මේත ඕලි අදින්ත “

” මාමි තුත්තක් විතල හිලයිනෙ කාසම “

නුරාද ඉල්ලපු ඇදුමත් අන්දලා රාහුල්ට නුරාදගේ ටිකක් ලොකු කලිසමක් ඇන්දුවත් කොල්ලට ඒක ගොඩක් හිරයි.

” ආ පැටියෝ මේක එහෙනම් අදින්නකෝ “

තව ලොකු එකක් ඇන්දුවා වුණත් ඒ කලිසම සෑහෙන්න කොටයි ඉතින්. ඒකත් එක්ක වැහිලා යන්න මන් රාහුට ඇන්දුවෙ නුරාදගේ ලොකු ඌල් ජේසියක්. දැන් ඉන්නවා දෙන්නම වලස් පැටියෝ දෙන්නෙක් වගේ.

” ආන් මදෙ තූති අප්පත්ති….. “

මයෙ නිලූෂ ගේට්ටුව ළග හිටගෙන ඉද්දි පැටියා කෑ ගැහැව්වේ අතිනුත් රාහුල්ට පෙන්න පෙන්න.

පැටව් දෙන්නත් ඉන්න නිසා අපි ආවේ පාක් එකට. ලාවට කළුවර වුණත් ලයිට් වටේටම තිබ්බ නිසා හොදයි. රාහුයි නුරාදයි සෙල්ලම් කරනකම් මන් නිලූෂට ගෙදරින් ගෙනාපු බත් එක දැන් කන්න දුන්නා.

” කවන්න බෑද  ම්…… “

” අත හෝදන්න කම්මැලි කමට මට කියලා කවා ගන්නවා නේද ඈ “

මයෙ නිලූෂ මල් මල් හිනාවකුත් දාලා මයෙ අතින් ඇලුමිනියම් බත් පෙට්ටිය තිබ්බා වෙද්දී මට තේරුණා වැඩේ මොකක්ද කියලා .

” හිතලම කොච්චි කෑල්ලක් කැව්වද හාමු…. “

” නෑ නෑ නිලූෂ මන්චොක්කා කොළ කොහොමත් කොච්චි දාලා තමයි කොටලා ගන්නෙ. ඒකෙ සැර ඔය එන්නෙ. ඔයාට ඒකෙ තිබිලා තිත් බට්ටක් වත් චරස් ගාලා හැපෙන්න ඇති “

නිලූෂ කිව්ව තරම් කොළ එක සැර නෑ. යසට මන් පොඩි එවුන් දෙන්නට හොදට බත් ගුලි ගිල්ලවව්වේ.
   

” මන් අප්පච්චිට කිව්වා අපි එන්නම් කියලා වලව්වට මයෙ නිලූෂ. ඔයාට බෑ කියලා හිතෙනවා නම් කියන්න මට. එහෙම වුනොත් අපි දෙන්නා පොඩි ගෙදරක් හදා ගමු. මන් ඒකටත් කැමති නිලූෂ. වලව්වට වඩා මන් හරි කැමති පුංචි ගෙදරකට.  ගෙදරක් හදනවා නම් වලව්වේ වතු වලින් වතු කෑල්ලක් වුණත් විකුණලා සල්ලි ගන්න බැරියෑ. අනික අම්මගේ රත්තරන් බඩුත් සෑහෙන්න මන් ළග තියෙනවා. මු…… “

” ඇයි මේ…. හාමු මොකද වුණේ ම්…… කෝ මයෙ දිහා බලන්න හාමු “

මන් නිලූෂත් එක්ක කතා කර කර ඉන්න ගමන් බැලුවේ ලිස්සන බෝට්ටුවෙ රූට රූට ඉන්න ළමයි දෙන්නා දිහා වෙද්දී ඒත් එක්කම වගේ මන් ඉක්මනට නැගිට්ටා වුණේ මයෙ හිතත් එක්ක ගැස්සෙද්දී. ළමයි දෙන්නා මෙලෝ සිහියක් නැතුව සෙල්ලම් කර කර ඉද්දි එතැනින් එහා පැත්තේ මුල්ලකට වෙන්න තිබ්බ බංකුවක මන් දැක්කේ නිකන් අම්මා ඉදන් ඉන්නවා වගේ. මන් බලපු සැනින් ඇහි පිල්ලක් ගහන පමාවට ඒ රූපේ මැකිලා යද්දි මන් තාමත් ඒ හරියම බලන් හිටියේ හීනෙන් වගේ මයෙ නිලූෂගේ කටහඩ ඇහෙද්දී.

” මයෙ හාමු….. මයෙ දිහා බලන්න “

මන් බලාගෙන ඉන්න පැත්ත හරස් කරගෙන හිට ගත්ත හාමු ඒ අත් දෙකින් මයෙ මූණ අල්ලන් මයෙ දිහා බලන්න කියද්දී මන් ඒ කන්නාඩි කුට්ටමට ඇතුළින් පේන ගැඹුරු කලබලකාරී ඇස් දිහා බලාගෙන ලොකු හුස්මක් පාත දැම්මා.

“  ළමයි දෙන්නට බඩගිනි ඇති යමුද කෑම කන්න “

” මයෙ හාමු මහත්තයා කියන දෙයක් තමයි ඉතින් “

මයෙ කොන්ඩෙත් අවුස්සලා නිලූෂව පැටව් දෙන්නා ගන්න යද්දි මන් ආයේ බැලුවේ අර බංකුව දිහා.

එළියේ පොඩි පොඩි ලී මේසෙ තියෙද්දී අපි ගියෙ කට්ටිය ටිකක් අඩුවෙන් ඉන්න තැනකට වෙන්න තිබ්බ මේසෙකින් ඉද ගන්න . නුරාද නිලූෂගේ ඔක්කේ ඉදන් ඉද්දි රාහු මයෙ ඔක්කේ හිටියා.

සුවදැල් බතට ඉස්සෝ උයාපුවයි කෙසෙල් මුව මැල්ලුමකුයි තෙල් දාපු පරිප්පුයි බටු බැදුමයි පපඩමුයි. නිලූෂයි මායි බත් දෙකත් අර ගෙන පැටව් දෙන්නටත් එක්ක කව කව අපිත් බත් කටවල් දා ගද්දි රාහුයි නුරාදයි දෙන්නම බත් එකේ තිබ්බ පපඩම් අරන් අරන් කනවා.

” තෝ අප්පත්ති තා නා නෙ අපෙ තීත් තොත්තුව “

” බත් ටික ඔක්කොම කෑවට පස්සේ තමයි ඔයාලා දෙන්නගේ චීස් කොත්තුව ගේන්නේ “

එහා මේසෙ හිටපු කෙල්ලයි කොල්ලයි ගෙනාපු චීස් කොත්තුව කන්න ගනිද්දී නුරාද ඒක දැකලා හයියෙන් කෑ ගහපු පාර ඒ දෙන්නත් හිනා වෙලා මේ පැත්ත බැලුවා.

” පැටියෝ පිට තැනකට ඇවිල්ලා කෑ ගහන්න එපා. මේ බලන්න ඔයාගෙ යාලූ කොච්චර ලස්සනට කනවද ම් “

” මත අමතත වුලා තූති අප්පත්ති….. ඔලාත දන් මාව නාත බබෙත්ත ඈ තූති අප්පත්ති ඕම කියන්ත ඈ අලේ …… “

” නෑ නෑ වස්තු….. කවද්ද මයෙ චූටි රෝස මලව එයාගේ චූටි අප්පච්චිට නරක බබෙක් වුණේ ම් පැටියෝ……. “

නිලූෂ එහෙම කියලා උම්මා එකකුත් දෙද්දී පැටියත් ආයේ නිලූෂට උම්මා එකක් දෙද්දී මෙච්චර වෙලා ඒ දෙන්නා දිහා බලන් හිටපු රාහු පැටියටත් මන් උම්මා එකක් දීලා ඒ කටට සුද්ද කරාපු ඉස්සෝ කෑල්ලක් කැව්වා.

පැටියයි රාහුයි ඇදේ කල් ඇතිව නිදා ගනිද්දී මන් නිලූෂත් එක්ක ලයිටුත් නිවලා ආවේ බිම ඇතිරිල්ලට නිදා ගන්න.

මයෙ නිලූෂ උළු වහල දිහා බලන් කල්පනාවක ඉද්දි මන් එයාගේ ෂීට් එකත් අයින් කරලා ඒ ඇග උඩට ඇවිල්ලා ඒ මූණට නැඹුරු වුණා.

” මොනාද ඔච්චර අහස පොළව ගැට ගහන්න තරම් කල්පනා කරන්නෙ ම් “

එහෙම කියපු මන් ඒ තොලට නැඹුරු වෙද්දී එයාගේ අත් වලින් තව තවත් මාව තදින් තුරුල් කරගෙන හෙමින් සීරුවේ මාව සිප ගනිද්දී මයෙ අත ගියෙ එයාගේ සරම් ගැටේට.  මෙච්චර වෙලා ඒ ඇග උඩ හිටපු මන් එහා පැත්තේ වැතිරුනත් හරි මයෙ ඇග උඩට ආපු මයෙ මහත්තයා අපි දෙන්නම වැහෙන විදිහට ෂීට් එකත් දාලා හෙමීට මයෙ තොලුත් අල්ලන්ම ඇතුළට කිදා බැස්සා.  මන් මයෙ කකුල් ඒ බද වටේ තදින් ඔතාගෙන ඇස් පියා ගෙන හැගීම් උපරිම විද ගත්තේ අපි දෙන්නගේ හුස්ම  රටා වලින් කාමරේම පිරිලා යද්දි.

” මයෙ හාමු මහත්තයාට මහන්සිද ම් “

හෝරා ගානක් ගෙවිලා යනකම් විනෝද වෙච්ච අපි දෙන්නා එහෙන්ම හති ඇර ඇර  ඉද්දි මාව ඒ ඇගට තුරුල් කර ගත්ත මයෙ නිලූෂ මහන්සිද කියලා හිස් මුදුන සිප ගත්තේ දාඩිය පිරුණු අපෙ නිරුවත් ඇගවල් ආයේ එකට එතෙද්දි . මන් එයාට ලා හිනාවක් දීලා එයාගේ අස්සෙම ඔලුව ඔබාගෙන ඇස් පියා ගත්තා.

        💥💥💥💥💥💥💥

” තූ ති මාමි….. වදා ගන්තකු “

” සාහුල් ඔලා පුතුවෙ වාදි වෙලා ඉන්තකු. තූති අප්පත්ති මදේනෙ සාහුල් “

මන් මයෙ පැටියව ළුණු කරෙත් තියා ගෙනම ලිප පත්තු කර කර ඉද්දි මෙච්චර වෙලා පුටුවේ වාඩි හිටපු රාහුලුත් ඇවිල්ලා මයෙ සරම් කොනෙන් අදින්න ගත්තා. මාර වැඩේ නුරාදව බිමින් තියෙලා රාහුව ළුණු කරේ තියා ගත්තොත් මන් දන්නවා අපෙ චූටික්කගේ පිපිරෙන පිපිරිල්ල.

” ම් එන්නකෝ එහෙනම්. මන් වැඩ ටික කර ගන්නකම් හයියෙන් අල්ලන් ඉන්න හාද රාහු “

” හා… ලි “

ඉස්සරහ පැත්තේ රාහු වදුරු පැටියෙක් වගේ ඉද්දි පිටිපස්සේ නුරාද එල්ලිලා හිටියා වදුරු පැටියෙක් වගේ. නුරාද වගේ නෙවෙයි රාහු නම් ටිකක් බරයි. ගොඩක් වෙලා උස්සන් ඉන්න අමාරුයි කොල්ලව.

” තූති මාමිගේ අයි අලේ මේ සතු වෙලා තන් තන් වල….. “

” අලේ ඕනෙ තූති අප්පත්ති…. ඔලාදේ මේ පිත හූලලා… “

අයියෝ මේ පැටව්ටත් ඕන්නැති දෙයක් නෑ. රාහුලුත් රතු වෙලා නිල් වෙලා තියෙන තැන් වලට ඇගිල්ලෙනුත් ඇන ඇන පෙන්නද්දී අපෙ කොල්ලත් දගල දගල බලනවා.

” ඔහොම දෙන්නම දැගලුවොත් වැටෙයි හාද. ඔය දෙන්නා තව ගොඩක් ලොකු වුණාම තේරෙයි කවදා හරි ඇයි මෙහෙම වෙන්නේ කියලා “

මන් කටත් තද කරන් හිනාව හිර කරන් ඉන්නෙ මේ දෙන්නා ඇසුත් ලොකු කරන් බලන් ඉන්න විදිය දැකලා.

” අයි යෙ තූති අප්පත්ති ඒ….. අයියේ “

” ඔයාගෙ අප්පච්චි තමයි තමයි මට මෙහෙම කරලා තියෙන්නේ “

තාම හාමු මහත්තයා නිදි නිසා හොදයි. එයාමනේ කියන්නේ ඉතින් බොරු කිව්වොත් කටේ මිරිස් උලනවා කියලා.

” අප්පේ….. තූති මාමි ඒ මාමිත පිත්තු හැදිලත ඒ මේම ඔයාදේ ඌවා කලන්ත “

” ම් ඔව් ඔව් එවලෙට ටිකක් විතර තියෙනවා ඉතින්. ආ දෙන්නා ගිහිල්ලා ඉස්සරහ හාන්සි පුටුවේ වාඩි වෙන්න “

ඒ දෙන්නත් බස්සලා මන් දෙන්නටම කහට නැතිව ලාවට වගේ සීනි දාලා කිරි එක හදන්න ගත්තා. දැන් පෙණ කට ළගට වෙනකම් පිපෙන්න ඕනී නිසා උඩ ඉදලා ගානට ඒ කෝප්ප දෙකට වක් කරාලා අපි තුන් දෙනාගේ කෝප්ප තුනත් ඇරන් ඉස්සරහට ගියා .රාහුල් ඔක්ක තියා ගෙන කළුවා හුරතල් කරනවා.

උදේට සම්බෝලයක් හදලා ගත්තු මන් බිත්තර ගෙඩි හතරක් තැම්බෙන්න ලිපේ තියෙලා ගියෙ හාමු ඇහැර වන්න. මන් එද්දි ඒ වෙනකොටත් හාමු මහත්තයා නැගිටලා ඔහේ ඉද ගෙන ඉන්නවා

” හාමු ඇයි බඩ රිදෙනවද….. “

” නෑ නිලූෂ තාම නිදි මතයි නිදි මතයි වගේ ”

ලොකු ඈනුමකුත් ඇරපු මයෙ හාමු ඇග මැලිත් කඩලා බිම ඉදගෙන හිටපු මයෙ ඔක්කට ඇවිල්ලා කකුල් දෙකත් දෙපැත්තට දාගත්තා.

” කෝ ළමයි දෙන්නා….. “

” දෙන්නා එළියේ සෙල්ලම් කරනවා “

හාමුගේ රැවුල් කොට මයෙ බෙල්ලේ ගෑවෙද්දී කිති නිසාම හාමු තව තව මයෙ බෙල්ල අස්සේ ඒ මූණ අතුල්ලනවා.

” ඌයි…. හැපුවා මදිද ඊයේ රෑ “

” මදියි තමයි චූටි අප්පච්චි. ඇති වීමක් නෑ “

ඊයේ හපපු තැන්ම බල බල ආයේ හපනවද කොහෙදෝ.

” අයියූ තූති අප්පත්ති කූ අලේ පාප්පු “

” පරිප්පු දවල්ට කමු නුරාද. මේ චූටි අප්පච්චි ඔයාට බිත්තරත් තම්බලා තියෙන්නේ. ආයේ මොන පරිප්පුවක්ද “

මයෙ හාමු මහත්තය හැමෝගෙම පිගන් වලට බත් බෙදද්දී නුරාද බිත්තර කටු ගලව ගලව හිටපු මගෙන් ඇහැව්වේ කෝ පරිප්පු කියලා.

” අලේ අප්පත්ති පාප්පුවත් වත් නතුව කෝමත මන් ගීන්නේ කියන්තකු. තම්බෝල කන්ත බා මත “

නුරාද අඩියකුත් හප්පලා කෑ ගහද්දි මෙච්චර වෙලා බත් බෙද බෙදා හිටපු හාමු එහෙන්ම ආවේ නුරාද ළගට වෙද්දී මාත් ඉක්මනට ගියේ නුරාද ළගට. ගියපු වේගෙට කොල්ලට පාරක් වත් ගැහැව්වොත් එහෙම.

” හාමු….. ඉන්නකෝ මන් පැටියට පරිප්පු හදන්න “

” හදන්නකෝ බලන්න පරිප්පු. මන් හට්ටියම ගහන්නේ පොළවේ පරිප්පු එහෙම හදලා තිබ්බොත් . නුරාද මොකද පරිප්පු නැතුව ගිලෙන්නැත්තේ ආ…. මේ බෙදලා දෙන බත් එකෙ එක ඇටයක් හරි ඉතුරු කරන්නකෝ බලන්න. මන් පස්ස රත් වෙන්න දෙන්නේ ගුටි දෙකක්. හැදෙනවා හොද හුරතලේට.  වෙන අප්පච්චිලා වගේ නෙවෙයි හොදේ මන්. හම ගහලා හදන්නේ කියනේ ද් “

” ඇති ඇති ඔය කියවිල්ල හාමු. වචනෙන් දෙකෙන් ඉවර කරන්න බනින එකත් “

හාමුගේ කෑ ගැහිල්ලට නුරාද කටත් තද කරගෙන අත් දෙකෙනුත් කමිසේ මිරිකන් බිම බලාගෙන ඉද්දි මන් හාමුට එහෙම කියලා පැටියව වඩා ගත්තා.  ඒ පමාවට නුරාදත් දෙකට තුනට නැවිලා බෙල්ලේ වෙනුවට පපුව අස්සේ මූණ ඔබන් මයෙ පපුවෙ පැත්තකුත් හයියෙන් හපන් ඉකි ගහනවා .  හාමුට තරහ ගියාද නැද්ද මන්දා ආයේ එයා මන් සුද්ද කරපු බිත්තර ටික බත් වලින් තියෙලා රාහුගේ පිගානෙයි හාමුගේ පිගානෙයි ඉස්සරහට අරන් ගියා.

” පැටියෝ කෝ මූණ හෝදලා කමු බත් ටික හාද කෝ ඉතින් මූණ උස්සන්න “

” ම ත එපා “

කොල්ලා මූණවත් උස්සන්නැතුව මට එපා කියද්දී මන් එයාගේ බත් එකත් අරන් ගිහිල්ලා හාන්සි පුටුවේ තියෙලා හරි අමාරුවෙන් නුරාදව වාඩි කරේ හාමු ළග.

” ම් බත් එක කන්න දැන් “

පැටියා මයෙ දිහාම බලන් ඉද්දි මන් ඒ චූටි ඔක්කෙන් තිබ්බේ එයාගේ බත් එක.  හාමු එයාගේ බිත්තරෙනුත් බිත්තර කෑල්ලක් දාද්දි පොඩි එකා ඉකි ගගහම මයෙ දිහා බලලා ආයේ පිගානේ දිහා බැලුවා.  කුස්සියට ගිහිල්ලා මයෙ බත් එකත් අරන් ආපු මන් ගියේ රාහු ළගට. හාමු නුරාදට මොනා කියලද මන්දා පැටියා හරි අමාරුවෙන් වගේ කුරුළු කටවල් දා ගන්නවා රාහු දිහත් බල බල.

” à·„à·” à·„à·–…… “

” තා à·„à·– කියන්ත සාහුල්. ඔලා හොයන්ත බෑ මත “

” à·„à·–….. “

රාහුල් හැංගිලා හූ කියද්දී පැටියා කුස්සියේ පැත්ත බලලා ඒ පත්තට ගියා. හාමු දවල්ට කන්න උයනකොට මන් ඉස්සරහ පත්තර ටිකක් කියව කියව හිටියෙ.

” තූති අප්පත්ති ඔලා දැත්තත සාහුල්ව “

නුරාද මයෙ මූණට එබිලා රහසින් කියද්දී මාත් චූටියාගේ කනත් ලාවට වගේ හපලා රහසින් නෑ කිව්වා

” බොලු කීවොත් ඔලාගේ කතේ අප්පත්ති මිලිත් උලයි “

එහෙම කියපු පැටියා ගිහිල්ලා රාහුව ආයේ හොයන්න ගද්දි හිමීට අපෙ කාමරේ පැත්තෙන් ආපු රාහු නුරාද දකින්න කලින් බිත්තියට පහක් ගහලා හයියෙන් යේ කිය කිය උඩ පනිද්දී නුරාදගේ මූණත් ඇද වුණා.

” එත තුන පා හය හත අත නාම දාය. හලි සාහුල් à·„à·– කියන්ත “

” à·„à·–…. “

ලාවට හූ හඩක් ඇහුණු හැටියේ අපේ කොල්ලා ගියේ අපෙ කාමරේට.

දවල් වෙලා වගේ අපේ ක්වාටස් එකට ආවේ දිනුල මහත්තයා. එයා චූටි මලු දෙකක් ගෙනෙල්ලා එකක් නුරාදට දීලා අනිත් එක රාහුට දුන්නා.

” උබ හවසනේ බන් එන්න තිබ්බේ. පැටියාට තව ටිකක් මෙහෙම ඉන්න තිබ්බා “

” මන් උදේන්ම යාලුවෙක්ගෙ ගෙදර ගියා  බන්. ඒ ගමන්ම මේ ආවේ ඉතින් “

හාමුයි දිනුලයි කතා කර කර ඉද්දි මන් කුස්සියේ පැත්තට ගියේ බොන්න මොනා හරි හදන්න.

” නුරාද පැටියෝ ඔය කබඩ් එකේ තියෙන විස්කෝතු පෙට්ටිය ගේන්න “

කිරි කෝප්පේ ළගම වෙන්න චොකලට් විස්කෝතු දීසියත් තියෙලා බන්දේසිය ගිහිල්ලා තිබ්බේ හාන්සි පුටු වටේට තිබ්බ මේසෙ උඩින්.

” දිනු බීලා ඉදහන් බන් “

” හරි බන්. උබට එතකොට දවස් දෙකක්ම නිවාඩු ගන්න බැරිද “

” සදුදා අගහරුවදා දවස් දෙකේ මන් නිවාඩු ගන්නම්කො දිනුවෝ. අපිට සිකුරාදා හවසම යන්න පුළුවන්නෙ නේද “

මන් නැති අතරේ මේ දෙන්නා මේ මොනවා කතා කරගෙනද දන්නෑ.

” අප්පේ බන්. මෙයාට මේ සති දෙකේ නිවාඩු ගන්න බෑ නෙ දිනුවෝ “

” එහෙමද… එහෙනම් ඊළග මාසේ යමු. අප්‍රේල්  නැත්තම් වෙසක් එකටම යමු බන්. මේ සැරේ වෙසක් තියෙන්නේ මාසේ මුල්මනේ. අපි එතකොට යන් “

” හරි එහෙනම් අවුරුදු කාලම යමු අපි “

දවල්ටත් කාලම ඒ දෙන්නා මෙහෙන් යන්න යද්දි මන් ගියේ පාත්ති වල වල් ගලවන්න. කළුවර වෙන්න කලින් පාත්තියක්ම ඉවර කරානම් හරි. වෙසක් පෝයට අපි පොළොන්නරුවේ යන්න කියලා කතා වුණේ. කාලෙකින් ගියෙත් නෑ නෙ.

මන් ඔහේ ඒ ගැන කල්පනා කර කර ඉද්දි මට ඇහුනේ ලොකු සද්දයක්. බලද්දී කඩුල්ලට එහා පැත්තේ තිබ්බ කොස් ගහේ අත්තක් කඩාගෙන වැටිලා. අයින් කරා නම් හරි. ගෙදරට එන පාරේ අතු වැටෙන්නත් හොද නෑ කියනවනේ.

” නිලූෂ කළුවරේ මොනාද කරන්නේ ඇතුළට එන්න…..”

” හරි හරි එන්නම් හාමු “

හාමු දොරකඩ ළග ඉදලා කෑ ගහලා ආයේ ඇතුළට යද්දි මන් කඩුල්ලත් පැනලා අත්ත අයින් කරන්න හැදුවත් දිරාපු කොස් අත්ත බිමටම ඇලිලා වගේ තිබ්බේ මට හිතා ගන්න බැරි වෙද්දී .

            💥💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලූලා 🤗

බුදුසරණයි හැමෝටම🙏

අදහස් වෝට් වලට ගොඩක් ගොඩක් ඉස්තුති යාලූලා හැමෝටම 🙏❤️❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්පස්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්පස්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්පස්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්පස්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්පස්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්පස්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 56