À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්අටවැනි කොටහා

A+ A-

” තත්ද කලන්ත එපා තූති අප්පත්ති… ස්…… “

මන් ඇග පත හෝදලා අපෙ කාමරේට එද්දි පැටියා පස්සත් උඩ දාගෙන බිමට නැවිලා ඇද යට මොනාදෝ බලනවා. කොල්ලගේ උඩ දාන් ඉන්න පස්සට පාරක් ගහපුහාම මයෙ පැත්ත හැරිලා මන් කතා කරන්නත් කලින්ම පැටියා සද්ද කරන්න එපා කියලා කටත් උල් කරන් දබර ඇගිල්ලින් කට තද කරන් ස් ගාද්දී මාත් නැවිල බැලුවේ ඇද යට.

” ඒයි නුරාද මෙහාට්ට එන්න ළමයෝ….”

” අයියූ එලා මොනාත් කලන්තෑ තූති අප්පත්ති…… මන් එලාත තීත් තාල්ලක් දුන්තා . අලේ බිමත බත්තන්ත….. තූති අප්පත්ති….. එලාතත් ඌවා වෙලා අලේ….. බෙයිය දාන්ත ඕලි එලාත “

අතේ තාම වෙලච්චි නැති තුවාලෙත් අමතක වුණු මට නුරාදවත් වඩා ගෙන කාමරෙන් එළියට ආවේ ඇද යට හිටපු නයා දැකලා.

” හාමු……. හාමු…. හාමු “

” අයියූ……. තූති අප්පත්ති එලාව බාන්ත දෙන්තකු “

හාමු නැති නිසා මන් එයාව හොයන්න ගියේ වත්ත පහළට වෙද්දී මන් දැක්කේ කුණු බාල්දියත් අරන් සරමේ කොනකුත් උඩට උස්සන් මේ පැත්තට එන හාමුව .

” පිස්සුද මනුස්සයෝ ළමයා වඩන් ඉන්නෙ. ටිකක් හොද වුණා විතරයි තුවාලේ අමතකත් වුනාද “

” කාමරේ නයෙක් හාමු. නුරාදට එකා දැකලා පිස්සු හැදිලා “

බිමින් තියපු හැටියේ පැටියා මටත් ගස්සන් දුවන්න හැදුවත් ඊට කලින් ඉස්සර වුණු හාමු පැටියගේ කමිසෙන් ඇදලා අරන් හයියෙන් අත අල්ල ගත්තේ පැටියා බිම දිගා වෙවී කෑ ගහද්දි.

” මත යන්ත දෙන්තකූ….. එලාත ඌවා වෙලා හොදතම…  අත අලින්ත අප්පත්ති අලේ…….. ඈ…… “

” මන් කෝට්ටන් කඩන් පස්ස පුපුරන්න දෙන්න කලින් නවත්ත ගන්නවා ඇඩියාව “

හාමු කොල්ලවත් ඇද ගෙන ගිහිල්ලා කාමරේ දොරකඩ ළග ඉදන් නැවිලා ටෝච් එකන් ගහන් බලද්දී කොල්ලා කිව්වත් වගේ උට තුවාල වෙලා තමයි.
හාමු ඇද ටිකක් මෙහාට්ට කරාට පස්සේ තමයි ඒකා හොදටම දැක්කේ. කහ පාට ලොකු නාගයෙක්. බඩ පැත්ත තුවාල වෙලා. මුගටියෙක් වත් හපලද දන්නෑ.

” පැතියා පව් අලේ…. ඌවා වෙලා එලාත “

” මෙයාව ගෙනියමුද වෙද රාළ ළගට “

” වෙද රාළ සර්පයින්ට බෙහෙත් කරන්න දන්නවද හාමු “

පැටියා හාන්සි පුටුවේ වාඩි කරවලා ගෝනියක් අරන් හාමු මහත්තයා කෝට්ටකින් ඒකව ගෝනියට දාද්දි මාත් කෝකටත් කියලා කොස්සකුත් ළග තියම් හිටියෙ සතාව තඹ සතේකටවත් විස්වාස නැති නිසා.

” මේකව මුගටියෙක් කාලා වෙන්න බෑ කොල්ලෝ. එහෙනම් සතාගේ පෙනේ තමයි තුවාල වෙන්නේ. බලමුකෝ මේ බෙහෙත් ටික දාලා. හොදටම තුවාල වෙලා නිසා සතාව සනීප කරන්න පුළුවන් වෙයිද කියන්න බෑ…….. “

” අලේ…… එලාව තනීප කලන්තකු තීයේ.. මෙලාත ගුදක් සිදෙනෝනේ…. “

වෙද රාළ නුරාද දිහා බලන් ඉදලා ආයේ බැලුවේ බෙහෙත් කරලා පෙට්ටිය තියෙලා තියෙන නයා දිහා. මයෙ හාමු නම් නුරාදව පුළුවන් තරම් අත හයියෙන් අල්ලන් හිටියෙ නැත්තම් වඩා ගෙන. ක්වාටස් එකට ආවට පස්සේ නම් හාමු මුළු ක්වාටස් එකම හේදුවා. මට නම් ඒවුනාට තාම අර නයාගේ කුයිලේ එනවා එනවා වගේ දැනෙන්නෙ.

” තාම ඕක හෝදලා ඉවර නැද්ද හාමු. එන්නකෝ පොඩ්ඩක්….. “

” ඉන්නකෝ ඕයී කෑ ගහන්නැතුව . බාල්දි තුන හතරක් ගහලා එන්නම් “

හාමු එවලේ ඉදලා එයාගේ වාහනෙත් හෝදද්දී පැටියයි මායි ඔහේ හිටියෙ හාන්සි පුටුවේ. ඔහේ කිව්වට මොකද මන් හිටියේ මයෙ පැටියගේ ඔක්කේ ඔලුව ගහන්.

” තූති අප්පත්ති අයි අලේ මේ ඔයාදේ කොන්දේ දුඹු පාත. අපෙ කලු පාතයි නේ අලේ….. “

” චූටි අප්පච්චිගෙ කොන්ඩේ දන්න කාලේ ඉදලා එහෙමයි. ඇයි මයෙ පැටියා එහෙම ඇහැව්වේ “

” නවීසා කුව්වා මදෙ තූති අප්පත්තිදෙ කොන්දේ දුඹු පාතින් පාත කළලා කීලා. පිත්තු අලේ නවීසාත. එලාත මායි සාහුලුයි දෙන්තම කමති නා….. බොලු කීනවා හලියට “

නුරාද කොන්ඩෙත් අත ගගා මයෙ ඇස් දෙකට එබිලා කටත් උල් කර කර එහෙම කියද්දී එහෙන්ම කොල්ලව උස්සලා අරන් පැටියව බදා ගෙන ගිලින්න බැරි කමට ඒ චූටි බෝල කම්මුල් වලට උම්මා දී ගෙන දීගෙන ගියේ පැටියත් හයියෙන් හිනා වෙද්දී. මයෙ රැවුල් කොට නිසා කොල්ලට කිති ඇති. රාහුල් වගේ බෝල ගෙඩියක් නොවී ඇග කැහුට්ටන් වුණාට මොකද පැටියගේ මූණ හරි ලස්සනට පිරිලා තිබුනා.

” ඔලා ආයේ මදෙ උත්ම හිල කලනවා අයියූ…… තූති අප්පත්තිතත් පිත්තු හැදුනත එත පාලතම…… “

” චන්ඩි පැටියා පැන්ඩා පැටියෙක් වගේ හුරතල් වෙද්දී චූටි අප්පච්චිට පිස්සු හැදෙනවා තමයි ඉතින් “

” මාව තම්පා කලන්ත එපානේ තූති අප්පත්ති “

මයෙ අත් වලින් පැටියාව බදාගෙන ඉද්දි එයත් තව තව මයෙ පපුව අස්සේ මූණ ඔබා ගෙන බොරුවට කියනවා චම්ප කරන්න එපා කියලා. මයෙ වදුරු පැටියා ලොකු වෙන්නැත්තුව හැමදාම මයෙ අස්සේ මේ විදිහටම ඉන්න ඕනී. ඕක හාමුට කිව්වොත් නම් මයෙ කන් වලට ඇබ ගහ ගන්න කියවනවා කියවනවා ළමයා ඔහොම හුරතල් කරන්න එපා කියලා. ඒවුනාට මන් කරන්නෙම ඒක.

” නුරා….ද “

” අයි “

” සාසක් කියන්නද “

” අප්පත්ති එන්ත කලින් කියන්ත අලේ “

හරි අමාරුවෙන් දොර පැත්ත බලපු පැටියා ආයේ හිනාවක් දා ගෙන ඔලුවත් උඩට උස්සලා මයෙ දිහා බැලුවා වෙද්දී මන් එහෙන්ම පාත් වුණේ පැටියගේ චූටි කන් පෙත්ත ළගට.

” හැමදාම අප්පච්චිලා දෙන්නා ළගින්ම ඉන්න හොදද . ලොකු වුණා කියලා යන්නෙ එහෙම නෑ චූටි අප්පච්චිව දාලා “

” මොලා අලේ මදෙ තූති අප්පත්ති දොදත්තේ…… මන් තූති අප්පත්ති ලද තමා ඉන්තෙ සමදාම … “

හාමු වගේම දැන් පැටියත් පුරුදු වෙලා දොඩනවා කියලා කියන්න. නුරාද මයෙ මූණ දිහාම බලන් එහෙම කියද්දී මන් ආයේ ඒ කම්මුලට උම්මා එකක් දීලා ටිකක් හයියෙන් හපන් හිටියා.

” සිදෙනවෝ…… ආ.. තු ති අප්පත්ති “

ඒ කම්මුලේ මයෙ දත් පාර හිටලා තියෙනවා හරි ලස්සනට.

” ඒයි දෙන්නා මොකද නිදි. ඉඩ නෑ වගේනේ අප්පච්චියි පුතණ්ඩිතයි නිදා ගෙන ඉන්නෙ… “

මයෙ හාමුගේ බෙලෙක්කේ ඇහැද්දී තමයි මන් ඇස් ඇරියේ. මන් නුරාදවත් පපුව උඩම තියන් හොදට ඇදේ නිදා ගෙන. පැටියව හෙමින් සැරේ ඇද අයිනෙන් තියෙලා කොට්ටෙකුත් දාලා ඇදේ ඉදගෙන මන් බැලුවේ වේලිච්ච රෙදි ටික උන්ඩි කර කර අල්මාරිය අස්සටම ඔබන හාමු දිහා . කොච්චර කිව්වත් අහන්නෑ රෙද්දක් නවලාවත් නෙවෙයි ඇතුළට දාන්නේ.

” නෝනා හාමිනේව නාවලා ඉවරද “

” එයා විතරක් නෙවෙයි මාත් නා ගත්තා. ඔය දෙන්නා තමයි හඩ්ඩෝ වගේ ඔහේ ඉන්නෙ “

කන්නාඩි කුට්ටම නැති නිසා පේනවා ඈ මයෙ හාමුගේ කොන්ඩේ වතුර කියලා. ළගට ඇවිල්ලා කොන්ඩේ තියෙන වතුරත් ගස ගස එහෙම කියද්දී තමයි මන් දන්නේ එයා නාලා කියලා.

පුන්ති බව් සාලේ……..

මා ගෙදල නති වේලෙ……..

කාද මදෙ බෝලේ……

පෙලල පෙලලා සිතියේ මිදුලේ…….

පුන්ති බලු සාලේ………..

පොඩි බෝලෙකින් සෙල්ලම් කර කර ඉන්න කලූව දැකලද කොහෙදෝ කොල්ලා චිත්‍රයක් පාට කර කරම හයියෙන් සින්දු කියනවා.

” ඇයි මේ කම්මුල…… “

” තූති අප්පත්ති මාවත් කනෝනේ අප්පත්ති….. හලියත ඔලාව කනෝ වදේ “

හාමු මහත්තයා මයෙ පැත්තට හැරෙද්දිම මන් ආපහු පත්තරේ බැලුවා.  පැටියා මොනා කියවනවද මන්දා. එක්කෝ එහෙම මොනා හරි දැක්ක නම් කටපියාන් ඉන්නයි. අනේ මන්දා.

” උබට දැන් හොදටම සුවයිද “

” ඔව් ලොකු හාමු. අතේ පොඩ්ඩක් තාම තියෙනවා. ගොඩක් තුවාල වේලිලා “

හවස් වෙලා හාමු වලව්වට එන්න ඕනියි කිව්වත් මන් ක්වාටස් එකේම ඉන්නයි හැදුවේ. කොහෙද ඒවුනාට මාවත් එක්ක ආවනේ බලෙන්ම.

” අප්පච්චි ඇත්තටමද ඉස්සෙල්ලා දිනුල ගැන කිව්වේ “

” අදත් ගියේ පොඩි ඒ ළමයා ඒ ගෙදර බලන්න තමයි. මන් කිව්වා පුතාට මෙහෙ දිගටම ඉන්නයි කියලා. කිව්වට ඉතින් කොල්ලත් මෙහෙ ඉන්න අකමැතිනම් මන් මක් කරන්නද පොඩි…”

දිනුල මහත්තයා එහෙනම් වලව්වෙන් යන්නයි හදන්නේ. ඇයි දන්නෑ මයෙ හිතට අමුතු සතුටක් දැනෙන්නෙ. ලොකු බේබිත් ගියපු නිසා ලොකු හාමු නම් ටිකක් අවුලින් වගේ ඉන්නෙ. දැන් දිනුල මහත්තයත් යන්නනේ ඉන්නේ

” මාත් උදව්වක් කරන්නද නැන්දට “

” එපා එපා කොල්ලෝ. තුවාලේ ටිකක් හොදයි කියලා ඕන් පොඩි බේබී කිව්වා “

” ඔව් නැන්දේ ඒක නම් හොදයි. අතේ තුවාල තමයි පොඩ්ඩක් “

මන් කුස්සියේ පැත්තෙන් ගියේ පිටිපස්සේ ඉස්තෝප්පුවට වෙද්දී මන් ලාවට වගේ දැක්කේ පරණ දර මඩුව ඇතුළට යන නුරාදව. පැටියා මොකද ඒකෙ අස්සට යන්නෙ.

” කාද අප්පු කියන්තෙ……. කෝද ඔලා ඉන්තෙ….. හලෝ හලෝ.. අලේ තුත්තක් මත බාන්න ඕලි ඔලාව…. අහ් තූති අප්පත්ති මන් බා වුණා “

මන් පරණ මඩුව ළගට ගියාට පස්සේ දැක්කේ පැටියා තනියම කියවනවා පරණ ලී කොටන් ගොඩ ගහලා තියෙන තැනට වෙලා. පැටියගේ ඔලුව අත ගෑවත් හරි කොල්ලා ගැස්සිලා පිටිපස්ස බලද්දී තමයි මාව දැක්කේ.

” මොකෝ තනියම කියවන්නේ “

” අයියූ තූති අප්පත්ති බාන්නකු….. කාදෝ මදෙ කන අත්තේ අප්පු අප්පු කීලා කා ගානවා අලේ…. මයෙ කනත් ඌවා වෙලාත කෝදෝ…. සිදෙනවා බාන්නකු තුත්තක් ඔලාම “

කොල්ලා ඔලුවත් හරවලා කන පෙන්නද්දී මන් කොල්ලවත් වඩා ගෙන එළියට ආවේ කන බලන්න. එහෙම මොකුත් වෙලා නම් නෑ.

” දැන් හරිද ආ…… “

” තුත්තක් හලි තමා තූති අප්පත්ති දන් නම්….. “

පැටියගේ කනටත් උම්මා එකක් දීලා එයාවත් වඩා ගෙන යන්න හැරුණත් මට ආයේ පිටිපස්ස බැලුනේ මඩුව ඇතුලින් ආපු සීතළ හුළං පාරක් මයෙ ඇගේ වැදීගෙනම යද්දී.

” තූති අප්පත්ති අප්පු කාද…. “

” දන්නෑ පැටියෝ…. යන්කො අපි දෙන්නා ඔන්චිලි පදින්න හාද “

නුරාදත් එක්කලා මන් ආවේ ඔන්චිල්ලාවට. පැටියට අඹ ගහේ අත්තේ බැදපු ඔන්චිල්ලාව තාම හොදට තියෙනවා.

” අලේ…… තූති අප්පත්ති තා තල්ලු කලන්නකු “

” හයියෙන් තල්ලු කරන්න බෑ නුරාද. වැටිලා වත් ගියොත් එහෙම “

කොල්ලා ලණුව අත් දෙකෙන්ම අල්ලන් ඉද්දි මන් පිටිපස්සේ ඉදන් තල්ලු කරනවා. දැන් නම් ටිකක් සීතළයි වගේ.

” නිලූෂ දරුවත් එක්ක ඇතුළට එන්න. කළුවර වීගෙන එන්නෙ…… “

” තා තිතක් පදලා යන්කු තූති අප්පත්ති “

” දැන් ඇති නුරාද මයෙ ඔලුවත් කැක්කුමයි වගේ “

මයෙ ඔලුව ටික ටික ආයේ රිදීගෙන වගේ එද්දි මන් නුරාදත් එක්ක ආවේ ඇතුළට. ලොකු හාමුයි මයෙ පොඩි බේබියි තාම දොඩව දොඩව ඉන්නෙ.

          💥💥💥💥💥💥💥💥💥

” ඇයි මෙහෙ උබට හොද නැද්ද ඉන්න ආ “

” එහෙම එකක් නෙවෙයි බන්. මන් ඉතින් ගත්තා ගෙදරක්ම. හැමදාම එහෙම මෙහෙම ඉන්න බෑනේ විරා “

දිනුලයි රාහුයි ගොම්මන වැටීගෙන එද්දි තමයි වලව්වට ආවේ. මන් එයත් එක්කලා මේ ගැන කතා කරන්න ගියේ ලොකු ඔන්චිල්ලාවට.

” දැන් ඔය ගන්න යන ගෙදර කොහොමද. ඉන්න පුළුවන් වෙයිද උබට “

” ඒ ගෙදර හොදයි බන්. වටපිටත් හොදයි. පාඩුවේ වැඩක් කරන් ඉන්න පුළුවන්. විනාඩි පහළවකින් විස්සකින් හන්දියට යත හැකි බන් “

” ම් හොද විදිහක් බලලා කර ගනින්කෝ එහෙනම් “

දිනුල ඇතුළට ගියත් හරි මන් ඉදන් හිටියෙ ඔන්චිල්ලාවේ. හද හොදට පායලා අහස හරි ලස්සනයි. වලව්වට එනවද නැද්ද කියලා තාම හිතා ගන්න බෑ. අපි පොඩි කාලේ වලව්ව තිබ්බා වගේ නෙවෙයි දැන් ටිකක් පරණයි වගේ. මන් කකුල් දෙකත් උඩ දාගෙන ඔන්චිල්ලාවේ ඉදලා කල්පනා කර කර ඉද්දි එක පාරටම ඔන්චිල්ලාවෙන් සද්දයක් ආවේ එහා පැත්තෙන් කවුරු හරිම වාඩි වුණා වගේ දැනෙද්දි. කලින් සේපාලිකා මල් වලින් සුවද ආවත් දැන් දැන් නම් මට ලාවට ලාවට වගේ එන්නෙ  සැර කුයිලයක්. සතෙක් වත් මැරිලද.

” මයෙ හාමු මහත්තයා මොකද තනියම මෙතන කරන්නේ. මන් හිතුවේ තාම දිනුලත් එක්ක කතා කර කර ඇති කියලා “

” අපෝ එයා ගොඩක් වෙලා ගිහිල්ලා. කෝ නුරාද රාහුල් එක්කද ඉන්නෙ “

” ම්…. දෙන්නා සෙල්ලම් කරනවා “

මයෙ නිලූෂ ඇවිල්ලා මයෙ එහා පැත්තෙන් වාඩි වුණත් හරි ආයේ ඔන්චිල්ලාවෙන් ආවේ ඉස්සෙල්ලා හඩ. කවුරු හරි ලොකු කෙනෙක් වාඩි වෙන්නම ඕනී එහෙම හඩක් එන්න නම්. එක්කෝ මයෙ හිතලුවක්ද දන්නෑ.

” ඇයි ඔහොම බලන්නේ ම්….. බලන් ඉන්න විදිහට ආදරේ හිතෙනවා “

එහෙම කියපු නිලූෂ හෙමීට හෙමීට මයෙ අතත් අල්ලන් මයෙ තොල් දිහාම බලන් පාත් වුණත් හරි මන් ඉක්මනට ඔලුව පස්සට කර ගත්තේ මයෙ කොල්ලගේ මූණත් ඇකිලෙද්දී. කවුරු හරි අපි දෙන්නා දිහා බලන් ඉන්නවා කියලා මට දැනුනා දැනුනා වගේ හරියට

” ඇයි එහාට්ට වුණේ “

” ඇතුළට යමු. මට හොදටම බඩගිනි “

එයාවත් ඇදගෙන ආවේ මන් ඇතුළට. හොද වෙලාවට කමනි නැන්දා කෑම මේසෙට කෑම ටික ඇරලා තිබ්බේ.

” තූති අප්පත්ති මත පාප්පු තිතක් දා දෙන්තකූ “

” මතත් පාප්පු තිතක් තූ ති මාමි “

මයෙ නිලූෂ නුරාදට පරිප්පු දාද්දි රාහුත් පිගාන දික් කළේ නුරාදගේ පිගානේ ළගට. 

” නාපු එක අවුල් යන්න ඇති මයෙ හාමු “

” කොච්චර කිව්වත් වැඩක් නෑ සීතලේම ළිදෙන් නෑවානේ “

පැටියා රාහු එක්ක එයාගේ කාමරේට වෙලා ඉද්දි මන් ඇදේ ඉදගෙන නිලූෂගෙ ඔලුවට බෙහෙත් තෙල් එක ගෑවා. හොදවෙලාවට ඒක මන් කෝකටත් කියලා දා ගත්තේ.

” කෑ ගහන්න එපා….. තව තව රිදෙනවා දෙයියෝ ඉන්න බෑ “

” ඉස්පිරිතාලේ යමුද ම්…. ඔයාගෙ නළලත් රත් වෙලා තමයි නිලූෂ “

” ඕන්නෑ ටිකක් නිදා ගත්තම හරියයි “

එයා ඇදෙන් ඇලවෙද්දී මන් නිලූෂව වැහෙන්න ෂීට් එකත් පොරවලා ආයේ ඒ නළල අත ගාන්න ගත්තා.

” දෝ මත යි “

” යන් යන් දත් ටික මැදලම නිදා ගන්න ඕනී….. දෙන්නා එක්ක පැණි රස ගිලලා ගිලලනේ ඉන්නෙ “

” අලේ අප් ප ත්ති පැතියත ගුදක් දෝ මතයි. හෙත ඊ මදිමුත අලේ……. “
.

පැටියා ඇසුත් භාගෙට පියා ගෙනම නිදා ගෙන ඉන්න එයාගේ චූටි අප්පච්චිගෙ ඇගෙනුත් පැනලා මයෙ අස්සට ඇවිල්ලා මාව තදේට තුරුල් කරගෙන ඇස් දෙක පියා ගත්තා. මට බයයි මේ කොල්ලගේ සේරම දත් ටික පනුවෝ කයිද කියලා. එහෙන්ම ඉස්සිලා මේස ලාම්පුවෙ ලයිට් එකත් අඩු කරලා පැටියව උස්සලා ගත්තේ බිත්තිය අයිනට.  නින්ද ගිහිල්ලා කොල්ලට මේ ඩිංගට.

වොෂ් රූම් එකේ වතුර සද්දේ ඇහෙනවා ඇහෙනවා වගේ වෙද්දී මන් නිදි මර ගාතෙම බැලුවේ වට පිට. හරිනේ ඉතින් නිලූෂ නෑ නේ ඇදේ. චූ පාරක් දාන්න යන්න ඇති. එයාගේ කොට්ටේත් බදා ගෙන නිදා ගන්න හැදුවත් මට ආයේ කහින සද්දයක් ආව නිසා ඇදෙන් නැගිට්ට මන් සරමත් හදන් ගියේ වොෂ් රූම් එකේ ඇතුළට වෙද්දී මන් දිහා බලපු නිලූෂ සින්කෙකට පාත් වුණා .

” නිලූෂ…… දෙයියනේ මට කතා කරන්න තිබ්බනේ….. “

“……….. “

එයා ආයේ සින්කෙක අල්ලන් වමනේ කරන්න හදද්දී මන් එයාගේ ඉන වටේට අතත් දා ගෙන මයෙ ඇගට වත්තම් කර ගත්තා. කාපු හැම එකක්ම ආයේ ආයේ ඒ කටින් එළියට එද්දි එයාගේ මුළු මූණම රතුම රතු වෙලා කදුළු බේරිලා තිබ්බා.

” දැන් හරි ද ම්…. “

” à·„ රි “

මයෙ නිලූෂගෙ මූණ කටත් හෝදවලා අපි දෙන්නම ඉද ගත්තේ හාන්සි පුටුවෙන්.  මන් මේස ලාම්පුවෙ ලයිට් එකත් ටිකක් වැඩි කරලා හාන්සි පුටුවේ ආයේ වාඩි වෙලා මයෙ කොල්ලව මන් තුරුල් කර ගත්තේ එයත් පණ නැතිව මයෙ ඇගට වැටෙද්දී.

” කාපු එකක් අවුල් වෙලා වගේ හා මු “

” දැන් හරි නේද…. ඔලුවේ කැක්කුම කොහොමද “

” හොද යි දැන් “

මන් ආයේ නැගිට්ටේ උදේ හතත් පහු වෙලා. නිලූෂගෙ බිමට වැටිලා තිබ්බ ෂීට් එකත් ඒ ඇගට දාලා මන් ගියේ වොෂ් රූම් එකට.

” පොඩි බේබී නැගිට්ටද. කිරි එක නම් පැහිලා තියෙන්නේ බේබී. කෝප්ප වලට වක් කරන්නද “

” හරි නැන්දේ. කහට නැතුව වක් කරන්න. සීනි අඩුවෙන් “

අම්මේ ක්වාටස් එක වගේ නෙවෙයි මෙහෙ ඉද්දි. නැගිට්ට හැටියේ තේ වක් කරන්න ඕන්නෑ ඉතින්.  ඒවුනාට ඉතින් කම්මැලි වෙලා බෑ නේ එහෙම ඉදලා. අපිටත් මේ වගේ එළකිරි හැමදාම බොන්න තියෙනවා නම් හොදයි. මන් කෝප්ප තුනත් බන්දේසියට දාලා ඇරගෙන ගියේ නැන්දා දුන්නු කේක් කෑල්ලත් ඇරගෙන.

” කමක් නෑ ඊයේ මන් අසනීප වුණේ කෑම අවුලක් ගියපු නිසා. ආයේ ඉස්පිරිතාලේ ගානේ යන්න ඕන්නෑ හාමු w. මට නම් බෑ බෙහෙත් බොන්න “

” අනේ මේ නිලූෂ බබා වෙන්න ලෑස්ති වෙන්න එපා. යනවා ගිහිල්ලා ඇදුමක් දා ගන්නවා. ඔහේට වඩා මේ පොඩි එකා යසට බෙහෙත් ගිලින්නේ. මේ පොඩි බෙහෙත් පෙත්ත ගිලින්න බෑ. ඊයේ රෑ තිස්සේ කෙදිරි ගගා හිටියෙ . ඒ මදිවට හවස නාලා ඒකත් ළිදෙන්. මෙච්චර මේ කාමරේ අස්සේ වොෂ් රූම් තියාගෙන යනවා ඉතින් ළිං අස්සේ රිංගන්න. අනේ ඇත්තමයි මට තමයි තඩි පොල්ලක් අරන් ගහන්න ඕනී තමුසෙව කන් ඇටෙන් ඇදන් එන්නෙ නැතුව ඔහේ හිටිය එකට. යකෝ ඇග තිබ්බට බලන් යද්දි මොළේ නෑ නේ ඔහේගේ. ඒවුනාට ඉන්නෙ අපරාද විමර්ශන බුද්ධි අංශයේ. දැන් වත් උගුඩුවා වගේ බලන් ඉන්නැතුව දා ගන්නවා ඇදුමක් නිලූෂ .ඉස්කෝලේ මදිවට ගෙදරදිත් මන් ගිරිය පලන් කෑ ගහන්න ඕනී අප්පටයි පුතණ්ඩියටයි. දැනටමත් මට සෙන්ගෙඩිද කොහෙදෝ. නුරාද කෝ මේ දරුවා….. ඒ පාර පොඩි එකා නෑ “

මන් ඔලුවත් අල්ලන් ගිරිය පලාන් නිලූෂට කෑ ගහද්දි මෙච්චර වෙලා චීස් කැටයක් කකා හිටපු නුරාද නෑ. මන් නිලූෂ දිහා බලද්දී එයා අතට ඔරලෝසුව බදිනවා. යකෝ ඉස්පිරිතාලේ යන්නෙ හරියට වෙඩින් එකකට යනවා වගේනේ.

” ලෑස්ති වෙලා ඉවරයි. මන් වාහනේට වෙලා ඉන්නම් “

” ඒයි ඒයි මෙහෙ එනවා මෙහෙ එනවා “

තනි කලුම ඇදන් කළු කුමාරයා වගේ. ඒක නම් කමක් නෑ කියමුකෝ. පපුවේ භාගයක් පේන්න බොත්තම් ඇරන්. හොද වෙලාවට බැනියමක් නම් ඇදගෙන. ඒවුනාට පපුව පෙන්න පෙන්න මොකටද යන්නේ. නිලූෂ හිමීට මයෙන් පැනලා යන්න හැදුවා වුණත් මන් වැලමිටෙන් ඇදල අරන් බිත්තියට තද කර ගත්තා. කොල්ලා ලෙඩා දුකා නිසා මට හරි ලේසි මයෙ අලි පැටියා ආම්බන් කරන්න. හැමදාම මෙහෙම ඉන්නවා නම්. මූණ දකිද්දී ඇයි මන් මෙච්චර එයාට නපුරු වුණේ කියලත් හිතෙනවා. ඒවුනාට ටිකක් විතර සැරට ඉන්න ඕනී . නැත්තම් හරි යන්නෑ.

” ආයේ මයෙ හාමුට මොනාටද කෑ ගහන්න තියෙන්නේ “

” යන්නෙ කොහෙද “

” ඇයි දැන් හාමුනේ දෙයියනේ කිව්වේ ඉස්පිරිතාලේ යන්නෙ කියලා “

” ම්….. එතකොට ඇයි මෙහෙම. ඇයි ඉස්සර වගේ උඩ බොත්තම් දැමෙන්නෑ. සල්ලාලයෝ වගේ ඔහොම පපුව පෙන්න පෙන්න යන්න කවදා ඉදලද පටන් ගත්තේ ආ……. “

” ඇයි එදා හාමුමනේ කිව්වේ ලස්සනට පෙනුමට ඉන්න කියලා. ඉතින් මන් දැන් එහෙම ත්…. “

” හරි එහෙම ඉන්න. ඒවුනාට මේ බොත්තම් ටික දා ගන්න “

මන්ම එයාගේ කමිසේ බොත්තම් ටිකත් දාලා ඇවිස්සිලා තියෙන කොන්ඩෙත් අතින් චුට්ටක් හැදුවා. තරහ ගියපුහම හරි අමාරුයි පාලනේ කර ගන්න.

” මන් යන්නද .  කන් දෙකත් කැක්කුමයි මයෙ හාමු “

” ඒ මොකද මේ ආයේ කනේ කැක්කුමක් ගහලා තියෙන්නේ. ඔලුවේ අමාරුව හොදවුනා විතරයි ආයේ ක්….. පොඩ්ඩක් ඉන්න නිලූ…… à·‚ “

කොහොමින් කොහොම හරි නුරාද වලව්වේ දිනුලත් එක්ක ඉද්දි මන් මයෙ කොල්ලව ඇදන් ආවේ ඉස්පිරිතාලේ.
ලෙඩා නිලූෂ වුණත් ඩොක්ට ළගටත් ගිහිල්ලා එයා බුම්මැට්ටා වගේ හිටිය නිසා එයාගේ ලෙඩ ටිකත් මන් කිව්වේ. 

” බෙහෙත් ටික වේල් තුනක් බොද්දි අඩු වෙයි නිලූෂ…. “

” හාමු…….. මන් දෙයක් කියන්නද හැබැයි මයෙ හාමු  කැමති නැත්තම් ඒකත් මට කියන්න “

මන් වාහනේට නගින්න දොර අරින්න හැදුවත් මයෙ ළගට ආපු නිලූෂ මයෙ අතින් අල්ල ගත්තේ එයාගේ කලබල වෙච්ච ඇස් මගෙ මූණ පුරාම දුවද්දී.

              💥💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලූලා 🤗

බුදුසරණයි 🙏

අදහස් වලට ගොඩාරියක් ඉස්තුතියි 🙏🙏  වෝට් වලටත් යාලූලාට ගොඩාරියක් ඉස්තුතියි 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්අටවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්අටවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්අටවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්අටවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්අටවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්අටවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 59