À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටහත්වැනි කොටහා

A+ A-

” ආ නා සූනා සූන් කතුස්සා

එළ කී පා කී පුක්‌….. ආ නා සූනා

සූන් කතුස්සා එළ කී පා කී පුක්‌…. “

” හලි හලි කු අල්ලන්ත මාව නුලා ද “

මායි නිලූෂයි එළියේ උදුලු ගානකම් නුරාදයි රාහුලුයි දෙන්නා එළියේ මිදුලේ සෙල්ලම් කරනවා. නුරාද ඇසුත් වහගෙන මොකක්දෝ සින්දුවක්‌ හයියෙන් කියව කියව එක තැනම කැරකි කැරකි ඉදලා රාහුල් හරි කියලා දුවද්දි නුරාදත් වැටී වැටී රාහුල් පස්සේ පන්නනවා.

” මත මාන්ති නුලාද අම්බු තා නම් බා… “

” තා එත පාලක් කලමු අලේ…. නැගිතින්තකු අප්පා “

හරි අමාරුවෙන් බිම ඉදගෙන හිටපු රාහු නැගිට්ටේ ආයේ දුවන්න වෙද්දී නුරාද බිම තියෙන පුංචි කෝට්ට අහුල ගත්තා.

” මේ ටික හාමු උදුලු ගානවද මන් වැට සුද්ද කරන කම් “

” ආ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න මට දැන් තමයි මතක් වුණේ “

මයෙ නිලූෂ උදැල්ලත් පැත්තකින් තියෙලා පිහිය අරන් යන්න යද්දි හදිස්සියෙම දෙයක් මතක් වුණු නිසා මාත් උදැල්ල පැත්තකින් තියෙලා කතා කරේ නිලූෂට

” ඇයි මොකක්ද අප්පේ මයෙ හාමු මහත්තයට මතක් වුණේ “

” ඇත්තටම නිලූෂ ඔයාට මන් හදන කිරි රස නැද්ද. “

” රස… “

” රසයි නම් ඊයේ පුදුම විදිහකට නිර්මාල් හදපු කිරි එක ගැන හැමෝම ඉස්සරහ ගුණ ගැව්වේ…”

” ලොකු හාමු එතැන à·„à·Š… “

” අප්පච්චි නැති වුණාට කමනි නැන්දයි නිර්මාලුයි හිටියෙ. ඒ දෙන්නා මොනා හිතනවා ඇත්ද මන් හදන කිරි එකක් වත් රස නැතිව ඇති කියලා හිතනවා ඇති. ඒකනම් කමක් නෑ කියමුකෝ. අනිත් අය අපි ගැන මොනා හිතුවත් අපිට මොකද. මොකද අපිට එයාලා හිතන පතන විදිහ වෙනස් කරන්න බෑ නෙ. ඒක නෙවෙයි මේක අහන්නකෝ ඇයි අර නිර්මාල් අර විදිහට ඔයා දිහා බලන්නේ. මන් දෙපාරක් දැක්කා. ඒ බලන බැල්ම නම් මට අල්ලන්නෑ නිලූෂ”

” එහෙම ඒ පොඩි එකා බැලුවේ නෑ හාමු. නිකන් කතා කරද්දී කාට වුණත් බැලෙනවානෙ “

නිලූෂ එහෙම කියා ගෙන පිහියත් බිම තියෙලා ආවේ මගෙ ළගට වෙද්දී මන් බැලුවේ ළමයි දෙන්නා දිහා. ඒ දෙන්නට ගානක් නෑ. රාහු පූස් තඩියාව ඔක්කේ තියන් ඉන්නවා. නුරාද සින්දු කියනවා.

” එහෙම කිව්වට මොකද මයෙ හාමු මහත්තයගෙ කිරි එකට ගහන්න ආයේ කිරි එකක් කොහෙවත් නෑ. පොඩ්ඩක් සීනි මදි වුණාට ඒකෙ රසට මන් හරි ආසයි. මන් ඔයාගෙන් ඇරෙන්න ඇත්තමයි එහෙම කිරි එකක් බීලම නෑ හාමු. ඒකනේ මන් දවසකට කීප සැරයක්ම හාමුගේ කිරි බොන්නේ “

මගෙ කිරි එච්චරටම රසයිද. ඒත් මන් දෙසැරයයිනේ කිරි දෙන්නේ නිලූෂට. කීප සැරයක් දෙනවා ඈ.

” කල්පනා කරන්න දෙයක් නෑ හාමු…. මේ නිලූෂට මයෙ හාමු මහත්තයගෙ කිරි ඇබ්බැහියක්. ඒකට පිටි කිරි හිටන් පරාදයි “

එහෙම කියපු මයෙ නිලූෂ කට කොනේ හිනාවක් දාල මට ඇහැකුත් ගහලා පිහිය අරන් යද්දි මන් ආයේ ගත්තෙ උදැල්ල උදුලු ගාන්න . ඒ කියන්නේ ඇත්තටම මන් හදන කිරි එහෙනම් රසයි. පොඩ්ඩක් ඉන්න පිටි කිරි පරාදයි කිව්වේ ඒ මොකක්ද. දැන් නෙ ඔලුවට අදහස ආවේ.

” මට කියලා අහ ගන්න එපා නිලූෂ…. ආයේ පිටි කිරි එකක් වත් බොන්න දෙන්නෑ මන් “

ඉදලා ඉදලා කියන කතා මූ. අහිංසකයා වගේ හිටියට නිය පොත්තේ ඉදලා වලත්තකම බේරෙනවා. කමක් නෑ ඉතින් මට විතරයිනෙ. මගෙ අහිංසක මනුස්සයනේ. කොච්චර වලත්ත වුණත් මන් ආදරෙයිනෙ ඉතින්

” ඕම මදේ කුක්කු එකත එබෙන්ත එපා අලේ….. ආ මොකත මේ මයෙ කී එකෙන් පොගන්තේ. එතෝත මදේ කී අදු වෙනෝනේ “

” සාහුල් ඕම සා කලන්ත එපා අලේ….. තුත්තක් ඔබා ගන්තේ. සසයි නේත ඒම ඈ සාහුල් “

හාන්සි පුටුවේ ඉදගෙන රාහුල් එයාගේ කිරි එකෙන් බබා විස්කෝතු පොගව පොගව කද්දී අපේ නුරාදත් එයාගේ කිරි එකෙන් විස්කෝතු කෑල්ලක් පොගවලා එයාගේ කටට දා ගත්තා.

” නුරාද පොඩ්ඩක් ඈතට වෙන්න. දැන් ඔයාගෙ කිරි එකත් රාහුල්ගෙ ඇගට වට්ටනවා ඔහොම දගලලා “

” අප්පත්ති මොලාත අප්පත්ති අල තූති අප්පත්ති කලන්තේ… එයා කී බොන්තෑ “

” චූටි අප්පච්චිගෙ බූවෙක් ගෑවිලා නුරාද. තෙල් ටිකක් ගාගෙන එයි “

වැට සුද්ද කරලා එද්දි ඉන පැත්තේම පලු දාලා තිබ්බ නිසා නිලූෂ තනියෙන් තෙල් ගා ගන්නවා ඉස්සරහ කන්නාඩියෙනුත් බල බල.

” හොදටම පලු දාලා තමයි “

” තෙල් ගෑවට පස්සේ හොදයි හාමු “

මයෙ නිලූෂ කන්නාඩි දෙකත් ගලවලා ඉදගෙන කිරි කෝප්පේ අරන් තොල ගාද්දී මන් එයාගෙ අත් නැති බැනියම උස්සලා බැලුවේ ඉන හරිය. රතු වෙලා හොදටම එතැන.

” කෝ කෝ ඕක පැත්තෙකින් තියෙලා ඉන්නකෝ පැටියෝ අනේ මන්දා…. “

” අම්බු…. තූති අප්පත්ති ගුදාක් සතු වෙලා තමා අලේ….. සිදෙනෝත තූති අප්පත්ති ඈ “

” පැටියා මයෙ ඔලුව අත ගෑවොත් නම් රිදෙන එක අඩුවෙයි හැබැයි “

” ඉන්ත කී එත බීලා ඉන්ත “

නිවිච්ච කිරි එක උගුරු දෙකට බීපු නුරාද කෝප්පෙත් පැත්තකින් තියෙලා එයාගේ චූටි අප්පච්චි ළගට යද්දි මන් ගිහිල්ලා රාහුල්ව ගත්තෙ මයෙ ඔක්කට. රාහුල් නම් තවත් උස ගිහිල්ලා. කොල්ලගේ ටිකක් විතර කැරලි ගැහුනු කොන්ඩේ කහ පාට නළලට වැටිලා තියෙද්දී හරි ලස්සනයි.

” රාහුල් තව කිරි චුට්ටක් හදලා දෙන්නද මයෙ පැටියට “

” එපා අති මේ… “

බීලා ඉවර වුණු කෝප්පෙත් පැත්තකින් තිබ්බ මන් කොල්ලව මයෙ පැත්තට හරවන් ඒ ඔලුව දිගේ හෙමීට මයෙ ඇගිලි තුඩු ගෙනිච්චේ රාහුලුත් මයෙ දිහා බලන් ඉද්දි.

” තූති අප්පත්ති මදෙත් අත ගාන්ත ඔලුව අලේ…. තුත්තක් විතල ඔලුව සිදෙනෝ වදේ….. “

නුරාදත් ඔලුව අල්ලන් නිලූෂගෙ ඔක්කේ වාඩි වෙලා ඔලුව පපුවේ ගහන් බලන් හිටියේ අපෙ පැත්ත. කොල්ලට ඉරිසියා හිතිලා වගේ.

දවල්ට කන්න නිලූෂ පරිප්පුවක් කිරි දාලා හදද්දී මන් බටු ගෙඩි දෙකක් තෙල් දැම්මා ඒකටම වැව් කරෝලත් දාලා. ඊට පස්සේ හැදුවෙ තවුසි කොළ මැල්ලුමක්. මයෙ නිලූෂගෙ ආසම කෑමක් තවුසි කොළ.

පූසගේ බත් පිගානෙත් හෝදපු මන් උගෙ බත් කොටහත් හොදට අනලා දැම්මේ ඒකත් මයෙ කකුලේ ඇතිල්ලී ඇතිල්ලී ඉද්දි. මේකට බත් ගුලියක් හරි ගිල ගන්න මාළු හරි මස් හරි තියෙන්නම ඕනී. මන් අපෙ ශීත බබාගේ ඇතුළට මූට කන්න වෙනම මුහුදු මාළු ඔලු කරමල් ටිකක් හිස් අයිස්ක්‍රීම් පෙට්ටියක දාලා තියෙන්නේ තම්බ තම්බ දෙන්න. ඒවා දාලා දුන්නොත් දවසට වේල් පහ හයක්ම බඩ බෝල වෙන්න කනවා බිම දපනේ දාලා වැටෙන්නම .

” අනේ හාමු ඕකට දැන් ඔහොම කන්න දීලා දීලම මොකක් හරි වෙනවා. බලන්න ගහක් උඩට වත් ඒකට හරියට නැග ගන්නවත් පුළුවන්ද කියලා. දවසට වේල් තුනක් දුන්නම හොදටම ඇති “

” ඒවුනාට මට ඒ මදි නිලූෂ. අපි ඇර කවුද මේ සතාට මෙහෙම කන්න දෙන්නේ. කාලා බීලා ඉන්න ඕනී හොදට “

” එ්චුනාට බලන්නකෝ ඒකගේ මහත. ඌරෙක් වගේ. පූසෙක් වුණාම පොඩ්ඩක් ඉන්න ඕනී වහලෙ උඩ හිටන් යන්න පුළුවන් වෙන තරමට. මේකට අඩු ගානේ අල්මාරිය උඩට වත් නැගලා බිමට බැහැ ගන්නවත් පුළුවන්ද “

ඔව් ඉතින් ඒක නම් ඇත්ත. ගහකට හරි අමාරු වෙන් නැග ගත්තත් උට බැහැ ගන්න බෑ. උඩකින් බස්සන්න මන් හරි නිලූෂ හරි ඉන්නම ඕනී. නැත්තම් දවසෙම වුණත් විලාප තිය තියා ඉදියි ගහ උඩටම වෙලා.

” හරි හරි ඉතින් අතේ ඇගිලි පහත් එක වගේ නෑ නෙ මයෙ නිලූෂ “

රාහුල්ටයි නුරාදටයි නිලූෂ ලොකු පිගානෙකට බත් බෙදාගෙන බත් ගුලි ගිල්ලවද්දී මන් ගස්ලබු ගෙඩිය සුද්ද කරලා පැත්තකින් තියෙලා ගත්තෙ අන්නාසි ගෙඩිය සුද්ද කරන්න. අද දවල්ට අපි පළතුරු සලාදයක් කන්න කියලා. ඔක්කොම කරලා ඉවර කරලා මන් වෙන වෙනම දීසි වලට දැම්මේ පළතුරු කෑලි ටික. අන්නාසියි ගස්ලබුයි කෙසෙලුයි ඇපල් ගෙඩියකුයි මිදියි පේර ගෙඩියකුයි . පුංචි දීසි හතරකට කපාපු පළතුරු කෑළි ටිකත් දාලා උඩින් මුද්දරස් පලමුයි කිතුල් පැණියි දැම්මා. අවසානෙට දැම්මේ අයිස්ක්‍රීම්. අයිස්ක්‍රීම් පෙට්ටිය ශීත බබාගෙන් එළියට අරන් නිලූෂ දිහා බලද්දී මන් දැක්කේ ඇසුත් ලොකු කරන් කටත් ඇරන් අයිස්ක්‍රීම් එක දිහා බලන් ඉන්න අපෙ පැටියා.

” කෝත ආසකීම් තිබ්බේ ඈ අප්පත්ති “

” අප්පච්චි අයිස්ක්‍රීම් එක ශීත බබා ඇතුළෙම තමයි නුරාද තියෙලා තිබ්බේ. මේවා ආයේ කොහේ තියන්නද “

” ඔලා ඒත හන්ගුවා නේත මන් කයි කීලා ඈ අප්පත්ති. මන් ඉත්තෙල්ලා දක්කේ නා නෙ බබා අතුලේ ඕත තීනවා. “

ඔව් ඉතින් ඕක හැංගුවේ නැත්තම් මන් දන්නවනේ ඉතින් ආයේ මට ගන්න වෙන්නේ හිස් අයිස්ක්‍රීම් පෙට්ටියක්‌ තමයි. එච්චරටම අමාරුයි නුරාදත් එක්කලා අයිස්ක්‍රීම් එකක් තියා ගන්න. කොල්ලා අපිටත් හොරෙන් පේන්නැති වෙන්න හැංගිලානෙ අයිස්ක්‍රීම් පෙට්ටියටම හැන්ද දාලා කන්නේ. මන් මේක තිබ්බේ එළවලු ගොඩේ. දිය වෙලා වුණාට කරන්න දෙයක් නෑ ඉතින්.

” එහෙම හංගනවද පැටියෝ මේ අප්පච්චි. මයෙ පැටව්න්ට කන්න දෙන්නනෙ අප්පච්චි මේ අයිස්ක්‍රීම් ගේන්නේ “

” තූති අප්පත්ති කොත්ති කාල්ලක් කව්වා නේත මත. අම්බූ…… දානෝ නෙ තූති අප්පත්ති…… “

” ඉන්න චූටි අප්පච්චි වතුර එකක් ගේන්න “

පිගානෙත් පැත්තකින් තිබ්බ නිලූෂ මැටි කලෙන් වතුර එකක් පුරවද්දී නුරාද අඩියට දෙකට මයෙ ළගට ඇවිල්ලා ඇසුත් ලොකු කරන් බැලුවේ මයෙ දිහා.

” ආසකීම් කතක් මදේ අප්පත්ති….. පැතියදෙ කත තුත්තක් දානෝ වදේ ආ….. “

💥💥💥💥💥💥💥💥

හවස් වෙලා මන් ගියේ වැඩට. ඒ වුණාට අද නම් මහ ලොකුවට වැඩක් නෑ වගේ. සදුදා නම් කැම්පස් එක පටන් ගන්නවත් එක්ක.

” ලොකු එකක්‌ වගේනෙ උබ හරියට කෑ ගැහැව්වේ. ඒක අපි පස් දෙනාටම ඇතිද බන් ඉතින් “

” ඇති ඇති විහා තමුසේ කඩපන්කෝ. අපි දෙන්නා අල්ල ගන්නම් “

දමියයි මායි සරම් කෑල්ලක් දෙපැත්තෙන් අල්ල ගද්දි විහගයා ලී කෑල්ලකින් අනෝදා ගෙඩිය කඩන්න ලෑස්ති. අපෙ වැඩ කරන ගෙදර ලොකු අනෝදා ගහක් තියේ. ඒකෙ උඩ අත්තක ඉදිච්ච අනෝදා ගෙඩියක්.

” අප්පේ බන් මේකෙන් ඇට ටිකක් අරන් පැළ කරන්න වටිනවනේ. පුදුම රසක් ඕයී “

දමියා එහෙම කියද්දී ඇත්තටම මාත් ඇට පහ හයක්ම දා ගත්තෙ කලිසම් සාක්කුවට.

” ඒක තමයි බන්. අපෙ ගෙදර එකට වඩා මේක රසයි “

” යකෝ ගෙදර තියෙද්ත තෝ මේකෙන් මේ කන්නේ. නොදකින් හිකනලයා “

රෑ හතට විතර වැඩ කරලා ඉවර වෙච්ච මන් බස් එකකට නගින්න කලින් ගියේ කඩේකට. ඊයෙත් අමතක වුණා මට පැටියට ක්‍රීම් එකක් ගන්න.

එක එක වර්ගයේ බේබී ක්‍රීම් වර්ග ගොඩ ගහලා. පිච්ච මල් සුවද එන එකක් එහෙම නැද්ද දන්නෑ. තඩි බේබී ක්‍රීම් බෝතලේකුයි කොලෝන් බෝතලේකුයි ගත්ත මන් බිල ගෙවන්න යන්න හදද්දී දැක්කේ ලස්සන ලස්සන චූටි බෑග් වර්ග තියෙනවා. එක බෑග් එකක් තනිකරම වලස් පැටියෙක් වගේ. උගෙ ඔලුවේ තමයි අරින ශිපර් එක තියෙන්නේ. දුඹුරු පාටයි සුදු පාටයි ඌල් වලහෙක් වගේමයි ඒක. තව එකක හා කන් දෙකක් තියෙනවා පහළට එල්ලෙන්න.

මන් කඩුල්ලත් පැනලා යද්දි වෙනදා වගේම මයෙ හාමු මහත්තයා ඉන්නවා කොරිඩෝ එකේ පුටුවක් තියා ගෙන බලන්න.

” මොනාද ඔච්චරටම ඕකේ ඇතුළේ ආ…… ලස්සනයි ඒක. ඔයාම පැටියට දෙන්නකෝ. ඕන් කාටුන් බලනවා “

” කෝ රාහුල් “

හාමු ආයේ බඩු ටික මල්ල ඇතුළටම දාලා ඒක තිබ්බේ මයෙ අතින්ම මට පැටියට දෙන්න කියලා.

” ගෙදර ගියා නිලූෂ. ඉන්නකෝ මන් කේතලේ ලිපේ තියන්න “

මන් හාමුගේ හිස් මුදුනටත් හාද්දක් තියෙලා පැටියට දැනෙන්නැති වෙන්න පිටිපස්සෙන් ගිහිල්ලා එයාගේ ඔක්කෙන් මල්ල තිබ්බ පාර නුරාද ගැස්සිලා බැලුවේ පිටිපස්සේ හිටන් ඉන්න මයෙ දිහා.

” අලේ හොල ගෙදියා මන් කොත්තල බා වුනාත…. මදේ මෙතනත් දග් දග් ගානෝ තාම. ඔලත් හලි වැද කලන්තේ තූති අප්පත්ති “

පැටියා මාව දැක්ක හැටියේ මයෙ ඇගට පැනලා කර වටේ අත දා ගත්තෙ මන් එයාට දීපු මල්ලවත් බලන්නැතුව.

” මේක මයෙ පැටියට. ඇරලා බලන්නකෝ වස්තු “

” ආ……… අලේ තූති වලත් පැතියෙක් සෝ……. යී එලා…… ඈ…. ඒත බාගයක්ත තූති අප්පත්ති…. “

” ම් පැටියට පුංචි බෑග් එකක්. හොදයි නේද ආ… “

පැටියගේ ඇස් දිලිසෙනවා. හාන්සි පුටුවේ උඩ හිටගෙන හිටපු පැටියා එයාගේ ගානට නැවී ගෙන හිටපු මටත් උම්මා දීගෙන දීගෙන ගිහිල්ලා බෑග් එකත් බදා ගෙන කෑ ගහගෙන ගියේ කුස්සියේ පැත්තට.

” හෙට වැඩට යන්නෙ කීයටද “

” නිවාඩු හෙට මට. අදත් මහ ලොකු වැඩක් තිබ්බෙත් නෑ හාමු “

මන් මයෙ හාමු මහත්තයවත් තුරුල් කරන් ඒ ඔලුව දිගේ ඇගිලි උඩට පහළට ගෙනිච්චේ ඇදේ එයාගේ ලොකු ටෙඩි බෙයාවත් බදා ගෙන නිදන් ඉන්න පැටියා දිහාත් බලාගෙන. පිරිත් හඩත් එක්ක ගෙම්බෝ කෑ ගහන හඩත් ඇහෙනවා අද රෑටත් වහියිද දන්නෑ.

” මාමේ ඊයේ එකටත් එක්ක සල්ලි “

” ආ ඒක මොකක්ද පුතේ. කෝ සර් පේන්නවත් නෑ නෙ “

බයිසිකලේක එක දිගට වැදෙන හඩක් එද්දි මන් ඉක්මනට නැගිටලා පැත්තක තිබ්බ සරමත් අරන් ඇදගෙන ගියේ ඉස්සරහට. බලද්දී එළ කිරි ගෙනල්ලා. හරිනේ ඉතින් අටටත් කිට්ටුයි.

” තාම නිදි මාමේ. නිවාඩුනෙ අද “

” ආ ඒකනේ නේද ඉරිදනේ. මන් එහෙනම් ගොහිල්ලා එන්නම්කෝ කොල්ලෝ “

ඊයේ රෑ දත් මැදපු නිසා සින්කෙකෙන් මූණ කටත් හෝදලා උණු වතුර බෝතලෙන් කෝප්පෙට වක් කර ගත්තෙ ඇල් වතුර ටිකකුත් කවලම් කරගෙන. නැගිට්ට හැටියේ වතුර වීදුරුවක්ම බොන එක මට දැන් පුරුද්දට ගිහිල්ලා තියෙන්නේ .

සරමත් දෙකට නවා ගෙන ගැටයක් ගහලා ලිප් බොක්කට දර කෑළිත් දාලා ලිපත් පත්තු කරලා කිරි මුට්ටිය තියෙලා ගියේ එළියට මන් උදේ ඉදලා තිබ්බ බරත් නිදහස් කර ගන්න. පැටියා ටොයිලට් එකේ බිත්තියෙත් කුරුටු බලි ඇදලා.

” තූති අ ප්ප ත්ති….. කු ක්කු තිබායි අලේ “

මන් කුස්සියේ දොරෙන් ඇතුළට එද්දි පැටියා නිදි මර ගාතේම ඇවිල්ලා එහෙන්ම පණ නෑ වගේ කඩන් වැටුනේ මයෙ ඇගට.

” චූටි අප්පච්චි කිරි එක ලිපේ තිබ්බා පැටියෝ. එතකම් එන්නකෝ චුට්ටක් හූතල් කරන්න මයෙ වස්තුව “

තාම ඊයේ රෑ උලපු බේබී ක්‍රීම් වල සුවද හොදට එනවා. මන් පැටියවත් මයෙ පැත්තට හරවන් කිරි එක පැහෙන කම් බංකුවේ ගිහිල්ලා වාඩි වුණත් හරි මයෙ පපුවේ අස්සේ මූණ තියන් හිටපු පැටියගේ කට ගියේ මයෙ කුක්කුවකට.

💥💥💥💥💥💥💥💥

ඉරිදා උදේන්ම මන් රාහුල් වත් ලෑස්ති කරන් ගියෙ අනුජ බලන්න. එයා වෙනදා වගේමයි ඇසුත් පියාගෙන තාම නිදි හොදට. මන් මොන කයි කතන්දර එයාගේ කන අස්සේ මිමිනුවත් එයාට කිසිම හැගීමක් දැනීමක් නෑ වගේ ඉන්නෙ. අදත් මන් පර මලත් ඇරගෙන එයා ළගින්ම තිබ්බේ සුදු රෝස මල.
එදා එයා හැප්පෙන්න කලින් නිලූෂ එක්කලා රණ්ඩුත් වුනාලු. අනූව අපරාද කාරයෙක් කියලා සමාජය කොච්චර ලේබලේ ගැහැව්වා වුණත් මට නෙවෙයි ඒ ගැන කිසිම හැගීමක් තිබ්බේ. වීරයි නිලූෂ පුතයි අනූගේ චරිත සහතිකේ දෙද්දී මන් මුලදී හිස් මුදුනින්ම පිළි ගත්තෙ මට වෙච්ච දේවලුත් එක්කලා නිසා. ඒවුනත් දැන් මට කලින් විදිහට ඉන්න බෑ . අනුජව ගණන් නොගෙන ඉන්න බැරි තැනට මන් ඇවිල්ලා ඉවරයී.

” අප්පත්ති ආන් කාදෝ ඇවිල්ලා “

” ඒකනේ පැටියෝ මාත් මේ බැලුවේ “

වාහනේ අනූගෙ ගෙදර ගාවටම එද්දි මන් දැක්කේ අපෙ ගෙදර මිදුලේ නවත්තලා තිබ්බ බයික් එකකුයි. පැත්තකින් ගලක් උඩ වාඩි වෙලා ඉන්න කොල්ලෙකුයි.

” දිනුල රහල්‍ය කියන්නේ ඔයාද “

” ඔව්… ඔයා කවුද “

” මන් රන්දුනු “

රාහුල් ඉස්සරහ එයාගේ බයිසිකලේ පදිද්දී මන් රන්දුනු කියන එක්කෙනත් එක්ක ආවේ ඇතුළට. ඒත් එක්කම එයා මට දික් කරේ මොකක්දෝ මල්ලක් වෙද්දී මන් බැලුවේ එයාගේ මූණ දිහා.

” මේකෙ දිනුලට ලියපු ලිවුමක් තියෙනවා. එදා අපි ගයාන්ගෙ ගෙදර චෙක් කරද්දී මට ඕක හම්බුනේ. ආ තව දෙයක් ඕකේ ඇති එයාගේ දින පොතක් “

” මට “

මට පුදුම හිතුනා. එතකොට මේ ගයාන්ගෙ වැඩ කරන තැන කෙනෙක්ද එහෙනම්. ඒ කොල්ලා ආයේ යන්න යද්දි මන් හාන්සි පුටුවෙම වාඩි වෙලා මල්ලෙන් එළියට ගත්තෙ පොතකුයි ටිකක් මඩ ගෑවිලා වගේ තියෙන ලිව්ම් කඩ දහියකුයි.

අයියේ ,

ඔයා ඇටයගේ බෝලේ ගත්තද. මන් බෝලේ තිබ්බේ ලිවුම යයි කියලා හිතිච්ච නිසා. මන් නිවාඩු ගත්තෙ අම්මලාගෙ ගෙදර යන්න නෙවෙයි. මන් යනවා දුරකට අයියේ. ඒක හැමෝටම හොදක් වෙයි නේද. කියන්න ගොඩක් දේවල් තියෙනවා. කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ. වැඩිය ඕන්නෑ මයෙන් මොනා හරි අයියට වැරැද්දක් වුණා නම් සමාවෙන්න. ආ පුළුවන් වුනොත් විතරක් ඔය පෝච්චියේ හිටවලා තියෙන පුංචි පැළේට වතුර දාන්න. මන් යන්නම්. ඇටයවත් මතක් කරා කියන්න. මන් පුළුවන් වුනොත් ඇවිල්ලා යන්න එන්නම්. එතකොට නම් අදුරන්නෑ වගේ නම් ඉන්න එපා. පොඩි හරි හිනාවක් දෙන්න. පරිස්සමින් ඉන්න දෙන්නම.

අනුජගෙන්,

දිනුලට.

එයා බෝලේ ගන්න කියලා තියෙන්නේ එහෙනම් මේ නිසයි. යනවා කියලා කියන්න. මට එදා බලන්න බැරි වුණා අනූ. මන් මහ මොකෙක්ද මන්දා. ඊට පස්සේ මන් එහෙන්ම පෙරලුවේ දින පොත. දිනයක් වෙනුවට එයා දාලා තියෙන්නේ අද කියන එක විතරයි.

අද.

ගෙදරට එළවලු ගන්න කියලා බැංකු පොතෙන් සල්ලි ගන්න බලද්දී තඹයක් වත් ඉතිරි කරන්නැතුව අයියා ඔක්කොම සල්ලි අරන්. ඉතින් අදත් මන් කෑවේ සම්බෝලුයි බතුයි

අද

අදත් මන් හරි අමාරුවෙන් කොත්තමල්ලි එකක් හදන් බිව්වා. මේ ජීවිතේම මහ අපායක්. එහෙන් අයියගේ යාලුවෝ මාව කනවා. මෙහෙන් මයෙ සල්ලි බලන් ඉද්දි ඉවර වෙනවා. මයෙ බැංකු පොත හැංගුවත් වැඩක් නෑ අයියම ඇවිල්ලා කොහොම හරි ඒක හොයා ගන්නවා.

අද

අපෙ අයියා හදා ගත්තු දරුවෙක්ලු. ඒක නිසා තමයි අයියටත් මන් ගැන කිසිම හැගීමක් නැත්තේ. නැත්තන් උන්ගේ යාලුවෝ මට අච්චර දෙයක් කරද්දි එයා කොහොමද හැගීමක් නැති විදිහට මයෙ නිරුවත දිහා බලන් ඉන්නෙ.

අද

මාත් දැන් පිරිමින්ට ඇබ්බැහි වෙලා. තනිකරම මට පිස්සු.

අද

අපරාදේ මන් අයියා එක්කලා මෙහෙ ආවේ. පොඩි අයියයි අම්මයි බලන්න යන්නත් බැරි වුණා මට.

අද

මන් කොහොම හරි සල්ලි ටිකක් හොයා ගන්න ඕනී. දැන් නම් හොදටම බඩගිනි. මයෙ බැංකු පොත අයියා ළග

අද

මහන්සි කියලා කරන්න දෙයක් නෑ මගෙ වියදම් ටික බලා ගන්න මන් ආයේ ගියා හෝටලේක රෑට වැඩ කරන්න.

අද

අද ගොඩක් සල්ලි හම්බුනා. මන් හිතේ හැටියට ඇවිද්දා මයෙ කෙල්ල එක්ක. එයාට නම් කොච්චර වත් තෙල් ඕනී. මන් මයෙ සල්ලි වලින් කොටසක් දුන්නත් එක්ක පන්සලකට ධර්ම ශාලාවක් හදන්න කියලා. හොද වෙලාවට මන් නිකමට හරි ඒ පන්සල පැත්තට ගියේ

අද

ජෝඩු දාලා කෙල්ලෝ කොල්ලෝ අත් අල්ලන් වැව රවුම දිගේ ඔහේ යන දිහා මාත් හරි ආසාවෙන් බලන් හිටියා. කවදා හරි මටත් ආදරෙ කරන එක්කෙනෙක් හම්බු නොත් හොදයි. ඒත් එහෙම ඕන්නෑ. මන් ඒ හැටි හොද මිනිහෙකුත් නෙවෙයිනෙ. මාව දැන් ගන්නම දෙයක් නෑ. ඒත් මන් මගෙ අයියට වෛර කරන්නෑ. මගේම සහෝදරයා මොන විදිහේ එක්කෙනෙක් වුණත් මන් එයාගේ මද්දුනේ.

අද

මන් වෙනස් වෙන්න හිතා ගත්තා. අයියා හින්දා අවසානේ මට අමු පිස්සෙක් වෙන්න වුණා . මට මැරෙන්න තරම් කේන්ති. මයෙ ළග වැඩ කරන උන් හිටන් මාව අප්පිරිය කරනවා. මට අමාරුයි මගෙ හිත පාලනේ කර ගන්න. මන් මහ ජරා ගොඩක්.

අද

මයෙ හිත ආයේ ගැහෙන්න පටන් ගත්තා. එයාගේ නම දිනුලලු. පොඩි දරුවෙක් හිටියට කමක් නෑ දික් කසාද වෙලානෙ.

අද

මයෙ පිස්සුවට බෙහෙත් කර ගන්න ගියේ මන් මනෝවෛද්‍යවරයෙක් හම්බෙන්න. උදේ ඉදන් හවස් වෙනකම් වැඩ නිසා මන් රෑට තමයි උපදේශන වලට ගියේ.

අද

බෙහෙත් වලටයි ඩොක්ටගේ උපදෙස් වලටයි පින් සිද්ද වෙන්න මට දැන් පොඩ්ඩක් හොදයි කියලා හිතෙනවා. ඒත් කොහෙද ඉතින් අර නිලූෂ මගේම ඔලුව කන්න එනවනේ. කමක් නෑ මගේම වැරදි නිසානේ . එච්චරටම මන් මහා ජරාවක්‌

අද

මන් අද දිනුලට ලස්සන කමිසයක් ගත්තා. එයා කැමති වෙයිද දන්නෑ . හොද වෙලාවට ඇටයා කිව්වේ එයාගේ අප්පච්චිගෙ උපන්දිනේ කියලා. ඉස්පිරිතාලෙත් ගිහිල්ලා තමයි මන් අද මයෙ දිනුල බලන්න ගියේ.

අද

දිනුල මන් ආදරෙයි

අද

මන් අසහනකාරයෙක් නෙවෙයි අයියේ. ඉස්සර මට පිස්සු තමයි. ඒත් මන් බෙහෙත් බොනවා දැන්. වේලක් වත් මග අරින්නෑ

අද

මට‍ අයියගෙන් ගැලවීමක් නෑ.

අද

කොච්චර මාව එයා ගණන් ගන්නැතුව හිටියත් මන් ආදරෙයි දිනුලට. ඔයාව දාලා යන්න ලෝභයි අයියේ. ඒත් මට යන්න වෙනවා. මන් නිසා ඔයාටත් කරදර වෙන්න වෙනවා නේ. මයෙ පපුව පිරෙන්න තරම් ආදරෙයි. මේ අනුජගේ හිත දිනුලගෙ. මන් ආදරෙයි මයෙ අයියට.

අතනින් පතට කියවලා ඉවර කරපු පොත මන් මේසේ උඩින් තිබ්බේ මයෙ ඇස් වලින් කදුළු වැල් පිටින් කඩන් වැටෙද්දී. අනූ ඔයා ආයේ එන්නෙම නැද්ද. කිව්වත් වගේ ඔයා එන්නැද්ද. සහස්යා දීපු ගින්දරට වඩා මන් අනුජ නිසා පිච්චෙනවා. උබ මට ජරාවක් නෙවෙයි අනූ….

💥💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් 🤗

බුදුසරණයි හැමෝටම 🙏

අදහස් වෝට් වලට ගොඩාරියක් ඉස්තුතියි යාලුලාට 🙏💗💗💗

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටහත්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටහත්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටහත්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටහත්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටහත්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටහත්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 68