À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටඅටවැනි කොටහා

A+ A-

“චරා…..ස් “

” අනේ සන්තෝ මන් මොකද කරන්නෙ. අයි අයියෝ…… ඉදලා ඉදලා මටත් වුණු වින්හැයියක් “

ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා මන් නාලා කාලා බීලා ඔක්කොම කරලා නුරාදටත් සෙල්ලම් කරන්න කියලා ආවේ අපෙ කාමරේට මයෙ නිලූෂගෙ දින පොත බලන්න. ඒත් පිටුවක් කියවලා අනිත් පිටුව පෙරලද්දී චරාස් ගාලා ඉරිලා ගියේ මයෙ පපුවම වාෂ්ප වෙලා යද්දි. කවදාවත් වෙලා නැති වැඩක් නෙ දෙයියනේ වුණේ. ළමයි කී දෙනෙක්ගේ කොච්චර පොත් ගොඩක් බලාගෙන බලාගෙන ගිහිල්ලා තියෙනවද. මයෙ මනුස්සගෙ මේ ඉලව්වම ඉරුනනේ. පිටුවම කඩලා දැම්මා නම් හරි හැබැයි. ඒත් එහෙම කොහොමද එයාගේ මතකනෙ මේ තියෙන්නේ . එක හිතකින් මන් කොහොම පිටුව කඩලා දාන්නද.

” අප්පත්ති අප්පත්ති ආන්කු අද වෙත්ත වැදක් “

” ආ ආ කියන්නකෝ බලන්න “

” මාල වැදේ වුණේ.  මන් ඒත හිතලා කලේ නා අප්පත්ති.. එලා තමා සාහුල්තත් ගාන්ත ගියේ.. “

නුරාද ඒක හිතලා කරේ නෑ කියන්නෙම මොකක් හරි ජඩ වැඩක් කරාම තමයි. කොල්ලා එයා කරපු වැඩේ වෙනුවට වෙන වෙන හෑලි කියවනවා දැන් දාගෙන.

” නුරාද පැටියෝ මොකක්ද වුණේ කියන්න අප්පච්චිට හරියටම “

” අප්පත්ති ඕම සා කලන්ත එපා අලේ… පැතියත බා හිතෙනෝනෙ. මන් ඒත හිතලා කලේ නා නෙ ඉ ති න් “

” අයියෝ පුතා ඉතින් මොකක්ද කරේ… ඔයා ඒක හිතලා නෙවේනේ කළේ ඉතින්. මොකක්ද කරේ කියලා අප්පච්චිට කියන්නකෝ මයෙ මැණික “

පැටියා බය වෙලා වගේ මගෙ දිහා බලන් ඉද්දි මන් ඒ පුංචි අතින් ඇදලා ගත්තේ මයෙ ඔක්කට

” අප්පත්ති කවිත සාහුල්ව වත්තන්ත ගියා අලේ. එලා සාහුත කාද කලනවා ගුදක් “

” හරි ඉතින් මයෙ පැටියා චන්ඩියා වගේ ඒ ළමයට ගැහැව්වා නේද ආ…. “

” නා නෙ අප්පත්ති මන් ඒම කලේ නා. සාහුල් තමා හබයි ගව්වේ එලාත “

අම්මේ ඇති යන්තම් අපෙ කොල්ලා රණ්ඩු වලට පැටලිලා නෑ. පැටියා අනිත් අය වගේ නෙවෙයි අහිංසකයි මගෙ දරුවා.

” මගෙ හොද පුතා. ළමයි එක්ක රණ්ඩුවට යන්න එපා හාද “

” හලි අලේ මන් සන්දු කලන්තෑ ගුදක්. මේ….. අප්පත්ති….  තීත කුව්වා අප්පත්තිත එන්ත කීලා හෙත…. පූවන්ත හෙත එන්ත…. අලේ අප්පත්ති මන් කවිතදෙ අත හිතලා හපුවේ නා අප්පා.. එලා බුලුවත ඇදුවා ගුදක් ”

” මොකා….. ක්‌ “

අදත් මන් හය පහුවෙලා කළුවර වැටී ගෙන එද්දි දුම් දාන කෝපි කෝප්පෙකුයි ත්‍රී පෝෂ ගුලියකුයි අරන් ඉදගන්න ගියේ කොරිඩෝ එකට. පූස් තඩියත් තනියට ඉන්නවා මගෙ කකුල අස්සේ.

” අයියූ අප්පත්ති එන්තකු තුත්තක් ඕම ඉන්නතුව අලේ….. “

” මොකක්ද දැන් මයෙ පැටියට වෙන්න ඕනී “

මන් එහෙම අහද්දී නුරාද හිනා වෙලා අත් දෙක උඩට ඉස්සුවත් හරි මන් එයාවත් වඩා ගෙන ගියේ ආයේ ඉස්සරහට.

” ඇයි සෙල්ලම් කරන්නෑ “

” කලලා ඉවලයි අලේ….. “

ටිකක් වෙලා පස්ස රත් කරන් හිටියට පස්සේ තමයි දැක්කේ කඩුල්ල පැත්තට එන මයෙ නිලූෂව. අනේ අම්මේ හොදටම මහන්සි පාටයි .

” චුට්ටක් ඔලුව කැක්කුමයි වගේ හාමු. මේ කසාය එක තම්බලා දෙන්නවද “

” ගිහිල්ලා අතපය හෝදන් එන්න නිලූෂ . මන් තුවාය ගේන්නම්කෝ”

ඇත්තටම කිව්වොත් මන් නම් පොඩ්ඩක් වත් කැමති නැ  මයෙ කොල්ලා කරන රස්සාවට. කොච්චර නම් තව රස්සා තියෙනවා කියලද. මේ රස්සාවට දැන් නිලූෂ පණ ඇරලා නිසා මොකුත් කියන්නත් බෑ .

” ආපූ අයි ඔලා ඕවා හදන්තේ අප්පත්තියේ….. ඔන්ත මත නම් අපා “

” හරි හරි අරහෙට්ට වෙන්න පැටියෝ. දැන් වැටෙනවා මේක “

මන් ලොකු මැටි කෝප්පෙට කසාය එක පෙරද්දී කොල්ලත් එනවා මයෙ අස්සට. බයේ බෑ කරන දැගලිල්ලට ඕක වත් හලා ගත්තොත් කියලා.

” මත බිත්තලයත් තම්බුවාත මදේ අප්පත්ති ඈ…. “

” උදේ පෙර පාසලෙන් කෑවා කිව්වා නේද”

” ආ……. ඒම කෝමත… මත ඔලාදේ බිත්තල කන්ත ඕලි…..  අයියූ බාන්ත අප්පත්ති මන් සාහුල්ගෙ තුත්තක් බිත්තල කාල්ලත් කාවා කීලා එලාදෙ බිත්තලේම මත දුන්තලේ… “

පැටියට මෙලෝ සිහියක් නැතුව මගෙ සරමේ එල්ලි එල්ලි ඔහේ කියවද්දී මන් කසාය ටික අයිනකට තියෙලා නුරාදව වඩා ගත්තා.

” එහෙම රාහුල්ගෙ තියා වෙන කාගේවත් කෑමක් එහෙම ගන්න එපා පැටියෝ. ඒ ළමයත් කොච්චර ආසයිද බිත්තර කන්න. ආයේ එහෙම ඔය වගේ වැඩ කරන්න එපා නුරාද. කැතයි නෙ ඒක. මන් සමහර දවස් වලට බිත්තර ගෙඩි දෙකක්ම දෙනවා නේද ආ….”

” ඔලා සා කලනවත මත “

” නෑ නෑ හොදින් කියන්නේ “

එදා අප්පච්චි අප්පු ගැන කිව්වට පස්සේ වාහනේ ඇතුළෙම මන් පැටියවත් බදා ගෙන ඇඩුවා දුකට. ඒ මදිවට ආයේ නම් සැර කරන්නෑ කියලා උම්මා දිදී මන් එවලේ කිව්වට   මොක නැතත් මයෙ පුතා ඒක හොදට හිතටම අරන් තියෙනවා. දැන් පොඩ්ඩ සැර දාන්න බෑ පැටියා මන්තරේ වගේ ඕක මතුරනවා

ලා රස්නි තියෙන කසාය එක උගුරු දෙකට තුනට බීගෙන බීගෙන ගියපු මයෙ කොල්ලගේ මූණ රතුම රතු වෙලා. ඒකට අපෙ නම් ඔහොම මූණු රතු වෙන්නෑ. අපි ඉතින් දුඹුරු පාටයි නෙ. අව්වට ගියොත් තමයි දුඹුරු පාට හම චොකලට් පාට වෙන්නේ. ඒවුනාට මයෙ එකාට එහෙම එකක් නෑ. එයාට අව්වෙන් වෙන හානිය ගොඩක් අඩුයි.

” මොනාද අප්පච්චියේ… මයෙ මූණ දිහා බලන් කරන්නෙ à·„à·‘ මයෙ හාමු “

” මොනා කරන්න කියලද නිලූෂ. ඔයාගෙ පාට මාරු වෙන විදිහ බලන් හිටියෙ “

අපි තුන් දෙනාගෙම බත් පිගන් වලට මන් බැදපු මාළු කෑල්ල කෑල්ල දාගෙන යද්දි නුරාද පපඩම් දාගෙන ගිහිල්ලා එයාගේ පිගානෙට මන් කටු අයින් කරපු බිත්තරෙත් දාගෙන පිගානෙත් උස්සන් යන්න ලෑස්ති වුණත් මන් ඉක්මනට ගිහිල්ලා දැම්මේ කිරට හදපු බණ්ඩක්කා ටිකක් එයාගේ බත් පිගානෙට. හරි හොරයි එළවලු කන්න.

” හෙට කීයටද යන්නෙ “

” හය වෙද්දී එතැන ඉන්න ඕනී හාමු. හෙට විශේෂ පුහුණු වීමක් තියෙනවා කියලා කිව්වේ දවස් පහක් එක දිගටම “

ආ එහෙනම් ඉතින් නිලූෂට යන්න බැරි වෙයි නුරාද එක්ක. මටම තමයි ටීචව හම්බෙන්න යන්න වෙන්නේ.

” ගොඩක් රෑ වෙනවද “

” නෑ හතරට ඉවරයි. හෙට ඉස්කෝලේ පන්ති නේද මයෙ හාමු මහත්තයට”

” ඔව් නෙ හෙට පන්ති තමයි. ගේට්ටුව ළග ඉන්න මන් ගන්න එන්නම් “

මන් ආයේ බැලුවේ පැටියා කන දිහා. බණ්ඩක්කයක් නිකන් කාලා පපඩම උඩට බත් දාලා ඒක කනවා. තාම මාළු කෑල්ලයි බිත්තරෙයි ඉතිරි.

” නුරාද කෝ පැටියෝ සප්පත්තු දෙක චූටි අප්පච්චිට ගෙනල්ලා දෙන්න “

” තුති අප්පත්ති ඒත මන් හොදා ගේන්නත ඈ අලේ “

” නෑ නෑ ඒකත් මන් කරන්නම්කෝ. පැටියා ගිහිල්ලා කතන්දර පොත කියවන්නකෝ ම්…. “

මන් රෙදි මදිනකම් නිලූෂ එයාගෙයි පැටියගෙයි සපත්තු මදිනවා. නුරාදගේ නම් ගොඩක් දවස් වලට තෙත රෙදි කෑල්ලක් අරන් සපත්තු දෙකම පිරිසිදු කරලා තමයි පොලිෂ් ගාන්නේ.

” මන් ගිහිල්ලා එන්නම් මයෙ හාමු. වස්තු චූටි අප්පච්චි යන්නම්. අප්පච්චිට කරදර කරන්නැතුව ඉන්න ඕනී මයෙ රන් කද “

” පරිස්සමින් යන්න මයෙ නිලූෂ. හවසට ගන්න එන්නම්.  “

නිලූෂ අපෙ හිස් මුදුන් වලටත් හාදු දීගෙන එහෙම කියලා කලබලෙන් යන්න යද්දි මන් ගියේ ලෑස්ති වෙන්න.

ඉක්මනට කොන්ඩෙත් පීරපු මන් පිටිපස්සට කරලා යටින් කළු හීනි බූල අරන් පොනියක් දැම්මා. ඉස්සරහින් නම් කොන්ඩේ කෑළි හිටන් පනිනවා. ඒවුනාට තාම කොන්ඩේ කපන්න හිතෙන්නෑ.

” අප්පත්ති හත්තකත්ත ගාලා දෙන්තකු “

” කොරල් එක මොකෝ මේ මෙහෙම. හොදට නවා ගන්න ඕනී….. “

එයාගේ කොරල් එකත් නවලා ලේන්සුව අරන් හැට්ට කට්ට ගැහැව්වා. කොල්ලගේ ටිකක් පුයර වැඩි වෙලා වගේ. ඒකත් මන් එයාගේ ලේන්සුවෙන් පිහදාලා කුස්සියේ පැත්තට ගියේ බත් පෙට්ටි දෙක ගන්න.

” ආ සර් මන් එන්න කිව්වේ මේ නුරාද ගැන කතා කරන්න තමයි. නුරාද ගොඩක් හොදට ඉගෙන ගන්න දේවල් නම් කරනවා සර්. ඒත් දරුවා ඉස්සර හිටියා වගේ නම් නෙවෙයි සර් “

” ඒ කිව්වේ “

නුරාද රාහුල් එක්ක එළියට යවලා මන් ගියේ ටීචව හම්බෙන්න.

” ඉස්සර නම් නුරාද ගොඩක් අහිංසකයි. ඒත් මේ මාස දෙක තුනේම කොල්ලා සෑහෙන්න වෙනස් වෙලා. පොඩ්ඩක් දගයි එයා දැන්. මන් අවවාද කලා. ඒත් ඊළග පැය ඉවර වෙද්දී නුරාදට ඒක අමතකයි. ඊයෙත් ළමයෙක්ගෙ අතේ ලේ පනින්න හපලා තිබ්බා සර්. තැන් දෙකක හොදටම හපලා. මන් එද්දිත් නුරාද හිටියෙ අර ළමයගේ අත හපාගෙන. මේකයි සර් නුරාදට පොඩ්ඩක් සර් හොදින් කියලා බලන්නකෝ. පොඩි ළමයි වුණාම ගහ ගන්නවා බැන ගන්නවා තමයි. ඒවුනාට නුරාද කරන්නේ හපන එකයි හූරන එකයි. “

” ටීච පොඩ්ඩක් සැර කරලා පොඩි ගුටියක් වත් දෙන්නැද්ද “

මන් එහෙම කියද්දී නම් ටිචට හයියෙන් හිනාවක් ගියා.

” මන් පොඩ්ඩක් සැර කරන්න හදද්දිම කොල්ලා මයෙ ඇගේ එල්ලිලා බදා ගෙන හයියෙන් අඩනවා සර් . සැර කරන්න එපාලු ගහන්න එපාලු එයාට ගොඩක් දුක හිතෙනවලු පැටියා ගොඩක් ආදරේ ටිචටලු. ඉතින් අඩ අඩ එහෙම කියද්දි මන් කොහොමද ගහන්නේ.  පන්තියෙන්ම චූටිම ළමයා වුණාට හරි දගයෙක්නෙ දැන්. පොඩි ටීච නම් මන් තරම් වත් නුරාදට මොකුත් කියන්නෑ “

” මන් දරුවට අවවාද කරන්නම් ටීච. ඒවුනාට ටිචත් සැර කරන්න.  නුරාදගේ හුරතලේ එන්න එන්න වැඩි වෙනවා නැත්තම් “

අනේ මන්දා අපෙ කොල්ලා කරන වැඩ. බලද්දී රාහුල් නෙවෙයි දග. මන් හිතුවේ දෙයියනේ මගෙ දරුවා වෙන්නැති පන්තියෙන්ම පාඩුවේ ඉන්න දරුවා කියලා.

” නුරාද මෙහෙ එන්නකෝ… “

” අයි අප්පත්ති ඔලා දන්මම යනෝත”

ඔන්චිල්ලාවෙන් බැස්ස නුරාද රාහුල් එක්කම ආවේ මගෙ ළගට.

” ඔව් පැටියෝ අප්පච්චි දැන් යන්න ඕනී. දොළහට එන්නම්කෝ පැටියා ගන්න මන්.  මේ ආයේ එහෙම යාළුවන්ට හපන්න හූරන්න යන්න එපා හාද. පව් නෙ පුතේ ඒ ළමයි “

” ආ…… එතෝත මන් පඋ නද්ද අප්පත්ති. එලාලනේ අපිත කාද කලන්තේ “

” එතෝට ටීචට කියන්න . ටීච බලා ගනියි ඒ ළමයි ගැන”

මන් නුරාදගේ උරහිසේ අත් දෙකත් තියා ගෙන එහෙම කිව්වත් කොල්ලා රාහුල් දිහා බලලා මන් දිහා බැලුවේ ඇසුත් හීනි කරන්

” මන් බාන්තම්කු “

” බලන්නම් නෙවෙයි එහෙම කරන්න. නැත්තම් ඒ ළමයිගෙ දෙමව්පියෝ අපෙ ගෙදරට ඇවිල්ලා අපිට බනියි දරුවා හරියට හදා ගන්න කියලා “

” තූති අප්පත්තිත කීනවා මන් එලාලත ගුති දෙතත් දීලා එලෝලා දාන්ත කීලා. ඒම කෝමත එලාලා අපිත සා කලන්තේ හුම්….. “

නුරාද මටත් ගස්සලා රාහුල්ගේ අතිනුත් ඇදන් ගිහිල්ලා ඔන්චිල්ලාවේ ඉද ගත්තෙ මයෙ දිහත් බලලා.

මේ දරුවට කියන්න හේතු නම් දාහක් වුණත් කටට එයි. මට පරක්කුත් වෙන හින්දා දෙන්නටම යන්නම් කියලා ආවේ වාහනේට . මන් හිතන්නේ චූටි අප්පච්චිගෙ හුරතලේ හින්දමයි නුරාද ඔහොම හැසිරෙන්නේ. ඉන්නකෝ ආයේ
එයාටම පෙර පාසලට යන්න කියනවා.

” ළමයි ඔයාලගේ උත්තර ටිකක් මට තව බලන්න ඉතිරි. තේරෙන්නේ නැති පාඩමක්‌ තියෙනවා නම් කියන්න දැන් “

පාඩම ඉවර කරපු මන් තව අඩ හෝරාවක්ම තියෙන නිසා අත් දෙකත් බැදගෙන මේසෙට හේත්තියක් දා ගත්තෙ පිටිපස්ස පේළියෙ ළමයිටත් බැල්මක් දාලා. අපෙ පන්තියෙ ළමයි වගේ නෙවෙයි මේ ළමයි මහා අන්ඩපාල සෙට් එකක්.

” සර් දැන් මහන්සි. විනාඩි දහයක් ඉමුකො ඩිංගක්. කියා දීපුවා තාම මොළේට යනින් ගමන් තියෙන්නේ “

” මගෙත් එහෙමයි සර් “

හිතුවා වගේම පිටිපස්සේ උන් ටික කුණු කුණු ගාන්න ගත්තා වෙද්දී මන් හෙමින් හෙමින් අඩිය තියෙලා ගියේ ඒ පෝලිම ළගට. 

” අම්මෝ සර් අද නම් සර් නළුවෙක් වගේනේ. හවසට ගෑල් ළමයෙක් වත් බලන්න යනවද “

” කොහොමද දැන ගත්තෙ “

” අපිට පේන කියන්න පුළුවන්නෙ “

” හොද අනාගතයක් තියෙයි එහෙනම්. මයෙ කේන්දරෙත් අරගෙනම එන්නම්කෝ මන් පුතාලගේ ගෙදර “

උගෙ ටිකක් වැවුණු කොන්ඩෙත් එක මිටට අරන් ඔලුව හොලවලා ගියේ ඉස්සරහට අද කරපු පාඩමෙන් ළමයින් ගෙන් ප්‍රශ්න අහන්න.

             💥💥💥💥💥💥💥

” අම්බෝ බන් මයෙ කොදු නාරටියට මොකක්දෝ වෙලා නිලුවෝ “

” මගෙත් එහෙම තමයි බන්. උබේ විතරක් නෙවෙයි “

හතට පටන් ගත්ත යෝගා සටන් කලාව එක දිගටම පැය දෙක තුනක්ම කරලා දහයට තේ බොන්න කියලා පොඩි විවේකයක් දුන්නා .  ආයේ එකොළහේ ඉදන් එක වෙනකම් එක දිගටම කරලා ආයේ දෙකට පටන් ගෙන හතරට ඉවර කරනවා. අම්මේ යනින් ගමන් මහා නාරයන තෛලයක් ගන්න ඕනී හාමුට කියලා ඇග පොඩ්ඩක් තෙල් ගාලා අත ගාන්න කියලා.  තට්ටම් පාවා ඇදුන් දෙනවා මයෙ.

” ආ උබලත් ගනින්. අපෙ අම්මා පැටිස් ටිකක් දුන්නා බන් “

විහාගේ අම්මා කෑම කඩයක් කරනවා. ගොඩක් වෙලාවට ඒ නැන්දා අපි පස් දෙනාටම තේ බොන්න කියලා මොනා හරි කෑමක් එවනවා ඉතින් විහාගේ අතේ .

” ගයාන් සර්ට තාම හොද නැද්ද බන් “

” නෑ බන් ඒ විදිහමයි . හැබැයි තුවාල නම් වේලිලා ඩිංගක් විතර “

එහෙම කියපු මන් තේ උගුරක්‌ බිලා කඩා ගත්තෙ පැටිස් කෑල්ලක්. සමහර අය කෝමා වලින් මිදෙන්න අවුරුදු ගානක් යනවා .

” මේ උබේ අර කවුද ජිප් එකෙන් එන්නෙ. මන් කලින් ඌව දැකලා නෑ නෙ “

” අනේ බන් තොට ඔච්චරටම තේරෙන්නැද්ද ඒ දමියගේ අනාගත සැමියා කියලා “

” කෑ ගහන්න එපා ඕයී. තමුසෙලගෙ වළං කටවල් හින්දා අනිත් උන්ටත් ඇහෙයි. තෝටත් ඕන්නැති හුචක්කුවක් නෑ නෙ ඉතින් “

” අප්පේ පොඩි එකා දැන්ම හොයා ගත්තද කොල්ලෙක්. ඒකත් කමක් නෑ උබට කොහොමත් කෙල්ලෝ සෙට් වෙන්නෑ “

” කොහෙද ඕයී පොඩි. මේ අවුරුද්දටම මට විස්සයි. අනික මොකක්ද අර තමුසේ කිව්ව‍ කතාව. තෝ ඔය එන්න හදන්නේ මන් කෙල්ලෙක් වගේ කියලා කියන්නද ආ…… “

” අපෝ පිස්සුද තමුසේ එහෙම ගෑවෙන්නෙවත් නෑ “

තව පොඩ්ඩෙන් අරූට කන්න වෙනවා දමියගේ සපත්තුවෙන්ම හොද වයින් දෙකක් .

” ආන් දොරෙන් පුංචි ඔලුවක්‌ ඇවිල්ලා “

හතරහාමාරටත් කිට්ටු වෙද්දී මන් යන්න කියලා ලෑස්ති කර ගත්තේ මගෙ නයි මල්ල.  ඒත් විහාගෙ කතාවත් එක්කලා මට හයියෙන් හිනාවක් පැන්නේ දොරෙන් ඔලුව පොඩ්ඩක් දාලා මාව හොය හොයා ඉන්න පැටියව දකිද්දී.  ඇතුළේ කට්ටිය හින්දා කොල්ලට ලැජ්ජා හිතිලා ඔලුව විතරක් දාගෙන මාව හෝ ගාලා හොයනවා ඇස් කරක කරක .

” ආ….. තූති අප්පත්ති එනතම් මන් ගුදක් වෙලා බලාන් හිතියා අප්පා…. “

නුරාදත් තාම මොට්ටසෝරි ඇදුම් පිටින්මයි. ලේන්සුව නම් ඇත්තෙත් නෑ. චූටි කලිසමටත් උඩින් යට කරපු කමිසෙත් පැනලා.

” යන්තම් යාලු ලා….. තතා…. “

කොල්ලා ගේට්ටුව ළගට එද්දි මුරට ඉන්න කට්ටියටත් ටටා කියාගෙන ආයේ මයෙ අතේ එල්ලිලා උඩත් පැන පැන ආවේ වාහනේ ළගට. මයෙ හාමු මහත්තයාට තද මෙරුම් පාට අත් දිග කමිස හරි ලස්සනයි. ඇරපු බොත්තම් ටිකෙන් මන් එයාට දීපු මාලෙත් එළියට පැනලා. පව් මහන්සියටම නින්ද ගිහිල්ලා වාහනේටම ඔලුවත් තියන්.

” කඩෙන් මොනා හරි අරන් යන්ද හාමු “

” හොද අදහසක්‌නෙ මයෙ චූටි අප්පච්චිත් කිව්වේ “

” තීස් කොත්තු ගමුත ඈ තූති අප්පත්ති “

වාහනෙත් කඩයක් ළගින් නවත්තපු හාමුටත් මන් ඉන්න කියලා පැටියවත් වඩා ගෙන ගියේ කඩේ ඇතුළට. වැව් මාළුයි කිරි කොසුයි කන්කුන් මැල්ලුමයි  තියෙන එළවලු බත් දෙකයි උණු උණු වෙම කන්න චීස් කොත්තුවකුයි. පැටියට දැන් බොන්න කිරි පැකට් එකකුයි ගත්ත මන් විජහට ආවේ වාහනේට වැස්ස එන්න කලින් .

හාමුයි පැටියයි ඇග හෝද ගන්නකම් මන් ලිප පත්තු කරා උණු වතුර ටිකක් බොන්න. හවස් වුණාම ඇල් වතුර සීතළ නිසා උණු කරලමයි වතුර බොන්නේ. පොල් කටුත් ඉවරයි. හනසු තමයි ලිප් බොක්කට දාන්න වෙන්නේ.

” ආ……….  බුදු අම්මෝ… උබ මේකෙ අස්සේ මොකද කරන්නේ .   කොයි වේලාවෙ හරි මයෙ පපුව හිරවෙනවා දැන් “

” මොකද නිලූෂ බෙරිහන් දුන්නේ “

හප්පේ මයෙ හාමු බාල්දියත් අරගෙනම තෙත බේරී බේරී කුස්සියේ දොරකඩ.  ඒකත් යට කලිසම පිටින්ම .

” මෙහෙම මේකා මුල්ලක ගුලි ගැහිලා ඉද්දි කවුද හාමු බය වෙන්නැත්තේ. මගෙ කන්නාඩි කුට්ටමත් නෑ. මුගේ ඇස් දෙක දකිද්දී බය හිතෙනවනෙ “

ඇත්තනේ ඉතින් ලිප මුල්ලක මෙච්චර වෙලා ගුලි ගැහිලා නිදා ගෙන හිටපු පූසා නැගිටලා මයෙ දිහා එක පාරටම බලද්දී මට පෙනුනේ කොළ පාටට දිලිසෙන ඇස් දෙකක් විතරයි. කළුවර නිසා උගෙ පාටවත් පේන්නෑ.  කන්නාඩිත් නැති මන් ඉස්සල්ලාම කොළ පාට ඇස් දෙකක්‌ දකිද්දී හිතන්නත් කලින් කෑ ගැස්සිලා ඉවරයි. පස්සෙයි මතක් වුණේ කළු පාට බළල් තඩියව. මයෙ හාමුගෙ සුදු මහත්තයා. ඒවුනාට සුදු ගෑවිලාවත් නෑ.

” සා…….. සෝයි තූති අප්පත්ති ම් සසා..යි “

පැටියට බතුත් හොදට කවලා කොත්තු මුල දිග ඇරලා දෙද්දී පැටියට කෑ ගැස්සුනා.  එයා කොත්තු එක හිමීට හිමීට කනකම් හාමුයි මායි බත් ටික කන්න ගත්තෙ හාමු මට කොත්තු හැන්දකුත් බත් මුලට දාද්දි.

” කන්කුන් එක රසයි නේද තක්කාලිත් දාලා තෙල් දාලා තියෙන්නේ “

” රසයි තමයි ඒක නම් අපිත් හදමු හාමු “

” ඒක තමයි. බලමුකෝ කොහෙන් හරි කන්කුන් ටිකක් හොයා ගන්න . අර පැත්තේ පිට්ටනියෙත් ඇති සමහර විට “

             💥💥💥💥💥💥💥

වලව්ව නම් දැන් කලින් වගේ නෙවෙයි. මුස්පේන්තු ගතියත් නෑ. පාලුත් නෑ. ඉදලා හිටලා එන ගද දැන් එන්නෙත් නෑ. ඒ නිසා හොදයි.

” කෝ සෝමේ කට්ටිය ආවද “

” ඔව් ලොකු හාමු ඕන් තුන් දෙනාම ආවා “

වත්තේ පොල් ගස් පහළවක විතර පොල් කඩන්න තියෙනවා. වේලිලා යන්න කලින් කඩලා විකුණුවා නම් කීයක් හරි හම්බෙනවා. කට්ටියට කියලා පොල් ටිකකුත් කඩවලා මන් ගියේ ඔන්චිල්ලාවේ පොඩ්ඩක් ඈදී ගෙන ඉන්න.

” ලොකු හාමු බෙලිමල් ටිකක් තම්බන්නද කහට වක් කරන්නද “

” වැඩ කරන අයට කන්න මොනාද බන් හැදුවේ “

” එළවලු රොටී ටිකක් හැදුවේ ලොකු හාමු “

” එහෙනම් තේ ඩිංගක් වක් කරහන් කමනියෝ “

එහෙම කියලා කමනි යන්න යද්දි මන් ඔහේ කඩුල්ල දිහා බලන් හිටියෙ ඒත් එක්කම අතීතේ මතක් වෙද්දී. පොඩියි චූටියි දෙන්නා එකට රණ්ඩු වෙවී මේ මිදුලේ කොච්චර නම් සෙල්ලම් කරලා ඇත්ද.  පොඩී  අයියා එක්ක ගියා ගියාමයි ඒකා ආයේ කොහේ ඉන්නවද දන්නේ කව්දා. චූටි එකා එන්න එන්නම ලොකු වෙද්දී පොඩී උබත් උබේ මල්ලි වගේම මහ වෙන්නැති නේද. උබ මේ පොඩි අප්පච්චිව බලන්න එන්නැද්ද බන්. පොඩි උබ අප්පු අස්සේ ඉද්දි මට නිකමටවත් හිතුන්නෑ අප්පු උබව අරන් යයි කියලා අපෙන් ඈතකට . ඒත් එයා උබව අරගෙනම ගියා නේද . උබටත් පොඩී      අප්පුවා නැතුවම බෑ නෙ. මැණිකෙටත් වැඩි පුරම කේන්ති ගියේ ඒකයි.

” සීයේ…… ම්  ඇයි මේ ක දුළු “

” පුතා උබ මොකද මේ…… “

මෙච්චර වෙලා බොද වෙච්ච ඇස් වලින් බිම බලාගෙන ඔහේ කල්පනා කර කර හිටියත් හුරු පුරුදු සුවදත් එක්කම කටහඩක්‌ ආවත් හරි ඔලුව ඉබේම ඉස්සුනේ මට කදුළු පිහ දාන්නවත් අමතක වෙද්දී.  ලොකු පුතාගේ පොඩි එකා ලොකු බෑග් දෙකක්ම දෙපැත්තෙන් තියා ගෙන කරේ දාන් හිටපු තවත් තඩි බෑග් එකක් ඔන්චිලලාවේ තියෙලා එහෙන්ම වාඩි වෙලා ඒ ඔලුව තියා ගත්තෙ මයෙ ඔක්කේ.  මයෙ අත් ඒ ඉත්තෑ කූරු ඝණ කොන්ඩේ දීගෙ එහාට්ට මෙහාට්ට ගියේ මයෙ හිතට හීනි සතුටකුත් එද්දි

” පන්ති වලත් නිවාඩු දුන්නා සීයේ. ජූලි ලොකු විභාගේ පටන් ගන්නවනේ. මන් විභාගේ චූටි බාප්පිගෙ ඉස්කෝලෙන් ලියනවා සීයේ “

” ඒ මොකෑ බන් ඒ “

” මට මෙහෙ ඉදලා නිදහසේ පාඩම් කරන්න පුළුවන් නෙ සීයේ. මන් අයදුම් පත්‍රත් දැම්මේ මෙහෙ ඉස්කෝලෙට ලොකු සරුත් අත්සන් කරලා දුන්නා මට. ඒ හින්දා අවුලක් නෑ. මන් ලොකු සර්ගෙනුත් ලිවුමක් අරන් ආවේ සීයේ . කොළඹ ඉන්නවට වඩා මෙහෙ ඉන්න එක හොදයි “

ඔව් ඒ මහ ගෙදර ඉන්නවට වඩා මේ වලව්ව කොල්ලට හොදයි තමයි.

” උබ මාත් එක්ක අමනාප නැද්ද පුතේ “

” මොනාද කියන්නේ සීයේ. ඔයා එදා ගැහැව්වේ අවේගෙට කියලා දන්නවා මන්. අනික ඔයත් ඉන්නෙ මෙහෙ තනියමනෙ “

කොල්ලට ටිකක් ලොකු හොද කාමරයක් මන් කමනිට කියලා ලෑස්ති කර ගත්තා. පාඩම් කරද්දී හොද වට පිටාවකුත් තියෙන්න එපැයි.  ඒකා ආවත් හරි මයෙ හිතට පුදුම සැනසීමක් දැනෙන්නෙ. ඉස්සර වගේ කේන්ති යනවත් අඩුයි මට. හිතට දැන් දැනෙන්නෙ පුදුමාකාර සැනසීමක් නිදහසක් දැන් .

  

                💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලූලා 🤗

බුදුසරණයි හැමෝටම 🙏

අදහස් වලට ගොඩාරියක් ඉස්තුතියි 🙏💗💗💗💗 වෝට් වලටත් ගොඩාරියක් ඉස්තුතියි යාලූලා හැමෝටම 🙏💗💗💗💗💗💗💗💗💗

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටඅටවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටඅටවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටඅටවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටඅටවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටඅටවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටඅටවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 69