À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑපස්වැනි කොටහා

A+ A-

” අලේ අප්පත්ති බාන්නකු පතියදේ කාසම ඉලුනා කීලා අලයා à·„à·– කීනෝනේ. එලාත දන්ම දෝ අලින්ත කියන්ත අප්පත්ති…. “

” හරි මා පුතා ඔය පොල්ල ඉස්සල්ලම අප්පච්චිට දෙන්නකෝ රන් කද. ගින්දර එක්ක සෙල්ලම් කරන්න හොද නෑ පැටියෝ. කෝ දෙන්න ඕක මෙහාට්ට වස්තු සුදා මයේ. අප්පච්චිගේ රත්තරන් නේ…. “

” නා නා අප්පත්ති. මන් අලයදේ ඔඋව පුත්තලාම තමා මේත ඔලාත දෙන්නේ. දන් තද්ද කලන්තතුව ඉන්තකු ඕම. කෝ වලාවේ හලි දොල අලන් එයි නේ හිපාතුවා. දෙන්තම් මන් ඔඋව පුපුලන්ත හුද පාලත් “

කමනි නැන්දට හොරෙන් අපේකා ගිනි පොල්ලකුත් උස්සන් ඉන්නවා දෙනුවන් ගේ කාමරේ ඉස්සරහා කිසිම සද්දයක් බද්දයක් නැතුව. ඒකත් මන් කාමරේ පැත්තට යද්දි දැක්කේ. මේකා මේ ගිනි පොල්ලෙන් අත පුච්ච ගත්තොත් නම් මාර වින්හැයියක් තමයි වෙන්නේ. මේ වේලාවෙ හැටියට සැර දාලා බය කරන්නත් බෑ. කොල්ලගේ කලිසම කිව්වත් වගේ ඇත්තටම ඉරිලා එයාගේ චූටි පැටියත් පේන තරම. කොහොම එතැන ඉරුනද දන්නෑ.

” හරි හරි දැන් අයියා අර ජනේලෙන් පැනලා පැටියගේ ආස්කීම් එක කාලා දායි ඔන්න. ශීත බබා අස්සේ ඕන් සීයා දවල් ගෙනාව ආසකීම් පෙට්ටියක් තියෙනවා. ඕක අප්පච්චිට දීලා කෝ ඉක්මනින් කන්න යන්න දැන් අයියා ඒක ගන්න කලින්ම “

කොල්ලගේ මූණට ඉබේටම ආවේ හිනාවක් වෙද්දී පොල්ල මයෙ අතට දීලා දිව්වේ කුස්සියේ පැත්තට.

” ඒයි ඔහොම කනවද පෙරේත පැටියෙක් වගේ. ඉන්න අප්පච්චි කොප්පෙකට දාලා දෙන්න “

” ආපු තෝප්ප අපා අප්පත්ති. එලා පුදීනේ පතියත ආ…..අප්පත්ති “

අයිස්ක්‍රීම් පෙට්ටියට තඩි හැන්දකුත් දාන් යන්න හදද්දී මන් ඒක අරන් ටිකක් ලොකු කෝප්පයක් පිරෙන්න පුරවලා දුන්නේ අයිස්ක්‍රීම් කෝප්පේ.

හෙට නුරාදගේ පෙර පාසලේ අපිට කෑම වේල නිසා ඉස්කෝලේ ඇරපු හැටියේ බඩු ටිකකුත් අරන් ආවේ මහ වලව්වට. පොඩි ළමයි විසිපස් දෙනයි ටීචලා දෙන්නයි. කිරට මාළුයි අල බැදුමයි තිත් බටු මැල්ලුමයි පරිප්පු තෙල් දාලයි කහ බතුයි පපඩමුයි. අතුරුපසට ගස්ලබු.

අප්පච්චි ළිද ළග තිබ්බ කෙසෙල් පදුරු ටිකක් අයින් කරලා වගේ. අව්ව හොදට එනවා දැන් නාන තැනට. ඒකත් හොදයි. සීතළ නෑ නේ. මන් ළිදෙන්ම නාලා සරමත් ඇදගෙන කොන්ඩේ වේලෙන්නත් එක්කලා පොඩ්ඩක් ඇවිදින්න කියලා ගියේ උයනේ පැත්තට.

දැන් වෙනදට වඩා පොකුණු දෙකම සුද්ද කරලා හරි පිරිසිදුයි. පොකුණු පුරාවටම සුදු ඕලු දාලා තියෙන නිසා හරිම එළියයි. හැබැයි තාම ඉදන් ඉන්න හදලා තියෙන බංකු වල නම් කිසිම වෙනසක් නෑ.

” පුතා… උබ මොකද ඔහේ තනිපංගල
මේ කරන්නේ “

” දැන්ද අප්පච්චි වැඩ ඉවර වුණේ. මන් මේ පොඩ්ඩක් වේලෙන්න කියලා ආවා “

අප්පච්චිගේ තේ වත්තේ කෑල්ලකට පුංචි සත්තු වගයක් බෝවෙලාලු. ඒකට බෙහෙතක්‌ හදන්න කපුරු කොළ හොයන්න උයනට ඇවිල්ලා තියෙන්නේ. උන් බෝවෙන්න කලින්ම ඉහින්න ඕනී. නැත්තම් කොළ ඔක්කොමගෙම යන්න පුළුවන්.

” අප්පච්චි අයියා එහෙම ලිවුමක් එව්වද “

” නෑ බන්. කාලෙකින් එව්වේ නෑ. දෙනුවන් පුතා එක්කලා නම් ඊයේ ලිවුමක් ඇරියා. ඕක ඉතින් හම්බෙන්න තව සති දෙක තුනක් වත් යයි නේ “

ඔව් ඉතින් පිටරටකට ලිවුමක් යවනවා නම් පරක්කු වෙනවා තමයි ඒවා ලැබෙන්න.

” අයි අප්පත්ති මේ… සතු වෙලා ගුදක් “

” පලු දාලා තියෙන්නේ පැටියෝ. යම්කෝ පොල් තෙල් පොඩ්ඩක් ගාන්න එතකොට හරි යයි “

මන් කොල්ලවත් බංකුවෙ වාඩි කරවලා ඒ චූටි කකුලේ පොල් තෙල් පොඩ්ඩක් ගාලා ඇතුල්ලුවා පලුව බා වෙනකම් පොඩ්ඩක්. කමනි නැද්ද වංගෙඩියේ හාල් දාලා පිටි කොටනවා නිර්මාලුත් එක්ක.

” ඈ නැන්දේ දැන් නිර්මාල්ට කොහොමද.. අනිත් උන් නිර්මාල් එක්ක ලා රණ්ඩුවට එන් නැද්ද “

” අනේ දැන් නෑ බේබී. ගුණද්දුපාලගේ පුතා මෙහෙ නෙවෙයි ඉන්නේ. රස්සාවක් කරන්ට ඒකා කොළඹට ගියා නොවෑ “

” ඒක හොදයි. නිර්මාල්ට එහෙනම් හිල්ලාවේ පාඩුවේ ඉදත හැකියි “

මන් නුරාදවත් ලූණු කරේ තියාන් ආවේ මිදුලට මයෙ නිලූෂ එනවද කියලා බලන්න. දැන් නම් හයත් පහු වී ගෙන එන්නෙ. සුදු මහත්තයත් ඉන්නවා ඉතින් මන් වටේ කැරකි කැරකි.

” අප්පත්ති හෙත තූති අප්පත්තියි අප්පත්තියි එනෝනේ මොත්තතෝලි ඈ අලේ “

” ඔව් ඇයියේ දැන් මයෙ රන්කද එහෙම ඇහැව්වේ ම් “

පැටියගේ මයෙ කරේ එල්ලිලා මූණ උරපත්ත අස්සේ ගහන් එහෙම ඇහැව්වේ මයෙ පපුවේ රෝමත් අල්ල අල්ල. වෙලාවකට පැටියා ඒවා එක පාරටම අදින්නේ හික් ගෑවිලා යන්නම. ඊට පස්සේ අත් දෙකින් කටත් වහන් හිනා වෙනවා.

” අල කවිත එත්ත බා අප්පත්ති. අතද් මදේ මාඋ කාල්ල උත්තන්ත හදුවා අලේ. හුත වෙලාත සාහුල් මදේ බත් එත එලා ලදත අදලා දත්තේ. තුත්තක් ඔලත් සා දාලා බාන්නකු අප්පත්ති නුලාදත කාද කලන්ත අපා කීලා “

” හරි අප්පච්චි පොඩ්ඩක් සැර කරන්නම් කෝ පැටියට කරදර කරන්න එපා කියලා “

පොඩ්ඩක් කවිතට කතා කරලා බලන්න ඕනී. නැත්තම් මගෙ දරුවට පුදුම වදයක්නේ දෙන්නේ.

මන් බලාගෙන හිටියේ මයෙ කොල්ලා එයාගේ සුදු පාට සැහැල්ලු කමිසේ බොත්තම් දාන දිහා. මන් එයාට දාපු මුද්ද ලයිට් එක වැටිලා දිලිසෙනවා. අම්මේ මයෙ පැටියගේ චූටි අප්පච්චිගේ හැඩ බලන්න එපැයි.

” හාමු හෙට මන් උදේ වැඩට ගිහිල්ලම එකොළහ වෙද්දී එන්නම් දරුවගේ පෙර පාසල ළගට “

” ඇයි උදේන්ම යනවද හෙටත් “

” අට වෙද්දී අපිට යන්න තියෙනවා හාමු රැස්සීමකට ඒකයි. පොලීසියේ ලොකු මහත්තුරු ටිකක් එනවැයි කියලා කිව්වේ “

නුරාද අයියා එක්ක කොච්චර මරා ගත්තා වුණත් එයාගේ මේසෙට පැටියා උස පුටුවකුත් තියා ගෙන පාට කරනවා. දෙනුවන් එයාගේ පාඩුවේ මේසේ ඉදන් පාඩම් කරන නිසා මන් ආයේ කාමරේ ඇතුළට යන් නැතුව ඉස්සරහා ඉස්තෝප්පුව ළගට ගිහිල්ලා වේ වැල් පුටුවේ ඉද ගත්තා. සේපාලිකා ගහ මෙතෙන්ට පේන්න නැතු වුණත් සුවද එනවා මයෙ ළගටම.

” හාමු බඩගිනි වගේ. අප්පච්චි දැන්ම කන් නැති වෙයිද දන්නෑ නේද “

” ඉන්නකෝ මන් කමනි නැන්දට කියන්නම් ඉක්මනින් කෑම මේසෙට අරින්න කියලා. කීයට කාපු පාරද මයෙ නිලූෂ “

අප්පච්චි නම් පේන්න නෑ ඉස්සරහ කෑම කාමරේ නම්. මන් කමනි නැන්දට කිව්වා කලින්ම වුණාට කමක් නෑ කෑම ටික මේසෙට අරින්න කියලා. කිරි එක බිව්වා කියලා බඩක් පිරෙනවා ඈ.

” පොඩ්ඩක් ඉන්න ආ මේක දා ගන්න “

” කටවල් දෙකක් කෑවොත් ඇති හාමු. ලස්සනට තියෙන ඇගත් මහ වුනොත් “

” ආයේ එහෙම වෙන්නෑ බත් පිගානක් කෑවා කියලා. මුළු දවසෙම පුටු රත් කර කර ඉන්නවා ඈ “

මයෙ නිලූෂ ඉක්මනින් ලෑස්ති වෙද්දී මන් ඇවිල්ලා බත් ගිල්ලුවේ උන්දැට . හතටත් කිට්ටුයි දැන්. නුරාදවත් ඉක්මනි න් ලෑස්ති කරපු මන් බුදුනුත් වැදලා පැටියගේ වලස් පැංචත් අරන් ගියේ වාහනේ ළගට.

💥💥💥💥💥💥💥💥💥

” බුදුසරණයි දෙන්නම පරිස්සමින් යන්න එහෙනම්. මන් එකොළහ වෙද්දී එන්නම් මයෙ හාමු “

” බායි තූති අප්පත්ති… මොත්තතෝලිය ත එන්ත ඔලා. බායි බායි බා……..යි “

මන් ඇතුළට යනකම්ම ඒ දෙන්නා හිටියෙ බලාගෙන. කමක් නෑ හෙට නිවාඩුනේ. මේකටත් එක්කලා හරියන්නම මන් මයෙ හාමු ළගිනුයි පැටියා ළගිනුයි හිතේ හැටියට ඉන්නවා.

අපි අද කට්ටියම නිළ ඇදුම දාගෙන ගියේ පොලීසියේ තියෙන විශේෂ රැස්සීමකට. උප පොලිස්පති තුමත් ඇවිල්ලා. අටට කිව්ව‍ රැස්සීම හරියටම අට වෙද්දී පටන් ගත්තා කිව්වත් වගේම. මේ යන විදිහට දහයත් පහු වෙයිද මන්දා. දේශනාව එන්න එන්න දිගට ඇදෙනවා වගේ නේ. කාලෙකින් නිළ ඇදුම දා ගත්තත් හරි මට ටිකක් ඒක හිරයි හිරයි වගේ. කමක් නෑ මේ පැය ටිකේ විතරයිනේ.

” හරි හරි එහෙනම් මන් ගිහිල්ලා එන්නම් “

ටිකක් පරක්කු වුණු නිසාම දමියට කිව්වා ඉක්මනින් මාව ගිහිල්ලා දාන්න කියලා. එකොලයි විස්සයි. මන් යද්දි මයෙ හාමුගේ වාහනෙත් පැත්තක නවත්තලා.

” තු ති අප්පත්ති…….. ‘”

” අහ් දරුවෝ…. කෝ අප්පච්චි පැටියෝ “

මන් පන්තිය ළගට යනකොට ළමයි එක්කලා සෙල්ලම් කර කර හිටපු නුරාද මාව දැක්ක හැටියේ දුවගෙන දුවගෙන ඇවිල්ලා මයෙ කකුලක් බදා ගත්තෙ රාහුලුත් නුරාද ළගට දුවන් එද්දි. හාමු පේන්නවත් නෑ. ළමයි ටික ඔහේ එළියේ. ඇතුළේ නම් මේස පුටු පිළි වෙලකට තියෙනවා

” එලා කෝදෝ ගියා අලේ… එන්තකු ඔලා මාත් එත්ත මදේ තිත්ත බාන්න. සාහුල් එන්ත “

නුරාද කියලා නම ගහපු තැනක බිත්තියේ කාඩ්බෝඩ් කෑල්ලක අලවලා ඒකෙ තිබ්බ චිත්‍ර ගොඩක් මන් එකින් එක බැලුවා. සාමාන්‍යෙන් පැටියාගේ රූප හරි ලස්සනයි. ඉස්කෝලේ යන පොඩි එකෙක්ගේ චිත්‍ර වගේ.

” තීත කුව්වා මදේ තිත්ත ගුදාලියත් ලත්තනයි කීලා…. නේත සාහුල් “

” නිලූෂ….. අර කාමරේ ඇති බත් බාස්කට් එක ගේන්නකෝ. කමනි නැන්දත් ඇති ඕන්. මන් පිගන් ටික තියන්නම්කො “

මයෙ හාමු මහත්තයා පිගන් තියාගෙන තියාගෙන යද්දි මන් ඒවාට බත් බෙදුවා. කමනි නැන්දා පරිප්පු බෙදා ගෙන එද්දි නිර්මාල් පපඩම් දාගෙන ආවා. ටීචලා දෙන්නත් එක්කහු වෙලා තිත් බටු මැල්ලුම දාන් දාන් ගියා.

” මේ කාම වේල සපා දුන් නුලාද යාලුවාදේ අප්පත්තීටත් අයියාටත් ආත්තීටත් තූති අයියාටත් ඉත්තූති වත්ත වේවා. පින් තිද්ද වේවා පින් තිද්ද වේවා පින් තිද්ද වේවා “

පොඩි ළමයි ඔක්කොමලාම නැගිටලා හයියෙන් කෑ ගහලා එහෙම කිව්වත් හරි මට මතක් වුනේම මගෙ අනාථ නිවාසේ. අපිත් එහෙමයි කන්න කලින් බෙදපු හැමෝටම පින් දීලා කන්නේ. මයෙ හාමු මහත්තයයි පැටියයි එක්කලා යන්න ඕනී දවසක ලොකු මිස්වයි මයෙ මල්ලි පැටව් ටිකවයි බලලා යන්න.

” අපා ඕ අති මාමි “

සමහර පොඩි උන් මට මාමි කියනවා. සමහර අය අයියා කියනවා. එක්කෝ උස නිසා වෙන්න ඇති. පොඩි අයට මදි අඩුපාඩුත් බෙදන්න එපැයි ඉතින් . ඇත්තටම අර කවිත කියන ළමය නම් පොඩ්ඩක් පෙරේතයි වගේ තමයි. කාගෙන කාගෙන යනවා සා ගින්නකට අහුවෙලා වගේ.

” අයියේ පොඩ්ඩක් මේ බාස්කට් එක අල්ලන්න එනවද මන් ළමයිට බත් බෙදනකම් “

” ආ පුතා කෝ ඔයා බාස්කට් එක අල්ල ගන්නකම් මන් බත් බෙදන්නම්කෝ. නිලූෂ ගස්ලබු එක කෑලි කපලා ගේන්නකෝ ඉක්මනින් “

මන් බත් බාස්කට් එක ගන්න යද්දි හාමු අරහෙම කිව්වත් හරි මන් ආයේ ගියේ කාමරේට. ගස්ලබු ගෙඩි ටිකේ පොතු රැහැලා තියෙන්නේ. කෑලි කරන්න විතරයි තියෙන්නේ මට දැන්.

” එපා එපා සර්. පිගන් ළමයි ටිකම තමයි හෝදන්නේ. ඒවා අම්මලා තාත්තලාට දෙන්නෑනේ හෝදන්න “

මයෙ හාමු කාලා ඉවර වුණු ළමයින්ගේ පිගන් ගන්න ගියත් ටීච අරහෙම කිව්ව‍ නිසා ආයේ පස්සට වුණා. කාලා ඉවර වෙච්ච ළමයි එකා දෙන්නා නැගිටලා ගියේ සින්කෙක ළගට පිගන් හෝදන්න. හැබැයි හෝදන්න කලින් ළමයි එයාලගේ ලොකු ටිචට හිස් පිගානේ පෙන්නලා තමයි යන්නෙ. ඒක හොදයි නැත්තම් සමහර පොඩි උන් බත් කන්නෑනේ.

” රාහුල්ව එක්ක යන්නම් බන්. උබ ඉතින් හෙට වරෙන් වලව්ව දිහාට . නිවාඩුත් එක්කනේ “

” උබට කරදරයක් නැද්ද බන් “

” පිස්සුද උබට “

මායි හාමු මහත්තයයි ඉස්සරහින් ඉද්දි පැටව් දෙන්නයි නිර්මාලුයි කමනි නැන්දයි හිටියේ පිටිපස්සේ.

💥💥💥💥💥💥💥💥💥

මන් වාහනේ කඩුල්ලෙන් ඇතුළට දැම්මත් හරි දැක්කේ ඉස්සරහ පුටු ටිකක් තියා ගෙන වාඩි වෙලා ඉන්න ලොකු අම්මලා දෙන්නව. පොඩි ලොකු අම්මා නම් හරි හොදයි. ඒවුනාට ලොකු ලොකු අම්මා අපේ අම්මටත් වඩා හපන්.

” කවුද හාමු ඒ…. “

” අපේ අම්මගේ පොඩි අක්කයි ලොකු අක්කයි නිලූෂ. අපි ගියපු වෙලේ වෙන්න ඇති එන්න ඇත්තේ “

කමනි නැන්දයි නිර්මාලුයි කුස්සියේ පැත්තෙන් ගියේ ඉස්සරහ කට්ටිය ඉන්න නිසා. ලොකූ අම්මලා දෙන්නම වාහනෙන් බැස්ස අපි හතර දෙනා දිහාම බලන් ඉද්දි මන් ගියේ එයාල ළගට වැදලා කතා කරන්න.

” අම්මේ අහස් පුතා දැක්ක කල්. කවුද අර පොඩි උන් දෙන්නා එක්ක ඉන්න පර දේසක් කාරයා. උන් වලව් වලට වද්ද ගන්නවත් හොද නෑ පර සුද්දෝ…. “

” සුද්දෙක් නෙවෙයි ලොකු අම්මේ ඒ මයෙ මනුස්සයා “

” මොකා….ක් උබට ඒ කියපු කතාව ඇහුනද නංගියේ ඈ… උබ මට විහුළු කරන්න එනවද පොඩී “

ලොකු ලොකු අම්මගේ ඇසුත් දොඹ ගෙඩි සයිස් වෙද්දී පොඩි ලොකු අම්මා මට අමුතු හිනාවක් දාලා බැලුවේ නිලූෂ ඉන්න පැත්ත.

” මන් මොකටද ලොකු ලොකු අම්මට විහිළු කරන්නේ. ඉන්නකෝ මන් මයෙ මිනිහට අඩ ගහන්න.. සුදු මහත්තයා.. එන්න කෝ රන්කද මයෙ ළගට….”

ඒ ඉතින් මේ මෝඩයා පිටිපස්සට හැරී හැරී වටපිට බලනවා. ඇස් හතරකින් බලන් හිටියත් මූට තේරිලා නෑ නේ මන් මේ මයෙ නිලූෂට කතා කරන්නේ කියලා. මන් ලොකු අම්මලා දෙන්නටත් හිනාවක් දාලා අඩියට දෙකට ගියේ තාම වාහනේ ළග ඉදන් මන් එන දිහා පුදුම වෙලා වගේ බලන් ඉන්න මයෙ මොට්ට පාල ළගට.

” මෙහෙ එනවා ඕයී තමුසෙට මන් කතා කරේ ඉස්සෙල්ලා “

” මන් හිතුවේ පූසට වෙන්න ඇති කියලනේ මයෙ හාමු “

යැයි යැයි තමයි. මාව ලොකු අම්මලා ඉස්සරහම ලැජ්ජා කරා මයෙ ගොන් පැටියා. මන් එයාගේ අතිනුත් ඇදන් ගියේ ලොකු අම්මලා ඉන්න තැනට. ලොකු ලොකු අම්මගේ මූණ නම් බලන් ඉද්දි කොරහක් වගේ වුණා

” උබට ලැජ්ජාවක් නැද්ද පොඩි…. ළමයෙක් ඉන්න අප්පෙක් නේද මෙහෙම කොල්ලෙක් එක්කලා විගඩම් නටන්නේ “

” අප්පේ ඒවුනාට අක්කෙ ආදරෙන් සතුටින් ඉන්නවා නම් අපිට මොකද. උබ දැන් කොහෙන්ද මේකව හොයා ගත්තෙ ඈ පොඩි.. ඇත්තටම සුද්දෙක් වගේ. ඇහැක් පොඩ්ඩක් මොකක් හරි වෙලා නේද. ඇයි ඒ මොකක්ද වෙලා තියෙන්නේ “

” මේ ඒක පොඩි කාලේ ඉදලම තිබ්බ විදිහ පොඩි නැන්දේ. ටිකක් වපරයි “

” උබ මොකද කරන්නේ දැන්. රස්සාවක් කරනවා එහෙමද “

ඊළගට ටිකක් සැර විදිහට ඇහැව්වේ ලොකු ලොකූ අම්මා. අද නම් මයෙ නිලූෂට මේ දෙන්නගෙන් ගැලවෙන්න බැරි වෙයි වගේ. කමක් නෑ හැමදාම නෙවෙයිනේ ඉතින්.

” ඔව් ලොකු නැන්දේ. කැම්පස් යනින් ගමන්ම පොලීසියටත් බැදුනා “

” ඒවුනාට උබ මොකෙක් වුණත් මේ වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමුගේ කරේ එල්ලෙන්න ආවේ මොන විජ්ජුබ්බරේකටද මන් අහන්නේ… හරියට මේ රටේ ළමිස්සියෝ නෑ වගේ. මගෙ අම්මේ අපේ පවුල් වලම කොච්චර හොද ගෑණු දැරිවියෝ ඉන්නව කියලද. හත් මුතු පරම්පරාවටම සිරියාවන්ත ගෑණු දැරිවියෝ තමයි අපේ පවුල් වල ඉන්නෙ. මේකා හින්දා අපේ මූණු වලත් දැලි ගෑවෙනවා “

” ආ එහෙම කොහොමද මයෙ මිනිහා ලැජ්ජාවක් වෙන්නේ ඈ ලොකු ලොකු අම්මේ……. මයෙ මිනිහත් අපේ මුළු පව්ලටම හරි සිරියාවයි තමයි ලොකු ලොකු අම්මේ. රූපෙන් වුණත් අඩුවක් නෑ අඹ මල් රේණුවක තරම්. පොඩ්ඩක් ඇහැක් වපර වුණාට මොකද ලොකු ලොකු අම්මේ බලන්න මයෙ කොල්ලගේ ඇස් දෙකේ ලස්සන. කළු මැණික්‌ ගල් දෙකක් හයි කළා වගේ.. අනික බලන්නකෝ මේ අහළ ගම් හතකවත් මේ වගේ පිරිමි පරානයක් ඉන්නවද කියලා. අඩුම තරමෙ ලොකු අම්මලාගේ පවුලෙ තියා අපේ පරම්පරාවේවත් මන් නම් දැකලා නෑ මෙච්චර පෙනුමක් තියෙන කොල්ලෙක්. රූපෙ වගේම තමයි මේකාගේ ගති ගුණ. අමෙ අම්මේ ඕන් බලන්නකෝ ලොකු ලොකු අම්මේ අපේ පොඩි එකා පවා මුන්දැට කියන්නේ චූටි අප්පච්චි කියලා. පිට මනුස්සයෙක්ට පිට ළමයෙක් කොහොමද කියන්නකෝ චූටි අප්පච්චි කියන්නේ. මගෙ දරුවා එහෙම කියන්නෙම මයෙ මනුස්සයා එච්චරටම දරුවට ආදරේ නිසයි. පිට ගෑණියෙක්ව ආයේ කර ගහ ගත්තා නම් මයෙ දරුවට ආදරෙන් සලකාවිද කියන්නකෝ පොඩි නැන්දේ. ඒකට මයෙ මේ කොල්ලා එච්චරටම මටයි පැටියටයි පණ ඇරලා. මන් හිතන්නේ නෑ කීයටවත් මයෙ මනුස්සයා වගේ ආදරණීය මිනිහෙක් මේ මුළු අහළ ගම් හතකින් වත් හොයා ගන්න පුළුවන් වෙයි කියලා. මන් කොහොමද කියන්නකෝ ලොකු ලොකු අම්මේ පොඩි ලොකු අම්මේ මේ පින් කදව අහක්‌ කරන්නේ. මයෙ සුදු මහත්තය මේ මුළු වීරන්කෙඩුවේ මහ වලව්වටයි පුංචි වලව්වටයි ඔය දෙකටම පුර හදක් ලොකු අම්මේ. පුරුවේ කරපු පින් තමයි මේ මට පහු වෙලා හරි පටිසන් දෙන්නේ. එහෙම හරි කමක් නෑ මෙච්චර වස්තුවක් මට හම්බුනානේ ඉතින්. මයෙ එකෙකුට කියලා ඉන්නෙත් මයෙ මේ මිනිහම තමයි ලොකු ලොකු අම්මේ. කරදරයක් මොකක්‌ හරි නස්බැද්දියක්‌ වුණත් එකෙක් නෑ නේ හොයා ගන්නවත්. ඒකට මයෙ කොල්ලා අම්මේ මයෙ ළගින් හෙලවෙන්නෑ. පැණි ඇඹලයා වගේ මගෙ පස්සෙන්මයි “

මෙච්චර වෙලා ලොකු අම්මලා දෙන්නට මන් මයේ මනුස්සය ගැන ඩිංගක් කතා කරත් හරි මට දැන් තමයි මයෙ මනුස්සයා දිහා බැලුනෙ. මයෙ අම්මේ මේකා අහළ ගම් හතකින් තියා මුළු ලෝකෙන්වත් හොයා ගන්න හිතන්නවත් බැරි කටුස්සෙක්නේ. ලස්සනට දිලිසි දිලිසි තිබ්බ ලා කහ පාට ඒ ඇගම දැන් දන් ගෙඩියක් වගේ රතුත් වෙලා නළල දිගේ දාඩිය දාලා මෙච්චර මේ හුළං එද්දි. කලන්තයක් වත් හැදුනද දන්නෑ ලොකු අම්මලා දෙන්නව දැකලා. අහිංසකකම වැඩි වුනාමත් ප්‍රශ්න ඉතින්. ඉන්නවා නම් ඉන්න ඕනී හරියට මන් වගේ දහ දෙනෙකුටවත් ගහ ගන්න පුළුවන් සයිස් එකේ.

” පොඩි උබේ මනුස්සයාව ඇතුළට එක්කරන් ගිහින් හොද සීතළ වතුර එකක් දෙන්න තියෙන්නේ පුතේ

” ඒක තමයි පොඩි ලොකු අම්මේ මාත් මේ බැලුවේ. උදේ ඉදලා පොලීසියේනේ හිටියෙත්. මෙයා වැඩ කරන්නේ නිකන් එකකත් නෙවෙයිනේ ඉතින්. බුද්ධි අන්ශේ ඉන්නෙ. දන්නවනේ ඒකෙ වැඩ වැඩි ටිකක් මේ දවස් ව්… “

” හා…. මූ “

මට හරියට කතා කරන්නවත් දෙන්නෑ මෙතන මයෙ අතින් කොනිති ගහනවා. ඇග තිබ්බට මොකද පොඩි එකෙක් වගේ. නුරාදවත් ඔහොම කරදර කරන්නෑ මට.

” මන් ගිහිල්ලා එන්නම් ලොකු අම්මේ “

මයෙ කොල්ලගේ සීතළ වෙච්ච අතත් අල්ලන් ආවේ මන් කුස්සියේ පැත්තට. කට්ටිය කොහෙද මන්දා. පොඩි උන් දෙන්නා ගැන වත් බලන්න බැරි වුණා.

” හා……මු හාමු හාමු මගෙ දෙයියනේ තව පොඩ්ඩෙන් මගෙ නහරයක් පිපිරෙනවා. මොනාද ඒ ලොකු අම්මලා ඉස්සරහ කිව්ව‍ දේවල් ආ…. “

” නිලූ… à·‚ මොනාද මේ ඔයා කියවන්නේ. ඔයාට මයෙ හැගීම් තේරෙන්නේ නැද්ද ආ…. ඔය මිනිස්සු උන්ගේ දරුවෝ ගැන මහ ලොකුවටනේ හිතන් ඉන්නේ. ඒකයි මන් මයෙ මනුස්සය ගැන එහෙම කිව්වේ.. මන් ඒ කිව්ව‍ ඒවා බොරුත් නෙවෙයි නිලූෂ. ඉතින් ඇයි ඔයා මෙහෙම ලැජ්ජා වෙන්නේ ආ….. මට පුළුවන්ද කියන්නකො පිට උන් මයෙ එකාට අනන් මනන් කියද්දී ඒවා අහන් ඉන්න. උන්ගේ රෙදි ගැලවෙන්න මන් කියන්නේ. තාම මගෙ හැටි දන්නෑ ලොකු අම්මලා ඔය මාවත් පාගන්න එන්නෙ. ඒවා කොහෙද මේ වලව්වේ පුංචි හාමු ඉන්නකම් “

මැටි කලෙන් කෝප්පේ එකක් පිරෙන්න ම වතුර පුරවලා මන් දුන්නේ මයෙ නිලූෂට. ඇත්තටම මටයි පැටියටයි ඉන්නෙ මෙච්චරයිනේ. මට හරි ආඩම්බරයි මයෙ කොල්ලව දකිද්දී. එයා වතුර එකත් උගුරු දෙකට තුනට බීලා ඉවර කර හැටියෙම ඉදන් ඉන්න එයාව මන් මයෙ ඇගට තද කරලා බදා ගෙන ඒ හිස් මුදුනට හාදු තිබ්බා.

” අප්පත්ති… මොතද මේ තූති අප්පත්ති මිලිතන්තේ ආ “

යට කොටේ පිටින්ම කුස්සියේ පැත්තට ආපු පැටියා එහෙම කියාගෙන මැටි කලේ කරාමෙටම කට තියලා වතුර බොන්න ගත්තා වෙද්දී මන් මයෙ කොල්ලගේ නළලට ආයෙත් හාද්දක් දීලා ආවේ නුරාද ළගට.

” ඔහොම කට තියලා බොනවද ආ.. හැමෝම බොන්නේ ඕකෙන් නේ නුරාද. කෝප්පයක් අරන් වතුර බොන්න “

” ආපු තුත්තයි බුව්වේ අලේ… මන් යනෝ
සාහුල් එත්ත තෙල්ලම් කලන්ත. ඔලා හමදාම පතියත බොලුවත සා දානොනේ “

කොල්ලා කට වටත් පිහ දදා උඩ පැන පැන ගියේ එළියට.

” ආන් සාහුල් වූෆි යනෝ…… “

අපි ඔක්කොමලම ඉස්සරහා ඉදගෙන ඔහේ කතා කර කර ඉද්දි පැටියා ගිගිල්ලා දැම්මේ ටීවී එක. එයාගේ කාටුන් වෙලාව එනකම් තමයි මෙතන කැරකි කැරකි හිටියේ. නිලූෂ නම් ඇගට මහන්සි කියලා ඇදේ පත බෑවුනත් ආයේ ටිකකින් නැගිටලා ඇවිල්ලා ඉද ගත්තෙ හාන්සි පුටුවේ මගෙ එහා පැත්තෙන් .

” ලොකු හාමු තේ එක ලෑස්තියි “

” ගේන්න කමනි මෙහාට්ට. පුතා මේ දෙන්නට අල්ලලා ඉන්න “

අප්පච්චි කැවිලි බන්දේසිය අතේ තියන් හිටපු නිර්මාල්ට පෙන්නුවේ ලොකු අම්මලා දෙන්නව . තාම ලොකු ලොකු අම්මගේ ඇස් යන්නෙ මගෙ කොල්ලා දිහාට. එයාට තාම පුදුම ඇති මන් කොල්ලෙක් එක්කලා ඉන්න එක ගැන

” ඈ මල්ලි එහා පැත්තේ වලව්වට කවද්ද යන්නෙ “

” තාම දිනයක් හරියට කියන්න බෑ පොඩි අක්කෙ. දැන් නම් වැඩ ටික නම් ඔක්කොම ඉවරයි. පොඩීලා ඉක්මනින් පදිංචියට යන්න තමයි හිතන් ඉන්නෙ”

” ඒක හොදයි පිට තැන් වල ඉන්නවට වඩා මෙහෙ ඉන්න එක කොච්චර දෙයක්ද. අයියගෙන් පස්සේ ඉතින් මේ ඔක්කොම බලා කියා ගන්නෙ පොඩීනේ ඉතින් “

පොඩි ලොකු අම්මා එහෙම කියලා මයෙ දිහාටත් බැල්මක් දාලා තේ කෝප්පේ තොල ගෑවා.

” නිලූෂ තව කැවුම් ගෙඩියක් ගන්න දරුවෝ “

” කෑල්ලක් ඇති හාමු “

නිලූෂගේ ඉතිරි භාගේ මන් අරන් එයාගේ ඇගට හේතතියකුත් දාන් මාත් තේ කෝප්පේ තොල ගෑවා.

” බඋහූ බඋ බඌඌඌ ………. “

” ඒයි නුරාද බල්ලෙක් වගේ කෑ ගහන්න එපා දරුවෝ “

” මතත් වූෆි වදේ බව්වෙත් අලන් දෙන්තකු තූති අප්පත්ති…… “

💥💥💥💥💥💥

ගිහින් එන්නම් යාලුලා ❤️😊

අදහස් වලට ගොඩාරියක් ඉස්තුතියි යාලුලා හැමෝටම 🙏❤️වෝට් වලටත් ගොඩාරියක්ම ඉස්තුතියි යාලුලා 🙏❤️❤️

බුදුසරණයි හැමෝටම 🙏

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑපස්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑපස්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑපස්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑපස්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑපස්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑපස්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 76