À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑඅටවැනි කොටහා

A+ A-

” නෑ පුතා එහෙම මහ ලොකුවට ආණ්ඩුවෙන් කරදරයක් වෙන්නෑ. ඔය ගම් සභාපති තුමත් කිව්වේ ඒක එච්චර දෙයක් නෙවෙයි කියලා “

” ඒවුනාට අප්පච්චි ප්‍රවෘත්ති වල දාන්නෙම ඒවා ගැනනෙ. බොරුවට මිනිස්සුත් කුලප්පු වෙනවනෙ ඒකෙන් “

මේ දවස් ටිකේම ටීවී එකේ යන්නෙම කොළඹ උප පොලිස් තුමෙක්ගේ කේස් එකක්.  එයා පිට ගෑණු මනුස්සයෙක් එක්ක ඉන්න වීඩියෝ එකක් මාධ්‍යට කවුරුහරි දාලා. දැන් ඒකට රටේ ගොඩක් මිනිස්සු පොලීසියේ මිනිස්සුන්ට බනිනවා .  එකෙක් වැරදි වැඩක් කරොත් පොලීසියේ ඉන්න සේරමල්ලා අපරාදකාරයෝ කියලද දන්නෑ මුන් හිතන් ඉන්නෙ. මේවට ආණ්ඩුවෙනුත් හවුල්ද කොහෙදෝ. ඇයි ඉතින් ලොකු පුටු වල ඉන්න ලොකු ලොකු ලොක්කන්ට එයාලගේ පාඩුවේ කිසිම කරදරයක් නැතුව වැඩ ටික කර ගන්න පුළුවන්නෙ එතකොට.

” ඕක පොඩී ටික දවසකින් මිනිස්සුන්ට අමතක වෙලා යාවී. අනික උබේ මිනිහා පොලීසියේ නිළ ඇදුම ඇදන් නෙවෙයිනෙ වැඩ කරන්නේ “

” මාධ්‍ය වලත් කරන්නෙම මිනිස්සු අවුස්සන එකනේ. රටේ නීතිය තියෙන නිසා තමයි මිනිස්සු සැනසීමකින් හරි පාරක තොටක වුණත් බැහැලා යන්නෙ. මේ ලංකාවේ පොලීසිය නැති වුණා නම් බලාගන්න තිබ්බා මිනිස්සු සත්තු වගේ හැසිරෙන විදිහ අප්පච්චි “

නිලූෂ නම් ඊයේ රෑ ගියපු පාර තාම නෑ. දැන් උදේ දහයටත් කිට්ටුයි. මායි නුරාදයි මිදුල පොඩ්ඩක් සුද්ද කරලා දොරවලුත් වහලා ආවෙ මහ වලව්වට. දෙනුවන්ගේ විහාගේ අද තමයි ඉවර වෙන්නේ. කොල්ලත් එයි දොළහ වෙද්දිවත්

” ලොකු හාමු කහට කෝප්පයක් ගේන්නද කිරි කෝප්පයක් ගේන්නද. පුංචි හාමු මොනාද බොන්නේ “

“  මට කිරි කහට එකක් කමනි. පොඩී උබ මොනාද බොන්නෙ “

” මටත් කිරි කහට හොදයි නැන්දේ “

රට ඉදි එක්කලා කිරි කහට බොන්න මන් හරි ආසයි. අපේ ගෙදර මන් කහට එකක්‌ එක්කලා කන්න රට ඉදි පෙට්ටි ගෙනාවත් දවසින් දෙකින් ඉවරයි. චූටි අප්පච්චි අරහෙට්ට යද්දිත් එකක්‌ කටේ ඔබා ගන්නවා මෙහාට්ට යද්දිත් කටේ ඔබා ගන්නවා. පැටියට නම් රට ඉදි ගැන ඒ තරම් ලොකු ආසාවක් නෑ. බේර ගන්න අමාරු අයිස්ක්‍රීමුයි කේකුයි මාගරිනුයි තමයි.

” ඔන්න අයියත් මට ලිවුමක් නම් එව්වා. එයාලා හොදින් ඉන්නවයි කියලා කිව්වේ. දෙනුවන් පුතාටත් ලොකු විබාගේ කරලා එහෙ එන්නලු පොඩි “

” මටත් නම් කිව්වා තමයි අප්පච්චි දෙනුවන් අයියා ළගට යනවා කියලා “

” ඒකා ඉදලා ඉදලා ගියපුහාම හරි පාලුයි. කමක් නෑ ඉතින් ඒකට හරියන්න පුංචි වලව්වේ චූටි හාමු මහත්තයෙක් දැන් ඉන්නවනෙ “

මන් කිරි එකත් තොල ගාන ගමන් බැලුවේ බිම ඉදගෙන චිත්‍රයක් පාට කරන නුරාද දිහා. පැටියා වූෆි සින්දුව කිය කියා ඉනත් හොලව හොලව ආයේ නැවී ගෙන පාට කරනවා.  නුරාදට වෙලාවකට අමතකයි එයා කොතැනද ඉන්නෙ කරන්නේ මොනාද කියලා සින්දුවක්‌ කියද්දී. ඊට හපන් කැසට් එකෙන් හරි කොල්ලා කැමති සින්දුවක්‌ යද්දි කොල්ලට ඉබේටම නැට වෙනවා.

” චූටි අප්පච්චි දැන් ඕන් එයි පැටියෝ. ඔයා ඔහොම ඉන්නවා දැක්කොත් මටත් එක්ක බැනුම් අහන්න වෙන්නේ පුතා “

” අලේ අප්පත්ති මේ බාන්නකු අයියූ. මන් ආතම කාසමනේ අප්පත්ති. බාන්නකු ඒත කොත්තල ලත්තනද කීලා. පතියා ගුදක් ලත්තනයි අලේ මේත අන්තම. බාන්නකු අප්පත්ති…. “

නුරාද දැන් පොඩ්ඩක් උස ගිහිල්ලා හින්දා ඉස්සර කොටට ඇන්ද කලිසම් කොට දැන් හොදටම කොටයි. තට්ටම් දෙක යන්තම් වැහෙන තරමට තියෙන්නේ මේ කලිසම නම්.  මන් ඉතින් පැටියා කොල්ලෙක් හින්දා මොකවත් කියන්නෑ. ඒවුනාට නිලූෂ දැක්ක හැටියේ නුරාදට නෙවෙයි මටයි බනින්නේ පලු යනකම් . පැටියට මොකුත් වචනෙකින් වත් කියන්නෑ.  කොච්චර පරණ වුණත් මේ කොටේ ඉරිලවත් යන්නෑ නෙ.

” පුතා මෙහෙ එන්න “

” කෝත යන්තේ…. අලේ කාසම ගාලන්ත  අපා ලේ අප්ප ත්ති… “

මන් කොල්ලගේ කලිසමත් ගලවලා රෙදි බාල්දි යට දැම්මා පස්සේ හෝදන්න. ඕක හංගන්න ඕනී ආයේ කොල්ලට හොයා ගන්න බැරි වෙන්න .

” නූෆි අයියත කාද කලන්ත අපා අලේ…. කු කු අල හෙත යන්ත….  ඔන්ත මන් තා වෙනෝ සැබයි “

කළු පූස් පැටියා නුරාද ළගට ගිහිල්ලා හොදට හරි බරි ගැහිලා ගුලිවුනේ නුරාදත් ටිකක් එහාට්ට යද්දි. මන් දවල්ට කන්න උයන්න මෑ කරල් ටික ටකස් ටකස් ගාලා කඩ කඩ බලන් හිටියෙ ටීවී එකේ යන චිත්‍ර පටිය දිහා. දෙමළ හොල්මන් චිත්‍ර පටියක්. නුරාදත් කෝට්ටක් බදා ගෙන පුංචි හාන්සි පුටුවේ ගුලි වෙලා ඒක බලනවා. මයෙ නිලූෂ අදත් නෑ වගේ. එයාගේ පදිංචිය තියෙන්නේ මෙහෙ නෙවෙයි පොලීසියෙද කොහෙදෝ දැන් .

” ආ…………….  නා නා අප්පත්ති හිතලා නවෙ කා ගව්වේ. ඕ අප්පත්ති පතියත කා ගඋනා තුත්තක් “

යකෝ හොල්මන එක පාරටම හිතුවේ වත් නැති වෙලාවක මතු වෙද්දී මන් එක පාරටම ගැස්සුනේ ඒකට වඩා අපේකා යටි ගිරියෙන් බෙරිහන් දෙද්දී.

” නුරාද ගිහිල්ලා සෙල්ලම් කරන්න. මේවා ලොකු අය බලන ඒවා. පොඩි ළමයි මේවා බලන්නෑ “

” මන් ලුකුයි අප්පත්ති… මේ බාන්නකු පතියා පොදි නා දන් එලා ලුකුයි… අයියූ තුත්තක් ඔලා කතපියාන පතියත මේත බාන්න දෙන්තකු අලේ “

මන් ආපහු ටකස් ටකස් ගාලා මෑ කරලක් කඩලා බැලුවේ ටීවී එක දිහා. දැන් නම් හොදම හරිය වගේ. කෙල්ලෙ ඒ හොල්මන ඉන්න පාලු ළිද ළගට තමයි යන්නෙ. ලොකු හුළං හිටන් එනවා කොළ රොඩුත් පා කරගෙන. කරාස් කරාස් ගාලා බොලොක්කේ හෙමීට හෙමීට ඉබේටම කැරකැවෙන්නේ පොඩි කෙල්ලත් හෙමීට හෙමීට ළිද ළගට කිට්ටු වෙද්දී. ඒත් එක්කම බොලොක්කේ කැරක වෙන එක නතර වුණේ මගෙ පපුවත් ටිකක් වේගෙන් ගැහෙන්න ගනිද්දී. පැටියත් කොට්ටේ අරන් ආවෙ මගෙ අස්සටම

” බෝහ් හා ආ………. “

” ආ………….. “

” ඈ………….  මාව කාවෝ…… “

” à·„à·”……  තොට පිස්සුද මිනිහෝ ඔහොම කරන්න. ඉක්මනට මාව වලපල්ලටද යවන්න ඕනී ආ….. තව පොඩ්ඩෙන් මගෙ හුස්ම හිරවෙනවා. යකෝ ඔහොම කරනවද නිලූෂ. දැන් ඉතින් හිනා වෙන්න කට තද කරගෙන මෙතන. මන් බය වුණා ….. “

” බාන්න තූති අප්පත්ති ඔලත් හොල ගෙදියා වදේ එනෝ බා කලන්ත නේත. පතියත් ගුදත් බා වුනා අලේ… හොද වලාවත හෝමන අවිල්ලා පතියව ගිල්ලෙ නා “

මායි පැටියයි හොදම කෑල්ල යනකම් බලාගෙන ඉද්දි හොල්මන ළිද ඇතුලෙන් ඔලුව දාද්දි එක පාරටම කෑ ගහගෙන පිටිපස්සේ ඉදන් නිලූෂ හාන්සි පුටුවට පාරක් ගහද්දි මායි නුරාදයි දෙන්නම බෙරිහන් දුන්නා. බලන්න අනේ මේ මිනිහා තාම හිනා වෙනවනෙ. තාම මගෙ පපු කැලත්තත් ඩිග් ඩිග් ගානවා. නුරාද නම් හාන්සි පුටුවේ ඇන්දේ ඉදලම නිලූෂගේ ඇගට පැනලා බදා ගත්තෙ නිලූෂත් එයාගේ වදුරු පැටික්කව බදා ගද්දි.

” ඔහේ කුස්සියේ දොරත් ඇරලා දාලා අප්පච්චියි පුතණ්ඩියයි හොදට මෙතන. මන් ඉතින් ඔයාලා දෙන්නා පුදුම කරන්න ආවේ. දැන් පුදුම හිතුනා නේද මාව දැකලා ආ… “

” හලි හලි තූති අප්පත්ති දන් ඔලා මොනාත කියල්තකු පතියත කන්ත ගනාවේ ඈ අලේ “

පැටියට කොච්චර කිව්වත් වැඩක් නෑ එයා චූටි අප්පච්චි ආපු හැටියේ බදාගෙන අහන්නෙ ඕක තමයි.

” ඉන්නකෝ ඉතින් චූටි අප්පච්චි  ගෙනා
වා පැටියගේ ආසම කෑමක්. ආ ඇරලා බලන්න මොනාද තියෙන්නේ කියලා “

පැටියව හාන්සි පුටුවේ වාඩි කරවලා එයාගේ ඔක්කේ තිබ්බේ ලොකු පෙට්ටිය ක් වෙද්දී එයාගේ හිනාව කනට ගියා.

” ආ…. ලේ……… තූ ති අප්පත්ති….. පතියා ආආආආතම තොකලත් කේත්. සා……… සස අලේ……..  බා න්න. මදේ දෙයියලේ……… සසා….. යි “

” චූටි අප්පච්චි තමයි පැටියගේ දත් ටික ඕන් සවුත්තු කරන්නෙ “

” ආයේ පොල් ගෙඩි දත් ටිකක් එයිනේ හාමු. ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ “

පැටියා නම් ඇගිල්ලෙන්ම උඩ තට්ටුවේ තිබ්බ චොකලට් අයිසින් අරන් කටේ ඔබා ගෙන ලොකු චොකලට් බෝලයකුත් ඔබා ගත්තා කටට.

“  මන් ගිහිල්ලා කිරි කහට එකක් වක් කරන් එන්නම්කෝ. මයෙ නිලූෂට නිදි මතයිද ම්…. “

” කලින් නම් නිදි මතේ තමයි හිටියේ. මයෙ පැටියයි හාමු මහත්තයයි දකිද්දී නිදි මත කොහෙන් ගියාද මන්දා “

පැටියා කේක් ඒකෙ උඩ තිබ්බ චොකලට් අයිසින් චුට්ට චුට්ට ඇගිල්ලෙන් කද්දී මන් වෙනදා වගේ මොකුත් කියන්න ගියේ නෑ. නිලූෂ ළගට ගියපු මන් ඒ කම්මුලටත් හාද්දක් දීලා කමිසේ බොත්තම් එකින් එක ගැලව්වේ එයත් මයෙ බද වටේට එයාගේ අත් දෙක ඔතා ගනිද්දී.

” ඉක්මනින් නාලා කරලා එන්නකෝ. කේක් එක දැක්කට පස්සේ මටත් හොද කිරි එකක් බොන්න හිතෙනවා. “

” හරි එහෙනම් ගිහිල්ලා හදන්නකෝ. මන් පටස් ගාලා නාගෙන එන්නම් “

මේ සුදු මහත්තය නම් කොච්චර කිව්වත් අහන්නෑ. ඉන්නෙම ලිප් බොක්කේ අළු නාගෙන. පූස් පැටව් තුන් දෙනාම නම් නිදි ගුලි වෙලා කුස්සියට දැම්ම පරණ හාන්සි පුටුවේ . මායි නිලූෂයි ඉස්සරහ ඉස්තෝප්පුට දැම්මෙත් ලොකු කුෂන් තියෙන හාන්සි පුටු දෙකක්‌.  ඉස්සරහ ටීවී එක තියෙන සාලේ කෑල්ලටත් ඒ විදිහේ දිග හාන්සි පුටුවකුයි පුංචි හාන්සි පුටු දෙකකුයි. අල්ලපු ලොකු සාලේ කෑල්ලට දැම්මේ කරත්ත රෝද තියෙන ලොකු ලී පුටු තුනක්. ඇතුළේ කුස්සියට මහ වලව්වේ තිබ්බ පරණ කුෂන් හාන්සි පුටු දෙකක් දැම්මා. සීතළ හින්දා හොද ලොකු කුෂන් හාන්සි පුටු තමයි ඉතින්.

තැනින් තැන චොකලට් අයිසින් අඩුවෙලා තිබ්බත් කේක් ගෙඩිය ලස්සන ට තිබ්බා. පුංචි දීසියට කේක් කෑළි තුනක් කපලා පැටියගේ ඔක්කේ තිබ්බ කේක් පෙට්ටිය ගිහිල්ලා තිබ්බේ මන් ඉස්සරහ මේසේ උඩින්. කොල්ලා නම් මත් වෙලා වගේ ඔහේ තාමත් ඉදගෙන ඉන්නවා පුටුවේ ඇවිදගෙන එන මන් දිහා බලාගෙන.

” චූටි අප්පච්චි එයි දැන්. ආ මායේ වස්තුගේ කිරි එක. අප්පච්චි නිවලා තියෙන්නේ “

” බද නම් පිලිලා වදේ තුත්තක් විතල. සසයි අලේ කිලි එත නම් අප්පත්ති. මේත පත්තේ කන්තම් පතියා “

එයාට අප්පිරිය වෙලා වගේ තමයි ඉතින්. පෙරේත කමට කාගෙන කාගෙන ගියානේ අයිසින් තලියක්ම.

” චූටි තාත්ති දෙයියනේ මන් හොද වෙලාවට ආවේ. මටත් කිරි එකක්‌ හදලා ගේන්නකෝ අප්පා තනියම බොන් නැතුව “

චූටි අප්පච්චි එනකම් එයාගේ කිරි කෝප්පෙත් මන් ළගින් තියා ගෙන බලන් හිටියත් හරි දෙනුවන් කෑ ගහන් ආවිල්ලා ඉද ගත්තෙ පැටියවත් චප්ප කරන්.

” ඉක්මනට හදාගෙන එන්නම්. ආන් මේසේ ඇති දරුවෝ කේක් කෑල්ලක් කපා ගෙන කන්න පුතා “

” ඇයි මේ කුරුමිණියගේ කේක් කෑල්ල තියෙන්නේ බාප්පි. ඔයා කිරි එකක් වක් කරන් එන්නකෝ “

දෙන්නා එක්ක ඕනී දෙයක් කර ගන්න කියලා මන් ගියේ කුස්සියට නිලූෂ එන්න කලින් කිරි එකක්‌ වක් කරන්න.

              💥💥💥💥💥💥💥💥

රවීගේ ගෙදර ගියපු මන් උපපොලිස්පති තුමත් හම්බෙලා තමයි පුංචි වලව්වට ආවේ මන්. මගදි බේකරි එකෙන් පැටියට ලොකු චොකලට් අයිසින් කේක් එකකුත් ගත්තා ඉතින් . පැටියගේ ආසම කෑමක් නෙ

” නිලූෂ නිලූෂ මේක දාලා දෙන්නකෝ පොඩ්ඩක්. උඩට ගත්ත එක ඇතුළට දා ගන්න බෑ නෙ දරුවෝ “

” අරහෙට්ට වෙන්නකෝ ඉතින් මූණ ඉස්සරහට කරන් ඉන්නැතුව “

මයෙ හාමු මහත්තයා නුරාදගේ බයිසිකලේට පොම්පෙන් හුළං ගගහා ඉදලා දැන් උඩට කරපු බට කෑල්ල ඇතුළට යන්නෑ. මේ ළගදිත් මන් ඒකට තෙල් ගෑවත් එක්ක

” පොම්පේ කැඩිලද ඈ නිලූෂ “

” මොකක් හරි හිර වෙලා වගේ හාමු. ගරාජ් එකකට දීලා පොඩ්ඩක් බලමුකෝ.  හුළං බැහැලා නේද හොදටම “

” ඒකනෙ. මන් උදේට ගිහිල්ලා ඕක පෙන්නන්ම්කො. දැනට අප්පච්චිගෙන් පොම්පේ ඉල්ලන් එන්නම් මන් “

හාමු ලොකු හාමුගේ වලව්ව පැත්තට යන්න යද්දි මන් පොම්පේ මයෙ හාමුගේ වාහනේ ඇතුළට දැම්මේ යන වෙලාවක පොම්පෙත් පේන නිසා. නැත්තන් අමතක වෙනවනෙ.

” තූති අප්පත්ති මදේ බාසකලේ හලිත ඈ හලු “

” නෑ වස්තු. පොම්පෙ කැඩිලනෙ මැණික. යන්කො අපි දෙන්නා ගිහිල්ලා ඔන්චිලි පදිමු “

මහ මූසල විදිහට බල්ලො උඩ බුරන්න ගත්තත් හරි මට ඉබේටම නැගිට්ට වුණා. පැත්තක තිබ්බ කන්නාඩි කුට්ටමත් දාගෙන මන් අඩ අදුරේ බැලුවේ බට්ට අරහෙට්ට මෙහෙට්ට යන ලොකු ඔරලෝසුව දිහා. දෙකයි දහයයි. පැටියා නම් හාමුවත් බදා ගෙන නිදි. මන් ආයේ හාමු මහත්තයවත් බදා ගෙන නිදා ගන්න හැදුවත් ඔන්චිල්ලාව පැද්දෙන හඩ කරාස් කරාස් ගාලා ඇහෙන්න ගනිද්දී මන් කන වැහෙන්න ඔලුවට කොට්ටයක් තියා ගත්තා.

” තූ ති අප්පත්ති පත්තත් උද දාන් ඉන්තතුව නැගිතින්ත…….. අප්පත්ති කතා කලා කී එත බොන්ත එන්ත කීලා. හලූ කු කු අත් අලින්ත . මදේ තූති අප්පත්ති… පතියතත් කම්මලි ඔලා ඕම ඉද්දි අලේ…. “

පැටියා මයෙ ළගට ඇවිල්ල මූණත් අත ගගා කතා කරලා ටික වෙලාවකින් එයත් මයෙ අස්සටම ඇවිල්ලා මයෙ පපුවේ රෝම අදිනවා. මන් නින්දෙන්ම වගේ ඒ චූටි ඇගට බර වෙද්දී එයා දගලලා දගලලා පොඩ්ඩක් එහාට්ට වෙලා ආයේ අරකම කරනවා.

” අයි අලේ මේ ඔලාලදේ මේම කොන්දේ අවිල්ලා. මදේ නා නෙ. අම්බූ ඔලාදේ සවුල හුදතම වවිලා අලේ “

පැටියා එක පාරටම ඇදෙන් නැගිටලා යද්දි මන් කෝකටත් කියලා ඇහැක් ඇරලා බලලා ආයේ ඉක්මනට ඇස් දෙක පියාගෙන නිදි වගේ හිටියේ පැටියා මේ පැත්තට හැරෙන්න ගියපු හින්දා. මට හිනා යන්න ආවත් මන් කට තද කරන් හිටියෙ පැටියගේ ඇගිලිත් මයෙ කම්මුල් පුරාම යද්දි. ඒත් එක පාරටම සීතළ මොකක් හරි දෙයක් මයෙ තොලේ ගෑවුනත් හරි මන් ඉක්මනට ඇස් අරිද්දි කතුරක්‌ අතේ තියාගෙන ඇසුත් ලොකු කරන් මයෙ දිහා බලන් හිටපු පැටියව දැකලා මන් ගැස්සුනා.

” ම් මගෙ රැවුල ගාන්න එහෙම නෙවෙයි නේද හැදුවේ “

” තුත්තක් සවුල අදු කලන්ත මන් හදුවේ තූති අප්පත්ති…. ඔලාදේ මෙතන තීන සවුලත් මන් දැඉ ගාන්තම්. අප්පත්තිත් එලා කපනෝනේ… අත උදත කලන්තකු පතියත කතුලෙන් කපන්ත දීලා “

පැටියා මයෙ කිහිල්ලත් පෙන්නලා කතුර  තියන් එහෙම කියද්දී මන් නැගිටලා කොල්ලවත් ගත්තෙ මයෙ ඔක්කට.

” පැටියගේ අප්පච්චි ඒවා කැපුවට චූටි අප්පච්චි ඒවා කපන්නෑ. අනික කොහෙද කියන්නකෝ චූටි අප්පච්චිගේ රැවුල වැඩි ආ…. “

” ඔලා පතියත සවුල දැඉ ගාන්ත දෙන්තෑ නේත ඈ තූති අප්පත්ති.. බා වෙන්ත අපා අලේ මන් ඌවා කලන්තෑ පාස්සමත කලන්තම් “

” හරි හරි පැටියා එහෙනම් චූටි අප්පච්චි ගේ රැවුල දැලි ගාන්නකෝ….. ලොකු වෙලා හැබැයි. දැන් යන් අපි බයි කන්න “

මන් පැටියවත් අඩ ගහන් එයත් එක්කම මයෙ බයික් එක හෝදන්න ගත්තෙ අපි දෙන්නගෙම සුදු කොට කලිසම් දෙකත් භාගෙට තෙත් වෙද්දී.  පැටියාගේ පස්ස නම් ගන්න දෙයක් නෑ මඩ. කමක් නෑ හාමු ඇත්තෙත් නෑ නෙ. එයා හන්දියට ගියා පොම්පෙත් හදාගෙනම බඩු ටිකක් අරන් එන්න. බඩු කිව්වට එළවලු වලින් නම් අඩුවක් නෑ. බිත්තරයි මාළුයි ගේන්න තමයි ගියේ.

” අප්පත්ති මතත් ලුකු වලා මේ වදේ ලුකුම ලුකු බයිත් එතත් අලන් දෙනෝත “

” ලොකු වෙන්න ඕන් නම් බත් ගොඩක් කාලා උස යන්නකෝ ඉක්මනට. චූටි අප්පච්චි මයෙ පුතාට ලොකු බයික් එකක් අරන් දෙන්නම් එතකොට හාද “

රෙදි කෑල්ල බාල්දියට දාලා මන් හෝස් එක ඇල්ලුවේ බයික් එකට. ටයිර් දෙකේ තියන මඩ හේදිලා යද්දි බලන්න එපැයි කොල්ලගේ ලස්සන.

” මන් ඉත්මනත ලුකු වෙන්තම් හාත. අලේ ඕ..න් බාන්නකු තූති අප්පත්ති මත අමතත වුනා අලේ හා පතව් දෙන්තව අප්පත්තිත දෙන්ත “

” හයියෝ පැටියෝ මාර වැඩේ. දැන් කොහොමද චූටි අප්පච්චි එක්ක හවසට ආස්කීම් කන්න හන්දියට යන්නෙ “

පව් ඉතින් පැටියා මගෙ මූණ දිහා බලාගෙන දහ අතේ කල්පනා කරනවා.. පැටියගේ සපත්තුවෙ හා කනක මැහුමක් ගැලවිලා. ඒකත් හාමුට යන්න යද්දි ඕන් මතක් වෙලාම වාහනේට දාගෙන ගියේ පැටියට ඒ ගැන වැඩි නිච්චියක් නැති වෙද්දී.

” පතියත මේත් දෙතක් තීනෝනෙ තූති අප්පත්ති “

                 💥💥💥💥💥💥💥

” අනූ අනූ….. මගෙ බත් පෙට්ටිය හරිද.. “

” ඉන්න ඉන්න මන් මේ ලේන්සුවක් හොයනවා අයියේ “

හෝදපු රෙදි ගොඩ ඇවිස්සුවත් මට බත් ලේන්සුවක් හම්බුන් නැති නිසා එහෙන්ම අල්මාරියත් පීරුවා. බැලින් නම් ලේන්සු මේකෙනෙ තිබිලා තියෙන්නේ.

ඉක්මනට මන් බත් පෙට්ටියත් ලේන්සු වෙන් ගැට ගහලා ඒකත් අරන් දිව්වේ ඉස්සරහ ඉස්තෝප්පුවට.

” මන් ගිහිල්ලා එන්නම්.  පරිස්සමින් දෙන්නම ඉන්න ඕනී අනූ. රාහුවත් හොදට බලාගන්න මැණිකෙ හොදද “

එයා මගෙ හිස් මුදුනට හාද්දක් දීලා කොන්ඩෙත් අවුස්සලා බෑග් එකත් අරන් යන්න ගියා වුණත් එයා ආයේ ආවේ මගෙ ළගට.

” රාහු මන් පරිස්සමින් බලා ගන්නම්. හිත කලබල කර ගන්න එපා “

” ඔයාවත් පරිස්සම් කර ගන්න අනූ. මන් එනකම් කොහෙවත් යන්න එපා. වැඩිය වැඩ කරලා මහන්සි වෙන්න එහෙම එපා.. හාන්සි වෙලා ඉන්න පොඩ්ඩක්. අර ගෙදරටත් යන්න එපා මෙහෙම ඉන්න. හරියට බෙහෙත් ටික බොන්න හාද… මන් එන කම් පරිස්සමින් ඉන්න “

” හරි හරි බය වෙන්න එපා අයියේ…  ඔයත් පරිස්සමින් ගිහිල්ලා පරිස්සමින් එන්න. අපි බලන් ඉන්නවා “

එයාගේ වාහනේ කඩුල්ලත් පහු කරන් නොපෙනී යනකම්ම මන් බලන් ඉදලා ලොකු හුස්මක්‌ පාත දාලා වැටෙන්න යන කදුලු වලට ඔහේ ගලන් යන්න ඉඩ දුන්නා.  මන් මොකෙක්ද කියලා දැන දැනත් කොහොමද බයක් සැකක් නැතුව මට ආදරේ කරන්නේ..  එයාගේ පණ කැටියව මන් ළග දාලා යන්න තරම් එයාට මාව විශ්වාසයි. ගොඩක් කල්පනා කරන්න අමාරුයි. ඔලුව පුපුරු ගහන්න තරම් කැක්කුම් එනවා. තාම අටවත් වෙලා නෑ. මන් දොරවල් දෙකත් හොදට ලොක්‌ කරලා කැසට් එකත් වහලා ගියේ අපේ කාමරේට. එයාගේ පුංචි කාමරේ අපේ කාමරේ වෙලා දැන්.  ඇටයා නිදන් ඉන්න ලස්සන. ජිල් බෝල ඇස් පියවිලා. මන් පොඩි එකාවත් බදා ගෙනම ඇදෙන් ඇල වුණේ දිනූව මතක් වෙද්දී.

” ඇතයෝ ඒයි මේ හලු… ඇත් අලින්න කු කු…. ඒයි මේ….. කු මදේ අප්පත්ති.. “

” ම්…… රා à·„à·–.. අප් පච්චි වැඩ ට ගියා දරු වෝ “

” අලේ අයි මත හුලෙන් ගිඑ එලා “

අඩ නින්දේ වගේ හිටපු මන් ආයේ නැගිට්ටේ රාහු මයෙ අත හොලවද්දී. 

” මෙන්න මෙහෙ එන්න ඇටයෝ. යමු බත් කන්න මටත් බඩගිනි වගේ . අප්පච්චි හවසට ඕන් එනවා කිව්වා. පැටියා දොයි නිසා ඇහැරවව්වේ නෑ “

” ම්…. යන්කු බයි කන්ත ඒනම් “

රාහු ඇදෙන් බැහැලා කුස්සියට දුවද්දි මන් ඇදත් හොදට හරි ගස්සලා ගියේ කුස්සියට.  කොල්ලා පුටුවක් තියෙලා දොර අරින්න උඩ ලොක් එක අදින්න හදනවා.

” චූ බරද ම්…. “

” ඕ අලේ ඉන්ත බා “

මන් දොරත් ඇරලා කොල්ලවත් බිමින් තිබ්බට පස්සේ වෙඩිල්ල වගේ දිව්වේ කෙසෙල් පදුර ළගට.  ටොයිලට් එකට යන්න තියෙන කම්මැලිකම. උදේට බණ්ඩක්කා තෙල් දාලා පරිප්පු හැදුවා. ගෙදර නිකන් ඉන්න එකේ එළවලු කොටුවක් දා ගත්ත නම් හරි. මට යන්න වෙන රස්සාවකුත් නෑ නෙ.  අයියට මාව බරක් කියලා නිතරම මට හිතෙනවා. එයා හාල් වුණත් ගන්නේ සල්ලි වලට නෙ. මන් ඉන්න එකෙන් එයාගේ වියදමත් සැර වෙනවද කොහෙදෝ. මගෙ බැංකු පොතෙත් තඹ සතයක්වත් ඉතිරි නෑ නෙ.

” ඕම ඉන්ත අපා අලේ… අප්පත්තිත් කුව්වා මත හොදත ඔලාව බා ගන්ත කීලා. කු තුත්තක් හිනා වෙලා ඔල බත් එත කන්ත විදහත  “

” රාහු….. “

” ඕ….. “

රාහු බත් කටක් දාගෙන බැලුවේ මගෙ දිහා.

” රාහුල්ට මාත් එක්ක ඉන්න එපා වෙනවද. මට කැමති නැද්ද ඔයා “

” මන් කමති අලේ ඔලාත. අප්පත්ති ඔලා අත් අලින්තතුව ඉද්දි ගුදක් ඇදුවා ඔලාත ඉක්මනත එන්ත කීලා. ආපූ ඔලා නම් ආඑ ඒම ගුදක් දොයි ගන්ත අපා  ආඒ “

එයාගේ උත්තරේ එක්ක මට පොඩ්ඩක් හරි සතුටු හිතුනා මේ දෙන්නම මන් ගැන හිතන නිසා .  රාහු ආයේ බත් කටක් දා ගනිද්දී මාත් බත් ගුලියක් ඔබා ගත්තා.

උදේට බෙහෙත් වර්ග තුනයි දවල්ට බෙහෙත් පෙත්තයි. ඉස්පිරිතාලෙන් දෙන හින්දා හොදයි සල්ලි වලට ගන්න ගියා නම් විකිනෙයි. බෙහෙත් ටිකත් බීපු මන් ගෙදර මහ ලොකු වට හැඩි වෙලා නොවුනත් මන් හිමීට හිමීට අස් කරන්න ගත්තේ කැසට් එකේ යන සින්දුවකුත් අහගෙන.

” රාහු….. ල් රාහු ල් ”

ඔලුව කර කැවෙන ගතියක් ආවත් හරි මන් එහෙන්ම ඇද පා මුල ඉදගෙන කතා කරේ රාහුල්ට.. කරුම ඔලුවේ කැක්කුම නම් තාම අඩු නෑ වගේ.

” අයි මේ…. කු අත් අලින්තකු අලේ…. “

” රා à·„à·” මගෙ කොට් ටේ අස්සේ තියෙ න තෙල් කුප්පිය අරන් පොඩ්ඩක් ගා ලා ඔලුව පොඩ්ඩ ක් අත ගාන්න කෝ මැණි ක “

මන් කොස්සත් බිම ඔහොන්ම තියෙලා ඇදේ ඇලවුනත් හරි රාහුගේ ඇගිලි වල සනීපෙට මට නින්ද යාගෙන ආවේ ලොකු සැහැල්ලුවක් ආයේ එද්දි.

               💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලුලා 🤗

බුදුසරණයි හැමෝටම 🙏

අදහස් වලට යාලූලා ගොඩාරියක් ඉස්තුතියි 🙏❤️❤️ වෝට් වලටත් ගොඩාරියක් ඉස්තුතියි 🙏❤️❤️කියවන යාලුලාටත් ගොඩක් ඉස්තුතියි මගෙ කතාව එක්කලා ඉන්නවට 🙏💗

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑඅටවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑඅටවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑඅටවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑඅටවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑඅටවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑඅටවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 80