À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූඑක්වැනි කොටහා

A+ A-

80 චැපිය කියෝපු නැති ළමායි,

මේක කියවන්න කලින් ඒක කියවන් න.    උඩින් පල්ලෙන් හරි කමක් නෑ යාලූලා කියවන්න ඒ චැපියත් 🙊. ඊයෙත් මන් දැම්මා කතාව 😊. නොටිෆිකේෂන් සමහර අයට ඇවිල්ලා නැතු ඇති ඊයෙත් 🙂.

” මුළු හිල්ලාවෙ ගමේ වත් නැතු ඇති බන් උබේ කෙල්ලට ගහන්න වෙන කෙල්ලෙක් සුද්දා…. ඒකි ඒ තරම් පට්ට කෑල්ලක් නෙ බන් “

මාත් මල් නට්ටක් කටේ ගහන් ගල උඩ ඉදගෙන ඉන්න ටික්කගෙ කරට අත දාලා උඩ බලන් හිනා වුණා.

” ඔව් බන්. ඒකිට මන් ආදරේට කියන්නේ මොණරි කියලා. බොහොම කට්ටක් කාලා නොවෑ මන් ඒකිව යාලු කර ගත්තෙ “

” මන් හිතන්නෑ සුද්දො ඒකිගේ අප්පච්චි පිට දේසක්කාරයෙක්ට කැමති වෙයි කියලා “

” මන් ආයේ යන්නෑ බන් මේ දේසේ දාලා. ඒකිගේ අප්පච්චි මට කෙල්ලව දුන් නැත්තම් මන් ඒකි එක්කලා හද පානේ පැනලා යනවා. මේ සුද්දා කිව්වොත් කිව්වා. එක දිවයි තියෙන්නේ. කොල්ලාගෙ තනි වචනේ. ආයේ වචන දෙකක් නෑ මයෙ “

අපි දෙන්නා ගල උඩ වාඩි වෙලා කතා කර කර ඉද්දි මන් ඈතින් දැක්කේ මේ පැත්තට පැද්දි පැද්දි ලතාවකට එන මොණරිව. මන් කන්නාඩි කුට්ටමත් අතට අරන් පිහදාලා ඒක ඉක්මනට දාගෙන ආයේ බැලුවේ මොණරි දිහා. බැලුම් බෝල වගේ තියන ඒකිගේ ගස්ලබු ගෙඩි දෙකේ භාගයක්ම එළියට පැනලා.  ඒවුනාට අරයගෙ පපු ගැටිති දෙකට ගහන්න මොකෙක්වත් නෑ මේ සුද්දට. මයෙ කටේ පිහිටෙන් ඒ දෙක චුට්ටිත්තක් ලොකුයි හැබැයි දැන් නම්. තව ලොකු කරලා පොඩ්ඩක් ගන්න ඕනී.

” අඩේ බන් ආන් මොණරි කියද්දිම එනවා. අම්මෙ මයෙ කොල්ලගේ මනමාල හිනාව බලන්න එපැයි. මන් අර පැත්තට වෙලා ඉන්නම් උබලා දෙන්නට ඇණයක් වෙන් නැතුව “

එකා එහෙම කියාගෙන ගියත් හරි මොණරි ඇවිල්ලා ඉද ගත්තෙ මගෙ එහා පැත්තෙන්.  හුළග එක්කලා ඒකිගේ දිග කොන්ඩේ ඇවිල්ලා වදින්නේ මගෙ මූණේ. කන්නාඩි කුට්ටම තියෙන නිසා හොදයි. නැත්තම් කෙස් ගහක් ඇහැ අස්සට ගිහිල්ලා පොට්ට වෙනවා කොයි වෙලේ හරි. යට මදිවට උඩත් විදුලි පංකා කීපයක්ම හයි කරලනේ තියෙන්නේ. මගෙ කොන්ඩෙත් හුළගේ යනවා

” සුදු අයියට මන් එච්චර හැඩයිද ආ.. “

” අහ් ආ මේ ඒක අහන්නත් දෙයක්ද නගා. ඒකනේ බන් මයෙ හදුන් පොත මෙහෙම පිස්සු නටන්නේ “

” ඔන්න ඔන්න බන් කිව්වා. මන් මනාප නෑ හැබැයි ආයේ මගෙ සුදු අයියා මට ඔහොම බන් බොලන් ගානවා නම් “

මොණරි ඇසුත් කරකවලා දණ හියටත් ටිකක් පහළට වෙන්න තියෙන ඇදුමත් හදා ගෙන එහෙම කිව්වේ මගෙ උර පත්තටත් පාරක් ගහලා.

” නගා උබේ අප්පච්චි අපෙ දීගෙට මනාප
නැති වුනොත් මයෙ මේ මොණරි මා එක්කලා යන්න එනවද ආ…. මන් මනාපයි වලව්වෙන් පැනලා ඇවිදිල්ලා මගෙ මොණරි එක්කලා ජීවත් වෙන්න. අපි දරු මල්ලෝ පස් හය දෙනෙක්ම හදමු නගා “

” පහක් හයක් මොනා කරන්න කියලද සුදු අයියෙ. හදනවා නම් හදන්න ඕනී ළමයි දහ දොළොස් දෙනෙක් වත්. පුංචි පවුල රත්තරන් වෙන්න ඇති. ඒවුනාට දස මහා දරු සේනාවක් ඉද්දි කාටද කියන්නකෝ ආඩම්බර “

” මටයි ඔයාටයි තමා නගා. නැතුව වෙන කාටද “

” ඒකනේ ඒකනේ අපි දෙන්නට ඉතිරෙන්න ළමයි ඉන්න ඕනී සුදු අයියේ. සුදු අයියත් පිට දේසක්කාරයෙක් වුණාට ඇත්තටම සුදු අයියා වලව් කාරයෙක්නෙ දැන්. දරුවෝ ටිකට ආඩම්බරෙන් කියන්න පුළුවන් එකාලාගේ අප්පච්චි වලව් කාරයෙක් කියලා “

මාත් හයියෙන් හිනාවක් දාලා ඉස්සරහ බැලුවත් හරි පුපුරු ගහන්න තරම් වැදුනේ මට කම්මුල් පාරක්. තව ඩින්ගෙන් කන්නාඩි කුට්ටමත් බිමට වැටෙනවා. මේක නම් පළි ගන්නම ගහපු කම්මුල් පාරක්. පස්සේ රිටන් එක අල්ල ගන්නම්කො මන්.

” අනේ අප්පච්චි සුදු අයියව අත අරින්න. අප්පච්චි….. මේ මගෙ පණ ටික නෙ. මාවත්  ඉක්මනටම වල කජ්ජා ගහයි අප්පච්චි මයෙ මිනිහා මැරිලා ගියොත් “

” පර දේසක් කාර හැතිකරේ. උබට මන් ඔලුව හත් කඩකට පුපුරන්න පොල් ගෙඩියක් දෙයියෝ ස්වාමි ඉස්සරහ ගහන්න කලින් මගෙ කෙලීගෙන් ඈත් වියන් “

” මොන දෙයියෝ ඉස්සරහ පොල් ගැහැව්වත් මේ නිලූෂ මනමේන්ද්‍රන් කිසි දේකට බයත් නෑ ණයත් නෑ. මයෙ කෙලීගේ අප්පච්චි පොල් ගෙඩි එකක් නෙවෙයි සීයක් ගැහැව්වත් මන් හිතන්නෑ මගෙ ඔලුව ඕවගෙන් පිපිරෙයි කියලා. හරි එහෙම වුණා කියමුකෝ. එතකොට උබේ දෝණියැන්දගේ බඩේ ඉන්න කිරි කැටියට තමයි අප්පෙක් නැති වෙන්නෙ “

මන් එහෙම කියද්දී තමයි මොණරිගෙ අත ඉක්මනට බඩට ගියෙ.

” දෝණි උබ එහෙනම් මේ අප්පච්චිගෙ මූණේ දැලි ගෑවා . අම්මා අප්පගේ ඇස් වලට වැලි ගහලා කටු අකුලේ හැමිනිලා මුගෙන් දරුවෙක්‌ වදා ගත්තා උබ නේද ආ….. . මේ දැන් ඉදලා උබේ අප්පච්චි මැරුණයි කියලා හිතා ගනින් “

කිරියා එහෙම කියලා තරහින් මගෙ දිහත් බලලා වේදිකාවෙන් බැහැලා යද්දි අපෙ කොල්ලෝ සෙට්ටෙකම විසිල් ගගහා හූ කිය කිය අත් පුඩි ගැහැව්වේ අපෙ කෙටි රංගනේ මෙතනින් ඉවර වෙද්දී.  සාහිත්‍ය මාසේ නිසා අපි ටික පොඩි පොඩි නාට්‍යක් වගයක් කරා. නාට්‍ය ඉවර වුණු හැටියේ මයෙ අත් නැති බැනියමට උඩින් පැත්තකින් තිබ්බ අත් කොට කමිසේ දාන් අපි දෙන්නත් බැස්සේ වේදිකාවෙන් පහළට. මයෙ ළග තිබ්බ හොද කලු පාට සරම තමයි මන් අද නාට්‍යටත් ඇන්දේ.

” ඒයි ඉක්මනට වරෙන් සුද්දා අමුඩෙගේ කෙල්ල ආන් අදත් ගෙදරින් බත් ගෙඩියක් අරන් ඇවිත් “

ටික්කා මාව ඇදගෙන ඇදගෙන ගියෙ අමුඩෙලා ඉන්න පැත්තට . මුන් නාට්‍ය ඉවර වෙනකම්ද කොහෙදෝ බලන් ඉදලා තියෙන්නේ බත් ගිලින්න. අපි පස් දෙනාම ගහක් යට ඉදගෙන කෙසෙල් කොළේ දිග ඇරලා කන්න ගත්තෙ අත් දෙකවත් හෝදන් නැතුව. ලොකුම ලොකු බත් එකක්. කුකුල් මසුයි පොළොස් ඇඹුලයි පරිප්පු තෙල් දාලයි කෙසෙල් මුව බැදුමකුයි. රස නහර පිනා යනවා අම්මෙ මේ බත් ගිලිද්දි .

” තොට වෙන අන්ඩක් තිබ්බෙම නැද්ද ඕයී මන් ගන්න ගියපු මස් කෑල්ලම ගත්තා ගෙවල පෙරේතයා  “

” යකෝ මේ තියෙන්නේ ඕයී. අනේ උබලත් ඉතින් “

මාත් පුළුවන් තරම් තඩි බත් ගුලි එක පිට එක ගිල්ලෙ මුනුත් කපුටෝ ගැහැව්වා වගේ කන නිසාම තමයි. මාත් මෙහෙම ලොකු කටවල් කාන් කාන් යන්න පුරුදු වුණේ මයෙ හාමු මහත්තයා නිසාමයි. උදේට වැඩට යන ගොඩක් වෙලාවට එයා මටයි පැටියටයි දෙන්නට ම කවාගෙන කවාගෙන යන්නෙ ලොකු සවල් පාරවල්. ආයේ ඉතින් ඒකට පැටියට තියා මටවත් මොකවත් කියන්න බෑ. ඊළගට ඇවිල්ලා පිගානේ පිටින්ම දීලා ඇරියොත්.

මගෙ බයික් හඩ ඇහුණු හැටියේ පැටියා ඉස්තෝප්පුවේ ඉදලා දුවගෙන දුවගෙන එයි කියලා හිතලා මන් බයික් එකේ වේගේ අඩු කරලා කඩුල්ලෙන් බයික් එක දැම්මේ ඇතුළට. කොල්ලා කිසි බයක් හැකක් නැතුව පනින්නේ බයක් එක ඉස්සරහටමනේ. හිතුවා වගේම දුව ගෙන දුවගෙන එනවා. එයා පස්සෙන්ම චූටි මැණිකත් එනවා.

” මයෙ පැටව් දෙන්නා චූටි අප්පච්චි එනකම් බලන් හිටියද ආ.. “

” ඕ… “

” මොනාත තූති අප්පත්ති මාලිතයි මතයි ගෙලාවේ ඈ අලේ “

මන් නුරාදවයි චූටි මැණිකවයි දෙන්නම දෙපැත්තෙන් වඩා ගෙන සපත්තු දෙක කකුලෙන්ම ගලවලා මේස් පිටින්ම ගියෙ ඉස්තෝප්පුවේ හාන්සි පුටුව ළගට.

” අදනම් චූටි අප්පච්චිට පොඩි දෙයයි ගන්න පුළුවන් වුණේ මැණික.. ඕන් මගෙ නයි මල්ලේ ඇති ඇරලා බලන්නකෝ “

චූටි මැණික නම් මගෙ අතේම මන් දිහා හොදට බලන් ඉද්දි නුරාද මගෙ කම්මුලට ලොකු උම්මෙකුත් දීලා ඉක්මනට බැහැලා බැලුවේ මගෙ මල්ල දිහා.  මන් දෙන්නටම ගෙනාවේ එක චොකලට් එකයි. ඒකත් ගොඩක් පොඩි චොකලට් කැටයක්. සල්ලි නැති කමට නෙවෙයි මන් ඒ පොඩි චොකලට් කැටේ ගත්තෙ. දෙන්නා බෙදා ගෙන කන්නේ කොහොමද කියලා බලන්න. චොකලට් එක දැකපු ගමන් පැටියාගේ හිනාව වෙනදා වගේම කනට ගියෙ කිසිම වෙනසක් නැතුව. පුංචි අත පිරෙන්නවත් නැති චොකලට් කැටේ දිහා චූටි මැණිකත් බලන් හිටියේ දිලිසෙන ඇස් වලින්.

” නුරාද කෝ ඉතින් කඩලා කන්න “

” මාලිත නාද තූති අප්පත්ති “

මන් අපෙ පැටියා ළගින්ම එයාගේ චූටි මාලි පැටියවත් තියෙලා වාඩි වුණේ හාන්සි පුටුවෙන්.

” දෙන්නටම ඕක තමයි ගෙනාවේ චූටි අප්පච්චි. කෝ කඩලා කන්න ඉතින් වස්තු “

මන් කියපු පමාව විතරයි පැටියා චොකලට් එකේ කොළේ ගලවලා ඒක ඉක්මනට කටෙන්ම කෑළි දෙකකට වෙන් කරලා අතට අරන් චූටි මැණිකෙට පෙන්නුවේ මන් ළග ඉන්න පූසව හුරතල් කරනවා වගේ ඉදගෙන ඒ දෙන්නා දිහත් බලන් ඉද්දි.

” මාලි ගන්තකු තොකෝ කාල්ලත් ආ.. “

” තූති අයියා දෙන්තකු කාල්ලත් “

මයෙ හාමු මහත්තයා දැන් සමහර දවස් වල හවසට වලව්වේ ළමයින්ට පන්ති කරන්නත් පටන් අරන්. මන් ඇතුළට එද්දි හාමු ළමයි හය හත් දෙනෙක්ට ඉස්සරහ සාලේ කෑල්ලේ පන්ති කරනවා.  කළු ලෑල්ලක් වෙනුවට හාමු කොහෙන්දෝ ලොකු  බෝඩ් කෑල්ලකුත් හොයා ගෙන හුණු කූරෙන් ඒකෙ ලිය ලිය ළමයින්ට උගන්නනවා. මන් ආවත් හරි ඒ ළමයින්ගේ ඔලු ගෙඩි ටිකයි මයෙ බේබිගෙ මූණයි හැරුණේ මයෙ පැත්තට.

” ළමයි පොඩ්ඩක් ඉන්න. මන් කියපු ටික බලා ගන්න “

එහෙම කියලා හාමු මයෙ පැත්තට එද්දි මාන් ඇතුළේ සාලේ කෑල්ලට ගියෙ එයත් මගෙ පස්සේ එද්දි.

” ඇයි නතර කරේ උගන්නන එක “

” හරි හරි. මේ ඒක නෙවෙයි ඔයාට බෑද කියන්නකෝ රත්තරන් ළමයි ටිකට කිරි කෝපි ටිකක් වක් කරන්න. කබඩ් එකේ විස්කෝතුත් තියෙනවා. ළමයින්ට තව විනාඩි විස්සකින් වගේ ඉවර කරන්න එපැයි මට “

” හත් දෙනෙක්ටනේ. මන් හදලා ගේන්නම්. ගිහිල්ලා මයෙ හාමු උගන්නන්නකෝ “

එක පාරටම මාව පැනලා බදා ගත්තු එයා මගෙ පපුවට උම්මා කැටියකුත් දීලා කම්මුලකුත් මිරිකලා ඉක්මනට ගියෙ ඉස්සරහට. කමනි නැන්දට හැමදාම කිරි හදන්න එන්න කියන්න බෑ නෙ. ඔන්න ඔහේ දන්න සුකුරුත්තම් ටික දාලා හදනවා.

හාමු බන්දේසිය උඩ කෝප්ප ටික හෝදලා වතුර බහින්න දාලා. කේතලෙත් පස්සන්න ලිපේ තියෙලා. මාව දැක්ක හැටියේ තේ හදන්න කියන්න තමයි එහෙනම් දඩි බිඩියේ ඇවිල්ලා තියෙන්නේ. හැමදාම තේ හදන රෝසා වෙන්නවත් වෙයිද දන්නෑ මට .

” චූටි මැණික කබඩ් එකේ තියෙන විස්කෝතු පැකට් එක අරන් මේ දිසියේ අහුරන්නකෝ වස්තු “

” ආ…. “

කොල්ලා පුටුවකුත් උස්සන්  කබඩ් එක
ළගට යද්දි මන් බෝතලෙන් දියර කිරි ටිකත් සීනි දාපු ලොකු කෝප්පෙට හලලා තේ කුඩු ගොට්ටට උණු වතුර වක් කරා. නුරාද කොහෙද දන්නෑ.

” අපෙ චූටි මැණික ලස්සනට අහුරලානේ.  එන්න පැටියෝ දීසිය අරන් යන් ඉස්සරහට “

මන් චූටි මැණිකට විස්කෝතූ දීසිය ගේන්න කියලා බන්දේසියත් අතට අරන් පරිස්සමින් ගියෙ ඉස්සරහට. හැබැයි ළමයි ඉන්න තැනට ගියෙ නෑ. මන් ඇතුළේ සාලේ කෑල්ලේ මේස උඩ බන්දේසියයි දීසියයි තියෙලා චූටි මැණිකව යැව්වා අප්පච්චිට එන්න කියන්න කියලා.

” ඕක අරන් පොඩ්ඩක් ඉස්සරහට එන්න එපැයි දරුවෝ “

” හාමු මහත්තයා කියන්නේ මෙහෙම ආවට කමක් නෑයි කියලද ආ “

යටට ඇදලා ඉන්න සැහැල්ලු කොට සුදු පාට කලිසම පෙන්නලා මන් එහෙම කියද්දී හාමු බන්දේසිය අරන් යන්න ගියෙ මටත් ඔරවගෙන.

අම්මෙ මගෙ හාමු මහත්තයා දාගෙන පොත් වගයක් බලනවා. මන් ඉතින්  සරමට හිර වෙච්ච එයාගේ පස්ස දිහාටත් ඇහැ යවලා පොඩ්ඩක් කාමරේ දොරත් අඩවන් කරලා හෙමීට ගියෙ මගෙ හාමු මහත්තයා ළගට.

” මොනාත ඔල පතියත හුලෙන් හන්ද ගත්තෙ ඈ තූති අප්පත්ති… කු කු බාන්ත. අලේ පෙනත්තකු පතියත හෝ ගෙදියා වදේ ඉන්තතුව “

මන් මයෙ හාමු මහත්තයට කන්න කියලා පුංචි චොකලට් එකක් කාමරේට ගිහිල්ලා දෙන්න හදද්දීම අපෙ එකත් එක පාරටම ආවෙ කාමරේට. මේ කොල්ලත් කොහොම හරි දැකලා නෙ මගෙ අතේ මොනා හරි තියෙනවා

” වස්තු….. කෝ අප්පච්චි දැන් කිව්වේ මන් එනකම් මාල්ලි පැටියට අකුරු ටික කියලා දෙන්න කියලා නේද ආ… අරහෙ ඔයා නැතුව මල්ලි පැටියා අඩනවද දන්නෙත් නෑ අම්මා මතක් වෙලා “

ඒත් පැටියගේ ඇස් වරින් වර යන්නෙ මගෙ පැත්තට.

” අප්පත්ති තූති අප්පත්ති හුලගෙදියෙත් වදේ මේම මොනාතෝ හන්ත ගත්තා අලේ…. පතියා දක්කා තූති අප්පත්ති…. කු කු පෙන්තන්ත මත තුත්තක්

” මේන් මේන් මොකුත් නෑ වස්තු. චූටි අප්පච්චි පැටියට හොරෙන් මොනා කියලා හංගන්නද ම්.. “

          💥💥💥💥💥💥💥💥

” රසද ම්….. “

” රසයි තමයි. පුංචි වුණාට මාරම රසයි නෙ “

මායි නිලූෂයි හිටියෙ අපි දෙන්නගේ පුංචි කාමරේ එළියට වෙන්න ජනෙල් දොරින් එන්න පිටින් හදලා තිබ්බ පුංචි කෑල්ලක බිමින් ඉදගෙන. මෙතෙන්ට වලව්වේ මිදුල හරි ලස්සනට පේනවා. කාමරේ ලයිට් එක වහලා නිසා අපි දෙන්නා ඉන්න විදිහ මෙතෙන්ට පේන්නෑ.  එයා ඉස්සල්ලා මට දෙන්න ඉදලා තියෙන්නේ මේ පුංචි චොකලට් කැටේ. ළමයි දෙන්නව කලින්ම නිදන කාමරේ නිදි කරලා මායි මහත්තයයි ආවෙ මේ කාමරේට. මන් හිටියෙ මයෙ නිලූෂගෙ ඔක්කේ එයා දුන්නු චොකලට් කැටෙත් කකා. මෙයාට දුන්නට එයා පොඩි කෑල්ලක් කාලා ඉතිරි එක මට දුන්නා.

” මන් ඕක ගත්තෙ මගෙ හාමු මහත්ත යාටම තමයි “

” මේ හාමු හරි ආදරෙයි මයෙ මේ රන්කදට “

ටික වෙලාවක් එහෙන්මම හිටපු අපි දෙන්නා ජනේලෙත් ලොක්‌ කරලා කාමරේ දොරත් වහලා යන්න ගියෙ අපෙ නිදන කාමරේට. චූටි මැණික එයාගේ චූටි අයියගේ පපුවේ ගුලි වෙලා හරි සනීපෙට නිදි.

” කොහෙද ඔය යන්න හදන්නේ….. “

” උගුර ටිකක් වේලිලා වගේ චූටි අප්පච්චි. වතුර ටිකක් බීල එන්නම්. ඔයාටත් ගේන්නද “

” හා මටත් ටිකක් ගේන්න එහෙනම් “

දොරත් ඇරලා මන් අඩ අදුරේ ගියෙ කුස්සියේ පැත්තට. සුදු මහත්තයා ලිප උඩ වෙනදා වගේම නිදි. වතුර බෝතලේට ඇල් වතුරත් දා ගත්ත මන් උණු වතුරත් කවලම් කරලා වතුර බිබීම ඇවිදගෙන ආවෙ ඇතුළේ සාලේ කෑල්ල පැත්තට.

” අ à·„ ස්…”

හෙමින් හෙමින් ඇවිදගෙන ගියපු මන් හිටි තැනම නතර වෙලා බැලුවේ මයෙ නම කතා කරනවා වගේ ඇහුණු පැත්ත. මට ඇහුනේ අපෙ කාමරේ පැත්තෙන්. මට ලාවට ලාවට ඒ කටහඩ හුරුයි වගේ. කැඩිච්ච අකුරු හරි අමාරුවෙන් එයා කිව්වේ. මන් ඉස්සෙල්ලා වහපු අපි දෙන්නගේ කාමරේ ඇරලා දාලා. කවුරු හරි තාලෙකට මුමුණවා වගේ. ඔරලෝසුවෙ ටික් ටික් විතරක්ම ඇහුණු අපේ වලව්වේ දැන් සින්දු මුමුණ හඩක් ඇහෙනවා. අපෙ අම්මා නෙවෙයි කියලා මට හොදටම විශ්වාසයි. එක්කෝ කාගේ හරි විහිළුවක් මේක.  ඇත්තමයි නිලූෂගෙ වැඩක් නම් මන් කැමරාව අහුවුණු හැටියේ පොළවේ ගහනවා.

කාමරේ අඩවන් වෙච්ච දොරත් ඇරන් ආවත් කිසිම දෙයක් නෑ . ඇද රෙද්දත් ඒ විදිහටම තියෙනවා.  ආයේ පිටිපස්සට හැරිලා කාමරෙන් එළියට යන්න හැදුවත් මන් ලාවට ලාවට වගේ දැක්කේ කළු දුමාරයක් පැත්තකින් මගෙ පැත්තට එනවා වගේ.

” සූ………. “

මන් පියවි සිහියට ආවෙ කේතලේ කෑ ගහන  හඩක් ඇහැද්දී. මල පාන්දර නැගිට්ට වෙලේ ඉදන් මට මතක් වුනේම අර සිද්දිය. ඒත් බලද්දී ඒ කාමරේ කවුරුත් ඇත්තෙත් නෑ. හැබැයි මේක කාගේ හරි විහිළුවක්ද කියලත් හිතෙනවා.

ඔක්කොමලාම තාම නිදි හොදට. මන් කෝකටත් කියලා කලින්ම නැගිටලා උයන්න ගත්තෙ අද දහයට  පැටියගේ බර කිරන්න යන්න තියෙන නිසා . එයගෙ ගොඩක්බර අඩුයි. චූටි මැණිකෙගෙත් බර කිරුව නම් හරි. එයා නම් හරි ආසයි මන් හදලා දෙන ත්‍රී පෝෂ ගුලි කන්න. උදේට එළ කිරි වීදුරුවක් එක්ක පැටියට කොහොමත් මන් ගුලියක් හදලා දෙනවමයි. නුරාද ගුලි වෙනුවට කන්නේ දියරෙට හදලා දුන්නම.

” හා මු… ඇයි නැගිට්ටවව්වේ නැත්තේ ම් “

” තව ටිකක් ගිහිල්ලා නිදාගන්න නිලූෂ. අද කීයටද වැඩට යන්නෙ “

කේතලේ බාපු මන් මටයි එයාටයි කිරි දෙකක්‌ වක් කරන්න ගත්තා.

” රෑ වැඩ හාමු. ඒක නෙවෙයි ඇයි මේ නිල් වෙලා තියෙන්නේ. ඊයේ තිබ්බේ නෑ නෙ ආ “

” ඊයේ රෑ අපේ කාමරේ දොර දොර වහද්දි ඇගිල්ල අහුවුනානෙ දොරට. ඒක එච්චර දෙයක් නෙවෙයි මැණික “

කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව එක පාරටම දොර වහ්න්න හැදුවත් හරි චරාස් ගාලා මගෙ ඇගිල්ල අහුවුනේ මට නැති චූ බරකුත් එන්න හදද්දී.

මහ වලව්වට වඩා ඇත්තටම අපෙ පුංචි වලව්ව හරි සිරියාවයි. මන් ඔහේ මයෙ නිලූෂ දොරවලුත් ලොක් කරලා එනකම් මන් පැටව් දෙන්නා එක්ක බලන් හිටියෙ අපේ වලව්ව දිහා.

” චූටි මැණික ඉස්සරහට එන්න පැටියෝ “

” ආ… “

මන් ආයේ බයික් එකෙන් බැහැලා චූටි මැණිකව ඉස්සරහ වාඩි කරවව්වේ එයාගේ මූණ චූටි අප්පච්චිගෙ පැත්තට හිටින්න.

” චූටි අප්පච්චිව තද කරලා බදා ගන්න ඕනී වස්තු හාද “

” බය වෙන්න එපා හාමු. එහෙම වැටෙන්නෑ. කොල්ලා මගෙ ඇගට හිර වෙලා ඉන්නෙ “

මාත් කළු පාට හෙල්මට් එක දාගෙන පිටිපස්සෙන් නැග්ගේ නුරාදත් මගෙ ඔක්කට අරන්.  හොද වෙලාවට මගෙ මනුස්සයා බයික් එකෙන් පියාඹන්නෑ. යන්නෙ හෙමීට. ඒ ගාන වුණත් අවුලක් නෑ තමුන්ට හොදට බයික් එක බැලන්ස් කර ගන්න පුළුවන් නම්.

” පෝලිමේ ගොඩක් වෙලා ඉන්න ඕනිද හාමු “

” ටිකක් පෝලිම තියෙනවා. හැබැයි පෝලිම ඉක්මනට යනවා “

මිසිලා කීප දෙනෙක්ම බර කිරන හින්දා බෙදිලා යනවා. අදත් ත්‍රිපෝෂ පැකට් එකක් හම්බෙයිද දන්නෑ.

” මන් ගිහිල්ලා පොත ලකුණු කරන් ඉන්නම්. ඔයා පැටව් දෙන්නා එක්ක පෝලිමේ ඉන්න හාද “

” මට විතරක් අම්මලා ගොඩේ ඉන්න අමාරුයි අප්පා. හාමුත් ඉක්මනට එන්නකෝ “

කොච්චර වුණත් මගෙ කොල්ලට ලැජ්ජා ඇති. බර කිරන පෝලිම් වල ළමයි තියාගෙන හිටන් ඉන්නෙ අම්මලාමනේ. පිරිමි අය ගොඩක් වෙලාවට ඉන්නෙ ටිකක් එහාට්ට වෙන්න. එහෙමත් එක්කෙනෙක් දෙන්නෙක් තමයි පෝලිම් වල ඉන්නේ. හරියට මන් වගේ.

” නුරාද කෝ පැටියෝ චූටි අප්පච්චි “

” තූති මනිතත තූ බල හදිලා අලහෙත්ත ගියා අලේ… ඔදවෙලාවත මන් ගෙදලදී තූ දාලා ආවෙ “

මන් එද්දි අපෙ පැටියා විතරයි පෝලිමේ හිටගෙන. හොද වෙලාවට මගෙ නිලූෂ දෙපැත්තේ ඉන්න අම්මලා දෙන්නටත් කියලා ගිහිල්ලා තියෙන්නේ. නැත්තම් පෝලිම් පනිනවා කියලා බැනුම් තමයි අහ ගන්න වෙන්නේ.

” අයි අප්පත්ති මාලිත තී පෝතා දුන්තත්තේ… “

” මල්ලිගේ බර හොදයි ඔයාට වඩා නුරාද “

වලව්වට ආපූ හැටියේ පැටියගේ ප්‍රශ්න ටික පටන් ගත්තත් හරි මන් ඒවාට උත්තර දුන්නේ ඇදුම් මාරු කර කරමයි.

” කෝමත ඒම වෙන්තේ ඈ අලේ මාලියා මත වදා කොත්තල මිතිද බාන්නකු අප්පත්ති… “

” එහෙම ආයේ බරක් හොයන්න බෑ පුතා. කෝ එන්න බලන්න. ඇදුම් වත් ගලවන්න ගානක් නැති හැටි “

නිලූෂයි චූටි මැණිකයි ගෙනාපු මාළු ටික ආපු ගමන්ම උයනවා. මහ වලව්වේ මොනාද දන්නෑ කමනි නැන්දා උයලා තියෙන්නේ.

” කෝපිත් විකුනන්නද අප්පච්චි ඔය හදන්නේ “

” ඔව් පුතා.  අර කෑල්ලෙත් දැන් සරුවට හැදෙනවා කෝපි. වීරන්කෙඩුව තේ වගේම කෝපි වලටත් ඉල්ලුමක් ආවොත් මන් තව කොටහක කෝපි දාන්නම් කියලා පොඩී හිතන් ඉන්නෙ “

මන් හවස අප්පච්චි එක්කලා ආවෙ තේ වතු දෙකට එහායින් තියෙන අප්පච්චි ගෙ තේ කර්මාන්ත ශාලාවට.  අලුතින් වැඩට කීප දෙනෙක්ම අප්පච්චි අරන් ළගදි. අප්පච්චි මට පැත්තකට ගිහිල්ලා පෙන්නුවේ වීරන්කෙඩුව නැවුම් කෝපි කියලා ලියලා සීල් එක තිබ්බ කෝපි කුඩු පැකට් එකක්.

” තේ කොළ වලට ඉල්ලුම තියෙන හින්දා මේකටත් ඉල්ලුම තියෙයි අප්පච්චි. එහෙම වුනොත් අපි තව කෑල්ලක කෝපි වත්තක් දාමු “

” ඒක තමයි පුතා මාත් බැලුවේ. අපෙන් පස්සේ මේවා බලා කියාගන්න උබත් ඉන්න එකේ මට මේවා ගැන බයක් නෑ. අපෙ පරම්පරාවේ ඈයෝ හිටියා නම් හරි සතුටු වෙයි වීරන්කෙඩුවේ පස් වලින් මෙහෙම අස්වනු ලැබෙද්දී. හිල්ලාව භාර දෙයි හාමුදුරුවන්ටත් ගොඩක් පින් අත් වෙන්න ඕනී අපිට කිසිම අහේනියක් කරන් නැති එකට “

කොහොමත් අප්පච්චි අවුරුද්දකට සැරයක් කිරි දාන පූජාව කරද්දි හිල්ලාව ගම් භාර දෙවිදුන්ටත් පින් අනුමෝදන් කරනවා. දෙවියෝ වෙනුවෙන් කිරි ආහාර ටිකක් වෙන් කරනවා අමතක කරන් නැතුව. මේ සැරෙත් අලුත් හාල් අරන් අප්පච්චි කරයි ගිය සැරේ වගේම කිරි දාන පූජාව.

මන් නුග ගහ යටට එද්දි සෝමේ මාමයි මයෙ කොල්ලයි හිටියේ ලොකු කයියක. ඉස්සර නම් මගෙ මනුස්සයත් කොච්චර නම් තේ වත්තෙ වැඩ කරන්න ඇත්ද. ඒකට දැන් බලන්න ඕනී මාවත් සින්නක්කරව එයාගෙම කරගෙන කොහොම හරි හොද රස්සාවකුත් හොයා ගත්තා එයා.

” පුංචි බේබී කහට කෝප්පයක් වක් කරන්නද. අපි නම් ඕන් දැන් ඩිංගිත්තක ට කලින් බිව්වා “

මන් පොල් කටු කෝප්පේ තිබ්බ කහට එක තොල ගගා කිතුල් හකුරු කෑල්ලක් කඩා ගත්තා. මන්දාරම් කරත් හුළග හින්දා වහින් නැති වෙයි සමහර විට.

“  හාමු අරක ගත්තද ම්….. “

” වලව්වට ගිහිල්ලා බලමු “

එහෙම කිව්වත් හරි මගෙ මූණට වගේම එයාගේ මූණට ආවෙ හීන් හිනාවක්.

           💥💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලුලා 🤗

බුදුසරණයි හැමෝටම 🙏

අදහස් වලට වෝට් වලට යාලූලා හැමෝටම ගොඩාරියක් ඉස්තුතියි 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූඑක්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූඑක්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූඑක්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූඑක්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූඑක්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූඑක්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 84