À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූදෙවැනි කොටහා

A+ A-

” එහෙම කරන්න පුලුවන්ද ආ…. එතකොට හරිද.. “

” ඔව් ඔව් ආයේ ඒක අහන්න දෙයක් නෑ. ලොකු හාමුගේ පුතා ඔහේ නිසක් මම නෙවෙයිනෙ වස්තු…. ඕක පොඩ්ඩක් බලන්න බැරිද අල්මාරිය ඇදලා “

” පිස්සුද මාව සැක කරයි අප්පච්චි “

” කවුද දැන් මයෙ හාමුට කිව්වේ අප්පච්චි ඉන්න වෙලාවක යන්න කියලා. එයා තේ වත්තේ වැඩ බලන්න ගියාට පස්සේ පොඩ්ඩක් කාමරේට ඔලුව දාලා අල්මාරියෙ බලන්න හාමු. නෑ නෑ එක්කෝ ඔයා ඕන්නෑ. මන් බලන්නම්. මයෙ හාමු මහත්තයා ඉන්නකෝ පොඩ්ඩක් දොර ළගට වෙලා “

මගෙ මනුස්සයාගේ මොළේ බලන්න එපැයි. එයා කමිසේ අත් දෙකත් වැලමිට ළගට නවා ගෙන කොලර් එකත් හද හදා මට උපදෙස් දෙනවා.

” හෙට බලමුකෝ එහෙනම් “

“හරි බලමුකෝ එහෙනම්. මන් ගිහිල්ලා එන්නම් මයෙ පුංචි හාමු… “

එයා මගෙ නළලටයි කම්මුලකටයි හාද්දක් දීලා එළියට යද්දි මාත් බලන් හිටියෙ එයාගේ බයික් එක කඩුල්ලත් පාස් කරන් යනකම්. වීරන්කෙඩුවේ ඔක්කොම ඔප්පු ලියකියවිලි බලන්න හිතාගෙන එදා තේ කර්මාන්තශාලාවට ගියත් මට ඒකෙන් හොයා ගන්න පුළුවන් වුණේ වතු වල ඔප්පු ටිකයි ලියකියවිලි ටිකයි විතරයි. වලව් ඉඩම් වල ඔප්පුයි ලියකියවිලියි තාම හොයා ගන්න බැරි වුණා.

” චූටි මැණිකෙයි ලොකු මැණිකෙයි නැගිටින්න. මොකද මේ දෙන්නා තාම නිදි ආ… “

වෙනදා පහාමාර හය වෙද්දි නැගිටලා බඩගිනි බඩගිනි කියලා කෑ ගහන නුරාදත් තාම නිදි. චූටි මැණිකත් එහෙමයි.

” අ ලේ තා තු ත්ත යි අප් ප… “

” හයත් පහුවී ගෙන එන්නෙ දරුවෝ. මොන්ට සෝරි යන්න එපැයි “

මන් නිදා ගෙන ඉන්න කොල්ලෝ දෙන්නවත් කිහිලි ගහගෙන එක්ක ගියෙ ටැංකිය ළගට . චූටි මැණික නැගිට්ටත් කොල්ලා මයෙ බෙල්ල අස්සේ මූණ ඔබන් නිදි.

” නුරා…….ද මල්ලිගෙයි ඔයාගෙයි සපත්තු දෙක ඉස්සරහින් තියන්න. චූටි මැණිකෙ පුතා කුස්සියේ දොර ලොක් කරලද බලන්න “

අදත් හතහාමාරට කිට්ටුයි . මේ දවස් ටිකේම මට පරක්කු වුණා. හොද වෙලාවට මන් එද්දි දෙන්නා තනියෙන් එයාලගේ සපත්තු දෙකත් දාන් ඉස්සරහ ඉස්තෝප්පුවේ ඉන්නවා මන් එනකම් බලාගෙන. පූස් පැටව් තුන් දෙනාවත් ඇතුළට දාලා ඉස්සරහ පැත්තේ එක ජනේලෙකුත් ඇරියා උන්ට ටොයිලට් කරන්න යන්න.

” අප්ප ත්ති මත අමාලුයි නෙ අකුලු “

” මයෙ චූටි මැණික වස්තු තව ටික දවසක් ගියාට පස්සේ හරි යයි හාද. ඔයාගෙ අයියත් ඉස්සර ඔහොම තමයි හිටියෙ. මයෙ පැටියත් අයියා වගේම දක්ස වෙයි ඔන්න. නුරාද මල්ලි ගැන බලන්න පැටියෝ…. “

” හලි හලි අප්පත්ති මාලිව පතියා හුදත බලා ගන්නෝ. නේත තූති මනිත මදේ “

ඒ දෙන්නවත් ඇතුළටම දාලා මන් ඉක්මනට ආයේ ගියෙ හිල්ලාවට. මන් යනකොට ළමයි ගාථා කියලා යනවත් එක්ක පන්ති වලට.

” සර් අලුත් ආරංචියක් එහෙම ආවෙ නැද්ද “

” එහෙම මොකුත් විශේෂ ආරංචියක් නම් ආවෙ නෑ සර්. ප්‍රවෘත්ති බලන්නත් බැරි වුණා මට “

ගුරු විවේකාගාරයේදී මට හම්බුනේ එරංග සර්. විද්‍යාපීට සර් කෙනෙක්.

” කලුවිල්ලෙ බෙහෙත් බඩු ගබඩා දෙකක් වටලලා සර් . කාටවත් යන්න දෙන්නෑ දැන් ඒ දෙකට. පොලීසියෙනුත් දාලා ඉන්නෙ සර් “

” ඊයෙද වැටලුවේ “

” නෑ නෑ සර්. පෙරේදා පාන්දර වැටලුවේ . ඊට පස්සේ තමයි මාධ්‍යට පුවත ගිහිල්ලා තියෙන්නේ “

ඒක තමයි එහෙනම් මයෙ නිලූෂයි කට්ටිය කීප දෙනෙකුයිටයි එක දිගටම රෑ වැඩ වැටිලා තිබ්බේ. කොහොමත් මටඑදා නිලූෂ කිව්වා කලුවිල්ලෙ කේස් එක තාම ඉවර කර ගන්න බැරි වුණා කියලා. දැන් අලුතින් ඉන්න බුද්ධි අංශ ප්‍රධානාධිපති තුමා හොදයි වගේ අනිත් අයට වඩා.

” කොහෙද ළමයි ගිහිල්ලා හිටියෙ. මයෙ කාලච්චේදේ විතරක් රෝන්දේ ගහන්න තියා ගන්න එපා තමුසෙලා. එනවා පොත් ටිකත් අරන් ඉස්සරහට. ඔය දරුවෝ ටික ඉක්මනට යන්න එයාලා ඉන්න පෝලිමට. කෝ ඉතින් ඉක්මන් කරන්න ළමයි…… “

මන් සැදී පැහැදී උගන්නන්න එනකොට මැද පෝලිම හිස්. මුන්ව වඩම් වන්න වෙනම සේනාන්කයක් යවන්න ඕනී.

” සර්ට මේන් ලිවුමක් ලියලා කවුදෝ “

” මන් ගිරිය පලන් උගන්නද්දී ඔහෙලා ලිවුම් මාරු කර කර ඉන්න. මට පස්සේ දෙන්නකෝ ළමයෝ. තවත් මට ලිවුම් දෙන්න තියෙනවා නම් ඒවත් දෙන්න . හැබැයි දැන් හැමෝම මන් කියන දේවල් ඔය මොළ ගෙඩි ඇතුළට දා ගනිල්ලා ළමයිනෙ. ඊළග අවුරුද්දේ විභාගේ නේද ආ……”

මන් ආයේ කර කර හිටපු තැනින් පටන් ගත්තෙ පන්තිය පුරාම ඇවිද ඇවිද.දැන් නම් මගෙ වෙලාව හරිත් වගේ. දොළහට දහයයි. මන් එහෙන්ම ළමයින්ට කරන්න කියලා වැඩකුත් දීලා ඉක්මනින් ගියෙ වාහනේ ළගට.

” බය වෙන්න එපා සර්. ඉක්මනට ගෙනිච්චා ඉස්පිරිතාලේ කොල්ලව නම් “

” සසිදුට කොහොමද ටීච “

” එයාට මහ ලොකු අවුලක් නෑ සර්. නුරාද තමයි ටිකක් විහික්කා වුණේ. රාහුල්ගේ මාමා නම් කිව්වා නුරාද ළග ඉන්නවා කියලා සර් “

මගදි හරියටම වාහනේ තෙලුත් ඉවර වුණු හින්දා ඒ ඔක්කොම කරන් එද්දි එකටත් කිට්ටු වෙලා තිබ්බා. මන් එද්දි ළමයි තුන් දෙනාව පේන්න වත් හිටියේ නෑ. ටීච මාව දැකලා තමයි විස්තරෙ කිව්වේ ළගට ඇවිල්ලා . නුරාද එයාගේ චූටි මල්ලිවත් ඔක්කේ තියා ගෙන ඉද්දි පිනිදිට කියලා හයියෙන් ඔන්චිල්ලාව තල්ලු කරන්න කියලා. පස්සේ තමයි නුරාදගේ අත අතැරිලා දෙන්නා එක්ක ඔන්චිල්ලාවෙන් වැටිලා තියෙන්නේ.

මන් ළමා වාට්ටුවට ගිහිල්ලා ඒ මිස් කෙනෙක්ගෙන් නුරාද ගැන ඇහැව්වට පස්සෙ කිව්වා ටිකට් කපලා ළමයි තුන් දෙනාව එහෙ ගෙනිච්චා කියලා. යකෝ මන් මෙහෙ ගිනියම් වෙලා ඉන්නවා. මන් එහෙන්ම මිස් කෙනෙකුට කියලා ඇමතුමක්‌ ගත්තෙ දිනුලලාගෙ දුරකථන අංකෙට.

” à·„à·Š… “

” මගෙ ළමයි දෙන්නව අරන් ගියාද “

” ඔව් ටිකට් කපාගෙ.. “

මන් දුරකථනෙත් තියෙලා ඉක්මනට ගියෙ දිනුලලාගෙ ගෙදරට. මොකද කතා කරේ දිනුල නෙවෙයි ගයාන්. මට හරි බයයි මගෙ ළමයි දෙන්නව ඒ මනුස්සයා ළග තියෙලා යන්න. වාහනෙන් බැස්ස හැටියේ මන් සපත්තු දෙකවත් ගලවන් නැතුව ගෙට ගියෙ ගයානුත් වාහනේ සද්දෙ ඇහිලද කොහෙදෝ ඉස්සරහට එද්දි. දැන් තමයි ලේ ටිකක් ඉනුවේ. තුන් දෙනාම අයිස්ක්‍රීම් කනවා හාන්සි පුටුවේ ඉදගෙන. පැටියගේ නළලට පොඩ්ඩක් බෙහෙත් දාලා එච්චරයි. එයාට නම් තුවාලේ ගැන ගානක් වත් නෑ.

” අප්පත්ති….   බාන්නකු අලේ පතියත මාල වදේ වුනෙ අයියූ. තූති මනිත එත්ත වතුනනෙ දොන් ගාලා.. හුද වෙලාත මාලිත මුතුත් වුන්තෑ……. “

” ආයේ එහෙම හයියෙන් ඔන්චිලි පැදලා අහු වෙන්න බෑ නුරාද. කෝ ඕක හෝදලා දාලා දෙන්නම යන් දැන් ගෙදර “

කොහොමත් වලව්වට තමයි යන්න වෙන්නේ මට. ඉස්කෝලේ ඇරිලත් එක්කනේ දැන්.

” පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න. මන් තේ එකක් වක් කරම් එන්නම් ඉක්මනට “

” එපා. කෝ ඉතින් දෙන්නා ඉක්මනට එන්න. නුරාද එක පාරක් කියන්න තියෙන ඒවා මන් ලව්වා තුන් සැරේකට වඩා කියන්න ඉඩ තියන්න එපා…. “

” අප්ප ත්ති මාලියි මායි සාහුල් එත්ත තුත්තත් වලා ඉදා එන්තම්කු “

ගයාන් හිටියෙ මන් දිහාම බලාගෙන වෙද්දී මන් ළමයි දෙන්නගේ අත් දෙකේ තිබ්බ අයිස්ක්‍රීම් කෝප්ප දෙකත් හෝදලා දෙන්නගෙ අත් දෙක අල්ලන් පුංචි රාහුල් දිහාට නැමුණා.

” රාහු මැණික මාමි එක්ක යන්න එනවද නුරාදගේ ගෙදර සෙල්ලම් කරන්න “

” අලේ ඒම කලමු සාහුල්. ඔලා යන්කු අපෙ ගෙදල “

” බා නෙ නුලාද ඇතයා තනීම දාලා යන්ත බා නෙ… “

රාහුල් එහෙම කිව්වත් හරි මන් එයාගේ ඔලුවත් අත ගාලා ආවෙ ගයාන් ළගට. දිනුල කොහොම මේ ළමයා මේ මනුස්සයා එක්ක තියෙනවද දන්නෑ. මට නම් කේන්ති. පොඩි ළමයෙක්ට මොනා හරි වුනොත් ඒ ළමයගේ ජීවිතේම ඉවරයි.

” ඉස්සර මින්මෙන් මාව මනින්න එපා දැන් “

” ස්තුතියි මගෙ ළමයට බෙහෙත් කරාට”

ගයාන් අරහෙම මට කියද්දී මන් එහෙම කියලා  දෙන්නවම වඩා ගෙනම එක්ක ආවෙ වාහනේට. මන් වාහනේ අරන් පාරටම දාද්දි වාහනේ පැති කන්නාඩියෙන් බැලුවේ දොර ළග අපි යන දිහා බලන් ඉන්න රාහුයි එයාගේ ඇටයයි. දිනුල ඇත්තටම උබ ගැන මට මීට වඩා හොයලා බලන්න තිබ්බා.

” අප්පත්ති අප්පත්ති ඇතයා අපි තුන් දෙනාත තොකලත් අලන් දුන්තා අලේ “

” මගෙ මැණිකගේ තුවාලේ අමාරුයිද රිදෙනවද වස්තු….. “

” තුත්තක් විතල අලේ.. “

පොඩි කාලේදී කොහොමත් ඔය වගේ දේවල් වෙනවා ළමයින්ට. දග වැඩවල කෙළවරකුත් නෑ නෙ මේ ළමයි න්ගේ.
චූටි මැණිකට පුදුමයි මොකුත්ම වෙලා නැති එකට හැබැයි.

වලව්වට ආපු හැටියේ පූස් පැටව් තුන් දෙනාම තරගෙට හූ තියෙනවා. එච්චරටම බඩගිනි වෙලා. මන් එහෙන්ම ඇදුමුත් ගලවන් ළමයි දෙන්නා එක්ක ගියෙ ළිද ළගට නා ගන්න. ළිද ළගට ටිකක් එහාට්ට වෙන්න තිබ්බ ලොකු බේසමකට ඒ හරියේ තිබ්බ කරාමෙත් ඇරියේ පුංචි ප්ලාස්ටික් බාල්දි දෙකත් ඒකෙ ඇතුළට දාලා.

” මැණිකෙලා දෙන්නා මේකෙන් නා ගන්න. වතුර පිරීගෙන එන්නෙ….. “

” හලි හලි අප්පත්ති… අපි දෙන්තා නා ගන්තම්. ඔලත් නා දන්තකු අයියූ. කු…  තූති මනිත ඔලත් අයියා වදේ කාසම මේම තීලා නා ගමුකු “

දෙන්නා හෙලු වැල්ලෙන්ම බේසම ළග තද අව්වේ හිටන් නා ගනිද්දී මන් ළිදෙන් ඉක්මනට ඉක්මනට වතුර බාල්දි හලා ගත්තෙ ළිදේ වතුර ගොඩක් සීතළ නිසා. වලව්වටම අල්ලලා වොෂ් රූම් එකකුත් හදන්න ඕනී. ළිදෙන් වතුර අදිනවට වඩා ඇතුළේ ඉදන් නා ගන්න එක ලේසි.

දෙන්නා එළියේ සෙල්ලම් කරන කම් මන් එකින් එක බැලුවේ අප්පච්චි ළගින් ගත්තු වතු ඔප්පු ටිකයි ලිය කියවිලි ටිකයි. අප්පච්චිගෙ සීයගෙ අප්පච්චිගෙ කාලේ ඉදන් පැහැදිලිව තියෙනවා. අප්පච්චි කිව්වත් වගේම බලමුකෝ හරියටම අයියගේ නමටද මගෙ නමටද තියෙන්නේ කියලා. පරණ ස්ථිර ඔප්පු වෙනුවට අප්පච්චි මට එදා පෙන්නුවේ මගෙ නමට අලුතින් හදපු ටික විතරයිනෙ. ඒවා එකින් එක බලන් යද්දි මගෙ ඇස් නැවතුනේ එක තැනක.

සේනාධීර මනමේන්ද්‍රන්ගෙන් පස්සේ සත්‍ය ඔප්පු වාර්තාවේ නම තියෙන්නේ අප්පච්චිගෙ නම නෙවෙයි. තේ වතු දෙකේම මුල් හිමි කරුගේ නමට තියෙන්නේ වීරසූරිය රහල් මන්මේන්ද්‍රන් කියලා. අපෙ අප්පච්චි වීරඅප්පු සේනක මන්මේන්ද්‍රන්ගෙ නමට තියෙන්නේ පොල් වත්ත විතරයිනෙ. එතකොට සීයට තව පුතෙකුත් ඉදලාද. වීරසූරිය රහල් කවුද. තේ වතු දෙකයි වලව්වයි භාර දෙනව නම් භාර දෙන්නෙ වලව්වේ ලොකු පුතාටනෙ. ඊට පස්සේ භාර දෙන්නා ලොකු පුතාගේ ලොකු පුතාට. එතකොට අප්පච්චි මේ අලුතින් ඔප්පු හදලා මගෙ නමට හැරෙව්වා කියලා ඒවා තාවකාලිකයි. සත්‍ය ඔප්පු වාර්තාවේ තියෙන්නේ අප්පච්චිගෙ නම වෙනුවට වෙන මනුස්සයෙක්ගෙ නමක් නෙ.

ටිරින්   ටිරින්   ටිරින් “

එක පාරටම ෆෝන් එක නාද වෙද්දී මන් මේ ඔක්කොම දාලා දිව්වේ ඉස්සරහ සාලේ කෑල්ලට.

” හලු…. කාද මේ……. “

මන් එද්දි චූටි මැණිකෙ පුටුවේ උඩ හිටගෙන ඒක කනෙ ගහන් කතා කරනවා. ළගට ගියපු මන් පැටියවත් වඩා ගෙනම ෆෝන් එක කනේ ගහ ගත්තා.

” පැටියෝ අප්පච්චිට දෙන්නකෝ “

” ඕ කියන්න මන් මේ නිලූෂ “

” හාමු අද රෑට මට එන්න වෙන්නෑ. බලන් ඉන්න එපා වස්තු.  මන් වැඩ ගොඩක ඉන්නෙ. තියන්නම් රන්. බුදුසරණයි. පැටව් දෙන්නා එක්ක පරිස්සමින් ඉන්න “

” බුදුසරණ යි “

බුදුසරණයි කියන්න කලින්ම තියලත් ඉවරයි. අනේ ඇත්තටම මේ වැඩ වල කෙළවරක්‌ නෑ නෙ එයාට.. 

” තූති අප්පත්ති මොනාත කුව්වේ “

” එයාට එන්න වෙන්නෑලු චූටි මැණික. කෝ අයියා “

” එලා තීත තෙල්ලම දානෝනේ. මතත් ගීල්ලා තද් දාලා එන්ත කුව්වා අකුලු ලියන්ත “

අපෙ නුරාද කෝට්ටකුත් ළග තියා ගෙන රතු පෑනකුත් අරන් එයාගේ චූටි අප්පච්චි අරන් දුන්නු හාට් හැඩේ සෙල්ලම් කන්නාඩි කුට්ටමත් දාගෙන චූටි මැණිකට අකුරු කියලා දෙනවා.

             💥💥💥💥💥💥💥💥

” උබ ඕනී කරන සේරම ටික ලෑස්ති කර ගත්තනේ නේද “

” ඔව් බන් ඒ ටික ඔක්කොම හරි “

මන් ආයේ ආයේ බැලුවේ පිළි වෙලකට හරි ගස්සපු ලිය කියවිලි සේරම. ඕනී කරන ඒවා වෙන වෙනම ෆයිල් කරලා මන් ගියෙ ලොකු සර්ව හම්බෙලා මේ ටික භාර දෙන්න. රන්දුනු සර් හදිස්සියේම කොළඹ ගියා. නැත්තම් ඉතින් රන්දුනු සර්නෙ ලොකු සර්ට මේ ඔක්කොම ටික හරි ගස්සලා දෙන්නෙ.

” සර් මන් එන්නද ඇතුළට “

” එන්න “

ලොකු සරුත් මොන මොනාදෝ ලොකු පොතක සටහන් ලියා ලියා තව පොතක් බලනවා. මන් පුටුවත් ඇදලා ළගට කරන් වාඩි වුණත් හරි තමයි සර් මන් දිහා බැලුවේ.

” වැඩ ටික ඉවර කර ගන්න පුළුවන් වුනාද පුතා “

” ඔව් සර් ඔක්කොම ටික ඉවරයි. රන්දුනු සර් කිව්වා සර්ට එක ගොනුවක් දුන්නා කියලා “

” ආ ඔව් එයා දීලා තමයි ගියෙ. පහළ කට්ටිය කීප දෙනෙක් තව ඉන්නවා නේද වැඩ කරන්න. නැත්තම් මේ ටික   දොළහා වෙද්දී වත් ඉවර කර ගන්න පුළුවන් වෙන්නෑ පුතා “

ලොකු සරුත් එක්කත් ගොඩක් වෙලා කතා කර කර ඉදලා මන් ආවෙ පහළට.  දමියා නම් නිදි කිරනවා. තාම අටවත් වෙලා නෑ ඒවුනාට .

” අපි රෑට කන් නැද්ද බන්. මගෙ ඇගත් වෙව්ලනවා “

” ඉදපන් මන් තාම ඉවර නෑ “

විහගයා එහෙම කියද්දී දමිගේ මූණ ඇද වුණා.  රෑට කන්න වෙන්නේ කඩෙන් තමයි. මන් ආයේ මයෙ හාමුටවත් කිව්වේ නෑ රෑට බත් එකක් ගේන්න කියලා. හදිස්සියේ හරි කොහේ හරි යන්න වුනොත්. ලෑස්ති වෙලා ඉන්න එපැයි.

බයික් එක වාහන මඩුව ඇතුළටම දාපු මන් පුංචි ටෝච් එකත් පත්තු කරන් මඩුවෙන් එළියට ඇවිල්ලා ඒක නිවලා දැම්මා. වලව්වේ ඉස්සරහ කොටසේ බල්බේ කනාමැදිරි එළිය නිසා හොදයි. ඔරලෝසුවෙන් වෙලාව බලද්දී පාන්දර තුනත් පහුවී ගෙන එන්නෙ. හෙට නම් වැඩ නැති වුණත් කැම්පස් එකට නම් යන්න බෑ.

මගෙ සාක්කුවේ තිබ්බ යතුරත් ඇරන් දොර අරින්න බැලුවත් දොර ඇතුළින්ම ලොක් වෙලා වගේ. ශික් විතරක්‌ ජනේලෙකින් වත් ඇතුළට රිංගන්න බෑ නෙ. ක්වාටස් එකේ නම් ජනේලෙන් පනින්න පුළුවන්. මන් එහෙන්ම මගෙ නයි මල්ලත් අරන් ගියෙ අපෙ කාමරේ ජනේලෙන් එළියේ පැත්තට වෙන්න හදලා තිබ්බ කොටසට. මන් පඩියට ගිහිල්ලා ඉදගෙන එහෙන්ම ජනෙල් දොරට හේත්තියක් දැම්මත් හරි ජනෙල් පියන් දෙක මගෙ බරටම ඇරුනා. හාමු මේක වහලා නැති හැටියක් ඇත්තමයි අනේ මන්දා ඉතින්. මන් කාමරේ ඇතුළට ඇවිල්ලා ජනෙල් දෙකත් ලොක් කරලා භාගෙට ඇරිලා තියෙන දොරෙන් ඇතුළේ සාලේ කෑල්ලට ඇවිල්ලා ලයිට් එක දැම්මා.

” තූති අප්පත්ති…. පතව් දෙන්තා ගන්ත එන්ත ඒනම් හාත. පාස්සමෙන් ඉන්ත ඔලා…. බායි බායි “

නුරාද එහෙම කියලා මට උම්මෙකුත් දීලා කාමරෙන් එළියට ගියත් හරි ඇදේම හාන්සි වෙලා හිටිය මන් කොට්ටෙත් බදාගෙන ආයේ නිදා ගත්තා. දහයට නැගිට්ට නම් ඇතිනෙ.

                 💥💥💥💥💥💥💥

” රාහු….   දරුවෝ එන්නකෝ “

” ඉන්ත තුත්තක් “

මන් රාහුත් එක්ක ආවෙ අනූගේ ගෙදරට. ගහේ තාම නාරං ගෙඩිත් තියෙනවා. ගොඩක් වෙලාවට අනූ ඉන්නෙ අපේ ගෙදරම තමයි. ඒවුනාට එයා ඉදලා හිටලා හවසට එයාගේ ගෙදර යනවා.

” අනූ ඔය මොකද කරන්නේ “

” මේවා දැන් වැඩක් නෑ නෙ අයියේ අල්මාරියෙ ගොඩ ගහ ගන්නවට වඩා හොදයි බෑග් එකකට දාලා ඇද යටින් තියෙන එක “

ලොකු සූට්කේස් එකකට එයා නව නව දැම්මේ කලින් තිබ්බ එයාගෙ නිළ ඇදුම් ටික. ඊට ටිකක් එහාට්ට වෙන්න එයාගේ ලාංඡන ටිකත් තියෙනවා. දැන් නම් හැබැයි මගෙ අනූ ඉස්සර වගේ මූණ එල්ලන් ඉන්නෑ. ඒකම ලොකු දෙයක්.

” ගෙදර ගිහිල්ලා තේ එකක් බොනවද අයියේ නැත්තම් මෙහෙන් වක් කරන්නද මන් “

” එපා අනූ.. මන් මේ ඔයාට ලෑස්ති වෙන්න කියන්න ආවෙ ගමනක් යන්න “

ගොඩක් කාලෙකින් ගියෙ නෑ විරාව බලන්න. විරා නම් දැන් කොහොමත් වලව්වේ ඇත්තේ. විනාඩි දහයකින් පහළවකින් වගේ හිල්ලාවට ආපූ මන් වාහනේ හැරෙව්වේ වලව් පාරට. ඇත්තටම බැලුවොත් හරි නම් ඉතින් අපෙ අප්පච්චිගෙන් පස්සේ මට තමයි වීරන්කෙඩුව වලව්වේ උරුමේ ලැබෙන්න ඕනී. ඒවුනාට අපෙ අප්පච්චි එහෙ ඉන්න බැරි හින්දනේ අම්මියි මාවයි එක්ක කොළඹ ගියෙ. ඒ නිසා මහ ලොකු වලව් නැතුවට කමක් නෑ. අනූටයි මටයි පුතාටයි ඉන්න හොද ගෙදරක්‌ තියෙන එක මට මහ මෙරක්.

” අනූ ඔයාට මෙහෙ යන එක අවුල් වගේද ම්….. “

” එහෙම නෑ අයියේ. ඒ ඔයාගෙ එකම මල්ලිනෙ. කොහොමත් අයියා කෙනෙක් මල්ලිව බලන්න යන්න ඕනී තමයි.  “

එයා හිනා වෙලා එහෙම කියද්දී මට බැලුනෙ එයාගේ අස්සේ සනීපෙට නින්ද ගිහිල්ලා ඉන්න රාහු දිහා . මන් මේ ළගදි අනූට මන් ගැන ඔක්කොම විස්තර කිව්වා.  හැබැයි එකක් ඇරෙන්න. එයා නම් පුදුම වුණා වීරන්කෙඩුව වලව්වේ ලොකු බේබි අපෙ අප්පච්චි කියනකොට. මගෙ අනූ නම් කිව්වා මට පොඩ්ඩක් වත් බය නැතුව ඉන්න   අම්මයි අප්පච්චියි වගේ මාව තනිකරන්නෑ කියලා.

” අනූ මගෙ ළගින්ම ඉන්න “

” හරි හරි එහෙම ඉන්නම් මන්. ආන් ඩබල ඉස්තෝප්පුවේ බලන් ඉන්නවා “

නුරාද කණුවක එල්ලිලා හිච්චි කලිසම් කෝටේකුත් ඇදගෙන මේ පැත්ත බලන් ඉද්දි ඇතුළේ ඉදන් ආපූ විරා කොල්ලගේ පස්සටත් පාරක් ගහලා මොකක්දෝ එකක් කිව්වට පස්සේ දෙන්නම ඇතුළට දුවගෙන ගියෙ මට ඒක දැකලා හිනාවකුත් යද්දි.

” අඩේ උබට දැන්ද උබේ යාලු ඉන්නවා කියලා මතක් වුණේ ඈ බොල “

” වැඩ බන්. ඇයි පොඩි එකාට ගැහැව්වේ “

” රිදෙන්න ගැහැව්වේ නෑ බන්. දෙන්නටම ඇදුමක් දාන් එන්න කිව්වේ. කොච්චර කලිසම් තිබ්බත් අනේ උන් ඒවා නෙවෙයි අදින්නේ වෙන වෙන කැහි කබල් තමයි “

” ඇදුම් පරණ වෙන්න පරණ වෙන්නනෙ බන් සනීප “

අනූ රාහුව නැගිට්ටව නැගිට්ටව ඇතුළට ඇවිල්ලා ඉද ගත්තෙ මගෙ එහා පැත්තෙන්.

” මොතද මේ ආ…. හනේ හනේ සාහු… ඔලා කම්මලි වලා අප්පත්තිදෙ තුදු මාත්තයා වදේ… “

” කු එලා කෝත ඉන්තෙ නුලාද “

නුරාදයි රාහුයි එළියට යද්දි විරාගේ ඔක්කේ හිටපු අනිත් පැටියත් ගියා එළියට.  මයෙ අනූගෙ ඇස් නම් වලව්වේ හැමතැනම වගේ දුවනවා.

” ඇයි බන් පොඩි එකාගේ කොන්ඩේ අච්චර කොට කරේ “

” අයියෝ බන් පෙරේදා කතුරෙන් ඉස්සර කොන්ඩේ කෑලි කපාගෙන. හවසම ගිහිල්ලා මන් ආයේ කොල්ලගේ කොන්ඩේ ඔක්කොම කැපුවා බන් “

පෙරේදා රාහුල් නාවලා කාමරෙන් තිබ්බ අනූ එයත් නාලා ආයේ කාමරේට එද්දි කොල්ලා හොදට කපනවලු එයාගේ ඉස්සරහ කොන්ඩේ. අසාවෙන් ඉන්න ඇත්තේ පැටියා එයාගේ කොන්ඩේ කපා ගන්න. මන් ඉතින් ආයේ තට්ටෙම ගාන් නැතුව කොන්ඩේ හොදටම කපන්න කිව්වා. දැන් ඔය ලස්සනට ඉන්නෙ පැටියා.

” අපෝ මේ අපෙ එකත් ඇහිබැමි දෙක එක සැරයක් දැලි ගාගෙන තිබ්බේ “

පොඩි කාලේදී ඇත්තටම හැමෝටම වගේ අමුතු අමුතු අදහස් තමයි එන්නෙ. පොඩ්ඩ බැලුවේ නැත්තම් ඉවරයි මොනා  හරි මගෝඩියක් කරනවා.

” කෝ බන් නිලූෂ වැඩද “

” ඕන් නිදි බන් කාමරේ. දැන් නැගිට්ටවන වෙලාවත් හරි . මොනාද උබ බොන්නේ කෝපිද තේද කිරි එකක්ද “

” කිරි කෝපි හොදයි වගේ බන් “

එහෙම කියලා විරා නැගිටලා ගියත් හරි මන් හෙමීට මයෙ අත ගෙනිච්චේ මයෙ අනූගේ අත උඩට.

” කිරි කෝපි බොනවද නැත්තම් වෙන මොනා හරි මන් හදලා දෙන්නද මගෙ මැණිකට “

” එපා කිරි කෝපි හොදයි අයියේ. මන් මිදුලට වෙලා ටිකක් ඉන්නද. ඔයා ගිහිල්ලා විරා එක්ක කතා කර කර ඉන්න අයියේ “

මගෙ ඔලුවත් අත ගාලා අනූ එළියට යද්දි මන් අඩිය තිබ්බේ කුස්සියේ පැත්තට. මල්ලි හරි ලස්සනට එයාගේ වලව්ව හදාගෙනනෙ. දකිද්දී ආස හිතෙනවා. ලොකු වියදමක්‌ යන්න ඇති මේ විදිහට හදන්න.

” එහෙම කියන්න එපා හාමු. හැම මනුස්සයාම එකම විදිහට ඉන්නෑ නෙ. දැන් ගයාන් සර්ට වැරදි තේරිලා ඇති.  අනික එයාට පොඩි මානසික ලෙඩකුත් කලින් තිබිල තියෙනව  “

” නිලූෂ මොකද මේ….  ඔයා ගයාන් ගැන ඔහොම කතා කරන්නේ ඇයි ආ.. ඇයි දුක හිතුනද ගයාන්ට මන් බනිද්දි “

” හාමු කට. මන් කියලා තියෙනවා ඔහොම මාත් එක්ක කියවන් එන්න එපා කියලා. බේබී දිනුල ගැන කතා කරද්දි වුණත් මන් එහෙම ඔයවගේ පිස්සු කතා කියන්නෑ නෙ හාමු. නිකන් බොරුවට ඔය වගේ වචන කියලා මට කියලා කට කඩා ගන්න ලෑස්ති වෙන්න එපා හරී.  මන් කියපු දේ ඉස්සෙල්ලම තේරුම් ගන්න බලන්න  “

එළියේ කුස්සියේ පැත්තට යන්න ගියපු මන් ආයේ ඉක්මනට ආවෙ ඉස්සරහ සාලේ කෑල්ලට.  ඉස්තෝප්පුවට යද්දි මන් දැක්කේ මිදුලේ අයිනක හදලා තියෙන බංකුවකට වෙලා කොහෙදෝ ඈතක් බලාගෙන ඉන්න මගෙ අනූව. උබව මාත් එක්ක එක්කරගෙන එනවා ඇරෙන්න මන් කොහොමද උබව තනියම ගෙදර දාලා එන්නෙ අනූ . මන් කන්තෝරුවට වුණත් උබව ගෙදර තනියම දාලා ගියාට මොකද මන් හරි බයයි එහෙම උබව තනි කරන්න. මන් රාහුට වුණත් කියන්නේ අප්පච්චි ගෙදර නැත්තම් එයාගේ ඇටයව හොදට බලා ගන්න කියලා.

( ගයාන් අනුජ  අවුරුදු 30යි )

“  මොනාද ළමයි දිහා බලන් කල්පනා කරන්නේ ම්… “

” කොයි වෙලේද ආවෙ ආ… මොකෝ මල්ලි එක්ක කතා කරේ නෑ “

” පස්සේ කතා කරනවා. අප්පේ බන් මන් කුස්සියට යන්න හදලා මන් ආයේ හැරිලා ඉක්මනට ආවා. පෙම් කුරුල්ලෝ දෙන්නා හිටියේ ලොකු වැඩකනෙ අනූ “

මන් අනූගේ මූණට එබිලා එහෙම කිව්වත් හරි අනූට හයියෙන් හිනාවක් ගිහිල්ලා මයෙ අත මිරිකුවා. මාත් ඒ බංකුවේ අනූ ළගින්ම වාඩි වෙලා එයාගේ අතත් අල්ලන් බලන් හිටියේ ඉස්සරහ වලව්ව දිහා වෙද්දී මන් ඇස් කොනින් දැක්කේ මන් දිහාම බලන් ඉන්න මයෙ අනූව. ටිකකින් එයත් මයෙ ඇගට හේත්තියක් දාන් ඒ ඔලුව මගෙ උර පත්තෙ තියා ගත්තෙ මන් ඒ හිස් මුදුනට හාද්දක් දෙද්දී.

             💥💥💥💥💥💥💥💥

ගිහිල්ල එන්නම් යාලුලා 🤗

බුදුසරණයි 🙏

අදහස් වෝට් වලට ගොඩාරියක් ඉස්තුතියි යාලුලා හැමෝටම 🙏❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූදෙවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූදෙවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූදෙවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූදෙවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූදෙවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූදෙවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 85