À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූහයවැනි කොටහා

A+ A-

මගුල් ගෙදරකට යන්න වගේ ජැන්ඩි පහට ඇදගෙන පැටව් දෙන්නත් ලෑස්ති කරගෙන අපි ආවේ මොන්ට සෝරියේ උත්සවේට. දිනූ නම් ඇවිල්ලත් ඇති. කොහෙද ඉතින් මයෙ චූටි අප්පච්චි ලෑස්ති වෙන්න හැට පැයක් යනවනෙ.

” අලේ අප්පත්ති…. පතියදේ පපු සිදෙනෝ වදේ නෙ තුත්තක් විතල…. “

” ඒ මොකෝ ඒ….. මේ රාහුලුයි මාලි පැටියයි යසට ඉන්නෙ. චූටි අප්පච්චි මායි ඉස්සරහම තමයි වස්තු ඉන්නෙ. චුට්ටක් වත් බය වෙන්න එපා “

කොල්ලට හැට හුටහාමාරක් කියලා තමයි මන් නිලූෂ එක්ක ඉස්සරහ පෝලිම් ටිකට ඉද ගන්න ආවේ. අප්පේ මෝල්සතත් ඇවිල්ලා තියෙන්නේ. මයෙ අයියා නම් වයස ඇත්තෙම නෑ. ඒවුනාට මේ දෙන්නා ගැලපෙන්නේ නෑ. අප්පච්චියි පුතයි වගේනෙ. මයෙ කොල්ලා නම් මටත් වඩා ලොකු හින්දා අපි දෙන්නා එහෙම පේන්නෑ. ගයාන්ගෙ පෙනුමක් ඇත්තෙම නෑ. රූපේ විතරයි ටිකක් හරි ලස්සන. මන් අපේකාට කට පුරාම හිනා වෙලා මන් දිහාම ඇසුත් ලොකු කරන් බලන් ඉන්න මෝල්සතාටත් හොද වයින් දෙකක් ඔරවලා උගෙ එහා පැත්තේ තිබ්බ හිස් පුටුවෙන් අකමැත්තෙන් වුනාත් වාඩි වුණා. හරියටම අපි දෙන්නට පුටු දෙකයි ඉස්සරහ පෝලිමේ ඉද ගන්න තිබ්බේ. මයෙ මනුස්සයව මේකා ළගින් තියන්න බැරි නිසා නිලූෂව ජනේලේ දොර අයිනට දාලා මන් මැද වාඩි වුණා. ඊට පස්සේ මන් මයෙ පපුව තව පොඩ්ඩක් පේන්න බොත්තමකුත් ඇරියා . මයෙ දළ දෙකෙ මාලෙත් හරි ලස්සනට පේනවා එතකොට. මයෙ චූටි අප්පච්චි හා හා පුරා කියලා ආදරේට ඉස්සෙල්ලම අරන් දුන්නු තෑගී පොඩ්ඩ. මයෙ පපුවට ගැළපෙනම මාලේ.

” හාමු ඔතන ඉන්න කැමති නැත්තම් මේ දොර ළගට එන්න වස්තු “

” අනේ මේ ඕයී තමුසෙට මෙතෙන්ට එන්න පුදූම අමාරුවක් වගේනේ තියෙන්නේ “

” එහෙම මගුලකට නෙවෙයි කිව්වේ. ඔයා පොඩ්ඩක් මස්සිනා එක්කලා තරහයිනේ ඒකයි “

” කමක් නෑ මයෙ චුට්ටන් අප්පච්චි ඔතන ඉන්නකෝ “

කාටවත් පේන්නෙ නැති වෙන්න මයෙ කොල්ලගේ පස්සත් හයියෙන් මිරිකලා මන් ඉස්සරහ බලා ගත්තෙ අපේ අයියාකාරයටත් බැල්මක් දාලා. මාව මෙතන බොරුවට අවුස්සනවා.

හනික වරෙව් කොල්ලනේ
මෙන්න මෙහෙ වරෙව්
මෙන්න මෙහෙ වරෙව් කොල්ලනේ
නට නටා වරෙව්

පුංචි සරම් කොට ටිකත් උස්සන් වේදිකාවේ මැද්දට ආපු කොලු පැටව් ටික හෝ ගාලා නටනවා. රාහුල්ගේ පාටයි උසයි හින්දා හොදට කැපිලා පේනව අනිත් පැටව්න්ට වඩා . අපේ පැටියා මිටි නිසා මැද ඉන්නෙ. චූටි මැණිකෙ එයාගේ අයියා ළගින්.

තොපිට හරිම වාසියක්
නට නටා වරෙව්
යකෝ තොපිට හරිම වාසියක්
නට නටා වරෙව්

වැඩේ අමාරුත් නැතේ
තෑගි ටිකත් අපි අතේ
රත්තරනින් එවන්නේ
හිරු දෙවියොයි කියන්නේ

අම්මේ චූටි මැණිකට සමහර තැන් අමතක වෙනවා. ළමයි දකුණු අත ඉස්සරහට කරන් ගස්සලා ඉනේ තියා ගත්තත් චූටි මැණිකෙ වම් අත ඉස්සරහ කරා.

මේක ඉවර වුණාට පස්සේ ගෑන් ළමයිගෙ නැටුම. අපේ කොල්ලා රාහුගේ අතට අතත් දාගෙන උඩ පැන පැන බායි කිය කිය යද්දි චූටි මැණිකෙගෙ අතට කවිත අත දාන් බායි කිය කිය චූටි මැණිකවත් ඇදගෙන යනවා. චූටි මැණිකට ගානක් නෑ. පැටියා අපිව දැකලා මට බායි කිය කිය ඉන්නවා. හොද වෙලාවට ඒකෙත් ජෝඩු දාලා යන්න තියෙන්නේ . නැත්තම් කාට හරි වේදිකාවට ගිහිල්ලා තමයි පැටියා උස්සන් එන්න වෙන්නෙ.

” මන් ගිහිල්ලා ළමයි තුන් දෙනාව එක්ක එන්නම් හාමු “

” යන් මාත් එන්නම් පුතා “

මයෙ නිලූෂ වේදිකාවේ පිටිපස්සට ළමයි දෙන්නවත් ගන්න යද්දි මයෙ අයියත් නිලූෂ එක්කලා ගියා.

” අපේ ළමයි ලස්සනට නැටුවා නේද ආ “

” අපේ ළමයි. එහෙම කොහොමද අපේ වෙන්නේ ඔයාගෙ කිසිම ළමයෙක් මෙතන නෑ ගයාන් “

” රාහු මගෙත් ළමයා වගේ තමයි අහස්‍ය. අප්පච්චි කෙනෙක් වෙන්න ලේ බැදීමම ඕන් නෑනෙ නේද “

ගයාන් යන උඩ බලාපල්ලකෝ. මෙතැන කට්ටිය ඉන්න නිසා මොකුත් කියන්නේ නෑ මන් ඉතින්. මට හැබැයි එහෙම කියලා කට පියන් ඉන්නත් බෑ.

” තමුසෙත් එක්ක වාද කර කර ඉන්න මට ආයේ අරකෙ අමාරුවක් නෑ. මෙතෙන්ට ආවා නම් පාඩුවේ වෙන දෙයක් බලාගෙන දෙන දෙයක් කාලා ඉන්නවා ඕයී. කරුමෙටම අපේ අයියත් කර ගැහැව්වනෙ තමුසේ වගේ එකෙක්. උබ හැබැයි මයෙ අයියට හරි දරුවට හරි මොනා හරි කරලා තිබ්බොත් උබව ඇවිල්ලා මරලා දාන්නේ මන්. හිතන්න එපා උබේ අහිංසක මූණට මන් රැවටෙයි කියලා. මේ විරාජ් අහස්‍ය මනමේන්ද්‍රන් කියන්නේ කෙනා මොකාද කියලා දන්න කෙනෙක් හරී. ඒ නිසා ඕනිවට වඩා තමුසේ මෙතන දගලන්න ලෑස්ති වෙන්න එපා. තමුසේ මයෙ මනුස්සයගේ කරේ ලගින්න ආවා කියලත් මන් දන්නවා. මට අප්පිරියයි ඕයී තමුසෙව. එක ඇහැක් හරි ඇරලා බලපන් මයෙ මිනිහා දිහා ආයේ. උබට කටින් බත් කටක් කන්න බැරි වෙන්න මන් දීලා අරින්නේ. හිතන්න එපා උබ මයෙ අයියගේ මිනිහා කියලා මන් උබව බබා හුකුන් කරයි කියලා “

” මට මිනිහෙක් ඉද්දි පිට උන් දිහා බලන්නේ මොකටද අහස්‍ය. උබට කොච්චර කිව්වත් වැඩක් නෑ “

තියෙන මහන්තත්තකම. යකෝ මොනා තියෙනවා කියලද. මන් ආයේ හොද දෙකක් කියන්න කියලා හැදුවත් එක පාරටම අපේ ළගට ආපු රාහු පැන්නේ මෝල්සතාගේ ඇගට.

” ඔලා බලාන් නේත ඇතයෝ හිතියේ මන් දියා….  ඈ හලු”

” ඔව් වස්තු මන් බලන් හිටියේ මයෙ පැටිය නටන දිහා. හරි ලස්සනයි “

නිලූෂ පැටව් දෙන්නවත් වඩා ගෙන එද්දි අපේ අයියා තව මනුස්සයෙක් එක්ක කතා කර කර එනවා. නුරාද නම් කතා පප්පෙක්‌ වගේ නිලූෂගෙ මූණ අත ගගා මොන මොනාදෝ කියවනවා.

ළමයි තුන් දෙනාවත් අපි අරන් වේදිකාවේ පිටිපස්සේ තියෙලා ආයේ තියෙලා ආවෙ ඉද ගන්න තැනට. ඉංගිරිසි සින්දුවකට නටන කපල් ඩාන්ස් එකක් තමයි තියෙන්නේ. කෙල්ලෝ පොඩ්ඩ දෙනෙක් හිටිය නිසා කොල්ලෝ දෙන්නා දෙන්නත් කපල් කරලා තියෙනවා නටන්න. චූටි මැණිකෙට හම්බෙච්ච කෙල්ලෙ නම් එයාටත් වඩා ගොඩක් ලොකුයි. නුරාද නම් රාහු එක්ක නටන්නේ.  කළු කලිසමට සුදු පාට කමිසෙට උඩින් කළු අත් නැති කමිසයක් අන්දවලා ඒකට උඩින් සුදු පාට බෝ එක.

වේදිකාවේ රෙද්ද ඈත් වුණත් හරි ඉංග්‍රීසි සින්දුවේ වාදනය පටන් ගත්ත පාර ජෝඩු ජෝඩු ඇවිල්ලා නටන්න ගත්තා. ඒ අස්සේ චූටි මැණික වැටෙන්නත් යනවා. හොද වෙලාවට අර කෙල්ල අල්ල ගත්ත හින්දා හොදයි. මයෙ නිලූෂ නම් පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා ෆොටෝ ගන්නවා.  ඇත්තටම පැටව් ටික මොන්ට සෝරියේ ඉන්න අද අවසාන දවසනේ.

” චූටි….. ඒයි විරා…. “

” ඕ ඕ ඇයි බන් “

මන් ටිකක් පුටුවේ ඉස්සරහට වෙලා නැමුණේ මෝල් තදා ළගට. නැත්තම් අයියට කතා කරන්න වෙන්නෙත් නෑ නෙ මට.

” උබේ පැටියව පරිස්සමින් රැක ගනින් මල්ලියෝ “

” ඒ මොකද බන් ඒ… “

” අපේකාට දෙන්න “

යකෝ අපේ අයියා බලාහල්ලකෝ. පොඩි උන්ටත් කපුකම් කරනවා. කමක් නෑ හැබැයි මයෙ පැටියා රාහුට දෙන්න මයෙත් අමනාප නෑ ඉතින්. ඒවුනාට පුතාගේ චූටි අප්පච්චිගෙත් කැමැත්ත ඕනී ඉතින්.

” මගෙ නම් අමනාපයක් නෑ අයියේ. ඒකගේ චූටි අප්පච්චි මොනා කියයිද දන්නේ කව්ද්දා “

මන් ආයේ හිනාවක්‌ දාලා බැලුවෙ කැමරාවත් අතේ තියන් පැටව් ටික නටන දිහා හැල හොල්මනක්‌ වත් නැතුව බලන් ඉන්න චූටි අප්පච්චි දිහා. අනේ ඉතින් මයෙ වස්තුවනේ. එදා තුවාල වෙලා මහ පාන්දර කකුලයි පපුවයි ඔතාගෙන ලොකු සර් එක්කලා ඉස්තෝප්පුවට වෙලා ඉන්නවා දැක්ක ගමන් මන් නොසෑහෙන්න බය වුණා මයෙ කොල්ලව ආයේ වැඩට යවන්නවත්. ඔය සල්ලියට වඩා මට මයෙ මිනිහා වටිනවනෙ.

” කෝ තුන් දෙනාම ආන් අතෙන්ට යන්න.  චූටි මැණිකෙව මැදට දාන්න පැටියෝ “

“……… “

” ආ හරි කෝ මේ පැත්ත බලන්න. චීස් කියලා හිනා වෙන්න කෝ කෝ “

මයෙ නිලූෂ එක එක විදිහට තුන් දෙනාගේ ෆොටෝ ගැහැව්වා. පස්සේ තව තාත්තා කෙනෙකුට කියලා අපේ පවුල් දෙකේම ෆොටෝ ගැහැව්වේ මෝල්සතත් අපේ අයියගේ අස්සටම වෙලා චීස් කියද්දී . මන් නම් ළමයි දෙන්නවත් වඩා ගෙන ගැහැව්වා. ටීචලා දෙන්නා එක්කත් ගැහැව්වා. අවසානේ ළමයි ඔක්කොමලාම පුංචි පුටු වල වාඩි කරවලා එයාලගේ කණ්ඩායම් ෆොටෝ ගැහැව්වා වෙද්දී මන් කිව්වා නිලූෂට අපේ කැමරාවෙනුත් ගන්න කියලා. කවදා හරි අපි සීයලා එයාලා තාත්තලා වුණාම ඒවත් ළග තියෙන එක වටිනවනේ.

” පිත්තුද හලු….. මදේ එතේ තුත්තයිනෙ. කු ඔලාදේ තුත්තක් සස බාන්න දෙන්තකු සාහු….. පතියත  “

” ආ…. තුත්තයි සබයි හාත “

ළමයි හැමෝටම කිරි පැකට් එකයි මාළු පාන් ගෙඩියයි කෙසෙල් ගෙඩියයි චොකලට් කේක් කෑල්ලයි . දෙමාපියන්ට කිරි බතුයි ආනමාලු කෙසෙල් ගෙඩියයි. චූටි මැණිකෙ නම් මයෙ ඔක්කේ ඉද ගෙන කෑම එක කද්දී නුරාද අපිට ඉස්සරහ පුංචි මේසෙකට වෙලා රාහුල් එක්කලා කෑම කනවා.  මන් චූටි මැණිකෙට කිරි බතුත් කැව්වා. නුරාද ඉතින් ගානක් වත් නෑ යාලුවෝ එක්ක ඔහේ ඉන්නවා. ඒ අස්සේ රාහුල්ගෙ කිරි එකෙනුත් බොන්න අහනවා. මන් අපේ අයියා දිහා බලද්දී එයා කියනවා කමක් නෑ කියලා.

” මයෙ හාමු…… “

” ඇයි සිදු “

” අප්පච්චි කෙනෙක්ගෙ හැගීම හරි බරයි නේද හාමු…. පිරිමියෙක්ගෙ හිත ගලක් කිව්වට මොකද ළමයි ඉස්සරහ ඒ හිත අයිස්කැටයක් වගේනේ වස්තු. ඉක්මනට දිය වෙන්න බලනවා. අප්පච්චියෙක්ට ළමයි කියන්නෙම එයාගේ ලෝකෙට. ඒ හැගීම් මන් අද උපරිමයෙන් විදිනවා මයෙ බේබී . මට හරි සතුටුයි මන් අප්පච්චියෙක් වුණු එකට වස්තු . මට අප්පච්චියෙක් නැති වුණාට මොකද මන් මයෙ පැටව්න්ට එයාලගේ ආරක්ෂකයා වෙනවා. ඉටු දෙවියෝ වෙනවා. ඉල්ලන දේ දෙන්න පුළුවන් නම් ඒ දේ කොහොම හරි දෙනවා. එයාලගේ මුළු ලෝකෙම වෙනවා.  ආයෙත් මන් කියන්නම් මයෙ වස්තුට. මන් උබට ගොඩක් ආදරෙයි බන්. ඒ ආදරේ හැබැයි වචන කරලා කියන්න තේරෙන්නෙ නෑ. හැබැයි මයෙ හාමුව මේ නිලූෂට හැමදාම ඕනී. හාමුගේ බැල්ම පහස අවදානේ කොටින්ම කිව්වොත් මයෙ හාමුව මට හැමදාම ඕනී. මේ අප්පච්චිට ගොඩාරියක් පින් මාවත් චූටි අප්පච්චියෙක් කරාට. මට හම්බුනු ලොකුම නිධානේ වීරන්කෙඩුව වලව්වේ මයෙ මේ පුංචි බේබී “

අපි ඈතට වෙලා බලන් හිටියෙ ළමයි වේදිකාවේ උඩට වෙලා බැලුම් බෝල ගොඩේ සෙල්ලම් කරන දිහා. අපි හතර දෙනා නම් හිටියෙ පිටිපස්සෙම. ඒත් ටික වෙලාවකින් මයෙ පිටිපස්සෙන් මාවත් තුරුල් කරන් මයෙ කොල්ලා කන අස්සේ එයාගේ හැගීම් මුමුණනවා. එයාගේ ඇගට මාව තවත් තද කරගෙන මුමුණනවා. මාත් මයෙ අත් දෙක ඒ අත් දෙකෙ ඔතාගෙන එයාගේ වචන අහගෙන හිටියෙ මයෙ ඇගිලි එක්කත් පැටලිලා තියෙන ඒ නහර පෑදුනු අත දිහා බලා ගෙන. මයෙ චූටි අප්පච්චිගෙ කදුළු කැටත් වැටෙනවද කොහෙදෝ  මයෙ බෙල්ලට. අනිත් දෙමව්පියොත් එයාලගෙ එයාලගේ ලෝක වල. අපි දෙන්නත් අපේ ලෝක වල.

” පුංචි හාමු හැමදාම ඉන්නෙ නුරාදගේ චූටි අප්පච්චි ළග තමයි මැණික. බේබී හාමුට එයාගේ නිලූෂගෙන් එහා වෙන ලෝකයක් ඇත්තෙම නෑ බන්. එහෙව් එකේ මන් උබ අස්සේ ඉන් නැතුව වෙන කොහේ කියලා යන්නද ම්…… අද දවසත් ඔහේ ගෙවිලා යයි මේ සතියත් මේ මාසෙත් මේ අවුරුද්දත් ඔහේ ගෙවිලා යයි. ළමයිනුත් අපෙන් ඈතට යන කාලයක් එයි. අපේ හුස්මත් අපෙන් ඈතට යන කාලයක් එයි. එතකම් මන් ඉන්නවා මේ අත් දෙක හයියෙන් අල්ලගෙන මයෙ චූටි අප්පච්චි. සංසාරේ පුරාවටම මේ අත් දෙක අල්ලන් ඉස්සරහට අඩිය තියන්න මන් ආසයි නිලූෂ “

            💥💥💥💥💥💥💥💥

” තූති මාමි ඔලාලත තූති මනිත ඉන්ත නිතා මන් නුලාදව එත්තලදෙන යන්තම්කු අලේ…….. “

” එහෙම බෑ පැටියෝ නුරාද අප්පච්චි ළග ඉන්න එපැයි “

මන් කතා කරන්න කලින් මයෙ හාමු රාහුල්ගෙ මූණත් අත ගාලා එහෙම කිව්වේ දිනුලගෙ අතේ එල්ලිලා ඉන්න ගයාන් සර්ටත් බැල්මක් දාලා. හාමු බයයි ළමයි දෙන්නව දැන් එහෙ යවන්නත්.

” අලේ මාමි මන් හුදත නුලාදව බලා ගන්තවා. මන් එලාත කදතෝලුත් දෙන්තම්කු…. බයියනුත් කවන්තම්කු අලේ මාමි “

” අප්පත්ති මන් සාහුල් ගෙදල යන්තම්කු. තූති මනිත ඔලාලාව බලා ගන්තෝ කීලා කුව්වා අප්පත්ති…..  ඕ ඕ ඒම තමා අයියත එලා කුව්වේ.. මන් බොලු නමේ කියන්තේ….. ඒම නේත මාලියා ආ…. “

” ඕ…. “

” පිස්සුද නුරාද මයෙන් ගුටි තමයි ඔය කන්න ලෑස්ති වෙන්නේ. මෙච්චර මේ අප්පච්චිලා දෙන්නා ඉ…. “

” චූටි…… ළමයට කෑ ගහන්න එපා බන්. උබේ ළමයා කින්නෙත් මයේම දරුවා තමයි. මට හෙට නිවාඩු චූටි. පැටියව මන් බලා ගන්නම් විරා. ඔයා පොඩ්ඩක් වත් බය වෙන්න එපා… “

මෙච්චර වෙලා මේ දිහා බලන් හිටපු දිනුල මයෙ හාමු නුරාදට කෑ ගහන්න ගත්තත් ආවෙ එයාගේ මල්ලි ළගට.

” ඒත් අයි… “

” අයියව විශ්වාස නැද්ද ම්….. මන් ළග දරුවෙක්වත් දාලා යන්න තරම් උබ එච්චරටම මයෙ පවුලට අකමැතිද ආ…. “

” නෑ නෑ එහෙම නෙවෙයි අයියේ… කොච්චර වුණත් ඔයාලට කරදරේ නෙ “

මයෙ හාමු එයාගේ අයියගේ වචනවලට ගැස්සුනා . හාමු අකමැති තමයි ගයාන් සර් ඉන්න තැන ළමයි දෙන්න තියන්න. ඒක තේරිලා නිසා තමයි දිනුල අපේ පවුල කියලා එහෙම ඇහැව්වේ කෙලින්ම. හාමු අරහෙම කිව්වත් හරි දිනුලට කට කොනේ හිනාවක් ඇදුනේ මයෙ හාමුගේ මූණ ඇද වෙද්දි.

මයෙ හාමු චූටි මැණිකෙ වත් ඔක්කේ තියා ගෙන ජනේලෙන් එළිය බලන් ඔහේ ඉද්දි මන් වාහනේ එළවන ගමන් සින්දුවක් දැම්මා. මයෙ හාමුගේ ඔලුව කොහොම වෙනස් කරන්නද. ගයාන් සර් ගැන මන් වචනයක් කිව්ව‍ හැටියේ එයාට කේන්ති යනවා. මනුස්සයෙක්ට සමහර වැරදීම් සිද්ද වෙනවා තමයි. එයාලා ඒ වැරදි හදා ගෙන ඉස්සරහට යන එක කොච්චර දෙයක්ද.

” චූටි මැණික එන්න බත් කවන්න වස්තු “

” එනෝ අප්පත්ති “

මෙච්චර වෙලා ඇතුළේ පූස් පැටව් එක්ක සෙල්ලම් කර කර හිටපු චූටි මැණික ඇවිල්ලා ඉද ගත්තෙ මයෙ ඔක්කේ. මන් පැටියගෙ ඇග වටේට අතත් ඔතාගෙන එයාගේ කම්මුලට හාද්දක් දෙද්දී එයත් ආපිටම මයෙ මූණට හාද්දක් දීලා හිනා වෙවීම මන් දිහා බලන් හිටියේ මාත් චූටි මැණිකෙගේ ඒ තද දුඹුරු පාට ඇස් දිහා බලාගෙන ඉද්දි. ඒත් එක්කම මන් ගැස්සිලා පිටිපස්ස බැලුවේ ඒ දැක්ක රූපේ මොකක්ද කියලා. මන් දැක්කනේ පැටියගේ ඇස් දෙක අස්සෙන් මයෙ පිටිපස්සෙ දුමාරයක් වගේ මිනිස් රූපයක් තිබ්බා..

” මොකද මේ ආ චූටි අප්පච්චියි පුතයි කරන්නෙ. ආ කෝ වස්තු ආ කියන්න “

මයෙ හාමු බත් ගුලියක් අනලා ළං කරේ චූටි මැණිකෙ ළගට.

” චූටි අප්පච්චි….. “

” ඇයි වස් තු නින්ද යන්නෑ “

මට ලාවට වගේ නින්ද යාගෙන එද්දි ඇහුනේ මයෙ හාමුගේ කටහඩ. කන්නාඩි කුට්ටම නැති හින්දා පැහැදිලිව මයෙ හාමුගේ මූණ පේන්නෙත් නෑ.

” නිලූෂ මයෙ මැණික හොදින් ඇති නේද “

මන් මයෙ හාමුගේ නිකටින් උස්සලා ඒ මූණට වැටිලා තිබ්බ කොන්ඩේ කෑලි කනේ පිටිපස්සට කරලා හාද්දක් දුන්නා

” ඇයි අප්පච්චි බය වෙලා ම්….. ගයාන් සර් ඉන්න නිසානේ මයෙ හාමු ඔච්චර බය නේද.. ඉස්සර හිටපු ගයාන් සර් නෙවෙයි හාමු දැන් ඉන්නෙ. ඒ ඔයාගෙ මස්සිනා . මයෙ මේ පුංචි බේබී උන්හැයියෙගේ අයියගේ අනූ මැණිකනෙ ඒ ඉන්නෙ . බොරුවට බය වෙලා ආයේ හිත කලබල කර ගන්න එපා රත්තරන් . ඔයා ඔහොම හිතුවොත් අයියා වුණත් ඔයා ගැන මොනා හිතාවිද ම්…. මයෙ හාමු චූටි අවස්ථාවක් අයියගේ මස්සිනාට දීලා බලන්නකෝ මන් කියනවට පොඩ්ඩක් “

” මයෙ මහත්තය කියන දෙයක් තමයි ඉතින් “

              💥💥💥💥💥💥💥

” නුලාද නුලාද කු බාන්න ….. තා ආසකීම් තුත්තක් දාලා දෙන්තද ආ…… “

” තා තුත්තක් දාලා දෙන්තකු ඒනම්.  පිලෙන්තම දාලා ගේන්ත සාහු හාත. පතියත බදගිනි වදේ “

රාහුල් හරියට එයාගේ පුංචි යාලුවාට සලකනවනේ. මායි අප්පච්චිවයි පැටියට ගානක් නෑ . මායි අයියයි පුංචි හාන්සි පුටුවේ ඉද්දි එයාලා දෙන්නම ලොකු හාන්සි පුටුවේ ඉදන් අයිස්ක්‍රීම් කනවා.

” මයෙ මැණිකෙ… අපේකා කියන ඒවා වැඩිය හිතට ගන්න එපා බන්. උබ ඔහොම හිනා වෙලා හිටියට මොන මොනා මයෙ අනූ කල්පනා කරනවද දන්නේ කව්ද්දා “

” ඒයි එහෙම අවුලක් නෑ අනේ. බලන්නකෝ අනේ ඔයාගෙ මල්ලිගේ පැටිය හුරතලයක් නෙ… චූටි බෝනික්කියක් වගේ “

ඇත්තටම මේ පොඩි පැටියා හරි හුරතල්. අල්ලන් මිරිකන්න හිතෙනවා. රාහු පැටියට ගැළපෙනම යාලුවා. දැන් ඉතින් රෝස බෝලේ ඇගිල්ලකුත් කටේ ගහගෙන අපේ දිහාටත් බැල්මක් දාලා ඇසුත් ලොකු කරන් කුස්සියේ දොර දිහාම බලන් ඉන්නවා. 

” එයාට නිදා ගන්න යන්න කලින් සුදු කිරි එකක් බොන්නම ඕනී අනූ “

” හදලා දෙන්නම් මන්. පැටව් දෙන්නා බත් කෑවා විතරනේ අප්පච්චි “

රෑට කන්න මන් හැදුවේ එළවළු බත් එකක්. බිත්තර වැඩියෙන් දාලා. මන් මාගරින් එක පැත්තකින් තියෙලා ආයේ බත් එකට දාන්න යද්දි නුරාද මයෙ දිහත් බල බල එයාගේ චූටි ඇගිල්ලෙන් පොඩ්ඩ පොඩ්ඩ අත දදා කනවා. මට හිනා ඉතින් කරන වැඩ වලට. රාහුල් එක්ක නම් වට්ටි අම්මෙක් වගේ ඔහේ කියවනවා.

” ගුදක් වෙලා ගියාලේ සාහුල්. මෙත්තල වෙලා මොතද අප්පේ කලේ. ආසකීම් හුලෙන් කාවා නේද හොල ගෙද්දා මදේ “

” නා නා අලේ ඕත පිලෙන්ත දම්මා ආසකීම්. තොකලත් කේත් තුත්තකුත් දම්මා මන්. සසයි නේත නුලාත  දන් “

” ගුදාආආආආආත් සසයි සාහු “

” අපි දෙන්නත් කමුද අප්පච්චි අයිස්ක්‍රීම් ටිකක් දාගෙන “

” හොදයි ඒක නම් “

කෝකටත් කියලා අයිස්ක්‍රීම් පෙට්ටි දෙකක්ම ගෙනාවා. මන් කෝපි එක කන්න කැමති හින්දා අයියා එකක් ඇරගෙන චොකලට් වැනිලා එකට තියෙන තව ලොකු අයිස්ක්‍රීම් පෙට්ටිකුත් ගත්තා ළමයි දෙන්නට ඇති වෙන්න කන්න.

අමෙ අම්මේ පැටියා අතින් කේක් කුඩුත් හැලිලා. ළමයි දෙන්නගේ එකේ තව භාගයක්ම තියෙනවා. මන් කෝපි එක ඇරියට පස්සේ දැක්කේ ඒකෙනුත් ටිකක් අඩුවෙලා කියලා.  කමක් නෑ පොඩි දෙන්නා ඔක්කොම එකට කරලා කන්න ඇති.

” ආන් නුලාද….. ඔලාදේ අප්පත්ති එනෝ “

නුරාද මේ දැන් නැගිටලා එයාගේ කුක්කු එකත් බිබී ඔහේ ගුලිවි ගුලිවි හිටියෙ මයෙ අස්සේ. රාහු නම් හත වෙද්දි නැගිටලා ඉවරයි. අයියා නම් හන්දියට ගියා ඉක්මනට එන්නම් කියලා . සීතළ හින්දා මාත් හිටියෙ පැටව් දෙන්නා එක්ක හාන්සි පුටුවේ ගුලි වෙලා.  රාහු අරහෙම කෑ ගැහැව්ව හැටියේ මන් නුරාදවත් රාහු ළගින් තියෙලා ගියෙ දොර අලින්න.

” බත් ටිකක් කවලම ළමයා ගෙනිච්ච නම්.  මන් දෙන්නටම බත් බෙදලා වැහුවා අහස්‍ය “

” මැණික දැන්ද නැගිට්ටේ ආ… දග කරන්නැතුව චූටි අයියා එක්ක හිටියද “

” ඕ අප්පත්ති…. පතියා ඒම දග කලේ නා අලේ……. “

මන් රාහුවත් වඩා ගෙන එයාලා යන දිහා දොරකඩ ළග ඉදන් හිටියේ බලාගෙන.

” පාලුයිද මයෙ වස්තුට ම්….. “

” තුත්තක්… හබයි ඇතයා ඉන්ත නිතා හුදයි “

මන් එයාගේ මූණට හාද්දක් දීලා දොර වහලා ඉස්සරහ ජනෙල් දෙකත් වහලා ගියෙ ඇතුළට. ටිකක් කළුවර ගතිය හින්දා ඉස්සරහ මේස ලාම්පුවත් පත්තු කරගෙන රාහුට බතුත් කව කව මාත් බත් කැව්වා. බණ්ඩක්කයි හාල්මැස්සොයි. මේ දවස් වල අප්පච්චිට ගොඩක් සල්ලි වියදම් වුණා අපිට ඇදුම් ගන්නත්. මේ මාසේ අග සතිය වෙනකම් තියෙන සල්ලි ටිකත් පරිස්සම් කර ගන්න වෙයි. මට පුළුවන් කඩේක ගිහිල්ලා පිරිසිදු කරන වැඩ හරි කරන්න කොහෙද ඉතින් මයෙ එකාගේ යකා ඇවිස්සෙනවනේ.

” ඇතයෝ අපි දෙන්තා කාමත් හදමුත “

” මොනාත මයෙ පැටියා කන්න කැමති “

” සොතී…. “

එහෙම කියලා ආයේ එයා මන් දුන්නු බත් කට ඔබා ගද්දි මාත් කටක් කෑවා. ඉස්සර තනියම ඉන්නවට වඩා දැන් කොච්චර හොදයිද. රෑට නිදා ගන්න ඇස් දෙක පියා ගද්දිත් මයෙ මනුස්සයා මන් ළග. උදේ පාන්දර නැගිටලා ඇස් අරිද්දිත් එයා ඉන්නෙ මයෙ ළග. හරි ලෝභයි. මාව ඉස්සෙල්ලාම දැක්ක හැටියෙම මේ අප්පච්චි ඔරවගෙන වගේ බලන් හිටපු විදිහ තාම මට මතකයි. ඒ වුණාට එදා මන් බයික් එකෙන් පාරේ වැටිලා ඉද්දි නම් එයාගේ තද නපුරු පාට තිබ්බේ නෑ.

” කු මත කවන්තෑ “

” අහ් අමතක වුණා නෙ “

යාලුලා ගෝතික් කියලා අලුත් කතාවක් ලියන්න ගත්තා. කැමති නම් ඒකත් චුට්ටක් කියෝලා යන්න 😊😊❤️

            ❤️ ගෝතික් × ආරුද් ❤️

කදුකරයේ වෙට්ටුවිල්ල ගමේ ගම්මුලා දෑනිගෙ පුතා තමයි ගෝතික්. ලොකු පන්තියේ අඩුම ලකුණු ගන්නෙ මෙයා. පාඩම් කරන්න කම්මැලියි. ඒත් සුදාම්මි එක්ක දවසෙම වුණත් රෝන්දේ ගහයි කැටපෝලෙත් ඉනකඩේ ගහගෙන .

ගෝතික් ඉගෙන ගන්න යන ශිල්ප හලේ ඇදුරුතුමාගේ පුතා තමයි ආරුද්. වෙට්ටුවිල්ලෙ හොදම ශිල්ප හලත් මෙයාලගෙම තමයි. ආරක්‍ෂක සටන් ශිල්පෙ උගන්නන්න යන්න ඉන්න අලුත් ඇදුරුතුමා වෙන්නේ මෙයා.

           💥💥💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලුලා 🤗

බුදුසරණයි හැමෝටම 🙏

අදහස් වෝට් වලට යාලුලා හැමෝටම ගොඩාරියක් ඉස්තුතියි 🙏🙏❤️❤️ චුට්ටක් මයෙ අනිත් කතාවටත් බැල්මක් දාලාම යන්න යාලුලා 🤗

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූහයවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූහයවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූහයවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූහයවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූහයවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූහයවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 89