À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූහත්වැනි කොටහා

A+ A-

” උබ යන ඉස්කෝලේ කොච්චර හොදයිද බන්. පොඩි උන් තුන් දෙනා හිල්ලාවෙ ඉස්කෝලෙට දාමු “

” ඔව් නේද බන්. කොච්චර වුණත් අපෙ ගමේ ඉස්කෝලේ හන්දියේ ලොකු ඉස්කෝල වලට වඩා කොච්චර හොදයිද හිලලාවේ ඉස්කෝලේ “

” ඒක තමයි බන්. මට කීප දෙනෙක්ම කියලා තියෙනවා හිල්ලාව හොදයි කියලා. උබත් ආයේ කල්පෙකට වත් ඉස්කෝලේ මාරුවීම් ගන්නෙ නෑ නෙ “

” නෑ බන්. මන් ගිය අවුරුද්දේ පෙබරවාරි නෙ හිල්ලාවට ආවේ. හන්දියේ පද්මාදර එකේනේ හිටියේ කලින් “

මයෙ හාමුයි එයාගේ අයියයි පැටව් තුන් දෙනාව භාර දෙන්න හදන ඉස්කෝලේ ගැන කතා කරනවා. මන් මේ සීතළ ඇතුළට එයි කියලා ජනෙල් රෙදි ටික දාගෙන දාගෙන ගියෙ චූටි මැණිකත් මයෙ  කරේ ඉදන් මයෙ ඔලුව බදාගෙන ඉද්දි.

” පීප් පීප් පී…….ප්     කු කු…. තූති අප්පත් ති ආන් වෙන්තකු. නුලාදදේ බාසාකලේ ත හපුනුත් මත තමා අප්පත්තිදෙන් ගුති කන්ත වෙන්තෙ අලේ……. “

පැටියා එයාගේ බයිසිකලේ පිටිපස්සෙන් රාහුල් වත් දාගෙන ඉස්සරහ සාල වල් දෙක පුරාම පැදන් යනවා. අපිට ඩිංගක් අරහෙට්ට යන්න බෑ පැටියා පීප් පීප් ගගා කෑ ගහනවා.

” නිදි මතද ම්…. “

” ඒ එහෙම අවුලක් නෑ අයියේ. බෙහෙත් පෙත්තක්‌ බිව්වා ඒක ටිකක් සැරයි වගේ. ටිකකින් හරියයි “

මාත් දැක්කා දැන් ගයාන් සර් නිදි කිරිනවා දාගෙන. ඉස්සරහ කෑල්ලේ කාමරේ ඇද හරි ගැස්සුවා නම් හරි.

” මන් අර කාමරේ ඇද හරි ගස්සන්නම් සර් “

” නෑ නෑ එපා නිලූෂ. එහෙම ඕනී නැහැ “

මන් මයෙ හාමුටත් බැල්මක් දාලා ගියෙ ඇද පොඩ්ඩක් ලෑස්ති කරන්න. මොක නැතත් වලව්වට ආපු මිනිස්සුන්ට සලකන්න එපැයි.

” නා නා තූති අප්පත්ති.. මන් අත්තතම දත්තනෙ තූති අප්පත්ති….. අයියා ඌත හලි ආදේ “

” හරි චූටි මැණිකෙ දැන් ඕකා කොතැනද ඉන්නේ ආ…. යකෝ පැටියෝ මන් වත් දැක්කේ නෑ නෙ “

චූටි මැණිකෙ මයෙ අතිනුත් අල්ලන් එක්ක ගියෙ ඇතුළේ කුස්සියේ කෑල්ලේ ළග තිබ්බ බඩු අනම් මනම් තියෙන කාමරේකට.  පැටියා දැකලා තියෙනවා කියන්නේ එයාගේ අයියා නයෙක්ට කිරි දෙනවා . මේ කොල්ලා කරන වැඩ ඇත්තටම. අපිට පපුවේ අමාරුව හදවනවා

” අල කුසන් එත අත්තේ බාන්නකු තුත්තත්. පාස්සමෙන් හබයි. අලේ අයියා මාත් එත්ත තලා වයිත දන්තෑ තූති අප්පත්ති..  මාත් එලාදේ තුදු මනිතත ගුදක් බයයි “

” පැටියා ඔතෙන්ට වෙලා ඉන්නකෝ චූටි අප්පච්චි එනකම් “

මන් කෝකටත් කියලා ලීයකුත් අරන් ගිහිල්ලා චූටි මැණික පෙන්නපු තැනෙ කුෂන් එක ඉස්සුවත් හරි මන් ටක් ගාලා පස්සට වුණා. ඒත් එක්ක මයෙ කකුලට පෑගුනේ පුංචි මැටි දීසියක්‌. ඒකෙ කිරි පොඩ්ඩකුත් ඉතිරි වෙලා තිබ්බා.  මන් පැටියා එක්ක ඉක්මනින් කාමරෙන් දොරත් වහලා ගියෙ නුරාද ළගට. එයා තාම රාහුල් එක්ක බයිසිකලේ පදිනවා. මේ දරුවා ඇත්තටම දෙයියෝ අපිට හොරවන් අර සතාට කිරි දෙනවා

” නුරාද පැටියෝ චූටි අප්පච්චිට උදව්වක් කරන්න එන්නකෝ වස්තු මැණිකෙ ම්… චූටි මැණික ආ චූටි අයියා එක්ක ඉන්නකෝ මයෙ පැටියා… “

” අයියූ මොතත්ත මන් කලන්ත ඕනී ආ “

” එන්නකෝ යන්න “

මන් කොල්ලගේ චූටි අතිනුත් අල්ලන් ගියෙ අර කාමරේ අස්සට. මේකා මේ එළියේ හිටිය නම් ඒකත් එකක්.  ඒකා කාමරේ අස්සේ ඉන්න එක දෙයියනේ බය හිතෙනවනෙ. කොච්චර වුණත් නයෙක්ව ගෙ අස්සේ දාන් ඉන්ඩ පුළුවන්ද

” ආ….. අයි තූති අප්පත්ති ඔතනත යන්තේ ආ… අපා අපා අයි ඔල මොනාත කලන්තේ… ඒ.. “

කොල්ලා මයෙ අතින් ඇද ඇද මාව පස්සට කරන්න හැදුවත් මන් එහෙන්ම ලීයෙන් කුෂන් කොට්ටේ අයින් කරලා දැම්ම හැටියේ ලොකු කහ නාගයා පෙනෙ පුප්පන් නැතුව ඔලුව උඩට කරා.

” ඇයි මේ…. ආ පුතා.. අප්පච්චි එහෙම දැක්කොත් මන් වගේ නෙවෙයි. මේ සතාවත් එක්කලා ගිහිල්ලා දායි. දෙයියනේ මේකගේ කෙල බින්දුක්‌ හරි ගියොත් මැරෙයිනෙ දරුවෝ ආ… “

මන් ඇත්තටම ළමයි දෙන්නට කෑ ගහන්න කැමති නෑ. ඒවුනාට කෑ ගැස්සෙනවා මේ වගේ වැඩ කරද්දි . පැටියා නම් අත් දෙකත් එකට තද කරගෙන කකුල් දෙකෙත් තද කරන් බිම බලාගෙන ඉන්නවා. මන් ඉතින් පැටියා ගානටම නැවිලා එයාගේ මූණ අත් දෙකෙන්ම අල්ලගෙන ඒ චූටි කම්මුලට හාද්දක් තිබ්බේ එයාට ටිකක් දුකවත් මන් නිසා හිතුනද කියලා හිතුනු නිසා.

” නුරාද මේකා හොද ඇති පුතා. හැබැයි වලව්ව අස්සේ තියා ගන්න බෑ. ඉන්නවා නම් මුට මඩුවේ උඩක හරි ඉන්න කියන්න. මේක අස්සේ බෑ ඒකට ඉන්න. පැටියෝ මේ සතා අපිට පෑගුනා නම් මේකා අපිට ගහනවනේ මයෙ දරුවෝ ම්. මයෙ ලොකු මැණික කැමතිත පැටියට චූටි අප්පච්චි කෙනෙක් නැති වෙනවට ආ…. “

” නානෙ.. ඔලා ඒම නතුව ඉන්ත බා පතියත . හබයි එලා පාගුනා කීලා ඒම ගාන්තේ නා තූති අප්පත්ති. තුදු මනිත පතියත හලි ආදලෙයි. ඒනම් මන් කොත්තල උදෙ ඇදත වතිලා තීනවද. එලා ඒම නාත නා නෙ “

කොල්ලා ඇසුත් ලොකු කරන් එයාගේ සුදු මැණික දිහා බලන් එහෙම කියද්දී මන් ලොකු හුස්මක් අත ඇරලා පැටියව අරන් කාමරෙන් එළියට ආවේ අපිව අප්පච්චිවත් හොයන් එයි කියලා.

” අලේ තූති අප්පත්ති… මදේ අප්පත්තිට කියන්ත අපා හලිද. මදේ යාලු ගීල්ලා දායි “

” ඔයාගෙ යාලුට කියන්න එහෙනම් එළියෙන් ඉන්න කියලා “

මන් පැටියව වඩා ගෙන ගිහිල්ලා තිබ්බේ රාහුල් ළගින්. චූටි මැණිකෙ ඇති මයෙ හාමුගේ ඔක්කේ. රාහුල් ඔහේ තනියම සෙල්ලම් කාමරේට වෙලා සෙල්ලම් බඩුත් එක්ක සෙල්ලම් කර කර ඉන්නවා අපි යද්දිත් .

” මේ යන් බන් බත් කන්ට. රස්නි පිටම කමු සීතළ වෙන්න කලින් “

” මන් අරයව ඇහැරවගෙන එන්නම් චූටි.. හොදට නින්දේ ඇති “

” ම්…. මන් එළවලු ටික ඩිංගක් රත් කරලා ගන්නම්කො. ඉක්මනින් එන්න “

මාත් ගියෙ මයෙ හාමු මහත්තයා එක්ක කුස්සියේ පැත්තට. මහ වලව්වේ බිම්මල් හැදිලා තිබ්බා. අද ඉතින් රෑටත් එක්ක කන්න බිම්මල් හැලියකුත් තියෙද්දි තෙල් දාපු පරිප්පුයි තිත් බටු මැල්ලුමයි තිබ්බේ බත් එකට .

” මොකෝ මයෙ කොල්ලා නිකම් ඔහොම ඉන්නෙ ම්… කම්මැලි හිතුනද “

” නෑ නෑ හාමු. හවසට වැඩට යන්නත් එපැයි. සීතලේ යන්න කම්මැලි අප්පා “

” ඉන්න එහෙනම් ගෙදර අනේ. හැමදාම යනවනේ ඔයා “

අප්පේ මයෙ හාමු මහත්තයත් කියන කතා. අද රෑ අපි ඉන්නම ඕනී.

” අනූ ආ… හතු ටිකක් “

” ඇති ඇති අයියේ “

දිනුල රාහුල්ගෙ බත් එකේ අඩු පාඩුත් බලලා ගයාන් සර්ගේ බත් එකත් බලලා ඒකට බිම්මල් හැන්දක්‌ දැම්මේ ගයාන් සරුත් අපි දිහා බලද්දී.

” අනූ හරි ආසයි හතු කන්න චූටි. අපෙ දිහා හතු ඉවරයිනෙ. පොඩ්ඩක් ඔය පිටිපස්සෙ කෑල්ලේ තිබිලා අනූ හදලා ගත්තා දවසක් “

” අයියා කන්න ආස නැද්ද බිම්මල් “

” මාත් කැමති චූටි. කලා තුරකින්නේ හැදෙන්නේ බන්. කොළඹ ඉන්න දවස් වල නම් කෑවේම නෑ වැඩිය මේ බිම්මල්. එහෙ වැඩිය හැදෙන්නෙම නෑ නෙ මෙව්වා “

ගයාන් සර් ලොකු හත්තක් කටේ දාගෙන හපන්න ගද්දි දිනුල ඒක දැකලා හිනා වෙනවා. හාමු කිව්වත් වගේ මේ දෙන්නගේ මල කෝලන් තමයි තියෙන්නේ . මේසේ යටින් මන් හාමුගේ අත මිරිකුවා ඒක දැකලා.

” මන් අයියට ගෙනියන්න දෙන්නම් බිම්මල් ටිකක්.  ගොඩක් හැදුවා මන් “

” තූති අප්පත්ති…. පපදම් දෙතත් “

” ආ මතත් ඕලි තූති අප්පත්ති.. හතලත් විතල දාන්තකු පතියදේ බත් එතත “

චූටි මැණික එයාගේ පිගානේ මයෙ පැත්තට දික් කරලා පපඩම් දෙකක් ඉල්ලද්දී නුරාදත් ඉල්ලනවා බත් එකේ තව පපඩමකුත් තියා ගෙන.

” නුරාද… බත් එක කෑවට පස්සේ දෙන්නෙ පපඩම් “

” මෙච්චර මොනාද චූටි.. ඒ එපා පිස්සුද. දෙයියනේ ඔහොම කරන්න එපා බන් “

” අනේ මේ අයියේ කටවහම් එන්නකෝ පොඩ්ඩක් මේක උස්සන්න. මට විතරක් නෙවෙයි මේවා උබෙත් ඒවා තමයි බන් “

” ඔහොම කතා කරන්න එපා චූටි. මට වලව්ව ගැන එහෙම හැගීමක් නෑ “

මන් හාමු එක්ක සුවදැල් හාල් මිටියක් උස්සන් එද්දි දිනුලත් ඇවිල්ලා උස්සලා වාහනේ ඇතුළට දැම්මා. ඇත්තටම බැලුවොත් හරිනම් මේවා දිනුලට තමයි හම්බෙන්න ඕනී. එයානෙ ලොකු හාමු ගෙ ලොකුම දරුවා. මයෙ හාමුත් දිනුල එක්කලා රණ්ඩු වෙවීම පොල් උරේකුත් උස්සලා දැම්මේ වාහනේ ඇතුළට

” චූටි පරිස්සමින් ඉන්න එහෙනම්. නිලූෂ කොල්ලෝ අපි ගියා එහෙනම් “

” ආයේ එන්න දිනුවෝ.  උබ මට ළමයගේ ලියකියවිලි ටික දෙන්නකෝ. මන් අපෙ දෙන්නගේ ටිකත් එක්ක භාර දෙන්නම්”

හාමුගේ සරම් කොටේ එල්ලිලා ඉන්න පැටව් දෙන්නට උම්මත් දීලා දිනුල නැග්ගේ වාහනේට. ගයාන් සර්ගේ ඔක්කේ ඉදන් රාහු නුරාදට අත වනද්දී නුරාදත් අත වැනුවේ චූටි මැණිකත් එයාලා යන දිහා ඔහේ බලන් ඉද්දි.

” මයෙ වාහනෙ යන්න ඒයි. පේන්නෑ වැස්සත් සැර වැඩියි “

” ම්…. මන් හෙට උදේ වෙයි එද්දි.  මොනා හරි ගේන්න තියෙනවද

” නෑ දරුවෝ. ගිහිල්ලා පරිස්සමින් එන්න මයෙ මහත්තය “

වාහනේ ඉස්සරහ ලයිට් එකත් දාගෙන මන් හෙමීට පාරට දාලා යන්න ගත්තෙ මීදුම් මැද්දෙන්. රෑ හින්දා අවුලක් නෑ. එන වාහනත් ලයිට් දාගනනෙ එන්නෙ.

” මොකෝ උබේ මූණ නිකන් හරි නෑ හරි නෑ වගේ වෙලා තියෙන්නේ ම් “

” අඩේ බන් නිලුවෝ. අපෙ අප්පච්චි දැකලා මන් මයෙ බබා එක්ක මල් වත්තෙ ඉන්නවා . මාර වැඩේ ඕයී මට සිද්ද වුණේ “

මන් පොතත් පැත්තකට දාලා බැලුවේ දමියා දිහා. අප්පච්චි කොහොමද මල් වත්තේ ඉන්න මුන් දෙන්නව දැකලා තියෙන්නේ.

” අප්පච්චි කොහොමද උබලා දෙන්නා දැක්කේ. පිට උන්ට වැඩිය ඇතුළ පේන්නෙ නෑ නෙ බන් “

” යකෝ අපෙ අප්පච්චි අම්මි එක්ක ඇවිල්ලා මල් වත්තට පෙම් කෙලින්න. කවුද ඕයී හිතුවේ ඒ ජෝඩුව ඕකේ අස්සට එයි කියලා. මේ තොට පේන්නෙ නැද්ද මයෙ කම්මුලේ පැත්තක් ඉදිමිලා කියලා. හරියටම අප්පච්චි මාව දැක්කේ බබාගේ ඔක්කේ ඉදලා කට කන්න ලෑස්ති වෙද්දී ඕයී. මයෙ කම්මුලටම ගැහුවා කියහන්කෝ ඌ ඉස්සරහ “

” මල හත්ති ලව්වයි. දැන් මොකද කරන්නේ බන්. උබේ උක්කුන් බබා මොකද කිව්වෙ “

” ඒ බන් ඒකා එක්ක මොකුත් කරන්න බෑ ඕයී. ඇග තිබ්බට හූණු බිත්තරයක් තරම් වත් මොළයක් නෑ කියන්කෝ අපෙ අප්පච්චිව අදුර ගන්න . මයෙ කම්මුලට අප්පච්චි ගැහැව්වා විතරයි මූ ආවේස වෙලා වගේ ඌ අප්පච්චිට ගහගෙන ගහගෙන ගිය බන්  තෝ කවුද මයෙ කොල්ලට ගහන්නේ කියලා. අප්පච්චිව යසට ශේප් කරන්න තිබ්බ එකනේ මූ කා ගත්තෙ. හැබැයි මයෙ පැටියා දැකලා නෑ නෙ බන් අප්පච්චි කලින් ”

තත්වේ ගොඩක් දරුණු වෙලා වගේ තමයි. දමියගේ මූණ ටිකක් ඉදිමිලා ඇගිලි පාරවල් දෙකකුත් හිටලා.

” රන්දුනු සර් මට කතා කරා කිව්වා “

” වාඩි වෙන්න නිලූෂ. ලොකු සර්ට අද ඕන් ඇවිල්ලා තිබ්බේ මේ ලිවුම “

රන්දුනු සර් හිනා වෙලා මේස ලාච්චුවේන් ගත්තු ලොකු ලිවුම් කවරයක් දුන්නේ මයෙ අතට. ඒක ලොකු සර්ට තමයි එවලා තියෙන්නේ. ඒත් ඇයි මේක මට.

” බලන්න ඉතින් මොකක්ද කියලා. ඒක ඔයාටත් අදාලයි “

             💥💥💥💥💥💥💥💥

” ඕම බා තූති මනිතේ…. මේම කලෝකලා මේම දස්සලා ගන්ත ඕලි. කු කු කලන්ත බාන්න “

” අමාලුයි අයියූ “

” මේම මේම කලන්ත “

මයෙ පැටියා චූටි මැණිකෙට නටන්න උගන්නනවා. වෙන මොකුත් නෙවෙයි. ඉන හෙලවිල්ලයි පස්ස හෙලවිල්ලයි. හැබැයි මයෙ පැටියා ලස්සනට ඉන කරකලා ගන්නවනේ. ලොකු වෙලා මයෙ පැටියා නැටුම් කරයි.

” නුරාද වස්තු ඉස්සරහ චුට්ටක් අතු ගාන්නකෝ මල්ලි එක්ක. අප්පච්චි කුස්සියේ අතු ගාන්නම් “

” දන්ම කලන්ත ඕලිද අප්පත්ති “

” ඔව් වස්තු. දැන්ම දෙන්නා පටන් ගන්නකො “

එහෙම කියලා මන් ගියෙ කුස්සියේ පැත්තට. ඒ අස්සේ පුංචි බෝලෙකින් පූසෝ තුන් දෙනා සෙල්ලම් කරනවා.  සුදු මහත්තයා පෝරනුව යට දර ගොඩේ හොදට බුදි .

” දරුවෝ… පොඩී උබ ඉන්නවද “

” අහ් අප්පච්චි මේ රෑ. එන්න විගහට ඇතුළට “

අප්පච්චි ලොකු ජේසියකුත් ඇදන් ඌල් තොප්පියකුත් දාගෙන එළියේ කුස්සියේ පැත්තෙන් ආවෙ ඇතුළට.

” නිකන් පොඩී ආවෙ. අරහෙ ඉන්ඩ කම්මැලියේ බැරුවා. කෝ පොඩි උන් දෙන්නා “

” ඕන් ඉස්සරහ අතු ගානවා අප්පච්චි. කිරි එකක් වක් කරලා දෙන්නද . රස්නි පිට බත් ඩිංගක් කනවද අප්පච්චි “

” මන් කාලා බන් ආවේ. දැන් මොකවත් ඕනී නැහැ. තනියම ඉන්න හරි පාලුයි දරුවෝ. පොඩි එකත් ගියානෙ කොළඹ “

දෙනුවන් ගියපු හින්දා අප්පච්චි දැන් ඉන්නෙ මහ වලව්වේ තනියම. එහෙ ඇත්තටම පාළුයි තමයි තනියෙන් ඉද්දි. අපෙ නම් ඉතින් කොච්චර වත් පොඩි උන් දෙන්නගෙයි පූසෝ තුන් දෙනාගෙයි සද්දනේ.

” ඒකනෙ අප්පච්චි මන් කියන්නේ හවසට ඉදලා උදේට යන්න ඉන්න කියලා “

” ඒක තමයි පුතා මේ ආවෙ. අර පුතා වැඩට ගියාද “

අප්පච්චි එක්කලා කතා කර කරම ඉන්න ගමන් මන් කුස්සියත් අතු ගාලා ඉවර කරලා අප්පච්චි එක්කම ගියෙ ඉස්සරහට. අපි යද්දි දෙන්නා හොදට අතු ගාලා අස්පස් කරලා හාන්සි පුටුවේ ඉදන් බැදපු කජු කනවා. ඒක තමයි එහෙනම් දෙන්නගේ කිසි සද්දයක් බද්දයක් වත් ඇහුන් නැත්තේ.

” තීයා දන්ම බයි ගන්නෝත. මෙත්තල කලින් “

” සීයා කලින්ම තමයි පැටියෝ නිදා ගන්නෙ. හරියට නිදි මතයි නෙ “

” හා හා ඇති ඇති වස්තු සීයා එක්ක කතා කරා. නිදා ගන්න දෙන්න සීයට “

මන් අප්පච්චිගෙ ෂීට් එකත් හොදට පොරවලා ලාම්පු දැල්ලේ එළියත් අඩු කරලා ආවෙ සාලෙට. මන් එද්දි චූටි මැණික නිදි කිරනවා පුටුවේ. ඒ අනිත් එක්කෙනා. අට වෙද්දි නිදා ගන්න ඕනී. මන් කොල්ලවත් වඩා ගෙන නුරාද එක්කම ගියෙ අපෙ කාමරේට. ඒත් එක පාරටම වලව්වේ විදුලිය නැති වෙලා ගියත් හරි නුරාද කෑ ගහගෙන මයෙ ඇගට පැන්නා.

” ශ් නුරාද වස්තු…. මල්ලි නැගිටියි සද්ද කරන්න එපා පැටියෝ “

” අලේ අප්පත්ති පතියත බා හිතෙනෝනේ. කලුවලයි ගුදක්. තූති අප්පත්තිත එන්ත කීමුකු මදෙ අප්පත්ති “

මන් එක අතකින් නුරාදවත් අල්ලන් චූටි මැණිකෙව ඇදෙන් තියෙලා ටෝච් එක පත්තු කරා. මේස ලාම්පුවත් පත්තු කරලා මන් ආයේ ආවෙ ඇදේ ගුලි ගැහිලා ඉන්න නුරාද ළගට.

” මයෙ වස්තු කැටේට නිදි මත නෑද ම් “

” තුත්තක් නිදි මත තීනෝ වදේ අප්පත්ති “

පැටියා මයෙ ඇගට කකුලකුත් දාගෙන මයෙ කුක්කුවකුත් උර උරා ඉන්නවා. පුතණ්ඩියයි චූටි අප්පච්චියි හින්දා මයෙ ඒවා දෙක හැමදාම ඉදිමිලා වගේ පොඩ්ඩක් ලොකු වෙලා තියෙන්නේ . මන් නුරාදගේ බෙල්ල ළගට වෙනකම් තිබ්බ කොන්ඩේ අත ගගා කල්පනා කරේ මයෙ නිලූෂ ගැන. මන් එතුව බත් එක කන්න ඇති මයෙ කොල්ලා.

” අහ් ලයිට් ඩිම් වෙලා වගේ “

මන් ආයේ නැගිටලා ගියෙ ලයිට් ටික නිවලා දාන්න. හොද වෙලාවට නුරාදට නින්ද ගියා. මන් ටෝච් එකේ එළියත් පත්තු කරන් ඉස්සරහ සාලෙයි ඇතුළේ සාලෙයි ලයිට් නිවාගෙන නිවාගෙන ගිහිල්ලා ආයේ ගියෙ කුස්සියේ පැත්තට ලයිට් නිවන්න . කුස්සියේ පැත්ත ඉස්සරහට වඩා පුදුම සීතළක්‌ තියෙන් නේ. බැලින්නම් ජනෙල් දෙක ඇරලනේ. මන් ජනෙල් දෙකත් හොදට වහලා අගුළු දාලා අනිත් පැත්ත හැරෙද්දී දොරකඩ ළග හිටපු රූපේ දැකලා මයෙ අතින් බිමට වැටුනේ ටෝච් එක. ටෝච් එක බිම පෙරලි පෙරලි කැරකෙන පාරට අර රූපේට ටෝච් එකේ එළිය වදිනවා.

” අ හස්…. “

මයෙ තොල් වලට තෙත ගතියක් දැනුනත් මට ඇස් අරින්නවත් බැරි තරමට නිදි මත සැර නිසා මන් ඔහොන්ම හිටියා. ටික චෙලාවකින් උණුසුම් වැළද ගැනීමක්.

” අහ් හාමු… මොකද මේ.. නිදා ගන්න පොඩ්ඩක් හැදුව විතරයි මයෙ පුංචි හාමු වත් බදාගෙන “

” එපා නිලූෂ. ඇගට ටිකක් අමාරුයි මට. නුරාදව බදාගෙන නිදා ගන්නකෝ “

” හාමු….. ඇයි සනීප නැත්තේ ම්… එන්න වස්තු පොඩ්ඩක් මයෙ ළගට. ගොඩක් අමාරුයිද “

” නෑ මන් පොඩ්ඩක් නිදා ගන්නම්කෝ. එතකොට හරියයි “

මන් නුරාදවත් එයා ළගට දාලා ලොකු කොට්ටෙකුත් බදාගෙන තද කරලා ඇස් දෙක පියා ගත්තා. ආයේ ආයේමත් මගෙ ඇස් වලින් කදුළු පිටාර ගලද්දී හීනියට ඇදුම් කාගෙන ආපු පපුව හිර වෙනවා හිර වෙනවා වගේ දැනුනේ මයෙ ඔලුවත් පුපුරු ගහන්න තරම් රිදෙන්න ගනිද්දී.

              💥💥💥💥💥💥💥

කුස්සියේ පැත්තෙන් සද්දයක් ඇහුනත් හරි මන් නැගිටලා බැලුවේ ඔරලෝසු කටු දිහා. පාන්දර හයයි. ඒවුනාට තාම කලු වරයි. මන් රාහු පැටියගේ ළගින් කොට්ටෙකුත් තියෙලා ලාම්පු දැල්ලත් නිවලා ගියෙ කුස්සියේ පැත්තට. දිගම දිග ලා දුඹුරු පාට කලිසමක්‌ ඇදගෙන අත් දිග කමිසෙත් වැලමිට ළගින් නවාගෙන ලිප පත්තු කරනවා. මන් සද්දයක් නැතිව පිටිපස්සෙන් ගිහිල්ලා එයාව බදා ගන්න හැදුවත් එයා ඊට කලින් මාව දැක්කා.

” ඇයි කලින් නැගිට්ටේ ම්… තව පොඩ්ඩක් නිදියන්න තිබ්බනේ අයියේ “

” කලින්ම නැගිටලා පුරුදු වෙලා මැණිකෙ. මොනාද දැන් උයන්න ලෑස්ති වුණේ ම් “

” අප්පච්චිගෙ කන්න කැමතිම කෑමක් “

එයාගේ ඉන වටේ දා ගත්තු අත් දෙක තවත් තද කරලා එයාව මන් ළගට අරන් බලන් හිටියෙ ඒ මූණ දිහා.

” කෙසෙල් මුව “

” ම්… ඒවා තමයි. ඊයේ ඔයාගේ චූටි දුන්නු දඩ මස් කෑලි ටිකකුත් කුඩු කරලා තක්කාලි ගෙඩියකුත් දාලා තෙල් දාන්නම්කො මන් “

” එච්චරද මහත්තයට කන්න උයන්නෙ ම්…. “

එයාගේ මූණටම එබිච්ච මන් මයෙ කටින් ඒ කම්මුලක් හපලා එයාව චප්ප වෙන්න බදා ගත්තා. එයා ඇත්තටම හිනා වෙද්දී මයෙ අනූගේ ඇස් වුණත් හීනි වෙනවා. මන් ආසයි එහෙම එයාගේ ඇත්ත හිනාව දකින්නත්.

” ඔච්චර මාව මිරිකන්න එපා ඒයි රිදෙනවා. අහ් මොනාද අයියෝ කරන්නේ එ පාහ් “

” චුට්ටක් ඉන්නකෝ අනූ…. පැටියා ඉද්දි මොකවත් කරන්න බෑ නෙ අපි දෙන්නට”

මන් එයාව උස්සලා වඩා ගත්තෙ එයාගේ අත් දෙකත් මයෙ කර වටේ එතෙද්දි. මයෙ අනූ කෑම කනවා අඩු නිසාද මන්දා කොල්ලා පඩ රැල්ලක් වගේ. ඉස්සර තරම් හීන්දෑරි කෝටු ඇගක් නැතත් බර නම් කිසිම වෙනසක් නෑ වගේ.

” ඉකේ බලන්න ඊයේ ඔයා කරපු වැඩේ. අර දෙන්නා මොනා හිතුවද මන්දා අප්පා. ඔයාගෙ චූටිට නම් තරහත් ගියා “

” අප්පේ…. මයෙ අනූට උම්මා දෙන එකත් වැරදිද එතකොට…. ඇයි ඉතින් ඒ දෙන්නත් පස්සෙන් ආවෙ අපෙ. චූටිට ඉන්න තිබ්බානෙ ඉස්සරහට වෙලා “

” ඒවුනාට “

ඊයේ මන් අනූ ඇදේ හාන්සි වෙනකම් ඉදලා එයාගේ තොල් වලට චූටි හාද්දක් තිබ්බා. මට ගානක් ගියෙත් නෑ අර දෙන්නා පස්සෙන් ආවා කියලා.

” ඔයාටත් කවන්නද ඈ අප්පච්චි “

” අනූට කරදරයක් නැත්තම් හා ඉතින් “

රාහු හොදට හාන්සි පුටුවේ ගුලි වෙලා කාටුන් බල බල එයාගේ ඇටයා කවන බත් ගුලි ගිලිනවා. මන් පොඩ්ඩක් ගෙදර අතු ගාන්න ගත්තෙ අනූ උයලා ඉවර වෙලා කුස්සියත් අස්පස් කරලා දරුවට කවන්නත් ගද්දි.   මාත් ආසයි අනූගේ බත් ගුලි ගිලින්න. අපෙ අම්මිත් මට උසස් පෙළ කරන කාලෙදි හිටන් ඔය වගේම බත් කැව්වා . එයා අප්පච්චිටත් වෙලාවකට රෑට බත් කවනවා.

” මෙච්චර ගොඩක් මට “

” මට එක්ක මේ ගෙනාවේ අයියේ. කෝ කට අරින්න බලන් ඉන් නැතුව. රාහු කෝ එන්න තව බත් කටක් කන්න “

” අපූ අති හුදතම. ඔලා හුත්ම ගන්ත බලි වෙන්ත කව්වේ දන් “

කොල්ලා ටීවී එක දිහාම බලන් එහෙම කියලා එයාගේ පිරිලා තිබ්බ බඩත් අත ගෑවේ අනූට හිනාවක් යද්දි.

” හරි රසයි ඔයාගෙ කෑම අනූ. මන් ආදරෙයි මේ අත් දෙකටත් “

බත් කටක් කාපු එයා හිනා වුණා. ඉස්සර ඉදලම උයාපු නිසා අනූට රසට උයන්න පුළුවන්. අපෙ අම්මිගේ කෑම වලට වඩා වෙනස් රහක්‌ එන්නෙ එයාගේ කෑම වලින්.

” නෑ අම්මේ. දැන් හොදයි මට “

“…………”

” මොකක්. හරි හරි අම්මා. එහෙම වුනොත් මන් හෙට එන්නම් “

“……….. “

” හරි.  එයාටත් නිවාඩු අම්මා. පුළුවන් වෙයි සමහර විට. හරි මන් කියන්නම් “

අනූ එහෙම කියලා දුරකථනෙ මේසේ උඩින් තියෙලා ආවේ මයෙ ළගට. එයා කියන්න යන්නෙ කොළඹ යන් කියලද දන්නෑ. කොහොමත් අනූව අවුරුද්දක්‌ යනකම් වත් දුර ගමන් තනියෙන් යන්න එපා කියලා තියෙන්නේ.

” මල්ලිගෙ අනිද්දා උපාධි උත්සවේලු. අම්මට සනීප නැති හින්දා යන්න වෙන්නෑලු අයියේ. නංගිට යන්නත් බැරි වෙයි බබා හම්බෙන්න කිට්ටුයිනේ “

” මයෙ අනූ ඔය හෙට යන් කියලද කියන්නේ ම්… “

” මේ ඔයා ඉන්නවා නම් ඉන්න අයියේ මන් ගිහිල්ලා එන්”

” හෙට උදේට යන් අනූ “

” සල්ලි තියෙනවද වාහනේට තෙල් ගහන්න ඈ අයියේ “

අනු කියපු විදිහට මට හිනා ගියා . එයා හරියට අපෙ වියදම ගැන හිතනවා. බඩු ගන්න ගියත් මිල බලලා ටිකක් හරි මිල අඩුයි නම් තමයි ගන්නෙ. කුණු කම නෙවෙයි එයා කලින් ඉදලා පුරුදු වෙච්ච විදිහ. කලින් වුණත් එයාට ලොකු පඩියක් හම්බුනත් එයා ළග තිබිල තියෙන්නේ පොඩි සල්ලි ටිකක්නෙ. ඒ නිසා කොල්ලා බයයි ඉස්සරත් හිතේ හැටියට එයා වෙනුවෙන් වියදම් කරන්න අතේ තියෙන සල්ලි මදි වෙයි කියලා . දැන් වුණත් එච්චරයි. මන්ම මතක් කරන්න ඕනී මෙයට මයෙ ළග අපි තුන් දෙනාටම හරියන්න සල්ලි තියෙනව කියලා .

” මන් ළග එහෙම සල්ලි තියෙනවා අනූ. අපි යන් හෙට “

              💥💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලුලා 🤗

බුදුසරණයි හැමෝටම 🙏

කියෝන වෝට් කරන අදහස් දාන යාලුලා හැමෝටම ගොඩාරියක් ඉස්තුතියි 🙏🙏❤️❤️❤️❤️❤️

ගෝතික් වලින් හම්බෙමු එහෙනම් 🌻

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූහත්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූහත්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූහත්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූහත්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූහත්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූහත්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 90