_Sugar Lv_Ðÿœ¸ chapter 16

All chapters are in _Sugar Lv_Ðÿœ¸
A+ A-

හරි හරි ශාක්‍ය ඔයා කලබල වෙන්න එපා
මන් ඔක්කොම ලෑස්ති කර ගන්නම්

හරි කරගනිංකෝ .ඔහොම කියලා උදේට අරක නැහැ මේක නැහැ කියලා කියපන්කෝ බලන්න .මන් දන්නවනේ මේ වයසේ නහර කාරයො ගැන .උන් උඩින් ගියාට මේ ලෝකේ දෙයක් හරියට කර ගන්න බැහැ .

අනේ හරි වදේ කෑ ගහන්න එපා අනේ

ඔව් ඔව් උබ ට මන් කෑ ගැහුවම තමයි අමාරු .මේ බබා උබ හරියට ඔක්කොම ලෑස්ති කර
ගනින් නැත්නම් හෙට කනවා හරි මගෙන් උදේම

Oky daddy ummaaaa

නේහස් කොල්ලා ශාක්‍ය ට ඇහැක් ගහලා කිස් එකකුත් දීලා උඩට දිව්වෙ තවත් මෙතන හිටියොත් ආයේ පාරක් ශාක්‍ය බෙරිහන් දෙන්න ගන්න බව දන්න නිසා .

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

නේහස් බබා ඉක්මනට පහළට එන්න breakfast ගන්න ඕන

හරි හරි මේ එනවා

ඉක්මනට එනවා දැනටම වෙලාව 7.00 යි. බලන්න උබ කීයට ද යකෝ යන්නේ

හරි හරි වදේ ඔයාත් එක්ක බැහැනේ මේ එනවා

නේහස් පහළට එනකොට ශාක්‍ය කෑම මේසේ ඉදගෙනත් ඉවරයි .හැබැයි කොල්ලො දිහා බලපු ගමන් ශාක්‍ය ට නම් ඇස් ගෙඩි දෙකත් එළියට පනින්න ආවා .මෙහෙමයි ලස්සනට නම් නෙමෙයි මේ යක් පැටියා ඉස්කෝලෙට යනවා වගේ නෙමෙයි ක්ලබ් එකකට යන්න වගේ ලෑස්ති වෙලා තිබුන නිසා .

නේහස් ඔහොමද යකෝ ඉස්කෝලෙ යන්නේ උබ

ඔව් ඇයි මොකෝ අවුල

අනේ මේ තෝ බබා වෙන්නේ නැතුව ඔය බෙල්ලේ අත් වල එල්ලං ඉන්න යකඩ ගොඩවල් ටික ගලවනවා .අනේ මන්දා අපි යන කාලේ අපි නම් ඔහොම නැහැ

අනේ යන්න අනේ යන්න මේ ඉන්නේ නිකන් කෑල්ල වගේ

කොල්ලා එහෙම කියන ගමන් සාලේ තිබ්බ කන්නාඩියකින් හැඩත් බැලුවේ ශාක්‍ය කම්මුලට අතකුත් ගහන් මේ විකාර දිහා බලන් ඉද්දී .

අනේ මන්දා තෝ principal ගෙන් අහගෙන මාව ඉස්කෝලෙට ගෙන්නපුවහම තමා මන් තෝ හම ගහන්නේ .දැන් ඔය mask මගුල ගලවලා එනවා කන්න

හරි හරි වදේ කම්මුලට අතකුත් ගහගෙන මට රව රවා ඉන්න එපා .කන්න එන්නම් ශාක්‍ය මන් .අනේ මන්දා ඔයාගේ
අකලට හිසකෙස් පැහෙයි වගේ මේ තරහ ගන්න විදිහට

හරි ඒක මන් බලාගන්නම්කෝ දැන් ඇවිල්ලා කනවා .

හැබැයි ඉතින් නේහස් table එකට ඇවිල්ලා ඉඳ ගත්තා විතරයි මේසේ තිබ්බ කෑම දැකලා කොල්ලගේ කට ඇද වෙලා ගියා . ඒකට ශාක්‍ය නම් සද්ද බද්ද නැතුව හොදට බෙදාගෙන කනවා .

.
.

Eww මට නම් බැහැ මේවා කන්න .ශාකය කොහොම මේවා කනවද මන්දා .ඒ ශික් බත් නම් කන්න බැහැ යකෝ මේ උදේ පාන්දර .මොන මල ඉලව්වක්ද මන්දා .කෝ පාන් නැහැනේ
.
.
නේහස් උබ දැන් ඔයා කෑම දිහා බලාගෙන අනිමිස ලෝචන පූජාව කරන්නේ නැතුව කනවා .තෝ මට හිතෙන් බණිනවද මන්දා

පික්කු කියවන්න එපා කුඩු මහත්තයා .මන් එහෙම හිතෙන් ඔයාට බනිනවද

හාපෝ ඔව් උබ බබා .දැන් මොකෝ මේක දැකලා මුන ඇද කර ගත්තේ

මේ බත් කන්නේ නැහැ අනේ මන්

අනේ මේ නේහස් බත් කන්න පුරුදු වෙනවා හරි .බලනවා කටු විතරයි මස් කළදක් නැහැ .අනික ඉගන ගන්න ළමයි හොදට කානන් .විශේෂයෙන් උදේ කෑම හොදට කන්න ඕන .

අනේ අප්පා අතින් නන් කන්න බැහැ

හරි ලඟට එනවා එහෙනම් මන් කවන්න .

ශාක්‍ය පිඟානට තව බත් මාළු පිනි බෙදා ගත්තේ මේ පොඩි යක් පැටියට මෙහෙම කවන්නේ නැත්නම් කන්නේ නැහැ කියලා දන්න නිසා .නේහස් තුත් ඉතින් බබා part එක දාගෙන ශාක්‍ය ලඟට ආවා .මේ කොල්ලගේ බොරු මරිසි අනේ

.
.

අනේ මැල්ලුම් දොඩක් එතා අනේ
අර අර පාපතම් ඕන

නේහස් කටේ බත් තියන් කිවන්නේ නැතුව කන්න .අනික මන් කවන්නේ මට ඕන විදිහට උබට ඕන විදිහට කන්න ඕන නම් තනියම කාපන් .

හුන් එහෙම බෑ

හා හා ඕන එකක් කෝ ආ කියනවා .ඉක්මනට කන්න බබා .බලන්න වෙලාව 7.15 වෙලා .කෝ මේ ටික ඉකමට කන්න

හරි හරි

අහ් අනික මන් lunch එක water bottle ලෑස්ති කරලා bag එකට දැම්මා හරි .අනිවරෙන් කන්න ඕන තේරුණා නේද .

Yes sir .ඒ මේ මන් දැන් bike එකේද යන්නේ .ඔයා ඒක ඊයේ මේ ගෙදරට ගෙනාවානේ

ඔව් යන්න පුළුවන් .හැබැයි මන් අද ඇවිල්ලා බලනවා .අනික බබා පරිස්සම් වෙලා යනවා හරි .

.
.
.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

නේහස් තනියම bike එකේ ආවා උනාට ඒ පස්සෙන් ශාක්‍ය එයාගේ drive එක්කම ආවේ මේ පොඩි යක් පැටියා තඹ සත පහකට sure කරන්න බැරි නිසා .

.
.
.

අඩෝ නේහස් උබ ආවා නේද කොල්ලො එහෙනම් .මන් උබ නැතුව වේලිලා හිටියේ .බලපන් කන්නේ නැතුව කෙට්ටු වෙලා මේ රිශි පැටියා .

අනේ මේ මුගේ බොරු බං .ඒ ඒ අර උඹේ එයා නේද මේ පැත්ත බලන් ඉන්නේ

අහ් කෝ ඇවිල්ලද .ශාක්‍ය ගේ හැටි ඒ යාෂ් .මාව sure නැහැලු කියන්නේ

අමෝර් අමොර් ඒක යකෝ .හැබැයි මෙහෙමයි උබ එහෙම sure කරන්න පුළුවන් එකෙකුත් නෙමෙයි නේ බං .හා නැද්ද යාෂ්

අනිවා රිෂි පැටියෝ

හා හා යමන් .අහ් ඔව්ව කොහොම උනත් අන්තිමට පොර මගෙන් තමා මට්ටු වෙන්නේ

නේහස් මන් උබට එකක් කියන්නම් උබ ඒ මනුස්සයා ගේ හැඟීම් සෙල්ලමකට ගන්න එපා තේරුනාද .උබ එක්ක sex කරාට උබ ඒක උඹේ අවශ්‍යතාව ඉෂ්ඨ කර ගත්ත ආතල් එකක් විදිහට හිතන්න එපා

බලමු රිශී

අහ් බල බලා ඉන්නේ නැතුව real feelings නැත්නම් අයින් වෙයන් කියලා .මොකද ශාක්‍ය කියන්නේ බලෙන් තියං ඉන්න එකෙක් නෙමෙයි. හැබැයි උබ මේක ආතල් එකක් සෙල්ලමක් කර ගත්තොත් උබ ට ඉස්සරහට රිදෙන්න පුලූවන්

රිෂී කියපුවට යාෂ් ඔලුව වනල එකග උනාට නේහස් නම් හිටියේ වෙන කල්පනවක
.
.

අහ් උබ මට plasure එකක් දුන්න පළවෙනි එකා ශාක්‍ය .මන් වෙන උන්ට ඇන්නට මට ඇනපු පළවෙනි එකා . ඒකට මෙච්චර මට හිත යයි කියලා මන්
හිතුවේවත් නැහැ . ඒකයි ඉතින් ටික කාලයක් try කරන්න උබ ළඟ ඉන්න හිතුවේ .හැබැයි උබ හිතුවා නම් මේ සෙල්ලකරයා මෙල්ල කරා කියලා අන්න එතන තමා උබට වැරදුනේ .පිරිමි කෙල්ලෝ සල්ලි වලට ගන්නවා වගේම ඕකේ අනික් පැත්තත් වෙනවනේ .සමහර විට මටත් එහෙම වෙන්න පුළුවන් .

.

නේහස් කට කොණකින් හිනා වේවි මෙහෙම හිතනකොට රිශි නම් තාම නේහස් ට උපදෙස් දෙනවා .හැබැයි කොල්ලාට නෙමෙයි ඇහුනේ .හැබැයි ඒ මඟ ඇරුනේ වටින දෙයක් කියන්න නේහස් ට තේරුම් යනකොට කොල්ලා පරක්කු වැඩී වෙන්න උනත් පුළුවන්

.
.
.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

හෙහේ පරක්කු උනාට සොරි

Comment එකක් දාගෙන යන්න ළමයි .ආයේ ඉක්මනට එන්නම්කො .

කතාව sad ending කරමුදෝ .😌

Tags: read novel _Sugar Lv_Ðÿœ¸ chapter 16, novel _Sugar Lv_Ðÿœ¸ chapter 16, read _Sugar Lv_Ðÿœ¸ chapter 16 online, _Sugar Lv_Ðÿœ¸ chapter 16 chapter, _Sugar Lv_Ðÿœ¸ chapter 16 high quality, _Sugar Lv_Ðÿœ¸ chapter 16 light novel, ,

Comment

Leave a Reply

Chapter 17