_Sugar Lv_Ðÿœ¸ chapter 26

All chapters are in _Sugar Lv_Ðÿœ¸
A+ A-

මේ අස්සේ අපේ නේහස් නම් දැන් ටිකකට කලින් ඇහැරලා
ශාක්‍යගේ මූන දිහා බලාගෙන ඉන්නවා .ශාක්‍ය නම් තවම හොඳටම නිදි එයාගේ
babyboy වත් හොදට තුරුල් කරගෙන .ඉතින් එයාගේ babyboy දැන් ඇහැරගෙන ඇස් බෝල දෙකත් කරකෝ කරකො ශාක්‍ය ගේ හැඩ බලනවා .මෙහෙමයි ඉතින් උඩට ඇදුමකුත් නැතුව අර පපුව එහෙමත් එලියෙ දාගෙන ඉන්නකොට ඉතින් ඕන කෙනෙක්ට බලාගෙනයි ඉන්න හිතෙනවා තමයි ඉතින් .ඒ මදිවට ලංකාවෙන් එද්දී ගෙනාපු ඒ කළු පාට සරමත් ඒ පැණි පාට ඇගට මාර විදිහට ගැලපුනේ .

.
.

යකෝ අපේ රිෂි සීනි තාත්තා කිය කියා නගින එක අහන්න දෙයක් නෙමෙයි .උගේ මිනිහටත් වඩා මගේ මිනිහා handsome නේ යකෝ.නේහස් මොනවද යකෝ උබ මේ හිතන්නේ .උබ කාවද්ද මේ නාකි ඩයල් එක උඹේ මිනිහා කර ගත්තේ .ahhhhhh මටත් පිස්සු .අපි නිකන් සෙක්ස් partners ලා විතරයි .ඒත් අනේ මන්දා මෙහෙට එන්න කලින් එහෙම හිතුවට මට දැන් එහෙම හිතන්න හිතෙන්නේ නැහැ .ඕන එකක් වැඩිය හිතනෙන් නැතුව එක්කෝ ඉන්නවා .ඒත් අනේ මේ පිස්සු ඩයල් එක ඊයේ මාව උස්සන් ගිහින් වොෂ් දැම්මෙව්වේ බබෙක් වගේ .ahhhh නාකි ඩයල් එක නිසා මට heart attac යකෝ !!!!!

.
.
.
උදේ පාන්දර නැගිටලා ශාක්‍ය ගේ මූණ දිහා බලාගෙන ඉදලා නේහස් ශාක්‍යට ඇහැරෙන්නේ නැති වෙන්න එළියට ගියේ උදේම coffee එකක් හදා ගන්න .නේහස් හැමදාම උදේට coffee බොන්නේ .කොල්ලාට ඒක නම් අනිවරෙන්ම ඕන . ඒක නැත්නම් දවසම අවුල් වගේ කොල්ලාට .පොරගෙ ජාතික පානය තමා ඔය.
නේහස් කුස්සියට එනකොට අපේ දොස්තර මහත්ය එක්ක rishi තේ හදනවා . ඒකත් කාටද බැන බැන . Rishi කාරය අපේ
රෙහාන් ට කියන්නේ පතී කියලා .මොකද හොර දොස්ථරයගේ නම රෙහාන් සූවීෂ් පතිරණ නිසා .

ඇත්ත ඇත්ත පතී ඔවුන්ට ඇග විතරයි දෙයියෝ දීලා තියෙන්නේ මොලේ නැහැ . කද පමණයි .

අහ් දෙන්නටම good morning

අනේ නේහස් බබා good morning අනේ

Good morning කොල්ලො

දැන් දෙන්න කාගෙද ඔය පළු අරින්නේ

වෙන කාගෙද අනේ මගේ
මිනිහාගෙයි පතීගේ ගස්වැද්දාගෙයි

උබේ මිනිහා හා කියමුකෝ .දැන් එතකොට කවුද පතීගේ ගස් වැද්දා

වෙන කවුද අනේ අර ඔයාලගේ යාළුවා යාෂ් මිසක් .අනික ඒ යකා මගේ නෙමෙයි.

හාකෝ ඔන්න මේ නේහස් දොස්තර මහත්තයා කියපු දේ විශ්වාස කරා හොඳේ .

අනේ මේ නේහස් බබා ඔයා දන්නේ නැහැනේ ඒ යකා අපේ දොස්තර පතී ගෙන් උණු වතුර හොරා කාලා .බලන්න අනේ මේ
රිශි බබා ආවේ නැත්නම් තාම උන් දෙන්න මරා ගන්නවා . ඒක නෙමෙයි උයා මොකෝ මෙහෙ .

මන් මේ coffee එකක් හදන්න ආවේ රිෂි

අහ් ඒක එහෙනම් මන් හදලා ගෙනත් දෙන්න .ඔයා යන්නකෝ

නැහැ මේ rishi එහෙම නෙමෙයි මට තව tea එකකුත් හදන්න ඕන .ඒ නිසා මන්ම හදා ගන්නම්

හාකො එහෙනම් .ඔහොම යන්කෝ නේහස් බබා .ඔයා අමුතුම වලිග පටුනක් නටන්න තමා යනවා . හා හා

රිශි එහෙම කියන ගමන් අපේ දොස්තර මහත්තයා එක්ක තේ දෙකත් අරන් ගියේ අපේ නේහස් කොල්ලට කින්ඩි හීනාවක් දාන ගමන් . මේකයි ඉතින් අපේ
නේහස් කොල්ලාට ශාක්‍යට තේ එකක් හදන්න හිතිලා .හරි ඉතින් එහෙමයි කියලා rishi ට අයිතියක් නැහැනේ ඔහොම නෝන්ඩි දාන්න .එක අතකට ඉතින් නේහස් හැසිරුණ විදිහට කොල්ලාට නෝන්ඩි දාන එකේ අවුලකුත් නැහැ හැබැයි .

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

අන්තිමට නේහස් දාන්න දහන් ගැට ඔක්කොම දාලා ශාක්‍යට තේ එකක් හැදුවේ .මෙහෙමයි ඉතින් එයාට නම් ඕන මඟුලක් .සීනි අඩු උනත් එකයි වැඩි උනත් එකයි .හැබැයි ශාක්‍යට දෙනකොට එහෙම බැහැනෙ හොදට රසට දෙන්න එපැයි .මොකෝ උයලා පිහල පුරුදු පොරකුත් නෙමෙයිනේ අපේ
නේහස් කියලා කියන්නේ .

.
.
.

තේ එක හදාගෙන නේහස් රූම් එකට යනකොට ශාක්‍ය washroom එකේ ඉඳන් සරමත් ඇද ඇද එළියට එන ගමන් හිටියේ .හැබැයි ශාක්‍ය නම් තේ එකක් අතේ තියං එයා දිහා කන්න වගේ බලාගෙන ඉන්න
babyboyව දැක්ක ගමන් පුදුම නොවුණ කිව්වොත් බොරුවක් .ඇයි ඉතින් ශාක්‍යගේ babayboy මහා අමුතු line එකක්නේ අල්ලන් හිටියේ .මෙහෙම එක පාරට තේ එහෙම හදාගෙන එනකොට පොඩි සැකයක් එනවනේ

මේ මන් මේ …

ඔව් ඔයා මොනවද ..

මේ……මන් මේ ඔයාට තේ එකක් හැදුවා .

නේහස් එහෙම කිව්වා විතරයි මෙච්චර වෙලා තේ එක දැක්කේ නැහැ වගේ කොන්ඩේ පිහන ගමන් හිටපු ශාක්‍ය ඒ දිහා බැලුවේ ඇහැකුත් උස්සන් .ඇයි යකෝ කවදා සිද්ද උන දේවල් ද අනේ මේ .

මට තේ හැදුවා .

ශාක්‍ය එහෙම කියන ගමන් නේහස් ලඟට යනකොට ශාක්‍යගේ tone එකට අපේ baby boy ගේ කම්මුල් දෙකත් රතු වෙනකොට .

අනේ මේ ශාක්‍ය මේක අරන් බොන්න .මන් වොෂ් දාන්න යන්නත් ඕන

අහ් හා .මොකෝ මේ හදිස්සි අහ් .රතුත් වෙලා

අනේ මේ මෙන්න මේක ගන්නවා .පිස්සු විකාර ඔයාගෙත් .

නේහස් ගෙනාපූ තේ එකත් ශාක්‍යගේ ඇගේ ගහලා ඉක්මනට ඇද උඩ තිබ්බ towel එකත් අරන් වොෂ් රූම් එකට රිංගුවේ ශාක්‍යටත් හොදම එකෙන් රවලා.
නේහස් වොෂ් රූම් එකට යනකොට ශාක්‍ය තේ එක බොන ගමන් රසයි හොඳේ කියලා බෙරිහන් දුන්නේ නේහස් නම් පිස්සෙක් තමුසේ කියලා අනිත් පැත්තට ආයේ බෙරිහන් දෙනකොට .

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

කොහොමහරි කට්ටිය උදේ breakfast අරන් ඉවර උන ගමන් ශාක්‍ය , කෙහාන් එක්ක එයාලගේ bussiness වැඩකට එළියට ගියා .ඒ එළියට ගියේ අපේ දොස්ත්‍ර මහත්තයට කොල්ලො තුන් දෙනාගේ වගකීම පවරලා .මේකයි අපේ දොස්තර මහත්තයා එක්ක කොල්ලො තුන් දෙනා එක්ක ෆ්‍රාන්ස් වල අද ඇවිදින්නනේ යන්නේ ඒකයි.

.
.
.

යාෂ් නම් දැන් පැයක් තිස්සේ යන්න ලෑස්ති වෙලා බලාගෙන ඉන්නේ අනික් උන් තුන් දෙනා එනකන් .

අනේ මේ යාෂ් මේ මේක හොඳද අනේ

රිශී දැන් උබ ඔය කීයේ ඉදන්ද ලෑස්ති වෙන්නෙ .දැන් බලපන් අරූ අපේ නේහස් ඌට මෙලෝ ගානක් නැහැ . ඌ අද ඉන්නේ සමනල් හැඟුමන් අතරේ .අනික් එක ඌ තමා මරුම අර හොර දොස්තර කාරයා . ඒක උබ වගේමයි .

අනේ මේ යාෂ් මට හොර දොස්තරය කියන්න එන්න එපා හරිද .මගේ නම රෙහාන් සුවීෂ් පතිරණ .අනික අපි ලෑස්ති වෙලා ඉවරයි .දැන් යන් .වැදගත්ම දේ තමුසෙට කිසිම fashion සෙන්ස් එකක් නැහැ කියලා අපි මොනවා කරන්නද

හරි හරි සුවී මන් තමා වැරදි .දැන්වත් යමු අපි.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

කොහොමහරි හතර දෙනා එක්ක රණ්ඩු වෙලා ලෑස්ති වෙලා එළියට බහිනකොට උදේ 10 ට විතර .හොදම දේ කියන්නේ අපේ රිශීට එළියට ආපු වෙලේ ඉඳන් photo පිස්සුව ගහලා .ඒ අස්සේ දොස්තර මහත්තයා උනත් ඒකටම හරි යන්න .ඒ අස්සේ ඒක කවදාවත් නැතුව අපේ නේහස්ටත් බෝ වෙලා .අන්තිමට යාෂ් ට තමයි මුන්ගේ මේ පිස්සු වැඩ වලට support දෙන්න උනේ .

අනේ  යාෂ් සුදු මහත්තයා අපේ කෙහාන් ගේ බබාගේ ලස්සන ෆොටෝ එකක් ගන්න අනේ

Rishi ඉන්ටත් අත  තියාගෙන බෙරිහන් දෙනකොට යාෂ් ඉතින් so done look එකකින් අපේ
rishi ගේ ෆොටෝ ගත්තේ .ඇයි යකෝ ඉතින් දැන් මේ ෆොටෝ මගුල කීයේ ඉදන්ද

ඒ එක්කොම අස්සේ දොස්තර මහත්තයා එයාගේ bag මල්ලත් උස්සන් මහා අව්වට වෙලා උන්ද ෆොටෝ ගහනවා .

ඇත්තම කිව්වොත් අපේ යාෂ්ට අනුව නම් එයාට ඇර මෙතන ඉන්න අනිත් තුන් දෙනාටම හොඳටම ට්‍රැක් .ඇයි යකෝ මුන් මාර ෆොටෝ ජෙනික්ලානෙ. මෙහෙම ගියොත් මුන් ටික france වල toilet එකට ගිහිලත් ෆොටෝ ගහල ඉන්ස්ට දායි වගේ .

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

හෙහේ next chapter එකෙන් ආයේ එන්නම් .updates දෙන්න කල් යනවට sorry ඉතින් .😁😁😁

Tags: read novel _Sugar Lv_Ðÿœ¸ chapter 26, novel _Sugar Lv_Ðÿœ¸ chapter 26, read _Sugar Lv_Ðÿœ¸ chapter 26 online, _Sugar Lv_Ðÿœ¸ chapter 26 chapter, _Sugar Lv_Ðÿœ¸ chapter 26 high quality, _Sugar Lv_Ðÿœ¸ chapter 26 light novel, ,

Comment

Leave a Reply

Chapter 27