À¶±À·ƑරÀ·À¶«À·’À¶ºà·|Nasaraniya 12

A+ A-

ඇහි පිහාටු එකටම ඇලිල වගේ,ඇස් දෙක කොච්චර අරින්න හැදුවත් මට දැනුනේ ඒ දෙක අලවලා වගේ.ඇස් වල බර ගතියත් එක්ක ඇස් ඇරගන්න බැරි වෙනකොට මගෙ ඇස් කෙවි වෙල කෙලවරින් කදුලු ගලන් මගේ කම්මුල් පිහගෙන යනකොට මට දැනුනේ මාරම අසරණකමක්.මට නැගිටින්න ඕනේ.මේ කලුවරට මම කැමතිම නැ.කලුවරත් එක්කම මගේ මනසේ ඇදෙන්න ගත්ත ඒ සිදුවීම් පෙලත් එක්ක මගේ ඇස් දෙක එක පාරටම ඇරුනත් මූන කෙලින්ම වැටිල තිබ්බ සුදු ලයිට් එක නිසා මගේ ඇස් ආයෙ පාරක් තදටම පියවුනා.ගොඩක් වෙලා ඇස් වහන් හිටපු නිසාද මන්දා එක පාර ලයිට් එලිය මූනට වැදුනට පස්සේ ඇස් දෙකත් එක්ක නිලංකාර වෙලා ගියා.මම එහෙම්මම ඇස් දෙක ටික වෙලාවක් වහන් ඉදල ඇදේ ඇලේට හැරිලා ඇස් දෙක ඇරියා.

සුදු නිලි තීරු පටි වලින් හැඩවුනු ජනෙල් තිර,සුදු රෙදි වලින් වටවෙච්ච ඇදවල්,ඇද ලගම තිබ්බ උස මේසේ ,නහය කඩන් එන එක එක බෙහෙත් සුවදවල් .මම ඉන්නේ සික් රූම් එකේ.මම මෙතන්ට කොයි වෙලාවෙද ආවේ?ඇගට පන නැති ගතියක් ලාවට තිබ්බත් උදේට වඩා ඔලුවේ බර ගතිය අඩුවෙලා ගිහින් තිබුනා.දකුනු අතේ වැලමිටෙන් ඇදට බරවෙලා වම් අත ඇදට තියලා නැගිට ගත්ත මම අමාරුවෙන් හරි ඇදට හේත්තු වෙන්න කියල වම් අතින් බර තියල පස්සට වුනත් මට හික් ගැවුනේ කට්ටකින් ඇග පසාරු කරගෙන යන කැක්කුමක් දැනෙද්දි.

එහෙම්මම වම් අත දිහා බලනකොට මම දැක්කේ අතට ගහල තිබ්බ කැනියුලා එක.ඒත් එක්කම මගේ ඇස් දෙක ගියේ ඇද ගාව රැක් එකේ එල්ලල තිබ්බ සේලයින් එක දිහාට.සේලයින් ඉවරවෙලා තිබ්බ නිසා ඒක ඇකිලිලාම ගිහින්.මම එහෙම්මම කැනියුලා එක ඇදල ගලවල ගත්තේ උකු ලේ දාරාවක් ගලාගෙන යනකොටමයි.සාක්කුවෙන් ගත්ත ලේන්සුවෙන් ලේ පාර මකල දැම්මම මම ඇදෙන් නැගිට්ටේ කකුල් දෙක ලාවට වෙවුලන ගතියකුත් දැනෙද්දි.

“මල්ලි”

සපත්තු දෙක දාන් නැගිට්ට ගමන් කොහෙදෝ ඉදල ආපු සික් රූම් එකේ අක්කා මගේ අතේ එල්ලෙද්දි මම ඒ දිහා බලන් හිටියා.ඇදල හිටපු ගවුමෙන් කයි වෙලේ පනීද කියල හිතාගන්න බැරි පපුවත් මගේ අතට තදකරන් ඇගට ඇතිල්ලෙද්දි මට ආවේ මාර අප්‍රසන්න ගතියක්.වෙන වෙලාවක නම් තල්ලු කරන්න තිබ්බ දැන් මට ඇගට පනත් නැ. මගේ ඇගට පන නැති ගතියත් එක්ක තව මේ ගැනි ඇගේ නගින්නත් එනවා.

මම එහෙම්මම මගේ අතකින් අල්ලන් හිටපු ඒ අත ගලවල දාල ලාවට හිනාවුනේ බනින්න බැරිකමට.

“මල්ලි කොහෙද යන්නේ?”

“මම එලියට යන්න කියලා.”

“කොහේ යන්නද?තාම අඩුත් නැ.වාඩිවෙන්නකෝ ලමයෝ.අක්ක චුට්ටක් ඔලුව අතගාන්නද?”

මට සික් රූම් එකේ අක්ක කැමති කියලා මුලු ඉස්කොලේම කියන එකනම් සිරා ඇත්තක්ද කොහෙදෝ?මගේ දිහා හෙන අමුතු බැල්මක් එක්ක බලන් ඉද්දි ඇත්තටම මට මාර අපහසුවක් දැනුනේ.මම ලගට එන ගොඩක් ගැනු ලමයි,ගැනු අය එන්නේ ප්ලෙශර් එකක් ගන්න වගේම මමත් එයත් එක්ක යන්නේ එයත් කැමතිනම් මාත් කැමතිනම් ඒ දේකට විතරයි.මට කන්ෆෙස් කරපු කෙනෙක් එක්ක මම කවදාවත් එහෙම හැසිරෙන්නෙ නැ.ඒ වගේ දේකින් වෙන්නේ එයාල තවත් මට ඇලෙන්න ගන්න එක.හැගීමක් නැති තැන දේවල් ලේසි.බැදීමක් ඇති වුන තැන ඒකෙන් මිදෙන්න අමාරුයි. එක අතකින් මගෙ උරිස්සෙන් අල්ලන් අනිත් අතින් මගේ වම් අතේ ඇගිලිඅතරින් ඇගිලි යවල අල්ල ගත්ත මම බලෙන්ම ගලවල දැම්මෙ ඒ මූන බෙරි වෙලා යද්දි.මට බොරුවට කෙනෙක්ට බලාපොරොත්තු දෙන්න ඕනේ නැ.

“මට අමාරුවක් නැ,මම යන්නම් අක්කේ.මාව බලාගත්තට ස්තූතියි”

මම එහෙම්මම අඩියට දෙකට ඇද වට කරල තිබ්බ සුදු තිරත් පැත්තකට ඇදලා ගියේ සික් රූම් එකෙන් එලියට යන්න.වැනෙනෙ ගතියක් දැනෙද්දි මම දොරත් අල්ලන් එලියට යන්න ගියත් දොරෙන් ඇතුලට වේගෙන් ආපු කෙනෙක්ගේ ඇගේ වැදිච්ච පාරට මම විසිවෙන්න ගියත් ආපු කෙනාගේ අතක් මගේ අතින් අල්ලන් මාව ඇද්ද පාරට මම ගිහින් හයියෙන් කාගෙගහරි පපුවක වැදෙනකොට මම ඇස් පියා ගත්තා.ඇස් ඇරගන්නවත් තාම පණ මදිවුනත් මට මෙතන ඉන්න ඕනෙ කමක් තිබ්බෙ නැ.ඇස් ඇරලා මම කෙලින්ම ඔලුව උස්සල බැලුවේ මාව අල්ලගත්ත කෙනා මොනා උනත් මට වඩා අගල් දෙකතුනක් උස කෙනෙක් නිසා.

ඇයි දෙයියනේ?මට ලෙඩ වෙලත් මේ මිනිහවම පේන්නේ?මට පේන්න ගත්තෙ අකේන්කාරයා.වෙනසකට තිබ්බේ කන්නාඩි දෙක නැතුව.ඒ ඇස් වල හැමතිස්සෙම මම බලනකොට පේන දිලිසෙන ගතිය මැකිලා ගිහිල්ලා.

“කේතුර්?”

ටහුඩු හීනයක් නෙමෙයි යකෝ?ඇත්තටමද කොහෙදෝ.මා සුටුස් ගාල සර් කාරයාවත් පස්සට තල්ලු කරන්න හැදුවත් බැලන්ස් නැති වෙන්න ගිහින් වැටෙන්න යද්දි සර් මගේ අතකිනුත් අල්ලන් මිරිකලා ඔරවලා බැලුවා.

“කොහෙද යන්නේ?”

“…………….”

“මම ප්‍රශ්නයක් ඇහුවා,කොහෙද යන්නේ තමුසේ?”

“ක්ලාස් එකට ඇයි?”

“කෙලින් ඉන්නවත් පන නැතුව.දැන් ඊලගට තමුසෙට ඕනෙ පන නැතුව ඔහොම ගිහින් පඩිපෙලකින් වත් වැටිලා කොන්ද කඩා ගන්නද ඊලගට,අහ් කියනව ඉතින්.විනාඩි දහයකට එලියට ගිය ටිකවත් එක තැන ඉන්න බැ. තමුසෙට මැරෙන්නද ඕනෙ හේශ් ආහ්?”

ගිරියත් පුප්පන් කැගහනකොට මම මුකුත් නොකිය හිටියේ කියන්න කට පන නැතිකමට වඩා ඇගේ තිබ්බ අමාරුව නිසා.

“සර් ,සර් ආවද?බලන්නකෝ සර් මම හේශ් මල්ලිට කොච්චර කිව්වද යන්න එපා කියලා.බලන්න ඇගත පනත් නැතුව.යන් මල්ලි මම මල්ලිව බලාගන්නම්.සර් වදවෙන්න එපා මම මල්ලිව බලාගන්නම්.මම මල්ලිව හොදට අදුරනවත්නේ .සර් ඔය කැම එක හේශ්ටද ගෙනාවේ?කෝ දෙන්නකෝ මම කවන්නම්.සර් ක්ලාස් එකට යන්න.”

එහෙම කියන ගමන් සික් රූම් එකේ අක්කා මගේ අතකිනුත් එල්ලිලා සර්ගේ අතින් කැම එක ගන්න හැදුවත් සර් කැම එකත් එක්ක අත පස්සට ඇරන් එක පාරටම අනිත් අතින් මගෙ ඉනෙන් අත දාල ලගට ඇදල ගත්තේ අක්කාට මාව අත ඇරෙද්දිම වගේ සර් ගාවට ඇදිලා ගියේ පරඩැළක් වගේ.මම ඒ ග්‍රහනෙන් මිදෙන්න දැගලුවත් මේ සිප්පිහිකනලා මගෙ ඉනෙන් කිනිත්තුවා.මම ශේප් එකේ උගෙ සපත්තුවට කකුල තියල ඒක උඩ හිටගත්තත් මේක ලාදුරු හැදිච්ච එකා වගේ ඉන්නවනේ.

“මිස් ඒ ගැන වදවෙන්න එපා,මගේ ඊලග පීරියඩ් දෙකම ෆ්‍රී.මම හේශ් බලාගන්නම්.මිස්ට රෙඩ් ක්‍රොස් එකෙන් එන්න කිව්ව පැකේජස් වගයක් ගන්න එන්න කියල කිව්වනේ කලිනුත් හේශ් අරන් ආව වෙලේ.මිස් ඒක බැලුවනම් හරි.”

“ඒත් සර්………”

අර ගැනිට වචනයක්වත් තව කියන්න නොදී මාවත් එක්කම ඇදගෙන ඇවිත් මම හිටපු ඇද ගාවට එක්කන් ඇවිත් වටෙන් ඇරිලා තිබ්බ සුදු රෙදිත් එක්ක ඇදල වහල දැම්මෙ සික් රූම් එකේ අක්කගේ මූන දෙල් වෙද්දි.අන්තිමට වට කරපු කොටසේ ඉතිරිවුනේ මුනෙන් මූන බලන් ඉන්න මායි සර්කාරයයි විතරයි.

“ඇදට නගිනවා”

“අහ්හ්”

“එකාපාරයි මම කියන්නේ,ඇදට නගිනවා.”

මගේ බොක්කත් එක්ක කූල් වෙලා ගියා ඒ සද්දෙට.ඒත් මම නගියි මේන් කියල .

“මට බැ”

“දැන් තමුසෙට බැද ?”

“බැ කියන්නේ බැ තමයි…………යායා ඔය මොකක්ද කරන්නේ?”

මම බෑ ගන කොටම මගේ කලව යටින් අත් දාල උස්සල ගත්ත මනුස්සයා මාව ඇදෙන් තියල මගේ අත් දෙක අල්ලන් ඇදරෙද්ද ඇදල අරන් ඇදෙ විට්ටමෙ තිබ්බ කූරු වලට බැන්දේ මම කකුල්වලින් පයින් ගහනකොට.

“මොන මගුලක්ද අහ් අහ්,අතාරිනවා මිනිහෝ?”

“ඔයා ඇදෙන් බහින්නෙ නැ කියල පොරොන්දුවෙන්න ලිහන්නම්.”

“මම බහිනවා,මම මේක ගලවල බැහැල තමුසෙගෙ ඔලුව කනවා.ඊට කලින් මාව ලෙහෙනවා”

“බහින්නෙ නැ කිව්වොත් ලෙහන්නම්.”

“මාව ලෙහෙනවා මිනිහෝ…………යා………….ආයිශ්…..”

මම කකුල් දෙකෙන් පයින් ගහන ගමන් කැගැහුවත් අර මනුස්සය නෙමෙයි ඇහුනා වගේ ඉන්නේ.මේක බීරෙක්ද?ආහ් ඒ පාර මේ යකා එහා පැත්තෙ පුටුවකුත් ඇදගෙන වාඩි වෙලා පෝන් එකෙන් මොනාද බලනවා.යකෝ ඌ,මාව ගැටගහල හොදට ඉන්නවා.හිටපන මේක ගලවත්තහම උබව කනවා.මම හතර අතට ඇබරි ඇබරි කකුල් දෙකත් ගස ගස වරුවක් විතර දගලල අන්තිමට දගලන එක නවත්තල කෙලින්ම සිවිලිමේ පත්තු වෙලා තියෙන බල්බ් එක දිහාම බලන් හිටියා.වරුවක් විතර එහාට මෙහාට දගලලම මහන්සියි.එහෙට මෙහෙට ඇබරුන නිසාමද කොහෙද අත් දෙක බැදල තිබ්බ රෙදි කැල්ලට අත කැපිලද මන්දා අත් දෙකේ මැනික් කටුව හරියෙන් වේදනාවක් එන්න ගත්තා.

ඔහේ මෙලෝ අදහසක් නැතුව සිවිලිමේ ලයිට් එක දිහා බලන් හිටපු මන් කෙලින්ම මගේ ඔලුව දකුනු පැත්තට හරවල බැලුව.මම කොහොත්ම බලාපොරොත්තු වුනේ නැ සර් මං දිහා බලන් ඉදීවි කියලා.පුටුවේ කකුලක් උඩ කකුලක් දාන් ඒ කකුල උඩ වැලමිටකින් බර කරල තිබ්බ දකුනු අතේ උදව්වෙන් නිකට තියන් ඒ ඇස් මං දිහාම බලන් හිටියා.

මං හැරිල බැලුවත් ඒ ඇස් මගෙන් අහකට ගියේ නැ.ඒවා ආයෙමත් දිලිසෙනවා.සර්ට තිබ්බේ කලු හීනි ඇස්.අපේ ලන්කාවෙ මිනිස්සුන්ට කොහොමත් තියෙන්නේ කලු ඇස්.සමහරුන්ට බළල් ඇස් තියෙනවා. හරියට මගේ වගේ.මටනම් තියෙන්නෙ බළල් ඇස් මත් නෙමෙයි.ඊටත් තදද මන්දා.කලාතුරකින් අලු ඇස් තියෙන අයත් ඉන්නවා.එහෙම බැලුවහම කලු ඇස් කියන්නේ මහ පුදුමක් නොවුනත් මගේ ඇස් ඉස්සරහ තියෙන ඒ ඇස් හරි වෙනස්.ඒව ගොඩක් කලු පාටයි.හරියට ගැඹුරු අගාදයක් වගේ.පිටට නොපෙනෙන ගොඩක් දෙවල් ඒ අගාදේ හැංගිලා තියෙනවා වගේ.ඇහිපිල්ලමක්වත් ගහන්නෙ නැතුව දිලිහෙන ඇස්,මට පුරුදු ගතියක් ගෙනාව.ඒත් මට මේ මනුස්සයව පේන්න බැනේ.දැකල වැඩි වෙලාද කොහෙද එහෙම පේන්නේ.

“දගලල ඉවරද?”

මගේ කල්පනා ලෝකෙට හෙන ගැහුවා.

“මාව ලිහන්න.”

“ඇදෙන් බහින්න නැ කියල කියන්න.”

මේ වෙලාවෙ බහින්න තියා ඇගිල්ලකවත් හොලවන්න තරම් ශක්තියක් මගේ ඇග ඇතුලේ ඉතුරු වෙලා තිබ්බෙ නැ.

“හරි හරි බහින්නෙ නැ,ලෙහන්නකෝ අප්ප,මගුල අත් දෙකත් රිදෙනවා.”

“ඇගට නම් පන නැ,කට නම් පන නේ?”

මගේ අත් දෙක ලිහන ගමන් සර් කියද්දි මම ඔරෝල බැලුවා.

“මගෙ කට වැඩි තමයි .ඇයි ඔයා අඩු කරන්නද?”

ඒත් ඒ වෙලාවේ මම හිතුවෙවත් නැති විදිහට මගේ ලගට සර් ලන්වුනා.

“යා ඒයි මොකද ලගට එන්නේ?”

“ඇයි බයද ගිලියි කියල?”

“තමුසෙට බයයි මම ?මගේ හොලමවත් බය නැ.අනික මාව ගිලින්න තමුසේ මෝරෙක් යැ.”

“එහෙමද මම මේ බැලුවේ කට අඩු කරන විදිහ?”

මගේ ඇස් දිහා බලන් කට කොනකින් හිනාවෙන ගමන් ලන් වෙද්දි මම ඇදේ දිගා වෙලා ඉන්න ගමන් බලන් හිටියා.හයියෙන් උරහිස අත් දෙකෙන් අල්ලන් තල්ලු කරන්න ගියත් මොන, තව තව ලන් වෙනකොට සර්ගේ උරිස්ස උඩ තියෙන මගේ අත් දිහා බලන් මම ආයෙ මුන දිහා බෙල්ල හරවල බලද්දි ම මාව ඉස්සුනා.

ඉස්සුනා නෙමෙයි මගෙ කොන්දේ යටින් ගිය අතක් මාව උස්සලා වාඩි කෙරෙව්වා.මම කන්න වගේ මිනිහා දිහා බැලුවත් මිනිහා නෙමෙයි මන් දිහා බැලුවේ.ඇත්තමයි දැන් මගෙ නෝ ටචින් තියරියට හෙන ගහල ද කොහෙද.මූ මාව අල්ලන්නේ ඌ සතු භාණ්ඩයක් වගේ.අල්ලනවනම් කමක් නැ කියමුකෝ. අල්ලනව නෙමෙයිනේ උස්සනවා, පුටුවලට බදිනවා ඇදන්වලට බදිනවා.මෙහෙම ගියොත්නම් හේශුවෝ උබේ ආත්ම ගරුත්වෙත් බල්ලට වැටෙන සීන් එකක් තියෙන්නේ.

මම අත් දෙකත් බැදගෙන ඉදගෙන ඉන්නකොට මේ මැනුස්සය කලින් උස්සන් ආව කැම එක මට දික්කරා.යකෝ ගැමි ගෙදර බත් එකක්.සුවදට බඩේ ඉන්න පනුවොත් ඩිස්කෝ නටනවා,කොහෙද ඉතින් ඊයේ උදේට කෑවට පස්සේ තාම මුකුත් කාල නැති නිසා මම ඇත්තටම හිටියේ දැන් මගේ ඉස්සරහා ඉන්න එකාව උනත් මරන් කන බඩගින්න.එහෙමයි කියල දැන් මට ඕක කන්න ඕනේ නැ.

“මට බඩගිනි නැ”

“බඩගිනි නැ කියන්නෙ?”

“බඩගිනි නැති නිසා”

“ඊයේ ඉදන් කන්නේ නැතුව ඉදල බඩගිනි නැත්තේ තමුසෙ ගලක් ගිලලද ඉන්නේ?”

“ඊයේ ඉදන් කැවෙ ……………………..ඔහොම ඉන්න ඊයේ ඉදන් කැවෙ නැ කියල ඔයා කොහොමද දන්නෙ?”

මු යකෝ මගේ පස්සෙන් වත් එනවද?ග්‍රීස් යකෙක්ද දන්නෙ නැ.රැටත් එනවද දන්නේ නැ.

“අම්මා කීවෙ”

“අම්මා?ඇහ් සර් ,සර් මොකටද අම්මට කතා කරේ?කොයි වෙලාවෙද කතා කරේ?”

“ඔයා කලන්තේ දැම්මට පස්සේ?අපි ගෙදර ට කියන්න ඕනේනේ ලමයෝ ඔයා අසනීප වෙලාහිටියේ කියල අහන්නවත් .මටත් වෙන කරන්න දෙයක් තිබ්බෙ නැ.ඒකයි අම්මට කතා කරේ.එතකොටයි කීවෙ ඔය උදේටත් කන්නෙ නැතුව ඇවිත් තියෙන්නේ කියලා.තමුසෙ නොකා නොබී උපාවාස කරනවද මැරෙන්නවත්?

“අම්ම මොකද කීවේ?’

“අම්ම එන්නයි හැදුවේ.ඒත් මම කීව ඔයාට ප්‍රශ්නයක් නැ කියල.බය වෙන්න එපා ,අම්ම කලබල වෙන කිසි දෙයක් මම කීවෙ නැ.”

“ම්ම්”

අම්ම කලබලෙන් එන්න හැදුවා කියද්දි මට මන ගැනම ඇතිවුනේ කලකිරීමක්.මට උදේ එනකොට බත් කටක්වත් කාල එන්න තිබ්බ.අම්ම මහන්සි වෙලා උයන්න තිබ්බ එක.ඒත් ඊයේ වෙච්ච් දේත් එක්ක මගේ හිත හොදටම රිදිල තිබ්බේ,මට කියල හිතක් නැද්ද රිදෙන්නවත්?

“කේතුර්?’

මම එහෙම්මම බැලුවෙ සර් දිහා.මැනික්කටුව ගාවින් බැදල තිබ්බ වොච් එක ඩෙස්ක් එක උඩින් තියල සර් ගෙනාපු බත් එක ඇරල බත් කටක් අනල මට දික් කරන් ඉන්නවා.

“කන්න”

මගේ දිහාට දිකකරපු බත් කට දිහායි ඒ මූන දිහයි විනාඩියක් විතර මම මාරුවෙන් මාරුවට බැලුවා.දැන් විනාඩියකට කලින් මූ මාව මරන් කන්න හැදුවනේ.මේ මොකද මේ?’

“මට බඩ………මොනා……………… මගූ…………”

කන්න බැ කියන්න කට අරිද්දිම පත අලි සයිස් බත් කටක් කටේ ගැහුවා.ඒකට බනින්න හදනකොටම පත පපඩමෙකුත් කටේ ගහුවා.බැනගන්න් විදිහකුත් නැ මෙ මිනිහගේ අලි සයිස් බත් කටට.මුගෙ ඔක්කොම වැඩ අලි සයිස් තමා.එතනින් එහාට පාන් කියාගන්නවත් මට බැරි වුනා.එපා කියන්නවත් වෙලාවක් නොදී මම බනින්න කට අරින හැම සැරේම බත් කට කට ගිල්ලුවා.අන්තිමට මුලු බත් එකම කවලා ඉවරවුනාට පස්සේ බනින්න හද්දි බෝතලේ කටේ ගැහුවා.එතනින් එහාට මම බනින්න හැදුවෙ නැ.වැඩක් නැ මූට බැන්න කියල අහනවැයි ඌට ඕන රෙද්දනේ කරන්නේ.

එතනින් පස්සෙ බෙහෙත් වගේකුත් බොන්න දීල ගියේ ආයේ උන්දැ එනකන් ඇදෙන් බහින්නෙ නැ කියල මට කියල මතුරවගෙන කියවගෙන.මම ඇදෙ දිගාවෙලා පැත්තෙන් පේන ජනේල දිහා බලන් හිටියා.සික් රූම් එක පැත්තේ ක්ලාස් නැති නිසා සද්ද් බද්දයක් නැ.ඒත් නිකන් මොකක්ද වගෙ.අද කෙනෙක් මට බත් කැව්වෙ අවුරුදු ගානකට පස්සේ.

පොඩි කාලෙ ඉදන්ම මට තේරෙන වයසේ ඉදන්ම මට ඕන කලේ තනියම දෙවල් කරගන්න.තනියම මගේ දෙවල් මමම කරගත්තා.ඒ හින්දා අපේ වයසේ සමහර කෙල්ලන්ට වඩා මට ගෙදර දොරේ දේවල් පුලුවන්.අම්මට කියල බත් කටක් කවා ගත්ත කාලයක් මතක නැ.අපි දෙන්න එකට ඉදන් කන්නෙත් රැටනෙ.ඒත් ලොකු වෙලවක් කන්නේ නැ.සමහර දවස්වලට බත් කැවෙන්නෙත් නැ.අතින් තනියම කනවට වඩා අනල කවද්දි රසයි කියල අදයි තෙරුනේ.

මෙලහට සර් කාරයට කෙල්ලට කවලම මාර එක්ස්පීරියන්ස් එක්ක තියෙනව ඇති.පොඩ්ඩක් ඉන්න පොර මුල්ම දවස්වල කිව්වෙ කෙල්ලෙක් ඉන්නව කියලද?නැ කියලද?මතක නැනේ.නැති උනොත් තමා පුදුමේ.මොනා උනත් මාර අයිඩියල් බෝයිෆ්‍රෙන්ඩ් කැරැක්ටර් එකක් තියෙන්නේ.වැඩේ තියෙන්නෙ කෙල්ලට මට වගේ බලහත්කාරකම් කරනවද දන්නෙනැ? ඇහ් දැන් හේශුවෝ උබටමොකටද සර්ගෙ කැල්ලගැන විස්තර.

එහෙම්මම ඔලුව ගසල දාල මම එලි බලාගෙනම ඉද්දි මගේ ඇස් ලාවට බරවෙන්න ගත්තා.

“හේශුවාවාවාවාවාවාවාවා”

ගිය නින්ද සික් රූම් එකේ දොරෙනුත් විසි වෙලා යද්දි ඇදෙන් බිමට නොවැටි මම ඉන්දවුනේ ඒ කැගැහිල්ලට.අමාරුවෙන් ඇදෙන් ඉදගත්තත් ඊලගේ තප්පරේම ඇදට ම ඇයේ පත බැවුනේ රිලවා පැටියෙක් ඇගට පැන්න නිසා.

“චිරායූ”

නෙලීශයගේ කැගැහිල්ලටවත් හෙලවූනේ නැතිව මේක ඉන්නවා පස්සත් උඩ දාන් මාවත් බදාගනේ.සීරියස්ලි කොන්ද ලෙෆ්ට් ඇද නොතිබ්බනම්.යකෝ ඔහොමත් ලෙඩ්ඩුන්ගේ ඇගවල්වලට පනිනවද.ඔහොම පැන්නොත් මැරිච්ච එවුනුත් ආයේ නැගිටීවී.කොච්චර කිවවත් බහින්න බෑම කියද්දි නෙලීශය ඌව උස්සල ගත්තේ මම ඇදෙ වාඩි වෙනකන්.වාඩි වුත් හරි අරු ඉන්නව හන්ගොල්ලෙක් වගේ ඇගෙ එල්ලිලා මුලු ඇගම බදන්.ලෙඩා හැටියට ඇදෙන් 1/8 ක් වත් ලැබීම සතුටක්.අනිත් වුන් ටිකත් පුටුවෙනුයි ඇදේ ඉඩ තියෙන තැන්වලිනුයි වාඩි වුනා.

“අනෙ ඒ මගේ සුද්දො මොකැයි වුනේ ඒයි වුනේ ඔයාට?”

“සැක් ඔය ලබ්බ බාසාව නවත්තගනින්කෝ.මට මොනා වෙන්නද පොඩ්ඩක් කලන්තෙට ආව එච්චරයි”

“පොඩ්ඩක් කලන්තේ බලන්න තිබ්බ,උබ පඩිපෙලකින් එහෙම ඔහොම ඉද්දි වැටුනනම්.සර් දැන් කියනකන්ම යකෝ අපි දන්නෙ නැ.උබෙ බැග් එක තිබිලා උබ නැති නිසා සිරා හිතුවෙ උබ ටේබල් ටෙනිස් ප්‍රැක්ටිස් කියල.වෙනදත් උබ කියන්නෙ නැතුව සමහර වෙලාවල්වලට යනවනේ.අපි ඉතින් ලොකු ගානක් ගත්තෙ නැ.පස්සේ තමයි සර්කාරය චිරයුවට ඉන්ටර්වල් එකට බෙල් එක වැදුනට පස්සෙ කියල තියන්නෙ.ඊට පස්සෙ තමයි ඔය ඌ දුම් පිබන් ආවේ.”

“ම්ම්,කලන්තේ දැම්ම සර්ව හම්බෙන්න උදෙ ඔෆිස් එකට එන්න කියල ගිය වෙලේ.පස්සේ නැගිටල බලද්දි මේකේ”

“උබට දැන් අඩුද?අමාරුනම් කියපන් අපි කාටහරි කියල උබව ඉස්පිරිතාලෙට එක්කන් යන්නම්”

“එහෙම අවුලක් නැ බන්,දැන් අඩයි.”

“උබ කැවද?”

“ම්ම්,සර් කැම එකක් ගෙනත් දුන්න”

“හ්ම්ම්,මොනා උනත් සර්කාරය හොදයිනේ.බලහන් උබ ඔච්චර ඒ මිනිහට වද දෙද්දි ඒ මනුස්සය තමුසේ බලගත්තනේ”

“සුදු බාප්පි කටවහන් ඉන්න,ලෙඩ මනුස්සයෙකට ඉන්න දෙන්නෙ නැ මෙතන බනිනවා.”

“මමද ඉන්න දෙන්නෙ නැහ්තේ?දැන් තමුන් ඒ ලෙඩ මනුස්සයගේ ඇගට පැන්න එක හොදයි.”

“මම පැන්නට මොකද වෙන්න් ?මම බරද? නැනේ?”

“හිතන් ඇති පුලුන් කොට්ටේ කියල”

“අහ්හ් දැන් තමුසේ කියන්නෙ මම හාල් මුට්ටෙ කියලද?”

“මම කොයි වෙලාවෙද එහෙම එකක් කිව්වේ?

“තමුසෙ මට නොකියා කියන්නේ ඒකනේ?”

“ඕක නවත්තගන්න බන්,මට ආයේ කලන්තෙට වගේ.”

“උබ කට වහන් ඉදපන්,ලෙඩා වගේ.අනික උබ උදේට කාලවත් නෙමෙයිනේ ඇවිත් තියෙන්නේ.මම උබ ලෙඩ හොද වුනාම බලාගන්නම්.දැන් බාප්පි තමුසෙ,තමුසෙ මොකක්ද මට කලින් කීවෙ හාල් මුට්ටෙ කියලනේ?බලනවා මම එච්චර බර ද?”

ඌ එහෙම කියන ගමන් පුටුවේ ඉදන් හිටපු නෙලීශය ගෙ ඔඩොක්කුවෙන් ඉදගතතහම අරූ පොලීසියට බාරවෙන එකෙක් වගේ අත් දෙකහ් උස්සන් බය වෙලා වගේ අපි දිහා බලන් ඉන්නවා.

“බරද මන්?”

“එහෙම නෙමේ මම කිව්වේ චිරායු………………….”

“තමුසෙ මට කියන්නේ මම බරයි කියලනෙ,තමුසෙට ඔච්චර නැ කියනන අමාරුයිනේ.එහෙනම් හොයාගන්නව පුලුන් කොට්ටේ වගේ අලුතෙන් සුදු පුතෙක්.මම යනව යන්න.”

ඌ අරූට කැගහල අරූගෙ කකුලකුත් පාගල ගියේ අපි දිහා බලන්නෙවත් නැතිව.අපි හතරදෙනා එක එකාගේ මූනු දිහා බලාගත්ටේ මූට ඒ වුනේ මොකද කියල.එක්කො මූට පීරියඩ්ස්ද් කොහෙද?නැත්තන් අර මුඩ් සුවින්ග්ද කොහෙද කාගෙන්ද දන්නේ නැ බඩවුනේ?

“අපිත් යන්නම් හේශ්,හවස උබ මොකද කරන්නේ?මම උබව ගිහින් දාන්නද?”

නෙලීශය අමාරුවන් අරූ පාගල ගිය සපත්තු කකුල කරකන ගමන් මගෙන් ඇහුවා.

“නැ නැ අවුලක් නැ,මට ගිය හැකි.බැරි උනොත් අම්මට හරි කෝල් එකක් දෙන්නම්.”

“හා හා උබට ලිෆ්ට් එකක් ඕනෙ නම් කියහ,මම 4 විතර වෙනකන් ඉස්කොලේ ඉන්නව බන් අද ක්‍රිකට් ප්‍රැක්ටිස් නේ.”

“ඔව් නැත්තන් අපිට කියහන්,කවිත්මය හරි මම හරි ගිහින් දාන්නම්”

“අවුලක් නැ බන්.”

“එහෙනම් අපි යන්නම්,බිස්නස් මිස්ගෙ එක ඊලග එක .දන්නවනේ පන්තියේ නැති වුනොත් ?”

“ඔව් පල පල ,යන ගමන් චිරායුව බලන් පලයන්.”

“ඌට මොනව වෙන්නද.”

“අපි කැපුන බන්”

කට්ටිය ගියාට පස්සෙ මම හැඩි වෙලා තිබ්බ ඇද හදන් ආපහු ඒක උඩ ඇලවුනේ වැඩකුත් නැති එකේ කරන්න ටිකක් නිදාගන්න.

නිදාගෙන ඇහරුනත් මූනට වැටෙන ලයිට් එක නිසාම මම ටිකක් වෙලාවක් ඇස් වහන් හිටියා.බෙල්ල පැත්තට කරල ඇස් ඇරල බැලුව.යකෝ වෙලව 2.30 ටත් කිට්ටුයි.එහෙම්මම ඇදේ කෙලින් උන මම අත පයේ හිරි කඩල බැලුව.යන්නත් පරක්කු වෙලා.කොහෙද අර මිනිහා ඇදෙන් බහින්න එපා කිව්වනේ?ඒත් ඉතින් දැන් අවුලක් නැනේ.අනික වෙනදත් එය යැයි මාව එක්ක යන්නේ.එහෙම හිතන ගමන් ඇදෙන් බැහල ඒකත් අස් කරන ගමන් මම ඇද යට තිබ්බ මගේ සපත්තු දෙක දාගත්තා.අරුන් ටික කළින් එනකොට මගේ බැග් එක ගෙනත් තිබ්බ නිසා හොදයි නැත්තන් ඒක ගන්න මේ තට්ටු තුන බැහල තව තට්ටු හතරක් නැගහන්කෝ.

බැග් එකත් ඇරන් වටේ තිර රෙදිත් ඇ‍රන් ආපු මම එලියට ආවේ සික් රූම් එකේ අක්කා ඉද්දි,කෙල්ලට සිහියක් නැ පෝන් එකේ දාගෙන මොනාද කොටනව.ඒ නිසා ශේප් එකේ පැන ගත්ත මම කෙලින්ම එලියට.ඉස්කොලේ ඇරිල නිසා වැඩිපුර ලමයි නැතිවුනත් හවස ප්‍රැක්ටිස් ඉන්න ලමයින්ගෙන් ඉස්කෝලෙ පිරිලා.සමහරු නම් කැම කන්න එලියට ගිහින් ආපහු ඇතුලට එනවා.සමහරු දැන්ම ප්‍රැක්ටිස් පටන් ඇරන්.සමහරු ගෙවල්වල වල ඉදල කිට් එක පිටින්ම එනවා.ඒ ලමයි අස්සෙන් පැන පැන මම ගෙට් එකෙන් එලිය ආවා.

බස් එක ගන්න ඉස්කොඅල ගාව ඉදන් බැනේ.මම එහෙම්මම ඉස්කෝලේ ඉදන් මහ වීදිය දිගේ ඇවිත් පුස්තකාලේ ඉස්සරහ තියෙන බස් හෝල්ට් එක ගාවට ආව.තාම ඇගට ලොකු ෆිට් ගතියක් නොතිබ්බ නිසා මම හිමින් හිමින් බඩ ගාගෙන ආව.ඇවිත් බස් එකක් එනකන් හෝල්ට් එකෙන් වාඩි වෙලා හිටියා.1.30ට ගොඩක් බස් යනවනේ ඒ හින්දා මේ වෙලවට සෙනග නැ බස් වලට.ඒ හින්දා බස් අඩුයි.අනික දුර බස් වලට ලගට ගන්නෙත් නැ.වෙන වෙලාවකනම් ඒ වගේ එකක ෆුට් බෝඩ් එකක එල්ලිලා යන්නවත් තිබ්බ.ඒත් අද ඇගට පන මදි හින්දා මම කොට කොට යන ලන්ගමක්වත් එනකන් බෙල්ල කරක කරක බලන් හිටියා.

හෝල්ට් එක පහු කරන් ගිය අවුඩියක් ආපහු රිවස් කරන් ඇවිත් හෝල්ට් එකට ඇවිත් නවත්තල හෝන් එක ගහනකොට මම වගේම හෝල්ට් එකට වෙලා හිටපු හැමෝම මූනු බලාගත්ත.තව දෙපාරක් විතර හෝන් කරත් කවුරුත් ගියේ නැති නිසාද කොහෙදෝ වාහනේ ඩ්‍රයිවින් සීට් එක පැත්තේ දොර ඇරල වාහනෙන් එලියට බැස්ස කෙනා දැකල මට කෙලින්ම හිට්ට වුනා.

“සර්?”

ඉස්කෝලෙට ඇදපු ඇදුම් පිටින්ම කලු අව් කන්නාඩි දෙකත් එක්ක දාඩියත් පෙරන් ,මේ මිනිහා මැරතන් එකක් දුවලද?

“වාහනේට නගිනවා”

“මොකක්?”

“කන ඇහෙන්නෙ නැද්ද තමුසෙගේ,මම කිව්වෙ වාහනේට නගිනවා”

“මට මෙතනින් බස්….යාහ් බිමින් තියන්න අප්ප”

අඩියට දෙකට මම ලගට ආව මනුස්සය මගේ පස්සෙන් අත තියල හාල් මුට්ටයක් උස්සනවා වගේ උස්සල මාව එක කරකට අරගත්ත.මම දගලද්දි අනිත් අතෙන් අත් දෙකම අලලගත්තා.පිස්සු හැදීගෙන එනවද අප්ප?බැරිම තැන මම උරහිසෙන් මස් ගාතක් කැඩිල යනකන් හැපුව. වැඩක් නැ අන්තිමේදි මට තහවුරුවුනා මුට ලාදුරු,ඒකත් දරුණුවටම.වාහනේ ගාවට උස්සන් ඇවිත් මාව ඇතුලෙන් තියල මට සීට් බෙල්ට් එක දැම්මේ මම වචනයක් කියන්නත් කලින්.

“මොන….”

“කට වහගෙන ඉන්නවා .තමුසේ දැන් බහින්න හැදුවොත් කකුල් දෙක කඩනවා”

ඇගිල්ල දික්කරල බැනලා මගෙ මූනට දොර වහල දාල අර හෝල්ට් එකේ හිටපු මිනිස්සුන්ට මොනාද කියනවා මම බලාගෙන.තරහටා මම කකුල දික් කරල කාර් එකෙ ඇතුලෙන් පයින් පාරක් ගැහුවා.විනාඩි 2 ක් 3ක් කාර් එකේ එහා පැත්තෙඑ ඩ්‍රවින් සීට් එක පැත්තෙ දොර ඇරෙද්දිම මම ඒ දිහා බලන් හිටියා.

දොරත් වහල දාල සන්ග්ලාස් දෙකත් ගලවල් දාල යකා වගේ මගේ දිහා බැලුවා.

“මම එපා කියල තියෙද්දි මොකද තමුසෙ ඉස්කොලෙන් ආවේ?”

“මම බලල බලල බැරි තැන අවෙ,පරක්කු වෙනකොට අම්ම බය වෙනවා.අනික මට එහෙමට අමාරුවක් නැනේ”

“එහෙමට අමාරුවක් නැනේ?තමුසෙට හොදටම හොදත් නැනේ?ඒ පාර ඕනෙ මහ පාරෙ වැටිලා වාහනේකට යට වෙන්නද.ඔච්චරම යන්න හදිස්සින මට කියල යන තිබ්බ.මම නැති වෙනකොට බයවෙයි කියල හිතුනෙ නැද්ද?අනික අම්මට මම පොරොන්දු වුනා තමුනව ගෙනත් බස්සනව කියල.ඒකයි මම එනකන් යන්න එපා කිව්වේ.ඔය මැටි මොලේ පාවිච්චි කරන්න බැරි නම් අඩුම ගානේ කියන එකවත් අහනවා.තමුසෙට ජීවත් වෙන්න ආසාවක් නැති වුනත් තමුසේ මැරෙනව බලන්න කැමති නැති අය ඉන්නව.ඒක මතක තියන් වැඩකරනවා.”

මට කැගහල ආයෙත් සන්ග්ලාස් දෙක දාගෙන සර් කාර් එක ඩ්‍රයිව් කරන්න ගද්දි මම අත් දෙකත් ඔඩොක්කුවෙන් තියන් බලන් හිටියා.මේකා නම් කියයි?එක්කො කලින් එන්න තිබ්බනේ?මේකා හරියට කැගහන්නෙ උගෙ ගැනි නොකිය ගිය වගෙනෙ.ඇයි වදේ?මට පුප්පනන්න තමයි දන්නේ.අනික අම්ම මේක එක්ක එන්න කිව්ව කියල මම දන්නව යැ‍යි.අනිකා අම්මටත් මේකව ලොකු වෙලානේ.මමම ඌට හිතින් දෙහි කාපන් ගමන් බිම බලන්ම ආවා.මගේ කල්පනා ලොකෙට බාදා කරන ගමන් වාහනේ මගදි නවත්තපු අකේන්කාරයා මුකුත්ම නොකියා වාහනේ නවත්තලා දොරත් වහන් බැහැල ගියා.

මමත් ජනේලෙන් එලිය බලන් හිටියා.කලින් හෝල්ට් එකට ඇවිත් හෝන් කරද්දි කවුද හිතුවෙ යකෝ ඒ මුගේ කාර් එක මට නගින්න හෝන් කරල් තියෙන්නෙ කියල.මූට කාර් කියක් තියෙනවද.ඌ කාර මරු කරන්න අපි ඒව මතක තියාගන්න.ගුරෙක්ට යකෝ මෙච්චර සල්ලි.කුඩු බිස්නස් කරනවද දන්නෙ නැ?නැත්තන්…..

එහා පැත්තෙ දොර ඇරෙන සද්දෙ ඇහුනත් මම එහෙම්මම අහක බලන් හිටියත් එක පාරටම මගේ උකුලට වැටිච්ච දෙයක් නිසා මම ඔඩොක්කුව දිහා බැලුවා.භවන එකේ ෆුඩ් බැග් එකක් එක්ක ජූස් දෙකත් තිබ්බ.

“ගෙදර ගිහින් කාල බොන්න.”

ඇයි කියල අහන්න හැදුවත් වැඩක් නැනෙ. ඕක එපා කිව්වත් බලෙන් ඇගේ ගහනවනේ .මමත් කරබාගෙන ආව.ගේ ගාවටම ඇවිල්ල වාහනේ නැවැත්තුවා.මම තප්පරයක් විතර බහින්නෙ නැතුව බලන් හිටියේ මොනා හරි කියයි කියල.මොකුත් නොකියන තැන මම දොර ඇරියේ බහින්න.

“අමාරුනම් හෙට ආවේ නැති වුනාට කමක් නැ”

ඒ ඇහෙනවත් එක්කම් මම හැරිල බල්ද්දිම අහක බලාග්තත නිස්සා මාත් දොර සද්දෙට වහල දාල බැස්ස.ගේට් එක ගාවට ගිහිල්ල බලන් හිටියේ කාර් එක හරවන් යන දිහා.

මතු සම්බන්දයි

පරක්කුයිනේ?

සොරි හොදේ.වැඩ ගොඩයිනේ.පරක්කු වුන නිසා දිග එකක් දුන්නා.හෙට තව එකක් දෙන්නම්.

ඔයාල හිතනවා ඇති හේශ් මෙච්චර මුරණ්ඩු ඇයි කියලා?හේශ් තනියම හැදිච්ක ලමයෙක්.අම්මට ආදරෙයි ඒත් අම්මගේ කොන්ට්‍රෝල් එකේ ඉන්න සීමවක් තියෙනවා.එයාගෙ ජිවිතේ හරියට කියල දෙන්න කෙනෙක් හිටියේ නැ.ඔයාලට තේරෙනෙව ඇති එයාගේ අතීතේ එක්ක එයාගෙ වෙනස්වීම් .ඒකත් හැසිරීමට බලපානවා.එයාට ඕන කාටවත් බයවෙන්නෙ නැති කෙනෙක් වෙන්න.ඒ හොන්දා එයා හිතලම ටෆ් වෙන්න් ටෙඅයි කරනවා.එයා චුට්ට චුට්ට වෙනස් වෙයි .මොකද එයාගේ ජීවිතේ එයාට මෙච්චර කල නොතිබ්බ දේවල් එයාට ඉස්සරහට ලැබෙන්නයි යන්නේ.

සුදු පුතයි සුදු බාප්පියි ගැන වචනයක් කියන්නෙ නැ.කිව්වොත් මරණ තර්ජන .අකාලේ මැරෙන්න බැ ෆස්ට් කිස් එකවත් නැතුව.ඇත්තම කියන්න මම නෙලීශ ගේන්න හිටියේ හේශ් කේතුර් දෙන්න එක්ක love triangle එකකට.චිරායුට ගර්ල් කෙනෙක්වමයි සෙට් කරන්න හිටියේ.මැදදි මගේ හොල්මනද  කොහෙදෝ කතාව ලියල තියන්නෙ.

එනිවේ කියවන්න,වෝට් කරන්න,කමෙන්ටුවකුත් දාන්න.

බායි බායි.

Tags: read novel À¶±À·ƑරÀ·À¶«À·’À¶ºà·|Nasaraniya 12, novel À¶±À·ƑරÀ·À¶«À·’À¶ºà·|Nasaraniya 12, read À¶±À·ƑරÀ·À¶«À·’À¶ºà·|Nasaraniya 12 online, À¶±À·ƑරÀ·À¶«À·’À¶ºà·|Nasaraniya 12 chapter, À¶±À·ƑරÀ·À¶«À·’À¶ºà·|Nasaraniya 12 high quality, À¶±À·ƑරÀ·À¶«À·’À¶ºà·|Nasaraniya 12 light novel, ,

Comment

Leave a Reply

Chapter 14